the man මෙහෙම කියනවා :
මට පෙනෙන්නෙ ලෙකිකාව පසුබට වි අති බවකී. කාන්තාවක් ඈට නොලබුනු දේ වෙනුවෙන් සටන් කල යුතුයි.
කිවුව වෙලාව- 2011-09-16 04:19:13
buwa මෙහෙම කියනවා :
යම් සමාජයක ගැහැණිය පුදනු ලබන ආකාරය මත එම සමාජයේ යහපැවැත්ම පිළිබඳ ව තක්සේරු කළ හැකි බව සැබැවි
යම් සමාජයක ගැහැණිය පුදනු ලබන ආකාරය මත එම සමාජයේ යහපැවැත්ම පිළිබඳ ව තක්සේරු කළ හැකි බව සැබැවි
කිවුව වෙලාව- 2011-09-16 04:11:16
irosani මෙහෙම කියනවා :
ක්ටරම් කට්කා කලත් කාන්තාව පිලින්ඩවෙ පවතිනෙ ආක්ල්ප වෙනස් උනෙ නෙත්ක්ම් සමජයෙ කටෞටු කිරිමෙඩ්ඩි සන්ස්කෘටියෙ සමගෙ ගටිමට ඈට්ය්ග් සිඩූ ෆ්වෙ
කිවුව වෙලාව- 2011-09-10 03:43:46
uui මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-04-27 02:35:13
Kosalaa මෙහෙම කියනවා :
පෙරේරාගේ අදහසට යමක් එකතු කරන්න කෑමතියි. ජීව විද්‍යාත්මකව ගෑනු පිරිමින්ට සමානය යන අදහස නෙමේ මම කියන්න උත්සාහ කලේ. නිසි තෑන, එහෙමත් නෑත්නම් 'උතුම් මාතෘත්වයට වඩ එහා යමක් නෑ' කියන අදහස පුරුශ මූලික කතිකාවේ නිර්මානයක්. ඒක අතික්රමනය කරන්නට යෑම ආසියාතික ගෑනුන්ට තරම් නොවේය යන්නත් එබන්දක්. ගෑනු සටන් කල යුත්තේ මේ කතිකාවට එරෙහිව මිසක් තම ශරීර ශක්තිය පෙන්වීමට නොවේ.
කොහොම උනත් මේ ලේඛිකාව බටහිර සහ ආසියතික සමාජයන් අතර වෙනස්කම් පිලිබදව කිසිම ගෑබුරු අද්යනයක් කර නොමෑති බව පෑහෑදිලියි.
කිවුව වෙලාව- 2011-04-04 10:34:18
perera මෙහෙම කියනවා :
කෝසල ගෙ අදහස අගෙයිග. තුශාරි ටිකක් බටහිර කාන්තාව හැදෑරුව නම් හොදයි. එතැනදී ශරීර ශක්තියද, ලිංගික ආධිපත්‍යයද පුරුෂයාට ය කියන මතය බිදවැටෙනව. ජීව විද්‍යාත්මකව ගැහැණිය පිරිමියාට වඩා දුබල නැති බව ඔවුන් පන පිටින් ඔප්පු කරල තියෙනව.නිසි තැන කියන වචනය හරි නෑ තමයි. අමේලිගෙ කමෙන්ට් එකෙන් මතුවෙන කරුණ හරිම අව්‍යාජයි.කෙසේ වෙතත් කරුණු රැස් කරීමට තුශාරි දරා ඇති ප්රයත්නය හොදයි.
කිවුව වෙලාව- 2011-04-04 09:14:07
Kosala මෙහෙම කියනවා :
තුශාරිගේ ආර්ටිකල් එකේ තිබෙන මූලික තර්කනය, එනම් 'නිසි තෑන' කියන සන්කල්පය බොහොම ගතානුගතික (stereotypical), ඒ වගේම ඉන් මිදෙන්නට දිරියක් නොමෑති කම්මෑලි ස්ත්රීන්ගේ බොලද අදහසක් බවයි මා සිතන්නේ. ඈ කියන නිසි ස්තානය, සියවස් ගනනාවක් තිස්සේ පිරිමින් විසින් නිර්මානය කල මාතෲත්වය ද? තුශාරි අද චන්දය දාන්න යන්නේත් ඉස්සර ස්ත්‍රීන් කල සටන්වල ප්‍රතිපලයක් ලෙසයි. තවදුරටත් සටන් කරන්න එපා, නිසි තෑන අරගෙන පාඩුවේ ඉන්න කියන්න තුශාරිට තිබෙන අයිතිය කුමක්ද?
කිවුව වෙලාව- 2011-04-04 06:32:02
දේවක ජයසුරිය - Devaka Jayasuriya මෙහෙම කියනවා :
අනාධිමත් කාලයක සිට පුරුශාධිපත්යෙන් මැඩගෙන සිටින හෙයින් ලලනා ශක්තිය කෙතරම් ජව බල සම්පන්නදැයි කිසිවෙක් නොදනී . ස්ත්රීහූද නොදනී . ස්ත්රීන්ගේ විභව ශක්තිය කෙතරම්දැයි කිවහොත් මානව ඉතිහාසයේ මුලින්ම කෘෂිකර්මය සොයා ගත්තෝ ස්ත්‍රීහුය . රුසියාවේ 1905 පළමු විප්ලවයත් ධනවාදය පෙරලා දැමූ 1917 විප්ලවයත් මුලින් ආරම්භ කළෝ ස්ත්‍රීහුය. පළමුවැන්න ඇරඹුණේ ස්ත්රීන්ගේ ආහාර කැරලි වලින්ය. දෙවැන්න මුද්‍රා තැබූ මුද්‍රණාල වලට ගැසූ මුද්‍රා කඩීමෙනි. " ලංකාවේ ස්ත්‍රීන් සකල විධ හිංසනයෙන් තොරව ජීවිතය ආශ්වාධනය කෙරෙත්වා " ! වසන්තේ නිදා හුන් යොවුන් කෝකිලාවන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී !
කිවුව වෙලාව- 2011-03-22 04:48:06
Amaley Munsinghe මෙහෙම කියනවා :
මට අවශ්‍යයි සම තැන..!!! පුරුෂයාට යට වීමයි නිසි තැන. ඔව්.. මට අවශ්‍යයි සම තැන
කිවුව වෙලාව- 2011-03-19 03:55:33
සහුර්දයා මෙහෙම කියනවා :
"සමතැන" වෙනුවට "නිසිතැන" කියන්නෙම ගතානුගතිකවාදීන් (උදා: දොරමඩලාවට සහභාගිවන බහුතරයක් (හැමෝම!), මහාචාර්ය කුසුමා කරුනාරත්න, පේරාදෙනියෙ කථිකාචාර්යවරයා වැනි අය ) පට්ට ගහන වචනයක්නෙ. ඒක හරියට "සුලු ජාතික අයිතිවාසිකම්" වෙනුවට "ජනතාව සවි බලගැන්වීම" වගේ එකක්. මූලික සංකල්පය තනුක කරනවා විතරක් නෙවෙයි, කපටි ලෙස මඟහැර යාමක්ද වෙනවා.
තුශාරි අදහස් කරන්නෙ එය නොවන බව පැහැදිලියි. අඩුගානෙ "කාන්තා අයිතිය" යන වචනය යෙදුවානම් සුදුසුයි.
අනිත් අතට සංඛ කියන එක ඉතා වැදගත්. "....කාන්තාවට \"නිසි\"තැන තීරණය කරන්නේ කවුද?..." පිරිමි (පුරුශ මූලික ) සමාජය විසින් නේද? [උදා: "ජනතාව සවි බලගැන්වීම" තීරනය කරන්නට නියමිත වන්නේ සිංහල සමාජය විසින් වගේ ]
කිවුව වෙලාව- 2011-03-17 20:18:49
සංඛ මෙහෙම කියනවා :
ලංකාවේ පීඩිත මිනිස්සු පිළිබඳ කතාවල ඉදිරියට එන්නේ නැති මාතෘකාවක් තමයි කාන්තාව. බටහිර සංකල්පයක් කියලා නිකම්ම අතහැරලා දානවා..
ඔය \"නිසිතැන\" කියන වචනය ගොඩාක් මිස් යූස් කරනවා. උදාහරණයකට කාන්තාවට \"නිසි\"තැන තීරණය කරන්නේ කවුද? කියන එක ප්‍රශ්ණයක්?
කිවුව වෙලාව- 2011-03-13 10:58:13
Thushari Priyangika මෙහෙම කියනවා :
සංඛ ගෙ අදහස් එක්ක මං එකඟයි. කාන්තා හිංසනය ගැන අපි කතා කළ යුතුමයි. එහෙත් මේ ලිපියෙහි අරමුණ වන්නේ, ස්ත්‍රී-පුරුෂ වෙනස්කම්, අධ්‍යාත්මික සහ ශාරීරික වශයෙන් ඇති යථාවත්, කාන්තාවන් විසින් කළ යුතු වන්නේ පිරිමින් හා සමතැන් ඉල්ලා සටන් කිරීමට වඩා, ඉන් එහා ගිය පිළිගැනීමක්, ගැහැණිය, ගැහැණියක් වශයෙන් සමාජය පිළිගනු ලැබීම වඩා උචිත බවත් පෙන්වා දීමටයි. කෙටියෙන් පැහැදිලි කළොත් මේ සියල්ල ඒ තුළ ලඝු කිරීමක් දැකිය හැකියි. සහ එම ලිපිය විශේෂයෙන් කාන්තාව අරමුණු කර ලියූවක්.
කාන්තාවකට නිසි තැන ලැබීම යනු ම, මේ සියලු හිංසනයන් ගෙන් මිදී, ඇය සමාජය තුළ නිදහස් වීමයි. එහෙත් අවාසනාවකට \"නිසි තැන\" ට ද, නිසි තැනක් නො ලැබී යාමේ ඛේදවාචකයට අප මුහුණ දී සිටිනවා.
කිවුව වෙලාව- 2011-03-11 10:52:41
kusal මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-03-08 00:14:30
සංඛ මෙහෙම කියනවා :
ආයුධ සන්නද්ධ අරගලයක් සඳහා උතුරේ දමිළ ජනයාට වඩා සාධාරණ හේතු කඳුකරයේ ජීවත්වන දමිළ ජනයාට ඇති බව සත්‍යයයකි. එමෙන්ම ලංකාවේ කාන්තාවද (ලෝකයේ බොහෝ රටවල) ආයුධ අතට ගැනීමට තරම් සාධාරණ ප්ර්චණ්ඩත්වයකට පිරිමියා වෙතින් මුහුණදී ඇති බවද සත්යලයකි. වඩාත් ව්යූැහාත්මක සමාජ ගොඩනැඟීමක් ඇසුරුකොට ගෙන සිද්ධ වන නිසාත්, ස්ත්රීී ප්ර්චණ්ඩත්වය සාමාන්‍ය කරණය වී ඇති නිසාත්, (සහ තවත් හේතූ ගණනාවක් නිසා ) එය නිර්වචනය වීම මෙන්ම ඊට එරෙහිව නැඟි සිටීමද පසුගාමී භාවයක් දක්නට ඇත.
ස්ත්රීේ දේශපාලන ඉතිහාසය පිළිබඳව වැදගත් තොරතුරු ඉදිරිපත් කර ඇති තුෂාරිගේ ලිපියෙහි අවසන් විශ්ලේෂණය මා හට ප්රාශ්ණකාරී වන නිසාවෙන් එය වෙත ප්රපවේශ වීමට යම් පැහැදිලි කරගැනීමක් සිදුකරගනිමු.
“හිංසනය” හෝ “ප්‍ර චණ්ඩත්වය” නිර්වචනය වන්නේ අදාළ සමාජ දේශපාලනික වටපිටාවට සාපේක්ෂවය. උදාහරණයක් ලෙස ගතහොත් මානව හිංසාව අතිශයින් දරුණු ලෙස පැවති ම්ලේච්ඡ සමයෙක “වාචික හිංසනය” යනුවෙන් යමක් නොතිබෙන්නට ඇත. මන්ද කායික හිංසනයේ දරුණු බව මත එකී නිර්වචනයට “වචනය” අදාළ කරගත නොහැකි වන්නට ඇත. එහෙත් මානව ශිෂ්ඨාචාරයේ දියුණුව මත මානවීය ලක්ෂණ ඉහළ යාමත්, පුද්ගල නිදහස, මානව හිමිකම්, අයිතීන් වැනි “ශිෂ්ඨ” සංකල්ප වල දියුණුවත් නිසා නිර්වචනයන් වල පරාසය මෙන්ම භාවිතාවද දියුණු විය. සරලව ගතහොත් ප්රතබලයා විසින් දුබලයා යටපත් කරන “කැලෑ නීතිය” වෙනුවට සෑම කෙනෙකුටම සමානා අයිතියක් පිළිගැනෙන “ප්රතජාතන්ත්රයවාදය” වැනි සංකල්ප බිහිවිය.
ඉතිහාසයේ නිශ්චිත මොහොතක පිරිමියා විසින් ස්ත්රිිය යටපත් කළ පසු “කැලැ නීතිය” ට යටත්ව සිටීමට සිදුවූ අතර ඉන්පසු ධනේෂ්වර ප්රිජාතන්ත්රිවාදයේ ව්යාළප්තිය සමඟින්ම පීඩිත මානව අයිතිය පිළිබඳව වන කතිකාව තුළ කාන්තා අයිතිය පිළිබඳ කතිකාවද ඉස්මතු විය. එහිදී කතිකාව දිගහැරෙන්නේ වහල් අයිතිය හා වහල් හිමි අයිතිය සම්බන්ධව නොව සෑම මිනිසාටම පොදු මානව අයිතීන් ගැනය. එමෙන්ම එකී අයිතීන් නිර්වචනය තුළ කාන්තාව හා පිරිමියා සැළකෙන්නේ සමාන අයිතීන් ලැබිය යුතු පුද්ගලයින් ලෙස මිසෙක පිරිමියා විසින් කාන්තාවක් හිමිකම් කිවයුතු අයිතීන් තීරණය කළ යුතු බවට නොවේ. සරලව ගතහොත් පුද්ගලයෙකුගේ අයිතිය ඔහු සතුවිය යුතු අතර කාන්තාවද තවත් එක් පුද්ගලයෙකි, මනුෂ්යලයෙකි.
ස්ත්‍රී වාදය තුළ කතා කෙරෙන පරිදි ලෝකයේ සියළු ගොඩනැඟිම් පුරුෂ මූලිකය. පවුල, ආර්ථිකය, දේපල අයිතිය, සංස්කෘතිය සදාචාරය, දේශපාලනය යනාදි මෙකි සියළු ව්යූතහයන් පුරුෂ මූලික සමාජ ගොඩනැඟිම්ය. සැබැවින්ම මෙකී කාරණා “ස්ත්රීාවාදී ප්රශකාශ" යැයි පැත්තකට තල්ලු කර දැමිය නොහැක. මන්ද සමාජයේ ගොඩනැඟි ඇති ව්‍යූ හයන් පුරුෂයා කෙන්ද්රශකොගත් ඒවාය. ඒවා වෙත පුරුෂයා හා සමානව කාන්තාවකට ප්රනවේශ වීමට නම් ඇය විසින් පුරුෂ ලක්ෂණ වැළඳ ගත යුතු අතර නොඑසේ නම් ක්ෂණයෙන් ප්‍ර තික්ෂේප වීමට සිදුවේ. ව්යා පාර ක්ෂේත්රැය, දේශපාලනය, වැනි තැන්හි මේ ලක්ෂණ සුලභව දක්නට ඇත.
කාන්තාවන් විසින් තමන් මුහුණදෙන හිංසනයන් ඉවසා සිටීමට හේතුභූත වන කාරණය සුලබවම දක්වන්නේ මෙකී පුරුෂ මූලික ගොඩනැඟිම් ආරක්ෂා කරලිම උදෙසාය. උදාරණයක් ලෙස ලංකාව තුළ පවුල හා සදාචාරය සුරැකීම උදෙසා බොහෝමයක් හිංසනයන් ඉවසා සිටීමට කාන්තාවට බලකර සිටී. ලිංගික සම්බන්ධතාවයක් යනු ගැහැණිය හා පිරිමියා අතර සිදුවන ගණුදෙණුවක් නම් එහිදී පිරිමියා වීරත්වයකුත් ගැහැණියට අපහාසයකුත් එල්ල වන්නේ ඇයි? එය අප සමාජ සංස්කෘතියේ හා සදාචාරයේ පුරුෂ මූලික ගොඩනැඟීමක් නොවන්නේද?
කාන්තා හිංසනය, ගෘහස්ථ හිංසනය පිළිබඳව පසුගිය කාලය පුරාවට සිදුවූ දේශීය හා ජාත්යගන්තර සමික්ෂණ හරහා පැහැදිලිකරගත් කරුණු අනුව ආසියානු කලාපයේ (විශේෂයෙන් දකුණු ආසියාව තුළ) කාන්තාවගේ ප්රාජාතන්ත්රුවාදී අයිතීන් වලටත් වඩා කාන්තාව විසින් මුහුණදෙණ දරුණ වද හිංසාවන් හා මූලික අයිතීන් අහිමිවීම සම්බන්ධයෙන් අවධානය යොමුකොට ඇත. එසේ හෙයින් “කාන්තා අයිතිය” යන්න පුරුෂාධිපත්යන සමාජය විසින් සෘජුව ප්රවතිකේෂ කරනු ලැබීම නිසා “නිසි අයිතිය” යන තනුක කළ සංකල්පය වටා ගොනුව ඇත. ඊට හේතු වන්නේ කාන්තා සම්බන්ධයෙන් වන හිංසාවට එරෙහි මූලික ප්රසවේශය සකස් කරලීම සඳහා මෙන්ම පුරුෂගැති ආකල්ප යම් තරමකින් හෝ සමනය කිරීම සඳහාය. නොඑසේ නම් “නිසි අයිතිය” යන්න මත ක්රිෂයාත්මක වීම මත කාන්තාවක් යනු පිරිමියා වැනි සම අයිතියකින් යුතු තවත් සම්, මස් , ලේ ඇති මනුෂ්යායෙකු බවට වන පිළිගැනීමේ කිසිඳු වෙනසක් වන්නේ නැත.
කාන්තාව විසින් තමන් විසින් ඓතිහාසිකව මුහුණදෙමින් සිටින හිංසාව, පීඩාවට එරෙහිව නැඟී සිටීම ක්ර ම ක්ර්මයෙන් සිදුවන ආකාරය දක්නට හැක. එය ආයුධ සන්නද්ධ අරගලයක් නොවුනද තමන්ව පෙලා දමන සංස්කෘතිය, ආර්ථිකය, පවුල වැනි ව්යූධහ අභියෝගයට ලක්කරන්නකි. ස්ත්රී් පුරුෂ සමාජභාවය වැනි සංකල්ප මඟින් දැනුවත් සමාජයක් ගොඩනැඟීම මේ සඳහා තවත් හොඳ උපක්ර මයකි.
මෙම කතිකාව තව දුරටත් ගොඩනැඟිය යුතුය. මෙය තුෂාරිගේ අදහස යටපත් කිරීමට උත්සාහයක් නොවන අතර සංවාදය වඩා පළල් තලයකට ගෙන ඒමට දැරූ උත්සාහයකි.
කිවුව වෙලාව- 2011-03-07 11:52:02