මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ....! | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ....!
බූන්දි, 04:42:43
වර්ෂ 1978 දී ලාංකීය කැසට් විප්ලවයේ පුරෝගාමියා වූ විජේ රාමනායක විසින් තරංගා ලේබලය යටතේ මුල් වරට කැසට් පට 10 නිකුත් කෙරිණ. ඉන් එකක් වූයේ Nihal volume 02 කැසට් පටය යි. "මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" ගීතය අන්තර්ගත වන්නේ එකී කැසට් පටය තුළයි.

හැත්තෑව දශකය අග භාගායේදී සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ව්‍යුහයන්ගේ පිබිදීම්, නැගිටීම්, නැගීම් - බැසීම්, මෙන්ම පුනරුප්පත්තීන් සහ සංස්කෘතික තලයේ ආධ්‍යාත්මික සුඛාස්වාදයන් අද මෙන් විකාර සහගත නොවුනත් නිරවුල්ව නිර්මලව පැවතුණි. (අදට සාපේක්ෂව) ගීත ඇසීම විඳීම පෞද්ගලිකව ද සාමුහීකව ද ප්‍රවණතාමය දිගුවක් තුළ සිදුවුණි.

බජව් සංගීතයත් බජව් කාමරත් මරදාන සහ ඒ අවට පුරා ව්‍යාප්ත වෙද්දී ඒහා බැඳුණු උප සංස්කෘතික තත්ත්වයක් නිරායාසයෙන් උත්පාදනය විය. මෙවැනි වූ බජව් කාමරයකට භෞතිකව අයිතිවාසිකම් ඇත්තෙකු සිටියි. ඔහු එය නිවැරදිව පරිපාලනය කිරීම සඳහා ආරෝපිත මෙන්ම සාධිත තත්ත්වයක් නිර්මාණය කර ගන්නා අතර නොඑසේනම් එවැනි වූ තත්ත්වයක් එළියෙන් ඔහුට පිරිනමයි.

අරක්කු බොන නිශේධනයෙන් පරිබාහිරව ගංජා සංස්කෘතියක් තුළ වින්දනය කේන්ද්‍රගත වීම සහ ශාස්ත්‍රීය තලයේ සිට රසවින්දන පරාසයන් නොයෙක් දිශානතියට විහිදිණ. මේ ගීතය හා සබැඳි ගැඹුරු කතිකාමය තත්ත්වය එයයි. අද මෙන් එදා දියුණු නොවුව ද (සමාවන්න අද ද දියුණු නැත. සමහරවිට එදාටත් වඩා අන්තය. නමුදු මේ වියමනට අනුව කෙසේ හෝ අපි එසේ සිතමු.) එදා සිට පැවතුණු මෙකී සැප නවාතැන්, ආතල් ස්පොට් හෙවත් අර හන්දියෙ අර අයියගෙ පොට් එක ලෙසින් හඳුන්වනු ලබන තැන් අදත් එසේම පවතී. වෙනසකට ඇත්තේ අද ඒ ඒ සථාන තුළ පාතාල ලෝකයට වැඩි ඉඩ අවකාශයක් නිරිමාණය වී තිබීමයි. නමුත් ගුණෙ අයියගෙ කාමරය ඊට වඩා හාත් පසින්ම වෙනස්ය.

ඔහු ජනතාවාදියෙකි.
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත....

සියල්ල පිරිසිඳ දත්තෙකි.
ඔය කාගෙත් වතගෙත මගෙ ෆයිල් එකේ ඇත....

නිර්භීතකාමියෙකි.
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්....

සංවේදී හදවතක් ඇත්තෙකි.
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නැහැ කෙනෙකුගෙ හොඳ හිත...

ආගන්තුක සත්කාර දත්තෙකි.
අගුල් දාල නැහැ දොරේ....

කාමරයට පැමිණෙන්නන් බොහෝ ය. නන් විධ මිනිසුන්ගේ විවිධත්වය තුළ ඇති ඒකමිතික භාවය ගුණේ අයියගෙ කාමරය හරහා වැටී ඇති පාරයි. ගුණෙ අයියගෙ කාමරයට දේශීය මෙන්ම විදේශීය ආගමන ද සිදු වී ඇත. ඔවුන් ද මේ නිරාමිස සුවය ලබා පිට වී ඇත. “බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා“..

ගුණේ අයියා නම් යථාර්ථමය තත්ත්වය හෝ උතෝපියානු වපසරියේ ආශ්චර්යය කෙබඳු ද? කෙනෙකුට මෙවැනි වූ සාමූහික රස වින්දනාත්මක මර්මස්ථානයකට වැදීම නේරංජනාවෙන් එතෙර වී ඇසතු බෝ රුක මුල නිරාමිස සුව ලැබුවාක් වැනි වූ ආධ්‍යාත්මක ගැඹුරක් විය හැක. නිහාල් නෙල්සන් විසින් ගීත රචක හේමසිරි හල්පිට කරළියට කැන්දාගෙන එනු ලබන්නේ මෙම ගීතයත් සමගිනි. මෙය හල්පිටගේ ප්‍රථම ගීතයයි. එසේම එවැනි සමාජමය තත්ත්වයකට වත්සුණු තැවරූ එදා ඒ සමාජයට කරළියක් හැදූ තවමත් පවතින ප්‍රථම හා එකම ගීතය මෙයයි.

සොමියට වරෙන් පුතා
අගුල් දාලා නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකේ
වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි
තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි එළා ලා
ගුස්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළු මන්ට් ලා රිලි මන්ට් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරින් කකුල් එකට වැටීලා
ටූ තව්සන් ත්‍රී තව්සන් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
සෙවල කිරල වැක්කෙරුවොත් තෙල් බීඩා ගමින්
වැලි ගල් කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ නෑ ඉඩ
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ


ගායනය- නිහාල් නෙල්සන්
තනු- නිහාල් නෙල්සන්
සංගීතය- ලාල් තේනබදු
රචනය- හේමසිරි හල්පිට

නිහාල් නෙල්සන් සමග සම්බන්ධ විය හැකි දුරකථන අංක- 777 329 429, 112 655 719, විද්‍යුත් ලිපිනය- nihalnelson@yahoo.com
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Nihal Nelson, Meka Gune Ayyage Bajaw Dana Kamare, Lal Thenabadu, Hemasiri Halpita
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sanjaya මෙහෙම කියනවා :
සතුරෙක් නැති තැන සටනක් නැත. ජයක්ග්‍රහනයක් නැත. ජයක්ග්‍රහනයක් නැති තැන කිරැලක් නොමැත.

කිවුව වෙලාව- 2010-08-20 02:48:06
Sumudu මෙහෙම කියනවා :
Umbata hari munwa mathak una eka gena sathutui "weeraya'. Mamath tharunayek widihata rupantharanaya weddi ara kiyapu "dewa" margaye sangeethayata waha wetuna ekek. E kaledi api Jothiwa, Nihalwa dekke "kuddo" hari prabuddha sanskruthiya winasa karanna apu balawega hari kiyalai. Eth nirmana windalama parinatha wenakota therenawa Jothila, Nihalla karapu de viplawayak kiyala.
Iraj gena nam mata kiyanna wedi deyak nehe. Kiyanna thiyenne stage eka uda duwala mahansinam "Sauna" ekakata gihilla hari, niwaduwakata "Kandalama" hotel ekata hari gihilla rest karanna kiyala withrai...(Ayeth nawath thrahak nehe...).
Aluth manayak awussapu weerayatath, Article ekatath wada diga comment ekak liyala text eka poshanaya karapu "kumbiya"tath eka ha samanawama sthuti....


කිවුව වෙලාව- 2010-08-20 01:25:35
Hiran මෙහෙම කියනවා :
niyama sinduwak

කිවුව වෙලාව- 2010-08-11 04:16:21
Niccolo B Mac මෙහෙම කියනවා :
A thought provoking analysis.
It compelled me to think about how I came to know, music songs.
thank you.


කිවුව වෙලාව- 2010-08-05 22:43:24
Vishva Uyangoda මෙහෙම කියනවා :
නාගරික කම්කරු පන්තික වින්දන සුන්දරතාවය ඇති කරවන ගුණෙ අයියගෙ සිංදුව එහි සමාජ හරස්කඩකි.

කිවුව වෙලාව- 2010-08-05 22:42:46
Ransirimal Fernando මෙහෙම කියනවා :
ඉතිහාසය පුරාම සමාන්තර රේඛා විහිදී තිබේ.

මුලින්ම මම නිහාල් නෙල්සන් දැක්කේ බොරලැස්සේ පල්ලියේ සංගීත සංදර්ශනයක දීය. අවුරුද්ද හැත්තැ තුන හෝ හතර විය යුතුයි.

ඒ කාලයේ සංගීත සංදර්ශන වලදීවත් දැන් මේ සිරස සුපර් ස්ටාර්ස් ලා කරන කියන 'ප්‍රසංගාත්මක' ගතිය පෙන්නුනේ නැත. ගායකයන් ගායිකාවන් සිංදු කිව්වේ එක තැන හිටගෙනය. ඇම් ඇස් අත පය වලින් සිංදුව කරලා පෙන්නූ අතර ප්‍රෙඩී සිල්වා, නවනන්දන ආදිහු සිය කොමික් පාට් ටිකක් සිංදු වලට එකතු කලහ. මේ නිසා බලන්න දේවල් තිබුණේ අඩුවෙනි. අපි ගියේත් සිංදු අහන්න හා ගායක ගායිකාවන් බලන්න හා ඒ අයව බලන්න එන අයව බලන්නයි. කැසට් වාදන යන්ත්‍ර එහෙන් මෙහෙන් තිබුණු, රේඩියෝ එකේ ඒ අය වාදනය කල ගීත අපිත් අහපු කාලයක් ඒ.

ඒ කාලයේ බයිලා කාරයෝ පැහැදිලිවම වෙනම ගායක පිරිසක් වූහ. ඇන්ටන් ජෝන්ස්, එම්. එස්., වොලී ආදි ප්‍රචලිත බයිලා කාරයෝ අමාරුවෙන් සිංහල කතා කල ඉහල මැද පංතියේ නෝනලා මහත්තුරුන්ගේ සමාජයන්ට ගී ගැයූ ගායකයෝ වූහ. මීට අමතරව මොරටු ‍ප්‍රදේශය කේන්ද්‍රකොටගත් වාද බයිලා සංස්කෘතියක්ද පැවතිණි. දන්නා තරමින් අදටත් මේ සංස්කෘතිය නොනැසී පවතී. කටින් කට හෝ පුංචි අතින් ලියූ‍ පෝස්ටර වලින් ප්‍රචාරය ‍කර ගෙදරක හෝ ශාලාවක එක්වී වාද බයිලා කීම, කවි මඩු වැනිම වූ
සාහිත්‍යාංගයකි. වොලීගේ බයිලාවල මේ සාස්කෘතියේ සේයාවල් දැක්ක හැකිය. මේක පහල මැද පංතිය හා ඊටත් පහල 'වැඩ කරන' මිනිස්සුන්ගේ සංස්කෘතියක් වීය යන්න මගේ මතකයයි.

මේ පසුබිම තුලින් මතුව ආ නිහාල් නෙල්සන්, එදා බොරලැස්සේ සංගීත සංදර්ශන වේදිකාවේ අපූරු විප්ලවයක් කරනවා මම දුටිමි. ඇඟට ඇලුනු කලිසමක් හා යම් පමනක දිලිසෙන කමිසයක් ඇඳ (මේ ඇඳුම් සූට් එක ඒ කාලයේ ‍අපේ ගම් වල නිර්වචනය වුනේ රස්තියාදු කාරයින් ගේ ඇඳුම් ලෙසයි) වෙදිකාව පුරා දුව දුවා නැටූ කකුල් හොලවමින් මයික් එක
කරකවා උඩ දමා ඇල්ලූ නිහාල් නෙල්සන් ගේ සිංදු කීම එදා තිබූ සංස්කෘතික වාතාවරණය තුල මෙදා මේ හිප් හොප් සිංදු කාරයින් කරන දේට සමාන්තරයයි පරණ මතකයන් දෙස හැරී බලන මට සිතෙයි.

අන් හැමදෙයක් පිළිබඳව මෙන්ම සංගීතය සම්බන්ධයෙනුත් අපි විවිධාකාර වර්ග කිරීම් කරමු. හයේ පංතියේ දී අපේ සංගීත ගුරුව‍රයා වූ ජස්ටින් සිල්වා ඉගැන්වූ මුල්ම පාඩමක සංගීතය දේව හා මාර්ග වශයෙන් වර්ග කෙරෙන බවත්, හිංදුස්ථානි සංගීතය දේව ගණයට හා කර්ණාටක මාර්ග ගණයට අයත් බවත් ඉගැන්නුනායි යම් මතකයක් හිතේ ඉතිරිවී තිබේ. අපි ඉගෙන ගත්තේ හින්දුස්ථානිය. ජස්ටින් සිල්වාගේ උපාධියත් බාත්ඛණ්ඩේ වලිනි. අමරදේව නන්දා ආදීන් ප්‍රමුඛව, සුනිල් සාන්තගේ යම් යම් සේයාවන් සහිතව
ඉන්දියාවෙන් ගෙනා හින්දුස්ථානි අපේ බෙරතාල ‍කවි පද සමග කැලතී, 'සිංහල සංගීතය' ඉස්සරහට එන්නේත් මේ කාල වකවානුවලයි.

බයිලා කපිරිඤ්ඤා වැනි බටහිර ආක්‍රමණිකයන්ගෙන් උරුමවූ 'සංකර' සංගීත විශේෂයන් මේ විප්ලවකාරී සිංහල සංගීතය ගොඩනැගීමේ කර්තව්‍යයේදි සැලකුණේ නැති තරම්ය.

ඉතින් එදා නිහාල් නෙල්සන් ප්‍රචලිත පිලිගත් සංගීතයට අභියෝග කල තරුණ
විප්ලවකාරයෙක් ලෙස පෙණිනි. ඔහුගේ මේ දුවන පනින දඟලන නටන රැඟුම බලන්නට ලස්සණ වූ මුත් පැවතුනු සංස්කෘතික වාතාවරණය තුල ඒ සංදර්භය ඒ ආකාරයෙන්ම වැලඳ ගන්නට අපේ ගම් වලදී නම් තරුණ පිරිස් වත් එඩිතර වුනේ හොඳට පදම් වී විලි ලජ්ජාව යම් දුරකට හීන වූ අවස්ථාවල පමණක්ය කියා මම සිතමි. කොලඹ ඉහල පංතිවල උන්ට තිබුණු පට්ට නිදහස
කවදාවත් ගම්වල තිබුණේ නැත.

අපි බොහෝ දෙනෙක් මේ රැල්ලට වඩා නන්දා මාලිනීගේ 'ශ්‍රවණාරාධනා' හා වික්ටර්ගේ 'ස' හරහා නැගී ආ රැල්ලට පිය කලෙමු. එය වැලඳ ගතිමු. එය මාර්ග සංගීතය හැර දමා දේව සංගීතය තෝරා ගැනීමක්යැයි හැරී බලන මට සිතේ. එමෙන්ම එය අපේ හද පත්ලෙන් නැගී ආ තේරීමකට වඩා, අපේ වටා පිටාව සංස්කෘතිය දේශපාලනය විසින් කරන ලද්දාවූ බලපෑම් මත
කෙරුණු තෝරා ගැනීමක් දැයි මම තවම සැක කරමි.

දෙවියන් වෙන්නට පෙර අපි මිනිසුන් විය යුතු වෙමු.


කිවුව වෙලාව- 2010-08-05 22:41:36
Koombiya මෙහෙම කියනවා :
(අර) පිම්බුවාට බඩ
(මල්ලි) ගෙම්බගෙ නෑ හැඩ
(ඔය) දැම්මට ලොකු හඬ
(ඕවා) ඉම්පෝර්ටඩ් ලෙඩ!


කිවුව වෙලාව- 2010-08-05 22:39:12
Dinuka මෙහෙම කියනවා :
"ඌ කියනවා මේ යකා සිංදු කියනවා දැකලා ඌ සුමානයක් නිවාඩු අරං හිනා වුනාලු."

පට්ටම කතාව ඒක... :[?] [?]


කිවුව වෙලාව- 2010-08-05 22:38:56
Koombiya මෙහෙම කියනවා :
ඇත්තටම ඉරාජ්ගෙ පංතියෙ උන්න එකෙක් මගෙ එක්ක වැඩ කරනවා මෙතන. ඌ කියනවා මේ යකා සිංදු කියනවා දැකලා ඌ සුමානයක් නිවාඩු අරං හිනා වුනාලු.

දුකා වෙළෙන්දා තමා. හැබැයි බැක්ග්‍රවුන්ඩ් එකක් තියනවා. ඌ ලිවුව ලස්සන සිංදු තියනවා. දැං ගංජා ගැන සිංදුවක් හදලා වේරලියැද්ද ලවුවා කියෙවුවා නම් අන්න බඩු. මොකද දෙන්නම ගමෙන් ඇවිත් ගංජ ගහන්නෙ.

අනික ඉරාජ් කියන්නෙ කොළ හොරෙක්. ඔය "මට හිතන්න බෑ" (ඇත්ත. ඕකට හිතන්න බෑ තමා) සිංදුවෙ මුල මෙලඩි පාට් එක සම්පූර්ණයෙන්ම "ප්‍රීතී ප්‍රීති සන්ධ්‍යලෝකේ නිසා ප්‍රියාවී" සිංදුවෙ මුල මෙලඩි පාට් එක. ගෙඩි පිටින් උස්සල ගහලා. අවුල හොරකමේ නෙමේ. හොරකම් කරලා හොර බඩු වලින් මොනවද ලෝකෙට දෙන්නෙ කියන එකෙයි.


කිවුව වෙලාව- 2010-08-05 22:30:24
Dinuka මෙහෙම කියනවා :
සින්දුව ගැන නෙවෙයි මම මේ කියන්න යන්නෙ කූඹියා ගෙ අර ඉරාජ් ල ගැන ලියල තිබුනු එකටම තව ටිකක් එකතු කරන්න.

ගන්ජා ගහන එකා එ ආතල් එක නිකන් ලෝකෙට කැ ගහල කියන්න යන්නෙ නෙහෙ. යම් යම් අවස්තාවල යම් යම් විදිහට ප්‍රකශ කරත් එක එන්නෙ අදාල කොටසකට සහ අදල විදිහකට වෙන්න පුලුවන්.දැන් මෙ සින්දුවෙ උනත් තියෙන්නෙ පැනි බූන්ඩි මස්කට් තියෙනවා කියල විතරයි.

එ කියන්නෙ Subject එක දන්න අයට..Subject එකට අදාල විදිහට.
හැබැයි ඉරාජ් ලට ඕනේ එහෙම නෙවෙයි මම ගන්ජා ගහනව මට police case වැටෙනව අරව මේව කියල පොරවල් වෙන්න..ඒත් අත්තටම ඕක අත්විදින එකාට ඕක අන්තිම චාටෙර් ගහන case එකක්.පොලිසියෙන් බේරිලා ගන්ජා හොයාගෙන shape එකේ ඕක දානව කියන්නෙ මැරෙන sceen එකක්.පොඩ්ඩ එහා මෙහා උනොත් නඩුත් වැටිල පත්තරෙත් යන sceen එකක්.


කිවුව වෙලාව- 2010-08-05 22:11:52
Koombiya මෙහෙම කියනවා :
සියත ටීවී එකේ ළඟදි ගියා නිහාල් නෙල්සන් එක්ක (මොහාන් රාජ් මඩවල) ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙදි සාමාන්‍යයෙන් නිහාල් ස්ටේජ් නැග්ගහම නොකියන සිංදු හුඟක් කිවුවා. නිහාල් මේ වෙද්දි මුළුමනින්ම සුරා සූදුවෙන් තොර දුමක්වත් ගහන්නෙ නැති හොඳ ළමයෙක්. දැන් හැටත් පැනලා. හැබැයි පරණ ටෝක්ස් ඒ විදිහටම දෙනවා. බජාර් එකේ කකුල් නේ.

මරදානේ එහෙම ඉස්සර තිබිලා තියනවා බජව් කාමර. ජෝතිලා මිල්ටන්ලා විජයලා කොල්ලො කාලෙ මේවයෙ සෙට් වෙලා තියනවා. මේ සිංදුවෙ පසුබිම ඇතුළෙ මේවා තියනවා. බර පොරවල් පිස්සු කකුල් සේරම එකට ආතල් අරගන්න තැනක්! මස්කට් පැණි බූන්දිත් එක්ක එන ඇඟවුම ගංජා. ගංජා ගහද්දි සැප වර්ධකයක් විදිහට පැණි රහ කනවා. සිංදු කීමත් එක්ක යන්නෙ අරක්කු නෙමේ. ගංජා. (ඒක ගැන වෙනම කතා කරන්න වෙයි.) කපුගේ සාම්ප්ල් එක කවූරුත් දන්නවනේ.

අනික මෙතන මේ මේන් රෝල් එක කරන ගුණෙ අයියා හිත හොඳ චණ්ඩියෙක්. මෙහෙම ස්පොට් එකක් නිතරම මේන්ටේන් වෙන්නෙ එහෙම එකෙක් අතින්නේ. (මතක් වෙන්නෙ බත්තලංගුණ්ඩුවේ සීනි කරිඤ්ඤං ස්පොට් එක!) පොඩි සත්තමක් එක්ක පොර ගේම අදින්නේ. නැත්තං කොන්ට්‍රෝල් නැතුව යනවා.

හල්පිටට මෙහෙම එකක් ලියන්න පුලුවන් වෙන්නෙත් නිහාල්ට කියන්න පුළුවන් වෙන්නෙත් උන් මේ ''වචන'' වලට ආගන්තුක නොවෙන සමාජ පසුබිමක හැසිරුන හින්දා. ඒක බොක්කෙන් එන හින්දා. උන්ගේ ප්‍රකාශනය ඊට වඩා වෙනස් පසුබිම් යටතේ ඉන්න තව කෙනෙකුට පීචං වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි.

ඔය කාලෙ ගායක ගායිකාවෙ සමූහ ජීවිතය වින්දනය කළා. එම් එස්ලා, නිහාල්ල, ජෝතිලා, මිල්ටන්න් ඩබල එක බස් එකේ සංගීතවලට ගිහින් තියෙන්නෙ. මොකද ලංකාවෙ විනෝද කර්මාන්තය පටන් ගන්න යුගයේ. එතකොට එකෙක්වත් කාර් අරගෙන නෑ. අද කාලෙට සාපේක්ෂව උං අතර හොඳ මානුෂික බැඳීමක් තියෙන්න ඇති. අදත් අපි බිවුවහම කියන්නෙ මේ යුගයෙ බිහි වුන සිංදුනෙ. කවුරුවත් සෙන්ටිග්‍රේඩ්ලාගෙ හරි රනිඳුගෙ හරි හිප් හොප් රැප් කියනවද? නෑනෙ. කණ පැලෙන්න වැදුනහම මතක් වෙන්නෙ ජෝතිව. හරියට කකුල වැදුනහම බුදු අම්මෝ කියවෙනව වගේ.

දැං දුකයි ඉරාජුයි ගංජා ගැන මහා හා හෝවක් කරල මැද්දට බීප් දාල මාර සිංදුවක් කළා. කෝ දැං ඒවා. ඉවරයි. උංවත් අහන්නෙ නැතුව ඇති. ඉරාජ්ල ක්ලබ් ගිහිල්ලා ගංජා ගහන එකයි දුකා සුදර්ශියෙ නුග ගහ යට ගංජා ගහන එකයි එකක් නෙමේ දෙකක්. ඉරාජ් කියන්නෙ ෆික්ෂන් එකක්. රෝයල් එකේ ගෑණු ළමය වගේ හිටිය එකෙක් එක පාරටම මෙන්න ගංජා ගැන සිංදුවක් කරනවා. ඉතිං ප්‍රබන්ධයක්නේ. උං ගාව බඩු නෑ. බඩු තියන එවුංට සල්ලි නෑ.


කිවුව වෙලාව- 2010-08-05 22:10:28
Sanka Kirindiwela මෙහෙම කියනවා :
නියම වැඩක් වීරයා....

හේමසිරි හල්පිටගේ පසුකාලයේ නිර්මාණ කොහොම වුනත් මේකනං නියමයි...මම දන්න තරමින්
"ගුණේ අයියගේ කාමරේ" ඇත්තටම පැවතුනු එකක්...


කිවුව වෙලාව- 2010-08-05 22:09:43
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වීරයාගෙන් තවත් වියමන්
පොත්
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
වෙනස්
මෛත්‍රී
පොත්
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
වෙනස්
ඉනිමං නැති අපි
වෙනස්
නාලන්ද සර්පයා දුටුවාද?
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
කිසිවෙකු නිදහස් නැත. කුරුල්ලන් පවා අහසට බඳිනු ලැබ ඇත!
| No one is free, even the birds are chained to the sky.
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook