තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..." | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
තිත්ත පාත්‍රය සහ සඳ මඬල| "සඳ කැන් වැසිලා අඳුරේ එතිලා..."
බූන්දි, 22:46:41
ලොව ගැහැණු මිනිස් සබඳතා ඇරඹෙන්නේ මිනිසුන් පෘථිවිය මත වාසය ඇරඹු දා පටන්ය. උල් කෝටුවකින් දඩයම් කොට සතුන් මරා කෑ වනචාරී යයි හැඳින්වෙන යුගයේ පටන් අන්තර්ජාලය හරහා පීට්සා ඇණවුම් කරන අද දවස දක්ව‍ා ඒ සබඳතාව අනේකවිධාකාරයෙන් සංකීර්ණ වෙමින් ශිෂ්ටාචාරයට අත්‍යවශ්‍ය සාධකයක්ව මහඟු මෙහෙවරක් ඉටුකරයි. ආදම් හා ඒවගෙන් ඇරඹී සිද්ධාර්ථ-යසෝදරා, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා,

අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, බිල් ක්ලින්ටන්- මොනිකා ලෙවෙන්ස්කි, දම්මි-සුගත්, අභිෂේක්- ‍ඓශ්වර්යා දක්වාත් ඉන් ඔබ්බටත් සැබෑ හෝ පරිකල්පිත සියළු චරිත අතර මේ සංකීර්ණත්වය යළි යළිත් ඔප ගැන්වෙයි.

ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව ආසන්න හේතු නිර්වචනය කළ ද මිනිසෙකු හෝ ගැහැණියක එකිනෙකා වෙත බැ‍ඳෙන පරම හේතුව නිශ්චිතව කිව හැකි යමෙක් මිහි මත නැත. එය එතරම්ම පුද්ගල බද්ධය, අන්තර් සම්බන්ධිතය, මනෝ හා සමාජ-දේශපාලන සාධක සංකලනය හේතුවෙන් සංකීර්ණය. එසේ බැඳෙන ගැහැණිය හා මිනිසා අතර ඇති එකම බැඳීම ප්‍රේමය පමණක් නොවේ. ලිංගිකාශය (sexual drive), සාමාජයීය හේතු, හුදෙකලා වීමට ඇති නොකැමැත්ත, අයිතිවාසිකම (possession), සහයෝජනය කෙරේ ඇති මූලිකාශය (drive for affiliation) වැනි තවත් බොහෝ ඓතිහාසික කරුණු (උදා: ළමා වියේ අත්දැකීම්, සංකීර්ණතා/childhood experiences and complexes) එවැන්නක් තුළ දැකිය හැකිය.

සාමාන්‍ය ලෝකයේ බැඳීමක් ගත් කළ දැකිය හැකි මූලිකම කරුණක් වන්නේ සිය සහකරු හෝ සහකාරිය වෙත පූර්ණ අවධානය (project) යොමු කිරීමයි. ඔහු හෝ ඇය ඒ තුළ සිය හිස්වූ අර්ධය සපුරා ගැන්මට තැත් කරයි. සාර්ථක වන මොහොතවල් සංහිඳියාවේ නිමේෂයන් වන අතර අසාර්ථක වන තැන් අර්බුදයන් නිර්මාණය කොට අපේක්ෂා භංගත්වයට පත්කරයි. ප්‍රේමය පදනම වන්නා වූ සබඳකම් උස්පහත් වීම් තුළ වුව ද ගලා යන අතරම ප්‍රේමයෙන් ක්‍රමයෙන් වියුක්ත වන්නාවූ බැඳීම් අපේක්ෂා භංගත්වයේ සහ අතෘප්තියේ තිත්ත කාඩියෙන් පිපාසය නොසිඳෙන තැන කුසලානය පහත දමා නිමා වෙයි. එක්ව විසුව ද වෙන්ව විසුව ද එය පොදුය. ඇතැම් තැනෙක කුසලානය පහත හෙලුව ද සාදය නිමා නොවෙයි. ලොව සතුටු කරනු වස් තිත්ත කාඩිය යළි යළිත් පානය කෙරෙයි. ඇතැම් තැනෙක තිරය පහත හෙළා සාද සංවාද නිමා කෙරෙයි.

මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන’යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

"ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ"

අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙක් සොයනු දැනේ"

ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

"මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා"

සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

"සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ ...
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි"

ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

මානව සබඳතාවක් තුළ මිනිසෙකු අත්විඳින අසීරුම වේදනාවක් මෙන්ම ඒ අත්දැකීම තුළ මිනිසෙකුට ස්පර්ශ කළ හැකි මිනිසත් බවෙහි ඉහළම ඉසව්වක් වෙත ද මේ ගීත රචකයා අප ගෙන යන්නේ මෙබඳු අත්දැකීම්හි ලා නිරන්තරයෙන් දැක පුරුදු වෛරී තිරශ්චීන ඊර්ෂ්‍යාපරවශ ගති ස්වභාවයන්ට අභියෝග කරමිනි. මෙහි කතා නායකයා සියළු බැඳීම් වලින් මිදුණු තවුසෙකු සාංදෘෂ්ටිකවාදියෙකු හෝ ශුන්‍යවාදියෙකු නොවේ. ඔහුගේ සංකීර්ණ සිතුවිලි ඉතා සියුම්ව ප්‍රවේශමෙන් තෝරා ගත් වචන කිහිපයකින් අපට දැනවීමට ප්‍රේම් සමත් වන අයුරු අපූරුය. ඔහු සංයමයෙහි පිහිටයි. එසේම වේදනාව ද සංවේදනය කරයි. මෙය මිනිසෙකුගේ අත් කර ගැනීමක් මෙන්ම අත් හැරීමට අසීරු සංතාපය ද මනාව චිත්‍රණය කරන රචනයක් වන්නේ එබැවිනි.

නිර්මාණ ඉවෙන් හෝ බිහි කළ හැකිය. සැබෑ දැනුමෙන් තොරව එය සිදුවිය හැකිය. එහෙත් එයින් වෙනස්ව නිර්මාපකයා ලොව දෙස බලන දාර්ශනික මානය පොහොසත් වන්නේ යම් සේ ද ඔහු අතින් බිහිවන නිර්මාණය ද රසිකයා ඥානනය කිරීමේ වගකීම ඉටු කරමින් වඩ වඩා ඉහළට එසවෙයි.

වික්ටර් යනු මායාවී ලෙස අනුරාගී කට හඬකින් අප මෝහනය කරන ගාන්ධර්වයෙකි. මේ ගීතයෙහි ලා ඔහුගේ ගැයුම ඔහුගේම ස්වර සංයෝජනය හා මුසුවී වින්දනයේ සොඳුරුම ඉම් පෙදෙස් කරා අප ගෙන යයි. මිනිස් සංතානය ප්‍රවේශමින් ස්පර්ශ කොට එහි ප්‍රමෝදයන් හා වේදනාවන් අපට සියුම්ව දනවයි. එබඳු නිර්මාණ අප තුළ ඇති මිනිස් විභවය අවදි කොට ප්‍රඥාව දල්වයි.

වික්ටර් ම ස‍ංගීතයෙන් ඔප කොට සුනිල් එදිරිසිංහ "හුලවාලී" චිත්‍රපටයට ගැයූ "කුඩා ගමේ මද්දහනේ" ගීත‍යෙහි අවසන් කොටස ධර්මසිරි ගමගේ මෙසේ ලියා තබා ඇත.

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී

*****

සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
ගණඳුරු රෑ - තනිකම නෑ
සොයා එන්න ගණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණි

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු පෙනේ
මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ

මා නැත අන් සතු සිත් බිඳලා
දෑතම බැඳගෙන හිඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා


ගායනය - වික්ටර් රත්නායක
ගේය පද - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක

ගීතය අහන්න මෙතනින් යන්න.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- A review on "Sandakan Wasila Andure Ethila" By Victor Rathnayake, Lyrics By Premakeerthi De Alwis
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
chamika මෙහෙම කියනවා :
වටිනා කියන විචරයක්. ගිතයේ තනුවෙන් ගිතයට එක් කරන හැඟිම ගිතයේ තේරුම හිතට තවත් ල0 කරනවා.

කිවුව වෙලාව- 2011-07-14 06:38:04
කලාබර මෙහෙම කියනවා :
සාහිත්‍යය මරන සීනි බෝල රසවින්දනයට පුරුදු වෙල තියන සමාජයක මේ වගේ ගීතයක් මේ තරම් නිර්මාණශීලීව රසවින්දනය කරන්න පුලුවන් විචාරණය කරන්න පුලුවන් තරුණයො ඉන්න එක ඇත්තටම සතුටක්.

නියමයි............


කිවුව වෙලාව- 2011-01-18 00:32:38
kapila මෙහෙම කියනවා :
[@Aravinda Indrajith]
uba hari.


කිවුව වෙලාව- 2010-12-27 02:43:03
ss මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-15 04:24:29
සඳරුවන් මෙහෙම කියනවා :
මෙම ගී විවරනය ආශ්‍රිතව ඇතැම් අය රචකයාගේ යට ඇඳුම් හොයන නීච උත්සාහයක යෙදුනා. ඔවුනට මගේ වයිරය! පොහොසත් විවරණයක් සහ ගීය ගැන හිතන්නට අලුත් මානයක් ගෙන ආ ලේඛිකාවට මගේ ආචාරය!

කිවුව වෙලාව- 2010-11-25 20:31:57
sujeewa මෙහෙම කියනවා :
සුපිරි විවරණයක්. වෙනස් හා උසස් ගීතයක්.

කිවුව වෙලාව- 2010-11-25 10:12:31
තුෂාර මෙහෙම කියනවා :
කෙනෙකුට ආරංචි වෙනවා එයාගේ බිරිඳ වෙන කෙනෙකුන් සමග සම්බන්ධතාවයක් තියෙනවා කියල. ඔහු රැකියාව කරන්නේ දුර පළාතක.
ඔහු මේක හොයන්න දවසක් රාත්රියේ එනවා කාටවත් නොදන්වා. ඇවිල්ල වත්තේ හැංගිලා බලන් ඉන්නවා.
හඳ පායලා තිබුනත් හොඳ වෙලාවට අඳුරු වලාකුළු වලින් වැහිලා. ඔහුට ඕනේ පුළුවන් තරම් වට පිටාව කරුවල වෙන්න. මොකද කාටවත් ඔහුව නොපෙනෙන්න.
ඉතින් ඔහු කරුවලට කතාකරනවා තරු එළියත් මකා දමල ඔහුට ආලෝකය නැත්තම් සත්‍යය දැන ගන්න උදව් කරන විදියට.
ටික වෙලාවක් ඉන්නකොට ඔහු දකිනවා අසල්වැසියෙක් නැතම් ඔහුගේම මිතුරෙක් ඔහුගේ ගෙදරට එනවා. මේක ඔහුට දැනෙන්නේ හැමදේම නැති උනා වගේ.

ගීතයේ මුල කොටස් වලින් මට නම් දැනේනේ මේ වගේ අදහසක්. සමහරවිට මට සාහිත්‍ය ගැන මෙලෝ රහක් නැතිව ඇති.
:)

@BLive


කිවුව වෙලාව- 2010-11-23 23:32:13
RaසිකyA මෙහෙම කියනවා :
මෙම ගීතයට මාහට හැකි උපරිම අයුරින් දැනුනු දේ අදහසක් ව්‍ශයෙන් මීට දින කිහිපයකට කලින් මාගේ පැල්පත බ්ලොග් අඩවියට එක්කර තිබුනා. එත් මෙතරම් විශාල කරුණු ප්‍රමාණයක් සමගින් ලිවීමට තරම් දැනුමින් මා පොහොසත් වුනේ නැහැ...ඉතින් අද‍ මේ ලිපියෙන් ගීතය පිළිබද ‍බොහෝ කරුණු එකතු කර ගත්තා බොහොමත්ම ස්තූතියි...

[BLive]

Extracted from "palpatha blogspot".....

හොදයි පැල්පතට එකතු වුන අළුත් "කාමරයෙන්" මෙන්න පළවෙනි ලිපිය...
මුල්ම ගීතය විදියට මම තෝරගත්තේ විශාරද වික්ටර් රත්නායක මහත්මයගේ "සඳ කැන් වැටිලා" කියන ගීතය. ඇත්තටම ගීතය තෝරගන්න හේතු වුනේ මේ ගීතයේ තියෙන අර්ථයට හා සංගීතයටයි. ගීතය ගැන සරල අදහසක් මට දැනෙන විදියට ඔයාලට දෙන්න හිතුවා ඒත් අඩුපාඩු හා තවත් මෙයට එකතු වෙන්න ඕනෙ දේවල් තියෙනවනම් එකතු කරන්න කියල ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
"සඳ කැන් වැටිලා අදුරේ එතිලා - ඝණදුරු රෑ තනිකම නෑ" ඉතාම සරලව කිව්වොත් මෙයින් අපට මැවෙන රූපය නම් විශිෂ්ඨයි. රාත්‍රියේ සදේ එලිය වැටී ඒ එලිය අදුරත් එක්ක මුසුවෙලා හිතට තනිකමක් දැනෙන වෙලාවක, ඒ ඝණදුරු රාත්‍රිය කිසිම තනිකමක් නැති බව අගවනවා. එයිනුත් පසුව ඒ තනිකම නැතිවෙන්න, ඒ ඝණදුර නැතිවෙන්න නම් ඔහුගේ ජීවිතයට එළිය වුනු කෙනෙකුට ආරාධනාවක් කරනවා. නමුත් ඒ ආරාධනාව පිළිගනීද...?
ගීතයේ අන්තරා කොටසට පිවිසෙන කොට ගීතය රසවිදින අපට එහි අර්ථය මනාව පැහැදිලි වෙනවා...‍එය පෞද්ගලිකව මම මේ ගීතයේ ඉතාම ප්‍රිය කරන කොටසක් ද වෙනවා. තමන් ජීවිතයේ හදවතින්ම ආදරය කරන කෙනාගේ සිදුවන යම් වෙනස් වීමක් ගැන ඉතාම හැඟුම්බරව මෙයින් කියා සිටිනවා...එනම් මේ ලොව මාහට හිමි එහෙත් ඈට අයිති ඈගේ නෙත් වෙනත් කෙනෙකු, අසල්වාසියෙකු සොයනු ඇතැයි පැවසෙනවා...මෙම අදහස ගීතයට එක් කර ඇති අයුරු නම් විශිෂ්ඨයි...

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
අසල්වාසියෙකු සොයනු දැනේ..."

මෙවන් අත්දෑකිමක් නැතත් ඉතාම හොදින් සංගීතයත් සමග මේ ගීය රසවිදින්න පුළුවන් කියලයි ‍මගේ අදහස. ‍ඉතාම කෙටියෙන් සරලව මගේ ඇති අවම දැනුමෙන් මේ ගීතය ගැන කෙටි අදහසක් තමයි මේ විදියට ඔයාලට ලබා දුන්නේ. ඉතින් විචාරයක් ඉදිරිපත් කිරීම විවෘත හින්දා හැමෝටම ආරාධනා කරනවා අදහසක් දක්වන්න කියලා...

ගීතයේ තනු නිර්මාණය, සංගීතය හා පද රචනාව සිදු කල අය පිළිබඳ මා හරිහැටි ‍නොදන්නා බැවින් එයද දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.


කිවුව වෙලාව- 2010-11-23 20:38:12
මාලතී මෙහෙම කියනවා :
කියවූ ප්‍රතිචාර දැක්වූ සැමටම ස්තූතියි..
ලියවිල්ලෙහි සුළු වෙනසක් කරන්න සිදුවූණා..එය මේ ලින්ක් එකේම අප්ඩේට් කර තිබෙනවා.. අඩු පාඩු පෙන්වා දුන්නට ලොකුට සහ මානෙල් අක්කාට නොවක් තුති.

මාලතී


කිවුව වෙලාව- 2010-11-23 00:56:14
Lanka Siriwardana මෙහෙම කියනවා :
Malathi... Thank you very much. You touched our hearts by writing so beautifully . .same as this song touched our hearts. Please continue your mission of bringing up good things of the past ... now all have forgotten.........

@BLive


කිවුව වෙලාව- 2010-11-21 21:48:20
Anushka Thilakarathne මෙහෙම කියනවා :
සැරයටියෙන් අපි යනෙනතුරා
සංසාරේ අපි එකට ඉමු..
සංසාරෙන් අපි සමුගන්නා දා...
ඒ ගමනත් අපි එකට යමු....

අනේ කල්පනා..හිත හදා ගන්නත් එක්ක මේ සිංදුව ගැන ලිපියක් ලියා දෙන්ටකෝ...

වික්ටර් ගේ මේ සින්දුව කීවාරයක් අහන්න ඇතිද? ඒත් කල්පනා සොහොයුරියගේ ලිපිය කියෙව්වට පස්සෙ ආයෙ කවදාවත් ඒ සිංදුව ඉස්සර ඇහැව්ව වගේ අහන්න ලැබෙන්නෙ නැහැ.

එක අතකින් ඒක හරිම සොඳුරු අපරාධයක්..


කිවුව වෙලාව- 2010-11-21 21:47:48
Mila මෙහෙම කියනවා :
ඇත්තටම මේ ලෝකෙ අමාරුම දේ තමා ආදරය කරන එක

කිවුව වෙලාව- 2010-11-20 22:12:38
Sura මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-20 01:11:09
Aravinda Indrajith මෙහෙම කියනවා :
ඉන්න බැරිනම් යන්න අරින එක තමා හොදම දේ.මේ ලෝකේ බැදීම් කියන්නේ හරි සංකීර්ණ සංකල්පයක් වුනාට ආදරය කියන්නේ බලහත්කාරයෙන් අත්පත් කරගන්න පුලුවන් එකක් නෙවෙයි.ඒ වගේම තමයි කිසිම දවසක එක හා සමාන දෙන්නෙක් ලෝකේ හොයාගන්න නෑ.කවදාවත් දෙන්නෙකුට එකට ජිවත් වෙන්නත් බෑ.බොහෝ දෙනා කරන්නේ නොගැලපිම් ඉවසා ගෙන හිතින් දුක් විදිමින් සමාජීය වුවමනාවට ජිවිතය කැප කරන එක.එහෙම ලෝකෙක මේ පුරුෂයා විශිෂ්ටයි.තම සංතෘප්තිය උදෙසා ආත්මාර්තකාමී නොවි දුක වේදනාව ඉතිරිකර තමන්ගේ ආශාව අත්හරිනවා.අනෙකාගේ ආශාව සහ කැමැත්ත මත.

කිවුව වෙලාව- 2010-11-19 04:04:34
Sathath D මෙහෙම කියනවා :
අර්ථ සම්පන්න ගීයක්.. හොඳ විවරණයක්....

කිවුව වෙලාව- 2010-11-19 03:43:29
Chaminda Wijesekara මෙහෙම කියනවා :
meka sebe athdekimak esurin liyewunu githyak ,3n kon premaye wedagathma mulla thama jiwathun atara,oba sapayana arthyata samaanath nehe .ehma newenneth ne ,eeth sebewa eeta ehata giya sambandayak.

@FB


කිවුව වෙලාව- 2010-11-19 03:42:21
Rambo මෙහෙම කියනවා :
කොර තමා නංගි කොර...!!!

කිවුව වෙලාව- 2010-11-19 02:47:59
Nuwan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-19 02:41:33
Nodutu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-19 00:52:45
Aruna74 මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-19 00:19:28
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
What's New | අලුතෙන්ම
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook