Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පැන බූන්දි
පැන බූන්දි | 021
1. පහත දැක්වෙන ඉපැරණි සිංහල සාහිත්‍ය කෘති රචනා කළෝ කවුරුන්ද? ඒ ඒ කෘතිය අයත් වන ඓතිහාසික සාහිත්‍ය යුග කවරේද?

[a] ලෝකෝපකාරය [b] දහම් ගැට මාලය [c] සුභාෂිතය [d] සැවුල් සංදේශය [e] සියබස් ලකර

2. සිංහල සාහිත්‍යාවලියේ සෑම කෘතියක් ම පාහේ ඇරඹෙන්නේ බුදුන් දහම් සඟුන් නමදිමිනි. එහෙත් ඊට පටහැනි ලෙස මුල්ම වරට ජේසුස් ක්‍රිස්තුස් සිහි කරමින් ඇරඹෙන සිංහල කාව්‍ය සංග්‍රහය කුමක් ද? එය ලීවේ කවුරුන්ද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Boondi මෙහෙම කියනවා :
Correct Answers-
1.
[a] තොටගමු විහාරවාසී ''රණස් හල්ලේ'' හිමි. එය සිංහල උපදේශ කාව්‍යාවලියේ දීර්ඝතම කාව්‍යයයි. පද්‍ය ගණනින් 238කි. නුවර යුගයට අයත්ය.

[b] කතෘ අවිනිශ්චිතය. කෝට්ටේ යුගයට අයත්ය. ප්‍රහේලිකා කවි ලෙස හැඳින්විය හැකි කවි සංග්‍රහයකි. අම්බලමේ පිනා පිනා බඳු අදටත් අප අතර ප්‍රකට කවි දහම් ගැට මාලයෙහි අන්තර්ගතය.

[c] සියනෑ කෝරලයේ හිස්සැල්ල ගමෙහි උපන් අලගියවන්න මොහොට්ටාල (මුකවැටි) මේ උපදේශ කාව්‍යය රචනා කළේය. පද්‍ය සියයකින් යුතු වෙයි. සීතාවක සාහිත්‍ය යුගයට අයත්ය.

[d] සීතාවක යුගයේදී අලගියවන්න මොහොට්ටාල (මුකවැටි) විසින් රචනා කරන ලද සිංහල සංදේශාවලියේ අවසන් සංදේශය ලෙස ගැණෙන කෘතියයි. සීතාවක රාජසිංහ සහ සසුන රැක දෙන ලෙස සබරගමුවේ මහ සමන් දේවාලයේ සමන් දෙවිඳු වෙත සැවුලෙකු අත යැවුන කවි අස්නකි.

[e] අනුරපුර යුගයේ ක්‍රි.ව. 915-924 කාලයෙහි රජ කළ පස්වන කාශ්‍යප හෙවත් කලු අබා සලමෙවන් විසින් මේ ගත ලියන ලදැයි සැලකෙයි. කාව්‍යමය ලක්ෂණ පෙන්වන ඉපැරණිතම කෘතියකි.

2.
කොන්ස්තන්තීනු හටනයි. අලගියවන්න මුකවෙටි විසින් රචිතය. මේ පොත ලියන කාලය වන විට කවියා කිතු දහම වැළඳගෙන සිටි අතර සිංහල රජුන්ගේ උදහසට ලක් ව සිටි ඔහු කොන්ස්තන්තීනු ද සා සෙන්පතියාගේ අනුකම්පාව ලබා ගැනීම පිණිස මෙසේ රචනා කළ බව කියැවේ.

බර කර අරුත මෙන
වෙනස් නොමපෑ පව තින
පිතු පුත් වීදි යන
තෙවක් එක් සුර වඳිමි අදරින

මෙත් ගුණ පිරි නඳුන්
වඳිමි ජේසු ක්‍රිස්තු සමිඳුන්
කන්නිමරි කුසයෙන්
පහළ සුරිඳුන් වඳිමි බැතියෙන්

-කොන්ස්තන්තීනු හටන


කිවුව වෙලාව- 2010-09-20 21:31:19
Manik මෙහෙම කියනවා :
[c] සුභාෂිතය
ALAGIYAWANNA MUKAWETTI

[d] සැවුල් සංදේශය
THOTAGAMUWE SIRI RAHAL HIMI

[e] සියබස් ලකර
KING SIRI PARAKUMBA


කිවුව වෙලාව- 2010-08-30 23:38:13
Alwis මෙහෙම කියනවා :
2. Kusthanthinu hatana

I think that s correct. this is by alagiyawanna mukaweti. I have that poem will put that here later.


කිවුව වෙලාව- 2010-08-26 21:19:52
Sujeewa මෙහෙම කියනවා :
1. [c] [d] Alagiyavanna Mukawreti?

2. Kusthanthinu hatana??

Not sure. Twenty years ago I wud have answered much better. Past 20yrs was spent with "Batahira Kristhiyani Greeka Yudev" ppl. You know.


කිවුව වෙලාව- 2010-08-25 23:03:17
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් පැන බූන්දි
පැන බූන්දි | 037
පැන බූන්දි | 036
පැන බූන්දි | 035
පැන බූන්දි | 034
පැන බූන්දි | 033
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook