Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කිරිකැට් වග්ගය| සිහිනයෙන් නැවත ජීවිතයට ස්ටම්ප් වීම
බූන්දි, 00:06:46
ගම්භීර්ගේ ගොර බිරම් පිති ප්‍රහාරයෙන් ප්‍රේක්ෂකාශයේ මේඝ වලාවෝ සිදුරු ව ඇද හැළුණු සන්තෘෂ්ටියේ වර්ෂාවෙන් ජම්බුද්වීප ධරණි තලය තෙත් වන්නට වීයැ. ඒ මේ ගිගුමෙන් කම්පිතව, ආ අත් යන අත් නොදැන, ඔද තෙද බිඳී ගිය සහචර සකියන්ගෙන් ද පිහිටක් නොලද සංගක්කාර අසුර සෙන්පතියෝ, එතෙක් වත මඩල දුලවූ අකම්පිත හස- රැල්ල සඟවා කඩුළු මුවායේ හිස ගසාලන්නට වූහ. ළඟ ළඟම එන දිනුමේ උදාරම ජය පිරිතක්ව අවකාශයට නැගී වලා පල්ලේහි හැපී උපන් දෝංකාරය, දනන් මුව මුව නැගුණු ප්‍රීතියේ මුණු මුණුව හා මුසුව අරුම සංධ්වනියක් මවන්නට වීයැ.

සකලවිධ උපායෙන් ද උප්පරවැට්ටියෙන් ද මරගුලෙන් ද දමනය කළ නොහැකි වූ මුර්ග ෙසෙන්ධවයෙකු බැමි කඩා ඉහිරුවා සිය අපරිමිත ශක්තියෙන් ස්වකීය රක්ෂාස්ථානයකට පලා යන්නේ යම් සේ ද මහත් බැමි යොදා වළකන ලද ගංගාවක් දියෙන් මහත් ව බැමි පුපුරුවා ගම් බිම් යට කොට ගලා ගොස් සිඳු දිය හා මුහු වන්නේ යම් සේ ද එපරිද්දෙන්ම මේ ඉළන්දාරි බල සන්ධානය ද යුදෙන් දිනා ජය බිමට එළඹුණාහ. ඉදින් එකී චණ්ඩාශෝක මුණුපුරු සේනාවෝ පන්දුවෙන් පන්දුවට දෙව්පියතිස් මුණුපුරන්ගේ හදවත් නමැති ගම්බිම් ගිනි ලමින් අභිමානයේ මහල් සුණු විසුණු කරමින් ඉදිරියටම ඇදුණාහ. කෙළවර යුද බිමට පිළිපන් යුවරාජයන් සහ සුර සෙන්පති දෝණී විසින් එල්ල කරන ලද ගිණි පන්දම්වැදී, ක්ෂීර සාගරය පලා සුධාරසය මතු වන්නට වීයැ.

අමා බිඳක් තොල ගානු රිසින් රජ්ජුරුකරණය ද ඉනිම දෙකකට අත් හිටුවා ජය බිම කරා සැපත් වූ අසුර මිහිපල් නරෝත්තමයාණෝ ද අසුරයන් අමාව රැක ගත්තේ නම් සංගක්කාරයෝ සමග අමාව ගෙන රණබිම පැදකුණු කොටැ අයිපා දෙක රඟදක්වන්නට මහත් උද්යෝග පෙරදැරිව එහි සැපත් වූ වෙන්ඩ නරෝත්තමයාණෝ ද මේ අනපේක්ෂිත පරාජයෙන් සිහි එළවා ගත නොහී වික්ෂිප්ත වන්නට වූහ. මේ සංග්‍රාම වූකලී චිට් ද චීටිං ද පවුලිං ද යන මේ තුන් වැදෑරුම් ආණ්ඩුකරණ වේදයන්ගෙන් දිනිය නොහැකි රඹ පුෂ්පයක් නොවේදැයි අසල හුන් "නමට භාරත රැජිණ"ට සොරෙන් සොරෙන් සිතන්නාහු තවත් එක් මසක්වත් පිරිමසන්නට තිබූ "සරුවත්" නැළිය දෝණි වෘෂභයා විනාශ කරනු දැක මහත් ශෝකයට පැමිණියහ.



දිනුම ම මිස පැරදුමක් ගැන සිතීමට පවා මැළි වන ඒ අසුරවැසි රසික සජ්ජනයෝ සිදු වූ විපතින් දුර්මුඛව, සති ගණනාවක් ඇලී ගැලී වෙලී සිටි ස්වකීය සාධු සිහිනයට වෙඩි තැබූ ඒ ගොරතර සුර- චෞරයන්ට මහත් සේ සාප කරන්නටත්, රණ බිම මැද උඩු ගුවන් පන්දු අත හරිමින් ද එක පිට එක චපල පන්දු යවමින් ද පරාජය කඩිනම් කළ අසුර- පේඬීන්ට අක්‍රොෂ- පරිභව කරන්නත් වූහ. මුතු ඇටය වහ වහා කඳුළු බිඳක් බවට පෙරළිණ. නිශා වා ගැබට පැන ස්ඵෝටනය ව සිය පණ නසා ගන්නට හුන් රතිඤ්ඤාවෝ ද අහස් ගුණ්ඩු ද චීන පටස් ද මල් වෙඩි ද තම තමන්ගේ "ධූර කාලය" බක් මහ නැකත එන තෙක් දිගු කරගන්නට යෙදුනාහ.

අවසන් පොර කෙළිය ලෝකවසානය වේ දෝ හෝ සංකා සිතැත්තේ, සුරා සැල් අබියස ජය පැන් පවසින් ඇලලි ඇලලී තෙරපි තෙරපී මයිල ගණන් දිගු පෝලිම් වල මහත් රුජා විඳ පොරට වැටී කහවණු නැළියක් ගෙවා ගෙන ආ සුරා ඔඩම්.... අහා ඒවාට කුමක් වීද? "ධූර කාලය" දික් වීද? නැත්තේමය. පැරදුමෙන් නිෂ්පන්න වූ ඛේදයම බයිටයට ගෙන එකී ධූර්තයෝ සුරාමේරය මජ්ජ පමාවකින් පසු දෂ්ඨානා කරන්නට වූහ.



ඉදින්, ඒ අමිහිරි නිශා යම ගෙවි කෙළවර වීයැ. අසුර මිහිපල් මහෝත්තමයාණෝ දනන් නිදන සුව නින්දෙන් ඔවුන් නොමුදාම උන් හිස් පිරිමැද නළල් තල සිප අස්ථානගත පොරෝනා ස්ථානගත කොටැ උන් උන් සයන පිට බරු දරණු අස මහත් වූ තිළිණ රැසක් තබා ගොස් තිබුණාහ. පසුදින අසුරයෝ සුරා කෙඩෙත්තුවෙන් පරාජයේ කබ කඩ කඩා නිදි ගැට හැර පියා ඒ සා දීර්ඝ වූ ද සොමිකර වූ ද උද්වේගකර වූ ද සිහිනයෙන් ජීවිතයට ඇහැරුණාහ. දෙව් ලොව් කුසලානයෙන්.... "දිවි" ලොව් කුසලානයට.... !

සයනයෙන් නැගුණු දන මිහිපල් තිළිණ රැස දැක තැන තැන මෙසේ සිතන්නට වම් හ.

මේ වැනි නිරින්දා
පේමෙන් කවන හින්දා
නොකා බැරි හන්දා
දෙන්න තව ගුලි මගෙ රජින්දා.... !


හුදී ජනයාගේ කුසලාන රුජාව සුවපත් වීම කරණ කොටැ උපන් පහන් සංවේගයෙන් කක්ෂපුට විසින් ලියන ලද කිරිකැට් වග්ගය මෙයින් නිමියේයැ. ඔබට කිරිකැට් සරණයි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
DULIP මෙහෙම කියනවා :
වර්ල්ඩ් කප් එකෙන් ලන්කාව දිනුවනම් ඒකෙ කීර්තිය ගවුරවේ හිමි කරගන්නෙ රටේ පීඩිත පොදු ජනය නෙමෙයි. දෙමල තරුනයො ලක්ශ ගානක් මරා දාමින් ඔවුන්ගෙ මවු බිම ආක්‍රමනය කරපු දකුනෙ සින්හල ආන්ඩුවෙ මහ එවුන්ගෙ දිනුමක් වෙනව ඒක. ඒ නිසයි මම ලන්කාව පෑරදුනාට සතුටු.

පොඩි මල්ලි
-ජයග්‍රහනයෙන් පටු දේශපාලන වාසි ගන්න බලන් හිටපු එවුන්ගෙයි, පරාජයට පටු දේශපාලන අර්ථනිරූපණයක් දෙන ඔයාගෙයි කිසි වෙනසක් නෑ නේද?


කිවුව වෙලාව- 2011-04-17 21:15:54
‍මගෝඩිස් මෙහෙම කියනවා :
\"දිනුවොත් මහින්ද - පැරදුනොත් සංගක්කාර\" ( රාවය එස්‍එම්එස් තීරුවෙන්)

කිවුව වෙලාව- 2011-04-15 09:51:30
oluvil මෙහෙම කියනවා :
අවාසනාවක මහත,චක් දේ ලංකා!!!

කිවුව වෙලාව- 2011-04-15 07:08:55
චමී මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-11 03:05:08
marco මෙහෙම කියනවා :
ela...

කිවුව වෙලාව- 2011-04-06 10:53:19
චමී මල්ලි මෙහෙම කියනවා :
අපේ උන්ගේ අත වරදක් නම් නෑත්තේමය
වාසනාව තිබූයේ ඔව්න් අතය


කිවුව වෙලාව- 2011-04-05 17:39:31
රටවැසියෙක් මෙහෙම කියනවා :
podi malli hariyata hari...

කිවුව වෙලාව- 2011-04-05 11:16:03
Podi Wije මෙහෙම කියනවා :
maxa maxa

කිවුව වෙලාව- 2011-04-05 05:12:00
Podi Malli මෙහෙම කියනවා :
වර්ල්ඩ් කප් එකෙන් ලන්කාව දිනුවනම් ඒකෙ කීර්තිය ගවුරවේ හිමි කරගන්නෙ රටේ පීඩිත පොදු ජනය නෙමෙයි. දෙමල තරුනයො ලක්ශ ගානක් මරා දාමින් ඔවුන්ගෙ මවු බිම ආක්‍රමනය කරපු දකුනෙ සින්හල ආන්ඩුවෙ මහ එවුන්ගෙ දිනුමක් වෙනව ඒක. ඒ නිසයි මම ලන්කාව පෑරදුනාට සතුටු.

පොඩි මල්ලි


කිවුව වෙලාව- 2011-04-05 04:23:17
thushilk මෙහෙම කියනවා :
Ela kiriEla kiri

කිවුව වෙලාව- 2011-04-05 03:28:30
ano මෙහෙම කියනවා :
පපර පපා පා පපා ප
පපර පපා පා
ක්‍රිකට් ක්‍රිකට් ක්‍රිකට්
ක්‍රිකට් මහින්ද ක්‍රිකට්
වෙලෙන්දා...
(මල්ලී කරකවන්ඩ සාඨකය තව හයියෙන් - එතකොට අයියෙ ලංකාව දිනුම් ද ? හප් ඔනෙ නැතිදෙයක් නැ මේ පොඩි උන්ට,ඉ..ඊඉ මාමා බැන..)


කිවුව වෙලාව- 2011-04-05 03:15:52
ඒකෝන් මෙහෙම කියනවා :
esema wewa

කිවුව වෙලාව- 2011-04-05 03:12:46
ukussa මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-05 01:14:39
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කක්ෂපුටගෙන් තවත් වියමන්
අදහස්
(පව් එයා!) ඩිව්
අදහස්
ආතල් දරීද්‍රතාවය මුලිනුපුටා දැමූ පින්වත් ජනනායකයාට ජයවේවා!
අදහස්
2013 ලැබුවා වූ නව වසර ඔබට කොහොමද? ලග්න පලා-පල
අදහස්
ලෝකෙ හිඟනම ජනාධිපති වීමේ ඌරුගූවේ කුමන්ත්‍රණය පරදවමු!
ඔමරි
ෆොනියා සහ වලහා
තවත් අදහස් බූන්දි
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
සොෆී ෂෝල් කියයි.
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook