Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
ඔබට හැකි නම්
ඔබ අවට සිටින හැම දෙනම - තමන්ගේ හිස් අවුල් කරගෙන
එහි දොස් ඔබට පවරන විට,
ඔබට තම හිස අවුල් නොකරගෙන සිටිය හැකි නම්

අවට සැම දෙනම - ඔබව සැක කරන විට
ඔබට,
තමා ගැන විශ්වාස කළ හැකි නම්
ඔබට එසේ කිරිමෙන් වෙහෙසට පත් නොවී
බලාපොරොත්තුවෙන් සිටිය හැකි නම්

අනුන් ඔබ ගැන බොරු කියන විට,
ඔබට බොරු නොකියා සිටිය හැකි නම්

අනුන් ඔබට වෛර කරද්දී,
වෛර නොකර සිටිමට ඔබට හැකි නම්

එහෙත්,
අවැසි පමණට වඩා හොඳ බවක්වත්
ප්‍රඥාවන්ත බවක්වත්
නොපෙන්වා සිටිය හැකි නම්

සිහින දැකීමට හැකි වුවත්,
සිහින ඔබේ ස්වාමියා - නොකරගෙන සිටිය හැකි නම්

ඔබට සිතිය හැකි නමුත්,
චින්තනය ඔබේ - පරමාර්ථය නොකර ගැනීමට හැකි නම්

ජය පරාජය දෙකට මුහුණ දී
ඒ ප්‍රතිරූපක බොරුකාරයින් දෙදෙනාටම
එකසේ මුහුණ දිය හැකි නම්

ඔබ කියු සත්‍යය - දුර්ජනයින් විසින් විකෘතිකොට
මෝඩයන් හසුකර ගන්නා - උගුලක් ලෙස යෙදුවැයි
අසා දරා සිටීමට හැකි නම්

ඔබ මුළු දිවියම ගතකර ගොඩනැගූ දේ
කැඩී සුණු විසුණුවී ගිය විට,
පහත් වී නැවතත් ගෙවීගිය මෙවලම්වලින් වලින් පවා නැවත
තැනීමට ඔබට හැකි නම්

ඔබ දිනු සියලු දෑ එක ගොඩකට ගසා
එක ඔට්ටුවකට ලබා පැරදී,
නැවත මුල සිට ඇරඹීමට හැකි නම්
ඒ පාඩුව ගැන වචන මාත්‍රයක්වත්
නොදොඩා සිටීමට හැකි නම්

ඒවායේ ශක්තිය හීනවී ගොස්
''සිටුව,නැවත වැඩ කරව්'' යැයි
කීමට පමණක් ඉතිරිව ඇති ශක්තියෙන්
තමාගේ හදවතට,
ස්නායුවලට හා බල නහර වලට අණ දීමට ඔබට හැකි නම්

''රුඳී සිටුවයි'' කීමට වඩා ශක්තියක්
ඔබ තුළ ඉතිරිවී නැතිවුවද,
වැඩ ඉසව්වේ රැඳී සිටීමට ඔබට හැකි නම්

තමාට වඩා පහළින් සිටින - ජනයා සමග ඇසුරු කළත්
තමන්ගේ උසස් ගති - කෙළෙසා නොගෙන සිටීමට හැකි නම්

රජුන් සමග උරහිස් හැප්පුවත්
සාමාන්‍ය ගති නැති නොකරගෙන - සිටින්නට හැකි නම්

සතුරකුටවත් හිතැති මිතුරෙකුටවත්
ඔබට, හානියක් කිරීමට නොහැකි නම්

සියළු දෙනාම ඔබ ගැන බලාපොරොත්තු තැබුවත්
කිසිවෙක් ඕනෑවට වඩා එසේ නොකරන්නේ නම්

සමාව නොදෙන සෑම මිනිත්තුවකම
තප්පර හැටක දිවිල්ලෙන් ඔබට පිරවිය හැකි නම්

මේ මුළු පොළව හා එහි ඇති සියල්ල ඔබගේය
ඒ මතුද නොව, මාගේ පුත
නුඹ මිනිසෙකි.
රූඩ්යාඩ් කිප්ලිං ලියූ "If"‍ කාව්‍යය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Kipling (Joseph) Rudyard (1865-1936), If
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook