Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
අයියේ........!!!
බූන්දි, 21:37:20
අයියේ..........!!!
මේ ලේ ලකුණු
කඳුළට වඩා ඝනයි

බෝම්බයක යබොර
ඉවසතත්
කොහොම ඉවසම්ද
මේ පොළු පාර

ඔය සපත්තු පහර
ජොනී බට්ටන් තරමටම
කුරිරුයි

අයියේ..........!!!
කඳුළට වඩා
මේ ලේ ලකුණු ඝනයි...
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
yasas madhawa wijenayake මෙහෙම කියනවා :
".... එන එන පෑත්තට ගහා උලු අස්සා..."
ඔබ කවියේ නිර්මාපකයා උවත් ඉන් මතු උනු නිශ්චිත ද්වනීන් දෑන් ආපහු හරවන්ට බෑ උපුල්.... ආයේ කවියක් ලියන්ඩම වෙනවා ඒකටනම්....!
මේ සන්වාදයෙන් තවත් පලක් නෑ මිතුරනි...
අපට කනගාටුයි උපුල් ඔබ ගෑන..මමන්කාරය කියන්නේ පිරිහීමේ ලකුනක්..ඈත්ත තේරුම් ගන්න අවන්ක වන්න...නොතේරෙනවා නම් මුරන්ඩු මුග්දයෙකු වෙන්නට ඉඩ නොහෑර හදාරන්න...


කිවුව වෙලාව- 2011-06-14 04:33:11
Upul Senadirige මෙහෙම කියනවා :
සොයුර
බෝමිබයක යබොර යනුවෙන් මා අදහස් කලේ එල්.ටී.ටී.ඊය මගින් බස් හා දුමිරිය හා වෙලද සැල් තුල පුපුරවා හරින ලද බෝමිබයි. එල්ටීටීඊ යට නිර්ධන පංතිය සමිබන්ධයෙන් නිර්වචනයක් තිබුණා නමි ඩොමිනික් ජීවා ලා , කොළඹ සිටීමට අවශ්‍්‍ය නොවනු ඇත. එකී බෝමිබ පිපිරැවෙි නිර්ධන පංතිය මතයි. රාජ්‍ය බෝමිබ හෙලනු ලැබුවෙිත් උතුරේ නිර්ධන පාංතික ජනතාව මතයි. දකුණේ මිනිසුන් විසින් ඔසවා තැබූ රණවිරැවන් විසින් ඔවුන් දෙසට තුවක්කු දිගු කිරීම අර කියූ බෝමිබ වලට වඩා වෙිදනාකාරී වැඩියි. රණවිරැවන්ට ()සෙත් පැතුවෙි ලේ දන් දුන්නේ සුභ පැතුවෙි එස්එමිඑස් ගැහුවෙි බොහෝ කොට ඇගැලුමි ක්ෂේත්‍රයේ සොයුරැ සොයුරියනුයි. නිර්ධන පංති දේශපාලනය වෙනු‍වට ජාත්‍යානුරාගය උඩ දැමීමෙන් යථාව යටපත් වූ අයුරැ ඔබට තේරැමි ගත හැකිය.


කිවුව වෙලාව- 2011-06-14 00:42:57
සිරි මෙහෙම කියනවා :
උපුල් ඉතිං එකම දේ නැවත නැවත කියනව. කෙලින්ම කියන්නකො ඇයි මේ බෝම්බයෙ යබොර අප ඉවසිය යුත්තේ. උතුරේ සිදූවු වාර්ගික වූත් මිලේච්ඡ වූත් තිරිසන් සහගත සමූල ඝාතනය ඔයා ඉවසනවද.ඒකට සපෝට්ද. ප්‍රශ්නය ඒකයි උපුල්

කිවුව වෙලාව- 2011-06-10 06:23:12
Upul Senadirige මෙහෙම කියනවා :
හිතවත් සොහුරනි,
ඔබ විසින් පල කරන අදහස් වලට මගේ ගෙ!රවය.
කලාපයේ සේවය කරන බොහෝ අය දේශපාලනමය වශයෙන් නිර්වින්දනය කල අයයි. මේ හැම අභිබවා ඔවුන් තම අයිතීන් වෙනුවෙන් පෙරමුණ ගැනීම ලොකු සතුටක්. ඇගැලුම් කර්මාන්ත ක්ෂේත්‍රය තුල මගේ සේවය වසර 25කට වැඩිය. කලාපයේ මේ කොල්ලන්ට කෙල්ලන්ට තලන විට න්‍යායික වශයෙන් මෙය විග්‍රහ කර ගැනීමට වඩා මට දැනුනේ හැගුම් බරවයි. මේ කවිය බුද්ධිවාදී වනවාට වඩා අාවෙිගීව ක්ෂණිකව ලියූවක්. වගකීම මම ම දරමි. මා අමතන්න. 0777486016


කිවුව වෙලාව- 2011-06-10 04:52:41
ලොකුගෙදර මෙහෙම කියනවා :
කවිය බේරා ගැනීමට කවියා ඉදිරිපත් නොවෙනවා නම් කවුඩ ඉදිරිපත් වෙන්නෙ.. උපුල් කරන වරද නම් විජයට නිසි පිලිතුර නොදී බයිලා ගැහීමයි... සත් සිතිනි....

ලොකුගෙදර


කිවුව වෙලාව- 2011-06-08 20:59:29
Upul Senadirige මෙහෙම කියනවා :
ඉහත සෝමවීර වීරවංශ ලෙස නමි කර ඇත්තේ සේමවීර චන්ද්‍රසිරි මැතිතුමා බව කාරැණිකව සලකන්න.

කිවුව වෙලාව- 2011-06-07 23:00:43
kumara මෙහෙම කියනවා :
උපුල් , මා ඔබෙ කවිය ඉතා සෑලකිල්ලෙන් කියෙව්වා.ඒ පිලිබදව විජය නන්දන පෙරේරා කවි සගයා දක්වා ඈති අදහස ඉතා තියුනුයි එමේන්ම නිවෑරදියි.ඔබ ඔය කියන උතුරේ එල්.ටී.ටී .ඊ බෝම්බ වලට මුල් වග උත්තර කරුවා දකුනේ දනපති පාලනය නෙවයිද...මේ හමුදා අයියලා ඔයාගෙද, මගෙද ?අප රාජ්ය හමුදා හා පහුගිය යුද්දය ගෑන දෑරූ මේ මිත්යා මත වලින් දෑන්වත් තීරනාත්මකව ගෑලවිය යුතුම්යි. මේ ගෑන කලබලයෙන් ,කවිය බේරා ගන්නෙම් යයි , අමනාපෙන් විවාද පිටියට නොපෑන ඉවසීමේන් හිතා බලන්න.මා දන්නවා ඔබට ඒ නිහතමානී ගුනය නොඅඩුව ඈති බව.ඔබේ කවි මග දිලේවායි පතමි.

කිවුව වෙලාව- 2011-06-07 03:50:24
Upul Senadirige මෙහෙම කියනවා :
මම පැහැදිලිවම කියන්නේ නිර්ධන පංති සටනට වාර්ගිකත්වයක් නැ කියායි. එල් ටීටී එක විසින් බස් වල පුපුරවන ලද බෝම්බ වලට වඩා දකුණේ රණවිරැ අයියලා කම්කරැ පංතියට පහර දෙන එක කලාපයේ නංගිලාට සහ මල්ලිලාට රිදෙනවා වැඩියි. විශ්‍රෘම වැටුප් පනත ගැන සම්ර්‍පදායික වාමාංශික පක්ෂත් කටවහගෙන ඉන්නෙ. මෙම විශ්‍රම වැටුප් පනතේ කෙටුම් පිටපත හොදින් අධ්‍යනය කරන්න. මා තුල දෙමල මිනිසුන්ගේ අරගලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. එහෙත් නිර්ධන පංති අරගලය ගැන මගේ අවධානය ඊට වැඩියි. එය කුල ගොත් අභිබවා පොදු ප්‍රශ්නයක්.

කිවුව වෙලාව- 2011-06-06 22:41:36
සිරි මෙහෙම කියනවා :
එතකොට උපුල් මේ බෝම්බයක යබොර ඉවසතත් වගේ දේවල් ලිව්වෙ. ඒ කියන්නෙ බෝම්බය නම් ok අපි ඒ වගේ මානුෂීය මෙහෙයුම් වලට ලේත් දන් දුන්න කියන එක නේද.කම්කරු පංති අරගලය මත දමා එය සඟවන්නට උත්සාහ කරන්න එපා.ඉතිං පංති වශයෙන් ගත්තත් උතුරෙ මැරුනෙත් පීඩිත පංතියමනෙ.හැබැයි දෙමලු. උපුල්ට තියෙන වෙනස ඒකයි. ඌ දෙමලා නම් දෙමලාට අප වෙනම පංතියක් වර්ග කල යුතුය. මා මේ කවිය වටහා ගත් ආකාරය වැරදි නම් ඉන් අදහස් වන්නේ ඔබට කවිය තුල පනිවිඩය නිවැරදිව සන්නිවේදනය කල නොහැකි වූ බවයි. කරුණාකර මේ කවිය මකා දමා සත් භාවයෙන් වෙන කවියක් ලියන්න

කිවුව වෙලාව- 2011-06-06 05:29:44
Upul Senadirige මෙහෙම කියනවා :
මෙම බැටන් පොලුපාර ඉතිහිසයේ සිදු වූවා සේම වර්ගවාදය පරයා නිර්ධන පංතියේ ඔලු මතට වැටුනු පොලු පාරකි. ජනතාව අතරින් බලය නිර්මාණය කර ගන්නා පාලකය‍ා නැවත ජනතාව අතරට ඒ මර්ධනය යොමු කරයි. මේ සියලු මර්ධනයන් දේශානුරාගය හරයා ස්වයං ප%මෝදයකට පත් කර ගනී.මේ අයියලා වෙනුවෙන් කී දෙනෙක් නමි කලාපයේ සහෝදර සහෝදරියන් ලේ දන් දෙන් අැතිද? බෝධිපූජා පිංපෙත් පමුණුවන්න ඇතිද? මෙතුවක් විරැවන් සේ පෙනී සිටි අය තමුන් දෙසට මර්ධනය මෙහෙයවන විට මෙකී කම්කරැ පන්තියට කුමක් සිතෙන්න ඇතිද? පාලනය විසින් නිර්මාණය කර ඇති මෙකී රික්තය තුල පන්ති ගැටුම වෙනුවට ආගමිකත්වය දේශානුරාගය ආරෝපනය කිරිම ආචාර්ය සැමුවෙල් ජොන්සන් පැවසූ පරිදි තක්කඩි කමකි. මෙකී විශා%ම වැටුප සමිබන්ධයෙන් විශම වු නිවේදන කෙතරම් දැනට නිකුත් කර ඇතිද?

අ.පර්‍.කලාපීය සභාපතිතුමා, ජනාධිපතිතුමා, ලක්ෂමන් යාපා අබේවර්ධන මැතිතුමා, සෝමවීර වීරවංශ මැතිතුමා, පි.බී. ජයසුන්දර මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා, ආරියශීල වික්‍රමනායක මැතිතුමා, මහින්ද මඩිහේවා මැතිතුමා, ගාමිණී ලොකුගේ මැතිතුමා, රොහාන් ප්‍රනාන්දු මැතිතුමා

ප්‍රකාශ නොකළේ
ලාංකීය වෘත්තීය සමිති ක්ෂ්ත්‍රය ( අතකොලු නොවන)
ස්වාමිරැන්ගේ සංගමය යනාදියයි


කිවුව වෙලාව- 2011-06-05 23:13:07
Upul Senadirige මෙහෙම කියනවා :
ඔබ සියලු දෙනාගේම කියවීමට මගේ ගෙ!රවය

කිවුව වෙලාව- 2011-06-05 22:54:01
Lansa මෙහෙම කියනවා :
අන්ත ප්‍රතිගාමී කවියක්

කිවුව වෙලාව- 2011-06-05 21:10:25
Nishantha මෙහෙම කියනවා :
@විජය...
හොද විවරනයක්. ඇස් පාදනවාට තුති...


කිවුව වෙලාව- 2011-06-05 21:09:39
wijaya nandana මෙහෙම කියනවා :
යලිදු කියමි....දකුනේ කම්කරු පන්තියේ අරගල මෙහි දී කිසිදු අයුරකින් අවත්ක්සේරු කොට නොමෑත සහෝදරය. ඒ වීරෝදාර අරගලකාරීත්වයට මගේ ශීර්ශ ප්‍රනාමය !! ප්‍රශ්නය ඈත්තේ එතෑන නොව මේ මර්දක රාජ්ය හමුදා ඉදිරියේ කවියා දක්වන නිවට සහෝදරත්වය හා උතුරේ ලක්ශයක් පමන දෙමල පීඩිතයන්ගේ හිස් මතට මේ මර්දක දනපති හමුදා විසින් එල්ල කරන ලද කුරිරු ,සාහසිකත්වය ඉවසා වෑදෑරීමයි.

කිවුව වෙලාව- 2011-06-04 23:39:21
සිරි මෙහෙම කියනවා :
අහා.... දැනුයි මේ අය්යා කව්ද කියා තේරුනේ.
කවියන්ට කවි කම සමඟ හෘදය දුන මැනවි


කිවුව වෙලාව- 2011-06-04 21:37:36
සිරි මෙහෙම කියනවා :
හා විජය නන්දන මට නොතේරිච්ච හැටි.අපොයි ප්‍රතිගාමී තමයි.ලේ වතුරට වඩා ඝනකමයි කියල ගැමි වහරෙ තියෙනව. ඒකෙ අදහස තමයි සහෝදරත්වය කෙතරම් බලවත්ද යන්න. සපත්තු පහර නම් ජොනී බට්ටන් තරමටම කියලයි කියන්නෙ. අර දෙවැනි කවියෙ බෝම්බ කතාව......හිතා මතා ලියලද. හිත නරක් උනා හොදටෝම.....
කම්කරු සටන් අවතක්සේරු කිරීමක් මේ කොමෙන්ටුව මගින් සිදුනොකරමි.එලෙසම මියගිය සොයුරාට ආචාරය පිරිනමමි.එසේ උවද උතුරේ මිය ගියේත් අය්යලා මල්ලිලා පමනක් නොව කිරි සප්පයින් ඇතුලු නූපන් දරුවන් ඇතුලු පරපුරම බව කවි ලියන්නන් මතක් කර ගත යුතුය


කිවුව වෙලාව- 2011-06-04 17:59:59
wijaya nandana මෙහෙම කියනවා :
. කේන්ද්‍රිය ප්‍රස්තුතය ඉතා සුවිශදයි...මේ පසුගියදා ඈති උනු කම්කරු මර්දනයයි (මේ පොලු පාර කලාපයේ කම්කරු පන්තියේ හිස මතට ' ලොකුඅය්යා ගේ ' ආන්ඩුවෙන් කඩා පාත් කල ප්‍රහාරයයි. ).පෑහෑදිලිව ම මේ කදුලු උතුරේ පීඩ්ත දෙමලා උදෙසා එදා ඒ ලේ වෑකි සන්හාරයේ දී නොවෑටුනු කදුලු යි.... 71දීත් 89 දීත් සින්හල පීඩිතයන් ට මේ "අයියලා" සෑලකූ හෑටිඅපි දනිමු...එදා කුට්ටුමනි කී වදන් වෑලිදු සිහිකරමු....දෑන් තුවක්කු හෑරවී ඈත්තේ කා දෙසට ද කියනු යෙහෙකි.... තතු එසේ වන හෙයින් කිසිදු සුශික්ශිත රසිකයෙකුට මේ කවියේ එන ප්‍රතිගාමී සින්හල වර්ගවාදී දෘශ්ටිය හා සහානුභූතියක් ඈති කර ගත හෑකිද....මිත්‍රවරුනි....?

කිවුව වෙලාව- 2011-06-04 10:49:32
සිරි මෙහෙම කියනවා :
කවිෙය් ෙක්න්ද්‍රය ෙකාෙහද කියල හිතා ගන්න අමාරුයි. ෙමාකක්ද ෙම් ෙපාලු පාර. නන්දන ෙග කියවීම හරි නම් ෙම් කවිය තුලින් අප උපුල් ෙස්නාධීරෙග්ව ෙත්රුම් ගමුද ???

කිවුව වෙලාව- 2011-06-04 06:45:54
nandana මෙහෙම කියනවා :
බලන්න ;
"...බෝම්බයක යබොර
ඉවසතත්
කොහොම ඉවසන්න ද
මේ පොලු පාර..."
කව්යාට අනුව මේ " අය්යලා 'ගේ බෝම්බයේ යබොර ඉවසා සිටිය හෑක. මන්ද යත් මේ බෝම්බ පාර එල්ල උනේ "රට බෙදන" දෙමලාට එරෙහිව නිසාය .ඒත් පොලු පාර...?අපේ සින්හල කොල්ලෙකුටය...වාවන්ට බෑරිය...(අපි ඒ දවස් වල අය්යලාට , ලොකු අය්යා එක්ක එකතු වී කොයි තරම් නම් බෝදි පූජා තිබ්බා ද ?)
පාලක පන්තියේ මර්දක හමුදා හා මෙවන් සහානුභූතියකට යා හෑක්කේ පහුගිය කාලයේ ලේ වෑකි දෙමල සන්හාරයට උඩ ගෙඩි දී දෑන් මුඛ පූට්ටු වී ,අද දෙමලුන් ගෑන කිබුල් කදුලු හෙලන කම්කරු පන්තියේ කපටි ආරක්ශකයන්ට පමනි.
කවියා වක් ව හෝ මෙ ලෙසින් වඩම්ම්වන්නේ මේ සුලු දනපති වර්ගවාදී දෘශ්ටිවාදය නොවන්නේ ද ?


කිවුව වෙලාව- 2011-06-04 02:05:06
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උපුල් සේනාධීරිගේගෙන් තවත් වියමන්
කරන්ට්ස්
"අඟ"
කවි
"මිරැන්ඩා...... මම යන්නම්"
කරන්ට්ස්
අක්ෂි රෝහලේදී
කවි
මෙ'මල් කළඹ ම නුඹ සතූ
කවි
නානුඔය දුම්රිය නැවතුමේ දී
තවත් කවි කරන්ට්ස්
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
ඇයි කුමක්ද ඔය මඳ සිනහවේ තේරුම?
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook