Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
මහින්ද රජය කරන්නේ සිංහල දෙමළ දෙපිරිසම රැවටීමයි - මහාචාර්ය සුචරිත ගම්ලත්
බූන්දි, 03:08:52
• ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් වර්තමාන රජයේ වැඩපිළිවෙළ ඔබ කොහොමද විචාරය කරන්නේ?

ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් විදිහට දෙමළ මිනිස්සු ඉල්ලා හිටියේ වෙන මොකුත් නෙමෙයි. ස්ව පාලනයක් කියන එක. මොකද මෙච්චර කාලයක් දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු යටතේ හිටි නිසා. ඒත් ඔවුන්ට කිසිම අයිතිවාසිකමක්-

සිංහලයන් යටතේ දිනාගන්න බැරි වුණා. ඒ නිසා තමයි දෙමළ මිනිස්සු වෙනම රාජ්‍යයක් ඉල්ලා හිටියේ. නමුත් අවසානයේ සිද්ධ වුණේ දෙමළ මිනිස්සුන්ගේ අරගලය ඉතාමත් කෲර ලෙස අවි බලයෙන් මර්දනය කිරීම. යුද්ධය ඉවුර වුණා කියලා ජාතික ප‍්‍රශ්නය විසඳිලා නෑ. ඒක එහෙමම තියෙනවා. දෙමළ මිනිස්සුන්ගේ තිබුණු ප‍්‍රශ්න එකකටවත් අද වෙනතුරු පිළිතුරු ලැබිලා නෑ.

යුද්දෙට කලින් ආණ්ඩුව කිව්වා ජාතික ප‍්‍රශ්නයට විසඳුම් ලෙස විවිධ දේවල් ලබා දෙනවා කියලා. නමුත් ඒක රැවටිල්ලක් විතරයි. ඒ නිසා යුද්ධය අවසන් කිරීම කියන එක මර්දනයක් සහ රැවටිල්ලක් විතරයි.

• අද තියෙන දේශපාලන සමාජ වපසරිය ඇතුළේ ජාතික ප‍්‍රශ්නයට ගන්න පුළුවන් හොඳම විසඳුම මොන ආකාරයේ එකක් වෙන්න ඕනෙ කියලද ඔබ අදහස් කරන්නේ?

මම දකින විදිහට නම් දෙමළ මිනිස්සුන්ට සිංහල මිනිස්සු යටතේ ඉන්න බෑ. මම කලින් කිව්වා වගේ දැන් අවුරුදු 61ක් තිස්සේ දෙමළ ජනතාවගේ ජාතික අයිතීන්, භාෂා අයිතීන් සහ ප‍්‍රජාන්ත‍්‍ර‍්‍රීය අයිතීන් සියල්ල මර්දනය සිංහල ආණ්ඩු විසින් මර්දනය කරලා තියෙන්නේ. ඒ නිසා මීට තියෙන හොඳම විසඳුම එක්කෝ සිංහල මිනිස්සුන්ට තියෙන සියලූ අයිතිවාසිකම් දෙමළ මිනිස්සුන්ට දෙනවාය ඔවුන්ගේ අයිතිවාසිකම් මර්දනය කරන්න කවුරුහරි උත්සාහ දරනවා නම් ඒ සඳහා දරුණු දඬුවම් පමුණුවනවාය කියලා ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන්න ඕනෙ.

තවමත් මේ රටේ මනුෂ්‍යයකුට දෙමළෙන් වැඩක් කරගන්න බෑ. සිංහල මනුෂ්‍යයෙකුට රැස්වීමක් පවත්වන්න පුළුවන්කම තිබුණත් දෙමළ මනුෂ්‍යයකුට එහෙම දෙයක් කරන්න පුළුවන්කමක් නෑ. ඉතිං ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න අපිට බැරි නම් අපි ඒ මිනිස්සුන්ට වෙන්වෙලා වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනෙ. නමුත් මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් නිශ්චිත විසඳුමක් දෙන්න සැබෑ වුවමනාවක් තියෙනවා කියලා පේන්න නෑ. ඔවුන් කරන්නේ මේ රටේ සිංහල මිනිස්සුන්වයි දෙමළ මිනිස්සුන්වයි දෙගොල්ලම රවටන එක විතරයි.

• ජාතික ප‍්‍රශ්නය කියන එක මොහොතකට අමතක කරලා දකුණේ දේශපාලනය අද වන විට ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බැලූවොත්?

දකුණේ දේශපාලන තත්ත්වය කියන එක වුණත් උතුරේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් වෙනස් නෑ. දැන් දකුණේ තියෙන්නේත් උතුරේ තියෙන තත්ත්වයම තමයි. අද වන විට දකුණේ තියෙන්නේ යහපාලනයක් නෙමෙයි මැර පාලනයක්. මේ පාලනයට විරුද්ධව කිසියම් කෙනෙක් කතා කළහොත් සුදු වෑන්වලින් ඇවිත් පැහැර ගන්නවා. මීට විරුද්ධව ලිව්වොත් අතුරුදන් කරනවා. රටේ යහපාලනය කියන එක තියෙනවා නම් ආණ්ඩුවට එරෙහිව කතා කරන්න. ලියන්න රට තුළ අයිතිය තිබිය යුතුයි. ඒ නිසා අද වන විට රැස්වීමක් තියාගන්නත් බැරිවන තත්ත්වයක් ලංකාව තුළ උදාවෙලා තියෙන්නේ.

අඩුගානේ අද ප‍්‍රමාණවත් ආර්ථික වැඩපිළිවෙළක්වත් නෑනෙ. තැන්තැන්වල බිල්ඩිමක් හදවා පාරක් හදනවා වෙන්න පුළුවන්. ඒත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය එක බිංදු මාත‍්‍රයකින්වත් පහසු වෙලා තියෙනවාද? නෑනෙ.

මේ රටේ මනුෂ්‍යයකුට තමන් කරන රැකියාවකින් තම එදිනෙදා ආහාර වේල පිළිබඳ ප‍්‍රශ්නයක්වත් විසඳා ගන්න පුළුවන්කමක් නෑ. රටක ආර්ථිකයේ කිසියම් සංවර්ධනයක් වෙනවාද කියන එක සම්බන්ධ තිබිය යුතු නිශ්චිත සාක්‍ෂිය තමයි මිනිස්සුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් දියුණුවක් තියෙනවාද නැද්ද කියන එක. හම්බන්තොට වරායක් හදලා තියෙනවානෙ. මම මෑතක ගියා ඒක බලන්න වෙන ගමනක් යමින් ගමන්. එතැනදී මට කතා කරන්න වුණා එහි වැඩ කරන කිහිපදෙනෙක් එක්ක. ඒ මිනිස්සු කියන විදියට මේ වරාය නිසා අඩුගාණේ හම්බන්තොට මිනිස්සුන්ටවත් රැකියාවක් ලැබෙන්නේ නෑ. අනෙක් අතට මේ වරායට එක නැවක්වත් එන්නෙත් නෑ.

මහින්ද රාජපක්‍ෂ රජයේ මූලික ව්‍යාපෘතිය කියලා හැමවෙලේම කතා කරන් හම්බන්තොට වරායේ තත්ත්වය ඕක නම් මේ රජය ගෙනයන සමස්ත ආර්ථික වැඩපිළිවෙළ ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑනෙ.

• වත්මන් දේශපාලනය තුළ වාමාංශික පක්‍ෂවල සහ ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම ඔබ කොහොමද දකින්නේ?

මේ රටේ වත්මන් දේශපාලනය දිහා බලද්දී දකින්නට ලැබෙන ප‍්‍රධානතම ලක්‍ෂණය තමයි ඒ සම්බන්ධයෙන් මේ රටේ කම්කරු පන්තිය පැත්තෙන් කිසිම මැදිහත්වීමක් දක්නට නැතිකම, කම්කරු පන්තියේ පක්‍ෂ කියලා තිබුණු ඒවා, මේ වන විට රාජපක්‍ෂ ආණ්ඩුවට පැනලා ඉවරයි. අනෙක් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණ චන්ද්‍රිකාට බලයට එන්න උදව් කළා විතරක් නෙමෙයි, මහින්දට බලයට එන්නත් උදව් කළා. එහෙම උදව් කරලා දැන් එළියට ඇවිත් කෑගහනවා වෙන දෙයක් කියලා. එහෙම කළා කියලා ඔවුන්ට මේ දේවල්වලින් ගැලවෙන්න බෑ. මහින්ද රජය කරන හැම දෙයකටම ඔවුනුත් වගකියන්න ඕනෙ.

• නමුත් යළි පදිංචි කිරීම ඇතුළු දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් වැඩිපුරම කතා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ?

ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනයා සම්බන්ධයෙන් අද කටයුතු කරන ආකාරය තුළ තියෙන්නේ වෙන කිසිවක් නෙමෙයි වංචාව, ඔවුන් දැන් දෙමළ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා වගේ පෙන්වන්න පුළුවන්. නමුත් කිසියම් දවසක දෙමළ මිනිස්සු කිසියම් ස්වාධීන ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වුණොත් එදාට බලාගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ කොතැනද කියලා. එහෙම අවස්ථාවක් ආවොත් ඔවුන් මහින්ද රජයත් එක්ක එකතුවෙලා දෙමළ මිනිස්සුන්ට විරුද්ධව කටයුතු කරන එක කවදාවත් වළක්වන්න බෑ.

ජනතා විමුක්ති පෙරමුණ කල්පනා කරනවා දෙමළ මිනිස්සුන් පිළිබඳ කතා කළාම, ඔවුන් ගැන හඬා වැළපුණාම ඊළඟ ඡුන්දෙදි දෙමළ මිනිස්සු ඔවුන්ට ඡුන්දය ලබාදෙයි කියලා. ඒ නිසා මොවුන් කරන්නේ වංචාවක්. ඒ වුණත් ඒ වංචාව තුළ ජනතා විමුක්ති පෙරමුණ මුලාවෙලා ඉන්නේ. මොකද දෙමළ මිනිස්සුන්ට කිසියම් මතකයක් තියෙනවා නම් ඔවුන් ජනතා විමුක්ති පෙරමුණට කිසිම ඡුන්දයක් ලබාදෙන්නේ නෑ.

දෙමළ මිනිස්සු මරන්න උද්ඝෝෂණය කළ, ඔවුන් විනාශ කිරීමට අවශ්‍ය දෘෂ්ටිවාදයන් සැපයුව ප‍්‍රධානතම පක්‍ෂයනෙ ජනතා විමුක්ති පෙරමුණ. ඒ දිනවල මේ කාර්යභාරය කරගහගෙන කළේ විමල් වීරවංශ වගේ අය. ඉතින් අද ඔවුන් කරන මේ ක‍්‍රියා හුදෙක් මුලාවක් විතරයි. ඔවුන් දෘෂ්ටිවාදාත්මකව කිසිම වෙනසකට භාජනය වෙලා නෑ.

• සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් වර්තමාන රජය ගෙනයන ක‍්‍රියාපාටිපාටිය ඔබ කොහොමද තේරුම් ගන්නේ?

සරත් ෆොන්සේකා සම්බන්ධ ප‍්‍රශ්නය මට අනුව නම් එතරම් වැදගත් එකක් නෙමෙයි. මෙතන ඉන්නේ හොරු දෙගොල්ලක්. එකට හොරකම් කරලා මේ දෙගොල්ල දැන් ගහගන්නවා. සරත් ෆොන්සේකා කියන්නේ සැලකිල්ලක් දැක්විය යුතු සාධු ජනයෙක් නෙමෙයි. මේ රටේ දෙමළ තරුණයන් මර්දනය කරපු, ඔවුන්ව මරපු මනුෂ්‍යයෙක් තමයි ඔහුත්.

නමුත් වර්තමාන රජය නීති විරෝධී සරත් ෆොන්සේකාට හරි කාටහරි විරුද්ධව කටයුතු කරනවා නම් අපි ඒකට විරුද්ධ වෙන්න ඕනෙ. ඒ සරත් ෆොන්සේකා ගැන හිතල නෙමෙයි. මොකද ඒ වගේ නීති විරෝධී දඬුවම් ක‍්‍රමයම කවදාහරි අපට විරුද්ධවත් භාවිත වෙන්න පුළුවන් නිසා.

[රාවය| 2010.03]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Prof. Sucharitha Gamlath on Sri Lankan current political situation with Ravaya, Mahinda Rajapaksha, Janatha Wimukthi Peramuna, JVP
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
හුටා මෙහෙම කියනවා :
මහත්තය හරි. මේ මෝඩයො මහත්තයට බනිනව මිසක් දෙමළු පිළිගන්න විසඳුමක් කියන්නෙ නෑ. ජවිපෙ ඔනම වෙලාවක දෙමළ අයිතියට විරුද්ධ වෙන්ඩ ඉන්නෙ කියන එක හරි. ජවිපෙ කියන්නෙ අවස්ථාවාදී පිරිසක්. ඔක්කොම බලු වැඩ කරල කිඹුල් කඳුළු හෙළනව. මුන් ලංකාවට මාක්ස් වාදය වගේ වැදගත් දේවල් එපා කරවපු බලු රැළක්.

කිවුව වෙලාව- 2011-03-17 07:38:27
දේවක ජයසුරිය මෙහෙම කියනවා :
කාන්ති උඹ නම් මාර එල කෙල්ලෙක් . එකට ඉන්න බෑරිනම් අළුගොසුවොත් එක්ක වෙන්වෙනවා මිසක් වෙන කරන්න දෙයක් නෑහෑ. !

කිවුව වෙලාව- 2011-03-15 12:10:01
Ct Cool මෙහෙම කියනවා :
ප්‍රොපාට පිස්සු

කිවුව වෙලාව- 2011-03-10 01:04:56
basarow මෙහෙම කියනවා :
එලකිරි! කාන්ති

කිවුව වෙලාව- 2011-03-10 00:54:23
KGK-කේන්ති ගිය කාන්ති මෙහෙම කියනවා :
ලන්කාව තුල "තහනම් කිරීම" තහනම් කල යුතුයි.

කිවුව වෙලාව- 2011-03-09 23:47:06
සුජීව මෙහෙම කියනවා :
ශ්‍රි ලංකාව තුල බෙදුම් වාදය තහනම් කල යුතුයි.

කිවුව වෙලාව- 2011-03-09 22:36:22
පිස්සා මෙහෙම කියනවා :
අදහස් ප්‍රකාශනයේ නිදහස කියන්නේ ඕන කෙනෙකුට කැමැති ඕන දෙයක් ප්‍රකාශ කරන්න තියෙන නිදහසට නෙවෙයි. මේ වගේ මහාචාර්යවරු කරන්නේ මේ රටට අවැඩක්මයි. එල්ටීටීඊයට නැවත පණ දෙන්නයි හදන්නේ. බෙදුම්වාදය පෝෂණය කරන්නයි හදන්නේ. බෙදුම්වාදයට උඩගෙඩිදීමේ චෝදනාව මත මේ වැනි අය අත්අඩංගුවට ගත යුතුයි.

කිවුව වෙලාව- 2011-03-09 22:19:35
අදෘශ්‍ය මෙහෙම කියනවා :
@[tongue]

අනේ නෑ ඇත්තටමයි. තුට්ටු දෙකේ චෙක් එකක්. මේ වගේ කතා කියන අයට එකට හරියන්න ගෙවන්න එපැයි.


කිවුව වෙලාව- 2011-03-09 03:41:17
සුජීව මෙහෙම කියනවා :
@ජෙප්පනේ;

[[ඉතිං ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන්න අපිට බැරි නම් අපි ඒ මිනිස්සුන්ට වෙන්වෙලා වෙනම රාජ්‍යයක් පිහිටුවන්න ඔවුන්ට ඉඩ දෙන්න ඕනෙ]]

"මහාචාර්ය තුමා"ට කරන්න ඕනෙත් බෙදුම්වාදෙම තමයි. ඉතින් ඕකේ අතර මැද්දක ඉන්න උඹලව එතුමට වදයක්. මොකද පබ්ලික් ලයිබ්‍රියෙ චූටි කාමරය්ක් පුරෝ ගන්න කස්ටිය නැතුවට එතුමත් බලන් ඉන්නෙ එතුමගෙ විප්ලවෙ වෙනකම්. උඹල මෙතන වෙනින් විප්ලවයක් ගැන කියෝන කොට [විශෙෂයෙන් දෙමල බෙදුම් වාදයෙන් තොර] හරි කරදරයි නෙ ඒකයි.


කිවුව වෙලාව- 2011-03-08 23:36:03
සුජීව මෙහෙම කියනවා :
@ජනක;

[[ඔයා කතා කරන්නෙ මහ එකාගෙම වචන...]]

මහ එකත් කතා කරන්නෙ සිංහල වචන. මට ඒවා මග හැර කතා කරන්න බැහැ.


[[ජාතියකට අනන්යතාවක් තියනවා... දෙමල සින්හල කියල දෙවර්ගයක් මේ රටේ ඉන්නව. කල්චර් දෙකක්... පදනම් දෙකක්.. ජාතීන් 2ක්..]]

කල්චර් දෙකක්, ජන වර්ග දෙකක්. එච්චරයි ලොක්කා.

ලොකයෙ අනිකුත් රටවල ඉන්න සුලු ජන වර්ග පාලනය වන්නෙත් එක් පොදු ජාතියකින් [ශ්‍රී ලාංකීය වගෙ]. වෙන කොහෙවත් ජාතින් අනුව කෑලි කඩනවද?


කිවුව වෙලාව- 2011-03-08 23:27:44
Magodis මෙහෙම කියනවා :
@පිස්සා එහෙනම් අපි ප්‍රොපාව මුරිසි දිවයිනට පිටුවහල් කොරමු බන්.. එහෙදි බැරියැ විප්ලවෙ කොරන්ට

කිවුව වෙලාව- 2011-03-08 23:12:30
පිස්සා මෙහෙම කියනවා :
මහාචාර්ය තුමාට එල්ටීටීඊය සහ දෙමළ ජනතාව අතර ඇති වෙනස තේරුම් ගන්න බැරි බවයි මේ ලිපියෙන් පේන්නේ. මේ වගේ මීහරක් මේ රටේවත් තියාගන්න එක අනතුරුදායකයි.

කිවුව වෙලාව- 2011-03-08 22:56:07
janaka මෙහෙම කියනවා :
ශ්‍රී ලාංකිකයින්? ඔයා කතා කරන්නෙ මහ එකාගෙම වචන... ජාතියකට අනන්යතාවක් තියනවා... දෙමල සින්හල කියල දෙවර්ගයක් මේ රටේ ඉන්නව. කල්චර් දෙකක්... පදනම් දෙකක්.. ජාතීන් 2ක්...

කිවුව වෙලාව- 2011-03-08 20:52:22
Muditha Weeerasinghe මෙහෙම කියනවා :
sasiri says ..ඉතිං අන්න ඒ නිසයි ත්‍රස්තවාදයට එරෙහි සටනට ජවිපෙ එකග වුණේ.. නමුත් ද්‍රවිඩ ජාතිකත්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් පෙනී සිටියා......


ඔව් බඩත් සුද්දයි.... ලෙඩත් කපෝති... සපෝටර්ලත් කපෝති...


කිවුව වෙලාව- 2011-03-08 20:49:56
tongue මෙහෙම කියනවා :
@අදෘශ්‍ය
විහිලුවක් ද? දැන් අපි කිචි කවා ගන්ඩ ද?


කිවුව වෙලාව- 2011-03-08 20:30:56
අදෘශ්‍ය මෙහෙම කියනවා :
@ සැම දෙනාම වෙත ආදරයෙනි !

මහාචාර්ය තුමාට දෙන්න මගේ ළඟ check එකක් තියනවා. දන්නා කෙනෙක් ලිපිනය එවන්න


කිවුව වෙලාව- 2011-03-08 20:13:47
Indika Perera මෙහෙම කියනවා :
සසිරි නිකම් බෙගල් ගහන්න එප ජෙප්පො ගෑන , ජෙප්පො ජාතිවාඩියො. !

කිවුව වෙලාව- 2011-03-08 12:24:09
sasiri මෙහෙම කියනවා :
මහාචාර්යතුමා තවමත් ජනතා විමුක්ති පෙරමුණ ගැන වැරදි වැටහීමක ඉන්නවා කියලයි මට හිතෙන්නේ...ජනතා විමුක්ති පෙරමුණ ජාතික ගැටළුව දෙස බලපු දෘෂ්ටි‍කෝණය නිවැරදිව තේරුම් අරං නැහැ වගේ.. ජවිපෙ කවදාවත් දෙමළ භාෂාව කතා කරන මිනිසුන්ට විරුද්ධව ක්‍රියා කළේ නැහැ.....හැබැයි ප්‍රභාකරන්ට විරුද්ධවත් ඔහුගේ බෙදුම්වාදයටත් විරුද්ධව කතා කලා ක්‍රියා කලා තමයි...ජවිපෙ හැමදාම හිටියේ බෙදුම්වාදයට විරුද්ධව..නමුත් දෙමළ ජනතා‍වගේඅයිතීන් ගැන කතා කළා.. ‍දෙමළ ජනතාවගේ සමානාත්මතාවය වෙනුවෙන් කළ යුතුව තිබූ සැබෑ අරගලය ප්‍රභාකරන් කියන අවස්ථාවාදියා විසින් බෙදුම්වාදී ම්ලේච්ඡ සන්නද්ධ ව්‍යාපාරයකට ලඝු කලා. අන්න එයට විරුද්ධවයි ජවිපෙ කටයුතු කළේ.. දෙමළ ජනතාවට ඔහුගේ ‍වැරදි අරගලයත්සමඟ එකතු වෙන්න සිදු වුණේ දීර්ඝ කාලයක් ති‍ස්සේ අපේ රට පාලනය කළ පාලකයන් ඔවුන්ට අසමානව සළකා ඔවුන්ට පීඩනයට ලක් කල නිසයි.. ජවිපෙ ආරම්භයේදී පටන්ම මෙන්න මේ දෙමළ භාෂාව කතා කරන ජනතාවට කරන අසාධාරණයට විරුද්ධව කතා කලා. කටයුතු කලා. ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම ගැන කතා ජනතා විමුක්ති පෙරමුණයි. ඒ නිසා මම දකින විදිහට දෙමළ කතා කරන ජනතාව ගැන කතා කරන්න අයිතියක් තියෙන එකම පක්ෂය එකම ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි කියායි.ප්‍රභාකරන් ඇත්‍රළු ත්‍රස්තවාදීන් සාමාන්‍ය දෙමළ කතා කරන ජනතාව පවා පීඩනයට ලක්කරමිනුයි බෙදුම්වාදී සන්නද්ධ ත්‍රස්තවාදය පතුරවමින් සිටියේ.. එහිදී අහිංසක ද්‍රවිඩ ජාතිකත්වය පමණක් නොව අනෙකුත් ජාතිකත්වයන්ද බරපතල පීඩනයකට ලක්වුනා.. ඉතිං අන්න ඒ නිසයි ත්‍රස්තවාදයට එරෙහි සටනට ජවිපෙ එකග වුණේ.. නමුත් ද්‍රවිඩ ජාතිකත්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හැමදාමත් පෙනී සිටියා..ඒ වගේම හැමදාමත් බෙදුම්වාදයටඅවිවාදයෙන්ම විරුද්ධයි... එකම රටක ජාතික ගැටළුවට විසදුම මොකක්ද කියාල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරලා තියෙනවා.
විජේවීර සහෝදරයා ''ලංකාවේ ජාතික ගැටළුව සහ නිර්ධන පංතියේ විසඳුම''
නමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවේ කතා කරන ලද්දේ 1983 තරම් ඈත වකවානුවක.එය 1986 දී ''දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?'' යනුවෙන් පොතක් වශයෙන් එළි දක්වන ලදී.
සිංහල දෙමළ මු...ස්ලිම් ජාතිවාදයට විනාශය..ජනතාවට සමානාත්මතාවය...!


කිවුව වෙලාව- 2011-03-08 11:05:19
සුජීව මෙහෙම කියනවා :
අනේ මුට මෝල්. සුචරිත ගම්ලත් ගෙන් අහල වැඩක් ඇද්ද ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම. ඒක වෙනම රාජ්‍යයක් කියලා මේ හෝතඹුවා කී පාරක් නම් කියල ඇද්ද?

දෙමල මිනිසුන් පාලනය කලේ සිංහලයින් නොවේ ශ්‍රී ලාංකිකයින්. අතීතයේ අඩු පාඩු වුනා. ඒත් මෙය විය යුත්තේ ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින් පාලනය කිරීම මිස ජාති ආගම කුල බේද මත කෑලි කඩන එක නොවේ.

මහා ලොකුවට මොලේ තිබ්බට ගෝත්‍රික චින්තනයෙන් මිදෙන්න මේ බක පණ්ඩිතයට බැහැ. ගෝත්‍රික නොවන ශ්‍රී ලාංකිකත්වය ඔහුට පේන්නේ නැහැ. පේන්නේ ම දෙමල සිංහල වගේ ගෝත්‍රික ජන බෙදුම් විතරයි.

මේ ගොන් තඩියා කියන විදිහට, යුද්ධේ කරලා කොටි ඉවර කරලා, ඊට පස්සේ සාකච්චා වට ගානක් ගිහින් නෙගොශියේට් කරලා දෙන්න කියන්නේ අර කොටි ඉල්ලපු එකමනේ. අපරාදේ නේද පෙට්‍රල් එහෙනම්.


කිවුව වෙලාව- 2011-03-08 05:58:12
billy මෙහෙම කියනවා :
shows how out dated and irrelevant the thinking of these old fools...for them the solution for the so called singhala domination is to give tamils their own area to act like singhalese...

කිවුව වෙලාව- 2011-03-08 05:29:57
SM මෙහෙම කියනවා :
දෙමළ මිනිසුන් සිංහල මිනිසුන්ට යටත් වෙලා ජීවත් වෙන්න කැමැති නැති බව ඇත්ත. දෙමළ මිනිසුන් විතරක් නොවෙයි, කිසිම කෙනෙක් තවත් කෙනෙක්ට යටත් වෙලා ඉන්න කැමැති නෑ. එහෙත් අපේ රටේ ජනවාර්ගික ව්යායප්තියේ ස්වභාවය අනුව බලන කොට දෙමළ මිනිසුන්ට සිංහල මිනිසුන්ගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නත් බැහැ. ජනවර්ගය අනුව මේ රටේ කෑලි වෙන් කරන්න බැහැ. හැම තැනකම ජනවර්ග මිශ්රනවෙලයි ජීවත් වෙන්නේ. එහි ප්ර මාණාත්මක අඩු වැඩි වීමක් පමණයි තියෙන්නෙ. මේ නිසා ජනවර්ග වෙන් කරල රටේ සාමයක් ගැන හිතන්න බැහැ. ඒක තවත් ලොකු විනාශයකට මුල වෙන්නත් පුළුවන්.
දෙමළ ජනතාවට බලපාන විශේෂ ප්රුශ්නයක් ලෙස ‍මෙහි දැක්වෙන්නේ භාෂාවයි. ඒක ඇත්ත. ඒත් භාෂාව හේතුවක් කරගෙන දෙමළ ජනතාවට රටෙන් වෙනම කෑල්ලක් දෙන්න හැදුවොත් දෙමළ භාෂාවම කතා කරන මේ රටේ මුස්ලිම් ජනතාවට මොකද වෙන්නේ?


කිවුව වෙලාව- 2011-03-08 04:23:26
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
Simone de Beauvoir කියයි.
"පිරිමියා" යන්නෙන් නිරතුරුවම "මනුෂ්‍යයෙකු" යන්න අරුත් ගන්වනු ලැබේ. "ගැහැණිය" යන්නෙන් අරුත් ගැන්වෙන්නේ "ස්ත්‍රී" බවයි. කිසියම් මොහොතක "ගැහැණිය", "මනුෂ්‍යයෙකු" ලෙස හැසිරෙන්නේ ද එවිට, ඇය "පිරිමියා" අනුකරණය... [More]
What's New | අලුතෙන්ම
කවි| පියාපත්

8-Secs

(ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
මේ අපි කවුරුත්
නොගැලවී ඉන්න වෙර දරනවා

බත්කූරු යාළුවේ!
ගමනමයි ගැලවුම... [More]
රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

7-Mins

(සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

16-Secs

(විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
'සැලී' උයනෙහි කෙළවර
හිමකුමරියකගේ පා නඟා ඈ
ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
තුරු මත කොළ වැවෙන විලසට
සෙමෙන් ආලය විඳින ලෙස... [More]
කවි| (ඔබ හිනැහෙන විට)

5-Secs

(මහගම සේකර) ඔබ හිනැහෙන විට
මුලු ලොව
ඔබ සමඟින් සිනා සෙයි

ඔබ වැලපෙන විට
මුලු ලොව... [More]
කරන්ට්ස්| ඈත සහ මෑත

23-Secs

(අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
-පුවතක්


ඈත, කුහුලින් සවල් ගහනා
මැදිවියේ නෙතු බහුලය
මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

13-Mins

(එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

33-Secs

"හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
BoondiLets| අඳුර පලාගියේය!
තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

"කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
කවි| සියයට විස්සයි, සතුට අනුලට!

38-Secs

(තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

3-Mins

(තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

44-Secs

(ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

6-Mins

(නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

27-Secs

පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

හඬ- නයෝමී... [More]
වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

4-Mins

(සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
(දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook