Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර දෝසි
ගල් වඩුවා ('හූමිටි කතා')
බූන්දි, 18:30:15
එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම අසුන් පිට නැග ගත් මිනිසුන් කෑ ගහන හැටි ඇසුණා;

"දණ ගහපල්ලා! ආචාර කරපල්ලා!"

සුදුපාට ඇතෙකු එන හැටි ගල් වඩුවා දැක්කා. ඇතා පිට වාඩි වී හිටියා රජ කෙනෙක්. ගල් වඩුවා දණ ගසා රජතුමාට ආචාර කළා. ඔහු මෙහෙම සිතුවා.

"රජතුමාට මාව පෙනෙන්නෙ වත් නැහැ, එහෙනම්, මම නමස්කාර කරන්නේ ඇතාට වෙන්න ඕනේ. ඇතා බොහොම වැදගත් සතෙක්.
ඇතාත් මට වඩා හොඳට ජීවත් වෙනවා. මටත් ඇතෙකු වෙන්නට ඇත්නම් කොතරම් හොඳද?"


කියලා ගල් වඩුවා හිතුවා. එහෙම හිතුවා විතරයි ගල් වඩුවා එකවරම ඇතකු වුණා.

ඇතා බවට පත්වුණු ගල් වඩුවාගේ පිට උඩ රජා වාඩිවෙලා තේ බොනවා. රජ්ජුරුවන්ගේ උණු තේ කෝප්පයෙන් උණු තේ ටිකක් ඇතාගේ පිටට වැටුණා. උගේ පිට රිදුණා.

"මීට වැඩිය හොඳයි රජ කෙනෙකු වෙනවානම්" කියලා ගල්වඩු ඇතා සිතුවා. එහෙම සිතුවා විතරයි, ගල් වඩු ඇතා රජ කෙනෙකු බවට පත් වුණා.

ඔන්න දැන් ගල් වඩු රජතුමා සුදු ඇතා පිට නැගිලා යනවා. රජතුමා උණු තේ බීලා සතුටු වුණා. සතුට අසතුටට හැරුණා. බොහොම සැරට ඉඅර පායන්නට පටන් වුණා. රජතුමාට ඇස් අරින්නවත් බැහැ. කඳුළු ගලන්නට වුණා. ඉර අව්ව එතරම් සැරයි.

"ඉර මටත් වඩා බල සම්පන්නයි. මා කැමතියි ඉර වෙන්ට." රජා සිතුවා.

සිතුවා විතරයි ගල් වඩු රජා එක පාරටම ඉර බවට පත් වුණා. එදා සිට මේ අලුත් ඉර පායන්නට පටන් ගත්තා. ඉර අව්ව නිසා මහ පොළොව ගිනි රත් වුණා. අහසේ වළාකුළු ඇති වෙලා, වැහි වළාවක් හැදුණා. මේ වැහි වලාකුල නිසා ඉර අව්ව මහ පොළොවට පායන්නෙ නැහැ. ඉර තරහ වෙලා මෙහෙම සිතුවා.

"මා කැමතියි වැහි වලාකුලක් වෙන්ට!"

සිතුවා විතරයි ගල් වඩු ඉර එක වරම වැහි වළාකුලක් වුණා. දැන් ඉතින් කුණාටුවට අසු වෙච්ච වැහි වළාව අහස හැම තැනම දුවනවා.

"හරි වැඩක් නෙව, මාව හැම තැනම එළවන්නෙ කවුද? කුණාටුව තමයි! මා කැමතියි කුණාටුවක් වෙන්නට!"

සිතුවා විතරයි, ගල්වඩු වැහි වලාව කුණාටුවක් වෙලා ඉවරයි. කුණාටුව වේගයෙන් හමන්නට වුණා. ගස්, වැල්, ගෙවල්වල වහලවල් කැඩිලා බිම වැටුණා. බොහොම සැර කුණාටුවක්! මේ කුණාටුව ලොකු ගල් කන්දක හැප්පිලා බිඳුණා.

"ගල් කන්ද මටත් වඩා බල සම්පන්නයි. මං කැමතියි ගල් කන්දක් වෙන්නට"

එතකොටම වාගේ කුණාටුව ගල් කන්දක් වුණා.

කඳු මුදුන වලාකුළු වලටත් වඩා උසයි. කඳු පා මුල ඉන්න මිනිසුන් බොහොම පුංචියි. මහ විසාල කන්ද මිනිසුන් කරන වැඩ ගැන සැලකුවේ නැහැ. හයිය අත් දෙකක් ඇති මිනිහෙක් ලොකු ගල් කටුවක් අරගෙන එන හැටි ගල් කන්ද දැක්කේ නැහැ. මිනිහා ගල් කටුවෙන් කන්දට ඇන්නා.

"මිනිහා තමා අනිත් හැමදේටම වඩා බල සම්පන්න." ගල් කන්ද වේදනාවෙන් කෑගහන අතර සිතුවා.

"මා කැමතියි මිනිහකු වෙන්නට!"

ඔන්න එතකොට ගල් කන්ද එකවරම මිනිහකු වුණා. ගල්වඩු ගල් කන්ද නැවත ගල් වඩුවකු වෙලා ගල් කඩන්නට පටන් ගත්තා.

අසුන් පිට නැග ගත්තු රාජ සේවකයෝ කෑ ගහන්නට වුණා.

"රජතුමා වඩිනවා. දණ ගහපියව්! නමස්කාර කරව්!" ඇතකු, රජකු, වැහිවලාවක්, කුණාටුවක්, ගල් කන්දක් බවට පත් වෙලා ආයෙමත් ගල්වඩුවකු වුණු මිනිහා මෙහෙම සිතුවා;

"දණ ගහන්නේ නැහැ!"

ඔහු දණ ගැසුවේ නැහැ!

ඔහු දණ ගැස්සවීමට පුළුවන් බලවතෙක් ලෝකයේ නැහැ. මිනිහා යටත් වන්නේ පිටින් ඇති බලයක් නිසා නොවෙයි. තමාගේම බියසුළු, නිවට කම් හන්දා.

(තජික් කතාවක් ඇසුරින් සැකසුණු 'ගල් වඩුවා' සෝවියට් රුසියානු කතන්දර පොත ඇසුරිනි. කතන්දර පොත ලිවුවේ- ආර්. කුෂ්නේරෝවිච්, චිත්‍ර ඇන්ඳේ- විනකූරොව් සහ ෂ්වාර්ට්ස්මාන්, සිංහලට පරිවර්තනය කළේ- දැදිගම වී. රුද්‍රිගු)
මේ කතන්දරයේ 'හූමිටි කතා' වීඩියෝව බලන්න-


[Sinhala Fairy Tales -THE STONEMASON- Kids Story - යූටියුබ් වීඩියෝ සබැඳිය]

හඬ- නයෝමි ගුණසිරි, මාෂා සුවනි
සජීවීකරණය- බූන්දි වැ.දෙ.

[දෝසි කතා පොකුර- All Collection] [චූටි ටීචර්- All Collection] [බූන්දි යූටියුබ් චැනලය සමග එක් වන්න]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Kathandara, Kids stories in Sinhala, Kids Story telling in Sinhala, Sinhala Children Cartoon, Kids Story Animation, Sinhala Kids cartoons
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Bassarov මෙහෙම කියනවා :
මාරයි,,,,,,,

කිවුව වෙලාව- 2011-08-08 02:23:54
Chinthaka Dodampe මෙහෙම කියනවා :
Great Creation !!!!Great Creation !!!!

කිවුව වෙලාව- 2011-04-21 21:37:13
sarath Warnakulasuriya මෙහෙම කියනවා :
Boondiye gaman maga dekeimen sihipath wanne,60-70 dasakaye saahiththyyaye saha samajaye rasagnhathaa pibideemai. Obe prayathnaya vishishtai.

කිවුව වෙලාව- 2011-04-15 19:36:52
samadhi මෙහෙම කියනවා :
We also should promote this type of literature.It will help to build up genaration with back born.

කිවුව වෙලාව- 2011-03-22 05:27:44
king මෙහෙම කියනවා :
real king kenek tama

කිවුව වෙලාව- 2011-03-05 21:58:26
අදෘශ්‍ය මෙහෙම කියනවා :
ලාංකික මිනිසුනි
මිනිසුන්ම වෙයව් !


කිවුව වෙලාව- 2011-02-24 22:34:37
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් කතන්දර දෝසි
"අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]
"කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]
"නුවණක්කාර කපුටුහාමි"- ළමා කතන්දරය [වීඩියෝව]
"මොනවද මේ දවල් හීන?"- ළමා කතන්දරය [වීඩියෝව]
"පොඩි සාදුගෙ කතන්දරේ" [ළමා කාටූන් වීඩියෝව]
BoondiLets
How did the tiger fly?
Eep: So how did the tiger fly?

Guy: She jumped on the sun. Rode it to tomorrow.

-The Croods [2013]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook