Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මධ්‍ය ලක්ෂ්‍යය අසල දවසක්.....
බූන්දි, 23:14:58
පසුගිය 31 වන දා පන්සියයකට ආසන්න පිරිසක් මහජන පුස්තකාල පරිශ්‍රයට එක්රැස් වුණේ කවිය ගැන කතා බහ කරන්නටය. වෙනස් ලෙස කවිය දිහා බලන්නට ලද ආරාධනාවට ප්‍රතිචාර දක්වමින් ‍මෑත කාලයේ දී කවිය වෙනුවෙන් එකට රැස්වූ වැඩිම පිරිස එතැන විය. විවිධ ප්‍රදේශ වල සිට පැමිණි හැත්තෑව දශකයේ කවි පොත් ලියා පළ කළ අප්‍රකට කවීන්, යුග කිහිපයක් යා කරන ප්‍රවීණ කවීන්, මෑත යුගයේ ජනාදරයට පාත්‍ර වූ තරුණ කවීන් මෙන්ම කවිකම් සොයමින් පිබිදෙන්නට වෙර දරණ අංකුර කවීන්, ලේඛකයින්,

සමාජ ක්‍රියාකරුවන් , තරුණ නාට්‍ය කරුවන් සේම කවියට පෙම් බැඳි තව බොහෝ දෙනෙකු ද එතැන විය.

වැඩ සටහන මූලික වශයෙන් සමන්විත වූයේ ‘අකුරු ඔබ දෙස බලා සිටියි’ - ප්‍රවීණ මෙන්ම නවක කවි කිවිඳියන්ගේ කවි වලින් සමන්විත කාව්‍ය එකතුව එළි දැක්වීමෙන් ද ප්‍රවීණ කවි‍යෙක් වන ආරියවංශ රණවීර ,සාහිත්‍යවේදී ලියනගේ අමරකීර්ති සහ සාහිත්‍යවේදී ශ්‍රී දයාලන් (දමිළ බසින්) ගේ දේශන තුනකින් ද ඒ හරහා ගොඩ නැගුණු සංවාද වලින් ද කවිය විවිධ මාධ්‍ය භාවිත කරමින් කළ ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම් කිහිපයකින් සහ ඒ සම්බන්ධ සංවාද වලිනි. දේශන වල සහ ඒ සබැඳි සංවාද වල එළඹුම වූයේ ‘හැමෝටම කවි ලියන්න පූළුවන්ද?’ යන්නයි. දේශන සහ සංවාද වල මා දුටු සාධනීය ලක්ෂණ කිහිපයකි. කවිය යනු කුමක්ද යන්න ගැන එතැන ගොඩ නැගුණු කතිකාවෙන් සහ දේශනයන්ගෙන් ඉටුවූ සාහිත්‍යමය මෙහෙවර කවි ලිවීමට එළඹෙමින් සිටින බොහෝ දෙනෙකුට ඉමහත් පිටිවහලක් වන්නට ඇත. කවි ලිවීම හරි ලේසි වැඩක් නොවන බව ත් ලියන හැම දෙයම කවි නොවන බව ත් කවිය යනු වාක්‍ය රචනා ලිවිමකට එහා යන සාහිත්‍යමය කාර්යයක් බව ත් කවියට ඊට අදාළ සුවිශේෂ මෙහෙවරක් ඇති බව ත් එහිදී ඉස්මතු වී න්‍යයාත්මකව හා ප්‍රායෝගිකව ඉදිරිපත් වීම ම වත්මනෙහි කවිය පිළිබඳව ඇති ඇතැම් නොපැහැදිලිකම් වලට යම් තාක් දුරකට පිළිතුරු දෙන්නට සමත් වු බැව් මගේ හැඟීමයි. විශේෂයෙන් විවිධ මාධ්‍ය හරහා සිය නිර්මාණ එළි දක්වන්නට උත්සහ දරන අලුත් කවි පරපුරට එය වඩා ප්‍රායෝගිකව වැදගත් වනු ඇත.



එහෙත් කවිකම උපතින් ගෙන එන්නක්ද සමාජ පරිසරය විසින් මුවහත් කරනු ලබන්නක්ද ජාන සහ සමාජ සාධක වල ප්‍රතිශතයන් කවරේද වැනි කරුණක දිගින් දිගට එල්බෙමින් ඵලදායි සාකච්ඡාවක් සඳහා තිබූ කාලය නාස්ති වීමට ඉඩ හැරිම ආරියවංශ රණවීර සහ ලියනගේ අමරකීර්ති වැනි ප්‍රවීණයින් අතින් නම් නොසිදු විය යුතුව තිබුණි. සංවාද තුළින් මතුවු තවත් අදහසක් වූයේ ‘අප කවි ලියන්නේ ඇයි? කාටද?’ යන්න ගැන සාකච්ඡා කළා නම් මීට වඩා වැදගත් වන බවයි. මේ ගතවන්නේ කවිය හරහා යම් දුරක් ගමන් කර සිටි බොහෝ පිරිසකට මෙන්ම සමාජයටද එබඳු මාතෘකාවකට එළඹීමේ අවශ්‍යතාවද තදින් දැනෙමින් සිටින මොහොතක් බව අප අමතක නොකළ යුතුය. එය ඊළඟ පියවරකදී හෝ සාකච්ඡාවට බඳුන් වීමද සිදු විය යුත්තකි.



නාට්‍ය, චිත්‍රපට වලින් වියුක්තව කවි නාට්‍යමය අකාරයෙන් හා ගායන ආකාරයෙන් මෙබඳු තැනක දී ඉදිරිපත් කිරීමට දැරූ දුලබ එහෙත් පුහුණු වීම් වලින් ආලෝකමත් වූ උත්සාහය දෙස බැලූ කල චූලානන්ද සමරනායක, ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර වැනි කවීන් කිහිප දෙනෙකුගේ තෝරා ගත් කවි ගයමින් හා රංගානුසාරයෙන් ඉදිරිපත් කිරීම වෙනස් වැඩකි. පිරිසක් එය ඇගයූ අතර තවත් පිරිසකගේ අදහස වූයේ කවියට කවිය ලෙස තිබෙන්නට හැරිය යුතු බවය. කවිය කියවීමෙන් ලබන පුද්ගල-අනන්‍ය අවබෝධය හා අසීමිත හැඟීම් සමුදාය මෙබඳු දේවලින් රාමු ගත කොට සීමා කරන බවය. අනෙක් අතට එහි සාර්ථකත්වය අවස්ථාව හා නිර්මාණයේ ස්වභාවය මත ද රඳා පවතී. ඇතැම් නිර්මාණවල සංකීර්ණ නොවන බව හා අන්තර්ගතය අනුව එබන්දකට යොදා ගැනීම තුළ කවියට අසාධාරණයක් නොකරන්නේ වුවද ඇතැම් කවි වල වින්දනීය සෞන්දර්යය හා එහි මානයන්, අදහසෙහි ප්‍රබලත්වය හා විවිධත්වය එබඳු ඉදිරිපත් කිරීමකින් සීමා කෙරෙනු දුටිමි. ප්‍රාසාංගිකව ඉදිරිපත් කිරිමට යාම තුළ චූලානන්ද සමරනායක සොයුරාගේ ‘චෝදනා පත්‍රයකි’ කවියට සිදු වූයේ එවැන්නකි.



දවස පුරා පැවති වැඩ සටහනේ අපූරුම අංගය වූයේ කවි කියවා උපන් හැඟීම් විවිධ කලා මාධ්‍යයන් තුළින් ප්‍රකාශ කරන්නට සහභාගී වූවන් ලද අවස්ථාවයි. චිත්‍ර, සංගීතය, ගායනය ආදී වෙනස් කලා මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් කෙටි සුදානමකින් පසු ඉදිරිපත් කළ නිර්මාණායන් සැබවින්ම ප්‍රශංසනීයය. ඒවා උත්කර්ෂයට නැංවුණේ හුදෙක් සිය හැඟීම් ප්‍රකාශනයක් පමණක් නොවී මානුෂීය හා හෘදයාංගම ලෙස සමස්ත කාර්යය හා බද්ධ වීමට ඔවුන්ට තිබූ සැබෑ වුවමනාව ද නිසාය.



‘මට කවුරුවත් මියුසික් දෙන්න කිව්වෙ නෑ...ඒ වුණාට මට දවස පුරා ඉඳිද්දි ඇත්තටම ඕන වුණා සීරියස් දෙයක් කරන්න. එතන තිබුණෙ සීරියස් වැඩක්...’ ඒ එබඳු නිර්මාණයකට දායක වූ අප මිතුරෙකු පසුව ඒ ගැන කියු අයුරුය.



කණගාටුවට කරුණ නම් වැඩෙහි වූ මේ ‘ගැඹුර’ සවස් වරුවේ වැඩ සටහන මෙහෙයවීමට ආනයනය කරන ලද නිවේදිකාව විසින් වටහා නොගැනීමයි. පිරිසෙහි වූ කිහිප දෙනෙකු නැගිට සිදුවන වැරැද්ද මතක් කර දීමට සිදුවන තරම් අපරිණත විලාසයකින් කළ ඒ මෙහෙයවීම සමස්ත කාර්යයට නම් කිසිසේත් ගැලපුණේ නැත. එවැනි වැරදි තෝරා ගැනිම් ඉදිරියට නොවේවා යි පතමි.

තිරය පිටුපස කතාවක් ද තිබේ. මා දුටු පිරිදි එය ලියා තබමි. මේ විශාල කාර්යය සංවිධානය කර එළි දැක්වීමේ ක්‍රියාවලිය තුළ මහා පිරිසක් සිටියේ නැත. හිටියේ කැළුම්, රමිඳු, විරාජ් ඇතුළු ‘ක’ යන්න ‘වි’ යන්න එකතුවේ කිහිප දෙනෙකි. කවි වැඩක් නිසාම මේ වැඩයට අනුග්‍රාහක දායකත්වය සපයන්නට ගොඩක් කට්ටිය ඉදිරිපත් වුණේ නැත. ඒ නිසාම ඇජෙන්ඩා එකෙන් ඉවත් කරන්නට සිදුවු අංග බොහෝය. මෙය එක්තරා දේශපාලන මතවාදයක් පමණක් නිරූපණය කරන පිරිසකට සීමාවූ වැඩක් වුයේ ද නැත. සංවිධානය වූයේ විවිධ මත දරන්නන් අතිනි. සහභාගි වු පිරිස ද එකම මතවාදයක් වටා රොක් වූ පිරිසක් වූයේ නැත. කවියන් පමණක් වුයේද නැත. පොදු සාධකය වුයේ කවිය සහ වෙනසක් උදෙසා කළ කැප කිරීම පමණි. එහෙත් වෙනසක් සහ සමාජ වැඩක් වෙනුවෙන් මුළු දවසක් කැප කළ හැකි සුන්දර මිනිසුන් පිරිසක් රැස් කිරීමට එය සමත් විය.



උගත යුතු පාඩම් බොහෝය. හදා ගත යුතු දේ බොහෝය. එහෙත් ආර්ථික හයියක් , මහා පිරිස් බලයක් නැතිව මෙබඳු කාර්යයක් සංවිධානය කිරීමම, කවිය වෙනුවෙන් ඒ සා පිරිසක් රැස් කිරීමම අගය කළ යුත්තකි.

ලෝකයේ තනිව ගොඩ නැගූ දේවල් නැත. හැම ජීවිතයක්ම හැම වස්තුවක්ම හැම කාර්යයක්ම වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන් සහ සොබා දහම තැබූ පියවර අසංඛ්‍ය ප්‍රමාණයක ප්‍රතිඵලයකි. දිගුවකි. මධ්‍ය ලක්ෂ්‍යය අසල ගෙවුණු දිනය පුද්ගලයින් නොව වැඩය ඉස්මතු කළ එකක් විය. සමාජ වැඩ සහ සාමූහික වැඩ පුද්ගලික ලෙස ඉස්මතු වීම නොවැළැක්විය හැකි රෝගයක් ලෙස උත්සන්න වන කාලයක සංවිධානය වු ඒ සාමුහික ඉරිදා දිනය ඓතිහාසික වන්නේ එබැවිනි.

02.11.2010
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Wenas Wemu Kavaya, Near the mid point, "Akuru Oba Desa Bala Sitiyi", Collection of Sri Lankan Poems-2010
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
star මෙහෙම කියනවා :
kawru kalath wada hodai.ohoma yan....

කිවුව වෙලාව- 2010-12-16 01:47:55
SALIYA.. මෙහෙම කියනවා :
YA.. MALITHI LIPIYA ELA....

කිවුව වෙලාව- 2010-11-22 04:20:13
lakmal මෙහෙම කියනවා :
good... best work.... malathige lipiya ela......

කිවුව වෙලාව- 2010-11-22 02:39:42
Vindya Vithana මෙහෙම කියනවා :
aluth deyak!agaya karanna watina uthsahayak!

කිවුව වෙලාව- 2010-11-10 01:25:42
Rohana Wijeweera මෙහෙම කියනවා :
මO මලා.
සොමිවන්ස ආවා
සර්යා මලා.
මද්ය ලක්සය ආවා.


කිවුව වෙලාව- 2010-11-09 20:23:27
sachini deumini මෙහෙම කියනවා :
මේ වැඩේට ඇවිත් දවල්ට කාලා නිදිමත නිසා ගෙදර ගියා. ඔය කියන තරම් ෂොක්ද ? අනේ මටනම් හෙන බොරි0 වගේ ...

කිවුව වෙලාව- 2010-11-09 04:17:20
Pradeep Saranga Kumara. මෙහෙම කියනවා :
පෞද්ගලික හෙතුවක් නිසා මට මෙම උත්සවයට සහභගී වීමට නොහැකි වීම ගැන අත්තටම කනගාටුයි. අගය කල යුතු වැඩක්.

කිවුව වෙලාව- 2010-11-09 00:50:25
ක්‍රිශාන් මෙහෙම කියනවා :
මාලතී මෙම වැඩසටහනේ සංවාදය සම්බන්ධව සදහන් කරන කාරණ සම්‍ග මමද එකට සිටගනිමි. එම සංවාදය කවියට බොහෝ පලදායී තැනකට ගනයාමට තිබූ අවස්ථාවක තම තමන් කවි ගැන දන්නා තරම පෙන්වීමට යාමෙන් ම්‍ග හැරිනි.

කිවුව වෙලාව- 2010-11-08 22:31:59
Sanka Kirindiwela මෙහෙම කියනවා :
ආකෘතියක් විදිහට කෙරුණු අත්හදාබැලීමත්, කවිය පිළිබඳ අළුත් මානයක් හොයන්න ගත්තු උත්සාහයත් මමත් අගය කරනවා. තව දුරටත් මේවගේ භාවිතාව ගැන සැළකිලිමත් විය යුතුයි. විශේෂයෙන් සංවාදයක් පැවැත්වීමට ගැලපෙන ආකෘතියේ වෙනසක් වෙනවනම් හොඳයි. කුඩා කණ්ඩායම් වලට බෙදීමත්, පහසුකම් සපයන්නෙකුගේ (Facilitator) මැදිහත්වීමක් කරන්න පුළුවන්නම් හොඳයි. විශේෂයෙන් හවස තිබුණු වැඩසටහනේ ධනාත්මක භාවය වගේම මෙහෙයවන්නන්ගේ තිබුනු නොගැලපීමේ අදහස් වලටත් සම්පූර්ණයෙන්ම එකඟයි.

කිවුව වෙලාව- 2010-11-05 05:18:02
prabuddha nuwan මෙහෙම කියනවා :
kalpana kiyana wihihatama meeka loku mahansiyakin kala wedak. eda man dekka ekama awla thamai sanwada welawe samaharu kisi adahasak nathiwa katha karanna one kamatama katha karapu 1. sanwaada mathrukawa paththaka thiyeddi thaman gana kiyawa ganna1 i adalanathi deewalata kalaya noyawa hitiyanam thawath honda wenna thibuna. monawa unath honda wedak!

කිවුව වෙලාව- 2010-11-05 00:24:33
Ramindu මෙහෙම කියනවා :
නිවැරදි කිරීමක් කරන්නම් - මේ වැඩේට මගෙන් වුන දායකත්වය අවංකව බොහොම අවමයි.
නම තැන් දෙක තුනක හයිලයිට් වීම වැඩේට සෑහෙන කට්ටක් කාපු අනෙත් විශාල පිරිසට කරන අසාධාරනයක් හින්දයි මේක සටහන් කලේ :)

@BLive


කිවුව වෙලාව- 2010-11-04 22:01:47
නීනු සත්‍යා මෙහෙම කියනවා :
මේතරම් පිරිසක් කවිය වෙනුවෙන් එකතු වීමත් ඇත්තෙන්ම සුන්දර අත්දැකීමක්....නමුත් එවන් සුන්දර අත්දැකීමක් යට තියෙන බරපතලකම කවදාවත්ම සුළුවෙන් තකන්න බැහැ...

උදේ දේශණ කිහිපයෙන් පස්සේ හවස් වරුවෙ ප්‍රසංගය වෙනුවෙන් මුළු ශාලාවම අනික් පසට හැරවූණා...වේදිකාව, සැරසිලි, පුටු හැම දෙයක්ම...දවල් ආහරයට ගිය හැම දෙනාම විවේකෙන් පස්සෙ ආවෙ අලුත් ශාලාවකට...එහෙම ඔබට දැනෙන්න ඇති..( ගමන්මළු හිඳසිටි පුටු මතම තබා ගිය අයට ඉන් අපහසුතාවක් වූවා නම් සමාවෙන්න.)...නමුත් ඒ ශාලව විවේකෙන් පස්සෙ ප්‍රසංගයක් වුණු හැටි හරිම අපූරුයි නේද?.. පිටත වැස්ස...ඇතුළත අන්ධකාරය...මනාව ප්‍රසංගය එක්ක ගැළපුණා...අල්ලපු ශාලාවේ සංගීතයත් එක්ක මේ ශාලාවෙ ප්‍රසංගය රස විදපු අයත් ඒ අතර හිටියා....

"කණගාටුවට කරුණ නම් වැඩෙහි වූ මේ ‘ගැඹුර’ සවස් වරුවේ වැඩ සටහන මෙහෙයවීමට ආනයනය කරන ලද නිවේදිකාව විසින් වටහා නොගැනීමයි. පිරිසෙහි වූ කිහිප දෙනෙකු නැගිට සිදුවන වැරැද්ද මතක් කර දීමට සිදුවන තරම් අපරිණත විලාසයකින් කළ ඒ මෙහෙයවීම සමස්ත කාර්යයට නම් කිසිසේත් ගැලපුණේ නැත. එවැනි වැරදි තෝරා ගැනිම් ඉදිරියට නොවේවා යි පතමි. "

මාලතී අක්කා එක්ක මේ ප්‍රකාශයේදී මම අනික් සියලු දේටම වඩා එකඟයි....එක එක පුද්ගලයා ..එක එක සාධකයේ වටිනාකම් හඳුනාගන්නේ එකිනෙකාට ආවෙණික කෝණයකින්..නමුත් ආපහු එවන් ගැටලු සිදු වෙන එකක් නැහැ....

කැළුම් සොහොයුරා ට, රමිඳුට.. ඔක්කොටම ඇත්තටම ස්තූතියි...ජීවිතේට කවි නොලියපු අයත් එදා කවි ලිව්වා... මම කීප දෙනෙක් ගෙන්ම ඇහුවා.. අදම එක පාරටම කොහොමද මෙහෙම හැකියාවක් ආවේ කියලා....ඔවුන් කිව්වා...අපිට කවි ලියන්න බැරුවට ප්‍රතිකවි ලියන්න පුළුවන් කියලා...අවුරුද්දකට සැරයක්වත් මෙහෙම එකතු වෙන්න පුළුවන්නම්..අපිට ලංකාවේ කවිය...අළුත්ම කරන්න හැකිවේවි

@BLive


කිවුව වෙලාව- 2010-11-04 22:01:21
වත්. මෙහෙම කියනවා :
අපූරු වැඩක්...

කිවුව වෙලාව- 2010-11-04 12:17:38
Wasana Seram මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-04 01:15:33
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook