Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
සාගරයක් මැද පුංචි රටක් ඇත- ඒ මැද ඉපදුණු......
බූන්දි, 05:01:25
ගිය මාසය අවසන් වුණේත් මේ මාසය ඇරඹුණේත්, මට ද බොහෝ දෙනෙකුට ද සුවිශේෂි වූ මිනිසුන් වන මිතුරන් තිදෙනෙකුගේ උපන් දිනයන් සමගයි. මිනිසෙකු ඉපදිම මිහිමත ඇති සුවිසල්ම ආශ්චර්යය වන්නා සේම සමහර මිනිසුන් ඉපදීම ලෝකයට ආශිර්වාදයක් වන්නේ ඇයි? මිනිසුන් ඉපදෙන්නේ ඇයි? ලංකාව වැනි දූපතක ඉපදීම යනු කවරක් ද?

ලාංකික දරුවන් ඉතිහාසයේ පටන් ඉපදුණේ සහ අදත් ඉපදෙන්නේ සංස්කෘතිය, ආගම හා ආර්ථික දේශපාලන ප්‍රවාහයන් විසින් අත්‍යන්තයටම මඬනා ලද පවුල නමැති සිර ගෙය තුළයි.දරුවා ආගමික විය යුතු බව උපතටත් පෙර තීරණය කරන අතර උප්පැන්න සහතිකයෙන් එය රජය විසින් අනුමත කර සීල් කර දෙනු ලබයි. එතැන් පටන් අනවරත බලපෑම් හා ඉගැන්විම්ය. කොටින්ම සිනාසිය යුත්තේ කා සමගද ආදරය කළ යුත්තේ කාටද යන්න පවා උගන්වනු ලබයි.

“මේ ඔයාගේ තාත්තා, හිනාවෙන්න” මෙසේ විධාන ලබන දරුවා ලේ නෑ කම් අනුව ආදරය ඇතිවන බවත් කන්න බොන්න දී හදා ගන්නා නිසා ආදරය කළ යුතු බවත් තමන්ගේ අයට ආදරය කළ යුතු බවත් පිට අය කියා ජාතියක් ඇති බවත් වෙනත් ආගම් හා ජාතීන් යනු තමන්ගේ එකට වඩා පහත් ඒවා බවත්ඉතා ඉක්මණින් ඉගෙන ගනියි. එපමණක් නොව රූපවාහිනියෙන් , පත්තර වලින් , පාසලෙන් , දහම් පාසලෙන්, පෝස්ටර් කටවුට් වලින් ඒවාට පොහොර වැටෙයි. අනෙක් අතට දකුණු ආසියාතික රටක සමාජ තත්ත්වය යනු ජීවිතයටත් මරණයටත් එහා දෙයක් නිසා මේ දරුවන් "ඉහළට ඉගෙන ගැනීමේ" මාරාන්තික අරගලයට ‍ද යොමු කෙරෙයි.

මෙසේ අහිංසකව , සිල්වත්ව , භක්තිමත්ව හැදෙන දරුවා ට යෞවන වියට එළඹීමත් සමඟම ස්වභාවිකවම මේ ක්‍රමය ප්‍රශ්න කිරීමේ වුවමනාව පැන නගියි. අනෙක් අතට ළමයාට නොහොත් මේ තරුණයාට හෝ තරුණියට පවුල සහ සමාජය විසින් කිසිදාක විසඳා ගන්නට ඉඩ නොදුන් ප්‍රශ්න කෝටියකි. එනිසාම විරෝධය දැක්විමේ ක්‍රම ද බොහොමයකි. සිගරට් බීම, ඇල්කොහොල් භාවිතය, මත්ද්‍රව්‍ය ගැනීම, රස්තියදු ගැසීම, කැසිනෝ යාම, කැරොකේ යාම, නිල් චිත්‍රපට බැලීම, රෑ බෝවී ගෙදර ඒම, පෙම්වතුන් පෙම්වතියන් වැඩි දෙනෙකු ඇසුරු කිරීම, දේශපාලනයට පිවිසිම,භාවනා කිරීම මින් කිහිපයක් පමණි. මේ කිසිවක් හොඳ නරක තරාදියට දැමිමට අවැසි නැති ඒවා වුව ද මේවායින් කවරක් කළ ද වැඩිහිටියන් කළබල වේ. ඇහේ මූණේ තියන් හැදූ දරුවා අකීකරු වී ඇත!

මේවා එළිපිට නොකරන දරුවෝද වෙත්. ඔවුන්ගේ කාර්යය දෙමව්පියන්ගේ බැට්න් එක ප්‍රවේශමෙන් රැ‍ගෙන හැකිතාක් දුර දිවීමය. අතරමග හමුවන සදාචාර විරෝධීන්ට හෙවත් රැඩිකල් යයි කියා ගන්නා උන්ට පාඩමක් ඉගැන්වීම කෙසේ වෙතත් ටොක්කක් හෝ ඇනගෙන යාමද මේ ගමනේ එක් අරමුණකි. විභාග පාස් කිරීම, රැකියාවක් (සමාවෙන්න , හොඳ තත්ත්වයක් ඇති රැකියාවක්) සොයා ගැනීම, හොඳ තැනකින් කසාදයක් බැඳ ගැනිම , ගෙයක් සහ කාර් එකක් ලෝන් දමා හෝ මිළට ගැනිම, දරුවෙකු ඉපැද්දවීම , තමන්ට කරන්නට බැරිවුණ ඔක්කොමත් ඇතුළත් වන පරිදි ඒ දරුවා ද හැදිම හා මීට අමතරව ලංකාව යනු එපාම කරපු කුණු ගොඩක් බව පසුව පසක් වන නිසා රට හැර ‍ගොස් වෙන රටක පුරවැසිභාවය ලබා ගැනීම හා මියයාම එබඳු ලාංකේය මධ්‍යම පාංතික ජීවිත බහුතරයක ප්‍රධාන අවධීන් ලෙස වර්ග කළ හැකිය. කෙසේ වෙතත් මේ හොඳ ළමයි ද හොරෙන් හෝ එළිපිට ඉහත දේවල් වල නිරත වෙති. නැතත් පාන් සහ ගෑස් මිළ ඉහළ ගිය විට පමණක් දේශපාලනය කතා ‍ කොට ජීවත් වුණත් නැතා සේ හිඳ මියෙති.

මේ ක්‍රමයට ඇතුළත් වුව ද එසේ ඇතුළත් වන්නට හා පවතින්නට අකමැති අය සමාජය ප්‍රශ්න කරන්නට පටන් ගනියි. මෙය සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙන් ඇරඹී ආර්ථීකය හා දේශපාලනය ප්‍රශ්න කිරිම දක්වා විහිදෙයි. මෙබන්දන් තරුණ මදය නිස‍ා ටික කලක් රැඩිකල් ව්‍යාපාර වල නිරතව සිට සංස්කෘතියටද පිටුපා නිදහස් ජීවිත ගත කොට මැදි විය ළං වෙද්දි හොඳ ළමයින් වී පොදු ප්‍රවාහයේ දියව නොපෙනී යති. රැඩිකල් දෙශපාලනයේ තතු ද එහෙමය. මුලින්ම වමෙන් ද ඉන් පසු මැද ද ඊටත් පසු දක්ෂිණාංශිකද වී ආ ගිය තැන් අමතක වන තුරු ආස්ථානය මාරු කොට ධනේෂ්වරයේ මුරිච්චියක් වී පුළුවන් නම් අන්තිම කාලේ අඩුම තරමින් සෝවාන් වෙන්නටවත් උත්සහයක් දරා මියෙති.

මේ සියල්ල අතර පවතින ක්‍රමය සැබෑවට ප්‍රශ්න කරන්නන් විරලය. මේ සිර ගෙය කඩා දැමීමට අත පය තුවාල කර ගැනීමට ඉදිරිපත් වන්නන් ඊටත් වඩා විරලය. මූලිකම කරුණ මෙය සිර ගෙයක් බව තේරුම් ගැනීමයි. තමන්ට සිනහසෙන්නට , හදා වඩා ගනු ලබන නිසා ආදරය කරවා ගනු ලබන්නට, තමන්ගේ පරණ ඇරියර්ස් කවර් කර ගැනීමට ග්‍රීස් ගහේ නග්ගවා තරඟ කරවන්නට, ආදරය යන වචනය පාවිච්චි කරමින් දරුවෙකුගේ මුළු ජිවිත කාලයටම අයිති ශුද්ධ වූ නිදහස හෙවත් නිදහස් මිනිසෙකු ලෙස මහ පොළව මත ඇවිද යාමේ අයිතිය සේම පෞරුෂය ද අහිමි කොට රූකඩ සේ නටවන්නා වූ පවුල සතු හුය කඩා දමන්නට කී දෙනෙකුට ශක්තිය තිබේද? ආදරය යනු ආදරයම බවට පත් වීම මිස අත් කොට ගැනිම නොවන බව ක්‍රියාවෙන් පසක් කළ අවබෝධයෙන් යුත් ගැහැණු-මිනිස් සබඳතා වල සුන්දරත්වය සහ අත් කර ගන්නට තැනීමේ නිස්සාරත්වය කී දෙනෙක් වටහා ගෙන සිටී ද? ජිවිතයට සහ මරණයට ඇති බිය නිසාම ආගම් වල වහලුන් නොවන්නට, මමත්වය නිසාම ලොව ඉදිරිපිට නළුවන් වී කුහකයින් නොවන්නට, තමන්ගේ පිළේ එකාට සේම අනෙක් පිළේ එකාට ද ගරු කරන්නට හුදෙක් සඟවා ගත් අධි මානයෙන් අනෙකා නොපෙළන්නට හැකියාව තමන් විසින්ම අත් කර ගත යුත්තේද කුඩාවෙකු ලෙස ගෝත්‍රික බවට බෞතීස්ම කරනු ලැබූ දරුවාමය.

තමන් සොයා ගැනීමේ අරගලය තුළ අප කී දෙනෙක් සිටී ද? ලද එකම එක ජිවිත කාලය කෙසේ ගෙවිය යුතුද යන තීරණය පැහැදිළිව ගන්නට හැකි වූ කි දෙනෙකු ඔබට ජීවිතයේ දි හමු වී තිබේ ද? සමාජයට ආදරය කරන අතරම එහි ඇති ගෝත්‍රික බව හඳුනා ගැන්මට ද ඊට ප්‍රතිවිරෝධීව ප්‍රායෝගිකව ජිවත් වන්නටද ශක්තිය ඇති මිනිසුන් කී දෙනෙක් වෙත්ද? මූලිකම අරගලය තමා සමග බව වටහා ගත් තැන් පටන් තමන් තුළ ගොඩ නැංවීම් සිදුවිය යුතු බව පුද්ගලයා වටහා ගනියි. තමා ගොඩ නංවා ගැනීමෙන් හා නිශ්චිත අරමුණක් සහිත වීමෙන් තොරව කරන සමාජ කාර්යයන් නිශ්ඵල වන්නා සේම තාවකාලිකද ව්‍යාජ ද වෙයි. දීර්ඝ වෙහෙසවීම් ඇද වැටීම් හා කැප කිරීම් තුළින් අත් පත් කර ගන්නා ගොඩ නැංවිම් සහ අරමුණු සහිත එබඳු ජීවිත කෙදිනක හෝ මිහිමත උපත ලැබිම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ජීවිත වලට සීමා මායිම් නැත. හුවමාරුකිරීම් හෝ කේවල් කිරීම් නැත. පිල් බෙදීම් නැත. ඇත්තේ ආදරය ශක්තිය කොටගෙන ලෝකය ගොඩ නැංවීමේ ක්‍රියාවලිය තුළ ජීවමාණව වැඩෙහි නිරත වීම පමණි. ඒ ජීවිත වල සිහින නැත. ඇත්තේ වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් නිශ්චිතව ළඟා කරගත යුතු ඉලක්ක පමණි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
saranankara මෙහෙම කියනවා :
Sudu oyage boyfriend viplawawadi deshapalana sanwidhanayakata bandenawata (sirageya kadanna athapaya thuwal karagenimata witharak newei jeevithe denna)oya kemathida. oya u ta ehemakaranna denawada?

කිවුව වෙලාව- 2011-01-06 23:08:24
Rahula මෙහෙම කියනවා :
Malathie, everybody writes like this. Tell us what the right thing is (or should be)? The style is somewhat similar to that of somebody in X-Kandaayama. Anyway I can't see that there is any technical point you have discussed here. May be I am wrong. But truly I can’t get anything from this. What are you really trying to say?

කිවුව වෙලාව- 2010-12-19 00:58:31
Anton මෙහෙම කියනවා :
ඇත්තයි!සමාජයට ආදරය කරන අතරම එහි ඇති ගෝත්‍රික බව හඳුනා ගැන්මට ද ඊට ප්‍රතිවිරෝධීව ප්‍රායෝගිකව ජිවත් වන්නටද ශක්තිය ඇති මිනිසුන් කී දෙනෙක් වෙත්ද? මූලිකම අරගලය තමා සමග බව වටහා ගත් තැන් පටන් තමන් තුළ ගොඩ නැංවීම් සිදුවිය යුතු බව පුද්ගලයා වටහා ගනියි. තමා ගොඩ නංවා ගැනීමෙන් හා නිශ්චිත අරමුණක් සහිත වීමෙන් තොරව කරන සමාජ කාර්යයන් නිශ්ඵල වන්නා සේම තාවකාලිකද ව්‍යාජ ද වෙයි.

කිවුව වෙලාව- 2010-11-05 16:50:06
charu latha's hubby මෙහෙම කියනවා :
@LOKKA@BOONDI

"OBA KOTHEK DARSHANIKAWA KIWWATH ME LOKAYATA PAUL SIRAGEYA PAWATHMA UDESA AWASHSHA WE ATHA.A JEEWITHAWALA SIHINA NOWE,SIYALUMA JEEVEENTA PODU LINGIKA AWASHATHA SAHA THAMA ABIMANAYA PILIBANDA SITHUWILIYA"

jamboorna eththa LOKKA@BOONDI...eka ne part time pol lellak ona wenne...gedara thembili gediyak thiyeddiee...hik hik

maara adaaas ne ...@LOKKA@BOONDI

"OBA KOTHEK DARSHANIKAWA KIWWATH ME LOKAYATA PAUL SIRAGEYA PAWATHMA UDESA AWASHSHA WE ATHA.A JEEWITHAWALA SIHINA NOWE,SIYALUMA JEEVEENTA PODU LINGIKA AWASHATHA SAHA THAMA ABIMANAYA PILIBANDA SITHUWILIYA"

jamboorna eththa LOKKA@BOONDI...eka ne part time pol lellak ona wenne...gedara thembili gediyak thiyeddiee...hik hik

maara adaaas ne ...


කිවුව වෙලාව- 2010-10-11 06:14:38
Amiyu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-10-09 00:37:09
nodutu මෙහෙම කියනවා :
ආදරය යනු ආදරයම
මේ සිර ගෙය කඩා දැමීමට
ඒ ජීවිත වල සිහින නැත
ඇත්තේ වඩා යහපත් ලෝකයක් ?

impressive article


කිවුව වෙලාව- 2010-10-07 02:49:09
Michael Corleone මෙහෙම කියනවා :
Dear Malathi, This is indeed a good piece. But, I am wondering of the three most important persons you have mentioned in the first sentence in this article.

කිවුව වෙලාව- 2010-10-06 22:31:46
Abbas මෙහෙම කියනවා :
honda adahas dakweemak
cheers


කිවුව වෙලාව- 2010-10-06 21:10:07
LOKKA මෙහෙම කියනවා :
MINISA DRAWYA SANWARDANAYE THAWATH PRATHIPALAYAK MISA ANEKAK NOWE.EBAWIN SIYALU DARSHANAYAN PARADAWAMIN AWASANAYA THAMA WARGAYAGE PAWATHMA THAHAWARU KARAGANEEMATA HOMORNAMAYA KRIYAWALIYAKA AWASAN PRATHIPALAYAK BAWATA JEEWITHAYA PATHWE.OBA KOTHEK DARSHANIKAWA KIWWATH ME LOKAYATA PAUL SIRAGEYA PAWATHMA UDESA AWASHSHA WE ATHA.A JEEWITHAWALA SIHINA NOWE,SIYALUMA JEEVEENTA PODU LINGIKA AWASHATHA SAHA THAMA ABIMANAYA PILIBANDA SITHUWILIYA

කිවුව වෙලාව- 2010-10-06 17:12:42
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook