Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අජිත් තිලකසේනගේ කෙටි කතා| නූතන ලංකා ඉතිහාසයේ කැඩපතක්
බූන්දි, 01:56:47
මෙම කෙටි ලිපියේ අරමුණ අජිත් තිලකසේනගේ නිර්මාණ පිළිබඳව පුළුල්ව සකසා බැලීම නොවේ. ඊට වෙනස් ලෙස අජිත්ගේ කෙටිකතා නිර්මාණ සරණියෙන් සංයුක්ත වන මෑත ඉතිහාසයේ සමාජ සංසිද්ධි පිළිබඳව යම් ප්‍රවාදගත කිරීමකටම පමණක් මෙය සීමා වෙයි.

අජිත්ගේ පළමු කෙටිකතා එකතුව ''සතුරෝ'' එළි දැක්වෙන්නේ 1960 දී. මෙහි නිර්මාණ සමස්තය තුළ ඊනියා නිදහසේ මැකී යන දෝංකාරයත්, 1956 සංස්කෘතික පුනර්ජීවනයේ සෙවනැල්ලත් පැහැදිලිව දකින්න පුළුවන්. උග්‍ර අපේක්ෂා භංගයක, නිස්සාරත්වයක, පරාරෝපණයක රිද්මය එහි අනුභූතීන් තුළ හෝ තාක්ෂණික භාවිතය තුළ අපට දකින්නට නොහැකිය. සුසාධිත යථාර්ථවාදි තාක්ෂණයක් තුළ සිට නූතනවාදයේ යම් යම් පදාර්ථ උකහා ගැනීමකුයි එහි තිබෙන්නේ. ඔහුගේ දෙවන කෙටිකතා එකතුව ''පිටුවහල් කර සිටිද්දී''. එය ප්‍රකාශයට පත්වන්නේ 1964 දී.

අපේක්ෂා භංගත්වය, පරාරෝපණය මෝරා එන සමාජ දේහයක් මෙම නිර්මාණ සරණියේ අනුභූතීන්ගෙන් අපට ඉදිරිපත් කෙරෙනවා. ඊට සාපේක්ෂව ඔහුගේ සුසාධිත යථාර්ථවාදීබව නූතනවාදයක් මගින් විස්ථාපනය කෙරෙමින් තිබෙනවා.

ඔහුගේ තෙවන කෙටිකතා එකතුව ''සුන්නද්දූලි'' එය පළවනුයෙ 1970 දී. ''සුන්නද්දූලි'' තුළ දී ''පිටුවහල් කර සිටිද්දී'' තුළ මෝරා එමින් තිබූ පරාරෝපිතතාවේ බිජුවට පුපුරායාමක් දකින්න පුඑවන්. අජිත්ගේ නූතනවාදයේ සුරතාත්තය''සුන්නද්දූලි''. බෞද්ධ - වික්ටෝරියානු සදාචාර පූට්ටුවට මාරාන්තික අතුල් පහරක් මෙම නිර්මාණ එකතුව තුළ දකිත හැකිය.

මෙහි එන ''සුන්නද්දූලි'', ''දිදුලන අලුත් ලෝකයක්'' කෙටි කතා ඊනියා ඛෞද්ධ කුහකත්වයට එරෙහිව ගුණදාස අමරසේකර, සිරි ගුණසිංහ, සිරිල් බී පෙරේරා, ටෙනිසන් පෙරේරා වැන්නන් පුරෝගාමිත්වය දුන් සාහිත්‍ය ප්‍රවණතාවේ කූට ප්‍රාප්තියක් සලකුණු කරනවා. සිය මනස තුළ හොල්මන් කරන ලිංගික විරෝධී ඊනියා බෞද්ධ කුණු කන්දල් නිසා නෂ්ඨකාමයෙන් පෙලෙන සිරිනාග, ඔහුව ප්‍රබෝධ කරන්නට බාබරා ගන්නා අපරිමිත වෙහෙස, හිසට ඉහළින් අවලම්බනය වූ මැටි බුදු පිළිමය, කෝප ගැන්වුණු බාබරා අතින් එය ''සුන්නද්දූලි'' වීම සහ ඉන් අනතුරුව සිරිනාගගේ පුරිස් කය ඍජුවීම ආදී සන්තතිය තුළ අපට මෙම කුහක සදාචාරයට එරෙහි නූතනවාදී කැරැල්ලේ ආවේශය දකිත හැකිය. මෙහි ''සුන්නද්දූලි'' වන්නේ බුදු පිළිමයක්. කතාව ලියවෙන්නේ 1967 දී. පළවන්නෙ 1970 දී. 1971 දී තමයි මාර්ටින් වික්‍රමසිංහ මහත්තයට බම්බු ගහන්න කියලා තරුණයො ආයුධ අතට ගන්නෙ.

මෙහි ම එන ''දිදුලන අලුත් ලෝකයක්'' ලියවී තියෙන්නෙත් 1967දී. අහිමි වු තාරුණ්‍යය විෂයය කරගත් මේ කතාවත් ලිංගික පරාරෝපණය කේන්ද්‍ර කරගත්තක්. යථෝක්ත කතා දෙකම අවසන් වෙන්නෙ ඍජුවු පුරුෂ ලිංගයන් ගැන සඳහන් කිරීමෙන්.

''අරේ කැඩිච්ච බිදිච්ච ආම්පන්නත් තව තවත් සුන්බුන් ඔක්කොමත් එකතු කරලා තියෙන්නෙ බුද්ධ රූපයක් හැඩේට''.

''මම නොකිව්වට මෙතන බොහොම අප්‍රිය දේවල් තියෙනව මම දන්නව''.

''තුන්මංහන්දිවල ආසන පනව ගෙන බන කියන උං - අර අර උංව උංව''

''ඔව් වොව් වොව්?'' ''ලයිට් කනුවල එල්ලමු''.

''කතා ඇති නොවෙන්ඩ හින්ද දොරවල් වහගන්ඩ ඕන්නෑ එතකොට''.

''අනේ අර! අර! ගහකින් කොලයක් වැටෙනවා!''

''එක තමයි! එක තමයි!''

''අරේ අවුල් ජාලය පැත්තෙ - බුබ් බුබ් - අරේ බලන්ඩ - ගස්වලට උඩින් - බුබ්බුලාකාර..........''

''එක තමයි! වාසනාවට වගේ ඒ පැත්තට අන්ධකාරයක් හමාගෙන යනව. අන්ධකාරෙට පුලුවන් හැම දෙයක් ම මකලා දාන්ඩ''.

''ලෝකයක්! අනේ ලෝකයක් ! දිදුලනව! මන්මත් කරවන ලෝකයක්''

''මනස්කාන්තයි!.

''ලෝකයක් අනේ ලෝ ...ා්...ක...ය...ක්''.

චන්ද්‍රසේන කෙදිරිගෑවේ ශරීරයේ ගැඹුරු කුහරවල සිට මිරිකී එන හඬකින්. අලුත් ලෝකය වෙත හට ගත් අනුරාගය නිසා දෙන්නාගේ ම අංගජාත කෙලින් වී තිබුනා.

-දිදුලන අලුත් ලෝකයක් : සුන්නද්දූලි පි. අ. 72,73: 1970,1967


මීට අමතරව මෙහි එන ''විසාල ලෝකෙ මේ'' කෙටිකතාව පෙම් කිරීමට තැනක් නැතිව ඉබාගාතේ යන තරුණ යුවළක් විෂය කර ගන්නවා.

''ඉස්සරහ ලැහැබ දිහා අපේ ඇස් දැවටුනා. එහාට යන්ඩ අපි හිතුවා විතරයි.''

''පොලිසියෙන් කඩන් පැන්නා. කොහේ ඉඳල ද මන් දන් නෑ''.

''අපි ආගිය තැන්, උන් හිටි තැන් අහන්ඩයි. කල දේ නොකල දේ හාරන්ඩයි. අපිට ඉඩක් නැද්ද විසාල ලෝකෙ මේ? අපිට තියෙන්නෙ වෙන් වෙලා ම ඉන්ඩ ද? එක්වීමක් නැතුව? කැරකි කැරකි - පරන වෙවී - ඉරයි හඳයි වාගේ...''

විසාල ලෝකෙ මේ- 1968
සුන්නද්දූලි, පි. අ.95, 1970


මෙහි එන රූපාන්තරණය නම් කතාව කෆ්කාගේ කුරුමිනියකු කරා වන රූපාන්තරණයට වෙනස් ලෙස මිනිසෙකු කෝච්චියක් බවට රූපාන්තරණය වීමකින් අහවර වෙනවා. පරාරෝපණය, ඒකලනය සාන්ද්‍රගතවු සමාජ දේහයක පිළිබිඹූවක් එතුළත් දකින්න පුඵවන්.

''මොකක්ද මේකෙ තේරුම'' අවරෝධී ලිංගිකත්වයකින් හෙබි පුද්ගලයෙක් කෙන්ද්‍ර කොට ගත්තක්. පරපීඩාකාමී දර්ශනාස්වාදයක් - ස්වයං පීඩාකාමී ස්වයං මෛථුන්‍යයත් අතර සහසම්බන්ධය එහි නිරූපණය වෙනවා.

''පිටුවහල් කර සිටිද්දී'' තුළින් අජිත් එළඹුනු පරාරෝපණය, ලිංගික පීඩනය යන ලක්ෂණයන් වඩාත් විවිධාංගී කරණයට හා විස්තෘත බවට ලක්වීමක් ''සුන්නද්දූලි'' තුළ දකින්න පුලුවන්.

ඔහුගෙ ''රාත්‍රියේ පුර්ව භාගය'' කෘතිය තුළ එන්නෙ 1971 කැරැල්ල පසුබිමේ හා ඒ අශ්‍රිතව ලියවුණු නිර්මාණ කිහිපයක්.

අජිත්ගේ මීට පෙර කෘතිවල එක්තරා උත්තරාරෝපිත යුද්ධයක් (මෙය ලෝරන්ස්ගෙන් නැත්නම් බටහිර සාංදෘෂ්ටිකවාදයෙන් ණයට ගත්තක්, සයිමන් ''සංසාර ආරණ්‍යයේ....'' තුළ ලාංකීය න්‍යෂ්ටික පවුලේ උත්තරාරෝපණය පවා බටිති යුවල අපේ ආගමික උත්තරාරෝපණය දක්වන කාකු බෝධි පැලයක දෙබලෙහි කූඩුව සැදීම මගින් ධ්වනි කරනවා. අජිත් සයිමන්ට සාපේක්ෂව උත්තරාරෝපණයේ ගොදුරක්.) දකින්න පුඑවන්. එහෙත් 1971ට පසු අජිත් ලියු කෙටිකතාවල දක්නට ලැබෙන්නෙ ඒ සම්භාව්‍ය උත්තරාරෝපිත යුද්ධය වෙනුවට තරුණ ගරිල්ලා කැරලි. එය පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණේ අරගලයේ පිළිබිඹුවක්. ඉන් පෙර අජිත් ලියූ කෙටිකතාවල තිබුණු ශුභවාදී අරගලකාරීත්වය වෙනුවට ''රාත්‍රියේ පූර්ව භාවය'' තුළ දක්නට ලැබෙන්නේ අශුභවාදීත්වයක්. ''රාත්‍රිය'', ''රුද්‍ර රාත්‍රිය'' වැනි නාමකරණයේ සංඝටක තුළ ද ඒ පරාජයේ අඳුර කැටිවී තිබෙනවා.

මෙම එකතුවේ එන කෙටි කතා දෙකක් ම තරුණ කැරැල්ල පසුබිම් කරගන්නවා. (''දරුවකු නැතිව ලතැවෙන ගැහැණියක්'', ''රුද්‍ර රාත්‍රිය'') මායාමය ගැබ් ගැනීමක්, ස්වයං වංචාකාරී තිඹිරි ගෙයක් හා ප්‍රසවයක්, බඩේ ඔතාගත් පාංකඩ පොදියක් තුළින් අජිත් 71 තරුණ කැරැල්ල චිත්‍රණය කරනවා.

මෙසේ අජිත්ගේ කෘතීන් තුළ නව ලෝකයක් පිළිබඳ ප්‍රාර්ථනාව විශද වෙනවා. නෂ්ඨකාමය, නිර්මදතාව, වඳ බව, ගැබ් ගැනීම ආදී සියල්ල හුදු පුද්ගල තලය ඉක්මවු සමාජීය අරුත් අජිත්ගේ කෘතීන් තුළ නංවනවා. ආත්ම කේන්ද්‍රිය නූතනවාදී කලාව සහ ජවිපෙ ජනතාවාදය අතර ප්‍රතිවිරෝධය මාලන් නම් කවියාගේ කවිවලට ගිනි තැබීම, හා ඔහුගේ දිවිනසාගැනීම තුලින් පිළිබිඹු වෙනවා.

''මම මමට මමගෙ මමගෙන්. කොහොමද වර නැගිල්ල?''

රුද්‍ර රාත්‍රිය, 1971: රාත්‍රියේ පූර්ව භාගය- 1976
පි. අ: 33


''සුබ රාත්‍රියක් අහවරයි'' කෘතිය තුළ අපට දකිත හැක්කේ නූතනවාදී මුනිවරයෙක්. අරගලය, ශුභවාදීබව, අපේක්ෂා භංගත්වය, අශුභවාදය ඉක්මවා උපේක්ෂාව, පරිණත බව ආධිපත්‍යය දරනවා. මෙම කෘතිය ප්‍රකාශයට පත් වන්නේ 1986 දී, පරාරෝපිත තරුණ ජීවිත පිළිබඳ අජිත්ගේ සමාජය හඳුනා ගත් ප්‍රකාශනය වු ධර්මසේන පතිරාජගේ ''පාර දිගේ'' සිනමා කෘතියෙන් පසුව සහ 1977ට පසුව. 1977න් ඇරඹුනු නව අර්ථික, සංස්කෘතික හා සමාජ වාතාවරණය ඔහුගේ මෙම කෘතිය තුළට ඍජුව බල නොපෑවත් ඉන් සසල වුණු සහ කෝප ගැන්වුණු අජිත් කෙනෙක් අපට ඔහුගේ මතවාදී ප්‍රකාශන තුළ හඳුනා ගත හැකියි. (විනෝදයයි වින්දනයයි-1982, සංස්කෘතික කාන්තාරයක් කරා - 1987)

''සාදය'', ''වන්දනාව'' කෘතීන් 1977 විවෘත ආර්ථිකය, ප්‍රේමදාස පාලන සමය, 1989 තරුණ සංහාරය, එල්.ටී.ටී.ඊ අරගලය දක්වා ලඝු වී ගිය ද්‍රවිඩ ජාතික විමුක්ති අරගලය, පෙරෙස්ත්‍රොයිකාව හා ඒ ආශ්‍රිත ලෝක විපර්යාසයන්, නූතනවාදය වෙනුවට පශ්චාත් නූතනවාදයේ හා පශ්චාත් යටත් විජිත කතිකාවේ නැගීම, ක්ෂුද්‍ර තාක්ෂණයේ (ක්ෂුද්‍ර තාක්ෂණය පිළිබඳව දැනුවත් වු පළමු ලංකීය ලේඛකයා අජිත් - ''මල් වැනි ගල්'' උප ග්‍රන්ථය) හා නව පාරිභෝගික සංස්කෘතියේ නැගීම වැනි සිදුවීම් තුළ සංයුක්ත වෙනවා.

මේ කෘතීන් දෙකේ දි තමයි අජිත් ගැන ඇස් කන් නැතිව සිටි වුන් අජිත් ගැන ඇස් අරින්න පටන් ගන්නෙ. එහෙත් මේ තුළ දක්නට තිබෙන්නෙ අජිත්ගෙ පල්ලං බැසීමක්: නිර්මාණාත්මකව දියාරුවීමක්. ඔහු මේ කෘතීන් තුළ දී අමුතු මතවාදී අපගමනයකට යන්නේ නෑ. ඒත් මිනිසුන් අමතන්න උත්සාහ කරනවා. ඒ අතින් ඒවා සාර්ථක වෙන්න අති. එහෙත් එතැනින් තමා ඔහුගෙ බංකොළොත්කම පටන් ගන්නේ.

සාන්ද්‍රපුද්ගල අනුභූතීන් වෙනුවට සමකාලීන සමාජ සංසිද්ධීන් කරා, හුදු නාගරික පසුබිමෙන් ගම කරා, බටහිර නූතනවාදයෙන් අපේ ජනවහර හා බෞද්ධ සාහිත්‍යය කරා හැරීම සාධනීය ප්‍රවනතාවන් ලෙස දකින්න පුඵවන්.

''සාදය'' කෘතිය තුළ ප්‍රේමදාස පාලන සමය කෙරේ ඍජු විරෝධය ''රක්තාක්ෂි'' වැනි කතාවක දකින්න ලැබෙනවා. 1989 භීෂණ සමය පසුබිම් කොටගත් ''නික්මන'' කෙටි කතාව අවසානයේ ගම් බිම් හැර යන්නන් සිටින දුම්රියෙහි පෙට්ටියක මසට ගෙන යන හරකුන් වගයක් සිටින වගත්, එහි උන් ගැබ්බර දෙනක පෙට්ටිය තුළදී පැටවෙකු වැදූ බවත් සඳහන් කෙරෙනවා. ''වන්දනාව'' කෙටි කතා සංග්‍රහයේ එන ''අව අටවක් පෝයදා සිද්ධිය'' තුළ එන පුනරුත්පත්තිමය පිළිසිඳ ගැනීම තුළ ද එසේ ම අජිත්ගේ අපරාජිත ශුභවාදිත්වය හා නව ලෝකයක් පිළිබඳ ප්‍රාර්ථනාව ගැබ් වෙනවා. විලැඩිමීර් නබකොව් සේ ම කලාවේ සමාජ කාර්්‍ය භාරය යන්න එකහෙලා අජිත් ද පිළිකෙව් කරතත් ඔහුට ද තම අඩස්සියේ තම කෘතීහු තබා ගත නොහෙන බැව් විශද වේ.

1956 සංස්කෘතික ප්‍රබෝධයට අපරව හා පේරාදෙණි ගුරුකුලයට ද, තරුණ අරගලයට ද සමාන්තරව කුඵ ගැන්වුණු අජිත්ගේ නිර්මාණ භාවිතාව පසුකාලීන සමාජ සංසිද්ධි හා වාතාවරණ තුළදී නිර්මාණාත්මක අවගමනයකට ලක් වෙනවා. නමුත් සිය තාරුණ්‍යයෙන් සමුගත් අජිත් මුනිවරයකු දයාබර පීතෘවරයකු ලෙස ට තාරුණ්‍යයේ ලසෝරාවය කෙරේ වන සංවේදී බවින් යුතුව අපරාජිතව නැගී සිටිනවා. කලින් කලට පාපොච්චාරණය කරන, නාකි වෙනකොට භාවනා කරන, තරුණයන් වෙත මැඩගත් ඉරිසියාවෙන් නලියන කලාකරුවන්ට, බුද්ධිමතුන්ට ප්‍රතිපක්ෂව අජිත්ගේ නිර්මාණ භාවිතාව ඊනියා නිදහස් ලාංකීය ඉතිහාසයේ කැඩපතක් ලෙස ඉස්මත්තට එනවා. මහා පරිමාණ ටෙලි නාටක තුළ සම්භාව්‍ය ඉතිහාස සංසිද්ධි ඇන්ටික් සාප්පු බවට නැංවීමෙන් කිසිවකුට ඊට අලගු තැබිය නොහැකියි. සමාජ පෙරළි ආශ්‍රිත සමීක්ෂණ වාර්තා කප්පරක් නවකථා ලෙස අපනාම ගන්වා ඉදිරිපත් කළත් විහිඵවකට එහා දෙයක් නොවේමැයි. දීප්ති කුමාර ගුණරත්න කිවු ලෙස ම සෑම විශිෂ්ට කලාකරුවෙකු ම විවරණය කර අත්තේ ජීවිතයෙන් අංශු මාත්‍රයකි. දොඩං ගොඩ බදා ගන්නා කලාකරුවන්ට එරෙහිව දීප්ති ලාංකීය නිදසුන් ලෙස ''සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන සහ මයිකල් පෙරේරා පමණියි'' අවධාරණය කළේ ය.(යාත්‍රා)

ටෙනිසන් පෙරේරාගේ ''සක්වල දඩයම'' කෘතිය පුරාම ලේ ගලා යයි. එහෙත් සයිමන්ගේ ''සංසාර ආරණ්‍යයේ දඩයක්කාරයා''හි ලේ ගලන්නේ කන්‍යාවගේ කන්‍යා පටලය බිඳෙන තැනදී පමණි. අජිත්ගේ නිර්මාණ සමස්තය තුළ ම එසේ රුහිරු වහනය නොවෙයි. ඒ වෙනුවට නහර තුළම නටන, රත්වන, සිසිල් වන, ගැහෙන ගලන රුධිරයම අපට අභිමුඛ වෙයි. වියුක්ත අධි යථාර්ථවාදයක් වෙනුවට විලැඩිමිර් නබකොව්ගේ, වෝල්කර් ෂොලන්ඩ්‍රොප්ගේ වන් පාරභෞතික අති යථාර්ථවාදයක් ඔහුගේ කෘතීන්ගෙන් පැන නගින්නේ එහෙයිනි. නූතන ලංකා ඉතිහාසයේ කැඩපතක් බවට ඔහුගේ නිර්මාණ පත් වන්නේ ද එහෙයිනි.

(වැඩිදුර කියවීමට - ''අජිත් තිලකසේන- ලාංකීය සාහිත්‍යයේ යතුර නැතිවූ කෝෂ්ඨාගාරය'')
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- K.K. Saman Kumara on Ajith Thilakasena and his works
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
කසිප්පු මෙහෙම කියනවා :
සමන් අයියා මේවා නෙමෙයි ‍නවකතා ගැන හොද සංවාදයක් පටන් ගන්න.

කිවුව වෙලාව- 2010-08-19 11:54:42
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.කේ. සමන් කුමාර [සර්පයා]ගෙන් තවත් වියමන්
කවි
නගා මැරූ අල....
වෙසෙස්
ඉඳුරුදැලියාගේ සමුගැන්ම
කවි
සසර අරණේ මුනිවරයා
අදහස්
බොල බූරු පුතේ දුක සෝකා ඉතින් ඉවසන්
පොත්
සර්පයාගේ දියණිය- මනෝවිශ්ලේෂණාත්මක සහ සංඥාර්ථවේදී කියවීමක්
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook