Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
"ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා"– අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර
බූන්දි, 03:00:12
විශ්ව විද්‍යාලවලට ඇතුල්වන නවක සිසුන් සදහා හමුදා කදවුරැ තුළ ලබා දීමට නියමිත පුහුණුව සම්බන්දයෙන් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාවකි.

  • විශ්ව විද්‍ය‍ාල නවක ශිෂ්‍යයන්ට ලබා දීමට තීරණ කර තිබෙන නායකත්ව පුහුණව පිළිබද අන්තර් විශ්ව විද්යාල ශිෂ්‍ය බල මණ්ඩලය දරන්නේ කුමන අදහසක්ද?


  • මේ තීරණයට අප මුළුමනින්ම විරුද්ධයි. මෙය මිලිටරි බලහත්කාරය යොදවා විශ්ව විද්‍යාල සිසුන් හමුදා කදවුරු වලට ගාල් කර දේශපාලන ගැති භාවය ඇති කිරීමේ වැඩ පිළිවෙළක්. මේ හරහා ශිෂ්‍ය ජීවිත වලට‍ විශාල හානියක් වෙන්න පුළුවන් කියලා අපි හිතනවා. මොකද හමුදා කදවුරු වල නායකත්ව පුහුණුව ලබා දෙන්න බැහැ. ලෝකයේ කොහෙවත් හමුදා කදවුරු තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව ලබා දෙන්නේ නැහැ. මෙය කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් කර ගෙන එක ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමේ ප්‍රනයත්නයේ තවත් පියවරක් විදියට තමයි අපි මෙය දකින්නේ. මේ නායකත්ව පුහුණුව සාර්ථක වෙන්නේ නැහැ කියලා අපි දන්නවා නමුත් සංකල්පයක් විධියට අපි මෙයට විරුද්ධ වෙන්නේ මෙය ආණ්ඩුව විසින් දියත් තරන මර්දනයේම කොටසක් නිසා.

  • ඔබ විශ්වාස කරනවද විශ්ව විද්‍යාල ශිෂයින්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යයි කියලා?

  • අපට තියෙන ගැටළුව තමයි විශ්ව විද්‍යාල සිසුන්ට නායකත්ව පුහුණුවක් අවශ්‍යද සහ එසේ අවශ්‍ය නම් එය හමුදාවට ලබා දිය හැකි ද කියන එක. අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් තුළ නායකත්ව ලක්ෂණ තියෙන බව. මේ විශ්ව විද්‍යාල නායකත්වය, හමුදාවේ වගේ ඉහලින් පත් කරන නායකත්වයක් නෙවෙයි ප්‍රජාව අතරින් පත් වන නායකත්වයක්. මේ රටේ සිටින විශ්ව විද්‍යාල ආචාරයවරු, ගරුවරු, රාජ්‍ය අංශයේ විවිධ තනතුරු දරන මෙන්ම ‍පෞද්ගලික අංශයේ ඉහල නිලධාරීන්වද විශ්ව විද්‍යාවල තුළින් බිහි කරලා තියෙනවා. මේ තුළ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්වය නැහැ කියන්නේ බොරුවක්.

    ඒ වගේම මෙතැන ප්‍රශ්නය මම යලිත් කියනවා හමුදාවට පුළුවන්ද නායකයන් පුහුණු කරන්න. හමුදාව කියන්නේ විචාර බුද්ධියට අවස්ථාවක් නැති බලහත්කාරය මත සියළු දේ තීරණය වන ආයතනයක්. නමුත් විශ්ව විද්‍යාලය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයක්ට එකඟතාවයන් ගොඩ නගා ගන්නා ආයතනයක්.

    එස්.බී. දිසානායක අමාත්‍යවරයා කියලා තිබුණා මේ හමුදා කදවුරු ඇතුළේ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ උදේට නැගිටින්න, දත් මදින්න, වෙලාට කන්න ආදී දේවල් කියලා. එහිදී මතු වන ප්‍රශ්නය තමයි ඒකද නායකත්වය කියන්නේ කියන එක.

  • මේ පුහුණුවෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්ව විද්‍යාලයට ඇතුල් වීමට පෙර විනය හැදීම කියලා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා. ඔබ ඒ ගැන දරන්නේ කුමන අදහසක්ද?

  • ඊළගට විනය ප්‍රශ්නය. දැන් විශ්ව විද්‍යාල ඇතුලේ විනය හැදීම තමා මේ පුහුණුවේ පරමාර්ථය. අපි අහනවා මේ ආණ්ඩුවට විනය තියෙනවද කියලා. ඒකට හොදම උදාහරණය තමා එස්.බී අමාත්‍යවරයා. අධිකරණයට අපහාස කළ නිසා හිරේ ගියේ එතුමාට විනයක් තියෙන් නිසාද? අපි විශ්වාස කරනවා විශ්ව විද්‍යාල තුළ විනය පවතිනවා කියලා. එය සාමූහිකත්වය පිළිබද සංස්කෘතියක්. අපේ සමාජයේ විනය ඉහළම තනතුරේ සිට බිද වැටිලා තියෙන අවස්ථාවක ඊට සාපේක්ෂව විශ්ව විද්‍යාල තුළ විනය තියෙනවා. මේ ආණ්ඩුවට විනයක් තියෙනවද කියන එකට හොදම උදාහරණය තමා රියැලිටි වැඩසටහනකදී මර්වින් සිල්වා අමාත්‍යවරයා තරගකාරියකගේ ලිංගික අවයව පිළිබද කළ ප්‍රකාශය. මේකද මේ ආණ්ඩුව විනය කියන්නේ. විශ්ව විද්‍යාල ඇතුලේ ගැහැණු සහ පිරිම් දෙපාර්ශවයම පවතින සීමිත සම්පත් සාමූහිකව භාවිත කරමින් සහයෝගයෙන් ඉන්නවා. මේ වගේ බාල මට්ටමේ ලිංගික බලහත්කාරය විශ්ව විද්යාවල තුළ නැහැ.

    සමාජ පැවැත්මට අවශ්‍ය විනය මේ ශිෂ්‍යයන් තුළ තියෙනවා, එය හමුදාව ලබා ලබා දිය යුතු නැහැ කියන එක තමා අපි කියන්නේ. උදාහරණයක් විදියට 5000 – 6000ක් ඉන්න විශ්ව විද්‍යාල තුළ ගැටුමක් ඇති වන්නේ කළාතුරකින්. එයත් පාලකයන් සමග මිස සිසුන් අතර නෙමෙයි. විශ්ව විද්‍යාල තුළ පොලීසියක් නැහැ. නමුත් සම්පත් බෙදා ගැනීමට නොහැකිව එකිනෙකා මරා ගැනීමේ සංස්කෘතියක් විශ්ව විද්‍යාල තුළ නැහැ. අනෙක් කාරණය තමයි අවුරුදු දහ තුනක් පාසල් අධ්‍යාපනය ලැබූ, විභාග ගණනාවක් සමත් වුණු ශිෂ්‍ය ප්‍රජාවකට නායකත්ව පුහුණුවක් ලබා දෙනවාය කියන්නේ මේ රටේ පාසල් පද්ධතියට අසමත් කියන එකද? අවුරුදු දහතුනක් අධ්‍යාපනය ලබා දුන් ගුරුවරු අසමත් කියන එකද? එය එසේනම් අවුරුදු දහ තුනක් ලබා ගන්න බැරි වුණු නායකත්වය සති තුනකදී හමුදා කදවුරුක් තුළ ලබා දෙන්නේ කොහොමද? එහෙනම් කරන්න තියෙන හොදම දේ පාසල් නොයවා සති තුනකට හමුදායට යවන එක.

  • ඔබ කියන විදියට නායකත්ව පුහුණුව සම්බන්ධයෙන් ප්‍රකාශිත අරමුණු වල යථාර්ථවාදී බවක් නැහැ. ඔබ දකින විදියට මෙහි වෙනත් අමුණක් තියෙනවාද?

  • මේ නායකත්වය පුහුණුවේ පැහැදිළි අරමුණ තමා තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රයට අනුව ක්‍රියාකරන ශිෂ්‍ය පිරිසක් බිහි කර ගැනීම. විශ්ව විද්‍යාල තුළ එය කළ නොහැකියි. ඒ නිසා තමයි විශ්ව විද්‍යාලයෙන් පරිබාහිරව හමුදා කදවුරු තුළ මෙය සිදු කරන්නේ. මෙය සංකල්පයක් විදියට වැරදියි.

    මේ ආණ්ඩුව විසින් පහුගිය කාලය තුළ ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ශිෂ්‍යයන් අතරින් 300කට අධික පිරිසගේ පංති තහනම් කර තියෙනවා. එය කෙතරම් අවිචාරමත් විධියට කළාද කියනවානම් අපවත් වුණු භික්ෂූන් වහන්සේලාගේ පවා පන්ති තහනම් කළා. ශිෂ්‍යන් මර්දනයේ ප්‍රතිඵලයක් විදියට පසුගිය 8 වෙනිදා භික්ෂු විශ්ව විද්‍යාලයේ ස්වාමීන් වහන්නේ නමක් වස පානය කර සිය දිවි හානි කර ගත්තා. රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් පොලිස් ප්‍රහාරයකින් වලින් මරණය පත් වුණා. ආණ්ඩුව නැවතත් ශිෂ්‍ය මර්දනය හරහා ඔවුන්ගේ දෑත් වල ලේ තවරාගෙන සිටිනවා. පසුගිව වසරේ ශිෂ්‍යයන් 40ක් සිර භාරයට ගෙන තිබෙනවා. ආණ්ඩුව අධ්‍යාපනයේ මතු වී තියෙන ගැටළු විසදීමට මුළුමණිනින්ම පාගේ අපොහොසක් වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව උත්සහ කරන්නේ මර්දනය හරහා ශිෂ්‍ය අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය බිද හෙළන්න ආණ්ඩුව උත්සහ කරනවා.

    නවක සිසුන්ගේ ජීවිත වලට මෙය විශාල බලපෑමක්. මේ හමුදා කදවුරු ඇතුලේ ලිංගික බලහත්කාරය පවා වෙන්න පුළුවන්. හමුදා කදවුරු තුළ තියෙන්නේ ඒ ව‍ගේ සංස්කෘතියක්. ලෝකයේ එහෙම උදාහරණ කියෙනවා. ඒ වගේම හමුදාවේ විනය හදන්නේ වෙන විදියකට. මිලිටරි බලහත්කාරය හරහා හොද විනයක් ගොඩ නගන්න බැහැ. එය යුධ විනයක්. එවගේම එය සිවිල් සමාජයට අදාල නැහැ. සිවිල් සමාජයේ ජීවත් වීමට අවශ්‍යය විනය හමුදාවකට දෙන්න බැහැ.

    ඒ නිසා අපි මේකට විරුද්ධයි. මෙය ශිෂ්‍යයින්ගේ ජීවිත වලට අහිතකර ලෙස බලපෑමට පුලුවන්. අපි දෙමව්පියන්ගෙන් ඉල්ලනවා මේ උගුලට ඔබේ දරුවන්ට යවන්න එපා. මේ අත්තනෝමතික තීරණය ක්‍රියාත්මක කිරීමට නෛතික පියවර ගන්නවා. ඒ වගේම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍ය ප්‍රජාව ඇතුළත් පුළුල් වැඩසටහනකට යනවා. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ තමන්ගේ දරුවන් හමුදා කදවුරු වලට ගාල් කරන්න එපා කියලා.

  • මෙම නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල තුළ පවතින සංස්කෘතියට බලපෑමක් එල්ල වෙයි කියලා ඔබ හිතනවද?

  • ආණ්ඩුව උත්සහ කරනවා විශ්ව විද්‍යාල සංස්තෘකියට බලපෑම් කරන්න. නමුත් අපි කියලවා විශ්ව විද්‍යාලවල සංස්කෘතියට බලපෑම් කරන්න ආණ්ඩුව බැහැ කියලා. නමුත් වෙන්න පුළුවන් දෙය තමයි මේ හමුදා කදවුරු ඇතුළේදී ශිෂ්‍යයන්ගේ ජීවිත වලට බලපෑම් එල්ල වීම. හමුදා ආධිපත්‍යය යොදාගෙන ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ දරයි. ඒ හරහා ඔවුනගේ දේශපාලන න්‍යාය පත්‍රය විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක කරන්න උත්සහ දරයි. ඒ වගේම ගැටුම් ඇති කරලා විශ්ව විද්‍යාල ක්‍රියාකාරිත්වය අවුල් කරන්න වැඩපිළිවෙල සකස් කරයි. පවත්නා සාමූහිකත්වය බිදින්න උත්සහ දරයි. නමුත් විශ්ව විද්‍යාල තුළ තියෙන පොදු සංස්කෘතිය බිදින්න ඔවුන්ට බැහැ.

    මෙහිදී අපි වඩාත් උනන්දු වෙන්නේ විශ්ව විද්‍යාල සංස්කෘතිය වෙනස් කිරීමට ආණ්ඩුව මේ දරන උත්සහය හරහා නවක ශිෂ්‍යයින්ගේ ජීවිත වලට තර්ජනයක් ඇතිවීම පිළිබදවයි. නවක ශිෂ්‍යයින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට අපි අපිට හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා කියන එක අපි පැහැදිළිව කියනවා.
    මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
    Tags- Military training for Sri Lankan students who qualify for university entrance, Sanjeewa Bandara
    පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
    ගුරුන්නාන්සේ මෙහෙම කියනවා :
    "ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා"– අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර

    මේක ටිකක් මොළේ කොලොප්පං වෙන පොරකාසයක් නේ කොලුවෝ! දැන් බොලාගේ නායකගොල්ලෝ වෙච්චි අර සෝමවංස උපාසක මහත්තයයි, ටිල්වින් බක්කරෙයි, අනුරකුමාර ග්‍රාමසේවකයයි විමල් වීරවංස නළු බට්ටයි පහුගිය දවස්වල ගිරිය පුප්පගෙන කෑගහලා නොවෙද බොලේ මේ ආණ්ඩුව නිර්මාණය කළේ. එතකොට ඔය අන්තරේ මල්ලිලා නොවෙද බොලේ මහරජාගේ චන්ද පොස්ටර් අලවන්න නිදිමරාගෙන කඩේ ගියේ, අනේ සංජීව කොළුවෝ ඒවා ගැතිකම් නෙවෙයිද? ආයේ මක්කයි බං උඹලා වාගේ හරක්ගෙන් අමුතුවෙන් ගැත්තො බිහි කරන්න තියෙන්නේ! ඒක උඹලාගේ සේමවංශයලාම කරලා ඉවරයි. අනේ අම්මපා දැන් රණ විරුවන්ගෙන් අධෝමාර්ගේ ආරක්ෂා කරගන්න නොවැ සිස්ස වියාපාරෙට වෙලා තියෙන්නෙ. ඕවා මලයෝ උඹළගේ නායකයෝ කරපු පාවාදීම් වල පොරතිඵල මිසක් වෙන අහවල් කෙංගෙඩියක්වත් නොවෙයි.
    ඉස්සෙල්ල උන් ගෙන් මිදිලා හිටහල්ලා ගැතිකමින් මිදෙන්න ඕනි නම්!


    කිවුව වෙලාව- 2011-05-22 11:40:21
    Podiaapuhami මෙහෙම කියනවා :
    මේ කතා කියවනකොටත් අපිට හිනා යනව...අන්තරේ උන් තමන්ගෙ ගෑත්තන් නිර්මානය කරගන්න කොට හොඳයි...ආන්ඩුව කරාම නරකයි..එතකොට කෑම්පස් එන කොල්ලො කෙල්ලන්ට තෙල බෙදනව කියල ඔය අය්යල කරන්නෙ මොකක්ද? ඈඳුම් හොඅදගන්න හෑටි එහෙම නෙවෙයි නෙ කියල දෙන්නෙ...අපේ බෑච් වල ජෙප්පො වෙලා හිටිය කොල්ලො කොච්චර කොන් වෙලාද හිටියෙ කියල අපි දන්නව..අන්තරේ අයගෙ ලොකුම අවුල වෙන්නෙ එ ගොල්ලො හෑම තිස්සෙම ඉන්නෙ සමාජෙට වයිර කරමින්...හෑබෑයි අන්තරෙන් අයින් වුනාම උන් තරම් යු.ඈන්.පී. කාරයො ටිකක් හොයාගන්න බෑහෑ...

    කිවුව වෙලාව- 2011-05-21 10:01:44
    Sachi මෙහෙම කියනවා :
    Mr. Mahinda Illeperuma
    I must say u are a freek and a fool..
    May be non of your children could make it to the university...
    U may have that pain in the back of your mind...
    Dont be a fool....


    කිවුව වෙලාව- 2011-05-21 08:20:28
    7th mahinda මෙහෙම කියනවා :
    මහින්ද ඉලේපෙරුම මහත්තයො,
    ඔබ තුමා තණකොලද කන්නෙ?


    කිවුව වෙලාව- 2011-05-19 22:32:49
    Mahinda Ileperuma මෙහෙම කියනවා :
    මේ තරම් දේවල් වෙනකල් සරසවි ඇදුරෝ බුදියගෙන හිටියද? මේ හැම එකකින්ම පෙනෙන්නෙ පී එච් ඩී ගත්තු ආචාර්ය මහචාර්ය ගොල්ලන්ට වඩා ඇතැම්විට අටවත් පාස් නැති දේශපාලකයො කෙලින් තීරන ගන්න බවයි. විශ්වවිද්‍යාල වලට එන ශිෂ්ශයන්ට සමාජ පුහුනුවක් ඕනෑ කියල දැක්කෙ ඇදුරො නෙමෙයි ඔය "මෝඩ" කියල කියන දේශපාලකයොනෙ. ඒකෙන් පේන්නෙ පාසැලෙන් ලමයා සමාජානුයෝජනය වෙලා නෑ කියන එකයි. පාසැල් වල ඉන්නෙ විශ්ව විද්‍යාල වලින් නිෂ්පාදනය කරපු ක්‍රීම් එකලුනෙ. අනික පන්සලෙන් ඒක වෙලත් නෑහෑ. එතන ඉන්නෙත් උගත් හා දර්මදර විනයදර උද්විය.ඒ අය අතිනුත් මේක වෙන්නෙ නැත්නම් කොහොමද කරන්න? ඒ නිසානෙ තරුන ලමයි සමාජානුයෝජනය කරන්න හමුදාවට බාර දෙන්නෙ. ඒ කියන්නෙ ඊනියා උගත්තු අසාර්ථකයි කියලනෙ.
    දැන් එක උදාහරනයක් ගත්තොත් පහුගිය කාලෙ භාහිර උපාධි වලට තොග ගනනක් ගත්ත. ඒක රටට කොච්චර ප්‍රමානයක් අවශ්යද කියල සරසවි ඇදුරො දන්නෙ නැහැ. අන්තිමේදි මුලු සිස්ටම් එකම කඩන් වැටෙනකල් ඒ ගොල්ලො බලන්හිටිය. ඒකට තීන්ඩුවක් ගත්තෙ දෙශපාලකයො. අධ්‍යාපනය ගැන තීන්දු ගන්න එකවත් මේ අයට කරගන්න බැහැ කියලයි පෙන්නුම් කෙරුනෙ. ඉතින් මේක මුලු සිස්ටම් එකම කඩන් වැටිල කියල පෙන්නන සිද්ධියක්. සරසවිවල ඉන්නෙ තීරන ගන්න මැදිහත් වෙන්න බැරි කොටසක්. දේශපාලකයො ඊට වඩා ප්‍රබලයි. මෙන්න මේ ඩිලෙම්මාව විසxද ගන්න ඕනැ. ආචාර්‍‍ය නිර්මාල් කියන විදියට සරසවි නෙමෙයි හෙජමොනියෙ කෙලවර කියලයි මේකෙන් පේන්නෙ. සරසව වලට උඩින් විශාල බලයක් තියෙන සන්ස්ථාවක් තියෙනව. සරසවි පාලනය කෙරෙන්නෙ ඒකෙනුයි. ඒ නිසා සරසවි ඇදුරො ඉහල වැටුප් තලයක තියන්න අවශ්‍ය්ය නැහැ කියල පැහැදිලියි. දැන් සරසවි ඇදුරො මේක කඩන්න ඕනැ. තමුන්ලා දේශපාලන අධිකාරියට වඩා ඉහලින් ඉන්න බව පෙන්නල දෙන්න ඕනැ.


    කිවුව වෙලාව- 2011-05-19 20:32:16
    dulip මෙහෙම කියනවා :


    කිවුව වෙලාව- 2011-05-19 20:22:44
    Plus
    ප්‍රතිචාර
    අඩවි දත්ත
    Facebook Page
    Boondi Google+
    Boondi RSS
    පබා දේශප්‍රියගෙන් තවත් වියමන්
    කතා-බස්
    මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
    තවත් කතා-බස් කරන්ට්ස්
    ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
    "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
    අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
    ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
    "ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
    බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
    BoondiLets
    ස්ටීව් බිකෝ කියයි.
    පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
    What's New | අලුතෙන්ම
    කතා-බස්| "පියවරු සහ පුත්තු"- සුමති සිවමෝහන් සමග කතාබහක්

    8-Mins

    (සමන් එම්. කාරියකරවන) මේ වසරේ මාර්තු මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද්හි පැවති ඉන්දියානු ලෝක සිනමා උලෙළේ දී හොඳ ම චිත්‍රපටයට හිමි ජූරි සම්මානය දිනා... [More]
    කතන්දර| "අලි සෙල්ලං හා ලෙල්ලං!" [ළමා කාටූන් වීඩියෝව]

    42-Secs

    "අලි සෙල්ලං හා ලෙල්ලං!"- පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Sanjiv Jaiswal 'Sanjay' ලියා, Ajit Narayan සිත්තම් කළ 'Playtime' ඉන්දියානු ළමා කතන්දරයේ... [More]
    පරිවර්තන| මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ

    59-Secs

    (විලියම් ශේක්ස්පියර් | චින්තා පවිත්‍රානි) මගේ බිරිඳගේ ඇස් හිරු වගේ නෑ
    පබළු ඇගේ දෙතොලේ රතට වඩා බොහෝ රතු පාටයි
    හිම සුදු වී නම් ඇගේ පියයුරු අවපැහැ මන්ද?

    කෙස් වයර් වී නම් ඇගේ හිසේ කළු වයර් වැවේ
    මා රෝස, රතු හා සුදු පෑ රෝස මල් දැක තිබේ,... [More]
    කවි| සටහන්ය; සුන්දර ගමක; මළගෙයක...

    11-Secs

    (විකුම් ජිතේන්ද්‍ර) සුදු රැළි පාලම්ය මග
    කිඳුරා නිදිය සාලයෙහි

    විඩාබර වූ ඉකියකි
    අම්මෙකි
    ආදරේ බර ඉල්ලාගෙන... [More]
    කවි| ගරු අධිකරණයෙන් අවසරයි..!

    46-Secs

    (ජනිත් විතාරණගේ) අත තබා දිවුරන්න පුළුවන් ස්වාමිනි බොරු නෙවෙයි කියලා
    මැරෙන්නට හිත හදාගෙන මම රේල් පාරෙත් ලැගන් ඉඳලා
    කෝච්චිය දුර ඈත එනකොට තාත්තගේ බොන බෙහෙත් මැවිලා
    කරන්නම වෙන දෙයක් නැති තැන ගියේ එතනට අම්මපල්ලා

    පහන් කොච්චර එළිය දුන්නත් කැඩුන පසු කුණු ගොඩට හින්දා... [More]
    වෙසෙස්| සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

    2-Mins

    (සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ) සමහර ගැහැණු- පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස... [More]
    අදහස්| කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?

    3-Mins

    (සුරෝෂන ඉරංග) අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය... [More]
    අදහස්| දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!

    16-Mins

    (ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි) කාල් මාක්ස්ගේ 200 වෙනි උපන්දිනය කොළඔ මහවැලි කේන්ද්‍රයේදී පසුගිය 11 වෙනි දින සමරනු ලැබුවේ කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ 3 වෙනි... [More]
    Cine| ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්

    13-Mins

    (ඩිල්ෂානි චතුරිකා දාබරේ) මෙම ලිපිය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අදහස පරිදි සුමිත්‍රා පීරිස් විසින් නිෂ්පාදනය කරන්නට යෙදී, මෑතකදි තිරගත වූ වෛෂ්ණාවී සිනමාපටය සම්බන්ධයෙනි.... [More]
    Cine| Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!

    4-Mins

    (වජිර කාන්ත උබේසිංහ) මල් පිපෙන එකයි මිනිස්සු හැදෙන එකයි වෙනස්. මොකද මල් කොච්චර ලස්සන වුනත් මල් පුබුදුවන්න අවශ්‍ය ජලයයි, සුර්යාලෝකයයි විතරයි. මේවා කොපමණ... [More]
    කවි| සර්ධාවෙන් ලියන වග නම්

    36-Secs

    (අමිල නන්දසිරි) අපි පුතේ දුර ඈත වන්නි හත් පත්තුවේ
    පාන්දර බස් එකෙන් පෝලිමට එක්වුනේ
    වැඳ පුරුදු මුදු මීට පෙරත් මුතියංගනේ
    බුදුන් වැඩි බිම බුදුන් දකින්නට පෝලිමේ

    අස්වැන්න කැපෙන මහ ගමට එන ලොරි කඩේ... [More]
    කවි| යෞවනය!

    25-Secs

    (තුෂාරි ප්‍රියංගිකා) යෞවනය! ඇති තරම් හිනහා වී ඔබ ඉන්න
    මැදිවිය බර වැඩී කෙනෙකුට
    දරන්නට බෑ ඒ තනියම
    දහක් අතරෙත් තනි වියහැකි බැවිනි.

    පාට තවරා ගත්තු ගහකොළ... [More]
    සිත්තර| "දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක

    5-Mins

    (කසුන් සමරතුංග) චිත්‍රයක් යනු නිහඬ කවියක් යැයි කියනු ලැබේ. එනයින් ගෙන බලන කල ප්‍රගීත් රත්නායක යනු කැන්වසය මත, අපේ පරපුරේ නිහඬ කවි... [More]
    කතන්දර| "කුකුළු පැටියයි තාර පැටියයි"- සෝවියට් ළමා කතන්දරය [වීඩියෝව]

    14-Secs

    මෙන්න තවත් ලස්සන සෝවියට් රුසියානු කතන්දරයක් [පොඩිත්තන්ට කාටූන්] වී. සුතේයෙව් ලියා සිත්තම් කළ "කුකුළු පැටියයි තාර පැටියයි" ළමා කතන්දරයේ සිංහල... [More]
    වෙසෙස්| සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම

    5-Mins

    (සරද සමරසිංහ) මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා... [More]
    කතන්දර| විරාම ලකුණු

    7-Mins

    (යශෝධා සම්මානි ප්‍රේමරත්න) "රායා, ඔයාට තේරෙනවද මම කියන දේ?" මම එකපාරටම පොළොවට වැටුනා. පොළව තිබුනේ බිම් මට්ටමට තට්ටු විසි එකක් උඩින්, කලබල නගරයක... [More]
    කවි| හැරයාම

    13-Secs

    (තරින්ද්‍ර ගලහේන) නටුවකින් ගිලිහී වැටෙන
    දුඹුරු පතක වන්
    සොඳුරුවූ දුක්මුසු බවක් ඇත
    ක්ෂය වෙමින් යන
    සෑම ආදරයකටම...... [More]
    ඔත්තු| කවි පොත් තුනක්- මැයි 26

    11-Secs

    ටිම්රාන් කීර්තිගේ "පෙම්බරියගෙන් වෙන් වුණ ලූලෙක් හැරෙයි ඇලකට", දිමුතු ප්‍රදීප් පෙරේරාගේ "ගඟුලක් ව නවතිමි", ඩොමිනික්... [More]
    Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
    Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook