Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විද්වත් කමිටු වාර්තාව හා දවල් මිගෙල් රෑ දනියල්ලා
බූන්දි, 23:35:46
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්වරයා වන බෑන් කී මූන් මහතා විසින් පත් කළ උපදේශක කමිටුව නොහොත් විද්වත් මණ්ඩලය තම වාර්තාව පසුගිය දිනක ලේකම්වරයා අත පත් කරනු ලැබීය. එහි පිටපතක් ලංකා රජය වෙත ද භාර දෙනු ලැබුණි. ඒ සමගම ලංකාවේ විවිධ මාධ්‍යයන් තුළින් ඒ පිළිබඳ ප‍්‍රකාශ සහ වහසි බස් දෙඞීම ද ඇරඹුණි. වාර්තාව ප‍්‍රසිද්ධියට පත් කර නොමැති අවස්ථාවේ වුව ද,

එහි යම් යම් කොටස් සාරාංශ ගත කර පුවත්පත්වල ප‍්‍රසිද්ධ කරන ලදී. විද්වත් මණ්ඩල වාර්තාව ඉදිරිපත් කළ කරුණු සාරාංශ කර ගත් විට රජයට එරෙහිව චෝදනා පහක් ද, විමුක්ති කොටි සංවිධානයට එරෙහිව කරුණු හයක් ද ලෙස පුවත්පත්වල සම්පිණ්ඩනය කර තිබුණි. මගේ හැඟීමට අනුව, මෙම චෝදනාවන් සියල්ල ඉතා සාධාරණ ඒවායි. ‘දිවයින’ පුවත්පතේ සම්ප‍්‍රපලාපකරු වන කීර්ති වර්ණකුලසූරිය වැනි තුට්ටු දෙකේ මාධ්‍යකරුවන්ගේ සිට වාමාංශිකයින් යයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ දක්වාත්, තවත් බුද්ධිමතුන් යයි කියා ගන්නා ජාතික උන්මාදකරුවනුත් එක හඬින් මෙම විද්වත් මණ්ඩල යෝජනාවනට එරෙහිව හඬ නඟති.

කොටි අතකොලූ ලෙසත්, අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණයක් ලෙසත්, මව්බිමේ ස්වෛරීබවට ඇඟිලි ගැසීමක් ලෙසත්, යුද විරුවන් කුදලා ගෙන යාමට කරන උත්සාහයක් ලෙසත් ආදී සුපුරුදු යාදින්න සෑම අතින්ම මතුවේ. විද්වත් කමිටු වාර්තාව තාමත් එළි දැක නොමැති වුව ද, එහි ඇති කරුණු පැත්තකින් තබා කොමිසමට, බෑන් කී මූන්ට සහ අධිරාජ්‍යවාදයට බැණ අඩ ගැසීම මේ හැමෝගේම ඇති සමානත්වයයි. කමිටු වාර්තාව ගැන නොදැන මට හරි හැටි ඒ ගැන යමක් තාම කිව නොහැකි වුවත්, සම්පිණ්ඩනය වී ඇති කරුණුවලට එකඟ වෙමි.

අපි මොහොතකට ලංකාවේ මෑත කාලීන ඉතිහාසයට අවධානය යොමු කරමු. 1971 සිට අද දක්වාම ලංකාව පාලනය වන්නේ හදිසි නීති යටතේ බව මේ ප‍්‍රකාශ නිකුත් කරන පක්‍ෂ සහ අයවලන් නොදන්නේ ද? 71 දීත් 87 - 90 දීත් උතුරේ වසර 25 පමණ යුද්ධයේදීත් දසදහස් ගණනින් සිවිල් වැසියන්, කැරලිකරුවන් සහ සොල්දාදුවන් මිය ගිය බව ලාංකිකයා නොදන්නේ ද? විශේෂයෙන් ම ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂවල නායක මණ්ඩලය පමණක් නොව, එහි මුලූ සාමාජිකත්වය ද ඝාතනය කළ බව ජනතා විමුක්ති පෙරමුණට අමතක වීද? අදටත් රජයට එරෙහිව මත ප‍්‍රකාශ කරන අයගේ ශරීර සෞඛ්‍යයට එය අහිතකර බව ලාංකිකයා නොදන්නේ ද? විශ්ව විද්‍යාල ශිෂ්‍ය නායකයින්ට, මාධ්‍යවේදීන්ට ජීවිත තර්ජන නැද්ද? ඔවුන් හිතුමතේ අත් අඩංගුවට නොගන්නේ ද? දින දින පුද්ගලයින් අතුරුදහන් වීම් මේ වන විටත් නොවන්නේ ද? ඉඳ හිට භාගෙට පිළිස්සුන මල කඳන් අධි ආරක්‍ෂිත කලාපවල පවා හමු නොවන්නේ ද? එපමණක් නොව, ලංකාවේ සිංහල බෞද්ධයාගේ යුද ජයග‍්‍රහණයේ සෙන්පතියා පවා දේශපාලනය කළ වරදට හිර කර දමා නොමැති ද? (ෆොන්සේකා හිර කර ඇත්තේ ඔහු කළ යුද අපරාධ සම්බන්ධයෙන් නොවේ.) ඉතින් මේ සියල්ල සිදු වන්නේ ලංකාව නමැති කොදෙව්වේ මිස වෙනත් තූත්තුකුඩියක ද?

වයස 15 කට අඩු ළමයකුට මිස වැඩිහිටියකුට මේ දේවල් ගැන අවබෝධයක් නොතිබිය නොහැකිය. එසේ නොපෙනේ නම් ඔහු හෝ ඇය එක්කෝ මන්ද බුද්ධිකයෙකු විය යුතුය. නැතිනම් ඔවුහු තමනට හානියක් නොවන තැන අනෙකාගේ හානිය දැක තුටුවන්නෙක් විය යුතුය.

71 පේ‍්‍රමවතී මනම්පේරිගේ සිට පසුගිය දිනක යාපනයේ දී වෛiලිංගම් ඝාතනය දක්වාත් මේ ලංකා පිං බිමේ ඝාතනයන්ට, ලිංගික බලහත්කාරයට සහ දහසක් වදයට පත් කළ තරුණ තරුණියන්ගේ ප‍්‍රමාණය දස දහස් ගණනකි. එසේ නැති යයි කියන්නේ එම වධකයින්, ඝාතකයින් සහ ඔවුනගේ උදව්කරුවන් පමණකි. ලංකාවේ ඇත්තේ එහි ප‍්‍රධාන ආගම වන බුද්ධාගමේ මූලික මූලධර්මය වන කරුණාවේ, මෛති‍්‍රයේ සහ අවිහිංසාවේ අනුභාවය ඇති සමාජයක් නොව, මිනීමරුවන්, ඝාතකයින් සහ වධකයන් යහතින් වැජඹෙන සමාජයකි. ඒ වාගේ ම, එහි දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හෝ මිනිස් අයිතීන්ට ගරු කරන යහ දේශපාලනයක් ද නොවෙති. මිනීමරුවන් සහ තක්කඩියන් මැති ඇමැතිවරු බවට පත් වී රට කරවන දේශපාලනයකි.

ඉදින් මෙය මෙසේ නම්, රට තුළ සිදු වී ඇති වැරදි ගැන සොයා බැලීමට ලෝකය ඉදිරිපත් වීම අසාධාරණ ද? වැරදි සිදු වූ විට එයට යම් කිසි වගවීමක් තිබිය යුතු බව ශිෂ්ඨාචාර සම්පන්න සමාජයක ගුණයකි. එසේ නම්, වැරැද්දක් ගැන සොයා බැලිය යුතු යයි කීම වැරදි වන්නේ ඇයි? වැරැද්දක් සිදුව ඇත්නම් එය සොයා බලා එයට පිළියම් යෙදිය යුතු නැද්ද? එකම වැරැද්ද නැවත නැවත වසර 40 ක් තිස්සේ ලංකා රාජ්‍යය තුළ සිදු වී ඇති බව අපි දනිමු. එසේ නම්, දැන්වත් එය නිවැරදි කර ගැනීමට අඩිතාලම් දැමිය යුතුය. නොඑසේ නම් එය නැවත නැවත සිදු වනු ඇත.

විද්වත් මණ්ඩල යෝජනා ලංකා සමාජයට නැවත ආපසු හැරී බැලීමට කරන මෙම අත වැනීම ලංකාවට ආශිර්වාදයක් කර ගත යුතුය. එසේ නැතිව ජාතිකවාදයෙන් උන්මාදයට පත් උන්මත්තකයන් මෙන් හඬ තැලීමෙන් ලංකා සමාජයට උපකාරයක් සිදු නොවනු ඇත. අපේ වැරැද්ද පෙන්වනවුන් කුමන වර්ගයේ උන් වුව ද ඔවුන් පෙන්වන වැරැද්ද අපි නිවැරදි කර ගැනීම අපට නිසි මඟ යාමට උපකාරී වනු ඇත.

විද්වත් මණ්ඩල යෝජනා කොටින්ගේ උවමනාවන් ඉටු කරතියි මේ දේශපේ‍්‍රමීන් හඬ නඟති. විද්වත් කමිටුව යෝජනා කර ඇත්තේ ලංකාවේ මානව හිමිකම්, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝණය වී ඇති බවකි. මිනිසුන් මරා දැමීමට, වදදීමට සහ යටපත් කිරීමට එරෙහි වූ විට ඔවුන් කොටින්ගේ උදව්කරුවන් බවට හංවඩු ගසති. මෙතනදී මතු වන ප‍්‍රශ්නය නම්, මිනී මැරීමට, වදදීමට සහ අත්තනෝමතික ලෙස යටපත් කිරීමට එරෙහි වීම කොටිනට සහාය දීමක් නම් මිනී මැරීම, වදදීම සහ යටපත් කිරීම ලංකා සමාජය අගයන සමාජ වටිනාකම් ද? මා දන්නා තරමින් ලංකා සමාජය මේවාට එරෙහිය. ඉතින් ලෝකය ද එයට එරෙහිව කතා කිරීම වරදක් ද? ලෝකය ඒ වටිනාකම් ගැන කතා කළ විට ඔවුන් කොටි ත‍්‍රස්තවාදීන් වන්නේ කෙසේ ද? මේ කියමන්වල හාස්‍යය වටහා ගැනීමට උවමනාවක් නැතිකම ඛේදවාචකයක් බව මගේ වැටහීමයි.

ඊළඟට පැවසෙන්නේ අධිරාජ්‍යවාදීන් මේවා දඩමීමා කර ගෙන අප රටට ඇඟිලි ගසති යන්නයි. ලංකාවට පමණක් නොව, ලොව කිසිම රාජ්‍යයකට අද වන විට තනිව පැවතිය නොහැකිය. අපට තනිවම පැවතිය හැකි යයි බොරුවට තර්ක කළ හැකි වුවත්, අප රට ලොව වෙනත් රටවල් සමග විවිධ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. අපි ජාත්‍යන්තර ගිවිසුම්වල කොටස්කරුවන්ය. ඒ අතර ද්විපාක්‍ෂික ආරක්‍ෂක ගිවිසුම් වැනි ඒවා ද ඇති බව නොරහසකි. ඉතින් මෙසේ ගිවිසුම් සහ වෙළෙඳ එකඟතා මඟින් ලොව අන් රටවලට වුවමනාවටත් වඩා අප රට තුළ කි‍්‍රයාත්මකවීමට නීතියෙන් ම අප බැඳී සිටිමු. ඉතින් එසේ කළ ඔවුන් තම ‘ප්‍රෝඩා’ මගින් ඇඟිලි ගැසිය යුතු නැත.

අනෙක් කරුණ ලංකාවේ ඔය හැටි කඩා වඩාගෙන යාමට ඇති සම්පතක් ද ඇත්තේ නැත. ලිඳේ සිටින මැඩියන් මෙන් මෙසේ කෑ ගසන අපි මැද පෙරදිග සිට යුරෝපයේ අන්තිම රාජ්‍යය දක්වා ශ‍්‍රම බැලයන් ලෙස සිඟා යදින්නෙමු. මහා අභිමානවත් සංස්කෘතියක් ගැන මැත දොඩන අපි, ලොව පුරා සරණාගතයන් ලෙස යදින්නෙමු. තම රට තුළ දේශපාලකයින් සියල්ල යටිමඩි ගැසීම නිසා ලොව කොහේ හෝ බැල මෙහෙ කර දිවි පවත්වා ගැන්නා අතර, සිංහ කොඩිය වැනීමෙන් ජාතියක් උතුම් බවට පත් නොවේ. අප රට ණයවලින් පිරුණු රටකි. රටේ වුවමනාවන් සපුරා ගැනීමට නිෂ්පාදන දියුණු නොකර, පොල් ගෙඩිය පවා පිටින් ගෙන්වන රටක් බවට අපටම අමතක වී ඇත. ඉතින් මෙවැනි හිඟන රටකින් අධිරාජ්‍යවාදීනට ඇති වැඩය කුමක් ද?

මෙහි දී සමහරුනට ජනපි‍්‍රය තර්කයක් ඇත. ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක තිබෙන අප රට, නාවික ගමන් මාර්ග පද්ධතියක් ආසන්නයේ පිහිටීම නිසා වැදගත් බවත්, අධිරාජ්‍යවාදීන්ගේ ඇස ඒ වෙත යොමුව ඇති බවත්ය. මේවා වැදගත් කරුණු බව මම පිළිගනිමි. නමුත් අද ලොව ඇත්තේ 20 වන සිය වස මැද නොව, 21 වන සියවසේ බව අප අමතක නොකළ යුත්තෙමු. මෙම දූපතේ පැලපදියම් නොවුනාට අවශ්‍ය නම් ලොව ඕනෑම තැනකට තම රට තුළ සිටම බලපෑම් කළ හැකියාව අද මෙම බලගතු රාජ්‍යයන් සතු බව ද අප අමතක නොකළ යුතුය.

අපේ වීරෝධාර රණ විරුවනට අවමන් කිරීමට උත්සාහ කරනවාය යන්න ගැන ඔවුන්ගේ ප‍්‍රකාශය තුළ ගම්‍ය වන කරුණු දෙකකි. ලොව බලගතුම ත‍්‍රස්තවාදියා පැරදවීම ගැන අමනාප වූ ලෝකය ලංකාවේ යුද විරුවන් අවමානයට ලක් කිරීමට තැත් දැරීම. පළමුවෙන් මුළු ලොවම ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේ යන්නත් දෙවනුව එම විරුවන් අවමානයට ලක් කිරීම ලෙසත් ගැනේ. ලංකාවේ මුළු ජනගහනය මිලියන 21 කි. අපි හැරුණු විට ලෝකයම ත‍්‍රස්තවාදීන්ගේ පැත්තේය කීම තුළ අපේ මොළවල ආබාධයක ලක්‍ෂණ මතු නොකරයිද? යුද වීරයන් කියන අයවම දේශපාලන මත දැරීම මත හිර කර නැද්ද? ත‍්‍රස්තවාදීන් දේශපාලන වාසි සඳහා ඇමැතිවරුන් බවට පත් කර නැද්ද?

ඊළඟට ලංකාවේ, මේ කොදෙව්වේ, පසුගිය 40 වසර තුළ මරා දැමුණු මිනිසුන් මරා දැමුවේ ත‍්‍රස්තවාදීන් විසින්මද? 87 - 90 වසරවල මහ මඟ, ඇල - දොල - ගංගාවල පාවුණේ, ලයිට් කණුවලට මල මිනී ආභරණ බවට පත් කළේ, හිස සුන් මල කඳන්, භාගෙට පිළිස්සුන මල කඳන්, රිටිවල ඇමුණු හිස්, පරාල ඇණ ගැසූ හිස් සහිත සිසුවන්, තරුණ තරුණියන්ගේ ටයර් සෑ නිර්මාණය කරනු ලැබුවේ අඟහරු ලොවින් ආ අයද? මේ අපරාධකරුවන් කිසියම් දිනක නීතිය ඉදිරියට ගෙන එනු ලැබුවාද? මේ මිනීමරුවන් රට තුළ යහතින් ජීවත් නොවන්නේ ද? එසේ නම් මේ රට තුළ නීතියක්, සාධාරණත්වයක් තබා ඒවා ගැන වග විභාගයක්වත් නැති බව මෙයින් සනාථ නොවන්නේ ද?

එසේ නම්, ශිෂ්ඨසම්පන්න මිනිසුන් විදියට අපි මෙම විද්වත් කමිටුවට ආශිර්වාද කළ යුතු යයි ඔබට නොහැඟෙන්නේ ද? කව්රු හෝ මෙම පුංචි කොදෙව්ව තුළ සිදු කළ අපරාධ ගැන විමර්ශනය කිරීම අනාගතයේ යහපත් ලංකාවක් සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් නොවන්නේ ද? මම ඉත සිතින් ම මෙම මැදිහත් වීම අගය කරන අතර, එයට මගේ ආශිර්වාදය ද පුද කරමි.

ලිවිය යුතු දේ බොහෝ වුව ද, දැනට ජනතා විමුක්ති පෙරමුණට මේ ගැන මතක් කළ යුතුව ඇත. පසුගිය දිනවල ජනතා විමුක්ති පෙරමුණු නායකයින් තමනට වන අසාධාරණකම් ගැන, තම රට තුළ ඇති අත්තනෝමතික ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්ත්වය ගැන ජාත්‍යන්තරයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය. නමුත්, එම ජාත්‍යන්තරයම ඒ කරුණු ගැන සොයා බැලීමට ඉදිරිපත් වන විට ජනතා විමුක්ති පෙරමුණ එයට එරෙහි වෙමින් එය අධිරාජ්‍යවාදීන්ගේ මගඩියක් බව ප‍්‍රකාශ කරති. මෙය ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ‘දවල් මිගෙල් රෑ දනියල්’ දේශපාලනය නොවේද? තම නායක විජේවීර ඇතුළු දසදහස් ගණනක් සොයුරු සොයුරියන් ඝාතනයට, වදයට ලක් කළේ මේ ඔවුන් අද මල් පලදන යුද විරුවන්ම බව ඔවුනට අමතක වී තිබේ නම් ඒ හිසේ තෝන්තුවෙන් විය හැකිය. ඒ තරමට ම ඔවුන්ගේ හිස් යුද ජයග‍්‍රහණයෙන් තෝන්තු වී තිබේ. කණගාටුවට මෙන් ජාතිවාදී යුද්ධයකට ආවඩා තමන් කළ පාපයෙන් මිදෙන්නට කළ යුතු දෙය වෙනුවට තව තවත් බොරු ජාතිකත්වයකට ආවඩමින් ජනතා විමුක්ති පෙරමුණ ද අඳුරේම අතපත ගෑම ඛේදවාචකයකි.

අද ලෝකය අලූත් යුගයකට ගමන් කරමින් පවතී. සියලු යටපත් කිරීම් මැද වුව ද මිනිස් අයිතීන් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ද පෙරමුණට ම ගමන් කරනු ලබවයි. ඒ වාගේම ලෝකය අද ළං වී ඇති තැනකි. ගෝලීයකරනය ලොවම එක යායක් බවට පත් කර හමාරය. ඒත් අපි තාමත් දූපතේ ය.

2011.04.23
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- UN Secretary General Ban Ki-moon, Ban Ki-moon’s Committee report on Sri lankan war
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Lakshan මෙහෙම කියනවා :
this article is penned by an apologist for LTTE
this poor excuse for political analysis bares forth the nature of traitors to the motherland who are willing to sleep with LTTE for self aggrandizement


කිවුව වෙලාව- 2011-05-14 01:14:56
wimalarathna මෙහෙම කියනවා :
සුනන්ද .ඔයාට එල් ටි ටි ඒක ලොකු ඔයා ඒක විකුනගෙන කන හින්දා. දැන් ඔයට වෙන ජොබ් එකක් හොය ගන්න කලය ඇවිත්

කිවුව වෙලාව- 2011-05-08 21:54:32
jamis banda මෙහෙම කියනවා :
"මෙහි දී සමහරුනට ජනපි‍්‍රය තර්කයක් ඇත. ඉන්දියන් සාගරයේ මර්මස්ථානයක තිබෙන අප රට, නාවික ගමන් මාර්ග පද්ධතියක් ආසන්නයේ පිහිටීම නිසා වැදගත් බවත්, අධිරාජ්‍යවාදීන්ගේ ඇස ඒ වෙත යොමුව ඇති බවත්ය. මේවා වැදගත් කරුණු බව මම පිළිගනිමි. නමුත් අද ලොව ඇත්තේ 20 වන සිය වස මැද නොව, 21 වන සියවසේ බව අප අමතක නොකළ යුත්තෙමු. මෙම දූපතේ පැලපදියම් නොවුනාට අවශ්‍ය නම් ලොව ඕනෑම තැනකට තම රට තුළ සිටම බලපෑම් කළ හැකියාව අද මෙම බලගතු රාජ්‍යයන් සතු බව ද අප අමතක නොකළ යුතුය."


21 වෙනි සියවසේ නොව 31 වෙනි සියවසේ සිටියත් රිමෝට් කොන්ට්‍රෝල් එකෙන් යුද්ද කල හැකියයි සිතීම විකාරයකි,එය එසේනම් ඇමරිකාවට පකිස්තානයේ ලැගුම් නොගෙන ඇෆ්ගනිස්තානයට කෙලවිය හැකි විය යුතුය,ලිබියාවට ධවල මන්දිරයේ සිට පහරදියහැකිවිය යුතුය.ලෝකයේ සිදුවෙන හැම සන්නිවේදනයක්ම NSA හා NRO හරහා යන බැවින් CIA වැනි බාහිර ඔත්තු සේවාවක් අවශ්යද නැත.වෙනකක් තියා ලංකාවට ටිකක් යටින් ඇති ඩියේගෝ ගාර්සියා කදවුරද ගලාවාගෙන යා යුතුය (බම්බුවටයැ සල්ලි වියදම් කොරගෙන ඕක නඩත්තු කොරන්නේ).
බොලන් යමක් ලියද්දි ඇඟිලි තියෙන පලියට කොටන් නැතුව ටිකක් හොයල බලල ලිව්වනම් තමා හොඳ.


කිවුව වෙලාව- 2011-04-28 02:43:40
Mahanama මෙහෙම කියනවා :
ගෝලීයකරනය අම්මගෙ රෙද්ද

කිවුව වෙලාව- 2011-04-27 11:55:51
Mahanama මෙහෙම කියනවා :
පව් නේද දෙමල කොටි ටික මරල දාපු එක?

කිවුව වෙලාව- 2011-04-27 11:54:33
Weravansa මෙහෙම කියනවා :
Mahindawa Ellaida mage deyo
Matath dannam baya hithenawa kollo
Raniluth yatin UN ekata suport kollo
Indiyawath mhindata puka harawala deyo
E unata mata moko
Thopi harak yako
- Wimal Weravansa


කිවුව වෙලාව- 2011-04-27 11:32:21
ක්‍රිශාන් මෙහෙම කියනවා :
සමහර දේවල් දූපතේ ​සිට විග්‍රහ කිරීම පහසු නැත. මන්ද පෙනෙ​න්නේ ඉතා කුඩා වපසරියක් බැවිනි. ඒ නිසා මේ ලිපිය හරහා ගොඩනගනා තර්කය හසුනොවී. සාම්පුධායික සිංහල බෞද්ධ තර්කය මතම රැදෙයි....

කිවුව වෙලාව- 2011-04-27 10:28:45
chatura මෙහෙම කියනවා :
88-89 දී ජ වි පේ 20000 ක් ඝාතනය කිරීමට 60000 ක් ඝාතනය කල විට විද්වත් කමිටු පහල වුයේ නැත..කුලී සේනාන්කය විනාශ වූ විට ස්වාමිවරුන්ට රිදෙන බව දැන ගැනීමට විද්වත් කමිටු වාර්තා අවශ්ය නැත....මේ වාර්තාව ඉදිරිපත් කලේ මනව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට පෙලඹවීම සඳහායැයි යමෙකු ඇත්තටම විශ්වාස කරයි නම්....එය බුද්ධියෙ අඩුපාඩුවක් හෝ වෙනයම් රෝගි තත්වයක් විය යුතුය....

කිවුව වෙලාව- 2011-04-27 10:18:42
ela kollek මෙහෙම කියනවා :
සම්පුර්නයෙන්ම ඔබ හා එකග වෙනවා.. ලංකාව තියෙන්නෙ ලෝකය තුල මිසක් ලෝකය ලංකාව තුල නොමැති බව තාම අපේ මෝඩයෝ දන්නෙ නැහැ

කිවුව වෙලාව- 2011-04-27 09:18:34
dilan මෙහෙම කියනවා :
wrong. cannot accept. why the idiot writer cannot understand so called committee does not probe in last 30 years of LTTE terrorist killings? Why they do it only after we defeated them? Boot licker of west has written this article.

කිවුව වෙලාව- 2011-04-27 07:18:36
Father Saman මෙහෙම කියනවා :
This article is completely incorrect regarding the stance of theJVP.The writer either is not aware of the stance of the JVP full or he intentionelly lies.What the JVP has already stated is that the double standard of the UN regarding human rights vialations should be condemnd as same as the human rights violations done by the GOSL.It clearly admits that the GOSl is acting in a anti human right manner.ANyone who is familier with the JVP behaviour will understand that there is a fundemental change in their approach towards the issue duruing the last 2 years.This accusation on the JVP may be correct two or three years back,but now the stance have been radically changed.I dont know why even within such a context the writes bases his argument on facts which are now obselete.

කිවුව වෙලාව- 2011-04-27 05:47:34
bala මෙහෙම කියනවා :
දැන් මගේ මොළය හිස්ය....
මගේ මොළය තුලට අලුතෙන් වැටෙන දෙයක් හැර සිතන්න බැරිය..
මටත් එය අවශ්‍ය වන්නේද නැත,
මන්ද මමත් අද ශ්‍රීලාංකිකයෙක් බැවිනි


කිවුව වෙලාව- 2011-04-27 03:38:06
Anushka Thilakarathne මෙහෙම කියනවා :
මේ ලිපියේ ශ්‍රී ලංකා රජයට, පක්ෂ වලට සහ මහ ජනයාට එල්ලකරන චෝදනා සියල්ල සත්‍යයක්. අපේ බහුතරයක් එකාලාට කවදත් තමන්ගේ පශ්චාත් භාගයට ගිණි ඇවිලෙනකල් කිසිදෙයක් තේරෙන්නේ නැත. එතකොට ලෝකෙ පුරා දුවනව තමන්ගේ නඩුව කියන්න තැනක් හොය හොය. හැබැයි ජාත්‍යන්තර සංවිධානත් ඔය කියන තරම් අපිට ආදරේද කියන ප්‍රශ්නයත් තියෙනවා.

@FB


කිවුව වෙලාව- 2011-04-27 02:01:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රංජිත් හේනායකආරච්චිගෙන් තවත් වියමන්
අදහස්
මහින්ද වන්දනාව වැඩවසම් බවට ආවැඩීමකි!
අදහස්
නීතියේ ආධිපත්‍යය පිහිටුවීම පළිගැනීමක්ද?
අදහස්
අම්මගෙන් විමසීම නොහොත් ඔන්න කනෝ පිනුම්!
වෙසෙස්
කාම්බෝජ මතකයන් සහ පාඩම්
අදහස්
මිත්‍යාවට පෙම් කර මිත්‍යාව මත ජීවත් වීම
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
චේ කියයි.
නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය,... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook