Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
මිලිටරි නායකත්ව පුහුණුවේ යථාර්ථය- ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
බූන්දි, 03:03:18
විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට නායකත්ව පුහුණුවක් ලබා දීමට රජය තිරණ කර තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු බලන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව. මෙම තීරණය පිළිබද පොදු ජනතාව තුළ පැහැදිළි සාකච්ඡාවක් තවමත් ගොඩ නැගී නැහැ.

මේ ඒ පිළිබඳව කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමග කළ සාකච්ඡාවකි.

  • උසස් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තියෙනවා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් ලබා දෙන්න. මේ පුහුණු ව සිදු වන්නේ හමුදා කදවුරු තුළ. ඒ වාගේම එය මෙහෙයවන්නේ හමුදාව විසින්. විශ්ව විද්‍යාල ආචාරය වරයෙකු ලෙස ඔබ මේ නායකත්ව පුහුණුව දකින්නේ කුමන ආකාරයටද?

  • දැන් මේක සාමාන්‍ය සමාජයේ දෘෂ්ඨිකෝණයෙන් බැලුවොත් හොඳයි කියලා දකින්න පුළුවන්. මොකද පොදු අදහසක් තියෙනවා විශ්ව විද්‍යාල තුළ විනය පිරිහීම් ඒ වගේම විශ්ව විද්‍යාල වලින් පිට වන අයට රැකියා ප්‍රශ්ණ මේ වගේ ගැටළු අපේ රටේ පවතිවා. ඉතින් දක්ෂතා දියුණු කර ගැනීම සඳහා මෙය හොඳ අවස්ථාවක් ලෙස සමාජය දකින්න පුළුවන්. ඒ වගේ පසුගිය කාලය තුළ පෞරුෂත්ව වර්ධනය වගේ දේවල් වඩා ජනප්‍රිය තලයේ පැවතුණා. උදාහරණයක් විදියට පෞරුෂත්ව වර්ධනය කිරීමේ පාඨමාලා පවා ආරම්භ වුණා. මෙවැනි ක්‍රියා වලට සමා‍ජය් අනුමැතිය ඉතා ඉහළයි.

    නමුත් මෙහිදි වැදගත් වෙන්නේ කවුද මේ නායකතව් පුහුණු කරන්නේ කියන එක. ආයුධ පුහුණව නැතත් මෙය සිදු කරන්නේ හමුදාව විසින්. එතකොට මේ හරහා සිදු වන්නේ හමුදාව තුළ තියෙන නායකත්ව ලක්ෂණ පුහුණු කිරීම.

    ‍විශ්ව විද්‍යාලය කියන්නේ සමාජයේ ආයතන ගත වී ඇති සංසිද්ධියක්. ඒ වගේ මිලිටරිය කියන්නේත් සමාජයේ පවතින ආයතනයක්. නමුත් පැහැදිළිවම කිව යුතුයි‍මේ ආයතන දෙක දෙකක් බව. එනම් මේවායේ ප්‍රතිමාන එකිනෙකට වෙනස්. උදාහරණයක් විදියට මිලිටරි එක ඉහළින් එන නියෝග කිසිදු විමසා බැලීමකින් තොරව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් විදියට යුධ භුමියකදී වෙඩි තියන්න කිව්වොත් එය නැවත ප්‍රශ්න කරන්න බැහැ. එය මිලිටරිය තුළ ති‍යන ප්‍රධානම ප්‍රතිමානයක්. නමුත් විශ්ව විද්‍යාලයේ තියෙන්නේ මේකේ අනෙක් පැත්ත. එනම් විචාරත්මක බුද්ධියෙන් විමසා බැලීම. අපේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ මේ විදියට විචාරාත්මක බුද්ධියෙන් විමසා බලනවද කියන එක වෙනම ප්‍රශ්ණයක්. කෙසේ වුවත් විශ්ව විද්‍යාලයක් තුළ විය යුත්තේ තර්කඥානයෙන් විමසා බැලීම.

    ඉතින් මේ දෙක පරස්පරව ගමන් කරන ආයතන. විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගැටළුවක් තමා විශ්ව විද්‍යාලයට එන අයට මේ ලක්ෂණ නොතිබීම. පාසල් ක්‍රමයේ බිද වැටීම සහ ටියුෂන් සංස්කෘතිය නිසා ඒ තර්ක ඥානය වර්ධන කර ගැනීමට ඇති අවස්ථාවන් හීන වී ගොස් තියෙනවා. පසුගිය දවසක එස්.බී දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා විශ්ව විද්‍යාල වලට එන්නේ හොඳම ශිෂ්‍යයන් ඒ අයව විශ්ව විද්‍යාලය විසින් විනාශ කරනවා කියලා. ඒ 3ක් ගත්තා කියලා ‘හොඳම’ වෙනවද කියන එක අතුරු කාරණයක්

    කෙසේ වුවත්, විශ්ව විද්‍යාල වලට සුදුසු පරිදි එන ශිෂ්‍යයන්ව සකස් කර ගැනීම ඒ කියන්නේ විවේචනාත්මක චින්තනය ගොඩ නැගීම අපට අවශ්‍ය දෙයක්. මේ පසුබිම තුළ ගත්තම පැහැදිළිම කියන්න පුළුවන් මිලිටරි පුහුණුවක් හරහා විශ්ව විද්‍යාල වලට අවශ්‍ය මානසික වර්ධනය ලබා ගන්න බැහැ කියන එක.

    පරමාදර්ශී විශ්ව විද්‍යාල පද්ධතියේ පුතිමාන පිළිගන්නවානම් මෙවැනි නායකත්ව වැඩසටහන් අනුමත කරන්න බැහැ. විශේෂයෙන්ම මම ඉන්නේ විශ්ව විද්‍යාල පිළිබඳ සාම්ප්‍රදායික මතයේ. ඒ කියන්නේ යුරෝපයේ සම්භාව්‍ය විශ්වවිද්‍යාල තුළ පවතින ප්‍රතිමාන තමයි මම විශ්ව විද්‍යාලයක පැවතිය යුතුයැයි දකින්නේ. ඒ අනුව ගත්තම මිලිටරි නායකත්ව පුහුණුවක් විශ්ව විද්‍යාල වලට ගැලපෙන්නේ නැහැ. විශේෂයෙන්ම රටේ තියෙන සංයුක්ත තත්ත්වය ගත්තහම මෙය වඩා භයානකයි.

    මේ පුහුණුව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට පුහුණු කිරීමක් නම්, දැනට විශ්ව විද්‍යාල තුළ තියෙන තත්ත්වයට ඉන් කිසිදු උපකාරයක් ලැබෙන්නේ නැහැ.

  • අපේ රට මේ ගත කරමින් ඉන්නේ පශ්චාත් යුධ අවධියක්. මේ සන්ධර්භය තුළ මෙම නායකත්ව පුහුණුව ඔබ දකින්නේ කොයි ආකාරයටද?

  • යුද්ධය පැවති කාලයේ විශේෂයෙන්ම යුද්ධයේ අවසාන වසර කිහිපය තුළ සමාජය මිලිටරි කරණය වුණා. ඒ වගේම යුද්ධයෙන් පසු මෙකී මිලිටරිකරණයේ ස්වභාවය වෙනස් වුණා. යුද්ධය සඳහා යොදා ගත් මානව සහ භෞතික සම්පත් රාශියක් තියෙනවා. ඒ වගේම මිලිටරි ප්‍රභු පැළැන්තියක් සහ මිලිටරි ප්‍රභූන්ව මෙහෙයවන දේශපාලන ප්‍රභූ පැළැන්තියක් තියෙනවා. මේ අයගේ අභිලාශ යුද්ධ කාලය තුළ විශාල වශයෙන් වර්ධනය වුණා. සතුරු පාර්ශවය විනාශ වුණාට මිලිටරි Establishments ඒ විධියටම තියෙනවා. ඔවුන්ගේ අභිලාෂත් එසේමයි.

    අපිට පූර්වාදර්ශීව බලාපොරොත්තු වෙන්න පුළුවන් මේවා විසුරුවා හැරීම. මේ මිලිටරි පිරිස් වලට සාමාන්‍ය තත්ත්වය යටතේ ජීවත් වීමට පුහුණුවක් ලබා දීම. ඇත්තටම මිලිටරි එකෙන් විශ්ව විද්‍යාල පුහුණ කිරීම නෙමේ, විශ්ව විද්‍යාල වගේ ආයතන සම්බන්ධ වෙලා උපදේශනය ව‍ගේ දේවල් කරලා මිලිටරි ප්‍රජාවට සාමාන්‍ය සමාජයේ ජීවත් වීමට අවශ්‍ය මානසික මට්ටම ලබා දීමයි වැදගත් වෙන්නේ. ඒ සඳහා ප්‍රබුද්ධ ප්‍රභු තන්ත්‍රයක් අවශ්‍යයි. උදාරහණයක් විදියට ජර්මනියේ ෆැසිස්ට් පාල‍නයෙන් පසු පාලක ප්‍රභූන් විශාල වශයෙන් වැඩ කළා මිලිටරි සංස්කෘතියේ බලපෑම අවම කිරීමට.

    අද අපේ රටේ කරන්නේ සතුරා මැරීමෙන් ශක්තිමත් වූ මිලිටරි එක තවමත් ඔවුන්ගේ අභිලාෂ ඉටු කර ගැනීමට යොදා ගන්නවා. උදාහරණයක් විදියට දැන් මිලිටිරි එක කරන්නේ නගර අලංකරණය වැනි මිලිටරිමය නොවන කාරණා. එවගේම කුණු දැමීම පිළිබඳ එන දැන්වීම් පළ කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයෙන්. මධ්‍යම පරිසර අධිකාරයෙන් හෝ කසල සම්බන්ධ වෙනත් ආයතනයකින් නොවේ. පසුගිය කාලේ විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පිරිසිදු කිරීම් වලට පවා මිලිටරි එක ආවා. ඒ ගේම මේ දවස් වල වෙසක් උත්සවයට මිලිටරි එක උනන්දුවෙන් වැඩ කරනවා. ඔවුන් මැදිහත් වී විශාල වශයෙන් ආගමික කටයුතු මෙහෙයවනවා. මේ මිලිටරි එකට යුධ භූමිය නැති වුණ නිසා ඊට ආදේශකයක් වශයෙන් සමස්ත ජන සමාජයම යොදා ගන්නවා. ඊට සමාජයෙන් අනුමැතියද තියෙනවා. මේ තත්තවයේ යථාර්ථය තමයි කුණු දැමීම තහනම් කියලා බෝඩ් සවි කළාට මිනිස්සු කුණු දැමීම නවත්වන්නේ නැහැ. නමුත් හමුදාවෙන් ඇවිත් කුනු දාන්න එපා කි‍ව්වොත් ඉන් පසු කවුරුත් කුණු දාන්නේ නැහැ. එන් පෙනෙවා මේ මිලිටරි මැදිහත් වීම ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන බව.

    තවත් උදාහරණයක් තමයි, 1987/88 කාලයේ ජ.වි.පෙ ගම් වල සිටි චණ්ඩි යැයි හදුනා ගත් පිරිස් ඝාතනය කළා. මේ පුද්ගලයන් ගම් වල සොරකම්, මැරකම් ආදියට සම්බන්ධ නිසා ජනතාව අනුමත කළ මෙවැනි ඝාතන. සමාජය බලන්නේ කෙටි කාලීන ප්‍රතිඵල දෙස මිස දීර්ඝ කාලීන ප්‍රතිඵල දෙස නොවේ. මේ තත්ත්වට මිලිටරි එකට හිතකරයි. ප්‍රචණ්ඩත්වය සඳහා තියෙන ඒකාධිකාරය නිසා සමාජයෙන් අනුමැතිය ලැබෙනවා මිලිටරිමය අතපෙවීම් වලට. ඒ නිසා අද මිලිටරි එක සියළුම ආයතන වලට කඩා පනිනවා කිසිදු පැකිළීමකින් තොරව.

    විශ්ව විද්‍යාල වල ප්‍රශ්න තියෙනවා විනය පිරිහීම් වැනි. මිලිටරි එකත් වැඩ රහිතව ඉන්නේ. ඒ වගේ මිලිටරි එකට සල්ලිත් තියෙනවා. මොකද යුද්ධය අවසන් වුණා කියලා මිලිටරි බජට් එක අඩු වෙලා නැහැ. හමුදාවට තවමත් බදවාගැනීම් කරනවා. ඉතින් මිලිටරි එක පවත්වා ගැනීම සඳහා සමා‍ජයේ සෙසු ආයතන වලට මැදිහත් වීම් කරන්න වෙනවා.

  • නව දැනුම බිහි කිරීම සදහා විශ්ව විද්‍යාල ස්වාධීනව පවත්වාගෙන යාම ඉතාමක් වැදගත්. එය එසේ පවත්වාගෙන යාමට මේ නායකත්ව පුහුණුව හරහා යම් කිසි බලපෑමක් ඇති වේ යැයි ඔබ සිතනවාද?

  • විශ්ව විද්‍යාල කියන්නේ පවතින හෙජමොනියේ අවසාන පෙරමුණ. මෑතකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ගාමිණී සමරණායක ප්‍රකාශ කරලා තිබුණු අපේ රටේ විශ්ව විද්‍යාල මුදා නොගත් ප්‍රදේශ වගේ කියලා. එහි ඇත්තක් තියෙනවා. මම නම් උත්සක කරන්නේ එය පවත්වාගෙන යන්න. ඒ වගේම දේශපාන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් එවැනි ප්‍රකාශයක් කිරීමත් එක්තරා දුරකට වෙනම ගැටළුවක්.

    විශ්ව විද්‍යාලයේ ස්වාධීනතාවය පවත්වාගැනීම අවශ්‍යයි දැනුම නිර්මාණය කිරීමට. ඒ තුළ දේශපාලනික විසම්මුතිය තියෙනවා. රටේ තියෙන දේශපාන ආධිපත්‍යයට වඩා වෙනස් තත්ත්වයක් විශ්ව විද්‍යාල තුළ පැවතිය යුතුයි. නමුත් දේශපාලන ප්‍රභු පැළැන්තිය මෙය දකින්නේ ඔවුන්ට එල්ල වන අභියෝගයක් විදියට.

    පසුගිය කාලේ ක්‍රියාකාරී ලෙස උත්සහ ගත්තා විශ්ව විද්‍යාල තුලට දේ රටේ මුඛ්‍යධාරාවේ දේශපාලන ආධිපත්‍ය විශ්ව විශ්ව විද්‍යාල තුළට ඇතුළු කිරීමට. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ශිෂ්‍යයන් හූ කියද්දිත් විශ්ව විද්‍යාල වලට ගියේ ඒ නිසයි. ඒ වගේම අද වන විට විශ්ව විද්‍යාල උප කුළපතිවරුන්/ වරියන් ක්‍රියා කරන්නේ පාලක පක්ෂයේ දේශපාලන සංවිධායකවරු විදියටයි. ඒ තරම්ම එය උපකුළපති තනතුර දේශපාලනීකරණය වෙලා තියෙනවා. ඔවුන්ට ඇකඩමික් ෆීඩම් කියන එක ගැන කිසිම අදහසක් නැහැ.

    අපිට දේ දිස් වන විශ්ව විද්‍යාල සමාන්‍ය සමාජය යටතට ගැනීමේ උත්සහය තුළ ඉතාමත් තීරණාත්මක පියවර වන්නේ ඉහත සදහන් කළ ‘අවසන් පෙරමුණ’ විනාශ කිරීමයි. ‍මොකද ලංකාවේ දකුණේ සිදු වුණ කැරලි දේකටම විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විශාල වශයෙන් දායක වුණා. විශ්ව විද්‍යාල තුළ රැඩිකල් එසේ නැතිනම් ක්‍රම විරෝධී අදහස් වලට තෝතැන්නක්. මේ තත්ත්වය වෙනස් කිරීමේ තීරණාත්මක පියවරක් විදියට තමයි මේ නායකත්ව පුහුණුව අර්ථ ගන්වන්න පුළුවන් වෙන්නේ.

  • මේ නායකත්ව පුහුණුව හරහා විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ආකල්ප වලට කුමන ආකාරයේ බලපෑමක් ඇකි විය හැකිද?

  • විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ගේ ප්‍රතිමාන සකස් වෙන්නේ මූලාශ්‍ර දෙකක් හරහා. එකක් තමයි පාසල. සාහිත්‍ය විචාරය වගේ දේවල හරහා විචාර බුද්ධිය වර්ධනය කරන්න පාසල යම් දායකත්වයක් ලබා දුන්නා. ඉතාමත් හොඳ ගුරුවරු සිටියා උසස් සිතීමේ ශක්තියක් ශිෂ්‍යයින්ට ලබා දෙන. ඒ තුළ පෙළඹවීමක් ඇති කළ නැවත ප්‍රශ්ණ කිරීම් වලට. දෙවැනි එක තමයි රැඩිකල් දේශපාලනයත විශ්ව විද්‍යාල වල විවේචනාත්මක චින්තනය සකස් කිරීම සඳහා ඉතාමත් වැදගත් පෙළඹවීමක් ඇති කළා මේ හරහා.

    නමුත් පසු ගිය කාලය තුළ එය වෙනස් ‍වුණා. ඉහත කී ගුරු භූමිකාව අද නැහැ. අද ඉන්නේ ටියුෂන් ගුරුවරු. ටියුෂන් ගුරුවරයා වෙනම වෙළද පොළ චරිතයක් මිස තර්කඥානය සඳහා සහය වන්නෙක් නෙවෙයි. ඒ වගේම රැඩිකල් වෙනුවට ආදේශ වුණා ජාතිවාදී චින්තනය. ඒ තුළ විවේචනාත්මක විමසා බැලීම නැහැ. ඒ තුළ තියෙන්නේ විශ්වාස කිරීම, අනුගමනය කිරීම වැනි විචාරයට පරස්පර එවගේම පූර්ව විචාරාත්ම අදහස්. ඒ කියන්නේ ආගම වගේ දේවල් මත පදනම් වුණු අදහස්. ඒ හරහා ජාතිවාදී දේශපාලනය බලවත් වුණා. තරුණ පිරිස් විශාල වශයෙන් මින් ආභාෂය ලැබුවා. උදාහරණයක් විදියට ජාතික ඇදුම ඇදගෙන මල් අරගෙන සැදැහි සිතින් වගේ පෙන්වමින් පන්සල් යන්න තරුණ පිරිස් පුරුදු වුණා. ඒ හරහා තමයි රැඩිකල්භාවය නැතුව යන්නේ. ඒ සඳහා මේ නායකත්ව පුහුණුව ගැල‍පෙනවා.

    පහුගිය කාලේ දහම් පාසලයි - ටියුෂන් පන්තියක් කියන සංකල්පය ඇති වුණා. ටියුෂන් පන්තියේ සිල් ගන්න සංස්කෘතියක් ඇති වුණා. එයට අඩු වෙලා තිබුණේ හමුදාව. දැන් එය හරි. යුධ හමුදා කදවුරයි - පන්සලයි.
    මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
    Tags- Military training for Sri Lankan students who qualify for university entrance, Nirmal Ranjith Devasiri
    පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
    Nishanka UOC මෙහෙම කියනවා :
    සමාජයෙ උන් පුරුදු වෙලා ඉන්නෙ ඕන දේකට ඔලුව නමන්න...
    දෑනගනියව්...

    උබලා ඔය නමන හිස් ඔලුගෙඩි කකුල් දෙක මුලට වෑටෙන කලෙ වෑඩි ඈතක නෑති බව...
    Keerthi Wijebahu වගේ එවුන් රෙදි ඈදගෙනද comment දාන්නෙ...

    GO NIRMAL....


    කිවුව වෙලාව- 2011-06-27 07:30:41
    Keerthi Wijebahu මෙහෙම කියනවා :
    ලොකු කාර්, ලමයින්ට ලොකු ඉස්කෝල, කාර් පර්මිට්.. මෙන්න මේවට තමයි මේ ගොල්ලන් පෙනී ඉන්නෙ. මේ සමජෙ කඩන් වැටිල. සමාජ වෙනසක් තිය ප්‍රතිසන්ස්කරණයක් වෙනුවෙන්වත් මේ අය කතා කරනවද? ඉල්ලන එකම දේ "අපිට ලොකු පඩියක්" විතරයි. විශයමාලා වෙනස්කරන්න නව ඉගැන්වීම්ක්‍රම ගේන්න කවදවත් කතා කරනවද. ඒව ගෙනත් දෙන්නෙ පොලිටීශියන්ස්ල. මේ අයට ඒ ගැන හිතන්නවත් පුලුවන් වුනාද මෙතෙක් කාලෙකට. විශ්ව විද්යාල ඇදුරන්ගෙ බන්කොලොත්භාවය හොදටම පෙනෙනව පාර්ලිමේන්තුවට ආපු ප්‍රොපෙසර්ලගෙන්.ඒ අය ජාතික ප්‍රශ්න වලදි මර්වින් සිල්වටත් වඩා පසුගාමියි/ එස් බීට දිලාන්ට පවා තියෙන සෙන්ස් එක විශ්වට ජී එල් පීරිස්ට තිබුනද? දන් ඉන්නෙ විශ්වලගෙන් ජී ඇල්ලගෙනුත් බාග නෙමෙයි අරික්කාල්.

    කිවුව වෙලාව- 2011-06-18 09:11:29
    Pradeep Saranga Kumara. මෙහෙම කියනවා :
    "බුදු සරණයි කියලා පටන්ගත්ත දේශපාලනේ කෙළවර තමයි මෝඩයෝ ඔය මිලිටරි ට්‍රේනිං එකත්! සිංහල බෞද්ධ අධිපතිවාදී දේශපාලන සංස්තෘතියේ ඊළග අවදිය සිංහල බෞද්ධ මිලිටරි සංස්කෘතිය.." කාගේ වුණත් කතාව ඇත්ත. මහ ස්න්ස්කෘතිය අප්සෙට් වෙලා තියෙද්දි කැම්පස් ඇතුළේ හොඳ උප ස්න්ස්කෘතියක් බලාපොරොත්තු වෙන්න කොහොමටවත් බෑ. නවක වදය තේරුමක් නැති දෙයක්. මුන්ගෙ මේ මලඉල්ලව්ව උගුලක්.

    කිවුව වෙලාව- 2011-05-31 02:03:31
    mohotti මෙහෙම කියනවා :
    lankawe viswa vidyala walata hamuda puhunuwa dena eka godak karana nisa honda wedak

    කිවුව වෙලාව- 2011-05-29 10:07:25
    සූස්ති ගුණේ මෙහෙම කියනවා :
    එතකොට රැග දුන්න ම මුන්ගේ නිර්මාණාත්මකතාවය දළු දාලා පැල වෙලා මල් අරන් ගෙඩිත් එනවද?

    කිවුව වෙලාව- 2011-05-26 12:35:40
    අමරසිරි සුනාපරන්තයේ සිට මෙහෙම කියනවා :
    මේ ගැන මීට වඩා බර කතා බහක් අවශ්‍ය බව මගේ වැ‍ටහීමයි.

    කිවුව වෙලාව- 2011-05-26 05:12:42
    අමරසිරි සුනාපරන්තයේ සිට මෙහෙම කියනවා :
    මේ ගැන මීට වඩා බර කතා බහක් අවශ්‍ය බව මගේ වැ‍ටහීමයි.

    කිවුව වෙලාව- 2011-05-26 05:11:57
    Basarov මෙහෙම කියනවා :


    කිවුව වෙලාව- 2011-05-26 04:17:01
    බොම්බඩියා මෙහෙම කියනවා :
    [Sanath] මෙහෙම කියනවා :
    විස්සේ විසිදෙකේ කොල්ලො මොබයිල් පෝන් එකේ කතාව ඉවර කරන්නේ "බුදු සරනයි" කියලා. මේක මහ දියරු සුබපැතීමක්. මන් හිතනවා මේ වගේ පුහුනුවකින් ඔය දියාරු ගති ඇරිල යයි කියලා.වයසට හරියන ගටක් ගන්න මේක හොxද ආරම්භයක් වෙයි.
    බුදු සරණයි කියලා පටන්ගත්ත දේශපාලනේ කෙළවර තමයි මෝඩයෝ ඔය මිලිටරි ට්‍රේනිං එකත්! සිංහල බෞද්ධ අධිපතිවාදී දේශපාලන සංස්තෘතියේ ඊළග අවදිය සිංහල බෞද්ධ මිලිටරි සංස්කෘතිය.මෝඩ තර්ක ගෙනල්ලා ආණ්ඩුවේ හැබෑ අරමුණ යට ගහන්න උත්සාහ කරන්න එපා. උඹට ඇහිලා නැද්ද යකෝ ඔය ආමි පොරවලුත් ඔය පොන්න සුබ පැතීම කරනවා. අන්තරේ ජෙප්පන්ට කියන්න තියෙන්නේ බුදු සරණයි කියලා බවුද්ද දර්ම රාජ්ජේ හැදුවනම් දැන් කෝප්රල් කියන විදියට ඩිප්ස ගහපං කොල්ලෝ කියල!


    කිවුව වෙලාව- 2011-05-24 06:09:59
    marco මෙහෙම කියනවා :
    keep fighting Nirmal! good luck!!!

    කිවුව වෙලාව- 2011-05-22 12:07:54
    Sanath මෙහෙම කියනවා :
    විස්සේ විසිදෙකේ කොල්ලො මොබයිල් පෝන් එකේ කතාව ඉවර කරන්නේ "බුදු සරනයි" කියලා. මේක මහ දියරු සුබපැතීමක්. මන් හිතනවා මේ වගේ පුහුනුවකින් ඔය දියාරු ගති ඇරිල යයි කියලා.වයසට හරියන ගටක් ගන්න මේක හොxද ආරම්භයක් වෙයි.

    කිවුව වෙලාව- 2011-05-20 21:36:42
    sanjaya Wilson Jayasekera මෙහෙම කියනවා :
    OPPOSE 'COMPULSORY' TRAINING OF NEW UNIVERSITY ENTRANTS AT 'MILITARY CAMPS'

    The baseless, unsolicited, capricious, arbitrary decision of the government to impose a compulsory training in military camps to the new University entrants should be defeated. This is a move driven by ulterior political motive and this move will be another step to further militarize the mass mentality of the common people of the country and neutralize the deep philosophical idea of University education to just training.(Once JVP and the IUSF did all their part to cultivate the war mentality in the society and so they are too responsible for all military programmes of the government.) Higher Education is inseparably connected with the idea of 'Academic Freedom' and this requires enormous creative free space of interaction and independent learning. So whatever training, which should be also clearly stated as to its content, must be a learning process within the University System itself and never ever in military camps. This is another step that depicts erosion of the idea of University education in the face of the liberal profit system.


    කිවුව වෙලාව- 2011-05-20 12:13:14
    Bhathiya මෙහෙම කියනවා :
    තම වැටුපට පමණක් නොව අධ්‍යාපනයේ සම අයිතිය රැක ගැනීමේ අරගලයටත් ජාතියට නායකත්වය දෙන කශේරුකාවක් සහිත ප්‍රගතිශීලී ආචාර්ය සංසදයකට අපේ සුබ පැතුම ඔබට ජය ......!

    කිවුව වෙලාව- 2011-05-19 21:58:35
    News මෙහෙම කියනවා :
    සරසවි සිසුන් 'ආමි සිසුන්' කිරීමට එරෙහිව සිසුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යති: මේක විනෝදබර අමතක නොවන සති තුනක් බව ඇමැති කියයි: නව අගවිනිසුරුවරිය දෙස රටම බලා සිටිති.....

    click on link


    කිවුව වෙලාව- 2011-05-19 21:09:26
    Mahinda Ileperuma මෙහෙම කියනවා :
    මේ තරම් දේවල් වෙනකල් සරසවි ඇදුරෝ බුදියගෙන හිටියද? මේ හැම එකකින්ම පෙනෙන්නෙ පී එච් ඩී ගත්තු ආචාර්ය මහචාර්ය ගොල්ලන්ට වඩා ඇතැම්විට අටවත් පාස් නැති දේශපාලකයො කෙලින් තීරන ගන්න බවයි. විශ්වවිද්‍යාල වලට එන ශිෂ්ශයන්ට සමාජ පුහුනුවක් ඕනෑ කියල දැක්කෙ ඇදුරො නෙමෙයි ඔය "මෝඩ" කියල කියන දේශපාලකයොනෙ. ඒකෙන් පේන්නෙ පාසැලෙන් ලමයා සමාජානුයෝජනය වෙලා නෑ කියන එකයි. පාසැල් වල ඉන්නෙ විශ්ව විද්‍යාල වලින් නිෂ්පාදනය කරපු ක්‍රීම් එකලුනෙ. අනික පන්සලෙන් ඒක වෙලත් නෑහෑ. එතන ඉන්නෙත් උගත් හා දර්මදර විනයදර උද්විය.ඒ අය අතිනුත් මේක වෙන්නෙ නැත්නම් කොහොමද කරන්න? ඒ නිසානෙ තරුන ලමයි සමාජානුයෝජනය කරන්න හමුදාවට බාර දෙන්නෙ. ඒ කියන්නෙ ඊනියා උගත්තු අසාර්ථකයි කියලනෙ.
    දැන් එක උදාහරනයක් ගත්තොත් පහුගිය කාලෙ භාහිර උපාධි වලට තොග ගනනක් ගත්ත. ඒක රටට කොච්චර ප්‍රමානයක් අවශ්යද කියල සරසවි ඇදුරො දන්නෙ නැහැ. අන්තිමේදි මුලු සිස්ටම් එකම කඩන් වැටෙනකල් ඒ ගොල්ලො බලන්හිටිය. ඒකට තීන්ඩුවක් ගත්තෙ දෙශපාලකයො. අධ්‍යාපනය ගැන තීන්දු ගන්න එකවත් මේ අයට කරගන්න බැහැ කියලයි පෙන්නුම් කෙරුනෙ. ඉතින් මේක මුලු සිස්ටම් එකම කඩන් වැටිල කියල පෙන්නන සිද්ධියක්. සරසවිවල ඉන්නෙ තීරන ගන්න මැදිහත් වෙන්න බැරි කොටසක්. දේශපාලකයො ඊට වඩා ප්‍රබලයි. මෙන්න මේ ඩිලෙම්මාව විසxද ගන්න ඕනැ. ආචාර්‍‍ය නිර්මාල් කියන විදියට සරසවි නෙමෙයි හෙජමොනියෙ කෙලවර කියලයි මේකෙන් පේන්නෙ. සරසව වලට උඩින් විශාල බලයක් තියෙන සන්ස්ථාවක් තියෙනව. සරසවි පාලනය කෙරෙන්නෙ ඒකෙනුයි. ඒ නිසා සරසවි ඇදුරො ඉහල වැටුප් තලයක තියන්න අවශ්‍ය්ය නැහැ කියල පැහැදිලියි. දැන් සරසවි ඇදුරො මේක කඩන්න ඕනැ. තමුන්ලා දේශපාලන අධිකාරියට වඩා ඉහලින් ඉන්න බව පෙන්නල දෙන්න ඕනැ.


    කිවුව වෙලාව- 2011-05-19 19:34:02
    Sanj මෙහෙම කියනවා :
    Can SB understand these comments when he does not know English :)

    කිවුව වෙලාව- 2011-05-19 17:01:50
    uoc kowla මෙහෙම කියනවා :
    paba im happy about u.

    කිවුව වෙලාව- 2011-05-19 13:15:00
    uoc kowla මෙහෙම කියනවා :
    නිර්මාල් ඔයත් එක්ක මම සම්පුර්න එකග වෙනව. අද කම්පස් එකට එන්නෙ ගෙදර හඩන මල් පෑල වගෙ ලමයි, බහුතරයක්. උන්ට ගෙදරින් දාන වතුර ටිකයි පොහොර ටිකයි විතරයි වටෙන්නෙ, හරියට ඉර එලියක් දකල නති උන්ට මිලිටරි පුහුනුවත් දුන්නම ඔලු තවත් කුරුවල් වෙනව.එක උන්ගෙ අද්යාපනයට දෙන රුකුලක් නෙවෙයි තවට් උන්ව අමරුවෙ දෑඅමීමක්. ඔය දෙන පුහුනුවත් ටියුට්ස් ටිකකට ගහල දුන්නොහ්ට් වඩක් හරි එහෙම නෑත්නම් ඕකත් පුහුනුව ඉවර වෙලා අවිත් සුමන ඩෙකකින් විටර අමතක වෙලායයි. නමුත් සරසවි ප්‍රවෙශයට ප්‍රතම දෙන ඔය මිලිටරි පුහුනුව කොහොමටත් අනුමත කරන්න බෑහෑ. අසර්තක උත්සාහයක්.

    කිවුව වෙලාව- 2011-05-19 13:10:59
    PIYANKARAGE BANDULA JAYAWEERA මෙහෙම කියනවා :
    NIRMAL APITA MEKA YODA GANNA BERIDA HATHURAGE AYUDA WALIN HATHURATAMA PAHARA DENA KRAMAYAK HADAGANNA ?

    කිවුව වෙලාව- 2011-05-19 04:25:31
    Plus
    ප්‍රතිචාර
    අඩවි දත්ත
    Facebook Page
    Boondi Google+
    Boondi RSS
    පබා දේශප්‍රියගෙන් තවත් වියමන්
    කතා-බස්
    "ගැත්තන් නිර්මාණය කරන්න ආණ්ඩුව උත්සහ කරනවා"– අන්තරේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර
    තවත් කතා-බස් කරන්ට්ස්
    ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
    "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
    අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
    ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
    "ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
    බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
    BoondiLets
    එලී වියෙසෙල් කියයි.
    අප සෑම විටම පැත්තක් ගත යුතුම ය. මධ්‍යස්ථභාවය උපකාර කරනුයේ පීඩාවට ගොදුරු වන්නන්ට නොව පීඩකයාටම ය. නිහැඬියාව දිරි ගන්වන්නේ වධකයා මිස වධයට පාත්‍ර වන්නා නොවේ.... [More]
    What's New | අලුතෙන්ම
    අදහස්| අපේ මධ්‍යම පන්තියේ නුතන සංස්කෘතික විලාසිතාව!

    3-Mins

    (තාරක වරාපිටිය) අපේ රට වැනි සමාජයක සංස්කෘතික චින්තනය හෝ සාමාන්‍ය විචාර බුද්ධිය සකස් වන්නේ බොහෝ දුරට මධ්‍යම පාන්තික සමාජ ස්ථරයේ චින්තනයේ හැඩරුව... [More]
    කවි| පියාපත්

    8-Secs

    (ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
    මේ අපි කවුරුත්
    නොගැලවී ඉන්න වෙර දරනවා

    බත්කූරු යාළුවේ!
    ගමනමයි ගැලවුම... [More]
    රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

    7-Mins

    (සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
    පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

    16-Secs

    (විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
    'සැලී' උයනෙහි කෙළවර
    හිමකුමරියකගේ පා නඟා ඈ
    ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
    තුරු මත කොළ වැවෙන විලසට
    සෙමෙන් ආලය විඳින ලෙස... [More]
    කවි| (ඔබ හිනැහෙන විට)

    5-Secs

    (මහගම සේකර) ඔබ හිනැහෙන විට
    මුලු ලොව
    ඔබ සමඟින් සිනා සෙයි

    ඔබ වැලපෙන විට
    මුලු ලොව... [More]
    කරන්ට්ස්| ඈත සහ මෑත

    23-Secs

    (අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
    -පුවතක්


    ඈත, කුහුලින් සවල් ගහනා
    මැදිවියේ නෙතු බහුලය
    මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
    Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

    13-Mins

    (එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
    කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

    33-Secs

    "හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
    BoondiLets| අඳුර පලාගියේය!
    තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

    ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

    "කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
    කවි| සියයට විස්සයි, සතුට අනුලට!

    38-Secs

    (තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
    ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

    දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
    පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
    වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

    3-Mins

    (තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
    BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
    පුතු සෙනේ මස් නහර හම සිඳ
    ඇට සොයා ගොස් ඇට තුළට වැද
    ඇට මිදුලු මත රඳා සිට දුක්
    දෙයි නිබන්දා

    -සිංහබාහු
    කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

    44-Secs

    (ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
    ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
    අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
    පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

    අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
    Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

    6-Mins

    (නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
    කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

    27-Secs

    පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

    හඬ- නයෝමී... [More]
    වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

    4-Mins

    (සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
    BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
    (දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
    කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

    18-Secs

    පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
    Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
    Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook