Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
පියසීලි විජේගුණසිංහ| පිවිතුරු දැනුම උල්පත
බූන්දි, 23:21:50
ඈ උත්තමාවියකි. ගුරුන්ට ගුරුවූ ඈ ගුරු ගෞරවය මැනවින් ආරක‍ෂා කළාය. ස්ත්‍රී පෞරුෂය කුමක් දැයි මගෙන් ඇසුවහොත් මා කියන්නේ බලන්න පියසීලි විජේගුණසිංහ දෙස කියාය. මගේ ලෝකය තුල නම් ඇය විසිවන සියවස බිහිකළ විශිෂ්ටතම කාන්තාවය. ලංකාවේ මළ බැඳුනු විචාර කලාව ගව් ගණනක් ඉදිරියට පැන්නවූ යෝධ විචාරක දෙපළගෙන් එක් අයෙකු පියසීලීය. සුචරිත ගම්ලත් අනෙක් විචාරකයාය. පියසීලී අයත්වන්නේ හැටේ දශකයේ විකසිත වූ දැනුම ධාරාවේ නවීනතම හා අවසන් ඵල වලටය.

විශිෂ්ට මාක්ස්වාදී කලා උරුමයෙන් පෝෂණය ලද ඇය ඒ දැනුම ලාංකීය කලාවේ ස්වභාවය නිරීක්ෂණයට යෙදවූවාය. සත් සමුදුර චිත්‍රපටයේ සෝමදාස ඇල්විටිගල කළ සංගීත නිර්මාණ ඇය අගය කළ අයුරු සෙල් ලිපියක් සේ මගේ මතකයේ රැඳී පවතී. ධීවරයාගේ දුක වේදනාව බලාපොරොත්තු හා අරගලයේ ප්‍රමාණය කෙතෙක් දුරට එම සංගීතයෙන් ප්‍රති නිර්මාණය වේදැයි ඈ පැවසුවාය.

කලා රසික ධාරාව මත්තේ ප්‍රමුඛ විචාරිකාවක් ලෙස ඈ පිපෙන්නේ ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් චිත්‍රපටය සමඟ යයි මම සිතමි. ලංකාවේ බිහිවූ දේශපාලනික ගැඹුරක් ඇති චිත්‍රපට අතලොස්ස අතරින් බඹරු ඇවිත් ඉදිරියෙන් සිටී. ලංකාවේ වාම ධාරාවේ විචාරකයන්ට නිදහසේ සිය මතවාද දිගේලි කළ හැකි පසුබිමක් බඹරු ඇවිත් හි තිබුණි. ඒ විචාර අතර බොහෝ යාන්ත්‍රික ඒවා විය. එහෙත් පියසීලී සිය දැනුම භාණ්ඩාගාරය, සියුම් රසිකත්වය, මාක්ස්වාදය පිළිබඳ අචල විශ්වාසය සියුම් ලෙස මුසු කරමින් ඈ ඒ කලාකෘතිය අරබයා නැවත කියවීමක් කළාය.

අති මූලික මාක්ස්වාදී පතපොත කියවීමෙන් පමණක් සෑහීමකට පත්ව කලා විචාරයේ යෙදුනු වාම විචාරකයන්ට තවදුරටත් එසේ කළ නොහැකි තත්ත්වයකට පත්වූයේ මාක්ස්වාදී කලා විචාර ක්ෂේත්‍රය අරබයා පියසීලී විජේගුණසිංහ වැන්නියන් මුදාහරින ලද මනා දැනුම සම්භාරය නිසාය.

ඈ මට හමුවූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නව ගොඩනැගිල්ලට ගෙන යන්නට පෙර යුගයේය. එනම් එකදහස් නවසිය අසූ ගණන්වල මුල භාගයේය. කොළඹ විශ්ව විද්‍යාලයීය ප්‍රජාවගෙන් පිටස්තර වූවෙකු වන මම, ඈ මුණ ගැසුනේ, මහ සෙනගටත් තනි මිනිසාටත් එකසේ උනන්දුවෙන් දැනුම ලබාදිය හැකි අප වැනි දැනුම ලෝකයක අතරමං වූ ප්‍රඟුලනට දයා කරුණාවෙන් යුතුව සලකන මවෙකුට සමීපවන අයුරිනි.

කලක් අපගේ වීරවරයකු වූ වාසු බලු කුක්කෙකු සේ දෙපරැන්ද අස්සේ නගුට හොවාගෙන ''අනාගතයට අපේ අත දිග මදි'' වැනි ක්ෂමාලාප කියමින් සමාජවාදයට නොව ප්‍රජාතන්ත්‍රවාදයටද ඇණ ගහන 18 වන සංශෝධනයට අත ඔසවමින් ජීවත්ව සිටින කාලයේදීම දේශපාලනිකව මරුමුවට පත්වද්දී, වීරවරියක ලෙස අප ළමා වියේදී හඳුනා ගත්තා සේම ඒ වීර ගුණංග සහිතවම පියසීලී දිවංගතව සිටී. සැබවින්ම වීරවරියකුට හිමි ගෞරවාන්විත මරණයක් ඇයට හිමිව ඇත. ඇය වෙනුවෙන් දිග හැරෙන ශෝක වතාවත් සියල්ල යළි යළිත් ඇය ගෞරවයට ලක් කරවයි. ඇගේ මෘත කලේබරය නොවිකුණා ඇයට ගෞරව කිරීම මගින් ඇගේ පක්ෂය සැබෑ දේශපාලන පක්ෂයක සැටි මේ යැයි කියා පෑවේය.

මෑනියණි, ඔබගේ අපමණ දැනුම තනි මිනිසෙකුට, දෙතුන් දෙනෙකුට හෝ මහ සෙනගට බෙදද්දී ඔබගේ පටන් ගැනීම, ගලායෑම, උච්චාවචනයන් නීර්ණය වූයේ ඒ කරුණුමත ඇතිවූ ආවේගයන් නිසා මිස සෙනගේ අඩු වැඩිකම මත නොවේ.

තුන්වන යාමය චිත්‍රපටය පිළිබඳ ඔබගේ හෘද සාක්ෂිය හා පක්ෂයේ එවකට ලේකම් වූ කීර්ති බාලසූරිය හා සුචරිත ගම්ලතුන්ගේ අදහස අතර පරස්පරයක් තිබුණි. ඒ පරස්පරය ඔබ නියෝජනය කළ, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ එදා රැව් පිළිරැව් දෙන්නක් විය.

70 දශකයේ දේශපාලනික සිනමාවේ පුනරුද සමයේ බිහිවූ අගනා කෘතියක් වූයේ ධර්මසේන පතිරාජාගේ පාරදිගේ චිත්‍රපටයයි. නිෂ්පාදන අංශය වෙනුවට සේවා අංශයට බර දෙන විචෘත ආර්ථික රටාව මුල්බැස ගනිමින් තිබුණේ එම යුගයේය. පිනෑන්ස් නොගෙවූ වාහන පැහැරගෙන විත් පිනෑන්ස් කොම්පැනියට බාරදීමේ මැරවර සේවාවක් කළ චන්දරේ මේ චිත්‍රපටයේ කතා නායකයාය. චන්දරේගේ චරිතය, රැකියාව, ඔහු සතු පොදු සාධාරණ ජීවන අභිලාෂයන්, ක්‍රමය විසින් ඔහුගේ මිනිසත්කම පිරිහෙලා ඇති අයුරු මැනවින් විග්‍රහ කරමින් චිත්‍රපටය තුලින් ප්‍රේක්ෂකයාට ආලෝකය ලබාගත හැකි ඉසව් මැනවින් පෙන්වා දෙමින් අගනා විචාරයක් පියසීලී විසින් කරන ලදී. මේ විචාරිකාව සැම විටම පැවසුවේ නිර්මාණය සැම විටම විචාරයට වඩා සජීවී බවත්, සැබෑ විචාරයට අදාළ මිනුම් දඬු බොහොමයක් සකසා දෙන්නේ සැබෑ පූර්ණ කලා කෘතිය විසින් බවත්ය.

ඈ වරෙක එකළ ශිෂ්‍යයකුවූ මගේ මිතුරකුද ඇතුළත් කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සමූහයක් සමඟ අධ්‍යාපනික චාරිකාවක් සඳහා රාජාංගනයේ හත්තිකුච්ච විහාරය නැරඹීමට ගියාය. විශාල පරිශ්‍රයක විහිද පවත්නා යෝධ වාස්තු විද්‍යාත්මක නටඹුන් නැරඹූ ඈ ඒ ආශ්වාදයෙන් මත්ව පවසා ඇත්තේ ''මෙම වාස්තු විද්‍යාව අයත් සංස්කෘතික සමාජය නැවත ඉදිවුවහොත් අපගේ සියලු මිනුම් දඬු අහෝසිවන බවත්ය.''

බොහෝ උදවිය සිතා සිටිනුයේ ඈ දැඩි දෘෂ්ටි ගත්තියක ලෙසය. ඒ ඈ සාමාජිකත්වය දරණ සමාජවාදී සමානතා පක‍ෂය හා ඇගේ මාක්ස්වාදය කෙරෙහි වන නොසැලෙන අචල භක්තිය නිසාය. කාල් මාක්ස් යම්සේ ග්‍රීක කලාවට ඇලුම් කලේද, ලියෝනි ට්‍රොට්ස්කි සම්භාව්‍ය සෞන්දර්යට යම්සේ ඇලුම් කළේද, පියසීලී ද ඒ මගෙහිම ගියාය. ඈ ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් ඇගේ දේශපාලන පක්ෂය ලෙස තෝරා ගන්නේත් ,මරණය දක්වාම එහි රැෙඳන්නේත් ඒ නිසාය.

ඈ මහගමසේකරගේ ගී අමරදේවගේ හඬින් ගැයෙන විට ඒවා අගය කළේද, හත්තිකුච්ච විහාරය අයත් සංස්කෘතික සමාජය නැවත ගොඩනැගෙන සමාජ පරිසරයකදී තම මිනුම් දඬු අහෝසිවන බව පවසන්නේද, ඒ හැකියාව නිසාය.

දේශපාලන චින්තනයකින් පොහොසත් නොවුණු කලා කරුවන් දෙපලකගේ කලා කෘතියක් වන ''සුදු හාමිනේ නුඹ කොතනද අද දවසේ'' ගීතය පංති සමාජයක අම්මා කෙනෙකුගේ ඛේදවාචකය අපූරුවට ඈ විසින් විචාරය කරන ලද්දේ එතෙක් ඒ ගීතයට නොලැබුණු නිර්මාණාත්මක අගයක්ද ලබාදෙමිනි. කලාකෘතියක් රසවිඳීමට විචාරකයකුගෙන් ලැබෙන පූර්ණ සහය පිළිබඳ හොඳම උදාහරණයක් වන්නේ සුදු හාමිනේ ගීතයට පියසීලී විසින් කරන ලද විචාරක සම්ප්‍රදානයයි. ඒ සම්ප්‍රදානයම ධර්මසේන පතිරාජගේ, ප්‍රසන්න විතානගේ, ධර්මසිරි බණ්ඩාරනායක ආදීන්ගේ සිනමා කෘති අරබයාද , ජයලත් මනෝරත්නගේ ''පුත්‍ර සමාගම'' නාට්‍ය ඇතුලු තවත් බොහෝ සිංහල නිර්මාණ අරබයාද ලැබුණි.

මාක්ස්වාදය අදට ගැලපෙන්නේ නැතැයිද, ඒ වෙනුවෙන් තම බුද්ධිමය ශ්‍රමය වැගිරීම තේරුමක් නැතැයිද පවසමින් ඇතැම් බුද්ධිමතුන් මාක්ස්වාදය හැරපියා යති. එසේ ගිය ඇතමුන් මාක්ස්වාදය උදෙසා කැපකළ කාලය ගැන තැවෙති. ලතවෙති. ඇතැම් උදවිය තමන්ට අධ්‍යාපනික ශික‍ෂණයක් ලබා ගැනීමට මාක්ස්වාදය වැදගත් වූ නමුත් අද දවසේ දේශපාලන අරමුණු ජය ගැනීමට එය ප්‍රමාණවත් නොවන්නේ යයි කියමින් එය හැරපියා යති. එහෙත් මාක්ස්වාදය එදාටත්, අදටත්, හෙටටත් සංස්කෘතික සමාජ දේශපාලනික සෑම අංශයකින්ම සජීවී, බලවත්ම දාර්ශනික යථාර්තය බව විශ්වාස කරන ධී බල සම්පන්න බුද්ධිමතුන් අතලොස්සක් අතර සිටි බලගතුම කාන්තාව පියසීලී විජේගුණසිංහය.

ඇවිසින් රචිත 'අප රක්නා උරුමය' ''සාහිත්‍ය භෞතික වාදී අධ්‍යයනයක්'', ''සුචරිත ගම්ලත්ට එරෙහිව මාක්ස්වාදී කලා විචාරයේ මූල ධර්ම'' හා ඩේවිඩ් වොලෂ් ඇතුළු සම්භාව්‍ය මාක්ස්වාදී බුද්ධිමතුන්ගේ අගනා පරිවර්තන මුදා හරින ලද ඇගේ බුද්ධිමය දේපල අතර වේ.

ඈ මරණාසන්නව සිටියදී රාවය පුවත්පත සමඟ ඇය අපූරු පුවත්පත් සාක්ච්ඡාවක් කළාය. ගත පෙළන දැවැන්ත රෝගයකට ගොදුරුව සිටියදීත්, පියසීලී සතු සමාජ දේශපාලන විචාරක‍ෂිය අහිමි නොකරගත් බවට හොඳම සාක‍ෂියකි ඈ විසින් ලබා දෙන ලද ඒ බලගතු පුවත්පත් සාකච්ඡාව.

තමන් විශ්වාස කරන දෙය සැකයකින් තොරව පිරිසිඳ දැන සිටි හෙයින් ඇයට මරණාසන්න සමයත්, සිය බුද්ධිමය ජීවිතයේ කොටසක් කර ගැනීමට සමත් විය.

පියසීලී සිය සැමියාට, දරුවාට, ලේලියට, මිනිපිරියට අසීමිතව ප්‍රේම කළ සංයුක්ත පවුලේ සුන්දරත්වය මේයැයි ලොවට පසක් කළ උත්තම ගනයේ ස්ත්‍රීයක වූවාය.

තමාගේ පාසල් ජීවිතයේදී තමාව හැඩ ගැස්වීමට පසුබිම සැකසූ ගුරුවර ගුරුවරියන් මරණාසන්න අවධියේ පවා සිහිපත් කළ හැකි හොඳම හොඳ කෙළෙහි ගුණ සලකන්නියක් වුවාය.

විශ්ව විද්‍යාල සමාජ ශාලාවේ නිකරුණේ කල්ගත නොකර ඒ විවේක අවස්ථාවන්ද තමන් ඊළඟට දේශන ශාලාවේ උගන්වන දෙය මැනවින් කිරීමට අවශ්‍ය දැනුම උපයා ගැනීමටත්, සිය දිවි දෙවැනි කොට සැලකූ පක්ෂයටත්, පොදු සමාජ දේශපාලනික කතිකාවන්ට කළ හැකි සම්ප්‍රදානයන් සඳහා දැනුම් ගවේශනය කළ හොඳම හොඳ ගුරුවරියක් වුවාය.

තමන්ගේ හෘද සාක්ෂියට ගැලපෙන දේශපාලන පක්ෂය තෝරාගත් ඇය, ඇයට හැකි හැම සේවයක්ම ඒ පක්ෂයට කළාය.

අනුන් සතුටු කිරීම සඳහා හෘද සාක්ෂිය කිසි විටක පාවා නොදුන් ඇය, සිය වැඩිහිටි ජීවිතයේ නිර්භීත බව මරණාසන්න මොහොත දක්වාම රැක ගත්තාය.

සමාජ සංස්කෘතික දේශපාලනික වශයෙන් බොරුමල් පූදින මේ භයංකර සමයේ ඇගේ වියෝව සැබවින්ම දරාගත නොහැකිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Piyaseeli Wijegunasinghe, Sucharitha Gamlath, The Socialist Equality Party (SEP), Sri Lankan Trotskyist Writer
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
charmi මෙහෙම කියනවා :
මේ පියසීලි ගැන ලියවුන තවත් පෝස්ට් එකක්.
-Click on the link-

Posted by charmi to බූන්දි|BOONDI at 24 September 2010 12:26


කිවුව වෙලාව- 2010-09-26 22:04:02
A reader මෙහෙම කියනවා :
චන්ද්‍රරත්න බණ්ඩාර පොරක් වෙන්න දගලනව. සොරි ඒත් බෑ

කිවුව වෙලාව- 2010-09-25 07:11:45
සේනාධීර මෙහෙම කියනවා :
ජානක,
(ජානක බණ්ඩාර යනු චන්ද්‍රරත්ත බණ්ඩාරම නොවේ නම්)

චරිතෙ නොවෙයි තියෙන අප්සෙට් එක ලියපු කෙනාගෙ. ලියපු මනුස්සය හදන්නෙ පියසීලි කියන දැවැන්ත චරිතය තුළින් තමන්ගෙ තත්වය ගොඩ නගාගන්න එක. බූන්දියෙ වැඩියෙන් ප්‍රසිද්ද කරල දානවනම් දාන්න තිබුනෙ සසප වෙබ් අඩවියේ පලවුණු පියසීලී ගැන ලිපිය.

මේ වගේ ලිපි වලට කරන්න ඕනෙ විජේ ඩයස් විසින් මහින්ද රාජපක්ෂ එවපු මල් වඩම‍ට කරපු දේම තමයි. මොකද මහින්ද රාජපක්ෂ - විජේ ඩයස් අතර පරස්පරය චන්ද්‍රරත්න බණ්ඩාර - පියසීලි අතරත් කිසි අඩුවක් නැතිව තියෙන හින්ද.


කිවුව වෙලාව- 2010-09-24 18:32:38
Boondi මෙහෙම කියනවා :
@Janaka
Noted
Tks


කිවුව වෙලාව- 2010-09-24 03:29:15
Janaka Bandara මෙහෙම කියනවා :
To : Boondi
Mema lipiya sengavee yaamata nodee denvath Cover Story ekata hari Eahe gahena thenakata daanna puluvannam loku deyak. Mevan charitha athishaya virala unath thiyena bava denaganna.


කිවුව වෙලාව- 2010-09-24 03:23:16
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
චන්ද්‍රරත්න බණ්ඩාරගෙන් තවත් වියමන්
අදහස්
ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට
අදහස්
66 වසක ශ්‍රී ලංකාවේ නිදහසට ජයවේවා! [?]
වෙසෙස්
සාමකාමීන්ගේ සාහිත්‍ය කලා
අදහස්
බෞද්ධකම දුස්සීලයන්ගේ ගොදුරක්ව....
අදහස්
මේ මුන්නේෂ්වරම් නාටකයේ විවේක කාලයයි!
තවත් වෙසෙස් බූන්දි
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
තෝල්ස්තෝයි අදට වලංගු ද?
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook