Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
ඉසබෙල් අයියන්දේ සමග සංවාද| මනඃකල්පිතය සහ පරිකල්පනය අතර වෙනස
ඉසබෙල් අයියන්දේ [Isabel Allende (1942-)] විවිධ රටවල අසීමිත පාඨකයින් පිරිසක් සිටින, අද ලෝකයේ වඩාත් කතා බහට ලක් වන ලේඛිකාවකි. හිටපු චිලියන් ජනපති සැල්වදෝර් අයියන්දේ ගේ ඥාති දියණියක වන ඇගේ දායකත්වය අධ්‍යාපනික පොත්පත් වලට සඟරා වලට මෙන් ම ලෝ ප්‍රකට ඔපෙරා පොත් සමාජයේ සාකච්ඡා සඳහා ද ලබා දී ඇත.

ඉතිහාසය හා මිථ්‍යාව ආඛ්‍යානගත කරමින් සිය මංගල ග්‍රන්ථය වන The House of the Spirits (1982) කෘතියෙන් සාහිත්‍යකරණයට පිවිසෙන අයියන්දේ 1999 දී කැලිෆෝනියානු රන් උමතුව හා බැඳුණු චිලියන් තරුණියකගේ ත්‍රාසජනක චාරිකාව ගැන කියවෙන Daughter of Fortune ද 2000 දී එහි අනු ප්‍රබන්ධය සේ සැළකෙන Portrait in Sepia ද ලියමින් ශාස්ත්‍රඥයින්ගේ අවධානය ද ජනතාවගේ ආදරය ද දින ගැනීමට සමත් වූවාය. ගීතවත් හාස්‍යයෙන් ද මනාව උපදවන කුතුහලයෙන් ද සාමාජයීය දැක්මෙන් ද තම පෞද්ගලික මතකයන් මෙන්ම ඓතිහාසික මිථ්‍යාවන් ද-

සිය නව කතාවන් තුළින් යළි ගොඩ නැගීමට ද දුලවීමට ද ඈ ප්‍රයත්න දරන්නී ය. ඈ සතු සියල්ල දරා ගැනීමේ පුද්ගල හා සංස්කෘතික ශක්‍යතාව, සහයෝගීතාව විශ්වාසය සහ කරුණාව තුළින් දිනා ගත හැකි විමුක්තියේ පොරොන්දුවක් දරා සිටියි.

ඉසබෙල් අයියන්දේ 1999 ජුලි 15 වන දින කැලිෆෝනියාවේ ස්ටෑන්ෆර්ඩ් හි බොජුන් හලක දී ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුවාය. මෙහි උපුටා දක්වන්නේ (1920 පශ්චාත් ප්‍රකාශනවාදී චිත්‍ර හැඳින්වීම සඳහා ජර්මන් විචාරක ෆ්‍රාන්ස් රෝ යොදාගත් සංකල්පයකින් ඇරඹි) මායා යථාර්ථවාදය (Magical Realism) සම්බන්ධව එදා ඇය දැක්වූ අදහස් වලින් කොටසකි. අධියථාර්ථවාදී (Surrealism) මානයන් රැගත් සාහිත්‍ය නිර්මාණ විග්‍රහයේ දී වෙනිසියුලානු ලේඛක ආතුරෝ උස්ලර් පියෙට්‍රි (Arturo Uslar Pietri- 1948) විසින් මෙම සංකල්පය ඉස්මතු කෙරුණි. මායා යථාර්ථවාදී සංකල්පය සමකාලීන ලතින් අමෙරිකානු සාහිත්‍යය තුළ බහුලව ව්‍යවහාර වෙද් දී එහි විචල්‍යමය පහළවීම නිසා ම අනවශ්‍ය අවධානයක් හිමි කරගත් දෙයක් ලෙස සළකා විචාරකයින් අතින් ගිලිහී ගිය ද කලාකරුවෝ එය පැහැදිළි වර්ගීකරණයකට අයත් දෙයක් ලෙස සලකති.



අයියන්දේ ගේ කෘතින්වල මායා යථාර්ථවාදී ලක්ෂණයන් අඩංගු වන බැව් කියවුන ද ලේඛිකාවට අනුව නම් ඒවා යථාර්ථය උත්කෘෂ්ටත්වයට නංවන පරිකල්පනයේ ම අංගයන් මිස වෙන යමක් නොවේ. උත්සවාකාරී අතිශයෝක්තිමත් අධියථාර්ථවාදී සංසිද්ධින්, ස්වභාවිකව හට ගන්නා අද්භූත ‍දේවල්, දුර ඇති දේවල් මානසික බලයෙන් චලනය කළ හැකි අත්තම්මා කෙනෙක්, ශාපලත් හැකිළුණු පීතෘ මුලිකයෙක් මෙන් ම අද්භූත බලවේග විසින් කරන විවධ සන්නිවේදන - කතුවරියට අනුව යථාර්ථයන් වන මේවායින් පිරි ඇගේ The House of the Spirits නව කතාව මේ ලක්ෂණය වඩාත් ප්‍රකට කරන ග්‍රන්ථය ලෙස සැලකෙයි.

මායා යථාර්ථවාදය යනු තම කෘතින් තුළ සීමාසහිත ලෙස දැකිය හැකි දෙයක් ලෙස පමණක් විස්තර කරන අයියන්දේ ඒ අතරම පුළුල් අර්ථයෙන් ද එම සංකල්පය පිළිබඳව මේ සංවාදය තුළ සාකච්ඡා කරයි.

කැරොල් වීලන් : ලතින් අමෙරිකානු ලේඛකයාට නිරන්තරයෙන් ම සාමාජයීය- දේශපාලනික න්‍යාය පත්‍රයක් තිබෙනවා. මෙයට පටහැණිව මධ්‍යස්ථ දේශපාලනික යථාර්ථයන්, සාහිත්‍යයේ ඊනියා ප්‍රබෝධමත් සහ පශ්චාත් ප්‍රබෝධමත් යුගයන්හි දී හාස්‍යජනක මායාවන් සමග එනම් ඇතැම් විචාරකයන් හඳුන්වන පරිදි මායා යථාර්ථවාදය සමග එකට පෙනී සිටිනවා. ඔබ කොහොමද මේ විසංවාදී එකතුව විග්‍රහ කරන්නේ?



අයියන්දේ : මම හිතන්නේ ප්‍රබන්ධකරණය සහ මාධ්‍යකරණය අතර බරපතල වෙනසක් තියෙනවා. ඒවාට තියෙන්නේ එකිනෙකට වෙනස් වූ හර පද්ධතීන් සහ සීමාකම්. හොඳ සාහිත්‍යයයේ දී ලේඛකයාගේ ඇසින් යථාර්ථයේ අංගයන් සමෝධානය කර ගන්නවා. ප්‍රබන්ධ රචකයා කියන්නේ හුදු කරුණු දක්වන්නෙක් නෙවෙයි. ඔහු හෝ ඇය එම කරුණු වලින් එහාට ගිහින් ඒවායෙන් ඇති කරන බලපෑමයි විග්‍රහ කරන්නේ. මාධ්‍යවේදිනියකව සිටියදී මගේ ප්‍රශ්නය වුනේ "මොකද වුනේ?", ‍"මොකද වුනේ?" කියන එකයි. ඒත් අද නවකථාකාරියක් විදිහට මගේ ප්‍රශ්නය වෙන්නේ "ඇයි එහෙම වුනේ?" කියන එක. ඒ "ඇයි?" කියන ප්‍රශ්නය තුළ තමයි කතන්දරය හෙවත් නවකථාව තියෙන්නේ. මේ පරිකල්පනීය අංගයන්ගෙන් තොරව විස්තර කළා නම් ලතින් අමෙරිකානු ඉතිහාසයේ සහ දේශපාලනයේ ක්‍රෑර බව සහ එහි සැබෑ තත්ත්වය එළිදරව් නොවන බවයි මගේ නම් අදහස. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් "අතුරුදහන්වූවන්" (රජය විසින් අතුරුදන් කොට වධ දුන් පිරිස්) ගැන කියන්න. ඊළඟට පුළුවන් ඔවුන් කරපු දේවල් දිහා බලලා පොතක් ලියන්න.

මම හිතන්නේ එවැනි හුදු ‘වාර්තාකරණයක්’ සැබටෝ නැත්නම් ගාර්ෂියා මාකේස් ලියන අකාරය එක්ක සසඳද්දි - උදාහරණයක් විදිහට "අතුරුදන්වූවන්ව" මේ දැන් මෙතන තියෙන - තව ටිකකින් නැතිව යන පාතාල ලෝකයේ සත්ත්වයින්ව වට කරගෙන පෘථිවිය වටේ එහෙ මෙහෙ යන්න පුළුවන් ආත්මයන් සහ අද්භූත හැකියාවන් සහිත අය බවට පත් කරලා දේවල් විස්තර කරන අපූරු විදිහ එක්ක සසඳද්දි වාර්තාකරණයට කාලානුරූපව ඇති කළ හැකි බලපෑම ඉතාම අවමයි. එහෙම බලද්දි සිදුවූ දෙය ඉදිරිපත් කරන්න මාධ්‍යකරණයට වඩා සුවිශේෂි හැකියාවක් සාහිත්‍යයට තියෙනවා. බලන්න The autumn of the Patriarch වගේ පොතක්. ඒ පොතෙන් පිනොෂේ ගැන ඕනෙම කෙනෙක් ලියනවට වඩා නියම ලතින් අමෙරිකානු ඒකාධිපතියෙකුගේ පුරාවෘත්තය විස්තර කරනවා.

කැරොල් වීලන්: ඔබ හිතන විදිහට ඔබේ ලියවිලි වල මායා යථාර්ථවාදි ලක්ෂණ තියෙනවද?

අයියන්දේ : බලමු, මට කියන්න මොකක්ද මායා යථාර්ථවාදය කියන්නෙ කියලා.

කැරොල් වීලන්: වාස්තවික යථාර්ථය මනඃකල්පිතයේ අංගයන් සමග මුහු කොට ඉතා ස්වභාවික ආකාරයෙන් පෙන්නුම් කරන සාමාන්‍ය සංකලනයක්.

අයියන්දේ : පරිකල්පනය සහ මනඃකල්පිතය හෙවත් අද්භූතය අතර මූලධාර්මික වෙනස්කම් තියෙනවා. මනඃකල්පිතයක් හැදෙන්නේ සැබෑ ලෝකයේ කිසිදු පදනමක් නැති සුරංගනා කතා වලින්. නමුත් පරිකල්පනය කියන්නේ යථාර්ථය උත්කර්ෂයට පත් වන මොහොතයි. මම විශ්වාස කරන විදිහට මගේ පොත්වල තියෙනවා පරිකල්පනීය අංග, අතිශයෝක්තිය, රළු බේගල්, නිරන්තරයෙන් පූර්‍ව නිමිති යොදා ගැනීම සහ සමපාතමය සිදුවීම්- සැබෑ ජීවිතයේ සිදු නොවෙන එහෙත් ප්‍රබන්ධ වල සිදුවිය හැකි දේවල් - ඇත්තටම ඔබ අවධානයෙන් බැලුවොත් මේ දේවල් ඕන තරම් සැබෑ ජීවිතවල සිදුවෙනවා. එහෙම බලද්දි මගේ සමහර නවකථාවල මායා යථාර්ථවාදී ලක්ෂණ තියෙනවා. නමුත් හැම පොතකම නෙවෙයි. ඔබ හොඳින් බැලුවොත් ඔබට පෙනෙයි ඒ හැම දෙයකටම තාර්කික විවරණයකුත් තියෙන බව.

උදාහරණයක් විදිහට (මගේ) Daughter of Fortune නවකථාවේ එන එකම මායා යථාර්ථවාදී කොටස තමයි චීන මිනිහා හෙවත් ටාඕ චෑන්ගේ බිරිඳ වන ලිං ගේ අවතාරය. කොහොමද මම ඇගේ අවතාරය විස්තර කරන්නේ? ඇගේ අවතාරය දිගටම දකින්නේ චීන මිනිහා පමණයි. ඔහු හදාගත් එක්තරා පිළිවෙලක් තියෙනව‍ා ඇයව මතක් කර ගන්න. හරියට මම මගේ දුව පෝලා ගැන හිතනවා වගේ. පෝලාව ගෙන්වීම මගේ දිනචර්යාවේ අංගයක්. මම කැමති නෑ පෝලාගේ රුව මගේ මතකයෙන් මැකිල යනවට. ටාඕ චෑන් ඒ වගේමයි. ඔහුට ඕනෙ ඔහු ආදරය කරන දෙය සදහටම ඔහු සමග රඳව ගන්න. ඉතිං ඔහුට ඇයව පේන ඒක අමුතු දෙයක් නෙවෙයි. ඔහුගේ සංස්කෘතිය බලද්දි, ඔහු ජීවත් වුන කාලය බලද්දි අවතාර පිළිබඳ සංකල්පය හරිම තාත්ත්වික දෙයක්. කෙනෙක් පැත්ත පළාතෙ යන්න බය වීදි තිබුණ, භූතයො නොපෙනෙන්න ගෙවල් වල යන්ත්‍ර සුර තියාගෙන හිටිය යුගයක්. ඉතිං ඔහුගෙ සංස්කෘතිය තුළ අවතාර කියන්නෙ ඉතාම සාමාන්‍ය දෙයක්. Daughter of Fortune හි රත්තරන් උන්මාදයට සම්බන්ධ කිසිදු අ‍මෙරිකානු චරිතයකට මෙබඳු අත්දැකීමක් නෑ. මොකද ඔවුන් ගේ සංස්කෘතිය ටාඕ චෑන්ගේ පරිසරයෙන් හාත්පසින් වෙනස් නිසා. මොකක්ද මෙතන යථාර්ථය? වෙනත් ආකෘතියක් තුළ අත්විඳින සත්‍යයක්- එදිනෙදා අත්විඳින සත්‍යයන්හි එකතුවක් ද?

මම හිතන්නෙ මෙතන වෙන්නෙ මේකයි. ලතින් අමෙරිකාවෙදි සත්‍යය කියවෙන්නෙ අතිශයෝක්තියෙන්. එය භාෂාව සහ ආගම විසින් එක්සත් කළ , අනෙක් සෑම දෙයක් විසින් ම බෙදනු ලැබූ, වසර 500 ක සූරා කෑමේ ඉතිහාසයක් ඇති මහාද්වීපයක්. එම ඉතිහාසයේ දරුණුම ජනසංහාරය සිදුවුනේ ස්වදේශික අමෙරිකානුවන්ට එරෙහිවයි. ස්පාඤ්ඤයින් ගෙනාවෙ දිරාගිය සංස්කෘතියක්. ඒ වන විටත් බලවත්ව සිටි ස්පාඤ්ඤය ක්‍රිස්තියානි සංස්කෘතිය ගොඩ නංවනු පිණිස අඩු වැඩිය සැපයුවා. අධිරාජ්‍යයා දෙවියන්ට සම වන ඒ වන විටත් ඉතිරිව පැවතුණු අධිරාජ්‍යයන් වූ පූජකතාන්ත්‍රික සංස්කෘතීන් මත ඔවුන් ඒ සංස්කෘතිය ගොඩ නැගුවා. ඉතිං එතැන සිදුවුණේ එක් පූජකතන්ත්‍රයක් මත සම්පූර්ණයෙන් ම තවත් පූජකතන්ත්‍රයක් පැටවීමයි. එහි ප්‍රතිඵලය වුණේ මහා විනාශයක්.



ඉන්දියානුවන් පිළිබඳව මුලින් ම වාර්තා කළ ස්පාඤ්ඤ වාර්තාකරුවන් ඔවුන් ගැන ලිව්වෙ "නළල මැද තනි ඇසක් විතරක් තිබෙන අද්භූත ජීවින් කොටසක්" ලෙසයි. ඒ විතරක් නෙවෙයි, මුහුද තරම් පළල ගංගා ගැනත් රනින් සැදි නගර ගැනත් කිකිළියො බිත්තර වෙනුවට දාන දියමන්ති වලින් බබළන ස්ථාන ගැනත් ඔවුන් ලිව්වා. (ස්පාඤ්ඤයේ) එක්ස්ට්‍රෙමාඩූරා වලින් පැමිණි ස්පාඤ්ඤයින්ගේ පරිකල්පනයට මෙහි දී පියාපත් ලැබුණා. මේ භූමි ප්‍රදේශය, මේ සුවිසාල බව, මේ අපරිමිත ජන ශුන්‍ය මහාද්වීපය, ඇසින් දුටු මුත් මනසින් වටහා ගත නොහැකි වූ මේ සංස්කෘතීන් විස්තර කිරීමට තමන් සතුව තිබු වාග් කෝෂය මදි වූ නිසා ම ඔවුන්ගේ පරිකල්පනය ඒ සමග පියාඹා ගියා. එ‍්ත් ඔවුන්ට තුන්කල් දැකිය හැකි වුණා. ස්පාඤ්ඤයින් දැනගෙන හිටියා මුල් පිටින් ම වනසා දැම්මොත් මිස ගොඩ ආ නොහැකි දෙයක් තුළට තමන් වැටී සිටින බව- එසේ නොකළොත් තමනුත් වැනසෙන බව. මුහුණට මුහුණ ලා සිටියේ අතිශයින් විදග්ධ සංස්කෘතියක් හා සමග වුවත් මේ යුධ භටයින් කළබලකාරී ධෛර්යවන්ත වගේම දරුණු නායකයින්ගේ සහායකයින්. හන්වරු යුරෝපය වැනසුවා වගේ ඔවුන් මේ ශිෂ්ටාචාරයත් වනසා දැම්මා.

ඉතිං අන්තිමට තෝන් ලනුව ගිළිහෙද්දි මේ සියළු රූප එකතු කොට අසාමන්‍ය වූ කලා විලාසයක් නිර්මාණය කර ගත හැකි අංගෝපාංග රැසක් ලතින් අමෙරිකානු සාහිත්‍යය සතුයි. ඇලේහෝ කාපෙන්ටිය(ර්) ට (Alejo Carpentier - ලතින් අමෙරිකානු සාහිත්‍ය "ප්‍රබෝධය" කෙරෙහි මහත් බලපෑමක් කළ කියුබානු නවකථාකරුවා) වෙනකම් ම ලතින් අමෙරිකානු සාහිත්‍යය වෙලා තිබුණේ යුරෝපා සාහිත්‍යය අනුකරණය කිරීමයි. ආගම්වාද , සිරිත් පිළිබඳ ආලේඛ්‍ය- මේ සියල්ලෙන් අපි ස්පාඤ්ඤය අනුකරණය කරමින් සිටියා. මේ වෙලාවෙදි පැරිසියේ අධිසත්තාවාදීන් ඇසුරු කරමින් සිටි ඇලේහෝ කල්පනා කරලා මෙහෙම කියනවා. "මොනවද මගේ හිතවත්තු මේ කරන්නේ? මගේ මේ අධිසත්තාවාදී මිතුරන් සාමාන්‍ය ද්‍රව්‍යයන් දෙක තුනක් අසාමාන්‍ය තැනක තියලා වෙනත් අවස්ථාවක් නිර්මාණය කරලා ඒකට අධිසත්තාවාදය කියනවා!" අධිසත්තාවාදයට දිය හැකි සම්භාව්‍ය ම උදාහරණය තමයි විච්ඡේදන මේසය, කුඩය සහ මහන මැෂිම. ඇලේහෝ තේරුම් ගත්තා කියුබාවෙදි ඔහුට මේ කිසිවක් එකතු කරන්න අවශ්‍ය නොවුණු බව. මොකද දේවල් ඒ වෙනකොටත් අදාළ තැන් වලයි තිබුණේ: කියුබාවෙදි බූරුවෙක් සුදු පාට පියානෝවක් උඩ වාඩි වෙලා ඉඳිද්දි කළු මිනිහෙක් ඒ පියානෝව වාදනය කළා. ඉතිං ඇලේහෝ කාටත් පෙර ටයි පටි එහෙම බුරුල් කරලා මෙහෙම කියනවා. "අපි තියෙන දේවල් ගැන ඒ තියෙන හැටියට ම කියන්නයි යන්නෙ. කෙහෙල්මල!" - ඔන්න ඔහු කියනවා- අපූරු වාග් මලාවක් භාවිත කරමින්- මහා නිදහසකින් - එය අසාමාන්‍ය කාර්යයක්!

කැරොල් වීලන්: ඔබ එක්තරා සම්මුඛ පරීක්ෂණයක දි කිව්වා ඔබේ House of the spirits ග්‍රන්ථයේ එන විජ්ජාකාර විකාර චරිතය, "ක්ලාරා" ගොඩ නගන්නට පාදක වුණ ඔබේ ආච්චි අම්මා එහි කියවෙන පරිදි ඍද්ධි බලයෙන් එහා මෙහා යන්න පුළුවන් කෙනෙක් නොවන බව- යන්තම් ලුණු කළවම් කරන කුඩා බඳුනක් පමණයි ස්පර්ශ නොකර ඇයට සෙලවිය හැකි වුණේ කියලා.

අයියන්දේ : ඔහ්! ඇත්තෙන්ම, පුංචි දේවල්.

කැරොල් වීලන්: ඇයට පුළුවන් වුණා ද?

අයියන්දේ : බොහොම සුළු දේවල් (සිනා). ඔබ දන්නවද? අපේ පවුලෙ කතාව තිබුණෙ ඇයට බිලියඩ් මේස, පූල් මේස වගේ දේවල් පවා ගේ වටේ චලනය කරන්න පුළුවන් කියලා. මම නම් කිසි දවසක එක පාරක් වත් එවැන්නක් දැකලා නෑ. තව, ඒ අය කිව්වා ඇය පියානෝවේ ආවරණය ඉවත් නොකර එය වාදනය කළා කියලා. මගේ ආච්චි අම්මා කොහොමටවත් පියානෝව වාදනය කළේ නෑ. මොකද ඇය එකම එක සංගීත ස්වරයක්වත් දැනගෙන හිටියෙ නෑ. ඉතිං ඇයට ආවරණය ඇතිව නෙවෙයි නැතිව වත් ඒක වාදනය කරන්න බෑ. (සිනා) ඕවා ඉතිං ඒගොල්ලො ඇය ගැන කියන කතන්දර!

කැරොල් වීලන් : ඒ කියන්නෙ ඇයට මනසේ ආධාරයෙන් සොලවන්න හැකි වුනේ පුංචි දේවල් විතරයි?

අයියන්දේ : පුංචි පුංචි දේවල්... තේරුමක් නැති.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Isabel Allende, Chilean writer, The House of the Spirits, Daughter of Fortune, Portrait in Sepia, rturo Uslar Pietri
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sithumini මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-21 14:49:50
nihal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-18 05:13:26
Sandaru මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-16 02:14:16
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සූකිරි කතා-බස්
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
වෙසෙස්| දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!

6-Mins

(සරද සමරසිංහ) ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) විසින් රචිත Homo Deus නොහොත් 'මීළඟ හතළිස් වසරේ... [More]
කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

8-Mins

(සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

42-Secs

"අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

59-Secs

(විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

11-Secs

(විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
කිඳුරා නිදිය සාලයෙහි

විඩාබර වූ ඉකියකි
අම්මෙකි
ආදරේ බර ඉල්ලාගෙන... [More]
කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

46-Secs

(ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

2-Mins

(සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

3-Mins

(සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

16-Mins

(ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

13-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

4-Mins

(වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
කවි| සර්ධාවෙන් ලියන වග නම්

36-Secs

(අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
කවි| යෞවනය!

25-Secs

(තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
මැදිවිය බර වැඩී කෙනෙකුට
දරන්නට බෑ ඒ තනියම
දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

පාට තවරා ගත්තු ගහකොළ... [More]
සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

5-Mins

(කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

14-Secs

මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

5-Mins

(සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
කතන්දර| විරාම ලකුණු

7-Mins

(යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
කවි| හැරයාම

13-Secs

(තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
දුඹුරු පතක වන්
සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
ක්ෂය වෙමින් යන
සෑම ආදරයකටම...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook