Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
මා මිනිසෙක් ඔබ ගඟක් නිසා
බූන්දි, 20:41:49
සුන්දර ම බිම් කඩක
මේ නදී ඉවුරේ
කුඹුක් වියනක් යට සදා දාහනය නිවනා
නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ

අතරින් පතර රතු කොළ උඩු වියනෙහි
දිගු ඇඟිලි තුඩින් පවනේ සෙලවී මෑත් වී
පෙන්වයි නිල් අහස මල්කමක් කැටයමක් සේ
එහි ම ඡායාව ජලයේ බිඳේ දහසක් කැබලි වී

හිරුගෙ තඹ රැස් ගලන සඳ ගඟ ගලන දෙසට ම
උඩු වියන් යට මඳ අඳුර තුළ ගලන මිණි කඳ
මෙලෙස පැවසිය නොහැකි අසිරිය කවි බසින් මිස
සසර අන් බැමි බිඳී ආලෙන් බැඳෙයි මා සිත

සිනාසී පෙණ පිඬු සේ
දිය තත් ගල් අතර බිඳ දා නාද අනුනාද නංවා
කෝමල ව ඇඹරී විලියෙන් පවසනා
පසක් වේ ඔබේ බස - බසක් සේ සුපුරුදු

වීසිකර අත බැඳි ඔරලෝසුව
ගලවා දමමි මිරිවැඩි- කොහේ යන්න ද ඔබ හැර
උනන විට සළු එකිනෙක
පෙනේ අඳුරු සෙවණල්ලක්ව
ඡායාව මගේ ම සිරුරෙහි

තුරුළු වනු මිස
ආදරයෙන් සෙමෙන්
වෙද අන් මඟක්
මා මිනිසෙක්
ඔබ ගඟක් නිසා

[මා මිනිසෙක් ඔබ ගඟක් නිසා]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ma Minisek Oba Gangak Nisa
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
janappriya මෙහෙම කියනවා :
me kawiye ridmayata kamtiy. mage hith gathha kawyathmaka bawak thiyenawa.

කිවුව වෙලාව- 2011-02-13 03:50:04
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
THAWA KIHIPA SARAYAK KIYAWALA BALANNA ONA

කිවුව වෙලාව- 2011-02-11 05:16:35
අදෘශ්‍ය මෙහෙම කියනවා :
@[Pissa]
එවන් වූ මත දහසක් නොව දස දහසක් වුව තිබිය යුතුයි
දේදුන්න ලස්සනවන්නේ එක් වර්ණයකින් පමණක් සුසැදි නිසා නොව
වර්ණ සංකලනයකින් සම්පන්න නිසා නොවේද?


කිවුව වෙලාව- 2011-02-10 23:50:41
ranchagoda මෙහෙම කියනවා :
මිතුර,මගේ රස්වින්දන මට්ටමට දැනුන දේ මම අවන්කවම කිව්වා.ආධුනිකද,පරනද බැලුවෙ නෑ.මම පොරක් නොවන බව ඇත්ත.ඒ හින්දා මට අදහස් ප්‍රකාස කරන්න බැරිද?(බූන්දියේ ඇති ආරියවන්ශයන්ගේ උදය කවිය මට දැනුන් නෑ.මම ඒකත් කිව්වා.)ඔබ වැනි උගත් සුදනන් අන් මත උපේක්ශාවෙන් ඉවසිය යුතු නොවේද?

කිවුව වෙලාව- 2011-02-10 04:24:26
Pissa මෙහෙම කියනවා :
@[රන්චගොඩ]
එතකොට අනික් එවුව "ලොවි" ද? උබ බොරු විචාරක පිම්පියෙක් බන්. ලාල් ට විවරන දෙන්ඩ උබ කවුද? අලුත් එකෙක් කවියක් ලිවුවොත් එවුවට ගූ ගහනවා. පොරක් ලිවුවහම දෙකට නෑමෙනවා...


කිවුව වෙලාව- 2011-02-09 20:02:42
ranchagoda මෙහෙම කියනවා :
මෙන්න කවි

කිවුව වෙලාව- 2011-02-09 04:33:08
kikili මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-02-08 21:59:07
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ලාල් හෑගොඩගෙන් තවත් වියමන්
කවි
තුරු වන්දනය
කවි
රයිපලයට තවත් පතුරොමක් ඔබමි.
කවි
බර
කවි
දැහැන බිඳුණි
කවි
මොනිකාගේ වියෝව
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook