මොනවද මුත්තේ මොකද කරන්නේ | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී දෝසි
මොනවද මුත්තේ මොකද කරන්නේ
බූන්දි, 02:14:35
ළමයා- මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ

සීයා- ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි

ළමයා- දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද

සීයා- මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි

ළමයා- තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට

සීයා- පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස

පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල

අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම

ළමයා- මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි

සිංදුව අහන්න

මියැසිය- රෝහණ වීරසිංහ
ගායනය- අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Monawada Muththe Mokada Karanne
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
mohotti මෙහෙම කියනවා :
එස් මහින්ඩ හිමි මෙම ගීතය හරහා පුන්chi daරුවන්ගෙ මනස මෙන්ම අපගෙ මනසටත් හන්ඩගා කියන්නෙ කුමkda? අනාගත පරම්පරව වෙනුවෙන් වර්තමන කෑප කිරීම් වල අගය නොවෙda? මෙ අපට අරාදdhana කරනුයෙ che guevra keneku, bhagath sighn keneku, rohana wijeweera wani parithyaagasheeliyeku wennata noweda?

කිවුව වෙලාව- 2011-03-14 13:30:38
fathi මෙහෙම කියනවා :
ගොඩක් ලස්සන සින්දුවක්. පොඩිකාලේ අපි හරිම අසාවෙන් ඇහුවේ.ලගදි දවසකත් අම්මා මේ සින්දුව මතක් කළා. හරිම සුන්දර මතකයක් . ස්තුති .

කිවුව වෙලාව- 2010-08-12 09:21:50
Manusha මෙහෙම කියනවා :
Deyyane.. kohenda me e sinduwe visual eka hoyaa gatthe.. me sinduwa kochchara paranada.. Issara kochchara nam roopawahiniye me sinduwa yanawada…! Akuru beri kale indalama me sinduwata pem bendala thiyenawa..Koytharam ageda !

Sthuthee!!


කිවුව වෙලාව- 2010-08-10 02:53:35
කසුන් චානක මෙහෙම කියනවා :
මොන්ටිසෝරියේ විවිධ ප්‍රසංගයේදි මම මේ සින්දුව කිව්ව හැටි අද වගේම මතකයි මට... සින්දුව කිව්වා විතරක් නෙමෙයි, රඟපෑමකුත් කළා.. මම හිටියේ පොඩි ළමයට.. මුත්තාට හිටිය එකා බොරු රැවුල දාන්න බෑ කියල හොඳටම ඇඬුවා එදා ...ඒ හරියටම අවුරුදු 20කට විතර කලින්... හරිම සුන්දර මතකයක් මට මේ සින්දුව ගැන තියෙන්නේ ...

Posted by කසුන් චානක to දෝසි|DOSI at 8 July 2010 23:54


කිවුව වෙලාව- 2010-08-10 02:45:44
ආදර කතාව මෙහෙම කියනවා :
මට තාමත් අද වගේ මතකයි ඉස්සර ජාතික රූපවාහිනියේ යනවා මේ ගීතය. සීය කෙනෙකුයි පුංචි ළමයෙකුයි ඉන්නෙ ඒකේ. ඒත් අද ඉන්න පොඩි ළමයින්ට මේ වගේ ගීත අහන්න විදිහක් නෑ. ඉතාමත් වටින ගීතයක්. නැවතත් පුන්චි කාලෙ මතක් වුනා. ස්තුතියි.

Posted by ආදර කතාව to දෝසි|DOSI at 8 July 2010 23:06


කිවුව වෙලාව- 2010-08-10 02:45:18
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
එස්. මහින්ද හිමිගෙන් තවත් වියමන්
කවි
රාත්‍රිය
කවි
වැස්ස
කවි
ළමයා සහ සමනළයා
කවි
වයසේ වෙනස
තවත් ගී දෝසි
මල් කියන්නෙ කාට කාට
තට්ටු දෙකේ බස්
මගේ කරට මුතුමාල ගොතන්නට
මිදුලේ වැලි මාලිගාවේ
වැහි කුමරිය ටිකක් කළුයි ඇගේ ඇතා හුඟක් කළුයි
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
එඩිසන් කියයි.
මම කිසිදිනෙක ඝාතන සදහා ආයුධ නිපදවා නැත. ඒ ගැන මම සැබැවින්ම ආඩම්බර වෙමි. අවිහිංසාව, සෑම පරිණාමයකම අරමුණ වූ උතුම් ශිෂ්ඨත්වය කරා මිනිසාව රැගෙන යයි. අපි... [More]
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook