Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
මේ රටේ තියෙන්නේ ශිෂ්ටාචාර අර්බුදයක්- ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
බූන්දි, 03:14:31
  • පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක ගොඩගැගුණ ලංකාවේ ගතිකයන් ඔබ කොහොමද දකින්නෙ?

  • මේ රටේ බොහෝ දෙනෙක් අදහස් කළදෙයක් තමයි පශ්චාත් එල්ටීටීඊ සමයත් එක්ක අපි අපේ ඉතිහාසයේ වඩාත් අවස්ථා බහුල තත්ත්වකට එළැඹිලා ඉන්නවා කියන එක. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා අපිට සංවර්ධනය කරා යන්න හොඳ ප්‍රස්ථාවක් උදාවෙලා තියෙනවා කියලා. ආණ්ඩුව අදහස් කරනවා වගේ භෞතික සංවර්ධනයක් විතරක් ඔවුන් එතනදි අපේක්ෂා කරන්නෙ නෑ. සංවර්ධනය කියන සංකල්පය තුළ මේ ප්‍රගතිශීලී ජනතාව භෞතික සංවර්ධනයට අමතරව ජාතියක් විදිහට සමාජීය අතින්, දේශපාලනික අතින් සහ සංස්කෘතික අතින් සංවර්ධනයක් සිදුවෙයි කියලා කල්පනා කරනවා.

    මම වුණත් කල්පනා කරනවා එහෙම සුළු අවස්ථාවක් අපිට තියෙනවා කියලා. නමුත් එච්චර සුබවාදී විදිහට මට මේක දකින්න බෑ. අවුරුදු තිහක යුද්ධය පිළිබඳ මේ රටේ බොහෝ දෙනා කල්පනා කළ දෙයක් තමයි යුද්ධය හැර මේකට වෙන විසඳුමක් නෑ කියන එක. ඉතින් ඔවුන් සාධාරණීයකරණය කරන්න උත්සාහ කරනවා එල්ටීටීඊ සංවිධානය ඉතා ප්‍රචණ්ඩකාරී ආකාරයට රජය විසින් පරාජය කළ එක. නමුත් මම හිතනවා මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා කියලා. මොකද මේක අපේ අතීතය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි තවත් අතකින් මේක අපේ අනාගතය පිළිබඳවත් ප්‍රශ්නයක්. අපිට සදාචාරාත්මක සමාජයක් විදිහට ඉස්සරහට යන්නනම්, අපි පසුගිය අවුරුදු පිළිබඳ බලන විදිහ සහ ඒ දේවල් අපි අනාගතයට යන්නේ කොහොමද කියන කරුණටත් ඉතා තදින් බලපානවා.

    මම හිතන විදිහට අපිට ප්‍රභාකරන්ව පරාජය කරන්න අවස්ථා ගණනාවක් තිබුණා. හැබැයි ඒ යුදමය වශයෙන් නෙමෙයි අවශ්‍ය නම් මේ රටේ රජයට අවස්ථා ගණනාවක් තිබුණා දේශපාලනික වශයෙන් ඔහුව පරාජය කරලා, ඔහුව ලෝකය තුළ සහ ලංකාව තුළ තනි කරලා එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන් විසිරෙන තත්ත්වයකට පත් කරන්න.

  • යුදමය ක්‍රියාදාමයෙන් තොරව එල්ටීටීඊ සංවිධානය පරාජය කරන්න දකුණේ රාජ්‍යයන්ට හැකියාව තිබුණා කියන එකෙන් ඔබ අදහස් කරන්නේ කුමන පිළිවෙතක්ද?

  • ප්‍රභාකරන්ව පරද්දන්න තිබුණු පළමු ක්‍රමය තමයි අද දක්වා විසඳිලා නැති, මේ රටේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න සඳහා ලෝකයටත් පේන එල්ටීටීඊ එකටත් පේන ඉතා සාධාරණ විසඳුම් ලබාදීම. අපි කවදාවත් මේ වගේ විසඳුමක් ලබා දෙන්න උත්සාහ කරලා නෑ. එහෙම උත්සාහ නොකර තමයි අපි කියන්නේ යුද්ධය හැර මේකට විසඳුමක් නෑ කියලා. යුද්ධය හැර මේ ප්‍රශ්නයට තිබුණු අනෙක් විකල්පයන් අපි ඉටු කරලා තිබුණා නම් අපිට බලන්න තිබුණා මොකක්ද වෙන්නේ කියලා.

    අපිට මතකයි චන්ද්‍රිකා රජයෙන් සාම ගිවිසුමක් ගේද්දි මේ රටේ දෙමළ ජනතාවගේ බලාපොරොත්තු කොතෙක් දුරට වැඩි වුණාද? ඔවුන් මේ ගැන කොච්චර උණුසුම් පිළිගැනීම් ලබා දුන්නද කියලා. මේ තත්ත්වය එල්ටීටීඊ එකටවත් පාලනය කරන්න පුළුවන් වුණේ නෑ. චන්ද්‍රිකා තම අවසන් යුගයේ ප්‍රකාශ කළ දෙය වුණෙත් මේක කෲර, අසාධාරණ යුද්ධයක් කියන එක. ඇය කිව්වා මේ යුද්ධයට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඒක නවත්වන එක කියලා. ඒ කතාවේ හැටියට යුද්ධය නවත්තලා පැහැදිලි විසඳුමකට ගියා නම් මේ රටේ දෙමළ ජනතාව කොච්චර දුරට ඒ නායකයා පිටුපස යයිද, ජාත්‍යන්තර ප්‍රජාව සහ ජාත්‍යන්තර සංවිධාන කොච්චර එකඟවෙයිද කියලා අපිට හිතාගන්න අමාරු නෑ. ඉතින් ඒ වාගේ තත්ත්වයක් ආවොත් ප්‍රභාකරන්ට කරගන්න දෙයක් නෑ. ඔහුගේ පැවැත්ම ඒත් එක්කම ඉබේම අහෝසිවෙලා යන්න තිබුණා.

    එල්ටීටීඊ සංවිධානය එක් අවස්ථාවක බිඳෙන්න පටන් ගත්තෙත් මේ වගේ සාම ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් විදිහට. ඒ විතරක් නෙමෙයි මේ තුළ දෙමළ විද්වතුන් විසින් ඉතා වැදගත් සංවිධාන පවා ගොඩනැගුවා. එහෙම වුණත් අපි අන්තිමට කළේ ඒ සියල්ල අතහැරලා මේකට තියෙන එකම විසඳුම යුද්ධය කියලා කියන්න පටන් ගන්න එක. අපිට තියෙන අවස්ථා සියල්ල මඟහරිමින් යුද්ධය මෙච්චරකල් දිග්ගැස්වීම සම්බන්ධයෙනුත් අවසන එය ඉතා ප්‍රචණ්ඩ අයුරින් පරාජය කිරීම සම්බන්ධයෙනුත් මේ රටේ දකුණේ ජනතාව හා දකුණේ රජයන් වග කියන්න ඕන.

  • ලෝකයේ විනයගරුක හමුදාව ඉන්නේ අපේ රටේ. ලෝකයේ මානුෂිකම මෙහෙයුම වුණේ මේ රටේ කියලා එක පැත්තකින් කියද්දි තවත් පැත්තකින් මේ රටේ යුද සදාචාරය ඉතා බරපතළ විදිහට ජාත්‍යන්තරය ඉදිරියේ ප්‍රශ්න කෙරෙනවා.?

  • දෙවැනි ලෝක යුද්දෙදි ලෝකයට අභිමුඛව ප්‍රධානත්වය අරන් කටයුතු කළ කෙනා වුණේ හිට්ලර්නෙ. ඒ මීට අවුරුදු හැටකටත් වඩා කලිං. මොවුන් ජපානය සහ ඉතාලිය එක්ක එකතුවෙලා අතිශය නාසිවාදී වැඩ පිළවෙළකින් මුළු ලෝකයම යටත් කරගැනීමේ ව්‍යායාමයක යෙදිලා හිටියේ. අවසානයේ හිට්ලර් පරාජය කළා. ඒත් අද වනවිට විද්වතුන් කථා කරනවා හිට්ලර්ව පරාජය කරන්නත් තව ක්‍රම තිබුණා කියලා.

    මොනව වුණත් මෙතනදි අවුරුදු පහක දරුණු යුද්ධයක් කරලා මිලියන ගණනාවක ජනතාව විවිධාකාරයෙන් ඝාතනය කෙරුණා. මේ යුද්ධයේ අවසාන මොහොතේ දී එක පැත්තකින් සෝවියට් දේශයත් අනිත් පැත්තෙන් ඇමරිකාවත් ජර්මනියට ඇතුළු වුණා. අන්තිමේදී හිට්ලර් ගෝරින් වගේ ඉහළම පිරිසක් සිය දිවි නසා ගැනීමත් ඝාතනය වීමත් තවත් පිරිසක් රට අතහැර පැනල යෑමත්, තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමත් මේ මොහොතේ දී සිදුවුණා. නමුත් මෙසේ අත්අඩංගුවට පත් කිසිවෙක් ඝාතනය කළේ නෑ. ඔවුන් කළේ මේ පිරිස ජීවග්‍රහණයෙන් අල්ලලා නිවුරන්බර්ග් නඩුවිභාගයට ඉදිරිපත් කරන එක. මේ අනුව ෆැසිස්ට්වාදය නියම ආකාරයෙන් පරාජය වුණා. ඒ නඩු විභාගයත් එක්ක තමයි ජර්මන් ජනතාවත් නිවැරදි පරිදි සත්‍ය වටහා ගන්නෙ.

    ඔවුන් මෙසේ නඩු විභාගයකට ගෙන අතිශ්‍ය බුද්ධිමත් ලෙස ඔවුන්ට දඬුවම් නොදී ඔවුන් විනාශ කළා නම් හිට්ලර් වීරයෙක් කරගෙන ජර්මනිය තුළ තවත් ආකාරයේ නැගිටීමක් ඇති වෙන්න ඉඩ තිබුණා. මෙතනදි අපි අමතක කරන්න හොඳ නැති දේ තමයි මේ දේවල් වුණේ ලෝකයේ යුද්ධය පිළිබඳ අද තරම් ජාත්‍යන්තර යුද සදාචාරයන් පිළිබඳ ප්‍රඥප්ති ඇති වුණ යුගයක් නෙමෙයි. අඩුතරමේ එක්සත් ජාතීන්ගේ සංවිධානයවත් පිහිටුවලා තිබුණේ නෑ. නමුත් ශ්‍රී ලංකාව යුද්ධය මෙහෙයවන අද දවස එහෙම නෙමෙයි. මොනවා වුණත් ඒ වගේ බැඳීම් අඩු ලෝකයක් තුළ පවා හිට්ලර්ගේ අනුගාමිකයන් සම්බන්ධයෙන් ලෝකය කටයුතු කළ ආකාරය ඉතා ප්‍රසංශනීයයි.

  • ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුණු ආකාරයත් එක්ක එක පැත්තකින් මේ කියන සදාචාරය ප්‍රශ්නයකට නැගිලා තියෙනවා. තවත් පැත්තකින් ඒ සදාචාර විරෝධී බව සාධාරණීයකරණය කරමින් එය ශ්‍රී ලංකාවේ වාසියට ගැනීමට මේ රටේ බොහෝ පිරිසක් උත්සාහ කරනවා?

  • බින් ලාඩන් සම්බන්ධයෙන් අමරිකානු රජය ක්‍රියා කරපු ආකාරය කොහොමත්ම අනුමත කරන්න පුළුවන් කමක් නෑ. තමන්ට සියලු බලය තියෙනවා ඒ නිසා තමන්ට ඕනෙ දෙයක් කරන්න පුළුවන් කියන ආකාරයට තමයි දැන් දශක ගණනාවක ඉඳන් ඇමරිකාව කටයුතු කරන්නෙ. බැලූ බැල්මට බින් ලාඩන් අවසන් වුණත් මේ ඝාතනය එක්ක අනාගතයේදී ඇමරිකානු ජනතාවට විශාල වන්දියක් ගෙවන්න සිදුවෙයි කියන එක ඉතාමත් නිශ්චිතයි. මෙතනින් මම අදහස් කරන්නේ මේ කණ්ඩායම් නැවත මතුවෙනවා කියන එක නෙමෙයි. මේක්‍රියා පටිපාටිය නිසා තමන් හිටියාට වඩා සදාචාර වශයෙන් කොතරම් පිරිහිලාද කියන එක ඇමරිකානු ජනතාවගේ හෘදය සාක්ෂියෙන් මකන්න පුළුවන්කම කවදාවත්ම ලැබෙන්නෙ නෑ. අනෙක් අතට ඇමරිකාවේ විශාල බුද්ධිමත් පිරිසක් මේ කරුණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන එක නවත්වන්ඩ බැරිවේවි. විශේෂයෙන් බරක් ඔබාමා වගේ ජනාධිපතිවරයකු බලයට ගෙනා දැවැන්ත ප්‍රගතිශීලී බලවේගයන් මීට විරුද්ධව කටයුතු කරයි.

    අපේ රටේ ප්‍රශ්නයත් ඒ වගේ තමයි. අවුරුදු පනහකට කලිං හිටියාට වඩා අධ්‍යාත්මික වශයෙන් අපි ඉතා පිරිහිලා ඉන්නේ කියන යථාර්ථය අපි කාටවත් මඟහැරලා යන්න බෑ. අපි මේ ක්‍රමය තුළ දේශපාලනයේ තියෙන අතිශය දුෂ්ඨ දේවල් සහ අතිශය අධම දේවල් සාධාරණීකරණය කරන්න හරි ඉවසන්න හරි පුරුදුවෙලා තියෙනවා. මේක රාක්ෂයයි පරාක්ෂයයි අතර සටනක් වගේ පරාක්ෂයා දිනලා තියෙනවා. නමුත් සංස්කෘතික වශයෙන් සහ අධ්‍යාත්මික අතින් අපි පැරදිලා ඉවරයි.

    දරුස්මාන් වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ඔබාමා පිළිබඳ ප්‍රශ්නය අපි කොහෙත්ම අදාළ කර ගත යුතු නෑ. මේ වාර්තාව තුළින් ශ්‍රී ලංකාවෙන් අහන ප්‍රශ්න ඉතා බරපතළයි. ඇත්ත වශයෙන්ම මේ වාර්තාව හැකිනම් සිංහල භාෂාවට සහ දෙමළ භාෂාවට පෙරළලා සමාජගත කරන්න අවශ්‍යයි. මොකද එල්ටීටීඊ එක සම්බන්ධයෙන් රජය විසින් හෙළිදරව් නොකළ කරුණු රාශියක් මේ මගින් ඉස්මතු වෙනවා.

    මේ සම්බන්ධයෙන් තියෙන දෙවැනි ගැටලුව තමයි, දරුස්මාන් වාර්තාවෙන් ඉදිරිපත් වෙන්නේ මාධ්‍ය සමාජය නොදන්නා කරුණු නෙමෙයි. මේ ඔක්කොම දේවල් අපි කලින්ම දැනගෙන හිටියා. මොළයක් තියෙන බුද්ධිමත් සමාජයක් සහ රජයක් කරන්න ඕනෙ බොරු විරෝධතා පවත්වන එක නෙමෙයි. ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකාව විසින් සිදුකරන ලද දේවල් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක එකතුවෙලා ප්‍රශ්න කරනවා, හැර ඒවා සාධාරණීකරණය කරමින් ඒක අපේ වාසියට ගන්න උත්සාහ කරන එක සම්පූර්ණ වැරදියි.

    එක්සත් ජාතීන්ගේ සංගමයට විරුද්ධව පඹයෝ ගිනි තියලා උද්ඝෝෂණ කරන එක ලෝකයේ කොහෙවත් රටක වෙන්නෙ නැති තරම් ප්‍රාථමික එකක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයෙක් විදිහට අපි කරන්න ඕනෙ එක්සත් ජාතීන්ගේ රාමුව රැකගන්න එක. ඒ නිසා පශ්චාත් යුද සමයේ අපිට සිදුකරන්න ඕනෙ වැදගත් කරුණු කාරණා ගණනාවක් තියෙනවා.

  • යුද කාලීන වශයෙන් මේ රටේ සාමය හා සංහිඳියාව පිළිබඳ කල්පනා කළ බොහෝ විද්වතුන් පෙන්වා දුන් ප්‍රධාන කරුණක් තමයි මේ රටට ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව. යුද්ධය අවසන් වීමත් එක්ක 18 වන ව්‍යවස්ථා සංශෝධනය ආවා. දැන් 19 වන සංශෝධනය පිළිබඳ සාකච්ඡා වෙනවා. මේවා ඒ විදිවතුන් අදහස් කළ බලාපොරොත්තු ඉටු කරන මට්ටමේ ඒවද?

  • ඇත්තටම ඒක දුරදිග කල්පනා කරන්න ඕනෙ ප්‍රශ්නයක් තමයි. මෙතනදි මතුවන මූලික කරුණ තමයි, රජය කියන්නේ ව්‍යවස්ථාවද නීති පද්ධතියද කියන එක. මම හිතන විදිහට ව්‍යවස්ථාව හා නීතිපද්ධතිය කියන එක රජය කියන එකේ තාක්ෂණික ස්වරූපය මිසක් රජය නෙමෙයි. රජය කියන්නේ මේ රටේ ජීවත්වන මිනිස්සු ලක්ෂ ගණනාවක් වැඩ කරන ස්වරූපය. මෙතනදි අපි බලන්න ඕනෙ ඒ අය වැඩ කරන්නේ ව්‍යවස්ථාවට අනුවද කියලා. එතනදි අපිට පේන්න තියෙනවා ඉතා විශාල පරතරයක්. ඔවුන් කිසිවෙක් වැඩ කරන්නේ නීත්‍යනුකූල විදිහට නෙමෙයි.

    ව්‍යවස්ථාව කොච්චර වෙනස් කළත් වැඩක් නෑ මේ පිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ වෙනම විදියකට නම්. එහෙම බලද්දි මිනිස්සු කල්පනා කරන, හැදුණු වැඩුණු පිළිවෙළ, දෘෂ්ටිවාදී සමාජය වශයෙන් බෙදිලා තියෙන හැටි, සංස්කෘතික වශයෙන් හැඩ ගැහිලා ඉන්න විදිහ වගේ කරුණු ව්‍යවස්ථාවකට වඩා රටක ගමන කෙරේ බලපාන බව ඉතා පැහැදිලියි.

    අනෙක් පැත්තෙන් ගත්තාම අපේ ව්‍යවස්ථාව මූලික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවක් සහිත එකක් වෙලා තිබුණත් අපි ක්‍රමයෙන් ඒක වෙනස් කරලා අපේ රටේ දේශපාලන සංස්කෘතියට ගැළපෙන එකක් අපි හදාගෙන ඉන්නවා. එතනදි අපි මූලික ව්‍යවස්ථාවන් තුළ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී විභවයන් හෙමි හෙමින් අතුගාලා දාන එකයි කළේ. අපේ රටේ ව්‍යවස්ථාව ඉන්දියාව වගේ වෙනත් රටක ව්‍යවස්ථාවක් එක්ක සන්සන්දනය කරලා බලද්දි ඉතා පැහැදිලිව පේන්නෙ අපි ශතවර්ෂ ගණනාවක් ආපස්සට ගිහින් ඇති බව.

  • මේ වගේ තත්ත්වයකින් ගොඩ ඒමේ මූලික පියවර විදිහට ඔබ කල්පනා කරන්නෙ මොකක්ද?

  • මූලික වශයෙන් අපි මේ වැටිලා ඉන්න තත්ත්වය අපේ රටේ හැම දෙනාටම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඕනෙ. එතනදි මේ රටේ ඉන්න සංනිවේදකයෝ පස් වර්ගයක් ඉතා වැදගත් වෙනවා. ඒ තමයි, මාධ්‍යකරුවෝ, කලාකරුවෝ, ගුරුවරු, ආගමික නායකයෝ සහ ජනමත නායකයෝ. ඒ පිරිසට විශාල හැකියාවක් තියෙනවා මහජනයාට ඒත්තු යන විදිහට යම් බලපෑමක් කරන්න. මොකද ඒ අය තමයි මාධ්‍ය පවත්වාගෙන යන්නේ, ඒ අය තමයි කලාව නිෂ්පාදනය කරන්නේ ඒ අය තමයි පන්සලේ පල්ලියේ මිනිස්සු අමතා කථා කරන්නේ. ඒ නිසා මොවුන් අතරින් සමාජ වෙනස්වීමක වස්තූබීජ පැන නගින්න ඕනෙ. අපි පුනරුද ව්‍යාපාර කියලා සලකන්නේ ඒ වගේ දේවලට.

    ඒ නිසා පෙරමුණු බලවේගය හැටියට සමාජයේ විඥානය සකස් කිරීමට මේ කියූ පිරිසට තියෙන වගකීම ඉතා විශාලයි. එතනදි ඔවුන් මූලික වශයෙන් අලුතින් හිතන්න අවශ්‍ය වෙනවා. ඒ විදිහට අලුතින් හිතලා වැඩ නොකර හුදෙක් ව්‍යවස්ථාමය කඩදාසි වෙනස් කළා කියලා අපි මේ ඉන්න ශිෂ්ටාචාර අර්බුදයෙන් අපිට ගැළවෙන්න බෑ. නමුත් මේක ඉතා පහසුවෙන් සහ කෙටි කලකින් ජය ගන්න බෑ. එතනදි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන්ට තියෙන වගකීම ඉතාමත් වැදගත්. මොකද ඔවුන්ට තමයි පුළුවන් වෙන්නේ මේ ගොඩනැගෙමින් පවතින වැඩවසම් රාජ්‍යයට වඩා වෙනස් විදිහට හිතන අනාගත පරපුරක් ගොඩනගන්න.

    ඡායා - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර
    [රාවය 14.05.2011]
    මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
    Tags- Interview with Dr. Sunil Wijesiriwardena
    පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
    Vishva මෙහෙම කියනවා :
    අප්පා.. ඔය වගේ පොරක් ඒ කලේ ඉඳල නැ.. hitlor ට කතා කරන්න.. NGO සල්ලි වලින් කකා ඉන්න ගමන් ඔය වගේ joke නරකම නැ ඉතින් ඉඳල හිටලා.. පොඩ්ඩක් කියන්නකෝ ඔය ක්‍රමේට ලෝකේ විසදිච්ච ප්‍රශ්නේ..

    කිවුව වෙලාව- 2011-12-11 22:58:40
    SubashJ මෙහෙම කියනවා :
    Thanks for the entertainment Dr SW. We didn't get a chance to read as something as entertaining as this for a long long time. Keep up the good work.

    කිවුව වෙලාව- 2011-09-02 17:34:58
    Wasantha මෙහෙම කියනවා :
    t balanced at all.I dont think we had options that we have not tried. He must have forgotten the LTTE activites just before SL forces commence the 4th attempt.Its always easy to sit and criticise the things.

    කිවුව වෙලාව- 2011-06-01 06:38:31
    Mels Macasche මෙහෙම කියනවා :
    The analisis of Dr. Wijesiriwardana is very relevant and possitive approach but having said that is not enough.Alternative social streams must come forward. the most important things in Sri lanka can be seen are the corruption, dishonesty, Breibery,etc.
    Everybody is playing dual or multiple role. no one direct and forward.


    කිවුව වෙලාව- 2011-05-30 01:41:31
    KRM මෙහෙම කියනවා :
    ඉතාමත් වැදගත් සාකච්චාවක්..

    කිවුව වෙලාව- 2011-05-29 02:48:10
    mmmmmmmm මෙහෙම කියනවා :
    මහත්තයෝ ඔයා ඔය ඇමරිකාවට වෙයි කියල හීන මාවන් ඉන්න දේවල් මේ සම්මෙට වෙන්නේ නෑ ....එවයි නීති ,සදාචාරේ,මානවහිමිකම්,ළමා අයිතීන්,කාන්ත විමුක්තිය එගොල්ලොන්ගේම එකක් ....ඒවාට අපිට කට දාන්නත් බා...අපේ විදියකට ඉන්න ඔය ඇමරිකානු මහත්තයල ඉන්න දෙන්නෙත් නෑ.....ඒකනිසා,කොටි හපුව මිනී කනවද?ඌ මරල දන්නා ඕන ...සත්ව හිංසන කතා වැඩක නෑ.....ඕකුන්ට ඕනනම් අපිට දරුස්මන් නෙමෙයි තව එක එක ඒවා ගෙනල්ල අපි හිර කරවී....කොටිය හිටියනම් අපිට කොහොමත් නිවනක් නෑ...බෙදුම්වාදය කියන්නේ අධිරාජ්ජවාදයේ මෙවලමක් විතරයි...එක බැරිනම් තව ඒවා ගෙනල්ල අධිරාජ්ජවාදයේ අනසකට අපි යටත් කොරන්න හදනවා

    කිවුව වෙලාව- 2011-05-27 09:18:48
    DFG මෙහෙම කියනවා :
    මූලික වශයෙන් අපි මේ වැටිලා ඉන්න තත්ත්වය අපේ රටේ හැම දෙනාටම ඉතා හොඳින් පැහැදිලි කරලා දෙන්න ඕනෙ. එතනදි මේ රටේ ඉන්න සංනිවේදකයෝ පස් වර්ගයක් ඉතා වැදගත් වෙනවා. ඒ තමයි, මාධ්‍යකරුවෝ, කලාකරුවෝ, ගුරුවරු, ආගමික නායකයෝ සහ ජනමත නායකයෝ. ඒ පිරිසට විශාල හැකියාවක් තියෙනවා මහජනයාට ඒත්තු යන විදිහට යම් බලපෑමක් කරන්න. මොකද ඒ අය තමයි මාධ්‍ය පවත්වාගෙන යන්නේ, ඒ අය තමයි කලාව නිෂ්පාදනය කරන්නේ ඒ අය තමයි පන්සලේ පල්ලියේ මිනිස්සු අමතා කථා කරන්නේ. ඒ නිසා මොවුන් අතරින් සමාජ වෙනස්වීමක වස්තූබීජ පැන නගින්න ඕනෙ. අපි පුනරුද ව්‍යාපාර කියලා සලකන්නේ ඒ වගේ දේවලට.

    මේවා මහ ගාම්බීර වැදගත් අදහස් බැලූ බැල්මට පේන්නේ! ඒත් පොඩ්ඩක් හූරලා බැලුවොත් ඇති කිසි දෙයක් නැහැ. ලංකාවේ ජාතික වශයෙන් පැතිරිච්ච එකම පන්තිය වන සිංහල සුලු ධනේෂ්වර පන්තියේ මත තහවුරු වෙච්ච සිංහල බෞද්ධ අධිපතිවාදයට එරෙහි වීමට කිසිදු සදාචාරාත්මක හෝ පන්තිමය දේශපාලන අවශ්‍යතාවක් නැති කලාකාරයෝ ජනමාධ්‍යවේදීයෝගුරුවරු ආගමික නායකයෝජනමත නායකයෝ යන අයට පුලුවන්ද වෙනසක් සදහා ආරම්භයක් දෙන්න. ඇත්තටම මේ කණ්ඩායම් තමයි පවත්නා ක්‍රමයේ සැබෑ ආරක්ෂකයෝ. මෙයාලා තමයි පාලක පන්තියේ දේශපාලන අවශ්‍යතාවන්ට අනුව ගොඩනගන මතවාදය සමාජයේ විවිධ ස්තර කරා අරන් යන වාහකයෝ! මෙයාලගේ දේශපාලන මතවාදය තීරණය වන්නේ අධිපති මතවාදය විසිනුයි.
    සමාජ ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරන අයට කරන්න තියෙන්නේ අරූගේ මූගේ පස්සේ යනවාට වඩා වෙනසක් සිදුවිය යුත්තේ ඇයි? එය කළ යුත්තේ කෙසේද ? එකී වෙනසක් අහුරා සිටින උන් කවුරුන්ද? යන ප්‍රශණවලට තනිතනිවමත් සාමූහිකවත් උත්තර සෙවීමයි.
    තියෙන්නේ ශිෂ්ටාචාරයේ අර්බුදයක් නම් ඒ අර්බුදයෙන් ගොඩ ඒම සදහා ආරම්භයක් දීමට එකී අර්බුදයට වගකිව යුතු දේශපාලනය විසින්ම පවත්වාගෙන යන සමාජ සංස්ථාවන්ටම කළ හැකි කෙංගෙඩිය කුමක්ද?


    කිවුව වෙලාව- 2011-05-27 05:59:59
    Basarov මෙහෙම කියනවා :


    කිවුව වෙලාව- 2011-05-27 05:20:19
    Plus
    ප්‍රතිචාර
    අඩවි දත්ත
    Facebook Page
    Boondi Google+
    Boondi RSS
    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
    කතා-බස්
    "වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
    කතා-බස්
    යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
    කවි
    පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
    අදහස්
    මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
    රංග
    අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
    තවත් කතා-බස් කරන්ට්ස්
    ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
    "උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
    අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
    ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
    "ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
    බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
    BoondiLets
    ලියොන් ට්‍රොට්ස්කි ලියයි.
    ඓතිහාසික වඩදිය බාදිය ගැලීම් පාලනය වනුයේ ඒවාටම සුවිශේෂී වූ නියාමයන් මගිනි. හුදු නොඉවසිලිවන්තබව ඒවායේ වෙනස්වීම ඉක්මන් කරන්නේ නැත. ඓතිහාසික පර්යාලෝකය දැකීමට මා හුරුපුරුදුව ඇත්තේ මගේ... [More]
    What's New | අලුතෙන්ම
    කවි| පියාපත්

    8-Secs

    (ධනුෂ්කා නිෂාදි කුලරත්න) දැලක පැටළුණු අය
    මේ අපි කවුරුත්
    නොගැලවී ඉන්න වෙර දරනවා

    බත්කූරු යාළුවේ!
    ගමනමයි ගැලවුම... [More]
    රංග| හිනාව ගිලිහුණු සමාජයට "හිනාවෙලා මිනිත්තුවක්"

    7-Mins

    (සුදේශ් කවීශ්වර) උසස් කලා කෘතියක් අකුණු සැරයක් වැනි බව රෝම විචාරකයෙකු වූ ලොංජයිනස් ප්‍රකාශ කරයි. අකුණු පහර තමා අවට ඇති සියලුම දේ... [More]
    පරිවර්තන| 'සැලී' උයනෙහි කෙළවර

    16-Secs

    (විලියම් බට්ලර් යේට්ස් | නිලූක කදුරුගමුව) හමුවීමු මා පියඹ සහ මම
    'සැලී' උයනෙහි කෙළවර
    හිමකුමරියකගේ පා නඟා ඈ
    ඇවිද්දේ 'සැලී' උයන පසුකර.
    තුරු මත කොළ වැවෙන විලසට
    සෙමෙන් ආලය විඳින ලෙස... [More]
    කවි| (ඔබ හිනැහෙන විට)

    5-Secs

    (මහගම සේකර) ඔබ හිනැහෙන විට
    මුලු ලොව
    ඔබ සමඟින් සිනා සෙයි

    ඔබ වැලපෙන විට
    මුලු ලොව... [More]
    කරන්ට්ස්| ඈත සහ මෑත

    23-Secs

    (අමිල නන්දසිරි) "අනුරාධපුරයේ උද්‍යාන තුලදී පෙම්වතුන් යුවල 304ක් පොලිස් භාරයට."
    -පුවතක්


    ඈත, කුහුලින් සවල් ගහනා
    මැදිවියේ නෙතු බහුලය
    මෑත, විලියෙන් ජම්බු රතුවෙන... [More]
    Cine| ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය

    13-Mins

    (එරික් ඉලයප්ආරච්චි) කලාත්මක අවකාශය සහාසික ලෙස විනෝදයේ අවකාශය විසින් පාගා දමනු ලබන අතරේ කලාත්මක ප්‍රදර්ශනයේ අවකාශය විනෝද ප්‍රදර්ශනයේ අවකාශය විසින් උදුරා ගනිමින්... [More]
    කතන්දර| "හරි අපූරු අම්මාච්චි"- ළමා කතන්දරය [වීඩියෝව]

    33-Secs

    "හරි අපූරු අම්මාච්චි"- පොඩිත්තන්ට දැනුම ගෙනෙන විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Rajiv Eipe ලියා සිත්තම් කළ "Ammachi's Amazing Machines" සිඟිති කතන්දරයේ සිංහල... [More]
    BoondiLets| අඳුර පලාගියේය!
    තල්මසාගේ සිරුර ඇතුළත වූයේ අඳුරයි. පිනෝකියෝ පාවෙමින් තල්මසාගේ කුසෙහි ගැඹුරු ආගාධයට ඇදී ගියේය.

    ඉමක් නැති ගණඳුර මැදින් හදිසියේම කුඩා ආලෝකයක් පහළ විය.

    "කවුද ඔතන?" පිනෝකියෝගේ... [More]
    කවි| සියයට විස්සයි, සතුට අනුලට!

    38-Secs

    (තුෂාරිකා ඇන්තනි) ඉසුරු දෙවිඳු මවනවද සිහිල පිරි පෙදෙසක්
    ගිනි නිවුන මව් හිසක මැවු පසන් නිවසක්

    දෛනික වැයෙන් මරදූන් පැරද ඉසිඹුවක්
    පතයි මාස අග දිනක හෝ නිරාමිස සුවයක්... [More]
    වෙසෙස්| තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!

    3-Mins

    (තිලක් සේනාසිංහ ) මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක්... [More]
    BoondiLets| සරච්චන්ද්‍ර ලියයි.
    පුතු සෙනේ මස් නහර හම සිඳ
    ඇට සොයා ගොස් ඇට තුළට වැද
    ඇට මිදුලු මත රඳා සිට දුක්
    දෙයි නිබන්දා

    -සිංහබාහු
    කවි| (හදිසියේ මියගිය) අම්මාගේ මිනිය හඳුනාගැනීමට පුතුව කැඳවයි!

    44-Secs

    (ජනිත් විතාරණගේ) දෙක තුනක් ඇර හුඟක් කෙස් ගස් තිබුනේ බාගෙට සුදුවෙලා
    ගල් තැලුම් මල් යටි පතුල්වල විලුඹ තිබුනා පුපුරලා
    අලි ඇවිත් පැල කඩපු දවසේ තාත්තගේ බඩ පාගලා
    පෙරළිලා ගෙයි බිත්ති පලුවක් කකුල තිබ්බේ කොරවෙලා

    අන්න අර දුර පේන කන්දට ටිකක් එහායින් තියන බැද්දේ... [More]
    Cine| බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස

    6-Mins

    (නිර්මාල් රංජිත් දේවසිරි) පසුගිය සමයේ, විශේෂයෙන්ම, 2015 ජනවාරි 8 වනදා පැවැති ජනාධිපතිවරණය පූර්වගාමීව සමාජ මාධ්‍යවල ඇති වූ දේශපාලන කතිකාවේ දක්නට ලැබුණු මූලිකාංගයක් වූයේ,... [More]
    කතන්දර| "මෙන්න මෙයා- බෝල බෙයා"- ළමා කතන්දරය [වීඩියෝව]

    27-Secs

    පොඩිත්තන්ට විනෝදාත්මක කතන්දරයක් [කාටූන්]- Ramendra Kumar ලියා, Delwyn Remedios සිත්තම් කළ "The Day It Rained Fish" සිඟිති කතන්දරය ඇසුරින්.

    හඬ- නයෝමී... [More]
    වෙසෙස්| ඩාෆ්නි ග්ලෙසියා: මරණයෙන් නිහඬ කළ- හොරකමට එරෙහි හඬ

    4-Mins

    (සරද සමරසිංහ) "ජනතාව අතුරින් කිහිප දෙනෙකු අත්‍යන්ත ම්ලේච්ඡයන් වීම හේතුවෙන් හෝ පාලක පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ අරුත නොදැන සිටීම හේතුවෙන් හෝ ජනමාධ්‍යවේදීන්ට... [More]
    BoondiLets| දාරියෝ ෆෝ ලියයි.
    (දාරියෝ ෆෝ | එච්. ඒ. පෙරේරා) පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
    කතන්දර| "වීර යට්ටෝගේ සහ තෙයූන්ගේ කතන්දරය"- රුසියානු ළමා කතන්දරය [වීඩියෝව]

    18-Secs

    පොඩිත්තන්ට රුසියාවෙන් කතන්දරයක්- නෙන්ත් ජනකතාවක් ඇසුරින් ජාන්නා විටෙන්සොන් විසින් ලියන ලද, ලියනීඩ් ආරිස්තොව් විසින් සිත්තම් කරන ලද, "වීර යට්ටෝගේ සහ... [More]
    අදහස්| ගල්කිස්සේ ප්‍රහාරය: අන්තවාදයේ නරුම මුහුණුවරයි!

    2-Mins

    (තාරක වරාපිටිය) මේ මොහොත වනතාක් බුරුමයේ හෙවත් මියන්මාරයේ ඇතිවී තිබෙන අර්බුදය යනු සිරියාවේ, ඉරාකයේ හෝ ලිබියාවේ ඇතිවුණු/ ඇතිකළ අරාජිකත්වය තුලින් මතුවූ මුස්ලිම්... [More]
    Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
    Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook