Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
අකාලික විංශතිය
බූන්දි, 22:57:54
සහස් දුම්වැටි දුමෙන් වුව පළවා නොහෙන
විකල් ඇස් ලෙළවමින් ආත්මය මත ලගින
අමන වාමන රැළකි මේ නිම් නොමැති ශෝකය.
ඔක්කාරය වුවද මුව තුළින් පිටතට නොඑන
රහසක්ය ළය කෙළවරේ කළුවරේ පොදිකන‍‍.

පොලොව යට කඳු පෙළකි යටිකුරුව සිටගත්
නිසල සුදු ගං දියේ සදහටම ගිලීගෙන...
මතකයක් හෝ සිහිනයක් නොව
එය වෙනත් ලෝකයකි සකි,
හදිසියේ අහම්බෙන් දොර ඇරෙන
සැඟව ගනු වස් මා වෙත ඉතිරි
එකම කෙම්බිම සදිසි.

ඒ ලොවේ හිරු එළිය සඳ එළිය තුළ
උයන්වතු නිම්න සහ කඳු අතර
විසල් ශාලා තුංමං සන්දි
වෙල්යාය ඇල ඉවුර මත
මුහුණු නැති සෙවණැලිව
දහස් ගණනින් සැරිසරන
ඒ සියළුදෙන ඇයිද මේ එකම සිනහවකින්
මේ තරම් දොඩමළුව...?

ඒ සෙනඟ මැද සැම විටම
ඔබ ම මට මගෑරුණේ මන්ද.....

ඔබ නිශාත්මය කාලයේ ඡායා අතර
වසන්තය යළි නොඑන ඉපල් වන වදුලු තුළ
සැඟවෙමින් මතුවෙමින් තවම මා ලුහුබඳියි.

කැරකෙමින් පාමුලට ඇද වැටුන
අරලියා මල් ගණන් කරමින්
සීත ජනවාරියේ හිරු එළියේ සුව විඳි
ඒ උදෑසනවල ද අප නොදැනීම
ඉතිහාසයේ කලු කුහර මුව අයා සිටියේද...
සදාකාලික මේ වියෝගය
අප නළල් තල මත
එකල්හි වුව ලියැවෙමින් තිබුනේද...

ඉදින් මේ ශෝකයේ උල්පත
අපට ලොව වෙනස් කළ නොහැකි වූ නිසා වත්
ලොවට අප වෙනස් කළ නොහැකි වූ නිසා වත් නොව
අවසාන අරලිය මලද‍
බිම වැටෙනතෙක්
ඔබ අසල සිටිමට මට නොහැකි වූ නිසාවෙනි.

පෙබරවාරි 2011
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
අවසානය අවසානය

කිවුව වෙලාව- 2011-02-28 04:09:52
Prem මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-02-22 04:21:40
GB මෙහෙම කියනවා :
කොයිතරම් සෙනඟ මැද්දක වුව ඇදගෙන ගොස් හුදකලාවේ නතර කරන්නට හැකිනම් ඒ අජිත් ගේ කව්යකට පමණි.- මහෙශ්



කිවුව වෙලාව- 2011-02-21 20:40:54
Thushari Priyangika මෙහෙම කියනවා :
"ඒ සෙනඟ මැද සැම විටම
ඔබ ම මට මගෑරුණේ මන්ද....."

හිත හොඳටම රිදවන කවියක්.


කිවුව වෙලාව- 2011-02-21 08:05:46
මහේෂ් මුණසිංහ මෙහෙම කියනවා :
කොයිතරම් සෙනඟ මැද්දක වුව ඇදගෙන ගොස් හුදකලාවේ නතර කරන්නට හැකිනම් ඒ අජිත් ගේ කව්යකට පමණි. ළය කෙළවරේ කළුවරේ පොදිකන‍‍ ශෝකය අතින් අල්ලා කියා දෙන්නට හැකි නම් ඒ අජිත් ගේ කව්යකට පමණි.

තමන්ගේ සිතිවිලි තවකෙකුගේ අකුරු වලින් දකිද්දී ඇතිවෙන සංවේදනාව හැරෙන්න තව දෙයක් ඇත්ද?


කිවුව වෙලාව- 2011-02-21 07:05:21
හිරාන් මෙහෙම කියනවා :
හදට දැනුනු කවියක්. තුති ඔබට

කිවුව වෙලාව- 2011-02-21 03:57:53
Anura මෙහෙම කියනවා :
අජිත් සී ගෙන් වෙනස් කවියක්
හොඳ කවියක්



කිවුව වෙලාව- 2011-02-21 01:52:53
දමිත් මෙහෙම කියනවා :
ඒ සියළුදෙන ඇයිද මේ එකම සිනහවකින්
මේ තරම් දොඩමළුව...?

ඒ සෙනඟ මැද සැම විටම
ඔබ ම මට මගෑරුණේ මන්ද.....

අත්දැකීමකුත් එක්ක මමත් කවියත් එක්ක


කිවුව වෙලාව- 2011-02-21 00:18:02
sudarsana මෙහෙම කියනවා :
denenawa..

කිවුව වෙලාව- 2011-02-20 23:53:18
piyal jayarathne මෙහෙම කියනවා :
Dear Ajith, when i read your poems - it always pains me. I remember our friends, hopes, and the dreams we missed out on. The poem feels so lonely. The meeting makes me yearn for the days gone by.

කිවුව වෙලාව- 2011-02-20 23:38:17
mka මෙහෙම කියනවා :
ඉදින් මේ ශෝකයේ උල්පත
අපට ලොව වෙනස් කළ නොහැකි වූ නිසා වත්
ලොවට අප වෙනස් කළ නොහැකි වූ නිසා වත් නොව
අවසාන අරලිය මලද‍
බිම වැටෙන තෙක්
ඔබ අසල සිටිමට මට නොහැකි වූ නිසාවෙනි.

විප්‍රයෝගයේ තුවාලය සිය සියුම් වදන් සැතින් මෙතරම් ම ගැඹුරට පාරන්නට හැකි කවියකට ම පමණි. හදවතෙහි ගැඹුරු ම පත්ලෙහි රැක ගත් සදාකාලික ලතැවිල්ලක් අසාර වු සීමාකෘත භාෂාව තුළ මෙතරම් ම වර නගන්න ට හැකි වන්නේ ද කවියෙකුට ම පමණි.
ස්තූතියි.


කිවුව වෙලාව- 2011-02-20 23:19:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අජිත් සී හේරත්ගෙන් තවත් වියමන්
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 3
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2
අදහස්
ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1
අදහස්
දකුණේ 'ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්' දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook