Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ගී කිය(ව)මු
අත්‍යවශ්‍ය මතක් කරදීමක් හෙවත් 'නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන්ද?'
බූන්දි, 01:49:06
මේ වන විට ලංකාවෙන් හතරෙන් තුනක් පමණ මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තියේ කිරිබත වළඳා දිරව ගනිමින් සිටියි. කිරියෙන් පැණියෙන් මෙන්ම රජ්ජුරුවන්ගේ ආශිර්වාදයෙන් ද ඔවුහු සතුටු වෙමින් දිවි ගෙවන්නෝ වෙති. රට වැසියෝ නිර්වින්දනය කිරීමට යොදා ගත් යුධ ජයග්‍රහණයේ එන්නත හෙටත් රාජ්‍ය ත්‍රස්තවාදයක් ලෙසින් ජනතාවගේ අධෝමුඛ තුළට විදිනු ඇත. ගත වූ සතියේ පදවි ප්‍රාප්තිය අළලා වියදම් කළ මුදල් ප්‍රමාණය අති විශාල ය.

ඒ තරම් මුදල් ප්‍රමාණයක් නාස්ති වීමේ ප්‍රීතිය ද අපේ රටේ මහජනයා ඉතා සතුටින් විඳ දරා ගත්හ. තිස්වසරක යුද්ධයක් හමාර වූයේ මිනිස් ජීවිත ලක්ෂ ගණනක මරණයන් මතිනි. දකුණේ පොදු සිංහල මතයට අනුව එය ලාංකීය ඉතිහාසයේ ලද විශාලම ජයග්‍රහණය වෙයි. උතුරේ දුක් විඳිමින් කැකෑරෙන අවිහිංසක දමිළ මිනිසුන්ගේ ආස්ථානයෙන් එය තවත් කබලෙන් ලිපට වැටීමක් ය. උතුරු වසන්තය ත් නැගනහිර නවෝදය ත් වචන වලින් එළියට විත් කළ දෙයක් නැත. ඔවුන් තවමත් රජය විසින් පාලනය කරන කඳවුරු තුළ හෝ විනාශ වී ගිය අනාගතයක් ඉදිරියේ එල්ලා ඇති 'සුභ අනාගතයක්' බෝඩ් ලෑලි කියවමින් සිටියි. ඉකුත් වසරේ මැයි 18 වන දින ලංකාවෙන් අති බහුතරයක් ම කිරිබත් කෑහ. පාරවල් වල සිංහ කොඩි ලෙළ වූහ. අදට දින කීපයකට පෙර ද සමහරු එසේම කිරිබත් වැළඳූ හ. ඒ යුධ ජයග්‍රහණය කරා රට රැගෙන ගිය මහින්ද රාජපක්ෂගේ උපන් දිනය ත් දෙවන පදවි ප්‍රාප්තිය ත් හේතුකොටගෙන ය.(සරත් ෆොන්සේකා මේ වියමනට අදාළ නොවන හෙයින් ඔහු ව මින් පිටතින් තබමි.) මේ සෑම අටමගලයක් මැද්දේ සිදු වූ කිසිවක් අප විසින් අමතක කළ යුතු නැත. මන්ද ඒ සෑම දෙයකින්ම අපට කියාපානුයේ පෙනෙනුයේ ලාංකීය ජන විඥානය සහ දේශපාලනික උප්පරවැට්ටි මෙන්ම රටේ කාලකන්නි හරස්කඩකි.

1. ස්වර්ණවාහියේ මෙගා ස්ටාර් ජරමරය.
2. මර්වින් සිල්වා පබා ගේ කුක්කු බොන්නට ඇති කැමැත්ත ප්‍රසිද්ධ ජන මාධ්‍යයේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම.
3. කොළඹ කේන්ද්‍රීයව කැසිනෝ ශාලා ඉදි කිරීමේ අවධානම.
4. එස්. බී.ගේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් ලංකාවෙ කෙල්ලන්ට පිටරට කොල්ලන් ලැබීම.
5. මේ සෑම දේකටම සරිලන විදියට පාර්ලිමේන්තු හා නොවන සංඝ රත්නය ආශිර්වාද කරමින් සිටීම.

මේ සියල්ලක්ම ලාංකේය පොදු ජනමතයට ආතල් ය. ආතල් නිර්මාණය කරමින් ලොසින්ජර මෙන් ලොවන්නට දීම ආණ්ඩුවට විසින් සිදුකරගෙන යන්නකි. මෙවැනි ලොලි පොප් ලොවමින් මහජනතාව සියල්ල අමතක කරමින් සිටියි‍‍.(තවත් විදියකට මතක් වීමට ද ඔවුන්ට කිසිවක් නොමැත.) මේ අනුව රජයේ අලුත්ම ලොලි පොප් එක නොහොත් ආතල් එක 'රණවිරු රියල් ස්ටාර් ය'. එක බෝලයක් දමා හමාර වූ පසු ඔවුන් තවත් බෝලයක් දමයි. ඒ හැම බෝලයකටම ආදරයෙන් ස්වකීය කඩුල්ල පූජා කිරීමට ජනතාව පුල පුලා බලා සිටී. රණවිරු රියල් ස්ටාර් එසේ සිදු වෙද්දී එල්. ටී. ටී. ඊ රියල් ස්ටාර් කේ.පී සිටිනුයේ කොහේද....? අන්තිම හතලිස් අට දෙනාට පෙර ඉවත් වූ කරුණා අද සිටිනුයේ කොහේද.....? මෙවැනි ඔල්මොරොන්දම් මළවිකාර සියැසින් දකිමින් ලාංකීය බහුතරයක් ජනයා තමන්ගේ කාලකන්නි මෝඩකම නැවත නැවත කරමින් මහරජාගේ කැසිකිළි වැසිකිළි සෝදමින් සිටියි.

පබිලිස් සිල්වා විසින් සකසා දුන් කිරිබතට ඔබ්බෙන් ලාංකීය ජනවිඥානය මෝදු විය යුතුය. කට සැර ලුණු මිරිසක් සාදාගත යුත්තේ එතැනිනි. නොඑසේනම් දෙන දේ කමින් වෙන දේ බලා සිටින පොදු ජනතාවට ඉදිරියේ දී තව තව කිරිබත් හැලි ඉදෙනු ඇත. පබිලිස් සිල්වාගේ කිරිබත දින තුනකට පසු නොදිර වූ ආහාර කැබලි ලෙස වමනෙ ගියේ අය වැය කියවීමත් සමගය! ඒ සමගම රට්ටුන්ගේ කර්ණශංඛය ආශ්‍රිතව තරු කීපයක් එහාට මෙහාට භ්‍රමණය වන්නට වුණි. ඔළුව අත ගා ටොකු ඇනීමේ කලාවට එහා ප්‍රාගුණ්‍යක් ප්‍රකට කරන රාජපක්ෂ ආණ්ඩුව ඇඳුම් අන්දවාම අහවල් වැඩේ කරමින් සිටියි.

ඉතිකින් ජනතාවත්, රජ්ජුරුවෝත්, සහචරයෝත්, වන්දිභට්ටයෝත්, කේවට්ටයෝත් මේ සැමරුවේ කුමක්ද....? ලක්ෂ ගණනක් මරණයි. මරණයට පත් වූයේ කවුරුන්ද කොයි රටේ මිනිසුන් ද යන්න අමතක කරමින් ලේ පිපාසයෙන් කෑ ගසන රජුත් ඔල්මොරොන්දම් දකුණේ ජනතා චින්තනයත් තවත් ඉදිරියට සිදු කරන්නේ කුමක්ද....? මේ මහා මිනිස් සංහාරය සැමරිය හැකි නිරුපද්‍රිත හෘද සාක්ෂිය කුමක්ද......? ඉතිං නැසුණු ලොව අභිමුවේ විජය කොඩි නගන්නේ කවුරුන් ද....?

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය නොඩි නගන්නේ කවුරුන් ද


මිනිස්කම හමුවේ පැන නගින මේ පැනය කුමක්ද? ළමයින් දුටු දුටු තැන වඩා ගන්නා සංවේදී නායකයා මේ සැමරුවේ කුමක් ද? බල ලෝභිත්වයත් උමතුවත් තව තවත් එල්.ටී.ටී.ය පරාජය කිරීම ම පමණක්ම ඉදිරියට දමමින් කරගෙන යන්නේ කුමක් ද....?

එකම ඉර එකම හඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදි හිඳ දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට


එකම ගැටළුවක් වෙනුවෙන් පෙනී සිටින ජනතාව එකම ඉරක් හඳක් යට ජීවත් වෙමින් පිල් වැදී කරන අරගලය කුමක්ද....?

"එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට...."

අපිට ඇත්තේ පොදු සතුරෙකි. අප විසින් කළ යුත්තේ ඒ පොදු සතුරා පරාජය කිරීම පමණි. පවතින දේශපාලනයට කඩේ යාමත් මුග්ධ කපටි චරිත වන්දනාමාන කිරීමත් නොව පොදු සතුරා පරාජය කිරීම වෙනුවෙන් එකතු වීමයි.

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට


රාපක්ෂගේ කිරිබත් වලින් ඔබ්බට අප කවුරුත් සිතා බැලිය යුතු කරුණක් ඇත. ඒ මවාපාන මහා පරිමාණ බොරු වලට රැවටී තව දුරටත් ඔවුන්ගේ දේශපාලනික ඉත්තන් බවට පත් වීමට තුඩු දෙන කශේරුකාවේ ඇති රබර් මිශ්‍රණය ඉවත් කර ගැනීමයි.

ඉන් පසුව,
එකමුතුව ජය පතා අනාගත පරපුරට.... අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට....!

ලෝකයක් නසන්නට
රුදුරු අවි අත දරා සැරසෙමුද
නැසුණු ලොව අභිමුවේ
විජය නොඩි නගන්නේ කවුරුන් ද

එකම ඉර එකම හඳ පිහිට කොට ගත් අපට
එකම පැනයකි ඇත්තෙ රිදුම් දෙන හදවතට
ඒ පැණය පසෙක ලා බෙදි හිඳ දෙපිලකට
උපන් බිම දෙකඩ වන සටන් කරනුයෙ කුමට

වෛර ගිනි ඉවත ලා දයාබර වෙමු ලොවට
නසනු වෙනුවට රකිමු හොවා ළය උණුසුමට
එකමුතුව ජය පතා අනාගත පරපුරට
අවි ගනිමු එරෙහි වී දුගී දුප්පත් කමට


ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - බණ්ඩාර ඇහැලියගොඩ

ගීතය අහන්න මෙතනින් යන්න.

ශිල්පීන් සමග සම්බන්ධ විය හැකි දුරකථන අංක-
සුනිල් එදිරිසිංහ - 777 686 986 , බණ්ඩාර ඇහැළියගොඩ - 777 486 482
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rana Wiru Real Star, 'Lokayak Nasannata Ruduru Awi Atha Dara', Sunil Edirisinghe, Rohana Weerasinghe, Bandara Eheliyagoda, Sinhala Lyrics
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Amdon මෙහෙම කියනවා :
ගින්දර බO ගින්දර

කිවුව වෙලාව- 2010-12-27 03:58:02
neranji මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-26 20:38:57
Namal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-26 03:01:14
@පැමිනිලිකාරයා මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-26 01:45:53
පැමිනිලිකාරයා මෙහෙම කියනවා :
නැසුණු ලොව අභිමුවේ
හෙලිවැල්ලෙන් නටන්නේ
මහජරා රජාගේ
චුටි බබාලා වන
අපිමද?
ශිරන්ති නැන්දා - නුබට පුතේ මගක් නැතේ, මේ මග මිස කොහෙ යමන් පුතේ
මහින්ද මාමා - සුව‍්රගෙට ගියකලේ යුන්ද ඒවි බොලේ, අපොයි මගේ හාපැටියා කියා හඩයි බොලේ...
තව.... හයියෙන්!


කිවුව වෙලාව- 2010-11-26 00:58:34
SAM මෙහෙම කියනවා :
වීරයා මැරිලා? නෑ නේ?

කිවුව වෙලාව- 2010-11-25 22:30:54
Rambo මෙහෙම කියනවා :
දෙමළු මරා ලැබුනේ කිම
අපි ඔක්කොම බිම

හැබැයි දෙයක් ඇත

මොකා බලයට ආවත් පලක් නැත
රජා අඩුම තරමින් මෙය ලියූ වීරයා ජීවග්‍රහයෙන් ගෙන ගොස් උල තබන්නේද නැත
තම තමන් උත්සාහයෙන් උඩට විත් අනෙකාට අතක් දෙන්නේනම් මැනවි

ලිපිය එළ....!


කිවුව වෙලාව- 2010-11-25 22:19:24
Asanga මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-24 01:30:38
Mihindu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-11-24 00:44:12
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
වීරයාගෙන් තවත් වියමන්
පොත්
'අඟුණ මල්'- කෙටි කවියක දාර්ශනික දිගන්තයක් හෙවත් පොඩියට ලියපු ලොකු කවි
වෙනස්
මෛත්‍රී
පොත්
ආයෙත් එන්න කියන්න බැරි තැනක හිඳ "යන්නං චන්දරේට" අතවනමු.
වෙනස්
ඉනිමං නැති අපි
වෙනස්
නාලන්ද සර්පයා දුටුවාද?
තවත් ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!
ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්
පාළුව දෙවනත් කරලා නාඬන් උල ලේනෝ- විප්ලවයේ මළගම
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්.....
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බොබ් ඩිලන් කියයි.
ඇතැම් විට, අපට මේ ඌරන් පැරදවිය නොහැකි වනු ඇත. එහෙත්, උන් සමග එක් නොවී සිටීමට අපට හැකි විය යුතුය.
What's New | අලුතෙන්ම
කතන්දර| "නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]

10-Secs

"නුවණක්කාර කපුටුහාමි"- පොඩිත්තන්ට ඊසොප්ගේ උපමා කතාවක් [කාටූන්]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
පිටපත සහ සජීවීකරණය- බූන්දි වැ.දෙ.


[Sinhala Cartoon Kids Story -THIRSTY CROW-... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

11-Secs

ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
අදහස්| ඒ ඇගේ අහසයි!

4-Mins

(මහේෂි බී. වීරකෝන්) ශ්‍රී ලාංකේය සන්දර්භයේදී ස්ත්‍රීය හා ඇගේ විමුක්තිය යන කතිකාවත තුළ අඩු අවධානයක් දෙන මාතෘකාවක් වේ නම් ඒ ස්ත්‍රී ලිංගිකත්වය (Female... [More]
ගී කිය(ව)මු| ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!

6-Mins

(කේ.ඩී. දර්ශන) අජිත් කුමාරසිරි ගයන "ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම" සම්මත ගීත ආකෘතිය ඉක්මවා ගිය ගීතයකි. ආකෘතිය අතින් මෙන් ම අදහස්... [More]
කතන්දර| "මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]

35-Secs

"මොනවද මේ දවල් හීන?"- පුංචි අපේ පුංචි හීන ගැන පුංචි කතාවක්! [කාටූන්]- Cristy Zinn ලියා, Mary-Anne Hampton සිත්තම් කළ "What... [More]
වෙසෙස්| මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?

4-Mins

(සරද සමරසිංහ) මානව සමාජය වැඩවසම්, සමාජවාදී, ලිබරල් සහ පශ්චාත් ලිබරල් ආදී යුගයන් පසුකර පෑමිණ, ඉතා සංකීර්ණ සමාජ හා දේශපාලන යුගයක් අබියස සිටින... [More]
Cine| ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව

5-Mins

(චන්දන ගුණසේකර) මගේ මතකය නිවැරදි නම් ඒ අසූව දශකයේ නිකින්න විය. නිල්වන් අහස ඉතා සැඩ පරුෂව දැවුණු හිරු සිඳී ගිය වැව් මත... [More]
Cine| "තුන්දෙනෙක්|மூவர்"- මිනිස්කම අහිමි වීම පිටුපස ඇති දේශපාලන ප්‍රශ්නය නිරාවරණය කිරීමේ අභියෝගය

10-Mins

(උපාලි අමරසිංහ) අප ජීවත්වන මේ යුගයේ සමාජ ආර්ථික දේශපාලන මූලයන්ගෙන් ඉපදී එම ක්‍රමය විසින් ම පෝෂණය කරන්නාවූ යක්ෂයාගේ හෝරාව පැමිණ කළ විනාශය... [More]
කතන්දර| "පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]

31-Secs

"පොඩි සාදුගෙ කතන්දරේ"- බුදු සිරිතෙන් පොඩිත්තන්ට ආදර්ශමත් කතන්දරයක් [කාටූන්]- Arvind Gupta ලියා, Debasmita Dasgupta සිත්තම් කළ 'What happened to the... [More]
කවි| සිංහයෝ උඹ ණයයි!

25-Secs

(අමිල නන්දසිරි) හදන්නට සීගිරිය මාලිගේ
කොන්ත්‍රාත් එක ගත්තෙ
මිගාරගෙ මල්ලි වුන
ගම් සභාපතිතුමයි
වැලි ගඩොල් අපි ඇද්දෙ
උඩට කර බරෙන්මයි... [More]
කවි| 'අපේක්ෂා' - ඒක ගැලපෙන නමක්!

16-Secs

(වජිර දීප්ති වීරකෝන්) "කුසුමාවතී රත්නායක"
නම කියනකොටම
මට "ඉන්නවා" කියවුනා,
මේ ඉස්කෝලෙ නෙමේ
ඉස්පිරිතාලෙ කියලා
හාංකවිසියක් අමතක වුනා..... [More]
අදහස්| හිත් මත බර අඩි තබමින් "සහෝදරයා" නික්ම ගිය පසු...

5-Mins

(චන්දන ගුණසේකර) අවසාන භෝජන සංග්‍රහය සහ ජුදාස්ගේ පාවාදීම සිදුවූ මහ සිකුරාදාවෙන් ඇරඹුණු පසුගිය සති අන්තය ජේසුතුමන්ගේ උත්ථානය සිදුවූ පාස්කු ඉරිදාවෙන් අවසන් වූයේ... [More]
අදහස්| විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය

3-Mins

(ක්‍රිෂාන් රත්නායක) ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ... [More]
කතන්දර| "හිපෝට හරි දාංගලේ"- ළමා කතන්දරය [වීඩියෝව]

36-Secs

"හිපෝට හරි දාංගලේ"- පොඩිත්තන්ට තවත් ලස්සන කතන්දරයක් [කාටූන්]- Sam Beckbessinger ලියා, Megan Andrews සිත්තම් කළ "Hippo Wants to Dance" ළමා... [More]
පොත්| සවන් දෙන්න! මේ අමිහිරි මතක අතීතයක සිට එන "අන්තිම දුම්රිය"යි!

8-Mins

(චන්දන ගුණසේකර) "නිලට හුරු අළු පාටට හැරී තිබුණු උතුරු ක්ෂිතිජය ලා රතු පැහැයක් ගත්තේය. ලා රත නැවත තඹ පැහැයට හැරුණි. අනතුරුව එය... [More]
කතන්දර| "අමුතු ආච්චිගෙ අපූරු සර්කස්"- ළමා කතන්දරය [වීඩියෝව]

31-Secs

"අමුතු ආච්චිගෙ අපූරු සර්කස්" බලමුද?- පොඩිත්තන්ට විනෝදාත්මක සිංදු කතන්දරයක් [කාටූන්]- Mala Kumar හා Manisha Chaudhry ලියා, Niloufer Wadia සිත්තම් කළ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook