Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පරිවර්තන කවි
කවියේ කලාව
කාලයෙන් ජලයෙන් සැදි නදිය දකින
"කාලය ද තව ගඟකි" ඒ බව ද දකින
ගඟක් සේ අප ඔහේ ගලන බැව් දැනෙන
ජලය මෙන් අප වත ද මැකී යනු හඟින

අවදි වීම යනු ම තවත් එක් සිහිනයකි
සිහින නොදකිනු පිණිස දකින...
කිඳා බැස ඇට මිඳුළු වෙත
බිය ගෙනෙන මරණය නම්,
රෑ දකින සිහිනයක් මිස
අනෙකක් නොවන වග දැනෙන...

ගෙවෙන සැම දිනකම
පසුකරන සැම වසරකම
මිනිසා ගෙවූ කාලයන් හි
නිමිත්තක් දකින...
ගෙවුණු සැම වසරකම දුෂ්ට බව
සංගීතයට මිහිරි නාදයකට
අඩයාළමකට හරවන...

මරණය තුළ ද සිහිනයක් දකින
බසින හිරු අස රන්වන් ශෝකය දිසෙන
ඉතිං,
කවිකම් නම් එවැනිය.
නිරහංකාර අමරණීය කවිය
අරුණෝදය සේම
හිරු බැස යන සැන්දැව සේම
යළි යළිත් පැමිණෙන...

ඇතැම් විට සැඳෑ සමයක
දිස්වන වතකි,
කැඩපතක ගැඹුරින් අප විනිවිදින...
කලාව නම් එවන් කැඩපතක් විය යුතුය
ඒ වත අප එකිනෙකාට හෙළි කරන

ප්‍රාතිහර්යයන්ගෙන් වෙහෙසට පත් යුලිසස්
ඉතාකාව දුටු විගස ප්‍රේමයෙන් වැළපුණු අයුරු....
හරිතවත් සරල ඉතාකා!
කලාව නම් එබඳුය....
එහි කිසිදු අරුමයක් නැති,
ඇත්තේ සදාහරිත බැව් පමණි.

ගලන ගඟක් වන් නොනිමි කලාව
පසු කරමින්, එහෙත් රැ‍ඳෙමින්
එහිම කැඩපත වෙමින්
හෙරක්ලිටස් සේම චංචල ව
එහෙත් තවමත් ගඟක්ව ගලයි.
ඉතිං,
කවිකම් නම් එවැනිය.

[The art of poetry by Gorge Luis Borges]

•යුලිසිස්- හෙවත් ඔඩිසියස්. හෝමර් ගේ ඔඩිසි හි එන ට්‍රෝජන් යුද්ධයට සම්බන්ධ වීර චරිතය.

•ඉතාකා- ග්‍රීසියේ කුඩා සදාහරිත දිවයිනකි. ඔඩිසියස් ගේ නිවස ලෙස සැලකෙන්නේ ඉතාකාවයි.ඔඩිසියස් ඉතාකා හි රජුය.

•හෙරක්ලිටස්- (535–ක්‍රි.පූ. 475 ක්‍රි.පූ.) සොක්‍රටීස් ට පෙර උන් ද්‍රව්‍ය වාදී අදහස් දැරූ මුල් කාලීන ග්‍රීක දාර්ශනිකයෙකි."විශ්වයෙහි පදනම යනු වෙනස් වීම ය" යනු ඔහුගේ මතවාදය විය. ලෝකය නිරන්තරයෙන් වෙනස් වන බව ද එය කිසිවිටෙක එක් වරක් පැවතුණු අයුරින් නොපවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

*******

ජෝර්ජ් ලුයිස් බෝ(ර්)ගස් (අගෝස්තු 24, 1899 – ජුනි 14, 1986) බුවනෝස් අයර්ස් හි උපත ලද ආජන්ටීනියානු කවියෙකි, විචාරකයෙකි, කෙටිකතා සහ නිබන්ධන රචනා කළ රචකයෙකි, පරිවර්තකයෙකි. ඔහුගේ නිර්මාණ අයත් වන්නේ මායා යථාර්ථවාදී (Magical Realism) ෂානරයටය. ස්පාඤ්ඤ බසින් කළ මේ රචනා ලෝකයේ බොහෝ භාෂාවන්ට පරිවර්තනය වී තිබේ. අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලද ඔහු ලතින් ඇමරිකාවෙන් බිහිවූ විශිෂ්ටතම ලේඛකයෙකු ලෙස සැළකේ. ලෝ ප්‍රකට ලේඛක පාවුලෝ කොයියෝ සිය ලේඛන කලාවෙහි ආදර්ශය ලෙස සලකන්නේ ද සිය ප්‍රියතම කවියා ලෙස නම් කරන්නේ ද බෝර්ගස් වීම නුතන ලේඛන කලාවට ඔහුගෙන් වී ඇති සුවිශේෂී බලපෑම හෙළි කරයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
KAVIKAMA ME WAGE THAMAYI

කිවුව වෙලාව- 2011-02-13 04:13:45
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජෝර්ජ් ලුවිස් බෝ(ර්)ගස්ගෙන් තවත් වියමන්
පරිවර්තන
කාලය යනු අපය..... කීර්තිවන්තයින් යනු අපය...
තවත් පරිවර්තන කවි
ආත්මීය කුණාටුව
පීඩිතයෝ
මම..සහ සිලුවටයෙහි එළිය
මට අවැසි ඔබ නිශ්චලව ඉන්න
පළමු මස විසි වන දින රාත්‍රියෙහි වියෝ වූ බිරිඳ පිළිබඳ සිහින දකිමි!
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

9-Mins

(ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

"1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

20-Secs

(උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
යනු මිස තවදුරටත් මෙහි
රැඳීමක් නොමැත මට
එහෙයින් මම යන්නම්

අප තැනූ ආදර දෙවොලට... [More]
ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

7-Secs

2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

6-Mins

(තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
කවි| මැටි බඳුන්

30-Secs

(ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
මැටි බඳුන් රැසක්
තබා තිබුනු
ඒ මහලු කුඹලගෙ
සාප්පුව ඉදිරිපිට
එක් සුන්දර සවසක... [More]
වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

12-Mins

(චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

4-Mins

(සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

1-Mins

(පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

අමරසිරි පීරිස්
ප්‍රේමසිරි කේමදාස
රත්න ශ්‍රී විජේසිංහ
[Play]
අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

6-Mins

(අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

45-Secs

2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

5-Mins

(මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
කවි| පෙම් යුවළ

27-Secs

(මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
ඒ ආලයෙ ලීලය පෑ
විස්මිත ගල් වඩුවාණෙනි'
අමරණීය වේ ඔබගේ නාමේ
කියනු මැනවි මට
මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

9-Secs

කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

28-Secs

වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

Sinhala Translation of... [More]
කවි| An Attacked Mosque alias Sutta Palli

40-Secs

(ෆතීක් අබූබකර්) Poem embeds the same boy
twenty sixth time
into the memory of an attacked mosque
where thousand eyes of misery
are wide-opened scars... [More]
Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

8-Mins

(කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook