Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
"මේ සියල්ලම උතුරෙදිත් සිද්ධ වුණා!"- සමන් පුෂ්පකුමාර
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සමන් පුෂ්පකුමාර (දර්ශන අංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය) සමග ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර කළ කතාබහ.
බූන්දි, 05:30:12
• වර්තමාන සමාජ දේශපාලනික කරුණු කාරණා ඔබ තේරුම් අරන් තියෙන්නෙ කොහොමද?

මං අන්තිමට රාවයට සම්මුඛ සාකච්ඡාවක් දුන්නෙ දෙදහස් අටේ සැප්තැම්බර් මාසේ. ඒ මුළු සමාජයම යුද්ධය කෙරේ නාභිගත වෙලා, යුද්ධයට අවශ්‍ය විදිහට හැඩගැසුණු යුගයක. දකුණේ මිනිසුන්ට ආර්ථීක ආදී මොන මොන පීඩා විඳින්න සිද්ධ වුණත්, මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙලා ගියත්,

කොයිතරම් සමාජය මිලිටරිකරණය වෙලා තිබුණත් ප්‍රශ්නයක් නෑ. මොකද මේ ඔක්කොම වෙන්නෙ උතුරේ අරගලය නැති කරන්න කියන මතය තමයි ඒ වන විට ප්‍රබලතම අදහස විදිහට සමාජය තුළ තහවුරු වෙලා තිබුණා. මේ ජනප්‍රිය මතවාදයට විරුද්ධව අදහස් දැක්වූයේ ඉතාමත් සීමිත පිරිසක් විතරයි. නම් වශයෙන් කියනවා නම්, වික්‍රමබාහු කරුණාරත්න, සුචරිත ගම්ලත්, රෝහිත භාෂණ සහ පෙරදිග සුළං කණ්ඩායම විදිහට අපි. ඒත් අපි ගෙනගිය මතය ඉතාමත් සුළු පිරිසක් තමයි පිළිගත්තෙ. තවත් අතකට ඒ කාලය වන විටත් අපිට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට හැකියාව තිබුණේ නෑ. ඒ නිසාම රෝහිත භාෂණලාට විතරක් නෙමෙයි මාත් එක්ක ඒ කියූ සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදියාටත් රට අතහැරලා යන්න සිදුවුණා. මොකද යමෙක් කතා කළයුත්තේ මොනවාද, යමෙක් ලිවිය යුත්තේ මොනවාද කියන දේවල් පවා, ඒ වනවිට සමාජය තුළ නිර්වචනය වෙලා තිබුණා.

එදා මම දුන්නු සම්මුඛ සාකච්ඡාවෙදි මගේ මූලික අවධානය යොමුවුණේ උතුරේ අරගලයෙන් පස්සෙ දකුණේ සමාජය තුළ මොකක්ද වෙන්නෙ කියන එක පිළිබඳව. එතනදි මට පැහැදිලිව පෙනුණා උතුරේ අරගලය අවසන් කරනවා කියන එකේ යටි අර්ථය දකුණේ ඒකාධිපති ආණ්ඩුවක් බිහිකරනවා කියන එක කියලා. ඒ තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු ස්වාභාවිකවම බැඳී තිබුණා.

• ඔය කියූ චින්තනයේ මූලික පරිණාමය සිදුවන්නේ කවරාකාරයෙන්ද?

එක්දහස් නවසිය අනූ ගණන් වන විට මේ රටේ විශාල වැඩ වර්ජනයක් එනවා. නමුත් ඒ වැඩ වර්ජනය පරාජය වීමත් සමග අතිවිශාල සමාජ දේශපාලනික වෙනස්වීම් රාශියක් මේ රට ඇතුළෙ සිදුවෙනවා. යම් යම් ආකාරයන්ට මාක්ස්වාදී අදහස් දරපු අය ක්‍රමානුකූලව 'ජාතිකවාදය' දෙසට තල්ලුවීම ඒ අතර ඉතා වැදගත් කරුණක්. ඒකෙ කූඨප්‍රාප්තිය තමයි මහාචාර්ය නලින්ද සිල්වා සහ ගුණදාස අමරසේකර වගේ අය ජාතිකවාදය එසේත් නැත්නම් ජාතිවාදය සඳහා අවශ්‍ය මූලික සූත්‍ර ගතකිරීම් කරන්න පටන් ගැනීම. ඔවුන්ට මේ සඳහා ඒ වනවිටත් මාක්ස්වාදය පිළිගත් පිරිස සමග හැප්පෙන්න සිදුවුණා. මේ කරුණු සියල්ල මූලික වශයෙන් ගොඩනැඟුණේ මෙරට විශ්වවිද්‍යාල පදනම් කරගෙන. මෙතැනදී පේන්න ලැබුණු ප්‍රධාන කරුණක් තමයි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් පවා ක්‍රමයෙන් ජාතිකවාදී මතය කරා තල්ලුවීම. ඒ අනුව විශ්වවිද්‍යාල ඇතුළෙ යම් යම් සංවාද විවාද ඇති වෙන්න පටන් ගත්තා.
තත්ත්වය මෙහෙම තියෙද්දි විශ්වවිද්‍යාල කේන්ද්‍ර කොටගෙන පැවැත්වුණු මෙම ජාතිකවාදී මතවාද පොදු සමාජය තුළට යැවීමේ කොන්තරාත්තුව ඇතැම් ජනමාධ්‍ය මගින් භාරගත්තා. දිවයින පුවත්පත තමයි ඒ අතර ප්‍රධාන වුණේ.

ජාතික මතවාදය තුළ නලින්ද සිල්වලා බලාපොරොත්තු වුණු ප්‍රධාන කරුණු කිහිපයක් තිබුණා. ඉන් ප්‍රධානතම එකක් තමයි උතුරේ අරගලය යුදමය වශයෙන් ඉවර කිරීම. එතනදි ඔවුන්ට පුළුවන්කම තිබුණා සාමාන්‍ය ජනතාව තුළ ඒත්තු ගන්වන්න අපිට ස්වර්ණමය සමාජ සංස්කෘතික ඉතිහාසයක් තිබුණා ඒ සියල්ල නැතිවුණේ මේ එල්ටීටීඊකාරයන් නිසා කියලා. ඒ නිසා අපි මේ සමාජය කරා නැවත ගමන් කරන්නට නම් උතුරේ අරගලය සාමූහිකව පරාජය කළ යුතු බව ඔවුන් සූක්ෂ්ම ලෙස සමාජ ගතකළා.

මේ මතයත් එක්ක මූලික යුගය තුළ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වුණේ නෑ. විශ්වවිද්‍යාල තුළ මේ මතය තහවුරු කළ ශිෂ්‍යයන් ඒ දේ කළේ ජනතා විමුක්ති පෙරමුණ සමග ගැටෙමින්.

88-89 කැරැල්ල ආවයින් පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට අනුබද්ධිත ශිෂ්‍ය කණ්ඩායම් කල්පනා කළ දෙය තමයි ප්‍රේමදාස කියන්නෙ නූගත් දුර්වල පාලකයෙක්. ඔහු බලයට ආවට පස්සෙ ඔහු ඉවර කිරීම මගින් තමන්ට බලය අත්පත් කරගන්න පුළුවන් වෙයි කියන එක. නමුත් සිද්ධ වුණේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. දැඩි මර්දනයකින් පස්සෙ කැරැල්ල සම්පූර්ණයෙන් මැඩපැවැත්වුණා.

නැවත 93 වගේ කාලය එද්දී අලුත් ශිෂ්‍ය කණ්ඩායම් විශ්වවිද්‍යාල තුළ මතුවුණා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණත් දේශපාලනික සංවිධානයක් විදිහට මතුවුණා. ඒත් චන්ද්‍රිකා බලයට පත්වෙනවාත් සමග යටපත්වෙලා තිබුණු ජාතිවාදයන් ආපහු හිස ඔසවන්න පටන් ගත්තා. ඒකට හේතුවුණේ බලය බෙදීම සම්බන්ධයෙන් චන්ද්‍රිකා ගෙනයෑමට උත්සාහ කළ වැඩපිළිවෙළ. එතනදි නලින්ද සිල්වාගේ කණ්ඩායම එක පැත්තෙනුත්, පාඨලී චම්පිකලා වගේ පිරිස් සහ ජනතා විමුක්ති පෙරමුණත් බලය බෙදීමට විරුද්ධව දැඩි ව්‍යාපාරයක් ගෙන යනවා.
එක් පැත්තකින් වාමාංශික අදහස් දරපු අය සහ විවිධ රාජ්‍ය නොවන සංවිධාන බලය බෙදිය යුතුයි කියලා කියද්දී මේ ජාතිවාදී ව්‍යාපාර ඊට විරුද්ධව දැඩි ප්‍රහාර එල්ල කළා. අපේ සංස්කෘතියට අනුව වැඩ කරන, බුද්ධාගම ආරක්ෂා කරන පාලකයෙක් මෙරටට අවශ්‍යයැ'යි කියන අදහස සමාජය තුළ තහවුරු කරමින් සමාජය ව්‍යුහාත්මක වෙනසකට බඳුන් වුණා. එතනදි චම්පිකලා භික්ෂූන් වහන්සේලා අල්ලගෙන තම මතයන්ට අනුව හැඩ ගැහෙන්න උත්සාහ කරද්දී ජනතා විමුක්ති පෙරමුණටත් අවශ්‍ය වුණා තම පක්ෂය යම්කිසි වෙනසකට බඳුන් කරන්න. එතැනදි ඔවුන් සමාජයට පෙන්නන්න උත්සාහ කළ දේ තමයි, තමන් පන්ති අරගලයත් ජාතික අරගලයත් දෙකම බැලන්ස් කරගෙන යනවා කියලා. නමුත් යථාර්ථමය වශයෙන් මොවුන් අතින් සිදුවුණේ පන්ති අරගලය පසෙක තිබියදී ජාතිවාදය ඉස්මතු කරගෙන තම සංකල්පීය හරය සහ ශ්‍රමය වපුරමින් වර්තමාන ජනාධිපතිවරයා බලයට ගන ඒම විතරයි.

ඒ වෙලාව වනවිට මේ රටේ තිබුණු විකල්ප මතවාද ගණනාවක්ම මේ ජනප්‍රිය ජාතික මතය සමග එකතු වුණා. මේත් එක්ක බලය බෙදිය යුතුයි කියලා දැඩි ස්ථාවරයක හිටි අය ආණ්ඩුවත් එක්ක අතිශය විකෘති ආකාරයට සන්ධානගත වුණා. මීට විරුද්ධව සිටි ජනමාධ්‍යවේදීන්ට සිදුවුණේ රට අතහැරලා යන්න. මීට විරුද්ධ වුණු කලාකරුවන්ගේ නිර්මාණවලට දැඩි වාරණයක් පැනවුණා. එතෙක් වෙලා රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී දියුණුවක් අපේක්ෂා කළ උගත්තු රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී දියුණුවක් නැතත්, යුදමය සහ ආර්ථීකමය දියුණුවක් ඇතැ'යි තර්ක කරන්න ගත්තා. තත්ත්වය මෙහෙම වෙනකොට අද වන විට එදා උතුරේ සිදුවූ හැම ක්‍රියාවක්ම අද වන විට දකුණේ අත්විඳින්න පටන් ගත්තා. ඒ අනුව උතුරේ තරුණයන් පැහැර ගෙන යනකොට පුවත්පත් කලාවේදීන් ඝාතනය වෙද්දී ඒක හොඳයි, එහෙම නැතිව බෑ කියලා කිවූ හැමෝටම උතුරේ මිනිස්සු වින්ද පීඩනය අත්විඳින්න සිද්ධ වුණා. තවත් අතකට උතුරේ අරගලය ඉතාම තිරශ්චීන ලෙස ඉවර කළ ආකාරය අත්විඳපු දකුණට අද වනවිට දකුණේ ඇති වන අපරාධ එතරම් දැනෙන තත්ත්වයක් නෑ. ඒ නිසා අද පත්තරකාරයකුට ගැහැව්වා කියලා පත්තරකාරයෙක් අතුරුදහන් කළා කියලා ශිෂ්‍ය පෙළපාළිවලට පහර දී ඔවුන් මර්දනය කළා කියලා සමාජයට ඒ දේවල් දැනෙන්නෙ නැත්තෙ ඒකයි. යම්කිසි බලයක් උරුම වුණු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ එදා උතුරේ දෙමළ ජනයා මර්දනය කරද්දී ඊට විරුද්ධ වුණා නම් අද වන විට රජයට මේ ආකාරයෙන් කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

• එක්තරා අතකට මේ වන විට සමාජය තුළ විකල්පයන් ගොඩනැගෙන්නෙ නෑ තවත් අතකින් එහෙම ගොඩ නැගෙන්න අවකාශ නෑ?

මේ වෙනකොට යුද්ධය ඉවර වෙලා අවුරුද්දකටත් වඩා ගිහින් තියෙනවානෙ. අපි මීට අවුරුදු දහයකටත් කලින් මතු කළ දෙයක් තමයි මේ සමාජය සම්පූර්ණයෙන්ම හැසිරවෙන්නෙ මාධ්‍ය විසින් කියන එක. මොකද මේ සමාජය තුළ ජනමතය සහ විනෝදය සංවිධානය වෙන්නෙ මාධ්‍යයත් එක්ක කියලා අපි කලින්ම දැක්කා. උතුරේ දහස් ගණනක් සාමාන්‍ය වැසියන් ඝාතනය වෙද්දී එක්තරා අතකට දකුණේ සමාජය ඒ සිදුවන දේ පිළිබඳව නිවැරදිව දැනගෙන හිටියෙ නෑනෙ. යුද්ධය හේතුකොට හමුදා නිලධාරීන් පවා විශාල සංඛ්‍යාවක් මියගියා. නමුත් දකුණට මරණ ආවෙ හරි අඩුවෙන්. මේ තත්ත්වය ඉතාම සූක්ෂ්ම විදිහට කළමනාකරණය කරන්න මේ රජය සමත් වුණා. තවත් පැත්තකින් යුද්ධය පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා දුන් ශිවරාම් වගේ අය ඝාතනය වුණා. ඒත් එක්ක උතුරේ ඇත්තටම සිදුවන්නෙ මොකක්ද කියන එක මිනිස්සුන්ට ලැබුණෙ නෑ වගේම ආණ්ඩුව මේ ජාතිවාදී දෘෂ්ටිවාදය ඇතුළෙ කරගෙන යන මෙහෙයුම මොකක්ද කියලා ඔවුන්ට අවබෝධයක් තිබුණෙත් නෑ.

ඔවුන් ඒ තත්ත්වය මනාව කරගෙන ගියේ මේ දෘෂ්ටිවාදයත් එක්ක මිනිස්සුන්ට විනෝදයක් ලබාදෙන්න කටයුතු කිරීම තුළින්. එක වෙලාවක කියනවා අපේ ගුවන්යානා බෝම්බ දැම්මා කියලා, තවත් වෙලාවක කියනවා තමිල් චෙල්වම් මැරුණා කියලා. තවත් වෙලාවක කියනවා කොළඹ නගරයේ ඉන්න දෙමළ මිනිස්සු ඔක්කොම උතුරට පටවනවා කියලා. මේ හැම එකකින්ම දකුණට මාර විනෝදයක් ලැබෙනවානෙ. අද වන විට තත්ත්වයත් එහෙමයි. දැන් දහස් ගණනක් මිනිස්සු යනවානේ උතුරේ සංචාරය කරන්න. හමුදාව බිම දමා තිබුණු, දෙමළ මිනිස්සු වතුර බීපු ටැංකිය උඩට නැගලා ඔවුන් පින්තූර ගන්නවා. එයින් මාර විනෝදයක් ලබනවා මේ අපේ වැඩ තමයි කියලා.

එක පැත්තකින් අපි දෙමළ මිනිස්සුන්ව දකින්න කැමති විදිහක් තියෙනවානෙ. ඔවුන් සාර්ථකව ගොවිතැන් කරලා, ව්‍යාපාර කරලා දියුණු වෙලා ඉන්නවා දකින්න අපි කැමති නෑ. ඔවුන් අපිට වඩා දක්ෂ විදිහට ඉගෙන ගන්නවා කියලා හිතන්න, දකින්න අපි කැමතිත් නෑ. වතුවල දෙමළ මිනිස්සු ඉන්න ආකාරයක් තියෙනවානෙ. ඔවුන් ඒ විදිහට ඉන්නවා දකින්න තමයි අපි කැමති. ඉතින් දැන් දෙමළ මිනිස්සු දිහා තමන්ට කැමති විදිහට බලලා විනෝද වෙන්න අවස්ථාව රජය අරන් දීලා තියෙනවා. මොකද දැන් ඔවුන් කුකුල් කූඩුවලටත් වඩා නරකාදි රැඳවුම් කඳවුරුවලනෙ ඉන්නෙ. අනෙක් අතට ඉදිරි පරම්පරා ගණනාවක් යනතුරු දෙමළ මිනිස්සුන්ගෙ අධ්‍යාපනයක් ගැන හිතන්නත් බෑ.

• මේ වන විට රටේ ආර්ථීකය හොඳටම කඩාගෙන වැටිලා, රජය ගෙනයන බොහෝ ක්‍රියාමාර්ග ප්‍රජාතන්ත්‍ර විරෝධී බව බැලූ බැල්මට පේනවා?

ඒක හරි. ආර්ථීකය කඩාගෙන වැටෙන කොට දෘෂ්ටිවාදයත් කඩාගෙන වැටෙනවා කියලා මතයක් තියෙනවා තමයි. ආර්ථීකයෙන් දෘෂ්ටිවාදය තීන්දු කරනවා කියන මතය අයිති වෙන්නෙ සම්භාව්‍ය මාක්ස්වාදයට. ඒක අද වන විට ඒ හැටියටම වලංගු නෑ. අපි පෙන්නලා දුන්න විදිහට, දෘෂ්ටිවාදයක් සම්පූර්ණයෙන්ම රැඳෙන්නෙ ආර්ථීකය මත නෙමෙයි. මේ වන විට දෘෂ්ටිවාදය වැඩිපුරම සම්බන්ධ වෙන්නෙ මිනිස්සුන්ගෙ විනෝදය කියන දෙයත් එක්ක. මේ හැමදෙයක්ම රජය කරන්නේ මේ රටේ උන්නතියට කියන මතයනෙ අද වනවිට තියෙන්නෙ. අපිට අතීතයේ තිබුණු ස්වර්ණමය යුගයට අපි හරි ඉක්මනට ආයෙත් ළඟා වෙනවා කියන විශ්වාසයනෙ හැමෝම අද වනවිට ඉන්නෙ. පාලම් හැදෙනවා, පාරක් දෙකක් හැදෙනවා ඉතින් මේවත් එක්ක මං කලින් තිබූ දේවල්වලදි වාගෙම ජනතාවගේ විනෝදය ආරක්ෂා වෙනවනෙ.
කන්න නැති වුණත් හැම දෙයක්ම නැගලා යනවා වගේ තමයි හැමදේම පේන්නෙ. නමුත් අපි දන්න ආර්ථීක විද්‍යාවට අනුව ඇයි මේ දේවල් ඈත්වෙන්නෙ කියලා ප්‍රශ්න කරන්න අපි පෙළඹෙන්නේ නෑනෙ. ලංකාවෙ පාරවල් හැදුණත් ඒ එකකින්වත් අපේ රටේ නිෂ්පාදන පිටරටට යනවද? නෑනෙ. සිදුවන්නෙ චීනය වගේ රටවලින් අපේ රටට එන එක විතරයි. නමුත් මිනිස්සු මේ පාරවල්වල ගිහින් විනෝදයක් ලබනවා.
මේ වැඩපිළිවෙළත් එක්ක සංචාරකයෝ එනවා, සංචාරක කර්මාන්තය දියුණු වෙනවා කියලා තවත් විශ්වාසයක් තියෙනවානෙ. නමුත් ඇත්ත තත්ත්වය තමයි අපි දෙමළ මිනිස්සු දිහා බලන්න කැමති විදිහක් තියෙනවා වගේ විදේශිකයින් අපි දිහා බලන්න කැමති විදිහකුත් තියෙන එක. අපේ ආත්මීය තත්ත්වයක්නෙ හිඟන්නෙකුට සල්ලි දීලා සතුටු වන එක. නමුත් හිඟන්නො නැති වුණොත් මොකද වෙන්නෙ. අපේ ආත්මීය තත්ත්වයන් අර්බුදයට යනවානෙ. ඒ නිසා බටහිර සංචාරක ආකර්ෂණය ලයිට් දාපු කාපට් පාරවල් කෙරේ යොමුවෙනවා කියලා හිතන එකම මෝඩකමක්.

පාරවල් හදලා, උතුරේ සංචාරය කරලා විනෝදය ලබන විනෝදයත් එක්ක ගැටගැහුණු දෘෂ්ටිවාදයන් ආර්ථීකය නිසාම බිඳවැටීමක් සිදුවන්නේ නෑ. ආර්ථීක ප්‍රශ්න කොච්චර ඉස්සරහට ආවත් විනෝදයට සම්බන්ධව තිබෙන තාක්කල් දෘෂ්ටිවාදයක් කඩන්න බෑ. ඒ නිසා මෙතන බිංදුවේ ඉඳන් ආරම්භ කරන්න වෙනවා.

• මේ වෙනකොට වෘත්තීය ක්‍රියාකාරකම් සහ ශිෂ්‍ය ව්‍යාපාර එක් පැත්තකින් මර්දනය වෙනවා, තවත් පැත්තකින් ජනමාධ්‍යවේදීන් දැන දැනම ප්‍රහාරයට ලක්වෙනවා?

ඔය හැමදේම උතුරෙත් වුණානෙ. මං කලින් කිව්වා වගේ උතුරේ අරගලය යොමුවෙන්නෙම වැරදි තැනකටනෙ. වෘත්තිය අරගලයක් කෙරුවොත් ඒක ඉස්සර සැලකුවේ යුද්ධයට කරන බාධාවක් විදිහට. දැන් යුද්ධය ඉවරවෙලා තියෙන යුගයේ මේවා අර්ථකථනය වෙන්නේ රට ඓශ්චර්යය කරා ගමන් කරනවාට විරුද්ධව කරන කඩාකප්පල්කාරී වැනි පිළිවෙළවල් විදිහට.

ඒ නිසා පොදුවේ අරගලයක් ලෙස, වෘත්තිය අරගල ශිෂ්‍ය අරගල වැනි සියල්ලට අත්වෙලා තියෙන්නෙ එකම ඉරණම. ඉස්සර නම් යම් අරගලයකට එරෙහිව වැඩ කළොත් හරි වෘත්තිය සමිතිකාරයකුට ගැහුවොත් හරි ඊට විරුද්ධව හැමදෙනාම එළියට බහිනවානෙ. නමුත් දැන් මේ සමාජය හිතාමතා විශාල සර්වාධිකාරයකට යටත් කළාට පස්සේ යම් කිසිවකුට පෞද්ගලිකව විඳින්න ලැබූ දේවල් තනියෙන් විඳ දරාගන්න සිදුවෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ තත්ත්වය මීට තරමක් වෙනස්. මොකද ශිෂ්‍යයන් තුළ විශාල එකමුතුවක් සහ පිරිස් බලයක් තියෙනවානෙ. ඒ නිසා ඔවුන් තවදුරටත් රජයත් එක්ක කේවල් කරන තත්ත්වයකට යනවා. ඒ නිසාම තමයි රටේ ජනාධිපතිවරයා ශිෂ්‍යයන් මර්දනය කරන්න මේ වගේ ඇමතිවරයෙක් දාන්නෙ. මොකද ඔහු ප්‍රජාතන්ත්‍රවාදය රකින නායකයෙක් නෙමෙයිනේ. එහෙම ඉතිහාසයක් ඔහුටත් නෑ. ඔහු ශිෂ්‍යයන්ට විතරක් නෙවෙයි ශිෂ්‍යයන් උද්ඝෝෂණය සඳහා ගෙන යන බස්හිමියන්ට පවා වක්‍රව තර්ජනය කරනවා.

ඒ වගේ තත්ත්වයකට විරුද්ධව කවුරුත් කතා කරන්නෙ නෑනෙ. මේ තත්ත්වය තුළ විපක්ෂයේ උද්ඝෝෂණයකට බස් රථ දුන්නොත් ඒවාටත් යම්කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා අනාගතයේදී. අපි කියමුකො ශිෂ්‍යයන්ට ගහද්දී ආචාර්යවරුන් හැටියට අපි ඒක ආරක්ෂා කරනවා හරි අනුමත කරනවා හරි කියලා. එතකොට අපිට ගහද්දි කවුරුත් නෑ.

ඉස්සර හිටි ඇමතිවරු නෙමෙයි අගමැතිවරයා පවා ශිෂ්‍යයන් හූ කිව්වයි කියලා ගහන්න යන්නෙ නෑනෙ. ඇත්තටම එයාලට ප්‍රශ්නයක් වුණේ ශිෂ්‍යයන් හූ නොකිව්වොත්. අපි දන්නවා විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණේ බහුතරයක් ඉන්නවා. ඔවුන් උද්ඝෝෂණ මෙහෙයවනවා. නමුත් මේ ඉන්න ළමයි ඔක්කොම ඡේවීපී නෙමෙයිනෙ. අනික තමයි ඔවුන් උද්ඝෝෂණ මෙහෙයවන එකේ ලොකු ගැටලුවකුත් නෑ. එහෙම නැතිව සමාජය ඔටෝමැටිකලි මෙහෙයවෙන්නෙ නෑනෙ. විශ්වවිද්‍යාල ඇතුලේ හැබැයි රජයේ ශිෂ්‍ය සංවිධානත් තියෙන්නෙ. මොනවා වුණත් සමාජය මේ තත්ත්වයට එන්න ඡේවීපී එකත් සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ. මං මුලින් කිව්වා වගේ නලින්ද සිල්වලා, ගුණදාස අමරසේකරලා ගෙනාපු මේ මතවාදය ඉදිරියට ගෙනිච්චෙ මොවුන්නෙ.

තවත් අතකින් නලින්ද සිල්වලාගේ පරම්පරාවේ, ඔවුන්ගේ මතවාදයට විරුද්ධව නැගී සිටින්න පුළුවන් අය හිටියානේ. උදාහරණයක් විදිහට පේරාදෙණිය ගත්තාම, සුමනසිරි ලියනගේ, ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වගේ අයත් පොදුවේ ජයදේව උයන්ගොඩ, වසන්ත රාජා, නිව්ටන් ගුණසිංහ වගේ අය වුණත් මේ මතවාදයන් එක්ක හැප්පිලා තමන්ගෙ බුද්ධිමය වගකීම නිවැරදි ආකාරයෙන් ඉටුකෙරෙව්වේ නෑ. ඒ අතුරින් නිව්ටන් ගුණසිංහ වගේ අය තමාගෙ ලිපිවල කෙළින්ම කිව්වා මේ දත් දොස්තරයි, ගණිත ආචාර්යවරයායි කවදාහරි රට අර්බුදයකට මෙහෙයවනවා කියලා. නමුත් මොවුන් මේ අරගලය වෙනුවෙන් ප්‍රමාණවත් ආකාරයට කැපවුණේ නෑ. ඒ සඳහා ඔවුන් සියලුදෙනාට බුද්ධිමය හැකියාව, භාෂාමය හැකියාව සහ පිළිගැනීම කියන සියලු දේ ඒ අවස්ථාවල හිමිවුණා. ඒ ගැටලුව නිසා අර්බුදයට මුහුණ දෙන්න සිදුවුණේ ඊළඟ පරම්පරාවෙ අයට. අපි මේ විඳින්නේ ඒ අර්බුදය.

කලින් පරම්පරාව තම යුතුකම ඉටු නොකළා විතරක් නෙමෙයි ඒ සඳහා මුහුණ දුන් පසුකාලීන පෙරමුණට අත දුන්නෙත් නෑ. ඒ නිසා ඔවුන් තරුණ පිරිමි ගෙනගිය සංවිධාන සැකකරමින් ඒවා දියාරු වෙන ආකාරයට කටයුතු කළා. එහෙම කරලා පත්තරවලට ඉන්ටර්වීව් දුන්නත් කැලැන්ඩර් ගහනවා වගේ පොත් ගැහුවත් ඒ අර්බුදය විසඳෙන්න නෑ. අද මේ සමාජය අත්විඳින්නේ ඔවුන්ගේ නිශ්ක්‍රීයතාව පිළිබඳ ආදීනව. අද සමාජය තුළ මිත්‍යාවක් තියෙනවා පුළුවන් තරම් දැනුම සම්පාදනය කළාම මේ තත්ත්වය හරියයි කියලා. ඇත්තටම සමාජය මේ සියල්ල දන්නවා. නමුත් නොදන්නවා වගේ ඉන්නවා. ඒක වෙනම විදිහක නරුමවාදයක්. උදාහරණයක් විදිහට, එස්.බී. දිසානායකලා ශිෂ්‍යයන් එක්ක හැප්පෙද්දි ඉස්සරහට වෙන්නෙ මොකක්ද කියලා හැමෝම දන්නවා. ඔවුන් නොදන්නවා වගේ ඉන්නවා. ඒක තමයි විනෝදය.

රාවය (2010.10.31)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- An interview with Sen. Lcturer Saman Pushpakumara, Peradeniya University Sri Lanka, Peradiga Sulan, Current political situation in Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sulochana මෙහෙම කියනවා :
Very good! Podu samajaye deshapalana chinthanaya sekasunu aakaraya pilibanda samange vigrahaya sith ganna sului. Anek athata meethaka kiyawanna labunu prasad niroshage hema sanwadayakadi wagema eyage ananyathawa pahadiliwa penawa meekedith. All the best..!

කිවුව වෙලාව- 2010-11-05 19:53:39
ඇනීටා ප්‍රතාප් සිං මෙහෙම කියනවා :
....ඒ නිසාම රෝහිත භාෂණලාට විතරක් නෙමෙයි මාත් එක්ක ඒ කියූ සම්මුඛ සාකච්ඡාව කළ මාධ්‍යවේදියාටත් රට අතහැරලා යන්න සිදුවුණා....

හා හා ඉතින් මහත්තයෝ තිලක් කෝදාගොඩ රට ගියේ ආන්ඩුවෙ ප්‍රෙෂර් 1 හින්දා කියලද දැන් ඔය අපිට පිලිගන්ඩ කියන්නෙ... හා හා...හ්...


කිවුව වෙලාව- 2010-11-04 21:47:11
Independant speaker මෙහෙම කියනවා :
Neatly written interview... The speaker is trying to convince some of his thoughts with the flow of information which re represents but not with the reality... Don't want to discuss more on it.. But simply read again abt how he talks about road development of a country like Sri Lanka and what he thinks about it.. Just think on it with your angle abt hw he tries to convey his msg... Really feel sorry to see such and idiotic approach from a lecturer in a Uni... Good try..

කිවුව වෙලාව- 2010-11-04 21:28:08
Anura මෙහෙම කියනවා :
good points SPK

කිවුව වෙලාව- 2010-11-03 22:15:58
Nodutu මෙහෙම කියනවා :
අනාගතේ පුදුම් සුන්දරයි...
මල් පාවඩ දාලා..
අපේ
මහින්ද මාමා...


කිවුව වෙලාව- 2010-11-03 10:47:16
Abbas මෙහෙම කියනවා :
කලින් පරම්පරාව තම යුතුකම ඉටු නොකළා විතරක් නෙමෙයි ඒ සඳහා මුහුණ දුන් පසුකාලීන පෙරමුණට අත දුන්නෙත් නෑ. ඒ නිසා ඔවුන් තරුණ පිරිමි ගෙනගිය සංවිධාන සැකකරමින් ඒවා දියාරු වෙන ආකාරයට කටයුතු කළා.....

සහතික ඇත්ත. තවම කරමින් ඉන්නෙත් ඒකම තමා....


කිවුව වෙලාව- 2010-11-02 21:43:48
LOKKA මෙහෙම කියනවා :
MULU SAMAJAYAMA GANJA GAHALA WAGE MATH WELA INNE
DESHAPREMAYEN MATH VEE APA PRAVENI DASAYAN BAWATA PATH WEMIN SITINNEMUDA?


කිවුව වෙලාව- 2010-11-02 12:14:03
patakaya මෙහෙම කියනවා :
නලින් ද සිල්ව සහ අමරසෙකර හරුනු විට මෙකට වග කිව යුතු තවත් එක්කනෙක් තමඉ ගන්ගොඩවිල සොම. හමුදුරුවො කියල ව්ත් මම කියන්න කෙමති නහ. මුලු සමජෙම ඔලුව අරගොල්ලො ජතිවදෙන් කුරුවල්කොරනකොට, මෙයා කලෙ උන්ව අගම්වාදෙන් මොට්ට කරපු එක. හෙලු උරුමය ගොඩනගෙන්නෙ මෙ අගම්වඩය තුලින්. හෑබය් එ අනුව බලනවනම් මෙකෙ අරම්බය ඊටත් එහ යනව

කිවුව වෙලාව- 2010-11-02 01:29:56
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
හර්මන් ගෝරිං (නියුරම්බර්ග් නඩුවේ දී) කියයි.
ස්වභාවිකවම සාමාන්‍ය මිනිසුන් යුද්ධයට අකමැතිය. මෙය රුසියාවටත්, එංගලන්තයටත් එසේම ජර්මනියටත් එකසේ අදාලය. මේ අපේ අවබෝධයයි. එසේ වුවත් අවසානයේ දී ප්‍රතිපත්තිමය තීරණ ඇත්තේ රටක නායකත්වය අත... [More]
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook