VIVA CHE! [5 කොටස] "අප මේ සටන දැනටමත් දිනා තිබේ!" | BOONDI.LK
Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Viva Che
VIVA CHE! [5 කොටස] "අප මේ සටන දැනටමත් දිනා තිබේ!"
Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
4 කොටසට මෙතනින් යන්න.
පරිවර්තනය-
Koombiya | කූඹියා
බූන්දි, 02:52:30
1956 නොවැම්බර් 25 වන දා, 83 දෙනෙකු පටවා ගත් කුඩා "ග්‍රැන්මා" නැව කියුබාව බලා පිටත් විය. ඔවුන්ගේ අරමුණ වූයේ මිලිටරි ඒකාධිපති බැටිස්ටා (Fulgenciao Batista) ගෙන් කියුබාව බේරා ගැනීමයි. ගමන අතරවාරයේදී නැවේ සිටි සියළු දෙනාම පාහේ මුහුදු-මතින් (Sea-Sickness) පීඩාවට පත් වූ අතර අති දුෂ්කර ගමනකින් පසු කියුබානු වෙරළේ බෙලික් නැමති ස්ථානයකට ගොඩ බටහ. සියෙරා මෙස්ට්‍රා කඳුකරයට පිවිසීම ඔවුන්ගේ අරමුණ විය. එහිදී ඔවුන් කඳවුරු ලා ගත් Alegria de pio යන ස්ථානය උක් වගාවක් ආශ්‍රිත වගුරු බිමක් විය.

මේජර් ෆවුස්ටිනෝ පෙරේස් [MAJOR FAUSTINO PEREZ] මෙසේ කියයි:

Alegria de pioවේ අත්දැකීම ගැන සඳන් කරනවා නම්, මගේ මතකයට එන පළමු දේ තමයි ග්‍රැන්මාවේ පැමිණි වෛද්‍යවරයා; චේ. ඇදුම රෝගයේ ග්‍රහණයෙන් පීඩා ලබමින් සිටියදීත් චේ කිසිම විටෙක පසු බැස්සේ නෑ. ඒ ගැන එක වචනයකින්වත් වද වුනේ නෑ. අපි Alegria de pioවේ විවේක ගනිමින් සිටියදී පවා.... ඒ වෙලාවෙ අපි.. කොටින්ම හොඳටම සෞඛ්‍යමත් අය පවා අධික තෙහෙට්ටුවෙන් ඉන්න වෙලාවෙ... චේ මුළු දවසම යෙදෙවුවෙ අපේ භටයන් සුවපත් කරන්න.... ඔහුගේ කකුල් කැපිලා තුවාල වෙලා ලේ ගලමින් තිබුණා....

මේ වන විටත් බැටිස්ටාගේ හමුදා, ෆිදෙල් සහ ඔහුගේ කණ්ඩායම නිරීක්ෂණය කොට තිබූ අතර පහර දීමකට සැරසෙමින් සිටියහ.

චේ [CHE] මෙසේ කියයි:

එදින සවස හතරට පමණ කිසිදු පූර්ව නිරීක්ෂණයකින් තොරව, අපේ පුදුමයට හේතු වෙමින් අපට වෙඩි හඬ ඇහුනා... අපේ හිස් උඩින් වෙඩි පියාඹා ගියා. මිනිසුන් කෑ ගහමින් දුවන්නට වුනා. තුවාල වූ අය උදවු ඉල්ලලා කෑ ගැහුවා... සමහරු හැංගෙන්න හැදුවා. අපේ නායකයන් සමග කිසිම සම්බන්ධකමක් ගොඩ නගා ගන්න බැරි විදිහට විසිරීමෙන් අපි සම්පූර්ණයෙන්ම පාහේ අවුල් වුනා. අසරණ වුනා. කිසිවක් හිතා ගන්නට බැරුව ගියා ඔවුන්ගේ හදිසි ප්‍රහාරයෙන්... එක් සගයෙක් මාව තල්ලු කළා මතකයි... එතකොටයි මම නැගිටලා ඇවිදින්න ගත්තේ... ඒ මුළු කාලයම අප් උන්නෙ මරණයට ළං වෙලා....


Fulgenciao Batista

ෆිදෙල් සමග පැමිණි 82ක පමණ කණ්ඩායමෙන් මෙකී ප්‍රහාරයෙන් පසු දිවි ගලවා ගත්තේ 15 දෙනෙකු පමණි. ඔවුන් ද විසිරුණු කණ්ඩායම් ලෙස අතරමංව උක් වගා බිමේ වල්මත්ව සිටියහ. කණ්ඩායමේ සියල්ලෝ නැවත ෆිදෙල් සමග එක් වූයේ දින නවයකට පසුවය. එහිදී ෆිදෙල් කණ්ඩායම අමතා කෙටි කතාවක් පැවැත්වූවා.

"අප මේ සටන දැනටමත් දිනා තිබේ!"


චේ [CHE] මෙසේ කියයි:

මෙතරම් කුඩා කණ්ඩායමක්, තවමත් එකිනෙකා එතරම්ම හොඳින් නොහඳුනන කණ්ඩායමක් ජයග්‍රහණයක් ගැන කතා කිරීම.....? පුදුමයක්! නමුත් ෆිදෙල් යනු, ජනතාව කෙරෙහි ඉමහත් විශ්වාසයක් තැබූවෙකු, නායකත්වයෙහි ලා අසාමාන්‍ය ශක්‍යතා ප්‍රදර්ශනය කළ අයෙක්.... ගස් යට හිඳිමින් ගෙවූ එම රාත්‍රීන් මුළුල්ලේ අප අපේ අනාගත ක්‍රියාකරකම් ද ජයග්‍රහණය ද සැලසුම් කළා. දිනෙන් දින ගත වෙද්දී අලුත් සාමාජිකයන් කණ්ඩායමට එකතු වුනා. අප හා මුලින්ම එක්වුනේ ගැමියෝ....

ෆිදෙල් කස්ත්‍රෝ [FIDEL CASTRO] මෙසේ කියයි:

ඉන්පසු, අපේ පළමු ජයග්‍රහණය එළැඹුනා. චේ මේ වනවිටත් සෙබළෙක්ව සිටියා.... ඒ අපේ වෛද්‍යවරයා හැටියට කටයුතු කරන ගමන්ම...


Camilo Cienfuegos

චේ [CHE] මෙසේ කියයි:

අපේ කුඩා භට පිරිස සතුව රයිෆල 22ක් තිබුණා. අප 1957 ජනවාරි 17 වන දා La Plata හි පහර දීමක් කළා. එනම් අපේ ගොඩ බැසීමෙන් දින 45ක ට පසු... අපි හමුදා මුරපොළක් අල්ලා ගත්තා. එහි වූ භටයන් 12-15ත් අතර ගණනක් පැයක පමණ සටනකින් පසු අපට යටත් වුනා. මෙයින් තවත් රයිෆල 12ක් පමණ අප සතු වුනා.

ෆිදෙල් කස්ත්‍රෝ [FIDEL CASTRO] මෙසේ කියයි:

අපි El Uveroවේ දී අපේ දෙවන ජයග්‍රහණය ලබන විට චේ සෙබළෙකු පමණක් නොව, ඒ සටනේ ඉතාම කැපී පෙනෙන්නා බවට පත්ව සිටියා. ඔහු මේ විශ්මිත වික්‍රමය දැක්වූයන් දැක්වූවේ සිය ජීවිතයේ පළමුවරට- එහෙත් ඔහුටම ආවේණික වුවිශේෂී බවකින් යුක්තවයි.



චේ [CHE] මෙසේ කියයි:

දරුණුම සටන වුනේ El Uvero වල ඇති වුන සටන. එයට මිනිසුන් 120-140 ක් විතර සහභාගි වුනා. කණ්ඩායමෙන් සියයට තිහක් විතර එක්කෝ මියගියා නැත්නම් තුවාල වෙලා සටන් බිමෙන් ඉවත් වුනා. මේ සටනේ දේශපාලනික ප්‍රතිඵලය විශිෂ්ට එකක් වුනා. හේතුව ඒක කෙරුනෙ ග්‍රැන්මා ආක්‍රමණයෙන් පසුව එළඹුන මාධ්‍ය වාරණයක් නොතිබුණු ඉතාම සීමිත වාර ගණනෙන් එකකදි නිසා... සමස්ත කියුබාවටම El Uvero සිදුවීම ගැන කතා කරන්නට සිද්ධ වුනා.

ෆිදෙල් කස්ත්‍රෝ [FIDEL CASTRO] මෙසේ කියයි:



මෙ අවස්ථාවේදී, චේ සටන්කරුවෙක් ලෙස පමණක් නොවෙයි වෛද්‍යවරයෙක් විදිහටත් කැපී පෙනුනා. චේ තුවාල ලැබුව සගයන්ට විතරක් නෙමෙයි සතුරු සෙබළුන්ටත් ප්‍රතිකාර කළා. අලුත් සතුරු කණ්ඩායම් පැමිණ අපට El Uvero හැර යාමට සිදු වුනහම, තුවාල වූ අය එක්ක කෙනෙක් රඳවලා යන්න අපට සිද්ධ වුනා. එතනදි නැවතුනේ චේ... චේට සහාය වෙන්න කුඩා භට පිරිසක් පමණක් රැඳෙවුව්වා. ඔහු එහි සැඟවී සිට තුවාලකරුවන් බලා ගත්තා. ඔවුන්ගේ ජීවිත ගලවා ගත්තා. පසුව ඒ සුව වූ කණ්ඩායම සමග පැමිණ නැවත අපේ භට පිරිස් එක්ක එකතු වුනා.



චේ [CHE] මෙසේ කියයි:

ගරිල්ලා යුද්ධයක ස්ථීර පදිංචියක් නැතිව ගෙවෙන මුල් යුගයේදී, ගරිල්ලා වෛද්‍යවරයා අන් ගරිල්ලාවන් සමග සෑම තැනකම යා යුතුයි; වෛද්‍ය වෘත්තියට අමතරව ගරිල්ලාවෙකු සතු අනෙකුත් යුතුකම් සහ වගකීම් ද ඉටු කළ යුතුයි... සටන් කිරීමත් ඇතුළත්ව... ඉතා වෙහෙසකර සහ අනතුරුදායක කර්තව්‍යයන් ඔහුට පැවරෙන අතර තුවාල කරුවන්, රෝගීන් බලා ගැනීම සහ සුවපත් කිරීම.... ඇතැම් විට මිනිස් ජීවිතයක් ගලවා ගත හැකි කිසිදු ඖෂධයක් නොමැති විටදී පවා.... ඔහුගේ වගකීම.... මේ කාලච්ඡේදය තුළ, වෛද්‍යවරයාට අනෙක් ගරිල්ලාවන්ගේ චිත්ත ධෛර්යය කෙරෙහි කළ හැකි බලපෑම අති විශාලය.



වේදනාවෙන් මිරිකී ගිය මිනිසෙකුට, කුඩා වේදනා නාශක ඇස්ප්‍රින් පෙත්තක් පවා ප්‍රතිඵල දෙනවා.... තමන්ගේ වේදනාව ගැන හැඟීමක් ඇති සගයෙකු විසින් දෙන්නේ නම්.... මේ මුළු කාල සීමාව පුරාවටම වෛද්‍යවරයා විප්ලවයේ අරමුණු හා පරමාදර්ශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධව සිටිය යුතුයි; මන්ද අන් කවරෙකුගේ වචන වලටත් වැඩියෙන් ඔහුගේ වචන සටන් කරුවන් දිරි ගන්වන බැවින්.

[මතු සම්බන්ධයි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ernesto Che Guevara, Fidel Castro, Cuban Revolution, Granma, MajorFaustino Perez
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
මන්ඩු මෙහෙම කියනවා :
වටිනව මේක මාරම වටිනව,
තව මේ වගේ ලියන්න යාලුව.


කිවුව වෙලාව- 2011-03-14 09:17:43
මී හරකා මෙහෙම කියනවා :
මගෙ බ්ලොග් එකෙත් චේ ගැනයි පිදෙල් ගැනයි ලියපු ලිපි දෙකක් තියනවා . හැබැයි මෙච්චර සාර්ථක නෑ

කිවුව වෙලාව- 2011-03-14 05:05:14
මී හරකා මෙහෙම කියනවා :
මේ පට්ට ලිපිය මම අතාරින්නෙම නැතිව බලනවා. අපේ එවුං ඉන්නවි නෙට් එකට යන්න විදිහක් නැතිවයි ඒක දන්නෙ නැතිවයි. උන්ට මම මේක මුද්‍රණය කරලාත් දෙනවා කියවන්න. පුළුවන්නම් මේ කතාව පොතක් විදියට ගහලා දෙමු ඉදිරියෙදි.

කිවුව වෙලාව- 2011-03-14 05:04:04
විශ්ව මෙහෙම කියනවා :
චේ,විරයෙක් වෙනෙ මන්දයත් ඔහුගේ ක්‍රියාමාර්ග තුලින්මා එය පෙන්නුම්කර ඇතිනිසා. කාඩ්බොඩ් නායකයන්ගෙන් නියම මානවදයාවෙන් පිරිනායකයන් හදුනාගනට චේම ඇති.

කිවුව වෙලාව- 2011-03-14 04:25:31
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Viva Che
VIVA CHE! [6 කොටස] "නෑ ඔබට කොමියුනිස්ට්වාදියෙක් විය නොහැකියි...! ඔබ තරම් හොඳ මිනිසෙකුට...!"
VIVA CHE! [4 කොටස] "විප්ලවාදී වෛද්‍යවරයෙකු වීමට- ඔබට විප්ලවයක් අවශ්‍යයි!"
VIVA CHE! [3 කොටස] "එක වෙඩිල්ලක්වත් නොතියා විප්ලවයක් කරන්න? පිස්සු හැදී ගෙන එනවාද?"
VIVA CHE! [2 කොටස] ඉතිහාසය වෙනස් කළ සයිකල් සවාරිය
VIVA CHE! [1 කොටස] මිනිසෙක් මිය යා යුත්තේ කුමක් වෙනුවෙන් ද?
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
පරිවර්තන| කියන්නද මා නුඹට, නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?

52-Secs

(විලියම් ශේක්ස්පියර් | මහේෂි බී. වීරකෝන්) කියන්නද මා නුඹට...,
නුඹ සොඳුරුයැයි ගිම්හානයේ දිනක් තරමටම?
එනමුත් නුඹ ඊටත් වඩා වැඩියෙන් මුදුයි, සුන්දරයි මට.
රළු පවන් වෙසක් මස සිඟිති මල් පෙළන කල,
සිසිර කල දහවලත් බොහෝ දිගු කරන විට,
දෙව්ලොවේ ඇස අරා සැඩ රැසින් ලොව පෙළයි.... [More]
කවි| තුරු වන්දනය

51-Secs

(ලාල් හෑගොඩ) මහා අරණ තුල දෑස අබියස
මේ දැන් පහළවුවාසේ පෙනෙන දසුනෙන්
කිවි තෙමේ වික්ෂිප්ත විය.

ළා හරිත චත්‍රයක් වන් උඩුවියන තුළ
විසිරුණු ආලෝකයෙන්... [More]
කතන්දර| සෙන්ටෙනියල් දෝණි

4-Mins

(සරද සමරසිංහ) දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව.... [More]
පොත්| යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා

4-Mins

(කේ.ඩී. දර්ශන) ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක්... [More]
කවි| සිනාසෙන ඔබෙ මූණ

36-Secs

(ලක්ශාන්ත අතුකෝරල) සිනාසෙන ඔබෙ මූණ
බොහෝ කලකින් මා ගමට ආ
මේ අහඹු කාලකණ්ණිදා
පටු මගෙහි පවුරු මත
පොල් ගසෙක - කඩ පිළෙක
සිනාසී එබීගෙන ඔඛෙ මූණ... [More]
කතා-බස්| ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න

2-Mins

(කසුන් සමරතුංග) 'හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න' නම් වූ ස්වකීය කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ කතෘ සටහන වෙනුවෙන් එහි කතුවර මො.ල. සෙනෙවිරත්න මෙසේ ලියයි.

"ලබා... [More]
වෙසෙස්| ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය

18-Mins

(සමන් එම්. කාරියකරවන) එච්. ආර්. ජෝතිපාල යනු ලංකාවේ එදා මෙදා තුර අනභියෝගී ව රැඳී සිටින ජනප්‍රිය ම ගායකයා වේ. ඔහුගේ මරණය සිදුවූයේ 1987... [More]
ඔත්තු| කැටිපෙගෙන් 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' - ජුලි 24

16-Secs

විමල් කැටිපෙආරච්චි විසින් රචිත පළමු කාව්‍ය සංග්‍රහය 'හමුවෙන්න තවම හැකි කොම්රේඩ්' 2018 ජූලි 24 දා... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook