Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
වත පුස්ථක වස්තුව
බූන්දි, 02:31:24
එසමයෙහි සී මැදුරු කවුළුවෙන් විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. පුස්ථක මස්තකයෙහි වත තබා, වත මස්තකයෙහි පුස්ථකය තබා නැවත නැවතත් පා නියෙන් ඉස්සී විමසන කල්හි දෙනෙත් වික්ෂිප්ත වම්හ. නව්‍ය කාව්‍යක්කාරයෝ කුකවි යෝගයෙන් බිපුවට පුපුරා ගැඩවිල් පණු ගුලි මෙන් වසුරු ලමින් නිළ මැසි සේනා සමග පයුරු පාසානයෙන් යුක්ත වන්නාහ. හේ කෙසේද යත් පර්පියුම් සිනමාන්දරයෙහි කෙළවර ජවනිකා ප්‍රාප්තියේ රමණ පාශයෙන් බැඳී තැන තැන රති කෙළියේ නිමග්න මිනිස් ගුලි චිත්‍රණ මෙන්ය. කුකවින් හා සමලංකෘත මැසි සේනා ඇතුළු නුවර පුරා ද පිට ද කුරුබිලියෙන් ඉවත ද පට්ට, මැක්සා, පිස්සු කොර, එළ කිරි, මාර ගති... යනාදියෙන් පිළිවදන් බිණිමින් මේ පුරා-

ස්වකීය ගන්ධය පතුරුවන්නට වම්හ. පා අවුළු ආදියෙන් තබා ගොඩනගන නියාවෙන් බොරු කකුල් කරුවන් මෙන් ඔවුහු ද ඉස්සී සිටීමට ප්‍රිය කළාහු ය. ව්‍යාජ රූපකායෝ පෙරහරේ ගමන් කළාහු ය. ඇතමෙක් ඔවුන් බණවා යමෙක් කී කල්හි ඇඳසිටි වස්ත්‍රාභරණ ද මැසි සේනා ඇඟ ලූ වස්ත්‍රාදිය ද පෙන්වා කී දේ නාහන උකටලී සොබාවක්ම පෑහ. මැසි කැළ ද වසුරු ලන කවි රොතු ද උනුන් හා ලෝබයෙන් උන්ම පතා බතුත් නොකා වත පුස්ථකයෙ හි ම වැද හොත්ත හ. සෙසු මිනිස් කාරකාදීන්ට අධෝ මුඛයෙන් වමනෙ යන්නාහු ය. තැන තැන එකත්පස්ව ම කුණු ගඳ ම පෑහ. අමනුස්ස භිය පැතිරිණ. විටින් විට නිවී ඇවිලෙන කවි ආලෝක පුංජයක් හැර සියල්ල අන්ධකාරයේ ම වැටුණ හ. කුණු ඕජාවන්ගෙන් නාස්පුඩු පිරුණු ය. දුටු දුටු මංසල විසාලා නුවර විපතම පෑහ.

ලෝ ධාතුවේ සක්වළ මෝවිට බටහිර පවුරේ මළ හිරු බසින ක්ෂණයෙන් ගතකුරු පණකුරු පිරිත් කරවා පන්හිඳ තුඩගින් ඉසීම මෙවිපතින් මිදීම මග යැයි දන්නාහුන් ද සිටී හ. එපවත් සැල වුවත් ගතකුරු පණකුරු පිරිසිඳ දත්තෝ එකල්හි එහි නොසිටිය හ. වත පුස්ථකය එවන් වූ විපතක්ම පෑහ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Story of the Facebook
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Bati Chuba මෙහෙම කියනවා :
ශා නියමයි මෙන්න අද මට අහුවුන ලත්තන පේස් බුක් කවියක්.. ශ්‍රේස්ටයි නේද මෙයාලා....?

ඔයාගෙ තොල් දෙක
මගෙ තොල් එක්ක
හිනැහෙද්දි..
මන් බලන් හිටියෙ
ඔයාගෙ පෝසත්
...බල්ල දිහා
රවාගෙන...


කිවුව වෙලාව- 2010-11-03 21:50:48
BabaHukkun මෙහෙම කියනවා :
MENNA FACEBOOK KAVIYEK KAVIYAK LIYALA

ANE HALI THOKE NEDA UMMAAA..

ඔයා
සුන්දර
විදුළි බුබුලක්

දෙය්යො කිව්වත්
...නාහන
මං

මෙරුවෙක්......


කිවුව වෙලාව- 2010-09-21 00:53:16
@kotiya මෙහෙම කියනවා :
ubbth facebuk kawiyek da koti hafuyiyo?

කිවුව වෙලාව- 2010-09-09 05:03:11
kotiya මෙහෙම කියනවා :
athal ekata hari kawiyak danna pamanin liyana eka koitaram deyakda bola..
liyana unge hekiyawa anuwa ewa usasda pahathda kiyala warga karanna puluwan tama.eth mekanam anthima kuhaka liyawillak..tamnge hita ethulen tamnta dena tena anuwa tamai minissu nirmana wicharaya koranne,uba sehenna ubatama lakunu deegena wage.....


කිවුව වෙලාව- 2010-09-08 00:23:16
අමිල මෙහෙම කියනවා :
@නාලක
අන්තර්ජාලය කියන්නෙ නිදහසේ උපරිමයක්. බාධා කරන්ඩ පුලුවන් ඒ නිදහසට. එහෙම උනොත් අද රටේ සිද්ධවෙන ගොඩක් දේවල් හරි.


කිවුව වෙලාව- 2010-08-30 11:30:33
Nihanda Nireekshaka මෙහෙම කියනවා :
මේ තුං වේලට කවි ලියන ටූත් පේස් බුක් හාල්පාරුවො එකෙකුටවත් පුලුවං ද තාලෙට කියන්න හතර පද කවියක් ලියන්න එලි සමය තියලා..
මුන් ලියන්නෙ කවි නෙමෙ බොලල්ලා රචනා රචනා...

රචනාවක් ලියලා ඇස් ඩෙක පියාගෙන තැං තැං වලින් එන්ටර් කී එක ගහලා පැලලි වලට කඩනවා

ඊට පස්සෙ ටූත්පේස් බුක් එකේ දැම්මහම උගෙ ජාතියෙම හරක් පැටවු මේ පැලලි ගඳ කයිය නලෝනවා.

මොන තියරිය දැම්මත් ඕයි..... ගඳ බඩු ගඳමය...!

තුං වේලට කවි ලියන්ඩ කලින් මේ රටේ හිටිය සේරොම හොඳ කවියංගෙ ලිස්ට් එකක් හදා ගෙන උං ලිවුව කවි කියෝපල්ලා... ඊට පස්සෙ බොලංට තේරෙයි තොපි කරන්නෙ කවි ලියන එක නෙමේ ටූත් පේස් බුක් එකේ රෙන එක කියලා..


කිවුව වෙලාව- 2010-08-30 04:43:51
නාලක. මෙහෙම කියනවා :
අමිල,
කුරුටු ගෑම හොඳය. කුරුටු ගෑම ඇතුලෙ වසුරු ලෑම ගඳය.....
සුපුන් කියන එකට මමත් එකඟයි.


කිවුව වෙලාව- 2010-08-30 03:50:04
අමිල මෙහෙම කියනවා :
කවි ලිවීමට පේටන්ට් බලපත්‍ර ලබා දෙන්නේ නැත. එනිසා මට ද ඔය පුස්තකේ ලිවිය හැක. එය කෙනෙකුට මැක්සා හො සිරා විය හැක. ඒ කියවතොත් ය. එහෙයින් නොකියවන්නන්ට වඩා එය හොඳය. ජනතාවගේ චූන් එක හොඳම එක කවදාත් වුයේ ද වන්නේද නැත. ඒ බව නානාප්‍රකාරව මතුවන විධී ගැන තවත් කීම ද තේරුමක් නැත. එබව දන්නා හෙයිනි. ඒත් නොලියා සිටිනවාට වඩා කුරුටු ගෑම ද නරක නැත.

කිවුව වෙලාව- 2010-08-28 10:43:03
සුපුන් මෙහෙම කියනවා :
අමිත් අල්මේදා කියනදේද කුජීත බව කරුණාවෙන් සලකන්න...!

කිවුව වෙලාව- 2010-08-24 22:42:58
AMITH ALMEDA මෙහෙම කියනවා :
KAWI LIYANA EKAYI MODA GAL KAPANA EKAYI... EKAK NEME.. DEKAK..

කිවුව වෙලාව- 2010-08-24 21:55:22
සුපුන් මෙහෙම කියනවා :
මචං විශ්ව උයන්ගොඩ,
ඔය කියන කට්ටිය දවසට කවි තුන හතරක් ලියනව කියල ඔයාට පේනව ඇති. ඒවා ඒ නිසාම ජරා ජීරණය වෙලා තියෙනවාද ඔයාට පේනවා ඇති. වීරයා මතු කරන්නෙ ඕක තමයි. ඔයාට පේන්නෙ නැද්ද... කුජීතයි මේ කවි. මේ වීරයා කියන කෙනා කවුරු වුනත් කියල තියෙන්නෙ ඇත්ත කියලයි මට නම් හිතෙන්නෙ.


කිවුව වෙලාව- 2010-08-24 21:26:07
Vishva Uyangoda මෙහෙම කියනවා :
මොනවද මේ කවි.
මේවායේ කවි නැද්ද තියෙනවද කියන්න නම් මේවා අගයන්න ඕන වෙනස් විදියකට. කුකවි හා කවි අතර වෙනස්කම් පෙන්වන්න පුලුවන් මොන විදියටද? කවිය නරක කවිය බවට පත්වෙන්නෙ කොහෙන්ද කියන එකත් බලන්න වෙනවා.
මුහුණුපොත කියන්නේ සමාජ අවකාශය තුල හැසිරීම සදහා තියෙන මෙවලමක්. මේ වගේ කවි හෝ තියෙන එකයි හොඳ නමුත් ඒවා බූන්දියේ දාන්න කියල කිවුවොත් නම් වැරදියි.
සම්භාව්‍ය කාලකන්නි නොවන අය ෆේස්බුක් ගැන ලියල කාලය නාස්ති කරන්න ඕන නැහ. එය තිබුනාවේ. බූන්දියේ ලියන කවි ගැන ලියන්න වීරයා.
නැත්නම් කුකවි නිසා ඔයා පරණ පන්නයේ විචාරකයෙකුගේ ගොඩට වැටෙයි. හැප්පෙන්න ඕන තැන් තියෙනවා. නමුත් අර ගෙදර අහන සිංදුව පහත් කියන්න පාරෙ යන අපට පුලුවන් කමක් නෑ වගේම මුහුණු පොතට චෝදනා කරන්න අපට බැහ. එහෙනම් කරන්න තියෙන්නේ ඔය කුකවි කාරයින්ගෙන් ඇත්ව ඉන්න එකයි. ඒකට ලේසියෙන්ම එයාලව රිමූ කරන්න පුලුවන්. නැත්නම් එයාලව තියාගෙන අපිට පොරවල් වෙන්නත් පුලුවන්. මේක ලේසියෙන් මතක් කරගන්න හැකි එකක්.. අපට ඒ කවි පෙනෙන්නේ අපි ඒ කවි සමාජ වල ඉන්න නිසා සහ එය නියෝජනය කරන නිසා. නැත්නම් ඒවා පේන්න විදියක් නැහ. මේ වනතෙක් ඒවාට අපි උදව් කරලා. ඒ විදියට බැලුවත් මෙහෙම ලියන්න බෑ.. ඉතිං කවි අතර වෙනස්කම් තබා කවියන් අතර ද වෙනස්කම් තැබිය යුතුම නම් ඒ කියන්නේ වෙන්කරගත යුතුම නම් ලියන්න...

@BLive


කිවුව වෙලාව- 2010-08-18 05:10:43
Supipi Meedeniya මෙහෙම කියනවා :
@subhashag,

විශේශයෙන් බ්ලොග් අවකාශේ අපූරුවට කවි ලියන විශාල පිරිසක් ඉන්න බවත් මතක් කරන්න කැමතියි..

KOHEDA INNE
KOYI BLOG WALADA?
KIYANDA BALANADA


කිවුව වෙලාව- 2010-08-18 03:00:05
Nihanda Nireekshaka මෙහෙම කියනවා :
meka me kiyala thiyana siyaluma karana me munu poth gotha karume asse wena dewal thama

gon kawiyangen apata wadak naha
ude hitan ra wenakal kawi liwuwa kiyala katawat kawi liyanna purudu wenne naha

liyana ekek kiyawanna one
kiyawanawa = reading

gon harak wage facebook asse kiyo kiyo kalaya kanne nathuwa pothak pathak kiyawala honda kawi kiyawala, aththatama kaviyak liyanna "inner-need" ekak awahama liyanna one

mona magulatada oooyi thun welata kawi liyanne?
pissuda?

shrama waguruwala hamabakaragena kana samanya minissunata mehema thun welatama kawi liya liya chater wenda welawak thiyanawada?

nikan kaka inna sawkiriyanta nam ehema puluwan.
ehema ewunta kohenda kawi liyanda athdakeem?

bus ekaka kochchiyaka noyana, maha polowe nathuwa syber ahase bambu gahana sewalayanta MONA KAWIDA ooooyi????


කිවුව වෙලාව- 2010-08-18 02:45:49
subhashag මෙහෙම කියනවා :
නවක කවියෝ හැමෝම කුකවියෝ කියන එක නෙමෙයි වීරයා කිව්වේ කියලා මම හිතනවා . .

ඇත්තෙන්ම බැරි මරගාතේ හරි කවි දිගට දිගට ලියන එකෙන් තමයි කවද හරි හොඳ කවියෝ බිහි වෙන්නේ කියලා මම හිතනවා . .

ඒත් කෙනෙක් කිසිම කවි රසයක් නැති දෙයක් ලිව්වහම ඒක රස නෑ නොකියා එල, මාරයි, පට්ට කිව්වම ඒ කෙනාගෙන් හොඳ කවියෙක් බිහිවෙන එක වෙන්නේ නෑ කියලයි මට හිතෙන්නේ . . .

යලිත් වරක් නවක කවි ලියන හැමෝම කුකවි නෙමෙයි කියලා වීරයා හිතුවා වෙන්න ඇති කියලා යි මම ලයික් කලේ කියලා ත් මම කියන්න කැමතියි . .

විශේශයෙන් බ්ලොග් අවකාශේ අපූරුවට කවි ලියන විශාල පිරිසක් ඉන්න බවත් මතක් කරන්න කැමතියි


කිවුව වෙලාව- 2010-08-18 02:40:02
KP මෙහෙම කියනවා :
ගෙවල් වල වැඩක් නැති ගෑණුයි, පැන්ශන් ගිය පෙම්වත්තුයි, පැනියොයි, ඩිස්ට්‍රෙස් වුන ඩැම්සෙල් ලයි මෝඩ චූන් ගන්න එක තමයි මූනු පොතේ කවි කියන්නෙ. ඔයා මාරයි අයියේ, නන්ගො, අක්කියෝ, මාමියෝ නැන්දියෝ..මීට වඩා ලස්සන කැලෑ පත්තර ලියනවා අකුරුත් හරියට බැරි ගොඩයො.

කිවුව වෙලාව- 2010-08-17 21:47:07
Wanigasekara මෙහෙම කියනවා :
haffata siri me katha wasthuwath
පට්ට...
මැක්සා...
පිස්සු කොර...
එළ කිරි..
මාර ගති...! yako


කිවුව වෙලාව- 2010-08-17 03:05:20
Lemon Puff මෙහෙම කියනවා :
ado oya munu kaviyanta ohoma karanda epa veeryo. okun upawasa karayi facebook handiye... ubata thama watura powanda wenne..
paw paw..
ohoma yanda arapalla..


කිවුව වෙලාව- 2010-08-17 03:02:06
ගිගිර මෙහෙම කියනවා :
ඔය පුස්තකේ කවි නම් දැන් ගඳ ගහනවා තමයි ඕං. ඔය ලියන කවි හරි ෂෝක් කියල හිතන ඈයොන්ට පට්ට..මැක්සා තමයි ඕං....!

කිවුව වෙලාව- 2010-08-17 02:58:27
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වීරයාගෙන් තවත් වියමන්
පොත්
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
වෙනස්
මෛත්‍රී
පොත්
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
වෙනස්
ඉනිමං නැති අපි
වෙනස්
නාලන්ද සර්පයා දුටුවාද?
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook