Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
Buddhist Warfare| බුදුදහම මිලිටරිකරණය
බූන්දි, 00:02:08
"යුධ පිටියේ මිය යන සොල්දාදුවන් දිව්‍යලෝකයේ නැවත උපදිනවාදැයි එක් යුධ වීරයෙක් විසින් බුදු රජාණන් වහන්සේගෙන් විමසයි. ඊට පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ නිහඬව සිටිසේක. පිළිතුරක් නොලද හෙයින් නැවත වරක් එම යුධ වීරයා විසින් එම ප්‍රශ්ණයම බුදුන් වහන්සේගෙන් අසනු ලබයි. ඒ අවස්ථාවේද උන්වහන්සේ නිශ්ශබ්දව සිටි‍ සේක. තෙවැනි වරද එම ප්‍රශ්ණයම විමසන ලදුව බුදුන් වහන්සේ විසින් පිළිතුරක් ලබාදෙන ලදී. යුධ පිටියේ මියයන සොල්දාදුවන් දිව්‍යලෝකයේ උපත නොලබයි. ඊට හේතුව යුධපිටියේ මියයන සොල්දාදුවන් විසින් මියයන මොහොතේදී වැළැක්විය නොහැකි ලෙස වෛරයත්, වේදනාවත් හැඟීම් දරණ නිසාවෙන් ඒ හැඟීම් වලට අනුව ඔවුන් අපායේ උපත ලබන බව උන්වහන්සේ දේශනා කළ සේක." (සංයුක්ත නිකායේ XLII වැනි යෝධාජීව සූත්‍රය.)

මානව සමාජය තුළ වඩාත් ව්‍යූහගතව පැතිරුණු සංවිධානාත්මකව ආයතනය "ආගම" යැයි කීවාට වරදක් නැත. ජීව විද්‍යාත්මක මිනිසා මෙහෙයවන ප්‍රධානතම සංස්කෘතික මෙ‍වලම "ආගම"යි. ලෝකය පුරාවට විහිදුණු ආගම් 4200 ක් පමණ ඇතැයි සැලකෙන අතර ඉන් වඩාත් විහිදුණු ආගම් අතලොස්සක් පමණක් ලොව ප්‍රධානතම ආගම් ලෙස පිළිගැනේ.

ආගම යන්න වඩාත් පුළුල් හැඳින්වීමකට භාජනය කළ යුතු වුවත් එමඟින් මිනිසාගේ සදාචාරය, ආචාර ධර්ම නිර්වචනය කොට මනුෂ්‍යයාගේ මනුෂ්‍යත්ව විශ්වාස හා අගයන් පිළිබඳව නිශ්චිත දැක්මක් සිය භක්තිකයන් හට ලබාදෙන්නක් යැයි කිව හැක. මාක්ස්වාදී සරල අර්ථදැක්වීමට අනුව "ආගම යනු අබින්" යැයි දක්වා තිබීම පසුපස ඇති අර්ථය නම්, මිනිසා භෞතිකව පෙළනු ලබන පීඩාවන් ආගම මඟින් වෙනත් දෘෂ්ඨිවාදයක් ගෙනහැර දක්වමින් එහි සැබෑ භෞතික හේතූන් වසන් කිරීම නිසා සැබෑ සමාජ ප්‍රතිරෝධය මඟහැරවීමට හේතුවන්නාක් බවයි. උදාහරණයක් ලෙස ‍භෞතික සමාජ අසාධාරණත්වය හේතුකොට ගෙන පීඩාවට පත්වන පුද්ගලයෙකු එහි සැබෑ හේතු වලට එරෙහිව කටයුතු කරනවා වෙනුවට "කර්මය" "පාපය" "දේවකැමැත්ත" වැනි දෘෂ්ඨිවාදයන් කරණකොට ගෙන නිශ්ක්‍රීයව කටයුතු කිරීමට පෙළඹීම ය.

ආගම හා මානව පරිණාමය දෙස බැලූ විට "ආගම" යනු ස්වභාවික භෞතික තත්ත්වයන් නිර්වචනය කරගැනීම සඳහා නිර්මාණය කොට ගත් මනෝමූලික ක්‍රමවේදයක් යැයි කිව හැක. එය ආයතනිකගත වීම හා බල දේශපාලනය හා සම්බන්ධ වන්නේ මානව සමාජය තුළ "ආගම" විසින් අත්පත්කරගත් ප්‍රබල ස්ථානය නිසාමය. "ආගම" යනු නිරතුරුවම මානව යහපත, සදාචාරය, මානූෂීය අගයන් ආරක්ෂා කිරී‍ම වැනි පාර්ශවයන් නියෝජනය වන සංකල්පයක් යැයි හඳුනාගනු ලැබුව ද ලෝක ඉතිහාසය තුළ සිදුවූ අතිශය දරුණු අමානුෂික ක්‍රියාවන් සඳහා "ආගම" මූලික වීම පුදුම එළවන සුළුය. ජීවිත බිලියන ගණනක් ආගම් වෙනුවෙන් සිය ජීවිත කැපකොට ඇත. විවිධාකාරයේ දෘෂ්ඨිවාදයන් ඔස්සේ අන්තගාමීන් ලෙස ක්‍රියාකරන පිරිස් වර්තමානයේදී ද අතිශය ප්‍රබල බලපෑමක් සිද්ධ කරමින් සිටිති. රුසියාව බිඳවැටීමත් සමඟම ලෝක බලදේශපාලනයේ සමතුලිතතාව බිඳී ගිය ද, අනෙක් අතට විකල්ප බලය ගොඩනැංවීමක් සිදුවූයේ ආගම මත පදනම් වූ බෙදීම නිසා බව නිරීක්ෂණය කළ හැක.

ප්‍රචණ්ඩත්වය හා ආගම පිළිබඳව වන කතිකාවන්හීදී ප්‍රධානකොටම කියැවෙන්නේ ක්‍රිස්තියානි කතෝලික, ඉස්ලාම්, යුදෙව්, හින්දු වැනි ආගම්ය. ඒවායේ ඓතිහාසික ක්‍රියාකාරීත්වයත්, එකී ප්‍රචණ්ඩකාරී ඉතිහාසය පිළිබඳව ඇති ජනප්‍රිය ඉතිහාසයත් මේ සඳහා හේතු වී ඇති බව පෙනේ. ඒ අතර "බුදු දහම" පිළිබඳව කියැවෙන්නේ අවිහිංසාව හා සාමය රැඳි ආගමක් ලෙසටය.

ආගම් අධ්‍යයන පිළිබඳව සහාය මහාචාර්යවරයෙකු ‍වන මයිකල් ජෙරීසන් [Michael Jerryson] හා කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව හා ගෝලීය අධ්‍යයන පිළිබඳ මහාචාර්යවරයෙකු වන මාක් ජූවගන්ස්මියර් [Mark Juergensmeyer] විසින් සංස්කරණය කරන ලදුව ඉදිරිපත් කර ඇති "Buddhist Warfare" නම් කෘතිය තුළ ලෝකයේ බුදුදහම අදහන රටවල් කිහිපයක ආගමික සංස්ථාවන් විසින් යුද්ධ හා ප්‍රචණ්ඩත්වය හිංසාව සඳහා සිදුකරන ලද දායකත්වය පිළිබඳව විමසීමක් කරනු ලබයි.

මෙම කෘතිය තුළට ‍එකිනෙකට වෙනස් ලේඛකයන් විසින් පළකරන ලද පර්යේෂණ ලිපි අටක් ඇතුලත්ව තිබේ. ඒවා මඟින් එකිනෙකට වෙනස් රටවල, ජනකොටස්වල එකිනෙකට වෙනස්‍ බෞද්ධාගමික ප්‍රචණ්ඩත්ව යොමුව පිළිබඳ සටහන් තබා ඇත. ආගම තුළින් සිය බැතිමතුන් තුළ මුල්බැස ඇති ව්‍යූහාත්මක ප්‍රචණ්ඩත්වයන්ගේ මූලයන් වන මූලික බෞද්ධ ඉගැන්වීම් පමණක් නොව ආගම විවිධාකාර සන්දර්භයන් තුළදී එකිනෙකට වෙනස් ලෙස ආගම අර්ථදැක්වීමට තුළින් ප්‍රචණ්ඩත්වය කරා මෙහෙයවී ඇති අවස්ථා ද මෙහි ඇතුලත්ය. බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් තුළින් ප්‍රචණ්ඩත්වය, හිංසාව සඳහා මෙහෙයවෙන බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව ගැඹුරු විග්‍රයන්ද මේ තුළ ඇතුලත් කිරීමට සංස්කාරකවරුන් කටයුතු කර ඇත.

මෙහි එන ප්‍රථම ලිපිය ලියා ඇත්තේ Paul Demiéville විසින් 1957 වසරේදීය. එය ප්‍රංශ භාෂාවෙන් ලියවූවක් වන අතර Michelle Kendall විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත. ජපානයේ සිටින වීර භික්ෂූන් [Warrior Monks] විසින් යුධ කාලයන්හීදී දක්වන ලද දායකත්වය මෙම ලිපියෙහි සටහන්ව ඇත. විශේෂයෙන්ම බුදුදහම ඇසුරුකොටගෙන යුද්ධයට මෙම භික්ෂූන්ගේ දායකත්වය දැක්වූ ආකාරය මෙම ලිපියෙහි ඇතුලත්ව ඇත. Stephen Jenkins විසින් ලියා ඇති දෙවන ලිපියෙහි බුදුදහම දර්ශනය පිළිබඳව ලියැවී ඇති ඓතිහාසික ග්‍රන්ථ ඇසුරුකොට ගෙන ඉන් වන ප්‍රචණ්ඩත්ව නැඹුරුව පිළිබඳව විමසීමකට ලක්කරයි. ඓතිහාසික සිදුවීම්, ඒවායේ අර්ථදැක්වීම් හා බුදුදහමේ ක්‍රියාකාරීත්වය පිළිබඳව දාර්ශනික විමසීමක් දක්වා සිය කරුණු ඉස්මතු කිරීමට ලේඛකයා උත්සාහ දරා ඇත. Derek Maher විසින් දාහත්වන සියවසය තුළද ටිබෙටයේ හා මොන්ගෝලියාව ආශ්‍රිතව පැවති යුධ වාතාවරණය පිළිබඳව පස්වැනි දලෙයි ලාමා වරයාගේ සටහන් උපයෝගි කොට ගෙන සිය සටහන් තබා ඇත. බොදු දහම දේශපාලන රාමුවක් වෙත විතැන් වීම හා රාජ්‍ය වෙනුවෙන් බුදුදහමේ පෙනීසිටීම කරණකොට ගෙන යුද්ධය සාධාරණීකරණය කරලීම සඳහා ආගම භාවිතා කිරීම මෙම පර්ච්ඡේදය තුළ සාකච්ඡාවට ගෙන ඇත.

Vesna Wallace විසින් මෙම කෘතියේ සිව්වන රචනාව තුළින් මොංගෝලියාව ඇසුරුකොට ගෙන බුදුදහම හා රාජ්‍යත්වය මුසුවීම සමඟ ඇතිවූ ප්‍රචණ්ඩත්වය සාකච්ඡා කොට ඇත. විශේෂයෙන් අනෙකුත් ආගම් යටපත් කිරීමට රාජ්‍ය බලය යොදා ගැනීමත්, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යොමුවීමත් එහි වැදගත් ලක්ෂණය. Brian
Victoria විසින් ඉදිරිපත්කර ඇති ජපානයේ "සෙන් නැමැති සෙබළා" නැමැති සංකල්පය භාවිතය (මෙහි "සෙන්" යනු "සෙන් බුදුදහමයි") හා එමඟින් යුද්ධය සාධාරණීකරණයක කිරීම වෙනුවෙන් දෘෂ්වාදීමය සහයෝගය ලබාගැනීම පිළිබඳව විවරණයක යෙදේ.

Xue Yu විසින් මෙම කෘතියේ හයවැනි පරිච්ඡේදය තුළ 1951 – 1953 කොරියානු යුද සමයේදී චීනය විසින් ඊට සහයෝගය දැක්වීමත් බෞද්ධ භික්ෂූන් විසින් ඊට ලබාදුන් සහායෝගය පිළිබඳවත් ලියැවී ඇත. විශේෂයෙන් කොමියුනිට්ස්වාදයේ ව්‍යාප්තියත් සමඟම බෞද්ධ භික්ෂූන්ගේ භාවිතාවේ ඒ වෙනුවෙන් වු නැමියාවත්, යුද්ධයට සහයෝගය දැක්වීම සඳහා චීන බෞද්ධ භික්ෂූන් විසින් සිය ජාතිකවාදී අදහස් මෙහෙයවීමත් මෙහි අන්තර්ගතව ඇත.

ඩැනියෙල්. ඩබ්. කෙන්ට් විසින් ලියා ඇති රචනය තුළ ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුවක් විසින් දමිළ එල්ටීටීඊ සංවිධානය හා යුධවැදී සිටින රජයේ හමුදාව වෙත ධෛර්ය පළකරමින් සිය ධර්ම දේශනා පවත්වන ආකාරය සඳහන්ව ඇත. විශේෂයෙන් බුදුදහම සිංහල ජාතිකවාදය වෙත ලඝුකිරීමත්, හිංසාව වක්‍රාකාරයකින් සාධාරණීකරණය කිරීම මෙහි නිරීක්ෂණය කොට ඇත.

මෙම ලිපි එකතුවේ අවසාන රචනාව "බුදුදහම මිලිටරිකරණය: දකුණු තායිලන්තයේ හිංසනය" නමින් මයිකල් ජෙරිසන් විසින් ලියා ඇත. ඉස්ලාම් ධර්මය හා බුද්ධ ධර්මය අතර දිනෙන් දින තියුණු වන ආගමික ගැටුම් වලට සමගාමීව තායි බුදුදහමේ මිලිටරි යොමුව පිළිබඳ නිරීක්ෂණයන් මෙම ලිපිය තුළ අන්තර්ගතය. බෞද්ධ භික්ෂුන් සෘජුවම හමුදා පුහුණුව වෙත යොමුවීමත්, ඒ හරහා බෞද්ධ හමුදාකරණය පිළිබඳවත් මෙම රචනාව තුළ නිරීක්ෂණය කොට ඇත.

බුදු දහම රාජ්‍ය පාලනය දක්වා විතැන් වීමත්, එහි ජාතිකවාදී මුහුණුවර වඩ වඩාත් ව්‍යාප්ත වීමක් පිළිඳව කතිකාවන් බහුල සමයෙක "බුදුදහම හා මිලිටරිකරණය" පිළිබඳව විද්වත් කතිකාවකට ඉඩසලසන මෙවැනි කෘතියක් කාලීනව ශ්‍රී ලාංකික පාඨකයාට වැදගත් ඉසව්වක් අනාවරණය කරන්නේ යැයි කිව හැකිය. ආගමේ ජාතිකවාදී මුහුණුවරක් ගැනීම ලංකාවට පමණක් සීමා වූවක් නොවන බව මෙම කෘතියේ එන රචනා මඟින් පැහැදිලිව ඔප්පු කොට ඇත.

එක් පසෙකින් ආගමික සදාචාරය නීතිගත කිරීමට උත්සාහ ගන්නා අතරතුර, තවත් පසෙකින් බෞද්ධ සදාචාරයට එරෙහි බාහිර සතුරෙකු පිළිබඳව වන භීතිකාවක් නිර්මාණය කරමින් රටවැසියා වඩාත් පටු මානසික මට්ටමක් දක්වා පෙළගස්සමින් සිටී. සැබැවින්ම විවිධ සන්දර්භයන් තුළ සමාජ විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන එක සමාන ලක්ෂණයන්ගෙන් යුතු භාවිතාවන් බහුලව මෙම කෘතිය තුළින් ඉදිරිපත් කොට ඇත.

සමස්තයක් ලෙස බුදුදහම හා හිංසනය පිළිබඳව එකිනෙකට වෙනස් දිශාවන් ගණනාවක් ආමන්ත්‍රණය කොට ඇති මෙම ලිපි පෙළ වැදගත් කතිකාවක් සඳහා ඉඩහසර ලබා දේ. ලේබල් ගත කොට ඉවත දැමීමට නොව විද්වත් ක්‍රමවේද මඟින් ඉදිරිපත් කෙරෙන මෙම තත්ත්වයන් දෙස විවෘත මනසකින් යුතුව විමසා බැලීම වඩා යහපත් සමාජයක් උදෙසා වන කතිකාවකට තවත් සහයෝගයක් වනු ඇත.
වෙනත් සබැඳි |
Buddhist Warfare [amazon.com]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Buddhist Warfare, Edited by Michael Jerryson and Mark Juergensmeyer
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Ruwan මෙහෙම කියනවා :
ඔය ඔය කියන සුදු මහත්වරුන්ගේ රෙසේර්ච් ඔක්කොම තියෙන්නේ සැප ලබාදෙන අරමුණින්
නමුත් භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ තමයි මේ ලෝකේ පරම සත්‍ය දේශනා කලේ එයය් ආර්ය සත්‍ය
එනම් තණ්හාව උපාදානය හේතු කරගෙන භාවය හටගන්නවා එනම් විපාක පිණිස කර්මය සකස් වෙනවා
ඒ ඒ කර්මය ඇලීම ගැටීම හෝ මුලාව හේතුකරගෙන හටගත් නිසා . අනිත් දේ අමතක කරන්න එපා තව නියම ධර්ම
4ක් තියනවා. අවිද්යවය් විද්යවය් කියන්නේ දෙකක් මෙදෙක පටලගත්ත කෙනා අතම සිය දහස් ගණනින් උපදිනවා
ඒ තරමට දුකමය් විඳින්නේ රුස්සිඅ උනත් අමෙරිcඅ ෆ්‍රන්cඑ උනත් කොහේ උනත් දිකින් නම් නිදහස් වෙන්න බැහැ.

ඔය පොතක් අරගෙන ලියන්න මතුකාවක් හොයන්න කියල සුත්‍ර දේශනාවකින් කෑල්ලක් අරගත්තට වැඩක් නැහැ එක
තමුන්ටවත් අනුන්නටවත් ප්‍රයෝජනයක් නැහැ. අනිත් දේ බුද්ද දර්ශනය ඔය විදියට ගන්න එපා ඔයාට අවශ්‍ය වෙලාවට
සුළු සහනයක් ගන්න බැරි තරමට ඔයාගේ හිත ඔඋටොෆ් ෆොcඋස් වෙනවා. එක ඔයාගේ අහිත පිණිස මය පවතින්නේ.


කිවුව වෙලාව- 2011-08-23 03:18:17
maura paala මෙහෙම කියනවා :
බසරාවො, කියන්නේ බූන්ඩියට එනවානම් බටහිර කුනු කන්ඩල් ඉස් මුඩුනින් පිලි ගන්න ඔන කියලඩ? බටහිර පඩය සුවඩයි කියන එකා දියුනු, නෑ කියන එකා නොදියුනු පොන්නයා..

කිවුව වෙලාව- 2011-08-14 11:24:02
Abepala A. Liyanage මෙහෙම කියනවා :
baudda biksun tika denekui balalobee palakayangei kriyakarakam uputadakwamin porawal weemata hadana baudda wirodeenta sanka dana ho nodena udagedi denawa. Ohuge udrutaya ara kiyana porawalwalwalata uttaradenawa.

කිවුව වෙලාව- 2011-05-27 02:46:20
Basarov මෙහෙම කියනවා :
බුදු දහම මිලිටරිකරනය පිලිබද රිසර්ච් කරනව වගේම සුස්ති ගුනේ, ගොටයිම්බර වගේ අය බූන්දියට අවිල්ලත් නොදියුනු මිනිසුන් වගේ හසිරෙන්නෙ මොකද කියල හොයන රිසර්ච් එකක් කරනව නම් ඉතා වදගත් වේවි. සමහරවිට මේ බුදු දහම මිලිටරිකරනය පිලිබද රිසර්ච් එකටත් වඩා............

කිවුව වෙලාව- 2011-05-27 00:40:59
සූස්ති ගුණේ මෙහෙම කියනවා :
අනේ බොල හඩු සංකයො, ආගම අබිං වෙච්ච ඔය බොසාලට මොන බුද්දාගමද?

කිවුව වෙලාව- 2011-05-26 12:33:41
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
maru article eka machan..digatama liyapan..

කිවුව වෙලාව- 2011-05-26 10:47:47
ක්‍රිශාන් මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-25 02:17:48
sudumalli මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-05-22 21:12:12
ගෝඨයිම්බර මෙහෙම කියනවා :
ඔව් ඉතින් මෙහෙ ඉන්න පාන් කන බූරුවන්ට සුද්දෙක් පඩයක් ඇරියත් ඒකත් සුවදයි නේ

කිවුව වෙලාව- 2011-05-22 09:00:56
Kavindu Ediriweera මෙහෙම කියනවා :
adorable!!! Huge Like for this!!

කිවුව වෙලාව- 2011-05-20 22:44:58
මහරජ තාරක මෙහෙම කියනවා :
උඩුගන් බල පිහිනන අතලොස්ස අතින් බිහිවෙන්නේ ඉතා හරවත් දේවල් ...මෙය ගොඩක් කාලිනයි... පැහැදිලිවම අච්චු ගහල බෙදන්න වටිනවා කොටුව ඉස්ටේසම ලග...

කිවුව වෙලාව- 2011-05-20 04:50:28
වරුණ මෙහෙම කියනවා :
ඔබේ අදහස් ඉතා විශිෂ්ටයි.. තවත් ලියන්න. අපේ රටේ බහුතරයක ට මේවා වැඩි බන වගේ.. එත අතහරින්න එපා.. දිගටම යන්න.

කිවුව වෙලාව- 2011-05-20 00:28:19
සෝපාක මෙහෙම කියනවා :
හොඳයි... හරි අගෙයි... අච්චු ගහලා පොතේ කොපිය ගානෙ ලන්කාවෙ ගෙවල් වලට බෙදන්ඩ ඕනෙ

සෝපාක


කිවුව වෙලාව- 2011-05-19 20:57:48
Ferni Alwis මෙහෙම කියනවා :
"යුධ පිටියේ මිය යන සොල්දාදුවන් දිව්‍යලෝකයේ නැවත උපදිනවාදැයි එක් යුධ වීරයෙක් විසින් බුදු රජාණන් වහන්සේගෙන් විමසයි. ඊට පිළිතුරක් නොදුන් බුදුන් වහන්සේ නිහඬව සිටිසේක. පිළිතුරක් නොලද හෙයින් නැවත වරක් එම යුධ වීරයා විසින් එම ප්‍රශ්ණයම බුදුන් වහන්සේගෙන් අසනු ලබයි. ඒ අවස්ථාවේද උන්වහන්සේ නිශ්ශබ්දව සිටි‍ සේක. තෙවැනි වරද එම ප්‍රශ්ණයම විමසන ලදුව බුදුන් වහන්සේ විසින් පිළිතුරක් ලබාදෙන ලදී. යුධ පිටියේ මියයන සොල්දාදුවන් දිව්‍යලෝකයේ උපත නොලබයි. ඊට හේතුව යුධපිටියේ මියයන සොල්දාදුවන් විසින් මියයන මොහොතේදී වැළැක්විය නොහැකි ලෙස වෛරයත්, වේදනාවත් හැඟීම් දරණ නිසාවෙන් ඒ හැඟීම් වලට අනුව ඔවුන් අපායේ උපත ලබන බව උන්වහන්සේ දේශනා කළ සේක." (සංයුක්ත නිකායේ Xළෛඓ වැනි යෝධාජීව සූත්‍රය.)

මෙවුව ලන්කවෙ ඉන්න බත් කන බූරුවො දන්නෙ නැහැ..


කිවුව වෙලාව- 2011-05-19 02:22:50
isuru chamara somaweera මෙහෙම කියනවා :
ඉතාම සිත් ගන්න ලිපියක්. කාලෝචිත මාතෘකාවක් ගෑන අපූරුවට ලිව්වට ස්තූතියි සහෝදරයා.

කිවුව වෙලාව- 2011-05-19 02:07:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සංඛ කිරිඳිවැලගෙන් තවත් වියමන්
වෙසෙස්
සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව
Cine
ආලෝකය නොදිටිමි!
අදහස්
දඩ ගැහුවම අවිචාරේ- මල් පිපෙයිද මහ පාරේ?
වෙසෙස්
ට්‍රම්ප්...!
වෙසෙස්
Brexit- සමුගැනීමේ මොහොත, ඉන් එපිට සහ මෙපිට
තවත් වෙසෙස් බූන්දි
එක ම ගඟට දෙවරක් නොබට මිනිසා, හෙරක්ලීටස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
මිහිකත විකුණනු ලැබේ!- සොබාදහම වස්තුකරණයේ සිට නව ලිබරල් පරිසරවාදය දක්වා
ටෙඩිබෙයා සහ ස්ත්‍රී ලිංගිකත්වය
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
අමීන් ඩාඩා (ඉඩි අමින්) කියයි.
අමීන් ඩාඩා (ඉඩි අමින්) 1971 ඉඳලා 1979 වෙනකල් උගන්ඩාවේ පාලකයා. මේ අමීන් ඩාඩා කිවුව දේවල් කීපයක්.

"මම දේශපාලනඥයෙක් නොවෙයි; මම වෘත්තීයමය සොල්දාදුවෙක්."(1971)

"සමහර විටෙක මිනිස්සු වැරදියට... [More]
What's New | අලුතෙන්ම
අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

2-Mins

(තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
වෙසෙස්| සංචාරක ව්‍යාපාරය, අධිපාරිභෝජනය සහ ශ්‍රී ලංකාව

3-Mins

(සංඛ කිරිඳිවැල) සංචාරක කර්මාන්තය ලෝකයේ ප්‍රමුඛතම කර්මාන්තයක් වන අතරම සීඝ්‍රතාවයකින් වර්ධනය වෙමින් පවතී. එය ඊටත් වඩා සැලකිය යුතු වේගයකින් ලංකාවේ වර්ධනය වෙමින්... [More]
BoondiLets| ෆෙඩ්රික් නීට්ෂේ කියයි.
(සඳකාන්ත) රකුසන් හා යුද වදින්නන්, එ් කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය. අැති පමණ කල් අාගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අාගාධය ද පෙරළා... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- මැතිවරණ කොමසාරිස්ට ජේ.ආර්.ගෙන් ලියුමක්!

2-Mins

අපේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මගේ හොඳ යාළුවෙක්. නිතර මට කෝල් කරනවා. ‘මැතිවරණත් තියන්නේ නැති එකේ හරි කම්මැලියි බං...... [More]
කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

18-Secs

පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
කරන්ට්ස්| අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!

40-Secs

(තුෂාරි ප්‍රියංගිකා) බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියකැයි චෝදනා කොට විදුහල්පතිනිය විසින් ඇය පාසලින් අස් කරයි.
-පුවතක්


කුළියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීරිය යොදලා... [More]
කවි| මාතෘ වාට්ටුව ඉදිරිපිට මල් පිපුණු සල් ගස

30-Secs

(පද්මිණි ශ්‍රියාලතා ) මායා මව් බිහිකරන විට ලොවට බුදු පුතෙක්
අතු නමා පාත් කර සැනසුවේ සල් ගහක්
මල් නෙළන්නට කියා එක වසරෙ ‍පෙළ පොතක්
කාලයක් දරුවනට පෙන්නුවෙත් සල් ගහක්

මේ මෙතන තිඹිරිගෙයි ඉදිරිපිට රෝහලේ... [More]
අදහස්| ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

3-Mins

(තාරක වරාපිටිය) "දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති... [More]
ගී කිය(ව)මු| සඳ, හොරෙන්- හොරෙන්- හොරෙන්- බලමු!

4-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ප්‍රේමයට රාත්‍රිය මහෝපකාරීවන්නේ යම් සේ ද ශෘංගාරෝද්දීපනයට සඳ සතු කාර්යභාර්ය ද එසේ ම වේ. ළමා ලපටියන් සඳ දකිනුයේ සිය කුටුම්බ... [More]
කතන්දර| සරසවි ශිෂ්‍යයාගේ මරණය

6-Mins

(සහන් කසීර වික්‍රමසිංහ) ප්‍රවෘත්ති සංස්කාරක තුමනි,
සති දෙකකට උඩදි ගෙලවැල ලාගෙන සියදිවි නසාගත් 'කසුන් හේරත්' නම් සරසවි ශිෂ්‍යයාගේ (ශිෂ්‍ය සංගම් නායකයෙක් ලෙස ද... [More]
කවි| ප්‍රේමයක් ඇති වුණේ නෑ!

45-Secs

(භාතිෂ අකලංක සිල්වා) එක ගමේ, ළඟ ගෙවල්,
එක වයස, ඒ වුනත්
කළු කෙල්ලෙ නුඹේ ගැන
කිසිදාක මගෙ හිතේ
ප්‍රේමයක් ඇති වුණේ නෑ!... [More]
කතන්දර| "එඩිසන්ගෙ අම්මා"- ළමා කතන්දරය [වීඩියෝව]

12-Secs

තෝමස් අල්වා එඩිසන් කියන මහා විද්‍යාඥයා ගැන චූටි ටීචර් කියන අපූරු කතාවක්-

Voiced by- Masha Suwani and Nayomi Gunasiri
Script and Animated... [More]
අදහස්| විභාගය ගොඩ යාමට ඥාන පූජාව!

2-Mins

(තාරක වරාපිටිය) ස්ථානය- වේයන්ගොඩ, පත්තලගෙදර බෝධිමංගලාරාමය විහාරස්ථානය
නිමිත්ත- ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් පෙනී සිටින සිසු-සිසුවියන් හට උසස් ප්‍රතිඵල ලබා ගැනීම උදෙසා පවත්වනු ලබන විශේෂ... [More]
අදහස්| [සරදගේ ලියුං හැකින්ස්]- සිරිසේන මහත්තයාට ලියා ඔප්පු කරන වග නම්...,

2-Mins

සෑර්,

සෑර් කැකිරාව පැත්තේ ඇවිල්ල කුඹුරු ටිකක් එහෙම හාලා දීලා, මදිවට වගා සංග්‍රාමයක් එහෙමත් පටන් ගන්නව කියල ආරංචියක් ආව. ආසාවේ උහුලගන්ඩ... [More]
කවි| පටාචාරා

1-Mins

(ප්‍රියලාල් කොග්ගලගේ) සැවැත් නුවරත් නොවෙයි, සිටු කුලේකත් නොවෙයි පටාචාරා ඉපදුණේ
බුදුන් වැඩියත් රජුන් නොවඩින ඈත දුර මහියංගණේ
ඈ කැටුව ආ දාසයා වෙමි ඉපිද ඈ පිළිබඳ සෙනේ
අතු පැහීමයි ගෙඩි කැඩීමයි දත් එකම ශිල්පය වුණේ

පුතෙකු වැදුවා, දුවක වැදුවා මමත් පොඩි අතුපැලක් හැදුවා... [More]
රංග| දෙවියන් බුදුන් මැරී බොහෝ කල්ය! -"මායා බන්ධන"- විචාරාත්මක විමර්ශනයක්

10-Mins

(ප‍්‍රනීත් චානක මුරමුදලිගේ) වත්මන

පරමාදර්ශී කලාවන්ට කණකොකා හඬන 2017 වැනි යුගයක, තරුණ නාට්‍යකරුවන්ට සෙත්ශාන්තියක් මෙන් වූ ජාතික තරුණ සේවා සභා නාට්‍ය තරඟාවලිය මෙවරත් යම්... [More]
පරිවර්තන| අඳුරු ගොම්මනක කතාව

16-Secs

(ෆතීක් අබූබකර් | මාලතී කල්පනා ඇම්බ්‍රෝස්) මැටි බඳුන
පිරී යයි
මා හෙවත්
පිරියම් නො කළ
වදනින් ...
සිත්තම් කරමි... [More]
කවි| නෙළුමෙහි කුහුඹු මිනිසාට

24-Secs

(දුලන්ජන් විතාරම) වළාකුළු සිඹී ඉහළට නැගුනාම
බලා නෙත් අහස මුදුනේ රැඳුනාම
රවා බලන ඉර තරහින් බැලුවාම
නිවා විඩා දුරලා නුඹ ගනු කෝම

පියාඹන කාක පෙරහැර නිරන්තරේ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook