Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ජෝන් ලෙනන් | ලොව සලිත කල විප්ලවීය ගාන්ධර්වයා
බූන්දි, 19:30:22
විප්ලවීය ගාන්ධර්වයා කී පමනින් නිසැකව ම මෙරට සංගීත ලෝලීන්ගේ මතකයට නැගෙනු ඇත්තේ වික්ටර් හාරා ය. ඒ, ඔහුගේ ගී කෙරෙහි ආසක්ත වීම නිසා ම නොව (ඇත්ත වසයෙන් ම, ස්පාඤ්ඤ බසින් ගැයුනු එම ලතින් ඇමරිකානු ගී කී දෙනෙකු හට වැටහිනි දැ යි නොදනිමි) චිලී ඒකාධිපති ආන්ඩුව පෙරලා දැමීමෙහි අරගලයට ඔහු සක්‍රියව සහභාගි වීමත් පිනෝචේගේ අන්ත දක්ශිනාංශික මැර හමුදාව අතින් ඔහු ඝාතනය වීමත් ස්තාලින්වාදීන් ප්‍රමුඛ විවිධාකාර රැඩිකල්වාදීන් විසින් ඔහු ඔසොවා තබනු ලැබීමත් කරනකොටගෙන ය. එහෙත්, ජගත් සංගීත ක්ශේත්‍රයෙහි හාරාට වඩා ජනප්‍රසාදයක් දිනා සිටි, සමාජ විඥානය අතින් ඔහුට වඩා ඉදිරියෙන් සිටි සමකාලීන බටහිර ගාන්ධර්වයෙකු ඔබට සිහිපත් කල හැකි ද?

අප ජීවත් වන මේ කොදෙව්ව තුල එක්කෝ මුලුමනින් නොතකා හැරුනු නැතහොත් සාපේක්ශ වසයෙන් අවතක්සේරු කෙරුනු හෙතෙම අනෙකෙකු නොව 1960 හා 1970 දශකයන්හි ස්වකීය මධුර හඬින් ද අර්ථාන්විත ගේය පදයෙන් ද ගිටාර් සංගීතයෙන් ද පොප් ගීත කලාව පෝශනය කරමින් ඉංග්‍රීසි වහරන ලෝකය තුල පුරාවෘත්තයක් බවට පත් ජෝන් ලෙනන් (1940-1960) ය.

ලෙනන්ගේ අභාවයෙන් තිස් වසරක් ගත වෙද්දී, ඔහුට උපහාර පිනිස බ්‍රිතාන්‍යය නොබෝදා පවුම් පහක වටිනාකමින් යුත් රිදී කාසියක් නිකුත් කලේ ය. ලෙනන්ගේ සුවිශේශ මුද්‍රාව බඳු රවුම් උපැස් සඟල සහිත ඔහුගේ උඩුකය රුව එහි නිරූපිත ය. රාජකීය හිස හැරුනු කොට පූර්වයෙන් මේ ගෞරවයට හිමිකම් කීවේ ඉතා ස්වල්ප දෙනෙකි: විලියම් ශේක්ස්පියර්, චාල්ස් ඩාවින්, ෆ්ලොරන්ස් නයිටිංගේල්, වින්ස්ටන් චර්චිල්. සම්ප්‍රදායට පිටුපා යමින්, මෙකී උපහාරය සඳහා මෙවර සුදුස්සෙකු නම් කරන ලද්දේ මහජනතාව විසිනි. බ්‍රිතාන්‍ය වැසියන් ලෙනන් තෝරා ගත්තේ ප්‍රකට ලේඛිකා ජේන් ඔස්ටින් පසෙක තබමිනි.



ලෙනන් සිහිවීම පිනිස ඔහුගේ උපන් ගම වන එංගලන්තයේ ලිවර්පූල් නගර මධ්‍යයෙහි දැනට මත් “සාම ස්මාරකයක්” හා ප්‍රතිමාවක් ඉදි කෙරී ඇති අතර ලිවර්පූල් ගුවන් තොටුපලට ඔහුගේ නම තබා ඇත. 2002 දී, බීබීසී ආයතනය විසින් මෙහෙයවන ලද ජනමත විචාරනයක දී, ශ්‍රේශ්ඨතම බ්‍රිතාන්‍යයන් සිය දෙනා අතර අටවෙනි ස්ථානය ඔහුට හිමි විය. එසේ ම, රෝලිං ස්ටෝන් නමැති ප්‍රකට බෑන්ඩ් ආයතනය මගින් එදා මෙදා තුර ලොව පහල වූ ශ්‍රේශ්ඨතම ගායකයන් අතර පස්වැන්නා ලෙස ලෙනන් ශ්‍රේනිගත කෙරී ඇත.

සැබවින් ම, ජෝන් ලෙනන් ස්වකීය යුගයෙහි ජනතාව කෙරෙහි දැවැන්ත ආනුභාවයක් පතුරුවාලූ තැනැත්තෙකි; රොක් සංගීත කලාව නවතම ඉසව්වක් කරා රැගෙන ගිය කලාකරුවෙකි. 1960 දශකයෙහි ලෙනන් සිය සගයා පෝල් මැකාර්ට්නි සමඟ එක්ව සුප්‍රකට බීට්ල්ස් සංගීත කන්ඩායම පිහිටුවා ගත් අතර ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් නිර්මිත ගී තැටි කලාත්මක බවින් සේ ම සමාජ දර්ශනය අතින් ද වෙසෙසා කැපී පෙනුනි: Imagine, Plastic Ono Band. බීට්ල්ස් කන්ඩායම හැර ගිය පසුව පවා ඔහු ගායනා කල කේවල ගී තත්කාලීන සමාජය හෙල්ලුම් කන පදමාලාවන්ගෙන් යුතු විය.

එක්සත් ජනපදය තුල පමනක් ලෙනන්ගේ ගීත ඇල්බම් අලෙවිය ප්‍රමානයෙන් මිලියන 14 ඉක්මවා ගොස් ඇත. අදටත් එරට ජනප්‍රිය ගී සටහනෙහි (U.S’ Hot 100 Chart) ගීත සියයෙන් විසි හතක් ම ලෙනන් ගැයූ හෝ ලියූ නිර්මාන වෙයි. සමස්තයක් ලෙස, ලෙනන් ලොවට දායාද කල එකී මාහැඟි ගීත චිරාත් කාලයක් රසික හදවත් තුල රැව් පිලිරැව් දෙනු ඇත; “Imagine there is no Heaven”, “Give Peace a Chance”, “Power to the People”, “Strawberry Fields Forever”, “Working Class Hero”, “You Want a Revolution”, “Woman is the Nigger of the World.”



Imagine there's no heaven - It's easy if you try
No hell below us - Above us only sky
Imagine all the people - Living for today...

Imagine there's no countries - It isn't hard to do
Nothing to kill or die for - And no religion too
Imagine all the people - Living life in peace...

You may say I'm a dreamer - But I'm not the only one
I hope someday you'll join us - And the world will be as one

Imagine no possessions - I wonder if you can
No need for greed or hunger - A brotherhood of man
Imagine all the people - Sharing all the world...

You may say I'm a dreamer - But I'm not the only one
I hope someday you'll join us - And the world will live as one


1971 දී, සිය ජපන්-අමෙරිකානු කලාකරු බිරිඳ යූකෝ ඌනෝ සමඟ නිව්යෝර්ක් නගරයෙහි පදිංචියට ගිය ලෙනන් අමෙරිකානු අධිරාජ්‍යවාදීන්ගේ වියට්නාම් ආක්‍රමනයට එරෙහිව සිය කඩහඬ අවදි කලේ එවක යුද විරෝධී ව්‍යාපාරයෙහි පතාක යෝධයෙකු බවට පත් වෙමිනි. වොශිංටන් නුවරට ඒකරාශී වූ ලක්ශ සංඛ්‍යාත ජනතාවෝ ඔහුගේ Give Peace a Chance ගීතයට අත්වැල් බඳිමින් යුද්ධය නතර කරන ලෙස බල කලහ:



Everybody’s talking about
Bagism, Shagism, Dragism, Madism, Ragism, Tagism
This-ism, that-ism, ism, ism, ism.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance

C'mon
Everybody’s talking about Ministers,
Sinisters, Banisters and canisters
Bishops and Fishops and Rabbis and Pop eyes,
And bye bye, bye byes.

All we are saying is give peace a chance
All we are saying is give peace a chance


රිචඩ් නික්සන් ආන්ඩුව ලෙනන්ගේ කට වැසීමට නොගත් තැතක් නැත. අමෙරිකානු රහස් පොලීසිය ඔහු ලුහුබැන්දේ ය. කෙලවර, දින හැටක් ඇතුලත රටින් පිටමං වීමෙහි නියෝගය ඔහු වෙත නිකුත් කෙරින. මෙයට ප්‍රතිචාර වසයෙන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ ලෙනන් “ඉඩකඩම් නැති, සීමා මායිම් නැති, පාස්පෝට් නැති, මිනිසුන් පමනක් ම වෙසෙන නුටෝපියා රාජ්‍යයෙහි බිහි වීම” නිවේදනය කලේ ය. බොබ් ඩිලන්, ස්ටීව් වොන්ඩර් ආදී ප්‍රකට කලාකරුවන් ඔහු වෙනුවෙන් රජයට බලපෑම් කල අතර ඔහුට අත නොතැබීම යෙහෙකැ යි අභිනවයෙන් බලයට පත් ජිමී කාටර් ආන්ඩුව තීන්දු කලේ ය.

ස්වකීය සගයෙකු හා යුද විරෝධී ක්‍රියාධරයෙකු වූ ජෝන් සින්ක්ලෙයාර් කවියා මත්ද්‍රව්‍ය චෝදනාවක් මත දස වසරක සිර දඬුවමකට යටත් කෙරුනු කල්හි, ලෙනන් ඔහු වෙනුවෙන් නැගී සිටියේ තවත් අපූරු ගීතයකිනි:



It isn’t fair, John Sinclair
In the stair of breathing air
Won't you care for John Sinclair?
In the stair of breathing air
Let him be, set him free
Let him be like you and me.

They give him ten for two
What else can the judges do?
Gotta, gotta.....gotta, set him free.

If he had been a soldier man
Shooting gooks in Vietnam
If he was the CIA
Selling dope and making hay
He'd be free, they'd let him be
Breathing air, like you and me

They gave me ten for two
What more can the judges do?
Gotta, gotta....gottta set him freee.

Was he jailed for what he done?

Representing everyone
Free john now, if we can
From the clutches off the man
Let him free, lift the lid
Bring him to his wife and kids.
They gave me ten for two

What more can the bastards do?
Gotta, gotta...gotta set him free...


විසිදහසක පිරිසක් එම විරෝධතා රැලියට එකතු වූ අතර තෙදිනක් ඇතුලත සින්ක්ලෙයාර් නිදහස් කෙරින!

ආගමෙහි ප්‍රගාඪ සතුරෙකු වූ ලෙනන් ක්‍රිස්තියානි ආගම විවේචනය කරමින් ගැයූ ගී හේතුකොටගෙන එංගලන්ත සභාවට ඔහු වහකදුරු මෙන් විය. “ක්‍රිස්තු ලබ්ධිය පහව යනු ඇත. එය අතුරුදන්ව හා හැකිලී යනු ඇත. මුලින් පහව යනුයේ කුමක් දැ යි- රොක් ඇන්ඩ් රෝල් සංගීතය ද නැතහොත් ක්‍රිස්තියානිය ද යන්න මම නොදනිමි. එහෙත්, අපි දැන් යේසුස්ට වඩා ජනප්‍රිය වී සිටිමු” යි හෙතෙම 1966 දී පුවත්පත් කලාවේදියෙකු අමතා කී ය. බ්‍රිතාන්‍යයේ බොහෝ ක්‍රිස්තියානි පාසල් තුල අදත් ලෙනන් යනු තහනම් වචනයකි. ශිශ්‍ය විවිධ ප්‍රසංග හෝ නාට්‍ය සංදර්ශන සඳහා ඔහුගේ ගී තෝරා ගැනුමට එහි දැනුදු අවසර නැත.

සිය දෙවෙනි බිරිඳ ඌනෝ මුනගැසෙන තෙක් තමා තුල එක්තරා වර්ගයක පුරුශෝත්තමවාදියෙකු ජීවත් වූ බව පාපොච්චාරනය කල ලෙනන් ඊට වන්දි ගෙව්වේ මතු දැක්වෙන විප්ලවීය ගීයෙනි. එතෙකුදු නොව, චිරාගත විවාහ රීතියට අභියෝග කරමින් ඔහු එහි ප්‍රතිවිරුද්ධය ක්‍රියාවට නැඟී ය - බිරිඟගේ වාසගම සිය නමට ඈඳා ගති!



Woman is the nigger of the world
Yes she is...think about it
Woman is the nigger of the world
Think about it...
Do something about it

We make her paint her
face and dance
If she won't be slave,
We say that she don't love us
If she's real,
We say she's trying to be a man
While putting her down
We pretend that she is above us
Woman is the nigger of the world...yes she is
If you don't believe me
Take a look to the one you're with
Woman is the slaves of the slaves
Ah yeah...better scream about it

We make her bear and raise
our children
And then we leave her flat for
being a fat old mother hen
We tell her home is the only
place she would be
Then we complain that she's
too unworldly to be our friend
Woman is the nigger of the world...yes she is

If you don't believe me take a
look to the one you're with
Woman is the slaves of the slaves
Yeah (think about it)

We insult her every day on TV
And wonder why she has no
guts or confidence
When she's young we kill her
will to be free
While telling her not to be so
smart we put her down for being so dumb
Woman is the nigger of the world...yes she is

If you don't believe me take a
look to the one you're with
Woman is the slaves of the slaves
Yes she is...if you believe me,
you better scream about it.

We make her paint her
face and dance
We make her paint her
face and dance We make her paint her
face and dance


1960 දශකයෙහි විවිධ ක්ශේත්‍රයන්හි නව ප්‍රවනතා අත්හදා බලමින් සිටි අය අතර තමන් පෙරමුන ගත් බැව් ඔහු සඳහන් කලේ මෙලෙසිනි: “හැට ගනන්වල අපි සැවොම - අපේ පරපුර - නව ලෝකය සොයා යාත්‍රා කරමින් තිබුනු මේ නෞකාව මත සිටියෙමු. බීට්ල්ස් කන්ඩායම සිටියේ එම නැවෙහි කපුටු කූඩුව තුල ය.”



You say you want a revolution
Well you know
We all want to change the world
You tell me that it's evolution
Well you know
We all want to change the world
But when you talk about destruction
Don't you know you can count me out
Don't you know it's gonna be alright
Alright Alright

You say you got a real solution
Well you know
We'd all love to see the plan
You ask me for a contribution
Well you know
We're doing what we can
But when you want money for people with minds that hate
All I can tell you is brother you have to wait
Don't you know it's gonna be alright
Alright Alright

You say you'll change the constitution
Well you know
We all want to change your head
You tell me it's the institution
Well you know
You better free your mind instead
But if you go carrying pictures of Chairman Mao
You aren’t going to make it with anyone anyhow
Don't you know it's gonna be alright
Alright Alright


1980 දී උන්මත්තක රසිකයෙකුගේ වෙඩි පහරින් මරුමුව වැටෙන තෙක් ම සිය විප්ලවීය ආස්ථානය පාවා නොදුන් ලෙනන් ශ්‍රේශ්ඨ මිනිසෙකු ලෙස ලොවින් සමු ගත්තේ ය. ඔහු පිලිබඳව කථා කරන බොහෝ අය සඟවන කරුනක් ඇත: ලෙනන් ට්‍රොට්ස්කිවාදියෙකු බව යි. නිර්ධන පංති ව්‍යාපාරයට සහානුභූතිය පල කල ලෙනන් ෆැක්ටරි කම්කරුවන්ගේ වැඩවර්ජනයක් හෝ උද්ඝෝශනයක් දුටු තැන රතු රෝස මල් පොකුරක් සමඟ මූල්‍යාධාරයක් පිරිනැමීමට අමතක කලේ නැත. කම්කරු විප්ලවවාදී පක්ශයට (එවක හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි බ්‍රිතාන්‍ය ශාඛාව) ඵක් වූ ඔහු ඵහි උන්නතිය තකා සිය ධනය නොමසුරුව වැය කලේ ය. ලෙනන් පමනක් නොව, හොලිවුඩ් නිලියක වූ වැනේසා රෙඩ්ග්‍රෙව් ඇතුලු ප්‍රකට කලාකරුවන් හා බුද්ධිජීවීන් සැලකිය යුතු පිරිසක් මේ වකවානුවෙහි එම පක්ශය වෙත ආකර්ශනය වූහ. ලෙනන්ගේ වැඩ කටයුතු පිලිබඳව විපරමින් සිටීමට ඔත්තුකරුවෙකු පක්ශය තුලට රිංගවා සිටි අතර ලෙනන් පක්ශයට තිලින කල Working Class Hero ගීතය අඩංගු අත් පිටපත මොහු විසින් ඩැහැ ගන්නා ලදැ යි සැකයක් පවතී.



As soon as your born they make you feel small
by giving you no time instead of it all
Till the pain is so big you feel nothing at all
Working Class Hero is something to be
Working Class Hero is something to be

They hurt you at home and they hit you at school
They hate you if you're clever and despise a fool
Till you're so fucking crazy you can't follow their rules
Working Class Hero is something to be
Working Class Hero is something to be

When they've tortured and scared you for twenty odd years
then they expect you to pick a career
When you can't really function you're so full of fear
Working Class Hero is something to be
Working Class Hero is something to be

Keep you doped with religion, sex and TV
and you think you're so clever and classless and free
but you're still fucking peasants as far as I can see
Working Class Hero is something to be
Working Class Hero is something to be

There's room at the top I'm telling you still
but first you must learn how to smile as you kill
if you want to be like the folks on the hill
Working Class Hero is something to be

Yes, A Working Class Hero is something to be
If you want to be a hero well just follow me
If you want to be a hero well just follow me


කෙසේවෙතත්, අපේ යුගයෙහි බොහෝ කලාකරුවන් හා බුද්ධිජීවීන් හට පොදු ලක්ශනයක් වන දේශපාලන ව්‍යාකූලතාවන්ගෙන් ලෙනන් ද සහමුලින් අත්මිදුනේ නැත. මේ හේතුව නිසා ම, විටෙක තාරික් අලිගේ “ජාත්‍යන්තර මාක්ස්වාදී කන්ඩායම” සමඟ එකමුතු වූ ඔහු අයර්ලන්තයේ අයි.ආර්.ඒ. ගරිල්ලන් හට සහාය දීමට ද පෙලඹුනි. තතු එසේ වුව, ස්තාලින්වාදය බලවත්ව නැගී සිටි ඊනියා “සීතල-යුද්ධ” සමයෙහි, වාමාංශික දේශපාලන ව්‍යාපාර සහ ශිශ්‍ය අරගල ගෙවාරාවාදය හා කස්ත්‍රෝවාදය වෙත නැඹුරු වූ අවධියෙහි, යුරෝපීය හා අමෙරිකානු ධනේශ්වරය කොමියුනිස්ට්වාදීන් දඩයම් කිරීමේ කූට සැලැස්මක් දියත් කොට තිබුනු වකවානුවෙහි, තරුන කලාකරුවෙකු තමා ට්‍රොට්ස්කිවාදියෙකැ යි දෘඪතරව සලකා ගැනුම ම බැරෑරුම් කාරනාවකි.

ජෝන් ලෙනන්ගේ දේශපාලන චින්තනයෙහි පෙර කී ඇතැම් සෘනාත්මක අපසරනයන් නොතකා ඔහුගේ ප්‍රවනාතමය ගී කලාවත් ශ්‍රේශ්ඨ ජීවිතයත් අපි ඉහලින් අගය කරමු. The US vs. John Lennon නමැති වාර්තා චිත්‍රපටයෙහි අමෙරිකානු නවකතාකරු හා ඉතිහාසඥ ගෝරේ විඩාල් මෙලෙස පවසයි: “ලෙනන් ජීවිතය නියෝජනය කලේ ය; නික්සන් හා බුශ් මරනය නියෝජනය කලෝ ය.”

කලාව අරබයා ඔහුගේ ආකල්පය පටු “ජනතාවාදී” රාමුවක සිරගත නොවූ බව කලාකරුගේ කාර්යභාරය පිලිබඳව ඔහු දැරූ උත්කෘශ්ට අදහසින් අනාවරනය වෙයි: “සමාජය තුල මගේ භූමිකාව, නැතහොත්, ඕනෑ ම කවියෙකුගේ භූමිකාව වනුයේ අපට හැඟෙන දෑ ප්‍රකාශ කිරීම මිස මිනිසුන් හට හඟිනුයේ කෙලෙස දැ යි පැවසීම නොවේ. එනම්, දේශකයෙකු හෝ නායකයෙකු හැටියට නොව අප හැමගේ ම පරාවර්තනයක් වසයෙනි.”

2003 වසරේ, එවක මම ජපානයෙහි කල් ගෙවමින් සිටියදී, යොකොහාමා නුවර සුප්‍රකට ජෝන් ලෙනන් කෞතුකාගාරයෙහි පැවති ලෙනන්ගේ කලාව හා ජීවිතය අලලා ගත් අපූරු ඡායාරූප ප්‍රදර්ශනයක් නැරඹීමි. නිතිපතා සැලකිය යුතු පිරිසක් එහි ඇදී එනු ද මම නිරීක්ශනය කලෙමි. එහෙත්, ආදායම මඳ බැවින් ස්ථීර ප්‍රදර්ශනය පිනිස තැන්පත් කොට තිබුනු ලෙනන් පරිහරනය කල දෑ - සංගීත භාන්ඩ හා උපකරන, පොත්පත්, ගීත තැටි හා ඇල්බම, අත්පිටපත්, චිත්‍ර, ඇඳුම්පැලඳුම්, පෞද්ගලික බඩුබාහිරාදිය, ඔහු ලද සිහිවටන හා සමරු තිලින යන මේ සියල්ල ඔහුගේ වැන්දඹු බිරිඳට ආපසු බාර දී ජෝන් ලෙනන් වෙනුවෙන් කැප කෙරුනු ලොව එක ම කෞතුකාගාරය පසුගිය වසර අග දී වසා දමන ලද වග වාර්තා විය!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- John Lennon, John Winston Ono Lennon, The Beatles, Víctor Jara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Prem මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-24 22:55:55
patakaya මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-23 10:16:25
සිතූ මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-22 21:04:36
Higanna මෙහෙම කියනවා :
Well done

කිවුව වෙලාව- 2011-03-22 04:33:11
senarath මෙහෙම කියනවා :
thanks dharshana

කිවුව වෙලාව- 2011-03-21 02:16:27
Prashan මෙහෙම කියනවා :
Thanks darshana ! Really good job !!!

කිවුව වෙලාව- 2011-03-20 13:51:13
saho මෙහෙම කියනවා :
නියම ලිපිය..ගොඩක් ආසාවෙන් කියෙව්වෙ..මේ වගේ උතුම් මිනිස්සු ගැන තව ලියන්න..

කිවුව වෙලාව- 2011-03-18 11:46:23
nihal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-03-18 05:12:47
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
දර්ශන මේදිස් ගෙන් තවත් වියමන්
කවි
ලතෙත
කවි
බිරිඳ නලුවා අමතයි!
Cine
කලාව, කලා විචාරය සහ වෙන් වීමක් චිත‍්‍රපටය
සිත්තර
පරත්වාරෝපිත මනුශ්‍යාත්මය විනිවිද දකින depth
කරන්ට්ස්
(වි)සංවාදයක් හෙවත් පශ්චාත්- නන්දිකඩාල් දෙබසක්
තවත් වෙසෙස් බූන්දි
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
හඳ පායන්නේ, පෑයිය යුත්තේ හන්තානට පමණද?
සුබවාදී පෙරවදනක්- විකල්ප සංගීත ධාරාවේ මැදිහත්වීම
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
අපේ සමාජය යනු උන්මත්තක මිනිසුන් රැළක් විසින් උන්මත්තක අරමුණු කරා රැගෙන යනු ලබන්නකි. මට සිතෙන්නේ අපව වියරු වූවන් පිරිසක් විසින් වියරු අවසානයක් කරා රැගෙන යමින්... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

9-Mins

(අජිත් සී හේරත්) ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය... [More]
වෙසෙස්| බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් 'දේවදත්තයෙක්'ද?

4-Mins

(තිලක් සේනාසිංහ ) හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා... [More]
ඔත්තු| රංජිනී ඔබේසේකරගෙන් Sinhala Poetry in Translation

22-Secs

ආචාර්ය රංජිනී ඔබේසේකර විසින් පසුගිය දශක කිහිපය පුරා වරින් වර පරිවර්තනය කරන ලද සිංහල කාව්‍ය... [More]
වෙසෙස්| උතුරු කොරියාවේදී ඔවුහු වනසා දමනු ඇත්තේ මිනිසත්බව සහ ආදරයයි!

10-Mins

(අන්ද්‍රෙ විල්ෂෙක් | අජිත් සී හේරත්) උතුරු කොරියාව ගැන සිතන විට මගේ මතකයට පළමුවෙන්ම නැගෙනුයේ පියොන්ග්යෑන්ග් අසල තායිදොන් නදියේ නිශ්චල ගම්භීර ජලතලය මත වූ මිහිදුම් පටලයන්ය.... [More]
කතන්දර| ඉරණවිල එළිය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) 2016. 12.18
jessica_mclarck88@yahoo.com

ආදරණීය ජෙසිකා,

දුවටත් , අම්මාටත් සුබ නත්තලක් පතමි. සියලුම කටයුතු හොඳින් සිදුවෙනු ඇතැයි සිතන අතර නත්තල් රාත්‍රිය ඔබ දෙදෙනා... [More]
ගී කිය(ව)මු| ඔබට පමණි ඔබ ආදරේ- ප්‍රොයිඩියානු කියවීමක්

2-Mins

(සුදේශ් කවීශ්වර) ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුණු මොහොතක ඔබේ ම දෙනෙතින්
මා ඔබ දුටුවා ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ

වසන්ත දෙකොපුල නිදිවැරු තොල් මල
දසැඟිලිි... [More]
Cine| යුක්තිය ජය ගැනීමට 'දුෂ්ටයාගෙන්' පළිගැනීම- ඇස්ගාර් ෆර්හාඩිගේ The Salesman

6-Mins

(උපාලි අමරසිංහ) පහත පළ වන්නේ ඉරාන ජාතික කීර්තිමත් සිනමාකරුවෙකු වන ඇස්ගර් ෆර්හාඩි ගේ The Salesman චිත්‍රපටය පිළිබඳ ටොම් කාටර් විසින් ලෝක සමාජවාදි... [More]
රංග| මරණය සහ කන්‍යාවිය මැවූ ඒරියල් ඩෝෆ්මන්

2-Mins

(සංජීව නුවන් ගුණරත්න) ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය කලාවට ආගන්තුක නොවන නමුත්, විශාල වශයෙන් සංවාදයට බඳුන් නොවුණු, නූතන ඇමරිකානු නාට්‍ය රචකයෙකු ලෙසට ඒරියල් ඩෝෆ්මන්... [More]
අදහස්| විධිමත් සංහිඳියාවක සවිමත් පදනම

6-Mins

(කසුන් සී. තිලකරත්න) පසුගිය වසර කිහිපයක පටන්, මේ මොහොත දක්වාම අප සමාජය තුළ සුවිසල් කතිකාවතකට ලක් වූ සංකල්පයක් වේ නම්, එය සංහිඳියාවයි. යුද... [More]
අදහස්| තෙමඟුල නිමිත්තෙන් කිරිගවයන් සමගම, කුල දරුවන් නිදහස් කර හරිමු!

3-Mins

(හිරාන් ද සේරම්) එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ජාත්‍යන්තර වෙසක් දිනයක් නම් කළ බවට ලොකු ප්‍රසිද්ධියක් දෙනවා රාජ්‍ය මැදිහත්වීමෙන්. ලංකාවෙ මාධ්‍යවලත් ඒ ගැන හදපු... [More]
ඔත්තු| සයිටම් පිළිබඳ සාකච්ඡාවක්- මැයි 6

7-Secs

සයිටම් ගැටළුව හා නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාවක්, 2017, මැයි 6 සෙනසුරාදා, සවස 3:00ට, මීගමුව ජනාවබෝධ... [More]
ඔත්තු| ශිශිරය සන්ධ්‍යාව- මැයි 28

22-Secs

අග්නි ඔපෙරාව ඇතුළු ප්‍රේමසිරි කේමදාසගේ ඔපෙරා නිර්මාණ සඳහා ගායනයෙන් දායකත්වය ලබා දෙමින්, ලාංකේය ඔපෙරා කලාව... [More]
වෙසෙස්| මුතුරාජවෙල වනසන්නට පෙර

4-Mins

(කපිල මහේෂ් රාජපක්ෂ) මීතොටමුල්ල ඛේදවාචකයෙන් පසු කොළඹ කුණු බැහැර කිරීම සඳහා දේශපාලකයින් සහ ඇතැම් අමනෝඥ්ඥ නිළධාරීන් විසින් වඩාත් සුදුසු ස්ථාන ලෙස තෝරාගනිමින් සිටින්නේ... [More]
රංග| යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය

3-Mins

(මහේෂි බී. වීරකෝන්) සම්භාව්‍ය ඇතැන්ස් පුර (ක්‍රි.පූ. 480-323) ස්ත්‍රියගේ අවකාශය වූකලී, ඓතිහාසික ග්‍රීක ඉතිහාසය තුළ, අන් කාල පරිච්ඡේදයන්ට සාපේක්ෂව ගත් කල යම් කිසි... [More]
ඔත්තු| 'නොසන්සුන් මොහොතක හීනයක්'| අප්‍රේල් 30

9-Secs

කසුන් සමරතුංග විසින් රචිත 'නොසන්සුන් මොහොතක හීනයක්' කාව්‍ය සංග්‍රහය 2017 අප්‍රේල් 30 වන ඉරිදා සවස... [More]
කවි| ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

37-Secs

(සහන් කසීර වික්‍රමසිංහ) රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන... [More]
කතන්දර| බුම්මන්නා පවුල සහ ලේලිය

10-Mins

(මනූෂා ප‍්‍රභානි දිසානායක) අපි තෙලුත්, වතුරත් වෙලා; වැටකොලුත්, පතෝලත් වෙලා ඔහේ හිටියා. කිසිම රසවත් දෙයක් අපි අතර සිද්ධ වුණේ නෑ. ඇත්තටම නම් මේ... [More]
කවි| තාරකා,මඟ වැරදුණ අය.. අප, එදෙස බලා ප්‍රාර්ථනා කළ අය..

48-Secs

(දිනේෂ් සිල්වා) "දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook