Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඉරානයේ සමලිංගිකයන් තුර්කිය දෙසට පලා යාම සහ ලංකාව ඉරානය දෙසට ඇවිද යාම.
බූන්දි, 01:09:30
"එහෙදි සිද්ධ වුණා මගේ සමලිංගික බව හංගන්න; මෙහෙදි මට සිද්ධවෙලා තියෙනවා ඒක ඔප්පු කරන්න..."
-මරියම් එස්.
(තුර්කි කඳවුරක සිටින ඉරාන සමලිංගික තරුණියක්; අප්‍රේල්, 2010)

මිනිසා සමාජ සත්ත්වයෙකි; මිනිසා දේශපාලනික සත්ත්වයෙකි; ඒ සියල්ලටම වඩා ඔහු ලිංගික සත්ත්වයෙකි.

තමන් තුළින් ස්වභාවිකව උපදින ලිංගික තෝරා ගැනීමක් නිසා කෙනෙකුට හිමි වන්නේ දරුණු වධ බන්ධන සහ මරණ දණ්ඩනය නම්..... එහි වරද ඔහු හෝ ඇය අත ද ඔහු හෝ ඇය අයත් වන සමාජය අත ද යන්න ගැඹුරින් විමසිය යුත්තකි.

ඔබ සමලිංගිකයෙකු නම් ඉරානයේ දී ඔබට සිදුවන්නේ එයයි. ඉරානය යනු සමලිංගික සේවනයේ යෙදීමේ "වරදට" මරණ දණ්ඩණය දීම නීත්‍යානුකූල කර ඇති රටවල් හතෙන් එකකි. අනෙක් රටවල් වන්නේ නයිජීරියාව, සෞදි අරාබිය, සෝමාලියාව, සුඩානය, යේමනය හා මොරිටානියාවයි. ලෝකයේ පිළිගත් මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් කෙරෙන මේ වධ දීම්, අපචාර, ලිංගික අපයෝජන සහ මරණීය දණ්ඩනයට ලක් කිරීම් ඉස්ලාම් ලබ්ධික ෂාරියා නීතියට අනුකූලව සැකසී ඇති අතරම එම රටවල නීතියේ ද දේශපාලන හස්තයේ ද ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වෙයි.

ඔවුන්ට මේ වන විට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි. ඒ දුක් විඳීමට හෝ තුර්කියට පලා ගොස් "ලිංගික හේතු" දක්වා සමලිංගික බව හෝ ලිංගික විෂම බව ඔප්පු කොට කඳවුරකට ගාල් වී බහුතරයෙන් වෙනස්ව ඉපදීමේ වරදට නොදන්නා අනාගතයක් දෙස බලා හිඳීමයි. ඉරානයේ අසල්වැසි රටක් වන තුර්කියේ රැකවරණ පතන මෙවැනි පුද්ගලයින් සිය ගණනකි. ජිවිත බේරා ගැනීම සඳහා එසේ ඉරානයෙන් පලා යන්නන් ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී.

ඉරාන නීතිය සහ විශ්ව මානව හිමිකම්

ඉරාන නීතිය ප්‍රතිවර්තනය කරන්නේ ලිංගික සුළුතරය කෙරෙහි රජය දක්වන කුරිරු ආකල්පය යි. ඊට අනුව සාම්ප්‍රදායික විවාහයට පටහැනි සියලු ආකාර ලිංගික සම්බන්ධතා මරණ දඬුවම් ලැබිය යුතු වැරදි ය. සමලිංගික සම්බන්ධතා පැවැත්වීම "හුදුද්" හෙවත් ෂාරියා (ඉස්ලාමික) නීතියෙන් දෙන දඬුවමට යටත් ය. මන්ද එය සැලකෙන්නේ දෙවියන්ට එරෙහි වීමක් ලෙස ය. පුද්ගලයෙකු හතර වතාවක් සමලිංගික සේවනයේ යෙදුණු බවට ෂාරියා නීතිය අනුව "යහපත්" මිනිසුන් හතර දෙනෙකු සාක්ෂි දුනහොත් හෝ අදාළ තැනැත්තා හෝ තැනැත්තිය තමන් එසේ කළ බවට පාපපොච්ඡාරණය කළ හොත් ඔහුට හෝ ඇයට මරණ දණ්ඩනය නියම කෙරේ. (ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 127, 129, 130 වගන්ති.)

මීට අමතරව රජයේ නීතියට අනුව පිරිමින් දෙදෙනෙකු හෝ ගැහැණුන් දෙදෙනෙකු අනුරාගික සිප ගැනීමක යෙදුණු බවට ඔප්පු වුවහොත් දඬුවම එක් අයෙකුට කස පහර 60 බැගිනි. එසේම "ලේ ඥාතීන් නොවන පිරිමින් දෙදෙනෙකු කිසිදු හේතුවක් නොමැතිව එකම පොරෝණය යට සිට අසුවීම" කස පහර 100 ක් ලැබිය හැකි වරදකි. (ඉරාන දණ්ඩ නීති සංග්‍රහය: 134 වගන්තිය.) එබඳු "‍වැරදි" සඳහා කණ්ඩායම්ගත වීම ද ඒ සඳහා පෙළඹවීම ද ආගමික නීතියේ පදනම මත තහනම් වී ඇත. පිළිගත් විවාහ ක්‍රමයෙන් වෙනස් කිසිදු ලිංගික කරුණක් සම්බන්ධ ලිඛිත ප්‍රකාශන, වෙබ් අඩවි ආදිය සපුරා තහනම්ය.

සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ විශ්ව මානව හා ළමා හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව අවු: 18 ට අඩු පුද්ගලයින්ට මරණ දඬුවම හෝ බරපතල ගණයට වැටෙන දඬුවම් දීම තහනම් කරන ලද කරුණකි. (මානව හිමිකම් ප්‍රඥප්තිය: 6 වන වගන්තිය.) අද මෙසේ හැසිරෙන ඉරානය 1975 දී අන්තර්ජාතික මානව හිමිකම් පනතට අත්සන් තැබූ අතර 1994 දී ළමා හිමිකම් ප්‍රඥප්තියට අත්සන් තබන ලදි.

මරණ දණ්ඩනය

ඉරාන මාධ්‍ය සාක්ෂි වලට අනුව 1979 සිට මේ දක්වා සමලිංගික සේවනය හේතුවෙන් මරණ දඬුවම හිමි වූ බොහෝ අය (අවු: 18 පහළ ළමුන් ද ඇතුළුව) පිරිමි ය. මේ අයට දඬුවම් නියම කරන්නේ වෙනත් අපරාධ චෝදනා ද කරමිනි. බොරෝමාන් පදනමට (Boroumand Foundation) අනුව 1979 සිට 1990 දක්වා සමලිංගික සේවන චෝදනා මත අඩුම තරමින් 107 දෙනෙකුවත් රජය විසින් මරා දමා ඇත. ඇම්නෙස්ටි ජාත්‍යන්තරය (Amnesty International) පවසන්නේ 1990 ජනවාරි මාසයේ දී පමණක් සමලිංගිකයින් බවට සැක කොට පුද්ගලයින් පස් දෙනෙකුට මරණ දඬුවම ලබා දී ඇත. මින් තිදෙනෙකු පිරිමි වන අතර දෙදෙනෙකු ගැහැණු ය.

මෙයින් වඩාත්ම කතා බහට ලක් වූ සිද්ධියක් වන්නේ මොහොමඩ් අසාරි සහ අයාස් මාර්හෝනි නම් යෞවනයින් දෙදෙනා (මේ දෙදෙනාගෙන් කෙනෙක් අවු: 18 ට අඩු ය.) ඉරාන රජය විසින් ඊසානදිග ඉරානයේ මෂාද් නම් නගරයේ දී 2005 ජුලි 19 වනදා ප්‍රසිද්ධියේ එල්ලා මරා දැමීම යි. ඔවුන්ට එල්ල කර තිබුණේ අවු: 13 ක පිරිමි ළමයෙකු "ලවාත් ‍බේ ඔන්ෆ්" හෙවත් දූෂණය කිරීමේ චෝදනාවයි. එහෙත් මානව හිමිකම් සංවිධාන වාර්තා කර තිබුණේ එයට සැබෑ හේතුව වී ඇත්තේ ඔවුන් සමලිංගිකයින් වීම බව යි.

ආරක්ෂක අංශ සහ උසාවි

මේ කරුණු ගැන ගැඹුරු අධ්‍යයනයක් කළ හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය වාර්තා කරන පරිදි, ඉරානයේ ආරක්ෂක අංශ එනම් පොලිසිය සහ බසිජ් හෙවත් මිලිටරි අංශ වල විශේෂ කණ්ඩායම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී, අත්අඩංගුවේ තබා ගැනීමේ දී සහ හිරිහැර කිරීමේ දී සමලිංගිකයින් යයි සැක කරන පුද්ගලයින් කෙරෙහි අන්තවාදී, අමානුෂික නීති ක්‍රියාත්මක කරයි. ඔවුන් වෙත අදහස් දැක්වූවන් අතර එබඳු ආරක්ෂක අංශ සාමාජිකයින් වෙතින් ලිංගිකව අපහරණයට හෝ දූෂණයට ලක්වූවන් බොහොමයක් විය.

42 හැවිරිදි සමලිංගිකයෙකු වන නේවිඩ් ටෙහෙරානයෙන් පිට වෙළඳසැලක් හිමිව සිටියෙකි. 2007 දී සිය වෙළඳසැල වසා රාත්‍රියේ නිවස බලා යන විට, ඒ මොහොතේ දී සිවිල් ඇඳමින් සැරසී සිටි නමුත් පසුව සොයාගනු ලැබූ පරිදි ප්‍රාදේශීය පොලිසියේ (බසීජ්) සාමාජිකයින් බවට තහවුරු වූ දෙදෙනෙකු අතින් පහර කෑමට සහ ලිංගිකව දූෂණයට ලක් වූ අයුරු ඔහු විස්තර කරන්නේ මෙසේය.

"ඔවුන් මාව අත් වලට මාංචු දමා මගේ නිවස දෙසට ගෙන ගියා. ඉන් පසුව වාහනයෙන් ඉවතට ඇද දැම්මා. මට හොඳටම පහර දී එක් අයෙක් මගේ මුව තුළට ඔහුගේ ලිංගය එබුවා. මම අප්පිරියාවෙන් එය ඉවතට තල්ලු කළා. එවිට ඔවුන් මාව නාන කාමරයට ඇදගෙන ගොස් අධික සීතල වතුරට දැම්මා. ඒ මුළු වෙලාවෙම ඔවුන් මට පහර දුන්නා. ඉන්පසු මාව වෙනත් නිවසකට අරන් ගියා. එහි කැරපොත්තන්ගෙන් පිරුණු ගඳ ගහන කුස්සියකට දමා අගුළු දැම්මා. එහිදී එකෙකු මගේ ඇඳුම් ගැලෙව්වා. ෆ්ලෑෂ් එළියක් මැද බැට්න් පොල්ලක් ද රැගෙන ඔහු මාව බිමට දමාගෙන දූෂණය කළා. පසුව අනෙක් අයත් එකතු වුණා."

මේ සම්බන්ධ චෝදනා වලට ලක්වූවන් ගේ අයිතිවාසිකම් කෙළෙසෙන අයුරු ද අමානුෂික ය. 2007 දී තහනම් කරන ලද අන්තර්ජාල පරිහරණය කරන්නන් "අල්ලා ගැනීමේ මෙහෙයුමකින්" අත්අඩංගුවට පත්වී දරුණු වධ හිංසාවන්ට ගොදුරු වූ මොහොමඩ් ටී. සිය නඩු විභාගය සහ දඬුවම් ගැන විස්තර කරන්නේ මෙසේය.

"මම කිසිදු විටෙක චෝදනා ලියවිලි දැක්කෙ නෑ. මම දැක්කෙ අන්තර්ජාල සංවාද (චැට්) කිහිපයක ෆොටෝ කොපි කීපයක් සහ මට අත්සන් කරන්න දුන්න සහතික කිරීමේ ලියවිල්ලක් විතරයි. උසාවියෙදි නඩුකාරයා සහ බසීජ් රැකවල්ලු 'නපුංසකයා' කියලා මට අපහාස කළා. මාව අල්ලලා දීපු අරාෂ් කියන පුද්ගලයත් එහි සිටියා. නඩුකාරයා ඇහුවා ඇයි මෙහෙම කළේ කියලා. මම කිව්වා 'මම දන්නේ නෑ. මට ඕන වුණා මම වගේ තවත් කෙනෙක් සමග කතා කරන්න' කියලා. එතකොට ඔහු ඇහුවා 'ඉස්ලාම් ධර්මය අනුව ඒක පවක් බව නුඹ දන්නවා නේද?' කියලා. නඩු විභාගය තිබුණේ විනාඩි 30-45 දක්වා කාලයක්. මුළු වෙලාවෙම කතා ක‍ළේ නඩුකාරයා විතරයි. එච්චරයි."

මෙබඳු චෝදනා වලට ඉරාන දණ්ඩ නීති සංග්‍රහයේ 120 වන වගන්තිය අනුව ෂාරියා ආගමික නඩුකාරයා ගේ දැනුම සහ අදහස මත පමණක් පදනම්ව දඬුවම් ලබා දිය හැකි නිසාම ඔවුහු රිසි පරිදි චෝදනා කොට දඬුවම් ලබා දෙති.

කාන්තාවන්ගේ ඉරණම

මේ සියල්ලෙන් වඩාත්ම බැට කන පිරිස වී ඇත්තේ කාන්තාවන් ය. ඔවුන්ට ඇති බරපතලම ප්‍රශ්නය නම් විවාහ විම සඳහා බල කරනු ලැබීමයි. තමන් සම්පුර්ණයෙන් අකමැති ලිංගික ජිවිතයකට බල කරනු ලබන මේ කතුන් එම පීඩාව ඉවසා දරා ගත යුතු ය. නැතහොත් සත්‍ය්‍ය එළි වීම නම් මරණය යි. ඊට පෙර විඳිය යුතු මරණීය වේදනා බොහෝ ය. තමන්ගෙම ඥාතීන්ගෙන් සිදුවන ලිංගික බලපැම්, තර්ජන ගර්ජන හා පහර දීම් වලට ඇය ලක් වේ. නීති‍ය ඉදිරිපිට ද කිසිදු පිළිසරණක් නැති ඔවුන්ට ධෛර්යයක් තිබේ නම් කළ හැකි එකම දෙය තුර්කිය වෙත පලා යාම යි.

මේ දැනට තුර්කියේ රැකවරණ ලබන 30 හැවිරිදි මරියම් ගේ හඬයි.

"මාව 2004 වසරෙදි බලෙන් විවාහ කරලා දුන්නා. අප්‍රමාණ මානසික සහ ශාරීරික වේදනා ගොඩක් වින්දාට පසුව 2008 දි මට දික්කසාදය ලැබුණා. ඊළඟට මගේ පවුලෙ අයට ඕන වුණේ මාව ආයෙත් විවාහ කරලා දෙන්න. මේ කාලයෙදි මගේ මස්සිනා මට ලිංගික අතවර කරන්න උත්සහ කරමින් හිටියා. මට ගෙදරට කියන්න හැකි වුණේ නෑ ඔවුන් මට උදව් නොකරන නිසා. කිව්වා නම් ඔහු මට පහර දෙනවා. ඒ නිසා මම ගෙදරින් පැනලා ආවා. මගේ මස්සිනා වැඩ කළේ රහස් පොලිසියේ. ඔහු මගේ ඊ මේල් වලට හොරෙන් ඇතුළු වෙලා හොයා ගෙන තිබුණා මම සමලිංගික බව. එතැන් පටන් මම මෙහෙට එන්න දින දෙකකට කලිනුත් ඔවුන් දුරකථනයෙන් මටත් මා සමග සම්බන්ධතා පැවැත්වූ සියලුම මිතුරියන්ට නිවෙස් ඉදිරිපිට ගිහිනුත් අපිව එකට දමා ගිනි තියන බවට තර්ජනය කළා. මම යි ඒ දේවල් වලට වග කිව යුතු කියලා හිතෙද්දි මාව ලැජ්ජාවෙන් සහ බයෙන් වෙව්ලුවා.."

ඉරානය තුළ මානව හිමිකම් ක්‍රියාකාරිකයින්

ඉරානය තුළ, රජය විසින් පිළිගත් ප්‍රධාන ධාරාවන්ට පටහැණිව ස්ත්‍රීපුරුෂ භාවය හෝ ලිංගික කාරණා පිළිබඳව කටයුතු කිරීමට එකතු වීම, සංවිධානය කිරීම හෝ තොරතුරු බෙදා හැරීම දේශපාලන කල්ලි ගැසීමක් ලෙස සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකෙන අතර මෙය ඉරානයටම පමණක් සීමා වූ තත්ත්වයක් නොවන බවද අප වටහා ගත යුතු ය. මැදපෙරදිග කලාපයේ එවැනි ක්‍රියාකාරකම් සැලකෙන්නේ විදේශ කුමන්ත්‍රණ ලෙස ය. එනිසාම ඉරානය තුළ සිටින එවැනි කණ්ඩායම් කොන්වූ ලිංගික කණ්ඩායම් වල ප්‍රශ්න කෙරෙහි උදාසීන වීම පුදුමයක් නොවේ. එහෙත් මේ සියලු තත්ත්වයන් යටතේ වුවද විරෝධතා දක්වන්නන්, මාධ්‍යවේදීන්, බ්ලොග්කරුවන්, ශිෂ්‍යයින් සහ කලාකරුවන් වැනි පිරිස් කොන්වූ පිරිස් වල අයිතීන් වෙනුවෙන් සමාජගත නොවන්නේ ද නොවේ. එහෙත් සාමාන්‍ය පොලිසියට අමතරව බුද්ධි අංශයේ රහස් නිළධාරින් පවා යොදවමින් ඔවුන් මැඩලීමට රජය පසුබට නොවේ. මීට හොඳම උදාහරණය වන්නේ මානව හිමිකම් වාර්තාකරුවන්ගේ කමිටුව (Committee of Human Rights Reporters-CHRR) ට අත් වූ ඉරණම යි. ඔවුන්ගේ සමාජගතවීම් කිහිපයකට පසු රජය කළේ එය නිහඬ කිරීම යි. එහි සාමාජිකයින්ගෙන් වැඩි දෙනෙක් අද වන විට සිරගෙදර ය. නැතහොත් රටින් පලා ගොසිනි.

එසේ වුවත්.....,
කෙසේ වුව ද රජයේ පිළිවෙත සහ සැබෑ තත්ත්වය අතර පැහැදිලි වෙනසක් දක්නට ලැබේ. 2007 දී ඉරාන ජනපති අහමදීන්ජාඩ් ගේ "ඉරානයේ සමලිංගිකයින් නැත" යන ප්‍රකාශයට එරෙහිව යමින් දහස් ගණන් පිරිස් තම සමලංගික, බහුලිංගික හෝ විෂම ලිංගික බව නිසාම රහසින් හෝ ප්‍රසිද්ධියේ එකතු වී කණ්ඩායම්ගත වෙයි. ඔවුන් විසින් පර්සියානු භාෂාවෙන් පවත්වා ගෙන යන බ්ලොග් කරුවන්ගේ ප්‍රජාවක් ද වෙයි.

ක්‍රිස්තියානි පල්ලිය

ශු.බයිබලයට අනුව සමලිංගික වීම පවකි (උත්පත්ති 18: 1-33). ක්‍රිස්තියානි පල්ලිය මෙවැනි දෑ පවක් ලෙස සැලකුව ද ඒ කෙරෙහි දක්වන ප්‍රතිචාර මාරාන්තික නැත. විවිධ ක්‍රිස්තියානි කණ්ඩායම් මෙන්ම කතෝලික පල්ලිය තුළ ද ඇත්තේ එකිනෙකට වෙනස් පුද්ගල මතවාද ය. සමලිංගිකත්වය පිටු දැකීමට වඩා පල්ලිය වඩාත් චෝදනාවට පාත්‍ර වන්නේ පූජකයින් සිදු කරන ලිංගික ළමා අපචාර සහ වෙනත් ලිංගික අක්‍රමිකතා යට ගැසීම් ගැනය. වතිකානුව එම චූදිත ලැයිස්තුවේ මුල් තැන ගනියි.

අපි එහෙම නෑ...(?)

ඔව්! ඉරාන නීතිය කෲර ය. අමානුෂික ය. පුද්ගල නිදහස උදුරා ගනියි. එසේ නම් ලංකාව කොතැනද? ලංකාවේ සමලිංගික සේවනයට මරණ දඬුවම හිමි වන්නේ නැත. කණ්ඩායම්ගත වීම සහ අයිතිවාසිකම් පිළිබඳව කතා කිරීමේ නිදහස ද හිමි ය. Companions on a Journey නමින් සමලිංගිකයින්ගේ අයිකිවාසිකම් සුරැකීමේ සංවිධානයක් ද 1994 දී බිහි වී ඇත.

එහෙත්, ලංකාවේ සංස්කෘතිය තුළ කිසිදු විටෙක සම ලිංගික වීම හෝ ලිංග විපර්යාස පිළිගන්නේ නැත. බලය සහ මුදල් යන සාධක පිටුවහල් කරගෙන සමාජයෙන් ගැළවුණ ද නින්දා කිරීම් හෝ අවමාන කිරීම් වලින් ගැලවීමට ඉහළ මට්ටමේ දේශපාලකයින්වත් කලාකරුවන්වත් සමත් වී නැත. දේශපාලන වේදිකාවේ දී හෝ කලා ජීවිතයේ දී ඔවුන් බිම හෙළන්නට ප්‍රතිවාදියා යොදාගන්නා අවිය ඔවුන්ගේ ලිංගික පැවැත්ම යි. ස්වභාවික ලිංගික තෝරා ගැනීම යි. ලංකාවේ හද්දා පිටිසර ගැමියෙකු අතින් ද කොළඹ වසන අති රැඩිකල් සමාජ ක්‍රියාකාරිකයෙකු හෝ අධ්‍යාපනයේ කෙළ පැමිණි විශ්ව විද්‍යාල ආචාර්වරයෙකු අතින් ද මේ හෙලා දැකීම එකම ලෙස සිදු වෙයි. සිර කරන ලද හැඟීම් තුළ වසා දමන ලද කූඩු තුළ ඔවුහු ජීවත් වෙති. ඉදින් යමක් හෙළි වී නම් අවමාන ලබති. මැරි මැරී ජීවත් වෙති. රජය ඔවුන් මරා දමන්නේ නැත. එහෙත් දිවි නසා ගැනිම සඳහා තල්ලු කරන වටපිටාවක් ඔවුන් අවට ඇත. මාධ්‍ය භාවිතය ද ඊටම සරිලන ලෙස සකස් වී ඇත. හැකි නම් දෑස් හැර වට පිට බලන්න. උදාහරණ බොහෝ ය.

ලංකාවේ සමලිංගික විවාහ තහනම් ය. සම සහ විෂම ලිංගිකයින්ගේ අයිතීන් සඳහා එක්සත් ජාතීන් විසින් අත්සන් කරන්නට යෝජනා කරන ජාතීන් ගේ ලියවිල්ලට අත්සන් තැබීම රාජපක්ෂ රජය දිගින් දිගට ප්‍රතික්ෂේප කරමින් සිටියි. එමෙන්ම ලංකාවේ සියලු ප්‍රධාන සහ කුඩා දේශපාලන පක්ෂ මේ කුඩා ලිංගික කණ්ඩායම් වල අයිතීන් සැලකිල්ලට බඳුන් කිරිම නොසලකා හරියි.

ව්‍යවස්ථාපිත ආගමික රාජ්‍ය සංකල්පය

ඉරානය නීති ක්‍රියාත්මක කරන්නේ ෂාරියා නීති පොත් පෙරළාගෙන ය. ඒ රටේ ව්‍යවස්ථාව ආගමික ය. අපේ රටේ ව්‍යවස්ථාව ද ආගමික ය.(ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව- 9 වන වගන්තිය.) ලංකාවේ වත්මන් රජය මුහුදු වෙරළවල සිටින පෙම්වතුන් දඟ ගෙයි ලන්නේත්, අසභ්‍ය වෙබ් අඩවි පස්සෙන් බොරු රේස් එකක් දුවන්නේත්, පාර්ලිමේන්තුවේ සූදුව සම්මත කරමින් හිතවතුන්ට බාර් ලයිසන් දෙමින් මතට තිත තියන්නේත්, රජුන්, යුව රජුන්, ඇමතිවරුන්, කේවට්ටයන් සුපිරි තරු සමග යහන් ගත වන අතරම නිල් චිත්‍රපට වල පෙනී සිටියා යැයි කියන ගැහැණුන්ගේ පින්තූර පුවත් පත් වල ප්‍රසිද්ධ කරන්නේ ත් ධර්ම රාජ්‍යයක් බිහි කිරීමේ අරමුණින් ත්‍රිපිටකය පෙරළාගෙන ය.

අපට සතුටු වීමට වැඩි කාලයක් නැත. ඉරානයේ දී මෙන් නොව ඉරණම කාටත් පොදු නිසා ලිංගික කාරණා අදාළ නැත.

එක්කෝ රජු සමග ඉරානය දෙසට ඇවිදින්න.
නැත්නම් පලා යාමට අසල් වැසි රටක් තෝරා ගන්න.

එසේත් නැත්නම්....?

*******

ආශ්‍රිත ලියවිලි

1. Human Rights Watch වෙබ් අඩවිය
2.1 Wikipedia| LGBT topics and Islam
2.2 Wikipedia| LGBT rights in Sri Lanka
3. ඉරාන දණ්ඩ නීති සංග්‍රහය - Penal Code of Iran
4. ශු. බයිබලය
5. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Homosexuality, Iran, Sri Lanka, Penal Code of Iran, Human rights in Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
G මෙහෙම කියනවා :
Yes Mark, I appreciate and hugging you for you being your self!

writing to all of you who are yet to see the world, with compassion.
We , Human created this culture, society and norms! , no doubt you all admit that ha?
So let it evolve and lets discover more ! lets accept everybody as human being and remove the colored polythene which covered your eyes, and let your eyes define other colors in the world and let you like it if u do! the life will be easier for you if u untangle your brain from rust and heart from learned believes system.


කිවුව වෙලාව- 2011-01-20 05:11:28
Nilu මෙහෙම කියනවා :
what most of us do is to accept what majority advocates. no body makes an effort to understand and rationalize things out side the majority discourse. it is the same scenario with homosexuality,different sexual orientations and gender identities. the recent scientific discoveries have sated that homosexuality is an inborn phenomenon and that there is a gene which results in homosexuality.
but forget about it. Buddhism advocates peace and harmony to all living beings, Christianity advocates to love your neighbor just as you love you self.
so why violence? why discrimination? why cruelty?
most of the people who reject homosexuality use pedophilia as a weapon to attack homosexual individuals. but how come they forget the rape cases and other child abuses done by "straight" people. when fathers rape daughters or doctors take nude pictures of students; where are their vigilant eyes?
Humans are sexual beings. yet ones sexuality, sexual orientation and gender identity is ones private zone. it doesn't matter whether a person is homosexual or heterosexual as far as we think that we all are human beings, as far as we all have red blood.
the dominant discourse automatically convinces its subjects to reject other minor discourses so that the dominant discourse can maintain its hold.thus unconsciously we have become the colonized of the discourse colonization. the prevailing political discourse has already done this and it is very obvious. the dominant cultural discourse is doing the same by stating that homosexuality is western conspiracy against the "pure" Sri Lankan and Buddhist culture. they utilize the law which is a result of british colonization. but what these people forget is that the british has already changed their law but we are still holding on to some one else's out dated laws.
if the law is change here in Sri Lanka most of the so called "offences" done by homosexual individuals. for most of the people homosexuality is still an alien concept because it has been held in an obscure place. but if the law is changed and a legal acceptance is given this phenomenon would gradually become a common and a day to day thing.


කිවුව වෙලාව- 2010-12-31 23:27:37
Kevin Karunathilaka මෙහෙම කියනවා :
To allow somebody to choose him sexual life according to his wish is not a permision to malpractice or (homo)sexual harrasment.Sexuality is a private matter .So it is not needed to worry about the other's sexuatity.I strongly appear to allow people to choose their sexuality with their ambitionTo allow somebody to choose him sexual life according to his wish is not a permision to malpractice or (homo)sexual harrasment.Sexuality is a private matter .So it is not needed to worry about the other's sexuatity.I strongly appear to allow people to choose their sexuality with their ambition

කිවුව වෙලාව- 2010-12-31 02:23:17
isuru chamara somaweera මෙහෙම කියනවා :
@කවීන් - මට උඹ ගෑන කනගාටු හිතෙනව මල්ලි. ඔහොම පටුවට හිතන්නෙ කොහොමඩ? උඹට වගෙම අනිත් උන්ටත් love sex කරන්න හිමිකමක් තියෙන්න බෑරිද? Do you know any gay or lesbian ppl bro? They also like you. They also have feelings and hopes. Don't say bullshits without knowing things. උපතින් ඇතිවෙන ලිංගික විපර්යාස සහිත කොටස අයින් කලාම අනිත් බහුතරය සමලිංගික බවට පත් වෙන්නේ වෙන කෙනෙකුගේ බලපෑම මත. Who said this?

නමුත් සමලිංගිකයන් දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න නීතිමය විවාහයක් අවශ්‍යමද? Don't you want to get marry one day? So what what about gay couple? According to you they have to hind from everyone ? Anyway pls try to understand others. Aloka you have done realy nice job. good luck !


කිවුව වෙලාව- 2010-12-30 03:50:06
Sumith Rajapaksha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-29 20:56:56
mark මෙහෙම කියනවා :
People who conflate homosexuality with paedophilia and talk about finding causes for homosexuality are too stupid to even have a dialog with. They have no knowledge of the subject but patronisingly assume that they know everything because they are straight. Being straight doesn\'t make you an expert on my life. Nothing made me gay, I was born gay and knew I was gay from the get go. I was not assaulted by a male member of the family (wish I had been - it would have made coming to terms with the whole business so much easier!) I did not have an absent father or overly domineering mother, though I wish my father had been absent and my mother stronger. I am not feminine or camp but look very much like most men. I do not chase or ensnare young children. Like most sexually mature people I prefer my partners to be similarly mature though, based on my own experience, I would lower ages of consent for gay men. I am pretty tired of these idiots talking bullshit about my life and having an influence on the things that happen to me and other men and women like me. What amazes me is that normally intelligent people become instantly stupid when they start talking about gay men and women and homosexuality in general. Do they listen to themselves? No-one would become gay because they want to be difficult or awkward. You have all made it so difficult that the effort to manage such attempts at integration as are required to live openly and honestly as gay cause more problems for us than they do for society. It\'s not a choice to make for dilettantes. We are as we are because we have to be. Can you please get it into your thick heads? We are not the problem. You are.

කිවුව වෙලාව- 2010-12-28 12:28:45
Brahman මෙහෙම කියනවා :
කෝ මේ ජවිපෙ වසලයන්ට බැරි වුනාද මේ ලිපියෙ ලයින් එකක් අල්ලගෙන මඩක් ගහන්ඩ? කෝ කෝ දුලිප් එන්ඩ එන්ඩ කියන්ඩ බලන්ඩ මොනවා හරි පශ්චාත් ගූ කන වාදීන්ට යකෙන් පුන්ඩ ඔන්ද ටෝකක් දෙන්ඩ... හා හා හරි හාවා... අත්තිඩියෙන් ආවා...

කිවුව වෙලාව- 2010-12-28 00:08:59
Ivan Turginew මෙහෙම කියනවා :
Me ganaandakarayen pirichcha rate minissu karanne andure athapatha gana eka. Me aya adaraya mokadda kiyala anduranne naha. Meka bindagena giyama hamuwena danuwath bawin supushpitha lowaka apata aadaraya hmuwewi. edatawath me modayo tika....

කිවුව වෙලාව- 2010-12-27 23:57:48
Amarabandu මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2010-12-27 22:31:30
කවීන් මෙහෙම කියනවා :
විරුද්ධ ලිංගික විවාහයක නීතිමය අවශ්‍යතාවයක් තියනව. ඒක ඇත්ත. මොකද දරු මල්ලන්, දෙමාපිය, දේපොළ ප්‍රශ්න වලට නීතිය මැදිහත් වීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. (ආගමිකව විතරක් විවාහ වෙලා හිටියත් ඒක නීතියෙන් වලංගුයි). අවිවාහක දරු උපත් හා විවාහයෙන් පිට දරු උපත්, සම්බන්ධතා වලට තියන ඉඩට එකෙන් යම් දුරකට වැට බැඳෙනවා. නමුත් සමලිංගිකයන් දෙන්නෙක්ට එකට ජීවත් වෙන්න නීතිමය විවාහයක් අවශ්‍යමද? ලිංගික විපර්යාස තියන අය ගැන කතාව වෙනම දෙයක්.නමුත් සමලිංගිකත්වය නීතිගත කලොත් ළමා අපචාරය වැඩි වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවල නපුන්සක නොවන සමලිංගිකයන් (පොදු ව්‍යවහාරේ කොලුකාරයින් විදියට හදුන්වන) තමන්ගෙ ගොදුර කර ගන්නේ කුඩා දරුවන්. තියන සමාජමය බය නිසා ඒ දේවල් යම් දුරකට හෝ අඩු වෙනව. එත් නීතිගත කලොත් ඒ අපචාර වලට වෙන වෙන අර්ථකතන වලින් සාධාරණීකරණය කරන්න අවස්ථාව හැදෙනව. උපතින් ඇතිවෙන ලිංගික විපර්යාස සහිත කොටස අයින් කලාම අනිත් බහුතරය සමලිංගික බවට පත් වෙන්නේ වෙන කෙනෙකුගේ බලපෑම මත. ඉතින් මේකෙ දෙපැත්තක් තියනව. කොටසක ප්‍රතිලාභය තව කොටසකගේ හානියට හේතු වෙනව. කෙසේ නමුත් සමලිංගිකන් පුනුරුත්ථාපන වැඩසටහනක් සමාජයට ලොකු ප්‍රතිලාභයක් වෙන්න පුළුවන්. මනෝවිද්‍යාත්මකව ඒක කරන්න පුළුවන්.

කිවුව වෙලාව- 2010-12-27 17:06:52
Ramindu මෙහෙම කියනවා :
එකතු කිරීමක් - ලංකාවේ දන්ඩ නීති සංග්‍රහය අනුවත් සමලිංගික සේවනය අස්වාභාවික වැරදි ගනයට වැටෙනවා.(මතකයේ හැටියට 364 වගන්තිය)සමලිංගික විරෝධය දරුනු විදිහට පැවතීමේ හේතුවක් ‍විදිහට සමලිංගික අයිතිවාසිකම් පිලිබද කන්ඩායම්ගත හඩක් බරපතල විදිහට ඉස්මතු වෙන්නෙ නැති එක දක්වන්න පුලුවන්.ඒ කියන්නෙ බලපෑම් කන්ඩායමක් විදිහට ඔවුන් සංවිධානය වීමක් නැති නිසා වාමාංශික/දක්ෂිනාංශික/ඔය කොහෙටවත් නැති යනාදී කිසිම දේශපාලන ව්‍යපාරයකට මේ අය නොතකා සාම්ප්‍රදායික අදහස් තුලම දේශපාලනය කරගෙන යන්න අවස්ථාව ලැබිල තියෙනව.සමලිංගිකත්වය නිල වශයෙන් පිලිගන්න තරම් ලංකාවේ කිසිම ප්‍රධාන දහරාවේ දේශපාලන ව්‍යාපාරයක් තවම විවෘත හෝ පරිනත වෙලා නැහැ.ඒ විවෘතභාවය ඇතිකරන්න පුලුවන් අර ඉස්සෙල්ලා කිව්ව විදිහෙ සංවිධානය වීමක් උඩ කෙරෙන බලපෑමකින් විතරයි.

කිවුව වෙලාව- 2010-12-27 12:26:46
විත්ති මෙහෙම කියනවා :
ආසියාවේ ආශ්චර්ය කරා පිය නගමු

කිවුව වෙලාව- 2010-12-27 11:40:08
Amdon මෙහෙම කියනවා :
ආලෝක ඔබ ලෝකයක්! ආලෝකයක්!

කිවුව වෙලාව- 2010-12-27 04:12:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආලෝක රණසිංහගෙන් තවත් වියමන්
අදහස්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!
අදහස්
ජෙයපාලන් නම් වන පාලම් තනන්නා....!!
අදහස්
පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය
කරන්ට්ස්
නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
අදහස්
රිසානා
තවත් වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook