Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ජී.බී.දිසානායක සහ විශාදය| වෛද්‍ය රුවන් ජයතුංගගේ ලිපියට ප්‍රතිචාරයක්
බූන්දි, 04:22:53
වෛද්‍ය රුවන් ජයතුංග මහතා "මහා ගත්කරු ජී.බී. සේනානායක විශාදයෙන් (depression) පෙලුණේද?" යන හිසින් රචනා කළ ලිපිය දැක මේ සටහන ලියා එවීමට සිත්විණි. 1965 හා 1972 පමණ වකවානුව තුල කඳාන අප නිවසට නුදුරින් වාසය කළ ජී.බී. එවක මම නිතර නිතර සියැසින් දැක ඇත්තෙමි. එසේම 1971 දී කීපවාරයක්ම පෞද්ගලිකව හමු වී මම ජී.බී. සමඟ සාහිත්‍ය හා අදාල මාතෘකා පිළිබඳව කථා බස් ද කර ඇත්තෙමි. ජී.බී. පිළිබඳව, විශේෂයෙන්ම, ඔහුගේ මානසික තත්වය පිළිබඳව ජයතුංග මහතා ඉදිරිපත් කර ඇති අදහස් පිළිබඳව යමක් පැවසීම උචිතයයි සිතමි.

ජයතුංග මහතාගේ ලිපියෙහි අන්තර්ගතය අංග දෙකකට බෙදා වෙන් කළ හැකිය. පළමුවැන්න, සාහිත්‍යධරයෙකු හැටියට ජී.බී. දැක්වූ නිර්මාණ කුසලතාව අදවනතුරු නිසි ඇගයීමකට ලක් වී නොමැති බවය. මෙය සාධාරණ සහේතුක ප්‍රකාශයක් ලෙස මටද පෙනේ.

මෙයට හේතුව ජී.බී. පේරාදෙණිය ගුරුකුලයට අයිති නොවීමත්, කිසිවිටක ඒ ගුරුකුලයට ගැති නොවූ අදීන ලේඛකයෙකු හා විචාරකයෙකු වීමත් විය හැකිය. නූතන සිංහල නවකතාවේ ප්‍රමිතිය හා විශේෂයෙන්ම අද නවකථා බසෙහි පරිහාණියද පිළිබඳව මේ දිනවල මහත් කැක්කුමකින් කථා කරන සුචරිත ගම්ලත් වැනි වියතුන් පවා ජී.බී. සේනානායක පිළිබඳව බොහෝ විට මුනිවත රකින්නේද මෙම කුහක වතේම කොටසක් නිසාද? මගේ ලිපියේ මුඛ්‍ය අරමුණ මේ පිළිබඳව දිගින් දිගට කතා කිරීම නොවේ.

රචකයාගේ ලිපියේ මගේ සැලකිල්ලට භාජනය වූ අනෙක් අංගය නම්, ජී.බී. විශාදයෙන් පෙලුණේද යන මතය ස්ථාපනය කරනු අටියෙන් ඔහු ඉදිරිපත් කර ඇති තර්ක ය, සාධක ය. පදනමක් ඇත්තාක් සේ බැලූ බැල්මට පෙණුනද මේවා රචකයාගේ හුදු පෞද්ගලික පරිකල්පනයන් පමණි. තර්කානුකූල ලෙස පෙනුණද ඒවා තර්කානුකූල නොවේ. පිළිගත හැකි ප්‍රබල හෝ ඍජු සාක‍ෂි එකකුදු රචකයා ඉදිරිපත් කර නැත. ජී. බි. ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. ඔහුගේ ප්‍රයත්නයේ පදනම වී ඇත්තේ ජී.බී. ගේ ඇතැම් නිර්මාණ වලින් සිය මනාපයට සරිලන එහෙන් මෙහෙන් අහුලා ගත් ඇතැම් දේ, කරුණු නැත්නම් සාක‍ෂි ලෙස සලකා, ඒවා විශාදයේ ලක‍ෂණ ලෙස වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ඇතැම් ලක‍ෂණ හා එකට ඈඳා ජී.බී. විශාදයෙන් පෙලුනේද යන සිය කුකුස සනාථ කිරීමය. මෙය නොසැලකිලිමත්, අපරිණත සාහසික ප්‍රයත්නයකි. ඔහුගේ ලිපියෙහි අන්තර්ගතය ප්‍රාණය යන තුරු ජී.බී. ආදරයෙන් බලා කියා ගත් තවමත් ජීවතුන් අතර ඔහුගේ ඥාතීන්ට දුකක් ගෙනදිය හැකිය.

රචකයා සිය මතය ස්ථාපනය කරනු අටියෙන් ජී.බී.ගේ චරිතාංගයන්ගේ වට්ටෝරුවකින් සිය ලිපිය සරසා ඇත. මේවා නම් -

• ජී.බී. මෙලන්කොලියාවෙන් (Melancholia) පෙලුනෙකි.
• ඔහු සමාන්‍ය මෙලන්කොලියාවෙන් එපිට වර්ධනය වූ විශාදයෙන් පෙලුනේද විය හැකිය.
• ජී.බී. තමා පිළිබඳ හීනවූ චිත්‍රයකින් හා හීනවූ අභිමානයෙන් (Low self esteem)පෙලුනෙකි.
• ආක්ෂොභිත භාවය (Agitation), ස්වයං අනුකම්පාව(Self Pity)", ශුන්‍යවාදී අදහස්, තමා විරූපී පුද්ගලයෙකු යැයි සිතීම ඔහුගේ චරිත ලක‍ෂණයන්ය.
• ජී.බී. ස්වයං හුදකලාභාවයකට(Agitation) තමාව ලක්කොට සිටි අතර ඔහු ස්වයං වරදකාරී ගැටඟවෙන් පෙලුනෙකි.
• කුඩාකල සිට නිතර හැදුණු හිසරදය මනෝකායික රෝගී ලක‍ෂණයක් විය හැකිය.
• ආත්ම ඝාතනය හා ජීවිතාශාවෙන් තොරවීම යන ප්‍රවණාතවල සේයාවන් ජී.බී. තුල තිබිණි.
• ආත්ම ඝාතන සංකල්පය ඔහුගේ කවි හා නිර්මාණවල දැකිය හැකිය. (උදා: නයා)
• ජී.බී. ගේ හා වැඩිමල් සොහොයුරා ජීවිතය තොර කරගත්තේය.
• ආරොන් බෙක්ගේ න්‍යාය පරිදි ජී.බී.ට විශාදයේ ලක‍ෂණ තිබිණි.
• විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.)

කිසියම් රචකයෙකුගේ කතාවලින් දුක්මුසු, ශෝකාකූල බව පිළිබිඹු වූ පමණින් සැබෑ ජීවිතයේ දී ඔහු බෙලන්කොලියාව යන මානසික රෝගයෙන් පෙලුණේයයි සැක කිරීම කිසිසේත් බුද්ධිගෝචර නොවේ. මන්දයත් නිර්මාණශීලී සාහිත්‍යකරුවා සෑමවිටකම සිය පෞද්ගලික අත්දැකීම් සමූහයෙන් ඔබ්බට ගොස් තම නිර්මාණයට උවමනා කරන අමුද්‍රව්‍ය සිය ප්‍රතිභා ශක්තිය උපයෝගී කොටගෙන ප්‍රතිනිර්මාණය කරන හෙයිනි. මෙසේ ප්‍රතිනිර්මාණ කරන දෑ අතර චරිත චෛතසික ස්වභාව, තේමා වැනි නවකථාංග නිර්මාණාත්මක අවශ්‍යතා පාදක කොට මිස ගත්කරුවාගේ මනාප, අමනාපකම් රුචි අරුචිකම්, හෝ පෞද්ගලික චරිත ලක‍ෂණ මත පිහිටා නොවේ.

මේ කරුණු සලකා බලන විට මුද්‍රණ ද්වාරයෙන් පිටවූ සාහිත්‍ය නිර්මාණයක දක්නට ලැබෙන යම් යම් සාහිත්‍ය ලක‍ෂණ හා රස් කේවලව විශ්ලේෂණය කර, එමගින් සාහිත්‍යකරුවාගේ චරිත ස්වභාවය චරිතාංග හා මානසික සෞඛ්‍ය පිළිබඳව නිගමනය කිරීම ඵලදායි නොවේ.

ටෝල්ස්ටෝයි, ඩස්ටවිස්කි, මර්ගනිජ්, ඩිකන්සි හා චැකොප් වැනි කථාකරුවන්ගේ ජීවිත කථා හා ඇතැම් චරිතාංග අපි හොඳාකාරව දනිමු. එයට හේතුව ජීවතුන් අතර සිටින විට ඔවුන් පිළිබඳව බොහෝ දේ ලියැවී ඇති නිසාය. මොවුන්ගේ නිර්මාණ තුළින් පමණක් ඔවුන්ගේ පෞද්ගලික චරිත ලක‍ෂණ සොයා බලන්නෙකුට සිදුවන්නේ නිකම්ම වෙහෙසීමට පත්වීම පමණි. යුද්ධය හා සාමය හා ඇනා කැරණිනා වැනි නවකථාවල එන පියර් බෙසුහොෆ් හා ලෙවින් වැනි චරිත තුලින් ටෝල්ස්ටෝයි කෙබඳු පුද්ගලයෙකු වී දැයි සොයනවාට වඩා, මැක්සිම් ගෝර්කි විසින් ටෝල්ස්ටෝයි චරිතය පිළිබඳ ලියා ඇති සටහන් හැදෑරීම ඵලදායී බව කිව යුතුය. ෂේක්ස්පියර් පෞද්ගලිකව කෙබඳු පුද්ගලයෙකුදැයි ඔහුගේ කෘතී් ඇසුරින් සෙවීමට තැත් කරනා මෝඩයෙකි; විරාගය ඇසුරින් වික්‍රමසිංහ චරිත ලක‍ෂණ නිශ්චය කළ හැකිද ?

නවකථා අධ්‍යයනය කිරීමෙන් බොහෝවිට අපට හසුවන්නේ කථාකරුවාගේ මති මතාන්තර හා අදහස් මිස ඔහුගේ පෞද්ගලික චරිත ලක‍ෂණ නොවේ. ස්වයං චරිතාපදාන සටහන් තුලින් රචකයෙකුගේ චරිතාංග පිළිබඳ දළ අදහසක් ලබා ගත හැකි වුවද, එමගින් රචකයා විශාදය වැනි මානසික රෝගයකින් පෙලුනේය වැනි දැවැන්ත තීරණයකට එළඹීම යෝග්‍ය නොවන බව මගේ හැඟීමය. කිසියම් රචකයෙකු විශාදයෙන් පෙලුනේද යන්න සායන වශයෙන් වෛද්‍ය පරීක‍ෂණයකින් තීරණය කළ හැකි නම්, විශාදය ඔහුගේ නිර්මාණවලට කෙසේ බලපා ඇත්දැයි සෙවීම වෙනම කාරණයකි.

ජී. බී. ගේ නවකථාවල හා කෙටි කථාවල විශේෂයෙන් පසුකාලීන නිර්මාණවල ශෝකාකූල අසුබවාදී හෙවනැල්ල පතිත වී ඇති බව සැබෑය. ඔහුගේ ඇතැම් සුරංගනා කථාවල පවා මේ ඡායාව දැකිය හැකිය. ඔහුගේ සුරංගනා කථාවල ඉමහත් චමත්කාර ජනක අංගයද මෙය වේ. මෙය සමාජයේ ස්වභාවයත්, මිනිස් සිතේ ස්වභාවයත් කියා පෑමට ජී. බී. ගත් නිර්මාණාත්මක උත්සහයේ සාර්ථක ඵලය මිස මෙලන් කොලියාවෙන් හො විශාදයෙන් නිර්මාණයට පිවිසි දෙයක් හැටියට පෙන්වීම අතිශයින් සදොස්ය, එය ජී. බී. ගේ අනූපම කලා කෞෂල්‍යට කළ හැකි ලොකුම නිග්‍රහයද වේ.

ජී. බී. උපත ලද්දේ 1913 දීය. ඔහුගේ -දුප්පතුන් නැති ලෝකය'' පළ වූයේ 1944 දී පමණය. - පළිගැනීම'' කෙටි කථා සංග්‍රහය මුද්‍රණ ද්වාරයෙන් පිටවූයේ 1947දීය. මේ ග්‍රන්ථ දෙකට ඇතුලත් වූ සියඟම කථා වයස අවුරුදු 30 හා 34 අතර පබැඳුණු ඒවා ලෙස සැලකීම සාධාරණය. ජී.බී. නවකථා කරණයට එළඹියේ ඉන් දශක දෙකකට පමණ පසුව, හැටගණන්වල මැද භාගයේ දීය. අන්ධ වූ පසුද ජී.බී. සිය සොහොයුරාගේ බිරිය හා ඇගේ දියණියගේ ද උපකාර ඇතිව නවකථා පොත් විශාල සංඛ්‍යාවක් බිහිකළේය. සංඛ්‍යාත්මකව මෙය 15ක් පමණ වී යයි සිතමි. මේවා නිර්මාණය වූයේ කියවන විට ලිවීම හෙවත් ඩික්ටේෂන් ක්‍රමයටය. ජී.බී. අප අතරින් වෙන් වී ගියේ 1985 දීය. ඔහු පූර්ණ අන්ධභාවයට පිවිසියේ අසූව දශකයේ මුල් භාගයේදීය.

ජී.බී. ඉතා සංවේදී පුද්ගලයෙකු වූ අතර ඔහුගේ පෙනුම අප ලස්සන යයි පිලිගත් සම්මතයට ප්‍රතිවිරුද්ධ වීය. අසාධාරණ විචාරයන්ගෙන් ඔහු සැලුණේ ඉන් තම පොත්වල අලෙවිය අඩුවීය යන භීතිය නිසා මිස ආත්ම අනුකම්පාව නිසා නොවේ.

ඔහුගේ එකම ආදායම් මාර්ගය වූයේ පොත්වලින් ලැබුණු සුඟ මුදලය. එකල රක‍ෂාව සඳහා පොත් ලියවීම කළ එකම රචකයා ජී.බී. යයි මම සිතමි. (මාටින් වික්‍රමසිංහ පවා එවක සිත්මිණ පුවත් පතේ කතෘවරයා වීය.) පොත් ලියා ලැබුණු සුඟ මුදල, ජී.බී. ට පමණක් නොව, එකල ආර්ථීක අහේනියට ලක්වී සිටි, ජී.බී. නැවතී සිටි සිය වැඩිමහල් සොහොයුරා හා ඔහුගේ පවුලේ උදවියේ නඩත්තුවට ද මහා අත්වැලක් වීය. මෑතකදී මිය ගිය ධීමතී සේනානායක පිළිබඳව 2010. 06. 13 ඉරිදා ලක්බිම සංග්‍රහයේ පළවූ ලිපියද ජී.බී. ගැන උනන්දුවක් දක්වන සහෘදයන් විසින් කියවිය යුක්තකියී සිතමි. ජී.බී. ගේ ඇතැම් කථා හැම අතකින් කපා ඔපමට්ටම් කළ දීප්තිමත් මිණිකැට වැන්න.

පලිගැනීම'' කෙටි සංග්‍රහයට ඇතුලත් වූ "බිසෝ මැණිකා'' එක් උදාහරණයක් පමණි. මෙවැනි කථා පසු කාලයකදී රචනා කළ "ගමන'' යන කෙටි කථා සංග්‍රහයට ද ඇතුලත් වූ බව මතකය. "බිසෝ මැණිකා'' වූ කලී මහා ශ්‍රේෂ්ඨ නවකථාවක, ශ්‍රේෂඨ සම්පිණ්ඩණයක් වැන්න. විශාදයෙන් පෙලෙන අයකු විසින් මෙවැනි මිණිකැට වන් නිර්මාණ බිහිකළ හැක්කේ කෙලෙසද ? පූර්ණ අන්ධභාවයට පත් වූ පසු, තමා පත්ව ඇති අසරණභාවය හේතුකොටගෙන, විශාදය වැනි මානසික රෝගයකින් පෙලීමට ඉඩකඩ තිබිණියි අනුමාන කළ හැකි වූවද, වයස 67 දී වැනි පරිණත මුහුකුරා ගිය වයසකදී මෙවැනි අවාසනාවන්ත තත්වයක් අත්විණි නම්, වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ඔහු අතින් නිර්මාණය වන්නේ නැත.

ජයතුංග මහතාගේ ලිපියේ හිඩැස්, පලුදු, සදොස් තැන් බෙහෝය. මේවා එකිනෙක විශ්ලේෂණය කිරීමට මා අදහස් නොකළ ද, ජී.බී. විශාදයෙන් පෙලුනේද යන විෂබීජය වැපිරීමට ඉහත වෛද්‍යවරයෙකු වන ඒ මහතා මීට වඩා පරිස්සම් විය යුතුයයි සිතමි. ජී.බී. විශාදයෙන් පෙලුනේ යයි වෛද්‍යවරයෙකු හැටියට ඔහු සැකකරන්නේ නම්, ඔහු විසින් කළ යුතුව ඇත්තේ ජී.බී. ගේ සැබෑ චරිතය හා චරිත ලක‍ෂණ සොයා බැලීමය. ජී.බී. ගතකළේ හුදකලා ජීවිතයක් නිසා, ඔහුගේ චරිත ලක‍ෂණ ගැන නිශ්චය වශයෙන් දැන ගත හැකි එකම ක්‍රමය නම්, ජී.බී. බලා කියා ගත්, තවමත් ජීවතුන් අතර සිටින ඔහුගේ සොහොයුරාගේ දියණියන් දෙදෙනාද, ජී.බී. ගෙන් බොහෝ කාලයක් පාඩම් ඉගෙන ගත් අය්යාගේ කණිටු පුත් පාලිත වැනි අය හමු වී කථා බස් කිරීමය. එයද ඵලදායී විය හැකිද ?

ජී.බී. කෙටි කථා රචකයෙකු වශයෙන් ප්‍රසිද්ධ වීමට ඉහත, මාටින් වික්‍රමසිංහ සමඟ ''දිනමිණ'' පුවත් පතේ සේවය කළ බව බොහෝ අය නොදනිති. මතු දැක්වනුයේ ප්‍රථම හමුවීමේදී මාටින් ජී.බී. දුටු ආකාරයයි. ''ඔහු වහා කම්පනය වන ස්නායු (නාඩි) ඇත්තෙකියි මම සිතුවෙමි. එහෙත් ඔහු දැඩි සිත් ඇත්තෙකියි ඔහුගේ දෙ ඇස දෙස බැලූ මට හැඟිණි.'' (උපන් දා සිට - 363 පිටුව)

ජී.බී. තරමක කාලයක් කිට්ටුවෙන් ඇසුරු කළ පසු වික්‍රමසිංහ ජී.බී. දුටුවේ මතු දැක්වෙන අයුරෙනි. -ඔහු නොනැමෙන සිතක් හා ගතියද ඇත්තෙකි. මෙය බුද්ධිමතෙකුට මිස නවකථා කාරයෙකුට හැම විට උචිත ගතියක් නොවේ. -එම - 364 පිටුව)

මාටින් වික්‍රමසිංහ එදා ජී.බී. දුටු අයුරු මෙම සාකච්ඡාවටම අදාල නොවේ යයි යමෙකුට තර්ක කළ හැකිය. මන්ද යත් කාලයාගේ ඇවෑමෙන් වයසින් මුහුකුරා යන විට පුද්ගලයෙකු වෙනස් වීම නොවැළැක්විය හැකි කි්‍රයාදාමයක් නිසාය. හැට ගණන් වල මා දුටු ජී.බී. ඉතා නිහඟ, වැඩි කථා බහට 36 වන පිටෙන් කීස්බරෝ විහාරස්ථානයේ ධම්මසරණ ධර්ම ශාලාව විවෘත කිරීමේ මහෝත්සවය නොකැමති, මහමඟ යනවිට හිස උසවා කිසිවකු දෙස නොබලන තරම් නිශ්ශබ්ද පුද්ගලයෙකු වීය. ඉඳහිට කොළඹ යන විට ඔහු යල්පැන ගිය පැරණි තනි සුදු සූට් එකක් ද,පරණ ටයි පටියක් ද, පැළඳි බව මට මතකය. ගෙවත්තේ කොනක පිහිටි නාන ලිඳ වෙත ඔහු පියවර මැන්නේද ඉතා සෙමින් බිම බලා ගෙනය.

සමාජයේ මිනිසුන් හැසිරෙන ආකාරයවත්, ගෙවත්තේ ලමුන් සෙල්ලම් කරන ආකාරයවත් දැකීම ඔහුට ප්‍රිය නොවූවා සේය. සමාජ ආශ්‍රයෙන් මෙතරම් ඈත් වූ අයකු, මිනිසුන්ගේ අභ්‍යන්තරය විනිවිද දුටුවේ කෙසේදැයි, ජී.බී. ගේ සෑම නිර්මාණයක්ම කියවන විට මම තවමත් මවිතයට පත්වන්නෙමි.

අය්යාගේ ගෙදර කන්තෝරු කාමරය ජී.බී. ගේ නිවහන වීය. ඔහුගේ කාමරයේ ජනෙල් පියන් ඇර තිබෙනු මම කිසිවිටක දැක නැත්තෙමි. තම කාමරයෙන් පිටත සිද්ධ වනුයේ කුමක්දැයි ඔහුට දැන ගැනීමට අවශ්‍යතාවයක් නැත්තාක් සේය. ඔහුගේ කාමරය විශාල පොත්ගුලක් වීය. ඇඳක් ද, ලියන මේසයක් ද, පුටුවක් ද එහි තිබිණි. සිගරට් කොටවලද අඩුවක් නොතිබිණි. ජී.බී. සිය කාමරයෙන් පිටතට ආවේ ඉතා කලාතුරකිනි. කියවීමත්, ලිවීමත් හැර ඔහු අන් කිසි කාර්යයක් කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

ජී.බී. සැබැවින්ම හුදකලා ජීවිතයකට ඇබ්බැහි වූයේ ලිවීමට වඩා කියවීමේ පුරුද්ද නිසායයි මම සිතමි. තරුණ වියේදී තම කියවීමේ පුරුද්ද නිසා තම මවට බඩගින්නේ පවා ඉඳීමට සිදු වූ බව ඔහු සංවේගයෙන් සඳහන් කර ඇත.

දෙනුවන් නිවී යනතුරු ජී.බී. විසින් සිදුකරන ලද්දේ ප්‍රබන්ධ කථා, කවි, විචාර වැනි සාහිත්‍ය නිර්මාණ සිය පෑන් තුඩින් බිහිකිරීම හා ශාස්ත්‍ර ඥානය ප්‍රගුණ කරනු වස් කියවීම නැමැති මෙහෙවරෙහි යෙදීමය. දෙනුවන් නිවී ගි පසුත්, ප්‍රාණය සැඟවී යනතුරු ඔහු අතින් සිද්ධ වූයේ සාහිත්‍ය නිර්මාණ තව තවත් වැඩි වැඩියෙන් බිහි කිරීමය. මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද?
සන්නස 2010 ජූලි කලාපයෙන් ගත් උපුටනයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- A reaction for the Psycho Analysis on G.B. Senanayake, Sri Lankan Writer, Winiwidimi Andura, Medha, Charumukha, Duppathun Nathi Lokaya
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Dr L.N මෙහෙම කියනවා :
සුබසිංහ මහතාගේ අදහස් වලට මම එකඟ වෙනවා. මම වෛද්‍යවරයෙක් , රජයේ රෝහලක මානසික රෝග අංශයක සේවය කරන නිසා මට මගේ නියම නමින් පෙනී සිටීමට අපහසුයි. Karunarathna වගේ සැඟවී තමයි මටත් කමෙන්ට්ස් පල කරන්න වෙලා තියෙන්නේ. ඒත් මම ඔහු වගේ පුද්ගල බද්ධ වෛරයකින් හෝ හීනමාන ඉර්ශියාවකින් පෙල්ලෙන්නේ නැහැ. නමුත් මම මෙම ලිපි (වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ සහ මැක්සිමස් ජයන්ත ආනන්දප්පාගේ ) දෙකම මගේ විවේචනයට හසුවනවා. මුලින්ම මගේ විවේචනයට ලක් වන්නේ මෙම ලිපියේ කතෘ වෛද්‍ය රුවන් ජයතුංග. මම කියන්නේ වෛද්‍ය රුවන් ජයතුංග විෂාදය ගැන පාඨකයා දැනුවත් කරන්නේ නැහැ . ඔහු කෙලින්ම ජී.බී.සේනානායක ගැන කතා කරනවා. එම නිසා විෂාදය ගැන නොදන්නා පාඨකයා අතරමන් වෙනවා. ඔහු තමාගේ ලිපියෙන් විෂාදය ගැන තව සරල පැහැදිලි කිරීමක් කළා නම් වඩා හොඳයි. වෛද්‍ය රුවන් ජයතුංග සහ වෛද්‍ය නීල් ප්‍රනාන්දු පොතක් ලියලා තියනවා විෂාදය ගැන. විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය පල කරපු මේ පොත විෂාදය ගැන හොඳ පැහැදිලි කිරීමක් තියනවා. නමුත් එවැනි පැහැදිලි කිරීමක් මෙම ලිපියෙන් මුලින්ම කළා නම් වටිනවා. ඒක අඩුව නිසා ලේමන්ලා මෙම ලිපිය තේරුම් ගන්නේ වැරදි විදියට.

මගේ දෙවන විවේචනයට ලක් වන්නේ මැක්සිමස් ජයන්ත ආනන්දප්පා මගේ වැටහීමේ හැටියට මැක්සිමස් ජයන්ත ආනන්දප්පාට විෂාදය කියන්නේ මොකක්ද එය ඩයග්නෝස් කරන්නේ කොහොමද කියා අවබෝදයක් නැති කම නිසා ඔහු තමාගේම ලිපිය මැද අතරමන් වෙනවා. ඔහු ලේමන් කෙනෙකු නිසා ඔහුගේ අනවබෝදය මට තේරුම් ගත හැකියි. මැක්සිමස් ජයන්ත ආනන්දප්පා කියනවා මෙහෙම.
ජී.බී.සේනානායක ජීවතුන් අතර සිටින විට ජයතුංග මහතා ජී.බී. ව විධිමත් සායන පරීක‍ෂණයකට ලක් කර ඇති බවක් හෝ ජී.බී. පෞද්ගලිකව දැක කථා බස් කර ඇති බවක් ද සඳහන් නොවේ. මේ තර්කය ඉතාම ලාමකයි. මම ලඟදි පොතක් කියවුවා වින්සන්ට් වැන්ගෝ ගැන , වැන්ගෝ ගේ චිත්‍ර විශ්ලේෂණයෙන් වින්සන්ට් වැන්ගෝ විෂාදයෙන් පෙළුණු බව 2006 වසරේ ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙක් කියනවා. විෂාද ප්‍රතික්‍රියාවන් ලේඛකයන්ගේ නිර්මාණ , චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර ආශ්‍රයෙන් මනෝ විශ්ලේෂනාත්මකව කියන්න පුළුවන්. එය 100% විද්‍යාත්මක නොවෙන්න පුළුවන්, නමුත් එය ඉතා තර්කානුකූල උපකල්පනයක්. මේ ආකාරයට මහා ඇලෙක්සැන්ඩර් ගැන පවා විශ්ලේෂණ තියන බව ආනන්දප්පා මහත්තය දන්නවාද ?

මැක්සිමස් ජයන්ත ආනන්දප්පා තව කියනවා - විශාදයෙන් පෙලුණු අය අඳුරු අවපාතයකට එළඹෙන නමුදු (ජී.බී. වැනි) ඇතැම් අය විශාදය නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගනිති. (මෙය ජයතුංග මහතාගේ න්‍යායක් සේ පෙනේ.) මට කියන්න තියෙන්නේ ටෝල්ස්ටෝයි , අර්නෙස්ට් හෙමින්වේ , ඔලිවර් ගෝල්ඩ්ස්මිත් , චාර්ල්ස් ලැම්බ් වැනි ලේඛකයන් ඔවුන් අත්වින්ද විෂාදය තමන්ගේ නිර්මාණය සඳහා උත්ප්‍රේරකයක් කර ගත්තා කියලා . මෙය මෙය ජයතුංග මහතාගේ න්‍යායක් නොවේ. The life and times of Oliver Goldsmith, By John Forster පොත කියවන්න එතකොට ඔබට මම කියන කාරණය තේරෙයි.

ආනන්දප්පා කියන අනෙක් කරුණ වන - වෛද්‍ය ප්‍රතිකාරවල පිහිට නොමැතිව, අවුරුදු හතරක පමණ කාලය තුල නිර්මාණ කෘතීන් 15ක් වැනි සංඛ්‍යාවක් ජී.බී.සේනානායක අතින් නිර්මාණය වන්නේ නැත යන කතාවත් ඉතා ලාමකයි. සාමාන්‍ය සායනික විෂාදයෙන් පෙලන බොහෝ දෙනෙක් ගේ ඉන්ටර්ලෙක්චුවල් ඇබිලිටීස් විනාශ වන්නේ නැත Psychotic Depression තිබුණු අය ඇර සාමාන්‍ය සායනික විෂාදය තිබු ලේඛකයන් ඉතා විශිෂ්ඨ නිර්මාණ බිහි කරලා තියනවා.

ජී.බී.සේනානායක ගැන වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතාගේ ලිපිය හොඳ එකක් , නමුත් මනෝ විද්‍යාව ගැන දැනුම අඩු අයට එම ලිපිය කියවනකොට තෙරෙන්නේ ජී.බී. ගැන කරපු විවේචනයක් හැටියට. මොකද විෂාදය ගැන Beck\'s Depression Inventory එක ගැන දන්නා පාඨකයා දන්නවා වෛද්‍ය රුවන් එම් ජයතුංග මොකක්ද කියන්න උත්සහ කරන්නේ . එවැනි දැනුමක් නැති ජී.බී.සේනානායක ගේ පාඨකයා කුපිත වෙනවා මෙවැනි උදාර සාහිත්‍ය සේවාවක් නොඛණ්ඩව කළ අයකු, විශාදයෙන් පෙලුනේදැයි පදනම් විරහිතව සැක කිරීම අසාධාරණ නොවේද? කියලා නමුත් ලිපිය අවසානයේ ඔහු මෙහෙම කියනවා නේද ?

අද්විතීය ගත්කරු ජී. බී.සේනානායක විශාදයෙන් පෙලුනේද යන්න තුළ සායනික මෙන්ම සාහිත්‍යමය වශයෙන්ද කාලීන බවක් තිබේ. ඒ මන්ද යත් ඔහුගේ නිර්මාණ තුළ මෙම විශාදයේ සේයාවන් ඇති නිසාවෙනි. එහෙත් එම නිසා ඔහුගේ නිර්මාණ වටිනාකමින් අඩු නොවේ. ඔහුගේ නිර්මාණ මිණි කැට වැනිය. එකී නිර්මාණ වල සාහිත්‍යමය මෙන්ම දාර්ශනික ගැඹුරක් තිබේ. චිත්ත තත්වයන් අරභයා ඔහු විසින් කරන ලද විවරණයන් සලකා බැලීමේදී ජී. බී.සේනානායක යනු ලාංකික දොස්තොයෙව්ස්කි ද යැයි සිතේ.


Dr L.N


කිවුව වෙලාව- 2011-04-28 08:20:22
Harendra Subasinghe මෙහෙම කියනවා :
වෛද්‍ය රුවන් එම ජයතුංග අන්තර්ජාතිකව ඇගයිමට ලක් වූ විද්වතෙකි , ඔහුගේ පරියේශන වාර්තා ඇමරිකානු මනෝවිද්‍යා සංගමය සහ සුප්‍රකට මනෝ ප්‍රතිකාර ආයතනයද පිළිගනිති. ( බලන්න APA (American Psychiatric Association / EMDR research Library) ) ඔහු මෙම ලිපියෙන් ජි බි දිසානායකට අපහාසයක් කර නැත. එය අපහාසයක් ලෙස තේරුම් ගන්නේ මනෝවිද්‍යා විෂය දැනුම සහ වැඩිපුර පොත්පත් කියවා නැති පුද්ගලයන් බව මගේ අදහසයි. සායනික මනෝ විද්වතුන් කෆ්කා , ටෝල්ස්ටෝයි , හෙමින්වේ වැනි සාහිත්‍යධරයන් ගේ මනෝ භාවයන් සහ ඔවුන්ගේ නිර්මාණ අතර සබඳතාව පෙන්වා පොත් පත් පවා ලියා ඇත. පුද්ගල බද්ධ වෛරය සහ ඌන දැනුම ඇතිව කමෙන්ට්ස් පල කරන පුද්ගලයන්ට පහත පොත් කියවන ලෙස මම ආරාධනා කරමි. මෙම පොත් කියවීමට ඔබලාගේ ඉංග්‍රීසි දැනුම මදි නම් මලලසේකර ශබ්දකෝෂය හෝ භාවිතා කරන්න . එම පොත් කියවා පසුව කමෙන්ට්ස් පල කරාට වරදක් නැත
The Nuremberg Diary -Gustave Gilbert -මෙම පොතේ හිට්ලර්ගේ මනෝභාවයන් ගැන ගිල්බෙර්ට් ලියයි. ගිල්බෙර්ට් හිට්ලර්ව දැක තිබුනෙත් නැත , නමුත් හිට්ලර්ගේ ලිපි , කතා ආශ්‍රයෙන් ඔහු හිට්ලර් පිලිබඳ නිවැරදි විවරණයක් කරයි

Leonardo da Vinci: The Complete Paintings --Pietro C. Marani මෙම පොතේ ඩාවින්චිගේ මනෝභාවයන් ගැන ඔහුගේ මරණින් වසර සිය ගණනකට පසුව ඔහුගේ චිත්‍ර අනුසාරයෙන් පැවසේ . මේ අනුව මනෝභාවයන් ගැන තර්ක කිරීමට ඩාවින්චි සියසින් දැකීමට අවශ්‍ය නැති බව පෙනී යයි .


හරේන්ද්‍ර සුබසිංහ


කිවුව වෙලාව- 2011-04-27 13:51:38
Harendra Subasinghe මෙහෙම කියනවා :
It seems to me that the person who had posted comments under the name Karunaratna is jealous of Dr Jayatunge and he fears and envy him. But he has no courage to face Dr Jayatunge with his real name. Dr Ruwan M Jayatunge is one of the very few Sri Lankan Doctors whose research articles have been highly recognized by the American Psychiatric Association and EMDR research center USA. As Sri lankans we have to be proud of it. Unfortunately he has left Sri Lanka and now in the York University Canada. So we have lost him and all we have is jealous idiots like Karunaratne who has no courage and backbone to make comments in his real name.

Harendra Subasinghe


කිවුව වෙලාව- 2011-04-27 13:27:14
Karunarathna මෙහෙම කියනවා :
DR. Ruwan M. Jayathunga is trying to gain a popularity by writing like this articles. I doubt whether he knows Ethics of Psychology. He is a doctor who is trying to use Psychology to earn money and gain popularity.Don't mess this great profession Dr. Ruwan M. Jayathunga. Dear Readers,there are qualified Psychologist in Sri Lanka who serve People whom affected.They don't label people like Dr. Ruwan M. Jayathunga. He is trying to label popular characters to gain his own popularity. Psychologist don't waist their time to gain popularity like Dr. Ruwan M. Jayathunga.Dr. Ruwan M. Jayathunga, Please use Psychology to serve people.Not to gain your popularity. Don't misuse Psychology. Please study symptoms of depression very carefully. You are trying to create clients.Don't create client. Go to affected people and serve them using proper knowledge and skills. There are lot of people who need theraphy. But I'm not sure whether they have money you are seeking.So I'm not sure you will be able to serve them.

කිවුව වෙලාව- 2011-04-27 00:08:51
wow මෙහෙම කියනවා :
මේ වගේ දොස්+තර උනු මෑට්ටන් මේ මුස්පේන්තු කොදිව්වෙ හෑර වෙන කොහිද ? අනේ සිග්මන් ෆ්‍රොයිඩ් හිටියානම් එල්ලී මෑරෙනු නියතයි.

කිවුව වෙලාව- 2011-04-12 08:52:10
wow මෙහෙම කියනවා :
මේ ගොල්ලො හිතාගෙන ඉන්නෙ එම්.බී.බී එස් එකක් හෝ එෆ්.ආර්.සී.පී එකක් තිබුනම සකල කලා වල්ලභයො කියලා .එත් .හරිහෑටි බෑලුවොත් තමන්ගෙ ෆීල්ඩ් එකේ වත් මේ ගොල්ලො අඩු තරමින් ලන්කාව ඈතුලෙවත් කරපු කිසිම කන්ට්‍රිබියුශන් එකක් නෑ .එන්ගලන්තෙ උන් පොත් ගහල එව්වෙ නෑත්තම් මේ ගොල්ලන්ට මේ වගේ මනෝ විකාර වත් දොඩවන්ට බෑ.

කිවුව වෙලාව- 2011-04-12 04:34:14
Sanka මෙහෙම කියනවා :
ලංකාවේ මනෝවිද්‍යාවට අත්වෙලා තියෙන ඛේදනීය ඉරණම තමයි මේ.....
මේ දොස්තර මහත්තයා (?) තව කාට කාට පිස්සු කියලා කියයිද දන්නේ නැහැ.
තමන් ලියන ලේඛන වලින් මනෝරෝග ලක්ෂණ ඇතිබව සාක්ෂියක් සපයා ගත හැකි වුවත් ඒකෙන් ඒ බව ස්ථිරව කියන්න පුළුවන්ද? ජී.බී. සේනානායකගේ සාහිත්‍ය වැළඳගත් පිරිසටත් දරුණු මනෝරෝගවලට හසුවූ අයද??
අපි ලියන ලිපි මේ දොස්තර මහත්තයාට යැව්වෝත් අපිට තියෙන මනෝරෝග ගැන විනිශ්චයක් ගන්න පුළුවන්ද?? (ඒක හොඳ අන්තර්ජාල ව්‍යවසායකත්යක් නම් තමයි :D)


කිවුව වෙලාව- 2010-08-01 20:55:44
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook