Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
මේ රටේ තියෙන ප්‍රශ්නය ඌන සංවර්ධනය- ආචාර්ය ගුණදාස අමරසේකර
බූන්දි, 05:17:12
  • ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මේ වන විට ඔබ ප්‍රබලව සැලකිල්ලට ගන්නා සමාජ, දේශපාලනික කාරණා මොනවාද?

  • ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඉවර වෙලා ඔහු ඉල්ලා සිටි දෙය වෙන කොටස් විසින් තමන්ගේ අතට ගත්තු තත්ත්වයක් තමයි අද පවතින්නේ. අද ඉන්දියාව අපිට කියනවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා. බටහිර රටවල් කියනවා 13 වන සංශෝධනයට එහා යන විසඳුමක් දෙන්න කියලා. ටී. එන්. ඒ. එකත් වෙනම ඉල්ලීම් කරනවා. මේ තත්ත්වය උඩ පෙනෙන්නේ ප්‍රභාකරන්-

    බෝම්බයෙන් කළ ඉල්ලීම් අද වෙනත් අය දේශපාලනාත්මක විදිහට මතුකරමින් තියෙන බව. මෙතන තියෙන එකම විශේෂත්වය වන්නේ තවම මහින්ද රාජපක්ෂ මේ ගැන නිශ්චිත පිළිතුරක් දීලා නැති එක. ඔහු වෙලාවකට කියනවා ඔව් ඔව් මම බලය බෙදනවා කියලා. තවත් වෙලාවකට කියනවා නෑ මම ඒ අයට ඕන විදිහට විසඳුමක් දෙන්නේ නෑ මට ඕන විදිහට දේශීය විසඳුමක් දෙනවා කියලා. මොනවා වුණත් අපිට පේන්න තියෙන්නේ මේ ප්‍රශ්නයට දැන්මම අත නොගහන්න ජනාධිපතිවරයා තීරණය කරලා තියෙන බව. මොනවා වුණත් මම හිතන්නෙත් ඒ ස්ථාවරය හරියි කියලා. මොකද මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදීමේ කිසිම අවශ්‍යතාවක් නෑ.

  • අද වන විට යුද්ධය ඉවරයි. යුද්ධයත් එක්ක දකුණේ සමාජය ගමන් කිරීමට අවශ්‍ය මූලික දෘෂ්ටිවාදාත්මක සූත්‍ර ගතකිරීම් ටික කරන්නේ ඔබ සහ මහාචාර්ය නලින්ද සිල්වා ප්‍රමුඛ පිරිස. මිලිටරිමය වශයෙන් එල්ටීටීඊය පරාජය කිරීමත් එක්ක ඔබගේ න්‍යාය ඇතුලේ සුළු ජාතීන්ට අයත් සියලු ප්‍රශ්න විසඳෙනවාද?

  • මම හිතන විදිහට මේ පිරිස් කියන ආකාරයේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් මේ රටේ නෑ. අපි කිහිප සැරයක් මේ අයගෙන් අහලා තියෙනවා සුළු ජාතිකයන් වුණා කියලා මොකක්ද උඹලට තියෙන ප්‍රශ්නය කියලා. ඒත් ඒ ප්‍රශ්නයට ඔවුන් නිශ්චිත උත්තරයක් කවරදාකවත් දීලා නෑ. එක සැරයක් මට මතකයි, කුමාර් පොන්නම්බලම්ගෙන් එච්. එම්. ගුණසේකර ඇසුවා මේ රට බෙදන්න කියන්නේ ඇයි මොකක්ද ඔයාට තියෙන ප්‍රශ්නය කියලා. එතකොට කුමාර් පොන්නම්බලම් කියනවා මගේ ඉන්කම්ටැක්ස් පෝරමය එන්නේ සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි විතරයි දෙමළෙන් එන්නෙ නෑ කියලා. රට බෙදලා වෙනම ඊලාම් රාජ්‍යයක් දෙන්න ඕනෙ ඉන්කම් ටැක්ස් පෝරමයක් දෙමළෙන් එන්නෙ නැති නිසා. මේවා තමයි එයාලගේ තර්ක.



  • පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට අනුව දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර ඉතා පැහැදිලි බහුතරයක් ලබාගන්නවා. එවන් තත්ත්වයක් ඔබ මේ කියන කරුණු කාරණා එක්ක ගළපගන්නේ කොහොමද?

  • මූලික කරුණ තමයි මේ මිනිස්සුන්ට තවම දේශපාලනය පිළිබඳ මූලික සංවේදීතාවක් නෑ. මොකද තවමත් ඔවුන් යුද්ධයෙන් පීඩා විඳ විඳ ඉඳලා ගැලවුණා විතරනෙ. ඒ නිසා සාමාන්‍ය මිනිස්සුත් ඡන්දෙ දෙන්නේ එල්ටීටීඊ එකවත් ටීඑන්ඒ එකවත් කියන දේශපාලන දර්ශනය අදහලා නෙමෙයි. ඒ ප්‍රදේශවල වැඩිපුර මිනිස්සු ළඟට යන්න පුළුවන්කම තිබුණු අයට මිනිස්සු ඡන්දෙ දුන්නා.

    මේ ගොඩක් ප්‍රදේශවල ආණ්ඩු පක්ෂය දින්නේ නැතිවුණාට ඔවුන්ට පුළුවන්කම තිබුණා කරට කර ඡන්දය ලබාගන්න. ඒ නිසා මේ ඡන්දය තුළ මිනිස්සු ටීඑන්ඒ එකට ඡන්දය දුන්නා කියලා ඒක ඒ මිනිස්සුන්ට ඊලමක් ඕනෙ කියන එකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන්කමක් නෑ. අද දෙමළ ජාතික සන්ධානය මේ තත්ත්වය විග්‍රහ කරනවා තමන්ට මිනිස්සු ඡන්දය දුන්නේ ඊලමක් ඕනෙකම නිසා කියලා.



    සිංහල භාෂාව මේ රටේ රාජ්‍ය භාෂාව කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඒ විතරක් නෙමෙයි 1972දී තමයි මේ රටේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්නේ. ඔය කරුණු උඩ එක්දහස් නවසිය හැත්තෑව හැත්තෑ හත යුගයේ සිටි සිරිමාවෝ ආණ්ඩුවට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වුණා දෙමළ මිනිස්සුන්ට මේ රජය ලොකු අසාධාරණයක් කළා කියලා. ඒ විතරක් නෙමෙයි බණ්ඩාරනායක මැතිනිය කිව්වා ලෝකයේ කිසිම රටක සුළු ජාතිකයකුට උඹලට තියෙන තත්ත්වය ලැබිලා නෑ කියලා. මේ නිසා ඇයව දෙමළ නායකයන් සැලකුවේ සතුරෙක් වගේ. ඒ වුණත් බණ්ඩාරනායක මහත්මිය යාපනයට ගිය වෙලාවේ සාමාන්‍ය මිනිස්සු විශාල වශයෙන් රැස්වෙලා ඇයව පිළිගත්තේ අල ලූනු මල් පලන්දලා. ඒ විතරක් නෙමෙයි කොබ්බෑකඩුව මහත්තයා ඡන්දෙ ඉල්ලුවා යාපනෙන්. අනෙක් පැත්තෙන් හිටියේ ඊලම වෙනුවෙන් පෙනී හිටි කුමාර් පොන්නම්බලම්. නමුත් යාපනේ සිටි දෙමළ මිනිස්සු ඡන්දෙ දුන්නේ කොබ්බෑකඩුවට. මේ තත්ත්වයට හේතුවක් තිබුණා. මොකද ඒ කාලය තුළ ගෙනගිය දේශීය ආර්ථීක ප්‍රතිපත්තිය තුළ වැඩිපුර ඵල ලැබුවේ යාපනයේ දෙමළ මිනිස්සු.

  • නමුත් දෙමළ දේශපාලනික පක්ෂ විතරක් නෙමෙයි මුස්ලිම් කොංග්‍රසය වැනි පක්ෂ පවා, ජාතික ප්‍රශ්නය සම්බන්ධ මෙකී පොදු එකඟතා තුළ ටීඑන්ඒ එකත් එක්ක සන්ධාන ගතවීමට අද වනවිට සූදානම් වෙනවා?

  • මං කලින් කිව්වනේ අපි ත්‍රස්තවාදය පරාජය කළත්, ඒ ත්‍රස්තවාදය විසින් වපුරන ලද දෙමළ ජාතිකවාදය තවමත් පවතිනවා කියලා. ටීඑන්ඒ එකත් එක්ක මුස්ලිම් කොංග්‍රසය එකතුවෙලා ඉන්නෙ ප්‍රභාකරන් ඉල්ලුවා වගේ බලය බෙදාදීමක් තමන්ට ලබාදෙන්න කියලා අන්තර්ජාතික වශයෙන් ලංකාවට බලපෑම් ඇති කරන්න. මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂ ඔක්කොටම මුලදි ඉඳන් ඕන වුණේ බලය බෙදාගන්න තමයි. ඔවුන් මූලික වශයෙන් මේ දේ ප්‍රභාකරන්ගේ මාර්ගයෙන් කරගැනීමට උත්සාහ දැරුවා. ඒ නිසා යම් සේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය නැතිකළා වගේම මේ උත්සාහයනුත් සියයට සියයක් පරාජය කරන්න ඕනෙ.

  • මම කලින් කිව්වා වගේ යුදකාලීන සමාජය මෙහෙයවන්න ප්‍රධාන වශයෙන් ඔබ ඇතුළු පිරිස සූත්‍ර ගත කරනු ලැබූ මතවාදයන් ඉතා තදින් බලපානවනෙ. නමුත් පශ්චාත් යුද සමයක් තුළ මහින්ද රජය අද ගෙනයන වැඩපිළිවෙළ ඔබගේ සූත්‍ර ගතකිරීම් එක්ක සියයට සියයක් එකඟයි කියලද ඔබ හිතන්නේ?

  • කරුණට මහින්ද රාජපක්ෂ තවමත් එකඟ නොවී තිබීමෙන් අපිට හිතන්න පුළුවන් ඔහු අපි ගෙනගිය වැඩපිළිවෙළට එකඟ වන බව. ඔහු උත්සාහ කරන්නේ මේ වගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න වෙහෙසි වෙහෙසි ඉන්නේ නැතිව මේ රට සංවර්ධනය කරන්න. ඇත්තටම බොරු වැඩ කරනවාට වඩා මේ තත්ත්වය ඉතාම හොඳයි.

    මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ ජනවාර්ගික ප්‍රශ්නයක් නෙමෙයි. මේ රටේ තියෙන්නේ ඌන සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක්. පසුගිය කාලය දිහා බලද්දි අපිට පේනවා ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයට අමතරව තවත් ත්‍රස්තවාදයන් දෙකක් නිර්මාණය වෙනවා. ඒ තමයි 1971 ත්‍රස්තවාදය සහ 1988-89 කාලය තුළ ඇතිවුණ ත්‍රස්තවාදය. මේ හැම ත්‍රස්තවාදයකටම මුල්වෙන්නේ එකම පදනමක්. ඒ තමයි විශේෂයෙන් මේ රටේ තරුණ පිරිස මුහුණ දුන් විශාල අසහනය. රක්ෂාවල් නෑ, සංවර්ධනය නෑ, ඔවුන්ගේ විශාල බලාපොරොත්තු බිඳ වැටීම, ඇතිනැති විශාල පරතරය වගේ දේවල් තමයි මේ හැම ත්‍රස්තවාදයටම මුල. විශේෂයෙන් විශ්වවිද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න තරුණ තරුණයන් මේ අතර ප්‍රමුඛත්වය ගත්තා. මේ රටේ සිටි එම උගත් පිරිස විශාල අපේක්ෂා ඇතිව ඉනිමගේ ඉහළට යන්න බලාගෙන හිටපු කොටසක්.

    මං දන්න උගත් වෛද්‍ය ශිෂ්‍යයෝ හිටියා. ඔවුන්ට ඕන වුණේ හොඳට ඉගෙන ගෙන රස්සාවක් කරලා ජීවත් වෙන්න. ගොඩක් දෙමළ තරුණයන්ට අඩුගාණේ යාපනේට යන්නවත් උනන්දුවක් තිබුණේ නෑ. ඔවුන්ට ඕනෑ වුණේ යාපනේට වඩා නිදහස් සමාජයක් තියෙන කොළඹ වගේ ප්‍රදේශවල ඉඳන් හොඳට මුදල් හම්බ කරලා ජීවත් වෙන්න. නමුත් ඒ කාලසීමාව තුළ උතුරේ සහ දකුණේ තරුණයන්ට තිබුණු ඒ ඉච්ඡාවන් නැතිවෙලා ගියා. අදත් මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳිලා නෑ.

  • ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් විතරක් නෙමෙයි සෙසු සමාජාර්ථීක කාරණා සම්බන්ධයෙනුත් ඔබගේ මතවාදයන් විවෘතයිනෙ. යුද්ධය අහවරවීමත් එක්ක රජය අද ගෙනයන වැඩපිළිවෙළ ඔබගේ එම සූත්‍ර ගතකිරීම් සම්බන්ධයෙන් සියයට සියයක් එකඟ නැති බවයි පේන්න තියෙන්නෙ?

  • ආර්ථීක වශයෙන් ගත්තාම මහින්ද චින්තනය දැනට ක්‍රියාත්මක වෙන්නේ ධනවාදී මාර්ගයෙන් බව අපිට පේනවා. මේ අවස්ථාවේ මහින්ද ඒ මාර්ගයෙන් රට සංවර්ධනය කිරීමට උත්සාහ කිරීම තුළ එතරම් වරදක් මම දකින්නේ නෑ. මොකද අපි කැමති වුණත් නැති වුණත් අපිට ක්ෂණික සංවර්ධන මාර්ගයක් ලෙස ධනවාදී මාර්ගය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා.



    එහෙම නැතිව මේක සමාජවාදී මාර්ගයෙන් දියුණු කරනවා නම් ඒ සඳහා අපට ගොඩනගා ගන්න වෙනවා ප්‍රබල ආඥාදායකත්වයක් සහිත ප්‍රබල දේශපාලනික ආණ්ඩුවක්. ස්ටාලින් රුසියාව විශිෂ්ට ජාතියක් බවට පත්කරන්නේ ප්‍රබල ආඥාදායකත්වයක් යටතේනේ. අද චීනය ගෙනයන වැඩපිළිවෙළත් ඊට වඩා විශාල වශයෙන් වෙනස් නෑ කියලයි මම හිතන්නේ.

    ක්ෂණික සංවර්ධනය සඳහා ධනවාදී මාර්ගය තාවකාලිකව තෝරා ගැනීමේ ප්‍රබල වරදක් මම දකින්නේ නෑ. මේ ක්‍රමය යටතේ තියෙන්නේ අතපල්ලෙන් වැටෙන ක්‍රමයක්. මොකද මෙතැනදි සිදුවන්නේ උඹලා සල්ලි දාපල්ලා, කර්මාන්ත ගොඩනගා ගනිල්ලා. ඊට පස්සෙ උඹලා හම්බ කරගෙන උඹලගේ අතපල්ලෙන් වැටෙන දෙයක් අපිට දියල්ලා කියන න්‍යාය.

    මේ රටේ බලවත් දේශීය ධනපති පන්තියක් නොමැතිකම නිසා අපිට මේ මාර්ගය තාවකාලිකව හෝ ගන්න වෙනවා. නමුත් එහෙම ගත්තත් මේක සනාතනික විසඳුමක් විදිහට සලකන්න නරකයි. ඒ නිසා මේ අර්බුදකාරී තත්ත්වය ක්‍රමයෙන් මගහැරුණාම අපි ක්‍රමයෙන් සමාජවාදී මාර්ගයට යොමුවෙන්න ඕනෙ.

  • වත්මන් රජයේ ආර්ථීක වැඩපිළිවෙළ ඔබ කියන වර්ගයට අයත් වෙන්න පුළුවන්. නමුත් ඔය කියන වැඩපිළිවෙළ මේ රජය යටතේ නිවැරදි පරිදි මෙහෙයවෙනවා කියලා හිතන්න පුළුවන්ද?

  • ධනවාදය කියන එකේ හරියට වෙනවා කියලා එකක් නෑ එක පැත්තකින්. මේ තුළ සිදුවන්නේ හොරකම් කිරීම විතරයි. ජපන් රටෙත් හොරකම් කරනවා, ඇමරිකාවෙත් හොරකම් කරනවා, ඉන්දියාවෙත් හොරකම් කරනවා. මේ ක්‍රමය රැඳිලා තියෙන්නෙම හොරකම් කිරීම මත. එකම ප්‍රශ්නය තියෙන්නේ හොරකම් කරන එක අඩුද වැඩිද කියන එකේ විතරයි. නමුත් ප්‍රධාන කාරණාව තමයි මං කලින් කිව් රටවල්වල හොරකම් කෙරුණත් ඔවුන් කිසිවිටක හොරකමට අනුබල දෙන්නේ නැති එක. නමුත් අපේ රටේ වෙලා තියෙන්නේ ඕකෙ අනිත් පැත්ත. මේ රටේ හොරකම් කරනවා විතරක් නෙමේ ඒ අය ආරක්ෂා කරමින් හොරකමට අනුබලත් දෙනවා.

    ඒ මොනවා වුණත් මම කියන්නේ මේ රටට ඔය කියන අතපල්ලෙන් වැටෙන ධනවාදී ක්‍රමය කොහෙත්ම ගැළපෙන්නේ නෑ කියලා. මේක මූලික වශයෙන් සමාජවාදී මනසක් තියෙන රටක්. මේ රටේ මිනිස්සු උපන් ගේ සමාජවාදියෝ. ඉන්දියාව, එංගලන්තය වගේ රටවල් ගත්තාම ඒ වගේ තත්ත්වයක් නෑ. මොකද ඉන්දියාව ඉන්නේ හින්දු සංස්කෘතිය උඩ. ඔවුන් කුලභේදය කියන එක පිළිගන්න සමාජයක්. ඒ නිසා එක මිනිහෙක් කාලා බීලා ඉඳිද්දී අනික් මිනිහා සතෙක් වගේ ජීවත්වීම ඔවුන් පිළිගන්නවා.

  • ඔබ කියන විදිහට ලාංකිකයන් උපන්ගෙයි සමාජවාදීන් වීමට හෙවත් ලංකාව තුළ මාක්ස්වාදී නැමියාවක් තිබීමට පදනම් වෙන්නේ මොකක්ද?

  • අපේ ගොඩක් මාක්ස්වාදියෝ වටහා නොගත්තු දෙයක් තමයි මේක. ලෝකයේ විවිධ සභ්‍යත්වවල චින්තනය සහ මනස නිර්මාණය කරලා තියෙන්නේ ඔවුන් අදහන ආගම්වලට අනුව. අපි උපන්ගෙයි සමාජවාදීන් වෙන්නේ බුද්ධාගම නිසා.

    මේ රටේ උගත් බෞද්ධයෝ කියන අය මේ තත්ත්වය ඉතාමත් අඩුවෙන් වටහාගෙන තියෙන්නෙ. ඔවුන් කල්පනා කරන්නේ බුද්ධාගම කියන්නේ පුද්ගල විමුක්තිය සඳහා විතරක් තියෙන දෙයක් කියලා. නමුත් බුදු දහම බිහිවෙන්නෙත් පසුකාලීන අශෝක යුගය තුළ. ඉන්දියාවේ මුල් අදින්නෙත්, ලංකාවේ මුල් අදින්නෙත් වෙන දෙයක් නිසා නෙමෙයි බුද්ධාගමේ තියෙන සමාජවාදී ප්‍රවණතාව නිසා.

    බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ බිහිවෙන්නෙම එක්තරා විප්ලවීය යුගයක. ඒ යුගය තුළ ඉන්දියාවේ තියෙන්නේ ප්‍රාථමික කොමියුනිස්ට්වාදයක්. ඒ තුළ රජ කෙනෙක් හිටියේ නෑ. එක එක්කෙනාට පෞද්ගලික වූ ධනයක් තිබුණෙ නෑ. ආණ්ඩු කරන්න ආණ්ඩුවක් නෑ. නායකයෙක් ඉන්නවා කලින් කලට පත්වෙන. ඊට අමතරව 'සන්ථාගාරය' කියලා ශාලාවක් තිබිලා තියෙනවා. මිනිස්සු එතැනට රැස්වෙලා පරිපාලනය පිළිබඳ තීන්දු තීරණ ගන්නවා. ඒ තුළ පෞද්ගලික අත්පත් කරගැනීම් කිසිවක් තිබුණේ නෑ. බුදුහාමුදුරුවෝ තමන්ගේ සංඝ සමාජය නිර්මාණය කරන්නෙත් මේ ක්‍රමය උඩ. සංඝයාටත් තමාගේ කියලා දෙයක් නෑ. ඔවුන් ජීවත්වෙන්නේ අනුන්ගෙන් ලැබෙන දෙයින්. බුදුන් වහන්සේ එහෙම සංඝ සමාජයක් නිර්මාණය කළේම වෙන දෙයකට නෙමෙයි එය ආදර්ශයට අරන් ජීවත්වීම සඳහා ගිහියන්ව පොළඹවන්න.

    මේ තත්ත්වයන් තමයි ලංකාවේ සමාජය සඳහා විඥානය සකසන්නේ. සාමුහිකත්වයට මුල්තැනදීම, පුද්ගල වාදයක් නොතිබීම, සමානාත්මතාව, අසාධාරණයෙන් තොරවීම, අල්පේච්ඡතාව තිබීම කියන ඇත්ත තමයි මේ මනස මෙහෙයවන මූලික සාධක. මේ නිසා මේ රටට මාක්ස්වාදය එන්න බොහෝම කාලයකට කලින් ඒ වගේ දේශපාලනයක් පිළිගන්න අපේ රටේ මිනිස්සුන්ගේ මනස ගොඩනැගිලා තිබුණා. ඒක තමයි එන්. එම්. පෙරේරලා, කොල්වින් ආර්. ද සිල්වලා හතළිස් ගණන්වල මාක්ස්වාදය මේ රටට ගේද්දිම මේ රටේ මිනිස්සු විශාල වශයෙන් ඒ වටා රැස්වෙන්නේ. ඒ යුගය තුළ ඩී. එස්. සේනානායකට තිබුණු ලොකුම බය තමයි මේ රට කොමියුනිස්ට්කාරයෝ අත්පත් කරගනියිද කියන එක.

    මේ රටේ මිනිස්සු මාක්ස්වාදය භාරගත්තේ මාක්ස්වාදයවත් මාක්ස්ගේ පන්ති සටනවත් දැනගත් නිසා නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ හදවතේ තිබුණා මේ සමාජවාදී ආකල්පයන්.

    ඡායා- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
    [රාවය 03.04.2011]
    මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
    Tags- Interview with Gunadasa Amarasekara, Sri Lankan writer
    පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
    Pradeep මෙහෙම කියනවා :
    මම හිතන්නේ අපේ දොස්තර මහත්තය කියන එක ඇත්ත.

    කිවුව වෙලාව- 2011-06-25 22:14:34
    BDS මෙහෙම කියනවා :
    I very much admire GA as a novelist and a poet, but he shows his bankruptcy here as a political commentator - according to him, minorities never had a problem in SL and he quotes another phoney like him (Kumar Ponnambalam) to justify that ... what a cop out ....

    කිවුව වෙලාව- 2011-06-03 05:02:43
    benny මෙහෙම කියනවා :
    this idiot is one of the most racisit faggot i have ever seen

    කිවුව වෙලාව- 2011-04-13 14:00:55
    Podi Darme මෙහෙම කියනවා :
    ම්චන්......මට කවදටත් ගුනදාස ලොක්කව එච්චර පේන්න බෑ...එත් මචන් හිතපන් මේ වයසෙදි මෙහෙම උත්තර දෙන්ඩ පුලුවන් එකෙක් මේ රටේ ඉන්නවද කියලා...... කියන ඒවා ගොන් උනත් මේ යකා ඒක ප්‍රොසෙස් කරගන්න විදිහට මමනම් කෑමතියි, අනික ඔය නයට ගත්ත බොරු විප්ලවකාරී වෙසිගෙ පුතලට වෑඩිය මේ ගොන්පාට් තව හොදයි..........

    කිවුව වෙලාව- 2011-04-08 06:26:12
    වන් කොහා මෙහෙම කියනවා :
    @ Rasika

    ඇත්තද හලෝ මාරයිනෙ, ඔයා දන්න ගොඩ!

    (ඔයාගෙ කවි දිහා බලද්දි පේන්නෙ නැති වුණාට) ඔයා පොර කැම්පස් හිටපු කාලේ ලියපු පොතුත් කියවලා තියෙනවා නේද?

    හ්ම්ම්....


    කිවුව වෙලාව- 2011-04-07 22:02:50
    Rasika මෙහෙම කියනවා :
    ආචාර්ය නෙමේ හලෝ වෛද්‍ය.
    ගුණදාස දත් දොස්තර කෙනෙක්. පොර කැම්පස් හිටපු කාලේ ලියපු කෙටිකතා පොත් කියවලා නැද්ද?


    කිවුව වෙලාව- 2011-04-07 16:56:23
    babara sekara මෙහෙම කියනවා :
    well done galpilimaya

    කිවුව වෙලාව- 2011-04-07 11:52:31
    Deshabandu Gamage මෙහෙම කියනවා :
    This old man should now stop talking about things he does not understand. If Sri Lanka's problems are as simple as he explains, we do not have much to solve.
    We either need to ignore these guys or to take them on real hard. This bugger misled a whole generation radical youth in the south while his own son is having a good time in Australia!! This must now end.


    කිවුව වෙලාව- 2011-04-07 10:04:39
    samajawadiya මෙහෙම කියනවා :
    බුදු හාමුදුරුවො සoග සමාජය නිර්මාණය කළේ ප්‍රාථමික කොමියුනිස්ට් සමාජ ලකුණු ස්මරණය කරමින් ය යන්න අමරසේකර සුචරිත ගම්ලත්ගෙන් සහ පියසීලි විජේගුනසිහගෙන් හොරා ගත්තු අදහසක්. බුදු හාමුදුරුවො ඒ සමාජය නිර්මාණය කළේ ගිහියන්ට ආදර්ශයට ගන්නලු!!! සoග සමාජයේ කවුරුත් නිශ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ නෑ. ගිහි සමාජය මේක ආදර්ශයට ගත්තොත් කොහොම හිටී ද? එහෙම වුණොත් අමරසේකරටත් බඩගින්නෙ මියයන්නය් වෙන්නෙ. කොසොල් රජ්ජුරුවොය්,අනේපිඩු සිටාණොය් නොහිටියා නම් බුදු හාමුදුරුවන්ටත් මොන බණ ද?

    කිවුව වෙලාව- 2011-04-07 03:16:24
    Ferni Alwis මෙහෙම කියනවා :
    බොලේ බොල්....

    කිවුව වෙලාව- 2011-04-07 02:08:06
    Soosthigine මෙහෙම කියනවා :
    ප. ණු. වාදී පොල්මක්කාරන්ට මේව දැක්කම අජීර්නේ හැදෙනවා.

    කිවුව වෙලාව- 2011-04-07 01:33:46
    Michael Corleone මෙහෙම කියනවා :
    It is very clear that this 'Pundit' knows nothing about Marxism. He and his illegitimate 'Chinthana son' Nalin are misinterpreting Marxism to please their political bosses in the name of national welbeing. Not only the economic under-development but also intellectual under-development embodied by these stupid jokers is a big problem in Sri Lanka.

    කිවුව වෙලාව- 2011-04-07 00:58:46
    Isuru Andradi මෙහෙම කියනවා :
    Talks Only ... stick into Socialization ... One eye seeners ~

    @FB


    කිවුව වෙලාව- 2011-04-06 23:53:13
    thushilk මෙහෙම කියනවා :
    මේ රටේ හොරකම් කරනවා විතරක් නෙමේ ඒ අය ආරක්ෂා කරමින් හොරකමට අනුබලත් දෙනවා.

    කිවුව වෙලාව- 2011-04-06 22:54:05
    galpilimayaa මෙහෙම කියනවා :
    පිස්සු නැත්තන් සෝක් දත් දොස්තර.... නාකි වෙන්ඩ වෙනඩ පිස්සු තද වෙනවා මේ ආඅචරි වරුන්ට

    කිවුව වෙලාව- 2011-04-06 21:38:46
    Plus
    ප්‍රතිචාර
    අඩවි දත්ත
    Facebook Page
    Boondi Google+
    Boondi RSS
    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
    කතා-බස්
    "වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
    කතා-බස්
    යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
    කවි
    පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
    අදහස්
    මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
    රංග
    අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
    තවත් කතා-බස් කරන්ට්ස්
    ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
    "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
    අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
    ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
    "ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
    බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
    BoondiLets
    චේ ලියයි.
    යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා... [More]
    What's New | අලුතෙන්ම
    රංග| මහගම සේකරගේ නාට්‍ය සාහිත්‍යය සහ ජීවන දෘෂ්ටිය

    9-Mins

    (ජෝන් දිනේෂ්) මහගම සේකර (1929-1976)

    "1929 අප්‍රේල් 07 වැනිදා සියනෑ කෝරළයේ කිරිඳිවැල රදාවානේදී ජන්මලාභය ලැබූ මහගමසේකර මූලික අධ්‍යාපනය ලැබුයේ ගමේ පාසලෙනි. ළමා... [More]
    කවි| "මිරැන්ඩා...... මම යන්නම්"

    20-Secs

    (උපුල් සේනාධීරිගේ) මිරැන්ඩා......... මම යන්නම්*
    යනු මිස තවදුරටත් මෙහි
    රැඳීමක් නොමැත මට
    එහෙයින් මම යන්නම්

    අප තැනූ ආදර දෙවොලට... [More]
    ඔත්තු| උපුල් සේනාධීරිගේ කවි මග විමසීමක්- සැප්. 23

    7-Secs

    2017, සැප්තැම්බර් 23 සෙනසුරාදා, උදේ 9:00 සිට දහවල් 12:00 දක්වා, කොළඹ මහජන පුස්තකාලයේ, පළමුවන මහලේ... [More]
    වෙසෙස්| භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්

    6-Mins

    (තිලක් සේනාසිංහ ) ගුප්ත විශ්වාස සෑම සමාජයකම අඩුවැඩි වශයෙන් දක්නට ලැබේ. ඇතැම් සමාජයන් හි ඒවා සංස්කෘතිකාංග ලෙස ද ඉදිරිපත්ව ඇත. අතීත ශ්‍රී ලාංකීය... [More]
    කවි| මැටි බඳුන්

    30-Secs

    (ජනක මහබෙල්ලන) පෙලින් පෙලට
    මැටි බඳුන් රැසක්
    තබා තිබුනු
    ඒ මහලු කුඹලගෙ
    සාප්පුව ඉදිරිපිට
    එක් සුන්දර සවසක... [More]
    වෙසෙස්| තෝල්ස්තෝයි අදට වලංගු ද?

    12-Mins

    (චින්තක රණසිංහ) අද අපි මේ ගෙනියන තෝල්ස්තෝයි පිළිබඳ සාකච්ඡාව මේ වගේ වාතාවරණයක් රටේ තියන තත්ත්වයකදි වුණත් තිබීම අතිශය වැදගත්. ලංකාවෙ පහුගිය අවුරුදු... [More]
    Cine| බස්‌සා තටු සලන ගොම්මනේ නැටීම- ධර්මසේන පතිරාජගේ 'ස්‌වරූප' ගැන විචාරයක්‌

    4-Mins

    (සිවමෝහන් සුමති | එරික් ඉලයප්ආරච්චි) ග්‍රෙගරි සැම්සන් තව ස්‌වල්ප වේලාවකින් ළඟාවනු ඇති තානායම දෙස බලයි. යටත් විජිත භාෂාවෙන් එය කඳුරට නැවතුම්පළක්‌ (hill station) බව කිව... [More]
    රත්තරං ටික| පළතුරු සහ චාරිත්‍රය

    1-Mins

    (පාවුලෝ කොයියෝ | සංජය නිල්රුවන් ගුණසේකර) ගිනියම් වූ කතරෙහි පලවැල සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තකි. ඒ බැව් දත් දෙවියන් දිනක් තම... [More]

    Warning: Division by zero in /home/boondilk/public_html/article.php on line 1198
    රහක් ඇති Music| ආල වඩන සුවඳ සබන්

    අමරසිරි පීරිස්
    ප්‍රේමසිරි කේමදාස
    රත්න ශ්‍රී විජේසිංහ
    [Play]
    අදහස්| අලුත් මිදියුෂ අලුත් බඳුනෙක

    6-Mins

    (අජිත් හැඩ්ලි පෙරේරා) අප අසල්වැසි ඉන්දියාව නොබෝ දා අලුත් ජනාධිපතිවරයකු තෝරා ගත්තේ ය. ඉන්දියාවේ බොහෝ දෙනා තවමත් දලිත්වරුන් පිළිකුල් කරති. ඔවුන්ගේ ඇඟේ වැදුනු... [More]
    ඔත්තු| කවි පොත් සල්පිල මෙවරත්

    45-Secs

    2017 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව, පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 'කවි පොත් සල්පිල',... [More]
    වෙසෙස්| දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ

    5-Mins

    (මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස්... [More]
    කවි| පෙම් යුවළ

    27-Secs

    (මහගම සේකර) 'ඉසුරු මුනියෙහි පෙතැලි ගලක
    ඒ ආලයෙ ලීලය පෑ
    විස්මිත ගල් වඩුවාණෙනි'
    අමරණීය වේ ඔබගේ නාමේ
    කියනු මැනවි මට
    මූර්තියට ඔබ මේ ලෙස නැඟුවේ... [More]
    ඔත්තු| බූමරංගය ඔබේ ඇස් දෙක- සැප්. 07

    9-Secs

    කාංචනා අමිලානිගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය "බූමරංගය ඔබේ ඇස් දෙක", 2017, සැප්තැම්බර් 07 වැනිදා, සවස 4:00ට,... [More]
    කතන්දර| "හාවයි ඉබ්බයි දැන් හරි යාලුයි"- ළමා කතන්දරය [වීඩියෝව]

    28-Secs

    වෙන්කට්‍රාමන ගොව්ඩා ලියූ පද්මනාබ් සිත්තම් කළ, "The Hare & the Tortoise (Again!)" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.

    Sinhala Translation of... [More]
    කවි| An Attacked Mosque alias Sutta Palli

    40-Secs

    (ෆතීක් අබූබකර්) Poem embeds the same boy
    twenty sixth time
    into the memory of an attacked mosque
    where thousand eyes of misery
    are wide-opened scars... [More]
    Cine| "මේ රට මගෙ නෙවෙයි; මගෙ අම්මගෙත් නෙවෙයි" සමඟ "28" කියවීම

    8-Mins

    (කේ.ඩී. දර්ශන) මෙය 28 සිනමාපටය ගැන බරපතල න්‍යායික විචාරයක් නොවෙන්න පුළුවං. දවසින් දවස මතු කරගන්නවා වෙනුවට සංස්කෘතික සළුපිලි අන්දලා යට කරන්න හදන... [More]
    කතන්දර| "කළු කිටියා හරි නරකයි"- ළමා කතන්දරය [වීඩියෝව]

    27-Secs

    අනුෂ්කා රවිශංකර් පොඩිත්තන් වෙනුවෙන් රචනා කළ, ප්‍රියා කුරියාන් සිත්තම් කළ, "It's All the Cat's Fault!" සිඟිති කතන්දරය ඇසුරින් හැදූ කාටූනය.... [More]
    Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
    Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook