Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
මහේන්ද්‍රන්
ළමා සොල්දාදුවෙකු ලෙස සැක පිට අත් අඩංගුවට ගනු ලැබූ සෙල්ලපිල්ලෙයායි මහේන්ද්‍රන් වසර 18ක් නඩු නැතිව බන්ධනාගාරයක රඳවනු ලැබ සිටියි.
-පුවතක්
බූන්දි, 01:59:44
යාළුයි කියා පවනැල්ලකුදු නැති තැන
පාළුයි තමයි හඳ එළිය වුව හැම තැන
මාළුයි ගඟයි දෙකම මූදට වැටුණම
යා‍ළුවෙ දනිමි වියළි කඳුළක තනිකම

දමා හැර ගිය උපන් බිම මැද
නිමා නැති ෂෙල් තරු ලකුණු යට
ළමා සොල්දාදුවා විද නුඹ
පමා වෙන්නට අකුරු නොතිබුණ

පාට සමනල් කොළඹ අත්තටු
රෑට සවනක් රැසින් නෑවුණි
සීත කල්ලඩි ආරු දිය යට
කාටවත් නැති කඳුළු වෑහුණි

මීන ගී හඬ කණට නෑහෙන
වසර දහ අට කොහොම ගෙවුණි ද
නීතියත් මරණයත් මළ රැ
හීනෙකින්වත් ගෙදර පෙණුනි ද

ගාළු මුවදොර වෙරළ රළ මත
සළෙල සුළඟක් කරත රමණය
නුඹේ ගොළු සිර කුටිය මුදුනත
සිහ සිවල් කැළ එකම කොඩියක
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
නාරද රජපක්ෂ මෙහෙම කියනවා :
අනේ අදෘශ්‍ය ඇයි දැන් ඔයා සිල් අරන්..
හරියට නමක් වත් නැති මිනිහෙක් සංවාද පිටියක් ගැන කියනවා...
අනේ යකෝ......


කිවුව වෙලාව- 2011-02-10 21:47:33
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
තොපි අහවල් එකත් දීල කෙළත් දෙමින් හිටපල්ලා...

මේ කට්ටිය මට දෙනවා වගේම දෙන්ඩ අප්පා !!! මදිවාදිනි කවුද අප්පා ...? මේ මල්ලිලානේ මට ෂෙප දෙන්ඩ ඔඳට දන්නවා. ෂරි ෂරි තව දෙන්ඩ තව දෙන්ඩ ...


කිවුව වෙලාව- 2011-02-10 20:09:51
LP මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-02-09 21:35:20
සාගර මෙහෙම කියනවා :
සිහ සිවල් කැළ එකම කොඩියක........

කොමෙන්ට් කියෙව්වම ඇත්තටම මාලතී මේක නම් හරියටම ගැලපෙනවා...
මේ හිවල්ලු සිංහ ලීලාවෙන් බඩබුරුල් කරගෙන අප්පා...


කිවුව වෙලාව- 2011-02-09 03:20:42
BIMAL KALPA මෙහෙම කියනවා :
liyanna liyanna malathie liyanna digatama.........

GONNU THANA KATHI...!
THANA MATHAMA PAHARATHI\'\'
E MATHAMA VATHIRETHI
AHOO SAPAI SAPAI WAMARATHI....


කිවුව වෙලාව- 2011-02-09 03:10:05
අහිංසක ගුණසේකර මෙහෙම කියනවා :
නෙළුම් කුළුණෙන් සැප දෙන්න සූදානම්

අන්න කතාව....‍
නෙළුම් කුළුණෙ තියල වාඩිකරවයි.....
කොමෙන්ට් දාපු උං කෝ....?
ගොං හැත්ත...
බඩ කට පුරා ලොවා ගන්න ගිහිල්ලද...?


කිවුව වෙලාව- 2011-02-09 03:01:48
සසංක මෙහෙම කියනවා :
තොපි අහවල් එකත් දීල කෙළත් දෙමින් හිටපල්ලා...
ඒක තේරෙන උං ලියනවා...කියනවා..තොපේ අධෝ මාර්ගය රිදෙන්නේ ඒකටයි. අවුරුදු ගාණක් තිස්සෙ තියල තල්ලුකරන එකට නෙවි..

පට්ට කියවිල්ල ආ.....
කාලකන්නි ටික හොඳට අහගෙන...හිහ්..හිහ්..හිහ්...
සතුටුද අනේ ඔයාලට....


කිවුව වෙලාව- 2011-02-09 02:37:30
විදුර ඩයස් මෙහෙම කියනවා :
එළ එළ නාරද එළ.....!

නොද්දකිං හැත්ත... කවියක් කියවගන්න බැරි ලොවන සේනාව....


කිවුව වෙලාව- 2011-02-09 02:35:08
නාරද රාජපක්ෂ මෙහෙම කියනවා :
@ පෙම්බර lanka ට සහ සියලුම දෝෂදර්ශී කොමෙන්ටු සැපයූ ශීෂ්ණ අස්ථාන ගත වූ පුරුෂ ලිංගිකයන්ට,

අනේ පෙම්බර ඔයාට කියන්න අනේ ඔයා මාලතී ගෙ කවි කියවල එන්න කැට තියල කතා කරන්න කලිං. ඔයා දන්නෙ මේ සිංහල අපගෙ පුකයි කියන්න කියල තේරෙනවා....
කවි ගැන කියන්නට මුට සිත් වෙලා ලොබ
කවි මුල බලාපන් අම්මගෙ දවාලක

අනේ හැලගෙඹි සිංහල යාචකයිනි,
තොපි කවදත් ලියල තියෙන දේ හරියට කියවගත්ත නැති බබාහුකුං පුකුං ලොවන්නෝ බව දනිමි. තොපි අහවල් එකත් දීල කෙළත් දෙමින් හිටපල්ලා...
ඒක තේරෙන උං ලියනවා...කියනවා..තොපේ අධෝ මාර්ගය රිදෙන්නේ ඒකටයි. අවුරුදු ගාණක් තිස්සෙ තියල තල්ලුකරන එකට නෙවි...ඉතිං වීර පුතුනේ නැවෙන්න...ලෙෆ්ට් රයිට්.. ලෙෆ්ට් රයිට්.. ! නියපොත්තේ සිට තට්ටමේ රැඳි ‍රෝම කූපය තෙක් රමණීයව ජීවත් වෛන්න. ආශ්චර්යය චර්යාවක් නැතුවම නෙළුම් කුළුණෙන් සැප දෙන්න සූදානම් ලස්සනට ඉන්දවයි. ... කාටද ආඩම්බර... ආන්න බලපල්ලා ආසියාවේ ආශ්චර්යය...
නොද්දකිං හැත්ත... කවියක් කියවගන්න බැරි ලොවන සේනාව....


කිවුව වෙලාව- 2011-02-09 02:32:10
[පෙම්බර Lanka] මෙහෙම කියනවා :
@[Lanka]

හුටා!!!! අනෙක් කවි කොහොම ඇත්ද ????


කිවුව වෙලාව- 2011-02-08 20:28:48
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
අදුර්ශ්ය මලයා හරි දක්සයා.... හා හා වෙලාවකට කොකෙක් වෙනවා වෙලාවකට පිරිබාහරන් වෙනවා... ආයෙම මී හරකෙක් වෙනවා...

චෝයි අය්යා චෝයි...
උම්මා... උහ්


කිවුව වෙලාව- 2011-02-08 01:13:19
Lanka මෙහෙම කියනවා :
කල්පනා ලිවුව හොදම කවියයි!

කිවුව වෙලාව- 2011-02-07 21:55:18
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
".....අනේ මාලතී. ඩී. එස්. එකේ ළමයි ගැන හරි ඒ ගොල්ලගෙ අම්මල තාත්තල ගැන හරිත් පදයක් දෙකක්වත් ලියන්නකො. නැත්තං බැලන්ස් නෑ නෙ බබෝ....!"

".....ඩී. ඇස්. නොගියේ මන්දා
අසන කි‍විදෝ වෙන කොයින් දා......"

සහෝදරවරුනි උඹලා සමච්චල් කරන්නේ ත්‍රස්තවාදයට ගොදුරු වූ සිංහල ජාතිකත්වටයි. රවීගේ කොමෙන්ට් එක බලන්න.අදහස් අතින් අපි එකඟ නොවුනත් ඔහුගේ ආමන්ත්‍රණය විශිෂ්ටයි. නුඹලාට සාපේක්ෂවනම් අති විශිෂ්ටයි


කිවුව වෙලාව- 2011-02-07 21:04:45
අනේ ඩෝ මෙහෙම කියනවා :
අදුර්ශ්ය මලයා හරි දක්සයා.... හා හා වෙලාවකට කොකෙක් වෙනවා වෙලාවකට පිරිබාහරන් වෙනවා... ආයෙම මී හරකෙක් වෙනවා...

චෝයි අය්යා චෝයි...
උම්මා... උහ්

-අනේ ඩෝ


කිවුව වෙලාව- 2011-02-07 20:34:02
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
@[KP]
නාන් එන්න සේය්යරදු kp සහෝදරන්ගලේ ?

මාලතී තන්ගච්චි රෙම්බ නල්ලාවදු එලුතුහිරාල් !!!!


කිවුව වෙලාව- 2011-02-07 20:30:40
KP මෙහෙම කියනවා :
යේක පිරබාහරන් මලයා ඔයියාට බැයිද ඔව්ව ගැන කයියක් ලියන්ඩ...

කිවුව වෙලාව- 2011-02-03 04:29:22
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
මගේ ෂුදූ තන්ගාච්චි.මේව්වා ගෙන මුක්කුත් ලිව්වේ නෙති යෙක ගෙන ඔයියාට කෝම තෑන්ක්ස් කරාන්ඩද කියල මට්ට තේරෙන්නේ නේ තමා !!!
Anuradhapura massacre - 146 Sinhalese civilians died
Gonagala massacre - 54 Sinhalese civilians died
October 1995 Eastern Sri Lanka Massacres - 120 Sinhalese civilians died
Kallarawa massacre - 42 Sinhalese civilians died
Dehiwala train bombing - 56 Sinhalese civilians died
Palliyagodella massacre - 166 Muslim Civilians died
Central Bank Bombing - 102 civilians died
Kent and Dollar Farm massacres - 52 Sinhalese civilians died


කිවුව වෙලාව- 2011-02-02 23:26:05
ප්‍රභාකරන් මෙහෙම කියනවා :
මට මාර ලේජ්ජයි තමා !!!

කිවුව වෙලාව- 2011-02-02 22:53:21
අදෘශ්‍ය මෙහෙම කියනවා :
කල්පනා සෞ‍‍යුරියගේ නිර්මානයකට(යාපනයට ලියමි.) තිබ්බ කොමෙන්ට් එකක් මේ.

[Sumana Gomaz] මෙහෙම කියනවා:

තල තෙල් දාල හිංගල ඔළු ගෙඩි උඩට
සම්භාහනය කොරපන් නංගියෙ ජයට

මම මේ ප්‍රතිචාර සටහනට සම්පූර්ණයෙන් විරුද්දයි. නමුත් කල්පනා ඔබ මේ නෙලන්නේ ඔබ වැපුරු දෙයෙහි අස්වැන්නයි


කිවුව වෙලාව- 2011-02-02 21:56:50
මී හරකා මෙහෙම කියනවා :
@[ගොන් හරකා ]

නිමල් ශාන්තයට අයෙමත් මීහරකා කිව්වොත් තෝවත් නිමල් ශාන්තයව වගේ කර අම්බෝනවා අපිලට කරපු අපහාසෙට


කිවුව වෙලාව- 2011-02-01 23:24:06
අදෘශ්‍ය මෙහෙම කියනවා :
".....අනේ මාලතී. ඩී. එස්. එකේ ළමයි ගැන හරි ඒ ගොල්ලගෙ අම්මල තාත්තල ගැන හරිත් පදයක් දෙකක්වත් ලියන්නකො. නැත්තං බැලන්ස් නෑ නෙ බබෝ....!"

".....ඩී. ඇස්. නොගියේ මන්දා
අසන කි‍විදෝ වෙන කොයින් දා......"

සහෝදරවරුනි උඹලා සමච්චල් කරන්නේ ත්‍රස්තවාදයට ගොදුරු වූ සිංහල ජාතිකත්වටයි. රවීගේ කොමෙන්ට් එක බලන්න.අදහස් අතින් අපි එකඟ නොවුනත් ඔහුගේ ආමන්ත්‍රණය විශිෂ්ටයි. නුඹලාට සාපේක්ෂවනම් අති විශිෂ්ටයි


කිවුව වෙලාව- 2011-02-01 01:46:39
ගොන් හරකා මෙහෙම කියනවා :
@[නිමල් ශාන්ත]
නොදකිං ගොං හරක් වගයක් මේකෙ ලියල තියෙනවා...

සමාවෙන්ට සමාවෙන්ට මී හරක්ට පමණක් වෙන්වූ තැනක ලියපු එක ගැන


කිවුව වෙලාව- 2011-02-01 01:37:01
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ඇත්ත
ද්‍රවිඩ ත්‍රස්තවාදයට සිංහලයකු ගොදුරු වීම ඒ හැටි දෙයක් නෙමයි
සිංහල ලේ ලාබයි, ගනකමින් අඩුයි

සහෝදර වරුනි මම එහෙම හිතාගන්නද?


කිවුව වෙලාව- 2011-02-01 00:47:26
බුවා මෙහෙම කියනවා :
@අරුණ!
මේ කවියට නිමිත්ත මාලිතිගේ කවියවත් ඒ සිදුවීම්වත් නෙවෙයි. මේකේ දාලා තියෙන සමහර කොමෙන්ටුයි.


කිවුව වෙලාව- 2011-01-31 04:46:31
අරුණ මෙහෙම කියනවා :
@බුවා

විහිලු කවි ලියන්න ඔනෙ නිමිත්තක් නෙමෙයි නේද මේ දෙකම?
කනගාටුයි


කිවුව වෙලාව- 2011-01-31 03:08:52
කාංචන මෙහෙම කියනවා :
අනේ මාලතී. ඩී. එස්. එකේ ළමයි ගැන හරි ඒ ගොල්ලගෙ අම්මල තාත්තල ගැන හරිත් පදයක් දෙකක්වත් ලියන්නකො. නැත්තං බැලන්ස් නෑ නෙ බබෝ....!

කිවුව වෙලාව- 2011-01-29 03:13:42
නිමල් ශාන්ත මෙහෙම කියනවා :
නොදකිං ගොං හරක් වගයක් මේකෙ ලියල තියෙනවා... යකෝ මේ කවුරු හරි ලියල තියෙන්නෙ වැරැද්දක් ද...? මේකෙ කොටින්ටත් ගහනව ඒක පේන්නෙ නැද්ද...? මෙහෙම දෙයක් වෙන රටක තමයි යකෝ අපි ජීවත් වෙන්නෙ. මේ කොල්ලට දැං වයස කීයක් ඇත්ද? උඹලාගෙ වයසෙම වගේ ඇති සමහර විට. උඹලා ඔය වයසට කරල තියෙන මොනාද මූ කරල තියෙන්නෙ මේ වයසට... හිතපල්ලා... ඌව හිරකරගෙන ඉන්නෙ ආණ්ඩුව...හමුදාව..... ඌව කරුණ හෝ මොකා හෝ මඩකලපුවේදි ඩැහැ ගන්න ඇති. ඒත් අද උං ඉන්නෙ කොහෙද....? මූට වෙලා තියෙන අසාධාරණය කොච්චරද...? ගොං යකුනේ මේ කෙල්ල මේ ලියල තියෙන්නෙ ඒක. තොපිට වැටහෙන්නෙ නැද්ද.....?

රාජපක්ෂගෙ ගර්භාෂෙන් ඉපදුන උං නොවී හිතපල්ලා....


කිවුව වෙලාව- 2011-01-28 04:38:51
kusum මෙහෙම කියනවා :
දමා හැර ගිය උපන් බිම මැද
නිමා නැති ෂෙල් තරු ලකුණු යට
ළමා සොල්දාදුවා විද නුඹ
පමා වෙන්නට අකුරු නොතිබුණ


කිවුව වෙලාව- 2011-01-27 04:43:29
අදෘශ්‍ය මෙහෙම කියනවා :
@[Suri]

".....සිOහලකම ගැන පමනක් වද වෙන කට්ටිය කරන්න ඔනෙ එහෙම කවි ලියන එක.. එහෙම කවි කවුරු හරි කොහෙ හරි දැකලා තියනවද?...."


කවි ලියන්නේ සංවේදී මිනිස්සු. උන්ට සිංහල කම ගැන පමණක් සංවේදී වෙන්න බැ. දෙමල කම ගැන පමණකුත් සංවේදී වෙන්න බැ.

"මම කවියෙකි හදැති සසල-ලොව අති සැම දුක උසුලන "


හැබයි සමහර කවියො දෙමල කම ගැන සහ සිංහල ත්‍රස්තවාදියෝ ගැන අධිසංවේදී වෙනකොට
සිංහල කම ගැන සහ ද්‍රවිඩ ත්‍රස්තවාදියෝ ගැන කිසිම සංවේදී කමක් නැ නේද?


කිවුව වෙලාව- 2011-01-26 21:52:15
අදෘශ්‍ය මෙහෙම කියනවා :
[රවී]
"....එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආයතනගත මර්දනය විසින් තාමත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන අකටයුතුකම් විසින් දෙමළ සමාජයට එවැනි දේ ගැන සිතීමට ඉස්පාසුවක් දී ඇත්දැයි යන්න සළකා බැලිය යුත්තේ සිංහල සමාජය විසිනි...."

මචන් රවී
මම මේ කෑල්ල මෙහෙම එටිඩ් කරන්නද?

එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආයතනගත මර්දනය (සහ ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් ඇතිකරනලද මර්ධනය )විසින් තාමත් දෙමළ(සහ සිංහල) ජනතාවට එරෙහිව සිදුවන අකටයුතුකම් විසින් දෙමළ (සහ සිංහල)සමාජයට එවැනි දේ ගැන සිතීමට ඉස්පාසුවක් දී ඇත්දැයි යන්න සළකා බැලිය යුත්තේ සිංහල (ශ්‍රී ලංකික)සමාජය විසිනි...."


කිවුව වෙලාව- 2011-01-26 21:49:24
අදෘශ්‍ය මෙහෙම කියනවා :
[රවී]
" අදෘෂ්‍යලා වැන්නන් මෙවැනි නිර්මාණවලට ගරහන්නේ එය "දෙමළ ජාතිවාදයේ ප්‍රචාරක ක්‍රියාවන්" ලෙස සළකමින "

රවී

ඔබ මා නොහඳුනනා බැවින් ඔබේ ප්‍රකාශය ගැන කනගාටු නොවෙමි. ගලායන සැමඅහිංසකයකුගේම රුධිරය රතුපාට බව පමණක් දනිමි


ඇතුලත්මුදලි සොයුරාට දුන් පිලිතුර ඔබට ද අදාල බව කියමි


කිවුව වෙලාව- 2011-01-26 21:02:46
Suri මෙහෙම කියනවා :
සිOහලකම ගැන පමනක් වද වෙන කට්ටිය කරන්න ඔනෙ එහෙම කවි ලියන එක.. එහෙම කවි කවුරු හරි කොහෙ හරි දැකලා තියනවද?

කිවුව වෙලාව- 2011-01-26 20:42:27
රවී මෙහෙම කියනවා :
සිංහලයන් යුද්ධය තුළ තමන්ට විදීමට සිදු වූ ඛේදවාචකයන් ගැන පමණක් සංවේදී වීමෙන් ජාතිවාදය පරාජය නොවේ.දෙමළ ජනයාට යුද්ධයෙන් සහ රාජ්‍යයේ ප්‍රතිපත්ති මගින් සිදු වූ විනාශය සහ අසාධාරණයන් ගැන සිංහලයන් සංවේදී වන තරමටදෙමළ ජනතාවටද සියල්ල ඒ පිලිබදව සිතාබැලීමට පෙළැඹීමක් ඇති වනු ඇත.සැබැවින්ම සිංහල ජනයාට යුද්ධයෙන් සිදු වූ විනාශයන් ගැන දෙමළ ජනතාව සමග සංවේදී සංවාදයක් ආරම්භ කළ හැකි නම් වඩාත් වැදගත්වන්නේ එයයි. එහෙත් රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආයතනගත මර්දනය විසින් තාමත් දෙමළ ජනතාවට එරෙහිව සිදුවන අකටයුතුකම් විසින් දෙමළ සමාජයට එවැනි දේ ගැන සිතීමට ඉස්පාසුවක් දී ඇත්දැයි යන්න සළකා බැලිය යුත්තේ සිංහල සමාජය විසිනි.අඩු තරමින් ඊළග දවසේ තමන් ගේ ජීවිතය සුරැකේදැයි යන්න පවා සැක සහිත වාතාවරණයක ජීවත්වන දෙමළ සමාජයෙන් එවැන්නක් අපේක්ෂා කිරීමට පෙර එකී තත්ත්වය ගැන සිංහල සමාජය තුළ සංවාදයක් ඇති විය යුතුය. එහෙත් සිංහලයින් තමන් අතින් සිදු වූ වැරැදි යුක්ති සහගත කරන්නේ නම් ද, එවැන්නක් ගැන සංවාදයක් ඇරඹීමට යම්තමින් හෝ උත්සාහයක් දරන වුන්ට ගරහන්නේ නම් ද එය කළ නොහැකිය.
අදෘෂ්‍යලා වැන්නන් මෙවැනි නිර්මාණවලට ගරහන්නේ එය "දෙමළ ජාතිවාදයේ ප්‍රචාරක ක්‍රියාවන්" ලෙස සළකමිනි. ගැටළුව එයයි. ඩී ඇස් සේනානායක විදුහලේ ශිෂ්‍ය ඛේදවාචකය සිංහල සමාජයට ඉතා සංවේදී සිදුවීමකි. එම සිදුවීම සිංහල සහ දෙමළ සමාජයන් දුරස්ත කිරීමට බලපෑ සිදුවීමකි බව සැබෑය. එවැන්නක් ගැන සිංහල සමාජයට සිංහලෙන් ලියනවිට ඒ ගැන දැනටමත් සිංහල ජාතිවාදීන් විසින් වපුරා ඇති ජාතිවාදී වෛරය සමග සම්පාත නොවී ඒවා ගැන ලියන්නේ කෙසේදැයි යන්න ඉතා සංවේදී කාරණයකි. සැබැවින්ම සිංහල සමාජයට විදීමට සිදු වූ එවැනි ඛේදවාචකයන් ගැන දෙමළ කවීන් අතරින් නිර්මාණ මතුවන්නේ නම් එය ඉතා යහපත්ය. නමුත් පළමු පියවර තැබිය යුත්තේ සිංහල සමාජය විසිනි. මක් නිසාද යත් රටේ ඉරණම තීන්දු කිරීමේ බලය බහුතර ජාතිය ලෙස ඔවුන්ට හිමිව ඇති බැවිනි. මාලිති කල්පනා මේ වගකීම තේරුම් ගැනීම ගැන ඇයට ගැරහුම් නොව ප්‍රශංසාව හිමි විය යුතුය.


කිවුව වෙලාව- 2011-01-26 00:28:19
ඇතුලත්මුදලි මෙහෙම කියනවා :
ආ... ඔව්... ඔබ කියන කතාව හරි. එකඟයි.

කිවුව වෙලාව- 2011-01-25 23:25:52
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ප.ලි.
මචං ඇතුලත්මුදලි
ඔයා කියන්නේ කල්පනාට දෙමල සහෝදරයන් ගැන විතරක් ලියන්න කියල මම සිංහල සහෝදරයන් ගැන විතරක් ලිව්වම බැලන්ස් වෙනවා කියලද ?

බැලන්ස් වෙන්න ඕනේ අදහස් මිසක් මේ පිටුව නොවෙයි
කෙනෙක් සිංහල ජාතිවදයයි තව කෙනෙක් දෙමල ජාතිවාදයයි කරගහගත්තම එක බැලන්ස් වුනා කියන්න පුලුවන්ද ?

හැබැයි හැම කෙනාම තම තමන්ගේ ජාතිවාද බිමින් තියල(ඇත්තම කියනවන් වළලලා) මිනිස්කම කරගහගත්ත දවසට තමයි බැලන්ස් වෙන්නේ


කිවුව වෙලාව- 2011-01-25 23:11:42
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ඇතුලත්මුදලි
මම කවි වලට සංවේදී උනාට මට කවි ලියන්න බෑ මචන්
වෙඩි තියන්න නම පුළුවන්


කිවුව වෙලාව- 2011-01-25 20:53:33
ඇතුලත්මුදලි මෙහෙම කියනවා :
අදෘශ්‍ය,
ඉතින් ඔයා ඒක කරන්නකො. ඔයා ලියන්නකො ඩී.එස්. එකේ ලමයි ගැන සOවේදී වෙන්ඩකො ඔයා... එතකොට ගානට බැලන්ස් වෙනවා නේ...


කිවුව වෙලාව- 2011-01-25 02:52:28
අදෘශ්‍ය මෙහෙම කියනවා :
දෙමල සොයුරන් ගේ හද ගැහෙන රාවයට සංවේදී වීම අගනේය
එමෙන්ම කොටුව දුම්රිය ස්ථානයේ බෝම්බයෙන් මියගිය කොළඹ DS විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙනුත් එක අකුරක් හරි ලියමුද ?


කිවුව වෙලාව- 2011-01-25 02:40:28
Uduwe Thero මෙහෙම කියනවා :
රට පෙරට!

කිවුව වෙලාව- 2011-01-24 20:01:14
Ayesha මෙහෙම කියනවා :
හරිම අපූරුයි

කිවුව වෙලාව- 2011-01-24 08:50:53
C මෙහෙම කියනවා :
විශිෂ්ටයි!

කිවුව වෙලාව- 2011-01-24 04:41:34
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook