Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
කඳු නාය ගිය පසු
බූන්දි, 02:50:45
මහා වැසි මැද කඳු නාය ගොස්
මහ හඬින් පහලටම රූටා ගලා ආ
තෙතැති පස් කන්දකට යට වී
නොයෙක සුන්බුන් අතර
ඔබ සිරව අතරමං වූ බව සැබැයි
එහෙත් ඒ තනිවම නෙවෙයි
උදවු ඉල්ලා කෑ ගසන විට
ශේෂ කඳු වැටි අතර ඒ
ඇහෙන්නේ ඔබෙ හඬේ
දෝංකාරය නෙවෙයි
එකිනෙකා නොපෙනෙන අඳුර මැද
තුවාලව අඩපණව මේ ළඟම වැතිරුන
නෑසියන්ගේ මරණීය වැළපුමයි

වළාකුළු ගණ කළුව බිඳ
මග කියන්නට තරු නොඑයි
මලවුන්ගෙ රැය ගෙවෙන්නේ මේ
මල් සුපිපි නිසංසල
හෙට උදයකට නම් නොවෙයි
තළු මරන වෘකයන් ඔබ අසල
මේ රැයේ කල් මරන්නේ
ඔබේ තනියට නොවෙයි.
සියවසක් තව
වැටී හුන්නද අසරණව ඔබ
ගැලවුමට කවුරුත් නොඑයි.

දෑතින්ම පස්කඳු පහුරු ගා නැගී සිට
අතට අසුවන කැට මුගුරු ගෙන
ලේ ඉවට සැරි සරන
නිශාචර වෘක දත් බිඳ
ශේෂ වූවන් සොයා
ඇවිද යන්නට කාලයයි.

මඩ දියෙන් වැසී ගිය මංපෙතක වුව
ගැඹුරටම කා වැදුනු පා ලකුණු
ඔබේ ඇස ගැටෙන තෙක්
තවත් මොහොතක් නොමැකී රැඳෙයි.

-2010 ඔක්තෝබර්
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Priyantha Pushpakumara මෙහෙම කියනවා :
The revolution is not an apple that falls when it is ripe. You have to make it fall. Ernesto 'Che' Guvera

කිවුව වෙලාව- 2010-10-30 14:37:40
Priyantha Pushpakumara මෙහෙම කියනවා :
Not only people like Supipi tack a cover by people like Ajith C, it work the other way around too.

කිවුව වෙලාව- 2010-10-28 04:49:58
?...!!!..???? මෙහෙම කියනවා :
සුපිපිගෙ අදහාස් දෑක්විම එතනින් අහාවරයි වගෙ පේන්නෙ, මේක චන්ඩිකමකට නෙමේයි අහාන්නෙ, මගේ අවබෝදය තමයි, සුපිපි වගෙ සුලු දනපති මතවාදින් භාවිතාව ප්‍රශ්න කරපු හෑටියෙම නිශ්ශබ්ද වෙනවා. මේ අය හෑමදාම කරන්නෙ සන්කල්ප වමාරන එක විතරයි.මේ වගෙ අයට අජිත්ලගේ භාවිතාව හොද අවරනයක්.

කිවුව වෙලාව- 2010-10-27 03:21:03
Ruwan මෙහෙම කියනවා :
නියමයි!

කිවුව වෙලාව- 2010-10-25 22:45:42
Priyantha Pushpakumara මෙහෙම කියනවා :
For Gramsci, the revolutionary intellectuals should originate from within the working class rather than being imposed from outside or above it.

"They are not only thinkers, writers and artist but also organisers such as civil servants and political leaders, and they not only function in civil society and the state, but also in the productive apparatus..." (Simon, 1991: 90)


කිවුව වෙලාව- 2010-10-23 10:53:08
?...!!!..???? මෙහෙම කියනවා :
සුපිපිගෙ අදහස සන්කල්පයක් හෑටියට හරියටම හරි, නමුත් ප්‍රශ්නය තියෙනෙ කවුද මුලපුරන්නෙ, මේ මොහොතෙ අවශය සන්කල්ප සහ ක්‍රියව අතර සම්බන්දය ගොඩනෑගිමක්, ඒ ක්‍රියවට මුලපුරන්න අජිත්ගෙ කවියට පමනක් පුලුවන්කමක් නෑහෑ. අජිත් කවියෙක් පමනක්නම් ඒයාගෙන් ඒදේ බාලාපොරොත්තුවිමෙන් පලක් නෑහෑ. මුලපුරන්නෙක් පහල වෙනතුරු බලාඊමු අපි.

කිවුව වෙලාව- 2010-10-23 04:32:29
සුපිපි මෙහෙම කියනවා :
අජිත් සී, අජිත් සී බව පෙන්වමින් නිහැඬියාව බිද දමා තියෙනවා. සිතිවිලි කවියක් බවට පෙරලෙන තරම් සාමකාමීව ක්‍රියාවට නගන්න බෑ තමයි. ඒත් ශේෂ වූවන් සොයා ඇවිද යන්නට කාලය බව මතක් කර දීම කවුරු හරි කල යුතු දෙයක්

කිවුව වෙලාව- 2010-10-22 04:24:09
?...!!!..???? මෙහෙම කියනවා :
සිතුවිලි කවියක් බවට පෙරෙලෙන ආකාරයටමනෙමෙයි නේද ක්‍රියාවට නෑගෙන්නෙ.

කිවුව වෙලාව- 2010-10-21 14:23:50
Sudath මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-10-17 21:03:04
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook