Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?| අරුන්දතී රෝයි
අරුන්දතී රෝයිගේ "Democracy's Failing Light| Is democracy a hit with humans because it mirrors our myopia?" යන ලියැවිල්ලේ හඳුන්වාදීමේ සටහනෙන් තෝරා ගන්නා ලද කොටසක පරිවර්තනයකි.
පරිවර්තනය- Koombiya | කූඹියා
බූන්දි, 10:34:05
"මරණින් මතු ජීවිතයක් තිබේද?" යන්න ගැන අප තවමත් විවාද කරමින් සිටින්නෙමු. ඒ අතරම "ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?" යනුවෙන් වූ ප්‍රශ්ණයක් නැගීමට කෙනෙකුට සිදු විය හැක.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද? එය කෙබඳු විය හැකිද? මෙහි ලා "ප්‍රජාතන්ත්‍රවාදය" යනුවෙන් මා අදහස් කරන්නේ එකී වචනයෙන් හඳුන්වනු ලබන පරමාදර්ශය හෝ සංකල්පය නොව, මේ වන විට වැඩෙහි යොදවා ඇති මොඩලයයි. එනම්, බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සහ එහිම ප්‍රභේදයන් ය.

ඉතින්,
"ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් තිබේද?"

මේ පැනයට පිළිතුරු සෙවීම බොහෝ විට කෙළවර වෙන්නේ, වෙනස් පාලන ක්‍රම සමග එය සංසන්දනය කොට එයටම ආවේණික-

කටු සහිත ස්වයං ආරක්ෂිත කවචයක් තුළට මේ "ප්‍රජාතන්ත්‍රවාදය" බැස්සවීමෙනි. "ඔව් එය කැලැල් සහගතයි" කෙනෙකු කියනු ඇත. "ඔව්. එය සර්වසම්පූර්ණ නැහැ තමයි. හැබැයි විකල්ප ලෙස අපට පිළිගන්වන අන් සියල්ලට වඩා එය හොඳයි." එවිටම, කාමරයේ ඉන්නා තවකෙකු මෙලෙස කියනු ඇත. "ඇෆ්ඝනිස්තානය, පාකිස්තානය, සවුදි අරාබිය, සෝමාලියාව.... ඒ වගේ රටවල් වල තියන මොඩලයකට ද තමුසෙ කැමති?"

ප්‍රජාතන්ත්‍රවාදය යනු, සියළු සංවර්ධනය වෙමින් සිටින සමාජයන් විසින් අපේක්ෂිත උතෝපියාවම නොවීම මුළුමනින්ම පාහේ වෙනමම ප්‍රශ්ණයකි. (මා සිතන්නේ ද එසේ නොවීම විය යුත්තක් බවයි. මන්ද, ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් කාලීන පරමාදර්ශී අවදිය එක්තරා අන්දමක මුරණ්ඩු සහගත ස්වරූපයක් ගැනීමට ඉඩ ඇති බැවිනි.) "ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතය" පිළිබඳ පැනය විසින් ආමන්ත්‍රණය කරනු ලබන්නේ එක්කෝ ප්‍රජාතන්ත්‍රවාදී නොඑසේනම් ප්‍රජාතන්ත්‍රවාදීයැයි ව්‍යාජයක් රඟ දක්වන රටවල් වල ජීවත්වන අප වැනි අයයි. එයින් ඇඟවෙන්නේ අප ඒකාධිපතිවාදී, සමස්තතාවාදී නින්දිත මොඩලයන් දක්වා පිරිහෙලෙමින් සිටිනවා ය යන්න නොවේ. එයින් අදහස් වන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නමින් අප දන්නා "උවමනාවට වැඩියෙන් නියෝජනය කිරීම් සහිත එහෙත් අවශ්‍ය තරමටත් අඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සහිත" මේ මොඩලයට ව්‍යුහාත්මක සීරු මාරු කිරීම් අවශ්‍යව ඇති බවයි.

ඇත්තෙන්ම නැගිය යුතු පැනයන් වන්නේ, අපි "ප්‍රජාතන්ත්‍රවාදයට" මොනවද කරලා තියෙන්නෙ? අපි ඒක මොකක් බවටද මේ පත් කරලා තියෙන්නේ? වරක් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කළ පසු මොකද වෙන්නේ? එය තේරුමක් නැති හිස් කුහරයක් බවට පත් විය හැක්කේ කවදාද? දිනෙක එහි ඇති සියළු ආයතන බියකරු ස්වරූපයකට ස්ථානාත්තරණය වූ විට සිදු වෙන්නේ කුමක්ද? දැන්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් වෙළඳ පොළ ක්‍රමය, හුදු උපරිම ලාභය ලබා ගැනීම නැමති පටු මතිමාත්‍රයක් වටා එක්ව භ්‍රමණය වෙමින් කොල්ලකාර ඓන්ද්‍රිකයෙකු බවට විලීන වී ඇති විට එයින් සිදු වන්නේ කුමක්ද? දැන් මේ ක්‍රියාදාමය නැවත හරවන්නට පුළුවන්ද? මෙකී වෙනසෙහි දෝෂය නැවත මුලට ගොස් නිවැරදි කොට පැමිණිය හැකිද?

අපට අද අවැසි වන්නේ, මේ ග්‍රහලෝකයේ ඉදිරි පැවැත්ම සහතික කළ හැකි දිගු කාලීන දර්ශනයක්. ඉක්මන්කාර, නිස්සාරක, කෙටි කාලීන ප්‍රතිලාභ ලැබීම කෙරෙහි පමණක් විශ්වාසය තබන ප්‍රජා පාලනයක් මගින් එය ඉටු වේද? අපගේ කෙටි කාලීන යාඥා සහ බලාපොරොත්තු වලට ලැබෙන පූජනීය පිළිතුර නොහොත් අපගේ පුද්ගලික නිදහසේ ආරක්ෂකයා නොහොත් අපගේ ධන තෘෂ්ණාව ඇති දැඩි කරන්නා බවට පත් ව ඇති මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය, දිනෙක මිනිසා දුවමින් සිටිනා මේ ධාවන තරඟයේ අවසන් ඉම සලකුණු කරයි ද? මේ ක්‍රමය මගින් අපගේ මුග්ධ අදූරදර්ශීභාවය පෙන්වනු ලබමින් සිටිනා බැවින්, එයම නූතන මිනිසා එබඳු ඉරණමකට ඇද දැමීමට හේතු විය නොහැකිද?

මිනිසා යනු අන් සතුනට වඩා වෙනස්, වර්තමානයේ පමණක් ජීවත් විය නොහැක්කෙකි. එමගින් ඔවුහු තිරිසන් සතුන්ගෙන් වෙනස් වෙති. එසේම ඔවුනට අනාගතය ද අසීමාන්තිකව පෙර දැකිය නොහැකි බැවින් ඔවුහු අනාගතවක්තෘ වරුන් ද නොවෙති. අප සතු විශ්මයජනක බුද්ධිමත්භාවය පැවැත්ම සඳහා අප තුළ වූ සහජාශය ඉක්මවා ඇති සෙයකි. හුදෙක් ද්‍රව්‍යමය අතිරික්තයක් රැස් කිරීම මගින් අපට අහිමි වූ කිසිවක් දිනා ගත හැකිවාක් මෙන් අපි මහපොළව නිර්දය ලෙස කොල්ල කමින් සිටින්නෙමු.

මට කීමට අවශ්‍යව ඇත්තේ, මෙකී "ප්‍රදීපාගාරය" කඩා වැටිය හැකි බවත්, මෙකී ප්‍රජාතන්ත්‍රවාදය කලක් තිස්සේ අප සිහින දුටු සමාජ සාධාරණත්වය සහ ස්ථාවරත්වය උදා කර දීමෙහි ලා තව දුරටත් අසමත් විය හැකි බවත්ය.

ලෝකයේ විශාලම "ප්‍රජාතන්ත්‍රවාදය" (ඉන්දියාව!) තුළ "ප්‍රජාතන්ත්‍රවාදය" ක්‍රියාත්මක වෙන අන්දම සලකා බැලීමෙන්ම මෙය අවබෝධ කරගත හැකිය. වරක් එක් කාශ්මීර් අරගලකරුවෙකු කියූ ඉන්දමට එය ලෝකයේ විශාලම "Demon-Crazy" එකයි. ඔහු අතවූ විරෝධතා පුවරුවේ මෙසේ ලියා තිබිණි. "Democracy without Justice=Demon Crazy!" (සාධාරණත්වයෙන් තොර වූ ප්‍රජාතන්ත්‍රවාදය රාක්ෂස වියරුවකි!)
OutlookIndia වෙබ් අඩවියෙනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Democracy's Failing Light, Is democracy a hit with humans because it mirrors our myopia?, Arundathi Roy, Democracy, India, OutlookIndia
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
සමිත් මෙහෙම කියනවා :
පාලි-තමා අනුන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් නිසියාකාරව ඉටු කරනවා නම් මේ සමාජය ගොඩාක් ලස්සන වේව. සමාජයේ විවිධ කොටස් පාගාදැමීම, සූරාකෑම, අසාධාරණ ලෙස සැලකීම වැනි ප්‍රශ්න බොහොමයක් විසදේවි. ප්‍රජාතන්ත්‍රවාදය තුළ සමාජ අසාධාරණය, සූරාකෑම නතර වෙලා තිබෙනවාද? ඒක මායාවක් පමණයි. ඔච්චර දියුණුයි කියන ප්‍රජාතන්ත්‍රවාදී රටවල මිනිස්සු කන්න බොන්න නැතිව, ඉන්න හිටින තැනැක් නැතිව පාරෙ මැරිලා යනවාද? නමුත් අපේ රටේ එහෙම වෙලා තියෙනවාද? ඒ ප්‍රජාතන්ත්‍රවාදය නිසාද? ටිකක් හිතල බලන්න. සිගාලෝවාද සූත්‍රය ගැන හිතන්න එපා. මම කියපුදේහි හරය ගැන හිතන්න...

කිවුව වෙලාව- 2011-02-17 07:43:06
ramindu මෙහෙම කියනවා :



පංලි - @ සමිත්

දරිද්‍රතාවය හරි බඩු මිල වැඩි වෙන එක හරි සම්පත් අසාධාරනව බෙදෙන එක හරි සමාජයේ විවිධ කොටස් පෑගීමට හා සූරාකෑමට ලක්වීම හරි ජාතීන් අතර අසමානතාවය හරි වගේ සීරියස් ප්‍රශ්න සිගාලෝවාද ටයිප් එකේ යුතුකම් වගකී‍ම් සමීකරනයෙන් විසදන්නෙ කොහොමද?"දේශීය" විසදුම් ගැන මෝස්තරයට කිව්වට ප්‍රශ්නය හිතනව වඩා සීරියස්.


කිවුව වෙලාව- 2011-02-17 04:24:54
Higanna මෙහෙම කියනවා :
සිගාලෝවාද සුත්‍රයෙන් රටක් කරන්න? සුවර් ද?

කිවුව වෙලාව- 2011-02-14 03:56:04
සමිත් මෙහෙම කියනවා :
අප වැනි රටවල් කල්පනා කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් මතු ජීවිතයක් ගැන නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය හැම විටම අපට ආගන්තුකය. සමානාත්මතාවය, නිදහස, අයිතිවාසිකම් ආදී වු මේ සියල්ල අපට ආගන්තුකය. අපට ආගන්තුක මේ වැනි සංකල්ප හරහා මේ රටවල ඇති කොට තිබෙන්නේ දැඩි ව්‍යාකූලත්වයකි. අප කල්පනා කළ යුතු වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොව සිගාලෝවාද සුත්‍රයෙන් දේශනා කළාක් මෙන් යුතුකම්-වගකීම් වැනි සංකල්පයෝ වෙත්. ඒ තුළ අප වැනි රටවල් මුහුණ පා තිබෙන ප්‍රශ්නවලට බොහෝ විසදුම් වෙත්.

කිවුව වෙලාව- 2011-02-14 00:18:15
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අරුන්දතී රෝයිගෙන් තවත් වියමන්
වෙසෙස්
ධනවාදය- හොල්මන් කතාවක් (-අරුන්දතී රෝයි)
රත්තරං ටික
සුළු දෙය ඇසුරු කළ දෙවියා
වෙසෙස්
සහෝදරවරුන් සමග| Walking with the comrades
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
සොෆී ෂෝල් කියයි.
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook