VIVA CHE! [3 කොටස] "එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? පිස්සු හැදී ගෙන එනවාද?" | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Viva Che
VIVA CHE! [3 කොටස] "එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? පිස්සු හැදී ගෙන එනවාද?"
Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
2 කොටසට මෙතනින් යන්න.
පරිවර්තනය-
Koombiya | කූඹියා
බූන්දි, 03:28:10
තරුණයන් දෙදෙනා පීරු රටට පැමිණියහ. ඔවුහු එහි විසූ ඉන්දියානුවන්ගේ ඉරණම දැක තැති ගත්හ. එකී ඉන්දියානුවන් කුසගින්න, සූරාකෑම සහ මත් ඇබ්බැහිය විසින් කෙතරම් උග්‍ර ලෙස පිරිහෙලනු ලැබ ඇත්දැයි ඔවුනට පැහැදිලි විය.

ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

මට මතකයි දවසක් මම Macchu Pichu වලදී (එහේ අපි කීප දිනක් නැවතී උන්නා) මම නටබුන් අතර තිබුණු යාග පාෂාණයක් (වැඳුම් ගලක්) මත ඇලවී උන්නා. චේ මා ළඟම හොට් ඩ්‍රින්ක් එකක් හදමින් උන්නා. අන්දීස් වල කම්කරුවන් සමූහයක් ලෙස එකතු කොට, ශිෂ්ඨාචාරයේ කිසිදු ඵල ප්‍රයෝජනයක් හිමි නොවූ මේ දුගී මිනිසුන්ට වඩා හොඳ ජීවිතයක් ලබා දෙන්නට-

ආණ්ඩුවට බල කරන විප්ලවීය වැඩ පිළිවළක් හැදිය යුතු බව මම ඔහුට කියමින් උන්නා. අර්නෙස්ටෝ සිනාසී මෙසේ කිවුවා.

''එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? ඔබට පිස්සු හැදී ගෙන එනවාද?''

ග්‍රෙනාඩෝස් සහ අර්නෙස්ටෝ Pucalpa වරායේ සිට ඇමසන් ගඟේ අතු ගංගාවක් වූ Ucayali ගඟ දියේ බෝට්ටුවෙන් සංචාරය කළහ. Iquitos වල නැවතී සිට පසුව ඔවුහු San Pablo දක්වා ගමන් කළ අතර එහිදී ඔවුහු ලාදුරු රෝහලක පර්යේෂණාගාරයේ වැඩ කළහ. ලාදුරු රෝගීන් සමග දවස ගෙවමින් ඔවුන් සමග පැසි පන්දු ක්‍රීඩා කරමින් ඔවුන් සමග විනෝද ගමන් යමින් කළ හැකි සෑම අන්දමින්ම ඔවුන්ට උපකාර කරමින් ගෙවුණු මේ කාල සීමාව මේ සවාරියේ වැදගත්ම අංගයක් විය.

ලාදුරු රෝහලෙන් සමු ගන්නා දිනය එළඹුණු පසු ඇමසන් ගඟ තරණය කොට කොලොම්බියාවේ Leticia වලට පැමිණීමට තරුණ සංචාරකයෝ දෙදෙනා තීරණය කළහ. Leticia යනු බ්‍රසීල, පීරු සහ කොලොම්බියා දේශ සීමා එකිනෙක ඡේදනය වන ලක්ෂ්‍යයට ඇමසන් ගඟ වැටෙන ස්ථානයයි. මේ නදී සවාරිය සඳහා ලාදුරු රෝගීහු එක්ව ඔවුනට ''මැම්බෝ-ටැන්ගෝ'' නම් පහුරක් තනා දුන්න. ඊට අමතරව ඔවුන් සමග ප්‍රීතිමත් කාලයක් ගත කළ මේ තරුණයන් දෙදෙනා වෙනුවෙන් සමුගැනීමේ සාදයක් ද පිළියෙළ විය.




ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

ඇද හැලෙමින් තිබූ මහ වැස්ස පවා නොතකා බෝට්ටුව ගැහැණු, පිරිමි හා ළමා රෝගීන්ගෙන් පිරී තිබුණා. අපි එහි පැමිණෙද්දි, එයාලා සුභ පතන්න ගත්තා. එක් වරම කට්ටිය සිංදු කියන්න පටන් ගත්තා. හැමෝම එතන රැස් වෙලා- සංගීත කණ්ඩායමත් එතැනම! සැක්සපෝනය මේ රෝගීන්ගේ ගායනය එක්ක අපූරුවට මුහු වුනා.

ඊගාවට ආවේ කතා පැවැත්වීමේ වාරය. මුලින්ම රෝගීන් තුන් දෙනෙක් කතා පැවත්වුවා. හරිම සරලව හැබැයි ටිකක් නුහුරු නුපුරුදු විදිහට, පුදුමාකාර ආදරණීය ස්වරයකින් එයාලා අපේ පැමිණීමත් ඔවුන් සමග ගෙවූ කාලයත් අගය කරලා කතා කළා. තෙවන රෝගියාගෙ කතා වාරයෙන් පස්සෙ නැගිටින්න වුනේ මටයි. මං හිටියේ මහා කම්පනයකින්. ඒ නිසාම වෙන්න ඇති මගේ කතාව ඒ හැටි හොඳ වුනේ නෑ. අත්පුඩි හඬ ඉවර වුනහම එයාලා සමු දීමේ ගීයක් ගායනා කර කරම එකා දෙන්නා හෙමින් හෙමින් පහුරෙන් බැහැලා ඉවත්ව ගියා. උත්සවයේ හරිම සංවේදී අවස්ථාව වුනේ අපි පහුරෙන් යාත්‍රා කරද්දිත් වැහි මීදුම අස්සෙන් ඒ ආදරණීය මිතුරන්ගේ ගී ගායනය අපිව හොයා ගෙන ආපු එකයි. ඒ මොහොත සරසලා තිබුණේ වචනයට නගන්න බැරි ආදරයකින්. ඒක සහෝදරාත්මක ගැඹුරු හැඟීමක්.



ඔවුහු ඉමහත් වික්‍රමාන්විත වූ ද දුෂ්කර වූ ද අත්දැකීම් ලදහ. Leticiaවට පැමිණි දෙමිතුරෝ එහිදී පාපන්දු පුහුණුකරුවන් ලෙස වැඩ කළ අතර Bogotaවේදී අත් අඩංගුවට ද පත් වූහ. කෙසේ හෝ අවසන ඔවුහු වෙනිසුවේලාවට පිවිසුණහ. එහිදී ග්‍රෙනාඩෝ Caracasහී ලාදුරු රෝහලක දීර්ඝව සේවය කිරීම සඳහා එහි නවතින්නට තීරණය කළේය. අර්නෙස්ටෝ ට ඔහුගේ පවුලේ මිතුරෙකු වූ රේස් අශ්වයන් ප්‍රවාහනය කරන ගුවන් යානා හිමියෙක් මුන ගැසුණු අතර ඔහු මිතුරාගේ ගුවන්යානයකින් මියාමි බලා පිටත් විය.



ඇල්බර්ටෝ ග්‍රෙනාඩෝස් [ALBERTO GRANADOS] මෙසේ කියයි:

මියාමියේදී කරදර කාලයක් ගත කරපු බව චේ කිවුවා . එහෙදි එයා නිතර පුස්තකාලයට ගියා. මුලදි මුලු දවසම ගත කරල තියෙන්නෙ කෝපි හරි කිරි හරි කෝපයක් බීලා. එහේ ආපනශාල හිමියෙක් එක්ක යාලු වුනාට පස්සෙ කෑම ටිකක් ලැබුනලු.

එයිනුත් පසුව අර්නෙස්ටෝ බුවනෝස් අයර්ස් පැමිණියේය. 1953 දී සිය උපාධිය ලබා ගත්තේය.

ජෝස් ඇගුලාර් [JOES AGUILAR] මෙසේ කියයි :

අර්නෙස්ටෝ එයාගෙ ශිෂ්‍ය ජීවිතේ හමාර කළේ උල්කාශ්මයක් වාගේ ක්ෂ්ණික දීප්තිමත් ආකාරයකට. මහා විශාල ලකුණු ගානක් අරගෙන නෙමේ; නමුත්, මහ පුදුම වේගයකින්!



චේ [CHE] මෙසේ කියයි:

මට මගේ වෛද්‍ය අධ්‍යාපනය පටන් ගත් කාලයේ විප්ලවවාදී අරමුණු තිබුණේ නැහැ. අනෙක් අය වාගෙම මමත් සාර්ථකත්වය ට ආශා කළා. මගේ සිහිනය වුනේ ප්‍රකට පර්යේෂකයෙකු වෙන එක; මනුෂ්‍යත්වයට සේවය කරන්නට පුළුවන් විදිහේ කිසිවක් සොයාගැනීම හෝ නිපදවීම. නමුත් විවිධ හේතු නිසා, මගේම කැමැත්තත් නිසා ඇමරිකාව පුරා කළ සංචාර වලින් මම වෙනස් වුනා. මිනිසුන්ගේ දුගී බව, කුසගින්න, රෝගාදියෙන් ඔවුන් විඳින පීඩාව ගැන මට විශාල අවබෝධයක් - ප්‍රායෝගික දැනුමක් ලැබුනේ මේ ගමන් වලින්. මං දැන ගත්තා කුසගින්නේ මිය යන රෝගීන් බේරා ගන්නට මා සතුව තිබූ කිසිදු අරමුණක් ප්‍රමාණවත් නොවෙන බව. මිනිස්සු උන්නේ මර්දනයෙන් සහ මන්දපෝෂණයෙන් අවමානයට පත් කරවලා. මහා පර්යේෂකයෙක් වෙලා වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් දෙනවා වාගේම පැහැර හැරිය නොහැකි වගකීමක් තියෙන බව මගේ හිත කියන්නට වුනා.
ඒ මේ පීඩිතයන් ගලවා ගැනීමේ වගකීමයි.

ජෝස් ඇගුලාර් [JOES AGUILAR] මෙසේ කියයි :

මං නිරීක්ෂණය කළා චේ මේ සංචාරයෙන් පස්සෙ දේශපාලනය ගැන වැඩි වැඩියෙන් උනන්දු වෙන බවක්. මට සැරයක් ඇහුණා චේ කියවනවා එයගෙ දිනපොතේ කොටසක්. ඒ Macchu Pichu ගැන. ඒ ඉන්දියානු සංස්කෘතිය ආක්‍රමණය කළ ස්පාඤ්ඤ යටත්විජිතවාදය ගැන. ඔහු කිවුවා ඔහු ඉන්කා නටබුන් ඉවත්කොට තැනූ කතෝලික පල්ලි දුටු හැටි.



උපාධිය ලැබූ පසු අර්නෙස්ටෝ, ඇල්බර්ටෝ හමු වන්නට වෙනිසුවෙලාව බලා පිටත් විය. ඔහුගේ මිතුරන් දෙතුන් දෙනෙකුත් සමග ඔහු මේ ගමන ගියේ බුවනෝස් අයර්ස් සිට දක්වා සැතපුම් හයදාහක දුරක් දුම්රියෙන්. මේ ගමන අතරතුර ඉක්වදෝරයේ දී රිකාඩෝ රෝජෝ නැමැත්තෙකු අර්නෙස්ටෝට හමු විය. ඔහු පිටුවහෙලෙක් වූ අතර සිරගෙදරින් පැන බුවනෝස් අයර්ස් හී ග්වාතමාලා තානාපති කාර්යාලයේ රැකවරණය පතා යමින් සිටි ආජන්ටිනියානු නීතීඥයෙකි. තමන් වෙනිසුවේලාව බලා යන බව අර්නෙස්ටෝ රෝජෝට කී පසු රොජෝ මෙසේ කීය.

''නමුත්, ග්වාරා වෙනිසුවේලාවට යන්නේ මොකටද? ඒ රට වැදගත් සල්ලි හොයන්නට විතරයි! මා සමග එන්න ග්වාතමාලාවට - එතැන සැබෑ සමාජ විප්ලවයක් සිදුවෙමින් පවතිනවා''

ඇල්බර්ටෝ ග්‍රෙනෝඩෝස්ට දින කිහිපයකට පසු ලිපියක් ලැබිණ.
''මිත්‍රයා මම ග්වාතමාලා යනවා- ඔබට පසුව ලියන්නම්....'' එහි ලියා තිබිණ.



අර්නෙස්ටෝ ග්වාරා 1953 දෙසැම්බර් 24 වන දින ග්වාතමාලාවට පැමිණියේ ය. අර්නෙස්ටෝගේ ‘El Che’ යන නමේ ඇරඹුම මෙතැනයි. මන්ද, ‘චේ’ යන ඒකාක්ෂර ඇමතුම ආජන්ටිනියානුවන් ඔවුන්ගේ කතා බහේ පහසුව පිණිස යොදා ගන්නා ලද්දක්; එනිසාවෙන්ම ආජන්ටිනාවෙන් පැමිණෙන ඕනෑම අයෙකුට එනමින් ඇමතීම මධ්‍යම ඇමරිකානුවන්ගේ සිරිතක්.


චේ [CHE] මෙසේ කියයි:

මට, ''චේ'' යනු මගේ ජීවිතයේ වැදගත්ම, ආදරණීයම කොටසයි. ඒකෙන් මට හුඟක් දේවල් ඇඟවුනා. අන් සියල්ල එයට දෙවැනි වුනා. මගේ වාසගම, මගේ ක්‍රිස්තියානි නම නොවැදගත්, පුද්ගලික සුළු විස්තරයක් බවට පෙරලුනා!

[මතු සම්බන්ධයි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Argentine Marxist revolutionary, Ernesto Che Guevara, Alberto Granado
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
R.maraya මෙහෙම කියනවා :
maru

කිවුව වෙලාව- 2010-12-16 06:37:20
No Name මෙහෙම කියනවා :
You can watch "Motor Cycle Diary" Film

කිවුව වෙලාව- 2010-10-16 00:15:57
PIYANKARAGE BANDULA JAYAWEER මෙහෙම කියනවා :
HOW IS SRI LANKAN DOCTORS ? IF THEY CAN EVEN FIND ' WHO IS CHE GUEVARA?' ACTUALLY ONE DOCTOR POINTING MY CHE T-SHIRT ASK ME " KAUDA ANE CHE GUEVARA ? "

කිවුව වෙලාව- 2010-10-05 04:19:06
තුෂාරි ප්‍රියංගිකා මෙහෙම කියනවා :
සමනළුන්ට වෙඩි තියන්නෙ කොහොම ද?
(එක වෙඩිල්ලක්වත් නැතුවම විප්ලවය කරන්න වෙනවා.)

...............
**04 වැනි කොටස කියවන්නයි බලන් ඉන්නෙ.


කිවුව වෙලාව- 2010-10-01 00:15:33
mahendra kumara මෙහෙම කියනවා :
that translation very good kuoobiya i wish you all the best.
kumara

mahendra kumara

kumarajpm@yahoo.com


කිවුව වෙලාව- 2010-09-30 21:06:56
sujeewa මෙහෙම කියනවා :
menna me kella suvisheshiyi:

"මට මගේ වෛද්‍ය අධ්‍යාපනය පටන් ගත් කාලයේ විප්ලවවාදී අරමුණු තිබුණේ නැහැ. අනෙක් අය වාගෙම මමත් සාර්ථකත්වය ට ආශා කළා. මගේ සිහිනය වුනේ ප්‍රකට පර්යේෂකයෙකු වෙන එක; මනුෂ්‍යත්වයට සේවය කරන්නට පුළුවන් විදිහේ කිසිවක් සොයාගැනීම හෝ නිපදවීම. නමුත් විවිධ හේතු නිසා, මගේම කැමැත්තත් නිසා ඇමරිකාව පුරා කළ සංචාර වලින් මම වෙනස් වුනා. මිනිසුන්ගේ දුගී බව, කුසගින්න, රෝගාදියෙන් ඔවුන් විඳින පීඩාව ගැන මට විශාල අවබෝධයක් - ප්‍රායෝගික දැනුමක් ලැබුනේ මේ ගමන් වලින්. මං දැන ගත්තා කුසගින්නේ මිය යන රෝගීන් බේරා ගන්නට මා සතුව තිබූ කිසිදු අරමුණක් ප්‍රමාණවත් නොවෙන බව. මිනිස්සු උන්නේ මර්දනයෙන් සහ මන්දපෝෂණයෙන් අවමානයට පත් කරවලා. මහා පර්යේෂකයෙක් වෙලා වෛද්‍ය විද්‍යාවට විශාල දායකත්වයක් දෙනවා වාගේම පැහැර හැරිය නොහැකි වගකීමක් තියෙන බව මගේ හිත කියන්නට වුනා.
ඒ මේ පීඩිතයන් ගලවා ගැනීමේ වගකීමයි"


කිවුව වෙලාව- 2010-09-30 05:10:12
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Viva Che
VIVA CHE! [6 කොටස] "නෑ ඔබට කොමියුනිස්ට්වාදියෙක් විය නොහැකියි...! ඔබ තරම් හොඳ මිනිසෙකුට...!"
VIVA CHE! [5 කොටස] "අප මේ සටන දැනටමත් දිනා තිබේ!"
VIVA CHE! [4 කොටස] "විප්ලවාදී වෛද්‍යවරයෙකු වීමට- ඔබට විප්ලවයක් අවශ්‍යයි!"
VIVA CHE! [2 කොටස] ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය
VIVA CHE! [1 කොටස] මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Simone de Beauvoir කියයි.
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය... [More]
What's New | අලුතෙන්ම
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook