Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
වැසි දිනෙක- පොඩි කුඩයක් යට - ඔබ සමග
බූන්දි, 21:18:23
නිරාවරණ උරට
නිරන්තරව අනින
ඉඳිකටු තුඩු
අමතකය
සෙවණ ලද මා උර
සිඹින විට ඔබ උර
වරින් වර

[ඉමක් සහ මලක් කාව්‍ය සංග්‍රහයෙනි.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Imak Saha Malak
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
malathie මෙහෙම කියනවා :
මම මේ කවියට කැමතියි. ඒකෙ විඳින්න අමාරු බවක් මට නම් පේන්නෙ නැහැ. මේක බොහොම අපූරුවට රස විඳින්න පුලුවන් කවියක්. කවි කියල කමෙන්ටුව දාලා තියෙන කෙනා කියනවා වගේම හයිකු ගැන අදහසක් සහ ඒවාවල ගැවසීමක් තියෙනවා නම් මේක එච්චර අමාරු කාරණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. අනෙක් අතට සුදර්සන කියනවා වගේම මෙවැනි කවි (විශේෂයෙන් රණවීරගෙ කවි) පාඨකයාගේ කියවීමට ලොකු ඉඩක් හදනවා. මේවයේ වචන ටිකයි තමයි. නමුත් වචන ගොඩක් පාවිච්චි කරල කියන දේවල්, තෝරා බේරා ගත් සුදුසුම වචන යොදා ඉදිරිපත් කිරීම තමයි මේ කවියාගේ හැකියාව. රණවීර ව වෙනම හැදෑරුවොත් ඔහුගේ කවි යනු සුවිශාල ලෝකයක්.

කිවුව වෙලාව- 2012-01-05 20:54:56
කවි මෙහෙම කියනවා :
madyastha ගේ කමෙන්ට් එක දැක්කම මෙහෙම දෙයක් මතක් වෙනවා
සරච්චන්ද්‍ර ගේ නිර්මාණ ගැන විවේචනය කරපු විශ්වවිද්‍යාල සිසුවෙක්
මේ කේ අන්තර්ගතයක් නැහැ කියල කිව්වලු
සරච්චන්ද්‍ර හිනා වෙලා අනිත් නාට්ටියේ ඉඳලා ඒක දාලා කරන්නම් කිව්වලු ;


කිවුව වෙලාව- 2012-01-05 05:39:30
කවි මෙහෙම කියනවා :
සුදර්ශන එක්ක එකඟයි
රණවීර කියවන්න හයිකු කවි ගැන ඉවක් තියෙන්ඩ ඕන
ඒ කට රණවීර පරිවර්තනය කරපු ඉම් පෙදෙස් කියන කාව්‍ය සංග්‍රහය කියවන්ඩ කියල අංකුර කවියන්ට ආරාධනා කරනවා ....


කිවුව වෙලාව- 2012-01-05 05:32:40
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[happy man] ඔයාම පිළිගන්නවනෙ නේද කවිය නැවත නැවත කියවනකොට අලුත් අලුත් දේවල් උපදිනව කියල. හැම කවියක්ම එකපාරම හිතට වදින්නෙ නෑ. නැවත නැවත කියවන්න ඕනෙ. එකම ගුණයක් ‍හැම කවියකින්ම ඉල්ලන එකත් අවාසනාවක්. අනිත්එක කවියක් කියවපු ගමන්ම හිතට වැදුනෙ නැත්තම් ඒක කවියක් නෙමෙයි කීම කොයිතරම් නං අවාසනාවක්ද.. කවුරැ ලිව්වත් ප්රශ්නයක් නෑ. කවියක් කියවමින් එහි දෙවැනි පෙළ තුන්වෙනි පෙළක් මතුකරගන්න එක ආයාශයෙන් තැටමීමමක් නම් නෙමෙයි. කියවීම කියන්නෙ ඇස් දෙකෙන් අහුලගෙන ක්ෂණිකව හිතට වැදුනම එතනින් කියවන එක නතරකරල අර සංවේදනාව විදින එකට වඩා ටිකක් පළල් දෙයක්. රැවන්ගෙ කවිය සාර්ථක නිර්මාණයක්. හැබැයි මේ කවි දෙකම එකම මිම්මකින් මැනීමට යාම ඒ තරම් හොද දෙයක් නෙමෙයි.

@[madyastha]
කවියාගේ දිග පළල අනුව කවිය ඉතා උසස් කියල කවුරැත් පිළිගන්න උත්සාහ කරන ගතියක් අපේ විචාරකයන්ගෙ තියෙන බව මං පිළිගන්නවා. ඔයාට එකගයි. ඒත් මම මේ කවිය කියවන විදිහට මට හොද නිර්මාණයක් විදිහට විදින්න පුලුවන්. කලා කෘතියක් රස විදින්නෙ තම තමන්ට ආවේනික විදිහටනේ. කවියා ඉතා ඉහ‍ල පෙලේ කෙනෙක් වීම නිසා කවිය වර්ණනා කරන අපේ සම්ප්රාදයවට මමත් විරැද්දයි. හැබැයි මේ කවිය හොදට කියවන්න පුලුවන් එකක්. තමන්ගෙ හිතට වැදුනෙ නැති පලියට ඒකෙ කවි ගතියක් නෑ කියන්න හොදනෑ.


කිවුව වෙලාව- 2011-04-23 01:39:42
happy man මෙහෙම කියනවා :
@[madyastha]නිහඩ වෙනු.මචන්,මේ කවියේ රසයක් නෑ තමයි.ඒත් සමහර එවුන් එක්ක තර්ක කරන එකේ තේරුමක් නෑ.කවියක් කියන්නේ සුදර්ශන කියන විදිහට තටම තටමා ආයාශයෙන් විදින්න ඕනේ එකක් නෙවෙයි.කියවපු ගමන්ම හදවතට දැනෙන්න ඕනේ එකක්.මම උඹත් එක්ක එකගයි.රුවන් බන්දුජීවගෙ අසපුවෙන් නැගෙන හඩ කියවන්න කියමු.කවි කියන්නේ ඒවාට.

කිවුව වෙලාව- 2011-04-21 08:36:17
madyastha මෙහෙම කියනවා :
mama methana adahas karapu de \'yati pela\' ogolllonta therila nehe....

oya sudarshanage gemburu wicharaya apita dekaganna puluwan weida me pada tikama 9-10 wasare podi ekek athin liya una nam.... kaviyaage thiyena diga palala, kaviyata aadesha karala thamai ogollo hamoma katha karala thiyenne.....


කිවුව වෙලාව- 2011-04-21 07:16:01
තිසර මෙහෙම කියනවා :
කවියත්.. සංවාදයත් 2ම මරු

තිසර


කිවුව වෙලාව- 2011-04-21 05:20:16
sudarsana samaraweera මෙහෙම කියනවා :
ඔව් රැවන් ඔයා කියන එක ඇත්ත. අපේ ගොඩක් විචාරකයො කරන්නෙ කවි කියවනව හා කවියේ පරාශය පුලුල් කරනවට වඩා කවි ලියන්න ඕන විදිහ උගන්නන එක. එතකොට කවිය මගින් සමාජය මත අරඹන කතිකාවට ඉඩ ඇහිරිල යනවා. මේක ප්රශ්නයක්.

කිවුව වෙලාව- 2011-04-21 05:09:22
Ruwan... මෙහෙම කියනවා :
කවියේ පෘෂ්ටයේ නැති දේවල් තියෙන ඉගි කිරීම් හරහා මතු කරගන්න එක කියවන කෙනාගේ කාර්යයක් නේද?

ඔව්. මේ කතාව හරියටම හරි. ලියන්නා මැරිලා... එයාගෙ වැදෑමහ අවුස්ස අවුස්ස විචාර කරන එක පිස්සුවක්...


කිවුව වෙලාව- 2011-04-21 04:10:45
Ruwan... මෙහෙම කියනවා :
මැද්දෙන් පනිනවා මම...

මේ මද්යස්ත කියල තියන "මෙය මීට වඩා ප්‍රබලව ලියන්න තිබ්බ කවියක්...." කියන එක මාරම විහිලු කතාවක්... මේ කතාව විචාරකයන්ගෙ අසනීපයක්...

කවිය ඉපදිලා ඉවරයි... ඒක නිකන් ලමයෙක් උපන්න වගේ... ලමයව වඩා හොඳට හදන්න තිබ්බා කියනව වගේ පිස්සු කතාවක් මේක


කිවුව වෙලාව- 2011-04-21 04:09:07
sudarsana samaraweera මෙහෙම කියනවා :
@[madyastha]
යටි පෙළ ප්රබලයි කිව්වෙ රණවීර ලියපු එකක් නිසා නෙමෙයි. කුඩේ යට ඇවිදින මේ දෙන්නගෙම එක උරහිසක් තෙමෙනවා. අනික තෙමෙන්නෙ නෑ. එතකොට නොතෙමෙන අවකාශය හදන්නේ මේ පොඩි කුඩය. කොහොම උනත් තෙමෙනෙ ඉඩ ඇතුලෙ දැනෙන අමිහිරිබවට වඩා නොතෙමෙන ඉඩ ඇතුලෙදි විදින්න පුලුවන් වෙන මිහිර ප්රබලවයි මේ දෙන්නට දැනෙන්නේ. එතකොට මේ සැනසිල්ල හදන්න පොඩි රැකවරණයක් තිබීමත් වැදගත්.ඒ කියන්නෙ කුඩය.
මේ කවියෙ තියෙන්නෙ ඉතාම අඩු වචන ප්රමාණයක්නෙ. එතකොට පාඨකයට සක්රීය වෙන්න තියෙන ඉඩ සාපේක්ෂව වැඩියි. අපි මේ කවියේ "කුඩය" එයින් ලැබෙන "සෙවන" "සැනසිල්ල" "නිරාවරණ උර" හා "ඉදිකටු තුඩු" කියන සංඤා මේ කුඩා අත්දැකීමෙන් ඔබ්බට ලාංකේය සමාජයේ බොහොදනෙකු විදින ප්රේමය වගේ සංදර්භයක් ඇතුලෙ තියාගෙන කියෙව්වොත් අපිට තවත් කාරණා මතු කරගන්න පුලුවන්. මේකෙ තියෙන හුදු රොමෑන්ටික් ගතියට වඩා පළල් කියවිමට යන්න පුලුවන් වෙන්නෙ එතකොට.
අනිත් කාරණය මේක පොදු අත්දැකීමක් උනාට ලේඛකයා කතාකරන ඒ අත්දැකීමට කොටුවෙලා ඒ තුළ විතරක් පද ටික තියාගෙන නිර්මාණය කියවන්න හොදනෑ. ලේඛකයා කරන්නෙ පළල් කියවීමකට පාඨකයට ඉගි කරන එක. මං හිතන්නෙ මේ කවිය තුළ තියෙන සංඤා ඔස්සේ කල්පනා කෙරැවොත් අපේ කියවීමක් හදා ගන්න පුලුවන් වෙයි. අපේ තියෙන ප්රබලම ප්රශ්නයක් තමයි ටිකක් එළියට ඇවිත් කල්පනා නොකර කවිය ඇතුලෙම තාවර වෙවී ඉන්න එක. කවියේ පෘෂ්ටයේ නැති දේවල් තියෙන ඉගි කිරීම් හරහා මතු කරගන්න එක කියවන කෙනාගේ කාර්යයක් නේද?
කොහොම උනත් මං මේකෙ ප්රබල යටි පෙළක් තියෙනව කියල ඉස්සරල කිව්වෙ රණවීර කියන්නෙ අපේ විශිෂ්ටතම කවියෙක් නිසා ඒ දෘෂ්ටිවාදය ඔලුවෙ තියාගෙන නෙමෙයි. මං කියව්න්නෙ මගෙ කියවීමේ පළල්කම අනුව. ඒක අනිත් අයගෙ තරම් ලොකු රසිකත්වයක් නොවෙන්න පුලුවන්. වගේම ඔබ එකග නොවෙන්නත් පුලුවන්. නමුත් මේ කවිය ඉතාම හොද නිර්මාණයක් කියන තැන මම ඉන්නවා..


කිවුව වෙලාව- 2011-04-21 03:27:46
madyastha මෙහෙම කියනවා :
me athdakeema meeta wada nirmanathmakawa, apuruwata kiyanna thibba....

@sudarshana : but, me kaviye yati pela itha prabalayi kiwwe meka \'Ariyawansa\' liyapu nisada?

mata nam hithenne mohuge me kaviya prabala nehe... meya meeta wada prabalawa liyanan thibba kaviyak.... mokada meya ithaamath podu athdakeemak, eka nisa me wage common topic ekak liyanakota ehi apoorwathwaya aniwaarya saadakayak wiya yuthumai... nethnam paatakayata eke melo rahak nethgi wenawa.....

Ranaweera newei kawuru liwwath....


කිවුව වෙලාව- 2011-04-20 17:05:50
happy man මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-20 08:29:45
sudarsana samaraweera මෙහෙම කියනවා :
පොඩි කුඩය අපේ බොහොමයක් ආදරවන්තයින්ගෙ ආදරය බෙදාගන්න අවකාශයක්. ඒ වගෙම මේ කවියෙන් මතුකරන පුංචි රැකවරණය වෙන කුඩේ ඇතුලෙ විදින්න පුලුවන් සැනසිලි සුවය හැදෙන්නෙ කුඩේ නිසා. එතකොට මේක හුදු කුඩෙන්, වැස්සෙන් එහාට ගියපු පුළුල් අවකාශයක අපිට ස්ථානගත කරන්න පුලුවන්. මේ කවියෙ යටි පෙළ හරි ප්රබලයි...

කිවුව වෙලාව- 2011-04-20 00:04:10
Sunanda Karunaratna මෙහෙම කියනවා :
Romantic!!!!!!!!!!!!!!

කිවුව වෙලාව- 2011-04-19 23:22:23
Micle මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-04-19 22:55:55
වැස්ස යට තනිව මෙහෙම කියනවා :
මෙ දවස් වල හවසට වහිනවා... අපිත් තෙමෙනවා කුඩ නැතුව තනියම

කිවුව වෙලාව- 2011-04-19 22:51:45
කාවින්ද මෙහෙම කියනවා :




කිවුව වෙලාව- 2011-04-19 21:33:52
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආරියවංශ රණවීරගෙන් තවත් වියමන්
කවි
මඳ නල
කවි
සසර
කවි
නමක් නැති තණ පඳුර වීසි කැත්තට
කරන්ට්ස්
සැප්තැම්බරය අවුත්
කවි
ගාලු මුවදොර කුඩයක් යට තනිවම සිටින මෙනවියට
තවත් කවි බූන්දි
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
උතුරින් දකුනට
BoondiLets
ප්ලූටාර්ක් කියයි
Painting is silent poetry, and poetry is painting that speaks.| සිත්තමක් යනු නිහඬ කවියකි. කවියක් යනු කතා කරන සිත්තමකි!
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook