Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
සරුංගල් ලුහුබඳින්නා
බූන්දි, 23:28:06
තදින් හුස්ම ගනිමින් මම ඔහු අසලම වූ හිම තලාවක් මත ඇද වැටුණෙමි. "උඹ නිකම් කාලෙ නාස්ති කරනවා. සරුංගලේ යන්නෙ අනික් පැත්තට. උඹට ඒක පෙනුණෙ නැද්ද?"

හසාන් සිය මුවේ වූ මල්බෙරි ගෙඩියක් පිඹ හැරියේය. "ඒක මෙතනට එනවා." ඔහු කීවේය. මට හුස්මක් කටක් ගැනීමට නොහැකි තරමේ විඩාවක් දැනුණද ඔහුට නම් එවැනි සලකුණකුදු නැත.
"උඹ කොහොමද දන්නෙ?" මම ඇසීමී.
"මං දන්නවා."
"උඹ කොහොමද දැන ගත්තෙ?"
ඔහු මවෙත හැරුණේය. ඔහුගේ මුඩු හිස මතින් දහදිය වැල් කීපයක් ගලා එමින් තිබුණේය. "අමීර් අගා, මං ඔයාට කවදාම හරි බොරු කියලා තියේද?"
හදිසියේම මම ඔහු මඳක් ලෙල්ලම් කිරිමට තීරණය කළෙමි. "මං දන්නෙ නෑ. උඹ එහෙම කරනවද?"

"එහෙම කරල තියේනම් මං දැන් ඕනෙම ලැජ්ජාවක් විඳින්න ලෑස්තියි." ඔහු පිළිතුරු දුන්නේ කෝපාන්විත බැල්මක් හෙළමිනි.
"හැබෑටම? උඹ එහෙම කරනවද?"
"කොහොමද?"

"මං කිවුවොත් මං වෙනුවෙන් ඕන අවමානයක් විඳිනවද?" මම ඇසීමී. පිළිතුරු දීමට වදනක් නොදත් හසාන් හට ඇණුම් පද කී අවස්ථාවල දී මෙන් දැනුදු මා ඔහු හට නපුරු වෙමින් ඉන්නා බැව් මම දැන සිටියෙමි. එහෙත් දැන් මේ ක්‍රියාවේ කිසියම් විනෝදජනක බවක් රැඳී තිබිණි. මඳ නොහොබිනා කමක් රැඳුණේ වුවද හසාන්ට රිදවීමේ කිසියම් විනෝදාත්මක බවක් මට දැනුණි.

එය හරියටම අප එක්ව කුඩා කෘමීන්ට හිංසා කළ අවස්ථාවක් මෙනි. වෙනසකට තිබුණේ ඔහු කෘමියා බවට පත්ව සිටියදී කුඩා දේ ලොකු කර පෙන්වන කාචය ඔහු වෙත එල්ල කරන මිනිසා මා වීම පමණි.

********

"ඔයා මට කියනවා නං මං ඕනෙම ලජ්ජාවක් විඳින්න ලෑස්තියි." මා දෙස සෘජුවම බලාගෙන අන්තිමේදි ඔහු කීවේය. මම වහා බිම බලා ගතිමි. තමා කියනා සෑම දෙයක්ම එපරිදි කිරීමට මුළු හදින්ම සූදනම්, හසාන් වැනි මිනිසුන් දෙස සෘජුව බැලීම ඉතා අසීරු කාර්යයක් ලෙස මේ අද වන තුරු මම හඟිමි.

"ඒත් මං මේ කල්පනා කරන්නේ." ඔහු සිය වදන්වලට එසේද එකතු කළේය. "අමීර් අගා, ඔයා ඒ වගේ දේවල් කරන්නය කියලා කවමදාක හරි මගෙන් ඉල්ලා හිටියද කියලයි." ඉඳින් එසේ ඔහු මා සුළු පරීක්ෂාවකට ලක් කළේය. ඔව්, මා ඔහුගේ පක්ෂපාතිත්වය, අවනතභාවය පිළිබඳ පරීක්ෂා කිරීමට, ඊට අභියෝග කිරීමට යන්නේ නම් ඔහු පෙරළා මගේ මහත්මා ගුණය පිළිබඳවද පරීක්ෂා කරනු ඇත්තේය.

-සරුංගල් ලුහුබඳින්නා [The Kite Runner]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Kite Runner 2003, Khaled Hosseini, Riverhead Books, The Kite Runner 2007 film, by Marc Forster
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
M.Rishan Shareef මෙහෙම කියනවා :
The Kite Runner original english novel eka godaak lassanai..mama movie eka thaama beluve nehe..balanna aasai.. hebai balanna hithagena inna kattiya, book eka read kalaata passe movie eka balana eka hondhai kiyalai mama hithanne..mokakdha, book ekak read karanakota writerge adhahasa ape hithvalata hondhata vadhinava nedha?

Writer Khalid Hosseini ge thavath novel ekak thiyanava.. 'A thousand splendid suns'...
Eakath godaak hondha kathaavak.. 'The kite runner' eka boys la dhennekuge kathaavanam, meka gehenu dhennekuge kathaava..


කිවුව වෙලාව- 2010-10-11 02:29:40
Sanka මෙහෙම කියනවා :
ආ ආ.. නෑ අක්කේ...
මේ පොත නම් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා......ෆිල්ම් එක නං ඉන්ග්ලිෂ් එක තමයි.
මම කියන්න උත්සාහ කළේ, එක පැත්තකින් ඇෆ්ගන් අත්දැකීම් අනෙක් පැත්තෙන් විශ්වීය මානව අත්දැකීම් බවට පත්වෙන ආකාරයයි. සරලව ගත්තොත් ඇෆගන් කතාවක් අපිව අඬවන හැටි..


කිවුව වෙලාව- 2010-10-11 02:29:16
Manel Fernando මෙහෙම කියනවා :
Sanka,

Mae potha, 'Kite runner' mama aasaawen kiyawapu pothak. Movie ekath balala thiyenawa. Aekath saarthakai mata hithena vidihata. Oyaa kiyanne maeka sinhalenuth thiyenwai kiyalada? mata pahedili nahe.

Manel akka


කිවුව වෙලාව- 2010-10-11 02:29:01
Sanka මෙහෙම කියනවා :
මේ චිත්‍රපටය පහුගිය දවසක ලංකා අක්ෂයේදි තිරගත කළා....එදා එන්න බැරිවුණත් මම පස්සේ ඒක බැලුවා.....

යාන්ත්‍රික ජීවිතය විසින් අතහැර දමා තියෙන මිනිස්සුන්ගේ සොඳුරු හැඟීම් තවමත් හැංඟිලා හරි තියෙනවා කියලා නැවතත් මතක් කරලා දෙන චිත්‍රපයටක් විදිහටයි මට මේක දැනුනේ. ඒ මගේ ජීවිතේට සාපෙක්ෂව.
සිනමා කෘතියක් හැටියට ගත්තත් බොහෝදුරට සාර්ථකයි කියලා හිතෙනවා. ඇෆ්ගනිස්ථානයේ කර්කෂක අතීතය අතිශයින්ම සාර්ථක කලා නිර්මාණයක් දක්වා පරිවර්තනය කිරීම ප්‍රශංසනීයයි.


කිවුව වෙලාව- 2010-10-11 02:28:39
Akila DJ මෙහෙම කියනවා :
කඳුළු සැලීම අත්‍යවශ්‍ය නම්,
කිඹුල් කඳුළු හෙලන ක්‍රමයක් හොයාගන්න!...


කිවුව වෙලාව- 2010-10-09 10:58:59
READER මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-10-08 03:35:38
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook