Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
"ජනතාවගේ මාර චූන් එක මෝඩ චූන් එකක් බවට පත් වෙන දවස ඉක්මනින් ඒවි!"
-ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.
[දේශපාලන විද්‍යා අංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය]
බූන්දි, 02:47:23
• 18 ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයකුගේ ධුර වාරයන් පිළිබඳ සීමා අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් එක්ක තේරුම් ගන්නේ කොහොමද?

ප්‍රධාන කාරණය තමයි. 78 ව්‍යවස්ථාව තුළ ස්ථාපිත කරලා තියෙන 'විධායක ජනාධිපති' ධුරයම ප්‍රතිගාමී වීම. ඒ තනතුරම ප්‍රජාතන්ත්‍ර විරෝධී වීම. මේ සම්බන්ධ මූලික කාරණා දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි 78 ව්‍යවස්ථාව තුළ ගොඩනැගිලා තියෙන ජනාධිපති ධුරය පාර්ලිමේන්තුවට වග කියන එකක් නොවීම.

අනික තමයි මේ ජනාධිපතිධුරය නඩු පැවරිය නොහැකි එකක් වෙලා තිබීම. ජනාධිපති ධුරයේ පවතින අසීමිත ආඥාදායකත්වය පැහැදිලි කරන්න ඒ කාරණය වුණත් ප්‍රමාණවත්. ජනාධිපති පාර්ලිමේන්තුවට වගකියන්නේ නෑ කියන එකේ තේරුම තමයි, දේශපාලනික හේතු මත විධායකය වෙනස් කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට අහිමියි කියන කරුණ. දේශපාලනික හේතු මත කියන්නේ. විසර්ජන පනතක් සම්මත කරලා හෝ විශ්වාසභංග යෝජනාවක් සම්මත කරලා හෝ ජනාධිපතිට බලපෑමක් කරන්න පාර්ලිමේන්තුවට බෑ කියන එක. ඔහු පාර්ලිමේන්තුවනට වග නොකියනවා කියන්නේ ඒකයි. ඒ කරුණ මත ජනාධිපතිධුරය ඒ නිල කාලය තුළ අනිවාර්යයෙන් ස්ථාවර වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක තිබිය යුතු මූලික ලක්ෂණයක් තමයි විධායකය පාලනය කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකයට හිමිවෙලා තිබීම. එහෙත් 78 ව්‍යවස්ථාවේදී ඒ කාරණය සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා.

දෝෂාභියෝගයකින් ජනාධිපති ඉවත් කරන්න පුළුවන් කියලා තිබුණත් ඒක ප්‍රායෝගිකව සිදු කරන්න බෑ. ඒ නිසා ඒක නිකම් සැරසිල්ලක් විතරයි. අනෙක් කරුණ තමයි, ජනාධිපතිට විරුද්ධව සිවිල් හෝ අපරාධ නඩු පවරන්න බැරිකම, ඒක ඉතා බරපතළ කරුණක්. මොකද එතැනින් සංඥා කෙරෙන්නෙ ජනාධිපති නීතියට යටත් නෑ කියන කරුණ. එතනින්ම ජනාධිපති ක්‍රමයට විශේෂ බලයක් ලැබෙනවා. මොකද එයින් පැහැදිලි වන්නේ, ජනාධිපතිධුරයේ කටයුතු අධිකරණයට විෂය වෙන්නෙ නෑ කියන එක. ඒ කරුණු අනුව තමයි මෙරට විධායක ජනාධිපතිධුරය සතු ආඥාදායකත්වය හොඳින්ම පැහැදිලි වුණේ. එහෙත් ඒක යම් ආකාරයකට සීමා කරලා තිබුණා. මේ වාර දෙකේ විධි ක්‍රමයත් එක්ක. කෙසේ නමුත් මේ ක්‍රියාමාර්ගයත් එක්ක ඒ තුළ තිබුණු සීමිත ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂනයන් පවා අහිමි වෙනවා.

ඉස්සර නම් කැබිනට් ක්‍රමය යටතේ පාර්ලිමේන්තුව විසුරුවාට පස්සෙ භාරකාර ආණ්ඩුවක් පිහිටුවනවා. එතකොට මැතිවරණයක් පවත්වනවා නම් පවත්වන්නේ ඒ භාරකාර ආණ්ඩුව යටතේ. භාරකාර ආණ්ඩුවක් කියන්නේ කිසිම බලයක් නැති. අපක්ෂපාතී එකක් වීම නිසා පොලීසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය වගේ ආයතන ඒ තුළ ස්වාධීන වෙනවා. 78 ව්‍යවස්ථාව තුළ තියෙන ප්‍රශ්නය තමයි ජනාධිපතිවරයකු යටතේ මැතිවරණ පවත්වන්න සිදුවීම. මේ ජනාධිපති යටතේ තමයි පොලීසිය තියෙන්නෙ. රාජ්‍ය සේවය තියෙන්නෙ. මැතිවරණ දෙපාර්තමේන්තුව තියෙන්නෙ. ඒ විතරක් නෙමෙයි සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම තියෙන්නෙ ඔහු යටතේ. ඒ අනුව බලයේ ඉන්න ජනාධිපතිවරයාට පුළුවන් ඒ රාජ්‍ය යාන්ත්‍රණය පාවිච්චි කරලා නිසැක වශයෙන්ම දෙවැනි වතාවටත් ජනාධිපති වෙන්න. ඒ අනුව 78 ව්‍යවස්ථාව හදලා තියෙන්නේ ජනාධිපතිවරයකුට අවුරුදු 6ක් ඉන්ඩ නෙමෙයි අවුරුදු 12ක් ඉන්න. ඒ නිසා මේ ක්‍රමය යටතේ නිදහස් මැතිවරණයක් තියන්න බෑ.

පැවති ක්‍රමය තුළ දෙවැනි ධුර කාලය අවසාන යුගය වෙද්දී ජනාධිපති බලයෙන් පිරිහෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල තමයි විපක්ෂයට බලයට එන්න පුළුවන් වෙන්නෙ. මේ තත්ත්වය තුළ අහිමි වෙන්නෙ මෙතෙක් හිමිවෙලා තිබුණ අවම ප්‍රජාතන්ත්‍රවාදී ගතිකයන්. ඒ අනුව මේ තුළ ගොඩනැගෙන්නෙ ඉතා දරුණු තත්ත්වයක්. එය හරියට, පිලිපීනයේ මාර්කෝස්ගේ පාලනය වගේ. ඉරානයේ ෂා රජ්ජුරුවන්ගේ පාලනය වගේ. චිලී රටේ පිනෝෂේගේ පාලනය වගේ. මේ තත්ත්වයේ ආදීනව අපිට ඉක්මනින් දකින්න පුළුවන් වෙයි. දේශපාලන විඥානයක් නැති මේ රටේ ජනතාව මේ ක්‍රමය පිළිබඳ මාර චූන් එකක ඉන්නෙ අද වන විට, නමුත් ඒ චූන් එක මෝඩ චූන් එකක් බවට පත්වෙයි ඉක්මනටම.

• තම ධූර කාලය වසර 4ක් ගිය පසු තමන්ට වාසි අවස්ථාවක් තෝරා අනාගත ජනවරමක් ලබා ගැනීමට ජනාධිපතිවරයා සතු වරප්‍රසාදයත් මේ එක්ක අසීමිත වෙනවා?

ඔව්, මේ යටතේ ඒ නීතියත් වලංගු වෙලා තියෙනවා. එතනින් අදහස් වෙන්නෙ ජනාධිපතිවරයාට වාසිදායක වේලාවක වහාම ඡන්දයක් පැවැත්විය හැකි සූදුවක් වගේ එකක්. මේ ව්‍යවස්ථාව තුළ ජනතා පරමාධිපත්‍යය කියන ලකුණත්වත් නෑ. තියෙන්නේ ජනාධිපතිගේ පරමාධිපත්‍යය. මේ ව්‍යවස්ථාවේ ජනතා පරමාධිපත්‍යයක් තියෙනවා කියලා හිතන එකත් විහිළුවක්. ව්‍යවස්ථාවේ වගන්ති තියෙන්න පුළුවන් ජනතා පරමාධිපත්‍යය පිළිබඳ. නමුත් ඒ කිසිවක් ප්‍රායෝගික නෑ. ජනතා පරමාධිපත්‍යය කියන එක කවමදාවත් විධායකය තුළින් නියෝජනය වෙන්නේ නෑ. එහෙම හිතාගෙන ඉන්න එක බරපතළ වරදක්. ජනතා පරමාධිපත්‍යය නියෝජනය වෙන්නේ ව්‍යවස්ථාදායකය තුළින්. ඉතින් ජනාධිපති ව්‍යවස්ථාදායකයට වග කියන්නේ නෑ කියන එක තුළම තියෙන දේ තමයි ජනතා පරමාධිපත්‍යය නිෂ්ප්‍රභ වනවා කියන එක. ඒ නිසා මේ ව්‍යවස්ථාව දේශපාලන විද්‍යාව තුළින් ගත්තොත් පේන දේ තමයි මේක ජනතා පරමාධිපත්‍යය විහිළුවට ලක් කරන ව්‍යවස්ථාවක් කියන එක. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපති වෙත දීලා තියෙන බලය වුණත් බලන්නකෝ, ඕනෑම වෙලාවක පාර්ලිමේන්තුවට පැමිණීමට සහ පාර්ලිමේන්තුව ඇමතීමට ඔහුට ඇති බලය වුණත් එහෙමයි.

ජනාධිපතිගේ වාර ගණන ඉවත් කිරීම කියන කරුණට ආපහු ගියොත්, ඒ තුළ පාර්ලිමේන්තුවට තවත් විදියක විශාල අභියෝග එල්ල වන බව දක්නට ලැබෙනවා. තුනෙන් දෙකක බහුතරයක් සමානුපාතික ඡන්ද ක්‍රමය යටත් ආපහු ගන්න බෑනෙ කාටවත්, එතකොට තුනෙන් දෙකේ බහුතරය මෙතනදි එන්නෙම අහඹු ව්‍යතිරේකයක් ලෙස. ඒකට හේතුව තමයි රජය ලැබූ යුදමය ජයග්‍රහණය. එහෙම අවස්ථාවක් නොවෙයි නම් තුනෙන් දෙකේ බහුතරයක් තියා සාමාන්‍ය බහුතරයක්වත් ගන්න බෑ මේ ඡන්ද ක්‍රමය යටතේ. දැන් මෙතනදි ලැබුණු තුනෙන් දෙකේ බහුතරය පාවිච්චි කරලා ඔවුන් ජනාධිපති ධුර කාලය පිළිබඳව තිබුණු සීමාවන් ඉවත් කරලා තියෙනවා.

ඉතින් මෙතනදි මොකද වෙන්නෙ? තවදුරටත් මේ ආඥාදායකත්වය සීමා කරන්නවත් පාර්ලිමේන්තුවට ඇති බලයත් නැතිවෙනවා. මොකද ආයෙ වතාවක් තුනෙන් දෙකක බලයක් ලැබීම සඳහා කිසිදු පක්ෂයක් සමත් වෙයි කියලා හිතන්න බැහැනෙ. ඒ නිසා මෙය මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අතිවිශාල හානියක් සිදු කරනවා.

• 18 ව්‍යවස්ථා කෙටුම්පතෙහි සඳහන් කරුණක් තමයි ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුතුයි කියන එක. මේ 'සහභාගීවීම' කියන එක, ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

78 ව්‍යවස්ථාව තුළම පාර්ලිමේන්තුව තුළම පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, වාර ආරම්භ කිරීම, තල් තැබීම ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුවට සහභාගීවීම, එහි මුලසුන දැරීම, පාර්ලිමේන්තුව ඇමතීම, සංදේශ නිකුත් කිරීම මෙන්ම සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සතු සෑම වරප්‍රසාදයක්ම ජනාධිපතිවරයාට හිමිකර දී තියෙනවා. මේ සියලු වරප්‍රසාද හිමි කරගන්නා ජනාධිපති ඒ වරප්‍රසාද කඩකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්නෙත් නෑ. ඔහුට කරන්න බැරි එකම දෙය පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කරන එක විතරයි. ඉතින් මේ කියන මුසාව මහා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් විදිහට දකින්නෙ දේශපාලන විද්‍යාව නොදන්නා අය.

මාස තුනකට පාරක් ජනාධිපති පාර්ලිමේන්තුවට ආවා කියලා එහි ඇති අමුත්තක්වත් වැදගත් කමක්වත් නෑ මේ වගේ වගන්තියක් ඇතුළත් කිරීම තුළ තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම නෙමෙයි ජනතාව මුලා කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් තිබිය යුත්තේ දේශපාලනික කරුණක් මත ජනාධිපති ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට හිමි කරලා තිබීම මේ තුළින් සිදුවන්නේ ඉතා අහිතකර දෙයක් විතරයි. මොකද පාර්ලිමේන්තුව බිය වද්දන්න පුළුවන් ජනාධිපතිට. මේ වගේ කරුණක් මහා ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණයක් ලෙස උඩ දාන එකෙන් පේන්නෙ මේ රටේ දේශපාලනඥයන්ගේ, විද්වතුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේ දේශපාලනික දැනුමේ තරම මිසක් වෙන දෙයක් නෙමෙයි. මේ තත්ත්වය තනිකර ප්‍රෝඩාවක්.

• මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයන්ට එරෙහිව විපක්ෂයේ නිෂ්ක්‍රියභාවය ඔබ කොහොමද දකින්නේ?

මේ වනකොට වර්තමාන ආණ්ඩුවේ කෘත්‍රිම ශක්තිමත්භාවයක් දක්නට ලැබෙනවා. මේ රජය යටතේ ආර්ථීකය ගිනි ගන්නවා. රටේ ආර්ථීකය ඉතාමත් ඉක්මනින් අර්බුදයට යමින් තියෙනවා. නමුත් යුදමය ජයග්‍රහණයත් එක්ක මහින්ද රාජපක්ෂ ලබාගෙන තියෙන ප්‍රතිරූපය ඉතා විශාලයි. මේ තත්ත්වයන් සහ විපක්ෂ නායකයා තුළ තියෙන නිද්‍රාශීලීභාවය සහ ඔහු තම පක්ෂය තුළ පවා ජනප්‍රිය පුද්ගලයකු නොවීම කියන කරුණු එක්ක විපක්ෂය අද දුර්වල වෙලා තියෙනවා. ඔවුන් චන්ද්‍රිකා ව්‍යවස්ථාවක් ගෙනෙද්දි හිටි තත්ත්වයේ නෙමෙයි අද ඉන්නේ. චන්ද්‍රිකා ඒ වෙනකොට හිටියේ යුදමය පරාජයන් හමුවේ. අනික චන්ද්‍රිකා ව්‍යවස්ථාව ගෙනාවට ඇයගේ නිල කාලයෙන් පස්සේ ජනාධිපති ක්‍රමය අහෝසි වන ආකාරයට තමයි ඇය ව්‍යවස්ථාව සකසලා තිබුණේ. මේ වංචනික ක්‍රමය එක්සත් ජාතික පක්ෂය සඳහා දැඩි ප්‍රශ්නයක් වුණා. මේ නිසා ජනාධිපතිධුරය අහෝසි කිරීමට අමතරව ඉතා වැදගත් කාරණය වූ බලය බෙදීමේ යෝජනාවත් අහෝසි වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ වංචනික සිංහල ජාතිකවාදය එදා එක් පැත්තකින් ඔප්පු වුණා. ඒ නිසා එදා සිටි බෞද්ධ භික‍ෂූන් ඇතුලු පිරිස ඒකරාශී කරගනිමින් සිංහල ජාතිවාදය අවුස්සා ඉන් ප්‍රයෝජන ගනිමින් චන්ද්‍රිකා ගෙන ආ ව්‍යවස්ථාව ඉරා දැමීමට එදා විපක්ෂය සමත් වුණා. නමුත් අද වන විට සිංහල ජාතිවාදය ඉන්නෙ ආණ්ඩුව පැත්තෙ. විශේෂයෙන් යුද ජයග්‍රහණයත් එක්ක.

අද වෙනකොට මිනිස්සු කල්පනා කරනවා යුද්ධයෙන් දිනන්න පුළුවන් ආණ්ඩුවකට ඇයි ආර්ථීක යුද්ධයෙන් දිනන්න බැරි කියලා. ඒ නිසා අද වන විට මිනිස්සු ඉන්නේ හම්බන්තොට වරායෙන් ඔක්කොම විසඳිලා මේ රට ආසියාවේ ඓශ්චර්යය වෙයි කියන බලාපොරොත්තුව මත. ඒ නිසා අද එක අතකින් විපක්ෂය අසරණ වෙලා ඉන්නවා.

අනික තමයි, පවත්නා රජය කොතරම් ප්‍රබල වුණත් එය පෙරළීම සඳහා විපක්ෂයකට නිර්මාණශීලී වැඩපිළිවෙළක් තිබිය යුතු වෙනවා. මේ විපක්ෂයට එවැනි නිර්මාණශීලී වැඩපිළිවෙළක් නෑ. ඒ නිසා අද වන විට ආණ්ඩු පෙරළන්න තියා, මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යවස්තා සංශෝධනයට විරුද්ධව ප්‍රබල හඬක් නගන්නවත් ඔවුන්ට ශක්තියක් නෑ.

තවත් පැත්තකින්, මේ තත්ත්වය නවත්වන්න විපක්ෂයට ඇත්ත වුවමනාවක් නෑනෙ. මොකද මේ ආණ්ඩුව ගෙනියන්නෙත් ධනේශ්වර ක්‍රමය අනුවනෙ. මේ ධනේශ්වර ක්‍රමයේ සැබෑ නියෝජිතයා රනිල් වික්‍රමසිංහ මිස වෙන කවුරුත් නෙමෙයි. නමුත් දැන් මේ ඇවිත් ඉන්නේ අහඹු නියෝජිතයෙක්. එහෙත් රනිල් වික්‍රමසිංහ දන්නවා අද තියෙන අර්බුදකාරී තත්ත්වය තුළ මේ නියෝජිතයා තමයි ඉන්න ඕනෙ කියලා. මොකද අන්තර් ජාතික වශයෙනුත් මහින්ද රාජපක්ෂට තියෙනවා යම් පිළිගැනීමක්. ඒ අනුව අද වන විට ධනේශ්වර ක්‍රමයේ කාර්යභාරය මහින්ද ඉතා හොඳින් ඉෂ්ට කරනවා. ඒකයි රනිල් වික්‍රමසිංහ කලබල නොවන්නෙ. මේ වගේ කරුණක් ගැන අපි අනුභූතිකව හිතන්න හොඳ නෑ. අපි මේ ගැන බලන්න ඕනෙ පන්තිමය දෘෂ්ටියකින්.

ධනේශ්වර ක්‍රමයේ අවශ්‍යතාව මහින්ද රාජපක්ෂව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් ඉටු කරනවා. නමුත් ඔහු බැලූ බැල්මට ඉන්නෙත් අධිරාජ්‍යවාදියකු ලෙස නෙමෙයි. ඔහු පේන්නෙ අධිරාජ්‍ය විරෝධී ගමේ මිනිහෙක් වගේ. තමන් චීනයත් එක්ක, ඉරානයත් එක්ක වගේ ඇමරිකන් විරෝධී රටවල් සමග සම්බන්ධතා පවත්වනවා වගේ තමයි ඔහු මතුපිටින් පෙන්නන්නෙ. ඒ යටතේ තමයි ගෝලීය ධනවාදය වුණත් සාර්ථකව ඉටුකර ගන්න පුළුවන්. අද යුගයේ කාර්යභාරය මහින්ද ඉටු කරන බව එක්සත් ජාතික පක්ෂය දන්නවා. ඒ නිසා ඔවුන් තමන්ගේ කාලය එනකම් ඉවසීමෙන් ඉන්නවා. මේ අනුව මේ ව්‍යවස්ථා සංශෝධන ගැන ප්‍රායෝගිකව මැදිහත් වෙන්න ඇත්ත අවශ්‍යතාවක් ඔවුන්ට නෑ. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සහ ගෝලීය ධනවාදයේ අභියෝග යන්ගෙන් මිදෙන්නට නම් මේ රටේ ජනතාව ඉතා පැහැදිලිව පෙළගැහෙන්න ඕනෙ.

දැන් බලන්න මේ ආණ්ඩුව 18 සංශෝධනය තියන එක සම්බන්ධයෙන් කළ ප්‍රෝඩාව, ආණ්ඩුව කියනවා නව ව්‍යවස්ථා සංශෝධනය කාර්යයන් ජනතා සංවාදයට ඉදිරිපත් කළා නම්, ඒ සම්බන්ධයෙන් සංවාද තුළින් මතුවුණු ධනාත්මක විවේචන මොනවාද මේ තුළ යොදාගෙන තියෙන්නෙ. ආණ්ඩුව බොරුවට ඉදිරිපත් කළේ විධායක අගමැතිකම කියලා මුසාවක්. ඔවුන් අන්තිමට ගෙන ආවෙ තමන්ට අවශ්‍ය වෙනම සංශෝධනයක්. ඒ නිසා මේ ආණ්ඩුව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන ආණ්ඩුවක් නෙමෙයි ප්‍රජාතන්ත්‍රවාදයට අපහාස කරන ආණ්ඩුවක්.

[රාවය- 2010.09.05]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An interview with Senior Lecturer Terence Purasinghe on the current political situation
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Manik මෙහෙම කියනවා :
ආචාර්ය පුරසිංහ හමුවේ විභාග කොමසාරිස් පරාදවෙයි

(ලංකා ඊ නිව්ස් 2010 සැප් 10, ප.ව.1.35) ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ඡේ්‍යෂ්ඨ කථීකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා, උසස් පෙළ උත්තර පත්තර ඇගයීමේ ප්‍රධාන පරීක‍ෂකවරයා ලෙස නැවත පත් කිරීමට විභාග කොමසාරිස් අනුර එදිරිසූරිය මහතා කටයුතු කර ඇත.

ආචාර්ය පුරසිංහ මහතාව උසස් පෙළ උත්තර පත්තර ඇගයීමේ කටයුතුවලින් ඉවත් කිරීමට එරෙහිව විරෝධය පා උත්තර පත්තර ඇගයීම් අංශයේ ප්‍රධාන පාලන පරීක‍ෂක මහාචාර්ය නවරත්න බණ්ඩා මහතා විසින්තම ඉල්ලා අස්වීමේ ලිපිය විභාග කොමසිරිස්වරයාට බාර දීමෙන් පසු ආචාර්ය පුරසිංහ මහතා මෙසේ නැවත පත් කොට තිබේ.

ආචාර්ය පුරසිංහ මහතා උත්තර පත්තර ඇගයීමේ කටයුතුවලින් ඉවත් කිරීමට එරෙහිව සියලුම විශ්ව විද්‍යාල කථීකාචාර්යවරුන් ද සිය විරෝධය පළ කොට තිබිණි.

ආණ්ඩුවලට ගැතිකම් නොකර ජනතාවගේ පැත්තේ සිට අදහස් ප්‍රකාශ කළ තමා හදිසියේ ඉවත් කිරීම දේශපාලන පළිගැනීමක් බවද ඔහු කීය.


කිවුව වෙලාව- 2010-09-10 04:23:54
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජුලියන් අසාංශේ කියයි.
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ... [More]
What's New | අලුතෙන්ම
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook