Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
මම වීරයෙක් නොවෙමි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි.| වේල් ගෝනීම්
බූන්දි, 03:26:30
වේල් ගෝනීම්| 1980 දෙසැ.23 වන දින ඊජිප්තුවේ කයිරෝහි උපන් වේල් සයිඩ් අබ්බාස් ගෝනීම් හැදී වැඩුණේ අරාබි එක්සත් අමීර් රාජ්‍යයේය. දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ අමෙරිකානු කාන්තාවකි. වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් වන ගෝනිම් 2010 ජනවාරි සිට ගූග්ල් සමූහයේ මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ අලෙවි අංශයේ ප්‍රධානියා ලෙස සේවය කළේ ය. 2011 ජනවාරි මස සිට ඔහුගේ ඉල්ලීම පරිදි සේව්‍යයා විසින් ඔහු ඊජිප්තුවේ සිට-

සේවය කිරීමේ අවස්ථාව ලබා දුණි. ජනවාරි 27 වන දින ඔහු අතුරුදන් වූයේ ඊජිප්තුවේ දේශපාලනික අස්ථාවර බව නැග ඒමත් සමගමය. 2011 පෙබරවාරි 07 වන දින ඔහු නිදහස් වූයේ ඊජිත්තු විප්ලවය වෙනුවෙන් අන්තර්ජාලය හරහා ඉමහත් මෙහෙවරක් කළ විප්ලවයේ නියමුවෙකු ලෙස ජනතාවගෙන් උපහාර ලබමිනි.

එදින රාත්‍රී 10.00 ට ඩ්‍රීම් ටී.වී. නම් ඊජිප්තු රූපවාහිනි නාලිකාවෙහි පෙනී සිටි ගෝනිම් විරෝධතා කරුවන්ට ප්‍රශංසා කළ අතර මිය ගියවුන් උදෙසා ශෝක වූවේය. මේ ඔහු එහි දී අදහස් දැක්වූ අයුරුයි.

මම වීරයෙක් නොවෙමි. මා කලේ පරිගණකයේ යතුරු පුවරුව පාවිච්චි කිරීම පමණයි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි. ඔවුන් මට නම් කරන්නට බැහැ. මේ මිනිසුන් එකිනෙකා ද්‍රෝහීන් යැයි ගරහන්නා වූ කාලයක්. මා සිරකරනු ලැබුවා. පැහැරගෙන යනු ලැබුවා, නමුත් අයථා හිංසාවකට ලක් වුනේ නැහැ.

සිරගෙදර දී අප ඇත්ත වශයෙන්ම වෙනත් කණ්ඩායම් සඳහා සේවය කරන ද්‍රෝහීන් ලෙස සිතා සිටින ඉතා නැණවත් මිනිසුන් මුණ ගැසුණා. මම ද්‍රෝහියෙක් නම් මට එක්සත් අරාබි ජනරජයේ මගේ නි‍වසේ පිහිනුම් තටාකය අසල සුවසේ ඉන්න තිබුණා. මේ "මුහුණු පොතේ තරුණ පිරිස" දස දහස් ගණනින් ජනවාරි 25 දා වීදි බැස්සා, කතා කරන්න ඔවුන්ට. මේ පිරිසිදු අපේක්ෂාවන් ඇති මිනිසුන් ද්‍රෝහීන් ලෙස සලකන යුගයක්.

(මම ඊජිප්තුවේ විරෝධතාවට සම්බන්ධ වෙන්නට මගේ සේවාස්ථානයත් රැවටුවා. මම ද්‍රෝහියෙක් නොවෙමි. මට කිසිවකුගෙන් කිසිවක් අවශ්‍ය නැහැ.)

මම මගේ බිරිඳ ගැන නොසැලකූ නිසා, මගේ මුළු කාලයම පරිගණකය තුලින් මගේ රට වෙනුවෙන් යෙදවූ නිසා, ඈ මගෙන් දික්කසාද වෙන්නට කටයුතු කරනවා. ඒත් අද මම ද්‍රෝහියෙක් යැයි ඔවුන් කියනවා.

මම 25දා පිළිබඳව එතරම් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මටම මේක අදහන්නට බැහැ. මා සිරෙන් නිදහස් කරගන්නට කටයුතු කළ හැමෝටම ස්තුතියි. මගේ තාත්තාගේ එක ඇසක පෙනීම නැතිවෙලා අනිත් ඇසෙත් පෙනීම අන්තයටම අඩුවෙලා. ඒක පවුකාරකමක්. ‘මිනිස්සු මා ගැන හිතනවා ද?, මගේ පවුල, බිරිඳ, තාත්තා මම කොහේදැයි දන්නවාද?’ මම හැමවේලෙම හිතුවා.

මම මට කරන්න පුළුවන් වූ‍ දේ ගැන ආඩම්බරයි. මේ එදිරිවාදිකම් පිරිමසා ගන්න කාලය නොවෙයි. මටත් ඉන්නවා එවැනි දේ විසඳාගත යුතු පිරිස්. ඒත් මේ මතවාදයන් කර පින්නාගෙන දිනාගත් දේ විනාශ කරගත යුතු කාලය නොවෙයි. මුණු පොතේ සාර්ථකත්වයේ රහස සමීක්ෂණ දත්ත පාවිච්චියයි.

මම අද අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වරයා හමුවුනා අද. ඔහු සාමාන්‍ය වැසියෙක් ලෙස, මා සමානයකු සේ සලකා කතාබහ කලා. මම ඒකට ගරු කරනවා. වීදී බට තරුණ පිරිසගේ ඉල්ලීම නිසා එන්.ඩී.පී. මහ ලේකම් ආචාර්ය හොසම් බද්‍රාවි අද මාව ඔහුගේ වාහනයෙන් ගෙදර ගෙනවුත් ඇරලුවා.

ඔවුන් මාව රාජ්‍ය ආරක්ෂකයින්ට බාර දුන්නා. එය පැහැර ගැනීමක්. බ්‍රහස්පතින්දා රාත්‍රියේ එකට පමණ මම මගේ වැඩපලේ මිතුරෙක් සමග සිටියා. මම ටැක්සියක යමින් සිටියේ. හදිසියේම හතර දෙනෙක් වාහනය වටකර ගත්තා. මම ‘‍බේරාගන්න’ යි කෑ ගැසුවත්, මගේ ඇස් බැඳ රැගෙන ගියා. මම මෙය සිදුවූ ආකාරයෙන්ම කියනවා. කිසිම ලෙසකින් පැහැරගැනීමක් සාධාරණිකරණය කරන්න බැහැ. මාව සිරභාරයට ගන්න පුළුවන් නීත්‍යනුකූලව. මම මත් වෙළෙන්දෙක්වත් ත්‍රස්තවාදියෙක් වත් නොවෙයි.

ඇතුලේ දී මට (රාජ්‍ය ආරක්ෂක සේවකයින්) ඊජිප්තුවට ආදරය කරන මිනිසුන් මුණ ගැසුණා. නමුත් ඔවුන්ගේ ක්‍රමවේදත් මගේ ක්‍රමවේදත් වෙනස්. මම ඔවුන්ගේ වැටුප් ගෙවනවා, මගේ බදු මුදල් වලින්. ඒ නිසා මට අයිතියක් තිබෙනවා අමාත්‍ය වරුන්ගෙන් ප්‍රශ්න කරන්නට මගේ මුදල් යන්නේ කොහාටද කියා. මේ අපේ රට.

මම විශ්වාස කරනවා තත්වය යහපත් අතට හැරුණොත්, මේ මිනිසුන් (මට හමුවූ රාජ්‍ය ආරක්ෂක පිරිස්) කැපවී ඊජිප්තුවට සේවය කරයි කියා.

අපේ මග හරස් කරන්න එපා අපට අවශ්‍ය රටට සේවය කරන්නයි. මම දැක්කා ඔවුන් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකුට කම්මුල් පහරක් දෙනවා. “උඹ මෙතන මැරෙනවා” ඔවුන් කිව්වා. ඇයි ඒ?

දැන් ඔවුන්ට අවශ්‍ය වී තිබෙනවා මා සමග ගිවිසුමකට එන්න. ඔවුන් දුර්වලව ඉන්නා නිසා. මම වීරයෙක් නොවෙයි, සාමාන්‍ය මිනිහෙක්. මට කළ දෙය අපරාධයක්, නමුත් මම තවම ස්තුතිවන්ත වෙනවා මාව එළියට ගන්න ඉදිරිපත් වූ අයට. මම උගත් කෙනෙක්. මට පවුලක් ඉන්නවා. බද්‍රවී මට කිව්වා අපි එන්ඩීපී හි නරක අය සියළු දෙනාම එකතු කරගෙන කියා. මම කිව්වා මට එන්ඩීපී සලකුණ වත් ආයෙ දකින්න අවශ්‍ය නැතිය කියා.

මේ ‍රට මේ තත්වයට ගෙනාවේ එන්ඩීපී පක්ෂයයි. ඔබට අළුත් පක්ෂයක් හදාගන්න පුළුවන්. පෙනෙන විදිහට මාව ආයෙත් පැහැරගෙන යාවි මෙයින් පසුව.

මගේ මූණු පොතේ ව්‍යාජ නම් වලින් සටහන් තැබූ අය තුන්සීයක් පමණ ඉන්නවා. අපිට මුදල් දෙන අය ගැන බොරු ආරංචි ලියූ අය. මම ඒ පිටුව පවත්වාගෙන ගියා පමණයි. අනෙක් අය ඒකේ ගාස්තු ගෙව්වා. අපි සිහින දකින්නන් පිරිසක්.

මේ අරගල සංවිධානයේ මුස්ලිම් සහෝදරත්වයේ සම්බන්ධයක් නැහැ. එය නිරායාසයෙන් ඇරඹුණු, ස්වෙච්ඡාවෙන් ඉදිරයට ගිය දෙයක්. මුස්ලිම් සහෝදරත්වය තීරණය කලා නම් සම්බන්ධ වෙන්න ඒක ඔවුන්ගේ වැඩක්. මේ අරගලය ඊජිප්තු තාරුණ්‍යයේ අරගලයක්.

සියළුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලනවා මම, මේ ඕපදුප පැතිරීම දැන් ඇති. ඇත්තටම ඇති.









මම අභ්‍යන්තර කටයුතු ඇමතිට කිව්වා - මම කැළඹිළයි හිටියේ- මම හොසම් බද්‍රවී එක්ක යන්නම් නමුත් එන්ඩීපී ලාංඡනය නැති රථයක. මම කිව්වා ඔවුන්ට අපට මේ වීදි වල එන්ඩීපී ලාංඡන අවශ්‍ය නැති බව. මම වැළපුණා, ඇඬුවා ‍මිනිසුන්ගේ මරණ ගැන ඇහුවාම. අරගල කරුවන් වගේම ආරක්ෂක භටයන්ගේ වගේම මේක මගෙත් රට.

මම අප්‍රියෙල් 6 තරුණ නැගීම මෙහෙයව් අහමඩ් මාහර් සමග ජනවාරි 25 අරගලය ගැන චැට් කලා. ඔහු දැන සිටියෙ නැහැ මම කවුද කියා. මගේ බිරිඳ ඇමරිකානුවෙක්. මට ඇමරිකානු ‍පුරවැසිකම ඉල්ලන්න පුළුවන්. නැහැ, මම පුරවැසි ලොතරැයියට දැම්මෙත් නැහැ. බොහෝ අයට පිටුවහල් වී යන්නට අවශ්‍යයයි. අපි ඊජිප්තුවේ ගරුත්වය නැවත නගා සිටුවිය යුතුයි. දූෂණය කෙලවර කළ යුතුයි. සොරකම් නැවැත්විය යුතුයි. ඊජිප්තු ජාතිකයෝ හොඳ මිනිස්සු. අපි සුන්දර මිනිස්සු. කාරුණිකව, මේ එදිරිවාදිකම් පිරිමහගන්න කාලය නොවෙයි, මේ ‍අපේ රට ගොඩනැගීමේ කාලයයි.

මට කියන්නට බැහැ මම ඇතුලේ හිටි කාලයේ සිදුවු සියල්ල මම දන්නවා කියා. මගෙන් ප්‍රශ්න කල අයට දැන ගන්නට ඕන වුනා පිටතින් මෙයට සම්බන්ධතා තියෙනවාදැයි. මම ඔවුන්ට ඒත්තු ගැන්නුවා මේක සම්පුර්ණයෙන්ම ඊජිප්තු නැගීසිටීමක් බව.

මට හොඳින් සැලකුවා. ඔවුන් දැන සිටියා මම හොඳ ඊජිප්තු වැසියෙක් බව. දින දොලහක් මගේ ඇස් බැඳ තිබුණා. මම ඔවුන්ගේ මුහුණු දැක්කේ නැහැ. ඔවුන්ට සවිස්තර තොරතුරු උවමනා වුනා. "මේක සංවිධානය කරන්නේ පිට රටවලින් ද?" අපි කිසි වරදක් කලේ නැහැ. මේක ඉල්ලීමක්.

මම ජනාධිපතිට අභියාචනයක් ලිව්වා, ජනවාරි 25 දා. මම අභ්‍යන්තර කටයුතු ඇමතිට කිව්වා; අපට ප්‍රශ්න දෙකක් තියෙනවා, 1 - අපි එකිනෙකා සමග සාකච්ඡා කරන්නේ නැහැ, මේක විසඳිය යුතුයි, 2- අන්‍යෝන්‍ය විශ්වාසයක් නැහැ. මම ඔහුට කිව්ව මම නිරුවතින් ගිහින් මිනිසුන් ට කිව්වොත් මට පහර දුන්නා කියා, කිසිම ලකුණක් මගේ සිරුරේ නොදැක වුනත් ඔවුන් ඒක විශ්වාස කරනවා. රාජ්‍ය රූපවාහිනී නාලිකා ඇත්ත කියන්නේ නැහැ. ඒකයි මිනිස්සු පෞද්ගලික නාලිකා නරඹන්නේ.

එතැන මා හා අභ්‍යන්තර කටයුතු ඇමති සමග තව කීපදෙනෙක් සිටියා. මම ඇහුවා මට මේක කතා කරන්න පුළුවන් ද? ඔහු කී‍වා ඔබේ කැමැත්තක්. ‘ඔබ කොහොමද මේක කළේ?’ හැමකෙනාම අහනවා. ඇමති මට කීවා ඔහු අමාත්‍ය පදවිය බාරගෙන දවස් අටක් කියා. මම දන්නවා මා නිදහස් වෙන්නට දවසකට කලිනුත් මිනිසුන් මියගිය බව.

තම දරුවන් අහිමි වුනු හැම මා පියෙකුගෙන් ම මම සමාව ඉල්ලනවා. ඒත් මේක අපේ වරද නොවෙයි. මම දෙවියන් ඉදිරියේ දිවුරනවා, මේක අපේ වරද නොවෙයි. ඒක බල ලෝභයෙන් බලයේ එල්ලී සිටි හැම කෙනාගේම වරදයි. දැන් මම යා යුතුයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Heros in Egypt Revolution 2011, Dream TV Interview with Wael Said Abbas Ghonim, Khaled Said
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
සිත්තරා මරා ඝාතකයා පහළ වීම
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook