Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඇන්දීම - ඇඳ ගැනීම සහ මේ මොහොත කියවීම
බූන්දි, 02:53:44
මේ මොහොත වූ කලී අප ජිවත් වූ ඉතිහාසයේ තීරණාත්මක ම මොහොතක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලනික, සාමාජයීය, සංස්කෘතික යන සියළු ප්‍රපංචයන් අන්ධකාරයේ ගිලී ඇති මේ මොහොත යනු ඔබට ඔබේ මුහුණ හරියාකාරව බලා ගැන්මට කැඩපතක් නැති තැනකි. සහෝදරත්වය පාවා දී ඇති අතර විශ්වාසය ඌරු කොටුවක ඇති මඩ ගොහොරුවක දැමූ ඉඳි කටුවක් සේ අන්ත්‍රස්ධාන වී ඇති නිමේශයකි. අද දිගුවන සහෝදරත්වයේ-

හස්තය හෙට බලය විසින් මවන අන්ධකාර රාත්‍රිය තුළ ආත්ම වංචාවේ සැඩ සුළඟ ට ගසා ගෙන යයි. තෙත සිඳී යා නොදී රැකුණු තණ පත් කිහිපයක් පමණක් මහ පොළොව බදා ගෙන හිඳිත්. ඒවා ද පරඬැල් වී අරලිය අරම ට කොයි මොහොතේ ගසා ගෙන යා දෝ හෝ යි නොදන්නා මහ පොළව යළි යළිත් දන්නා හඳුනන ලෙයින් තෙත් වෙමින් තිබේ. ඒ ලෙය වෙන්දේසි වෙමින් ද ගණු දෙණු වෙමින් ද තිබේ. දළ ඇතුන් සිවලුන් ලෙස ද සිහ රජුන් සුනඛයින් ලෙස ට ද රූපාන්තරණය වී ඉතිහාසය ද වර්තමානය ද මුසාවෙන් සායම් කිරිමේ බුද්ධිමය අරගලයේ නිරත වෙත්. එබඳු සාමාජයීය මොහොතක සැබෑ දේශපාලනික සංවාදයක් සමාජගත කොට පවත්වා ගෙන යාමේ ජීවිත කාලය යනු දේදුන්නක් පායා නිමවන ඇසිල්ලක් බවට පත් වෙද්දී අපි රිදුම් දෙන බලාපොරොත්තුවේ තටු මරණයේ කටු වලින් යළි යළි ත් පිරිමැදගනිමින් සිටින පිරිසක් හෙවත් වඩ වඩාත් සුළුතරය බවට පත්වෙමින් හිඳිමු.

පසුගිය 13 වන සඳුදා "අනික් කට්ටිය" විසින් මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ කැඳවන්නට යෙදුණු කටුනායක සිද්ධිය ඇතුළු මෑත කාලීන සමාජ දේශපාලන සිද්ධීන් ගැන සංවාදයේ දී අප වට කොට ගත් මේ වා සුළියෙහි හරස් කඩක් දක්නට ලැබුණි. ආරාධනා කොට තිබුණේ අරගලය අරඹන්නටය. එනිසාම ජවිපෙ , නසසප, එජාප නියෝජිතයින් ඇතුළු සැලකිය යුතු (50 කට අධික) පිරිසක් ඊට සහභාගී විය. දේශන පැවැත්වීමෙන් ශිරාල් ලක්තිලක, ලියනගේ අමරකීර්ති, වික්‍රමබාහු කරුණාරත්න, ජෝසප් ස්ටාලින්, විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය නියෝජනය කරමින් සුමනසිරි ලියනගේ සහ සමාගම් සේවක සංගමයේ සභාපති ලෙස ජවිපෙ නියෝජනයක් ඇතුළු තවත් කිහිප පොළක් ම දායක විය. ඉන්න කට්ටි ටික එක තැනකට එකතු කර ගන්නට විදිහක් නැති වෙලාවක තවත් කට්ටියක් කරනන්ට තනන්නේ මොකක්ද යන සිතුවිල්ල මා ද එතැනට ඇදගෙන ගිය ද විවිධ පාර්ශවයන් එකම පොළොවක එකතු වීම ම සිත සුව සදන දසුනක් ම මවනු ලැබ තිබුණි.

එහෙත් ඛේදවාචකයක් ලෙස මතුවූ සුපුරුදු රෝග ලක්ෂණය අනාගත බලාපොරොත්තු මත කටු අනිනු පැහැදිලිව ම පෙණුනි. එකිනෙකාට කියා ගන්නා ඇනුම්පද වලින් ගහන දේශන, ඓතිහාසික චෝදනා කිරීම් නොකර හිඳිමට කිසිවෙකුට හැකියාවක් තිබුනේ නැත. “ අපි විප්ලවයට පේටන්ට් ඉල්ලන්නෙ නෑ..අපිට නායකයො නෑ’ වැනි අපරිණත හැඳින්විම් වලින් ඇරඹුණු සංවාදය බාහු ගේ සිහින වලින් වර්ණවත් කෙරුණි. බාහු ට අනුව මේ කම්කරුවන්ගේ මොහොතයි. මන්ද , මහින්ද මේ වන වන විට සිටින්නේ හොඳටම බියපත්ව ය. ඔහු අන්තර්ජාතික මුල්‍ය අරමුදල විසින් ද හෙළ අරුමයෙන් ද මහ ජන අරගල වලින් ද කළඹවනු ලැබ ඇත. පොලිසිය ද විකල්ප මතධාරීන්ට බය වෙමින් සිටියි. අහෝ බාහු! සතුරා අවතක්සේරු කිරීම තරම් මෝඩ කමක් අරගලකරුවෙකුට නොමැති බැව් ඉතිහාසය ලොවට උගන්වා බොහෝ කල්ය. ජවිපෙ සුදුරුදු පරිදි කීවේ ඔවුන් සෑම විට ම නිවැරදි තැන සිටගෙන ඇති බවයි. කොටින් ම කිසිවෙකු තුළ සංධානයක් සඳහා යාමට අවැසි වන ඓතිහාසික පසුතැවිල්ලක සේයාවකුදු නැත. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් සටන ජනතාකරණය හෙවත් එහි විප්ලවීය බෞතීස්මය කිරීම ද එහි දී සිදුවිය. මෙතෙක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයන් එන්ඩෝස් කළ සුමනසිරි ලියනගේ ට අනුව ඔවුන් වැටුප් වැඩි කර ගන්නට තනන්නේ ක්‍රම විරෝධී සටනේ මූලාරම්භයක් ලෙසය. මේ මොහොතේ දී (ඇත්තම කිව්වොත්) ආචාර්යවරුන් බොහෝ දෙනෙකුට එවැනි මහා වුවමනාවක් නැති වුව ද එබන්දක් කරා ඔවුන් රැගෙන යා හැකි බව ඔහු ඉතා සරලව කීවේ විදර්ශන කන්නන්ගර සබුද්ධිකව නැගූ පැනයකට පිළිතුරු ලෙසය. (මේ මහා අඳුර තුළ මිනිසුන් වෙනුවෙන් නොදැල්වුණු ආචාර්ය වරුන්ගේ සටන් පහන් සිල වැටුප් වැඩි කර ගත් විගස දැල්වෙනු ඇතිය යන්න ඔහුගේ සැබෑ විශ්වාසය ද නැතහොත් අප විශ්වාස කරනවාට ඔහු කැමති දේද දැයි නොදනිමු.) මහා ආඛ්‍යානයක් අවශ්‍ය නැති බව ද එබන්දක් නැතිවාට පාඩුවක් නොවන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ පොදු අරමුණක් පිළිබඳ විදර්ශනගේ අනෙක් යෝජනාවට පිළිතුරු ලෙසිනි. අනෙක් අතට ඔහු එතැන සිටීම ගැන අප සියළු දෙනා සතුටු විය යුතු බවද ඔහු විසින් අවධාරණය කරන ලදි. කාටත් ඕනෑ මහින්ද පරදන්නට ය. සාරාංශ ලෙස ගතහොත් බොහෝ කථිකයින් සිය ආස්ථානයන්හි ම ස්වයං මෝහනය වී අනෙකාව ම හෙලා දකින්නා වූ ප්‍රතිපත්තියක් හෙවත් “මේ තමයි අපේ හැටි ? ඇයි මොකෝ?” වැන්නක් අනුගමනය කළා විනා “මේ මොහොත” නිවැරදිව කියවා අනෙකාගේ වෙනස් කම් ඉවසමින් පොදු කියවිමකට නැතහොත් විදර්ශන ම මතු කළ පරිදි “Common Slogan” එකකට යන සුබ ලකුණක්වත් දක්නට නොලැබීම ම සුපුරුදු අන්ධකාරය තවත් තීව්‍ර කරනවා මිස... ?

මිනිසුන් අසාධාරණයට එරෙහි විය යුතුය. අරගල කළ යුතුය. එහෙත් ඒ අරගල ජයග්‍රහණයන් කරා යා හැක්කේ පෞද්ගලික න්‍යාය පත්‍ර වලින් සහ ඇන්දිලි වලින් තොර වූ නිවැරදි දේශපාලන කියවීමක් සහිත මාවතක යන ගමනකින් පමණි. ඒ “මගේ” කෑල්ල ඔප්පු කර ගන්නට නොවේ. “අපේ” අරමුණක් තනා ගැනීමටය. වේදිකාවන් තැනෙමින් තිබේ. ඒ උත්සාහයන් අගය කළ යුතුය. අවශ්‍ය වන්නේ ඕනෑ ම පුද්ගලික කෑල්ලක ජනතා අරගලයේ සමර ගා ගන්නන් නොව අවංක වුවමනාවෙන් යුතු මිනිසුන් ය. ඒ සඳහා අන්දන්නා වූ ද ඇන්දෙන්නා වූ ද මිනිසුන් ද ඇතුළු ව පුද්ගලයින් ද කණ්ඩායම් ද වෛරයෙන් තොරව එකිනෙකාට විවෘත ව එකම සමාජ දේශපාලනික අරමුණක් උදෙසා හමු විය යුතුව තිබේ. ඉතිහාසය සුමට පිටු වලින් සැදුණු පොතක් නොව කළු ගලකි. ඒ ගලෙහි ලිවිය යුතුය. පිටු ඉරා දමන්නට නොහැකි වන්නේ එවිට ය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Anik Kattiya
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Podiappuhami මෙහෙම කියනවා :
මාරය..ඔය වගේ ටෝක්ස් දීල මාරු වෙයල්ල...ආඳො වගේ..කොහොමත් යකෝ ( තො මාරය නිසා)තොපිලට මිනිස්සුන්ව මරාගන්න තියෙන හදිස්සිය නැහැ මළයින් පස්සෙ හොයල බලන්න...ඒක තියාගෙන ඉන්නව මේ ආණ්ඩුවෙ බිජ්ජ වැටෙනකන්...ඒක තමයි ඉස්සලත් කිව්වෙ...තොපේ සමාජවාදෙ ගිහින් ගහගනියව් බල්ලන්ගෙ පුකේ...!

කිවුව වෙලාව- 2011-06-20 05:16:10
මාරයා මෙහෙම කියනවා :
අනේ පොඩි අප්පුහාමි ගොනෝ...උඹට තියෙන්නෙ හැඳි මිටටත් අඩු නුවණක්. හාල් පොල් දීල ප්‍රශ්න විසඳෙනවනම් මේ මොකවත් ඕනෙ නෑ..ඇමරිකාව අවරුද්දකට මූදට දාන කෑම අතිරික්තයෙන් ලෝකෙ දුප්පත් රටවල බඩගින්න නිවන්න පුළුවන්. හාල් පොල් ගේන්න හම්බ කරන එකාව බල්ලො වගේ මරා දාන, උඹත් ආවඩන මේ ජරා පාලනයයි හෙව් පාලකයො හදන ක්‍රමෙයි වෙනස් වෙන්න ඔනෙ. ඒකට මිනිස්සු එකතු වෙන්න ඔනෙ..කතා කරන්න ඕනෙ.උඹ ඉතිං විජය කුමාරණතුංග රට හදනකං බලං හිටපු අප්පුහාමිනෙ.අනේ පලයං යන්න...

කිවුව වෙලාව- 2011-06-19 23:44:57
Podiappuhami මෙහෙම කියනවා :
මේ එව්ව මෙව්ව නෙවෙයි උඹලට නරක ද අර රොශේන් කොල්ලගේ තුන්මාසෙ දානෙට හාල්, පොල් ටිකක් අරන් ඒ ගෙදර උදවියට ගෙනිහින් දුන්න නම්..ආ..ඒ මිනිස්සු දාන මාන දෙන්නෙ නැත්තන් තොපේ සල්ලි වලින් හරි එහෑම එකක් වෙනම දුන්න නම්..තොපිට සම්ම්න්ත්‍රණ ඒව මේව කරන්න සල්ලි හොයා ගන්න පුලුවන්, මේ වගේ දෙයක් කරන්න කිව්වම කටේ පිට්ටු...අද වෙනකන් එක එක මී හරක මට බැණ බැණ මේකෙ එක එක ඒව ලිව්ව..නිකන් හරි එකෙක් වත් මේකෙ ලිව්වෙ නැහැ අපි රොශේන් ගෙ පවුලට මේ උදව්ව කරා මේක කරා කියල..අනේ තොපේ සමාජවාදෙ ගහගනියව් බල්ලන්ගෙ පුකේ...

කිවුව වෙලාව- 2011-06-18 05:04:22
ජීවන් මෙහෙම කියනවා :
@පොඩිඅප්පුහාමි

තමුසෙ පලයං ඕයි...!


කිවුව වෙලාව- 2011-06-17 01:05:58
saman මෙහෙම කියනවා :
machan podiappuhami umba ithin vijaya kumarathunga gana katha karanne nathiwa tom kruse gana katha karannada? boge nama podiappuhamine.... Yakoo umba kiyanawa uwa naluwek vidiyatada ganne kiyala Naha yakoo api nam uwa ganne lankawe 01 badukaraya kiyala. Umba u ekkada political karanna hitiye... Gona...Tho danne nathnam ahaganin Amarasiri kalansuriyagen vijey gana.

කිවුව වෙලාව- 2011-06-17 00:34:29
janaka මෙහෙම කියනවා :
මචන් පොඩි අප්පුහාමි බුන්දි වගෙ වෙබ් සයිට් උබෙ මෝඩකමට ගෑලපෙන එවා නෙවෙයි. ජේ වී පී එකට බෑනලා දිනමිනට හරි සිලුමිනට හරි ලිපි ලියපන්. නෑත්නම් පාන්පිටි ත්‍රස්තවාඩෙ හරි බන් කී මුන් ගෑන වීරවන්සගෙ වෙබ් එකට ලියපන්. මහින්ද බඩේගින්දර වලකජ්ජ ගහපු දවසක අයි ටී එන් එකේ විමසුම පිටපත ලියන කොන්ත්‍රාත් එක සුවර් එකටම උබට ගන්න පුලුවන්

කිවුව වෙලාව- 2011-06-16 23:50:39
Podiappuhami මෙහෙම කියනවා :
සෙහෙන්න දෙනෙකට මාත් එක්ක ගොඩක් ඇරියස් තිබෙන බව නම් හොඳට පෙනෙන කරුණකි...ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑත..මගේ අතින් සෙහේන්න ඇත්ත ලිය වී ඇත.. ඒ බව එයට රිදී මොර දෙන පිරිසගෙන් මනාවට පැහැදිලි වේ...ඔබ මට මොනතරම් අවලාද , අපහාස නැගුවත් මට කමක් නැත...ඒවා මගේ ඇඟෙ නොවදින නිසාය...ඔබ සිස්ටම් එක වෙනස් කිරීම ගැන කතා කරයි...

එයට 100% මම එකඟ වෙමි...නමුත් නායකත්වයකින් තොරව එය කරන්න යාම වෙන කොහේ කෙරුවත් ලන්කාවේ නම් කරන්න නොහැකිය...ඔබ විජය කුමාරතුන්ග වැන්නන් හුදෙක් නලුවන් ලෙස පමනක් දෑකීම ගැන නම් ඉතින් කියන්න දෙයක් නැත...සිස්ටම් එක වෙනස් කරන්න තනියම බැරිය...කණ්ඩායමක් අවශ්‍යය..කණ්ඩායම හසුරුවන්න නායකයෙක් අවශ්‍යය..නායකයාට අවශ්‍ය නම් පමනක් සිස්ටම් එක වෙනස් කල හැක...( එනිසා තමයි ඉන්දියාව මහත්මා ගාන්ධිලා, නේරු ලා ගැන තවම කතා කරන්නේ) මාත් එක්ක ඇරියස් තබා ගැනීම හෝ නොතබා ගැනීම ඔබේ ප්‍රශ්නයකි...නමුත් එක් දෙයක් පැහැදිලිව කිව යුතුය..මහ පොලව මත ක්‍රියාත්මක විය යුතු දෙයක් ගැන ඔබ කතා කරයි...මහ පොලව මත ක්‍රියාත්මක වන දෙයක් ගැන මම කතා කරමි...මේ දෙකේ වෙනස හඳුනා ගැනීමට ඔබලාට නොහැකිවන තාක් කල් ඔබට මේ සිස්ටම් එක වෙනස් කිරීම ගැන චිරාත් කාලයක් කතා කිරීමට හැකි වනු ඇත..තව ඔය වගේ රැස්වීම් ගනනාවක් පැවැත්විය හැක...උම්මග්ග ජාතකයේ දෙ මහෝශධ පණ්ඩිතයන් හා බ්‍රහ්මදත්ත රජු සෑහෙන්න කාලයක් ගහ ගනී..නමුත් කතාව අවසන් වෙන්නේ දෙදෙනාම ඉතාම සුහද වීමෙනි...සිස්ටම් එක වෙනස් කිරීම ගැන ඔබේ ප්‍රයත්නයට ජය පතමි...නමුත් ජෙප්පන් ලන් කර ගනීමෙන් වලකින්න...ලන් කරගන පසුව නොතැවෙන්න...( කටුනායක සිද්ධිය සොඅඩා ඇරපු සෝඩා බෝතලයක් වූයේ ඒ නිසාය...)


කිවුව වෙලාව- 2011-06-16 08:23:10
Ane Manda Oyi මෙහෙම කියනවා :
ශිරාල් ලක්තිලක... සුමනසිරි... හහ් හහ් හා... මරු පොරවල් එක්කනෙ උබලා... කතිකා පවත්වන්නෙ...

කිවුව වෙලාව- 2011-06-16 01:55:33
ආලෝක රණසිංහ මෙහෙම කියනවා :
පොඩිඅප්පුහාමි ට පිළිතුරකි.

පළමුවෙන් ම මා අවධාරණය කළ යුතු කරුණ නම් උක්ත ලිපිය මොනම අයුරකින් වත් ඔබ වැනි අවස්ථාවාදීන්ගේ බඩගෝස්තරවාදයට සේවය කිරීම සඳහා ලියනු ලැබුවක් නොව එක්ව යා යුතු ගමනක් සඳහා සාමූහික අරමුණක් වෙනුවෙන් සහෝදරත්වයෙන් අඩු පාඩු හදා ගැනිම සඳහා ලියූවක් බවයි.
විවිධ අවස්ථා වලදී විවිධ නම් වලින් පෙනී සිටිමින් මධ්‍යස්ථ යයි පෙන්වීමට සීතාම්බර සළු ඇඳගෙන මහ රජු ගේ රෙජීමය ට සහ පවතින කුණුව ගිය ක්‍රමයට දර දිය අදින, අතිශයින් පටු ලෙස දේශපාලන පක්ෂ සමග ඇති පුද්ගලික තරහ පිරිමහින්නට සමාජ සංසිද්ධීන් පාවිච්චි කරන්නට තනන ඔබ වැන්නවුන් ගේ අවස්ථාවාදී ප්‍රශංසාව යනු ඉහඳ පණුවන් වැසූ වසුරු ගොඩක් පමණි.
දැන් මම ඔබේ කොමෙන්ටුවේ සඳහන් කළ එහෙත් මා මගේ ලියවිල්ලෙන් කිසිසේත් අදහස් නොකළ කරුණු කීපයකට පිළිතුරු දෙමි. එසේ කරනුයේ ඔබ වැනි අප්පුහාමිලා සුපුරුදු පරිදි ලිපි වලට කරන්නට තැත් කරන වැරදි අර්ථ කථන ජනප්‍රිය කිරීමේ හිඟන ව්‍යාපෘතිය පිටු දැකීමට ය.

1. -සැමට එකඟ විය හැකි විශ්වාසය තැබිය හැකි ජනතාවට පොලු නොතියන නායකයන් අපට අවශ්ය බවයි.. –
සිදුවිය යුත්තේ සමස්ත ක්‍රමයේ වෙනසක් මිස නායක වන්දනාව නොවේ. ඔය කවුරු ආවත් මේ ක්‍රමය විසින් ඔහු හෝ ඇය විනාශ කර දමනු ඇත. මේ ජරාජීර්ණ කුමයට ආවඩන ඔබ වැන්නවුන් සිටින තාක් කල් තනි පුද්ගලයින්ට හෙවත් නායකයින්ට කළ හැකි කෙහෙල්මලක් නැත.

2 . -විජය කුමාරතුන්ග, දේවබන්ඩාර සේනාරත්න වැන්නන් අද වන තුරු සිටියා නම් මේ අප පවත්වන සන්වාද අනවශ්ය වනු ඈත...-

මෙයින් ප්‍රකට වන්නේ ඔබේ දේශපාලන අපරිණත බව මිස වෙන කිසිවක් නොවේ. නැවත කියමි..මේ කුණු වූ ක්‍රමය තුළ ඔය කවුරු හිටියත් එක බව තේරුම් යන තුරු මේ රටේ මිනිසුන් සාධාරණය හා සංවර්ධනය උදෙසා පක්ෂ , හොරුන්, තක්කඩින්, ක්‍රිකට් කාරයින්, නිළියන් සහ රණ විරුවන් පසු පස යනු ඇත. ඔබ නම් කියන ඔය මිනිසුන් මේ වන විට හිටියා නම් ජැක්සන් ඇන්තනී ලා මෙන් ම පණ පිටින් ම මිය පර ලොව ‍ගොස් බොහෝ කල් ය.


3. - කටුනායක ඛේදවාචකය-
කිසිදු වග විභාගයක් නැතිව හැම පෝස්ට් එකක් ගානේ ම හන්දියක් ගානේම ගොස් ජවිපෙ සමග ඇති ඔබේ පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට ඔබ කටුනායක සිද්ධිය යොදා ගැනිමට තැත් කළ ද එය ජවිපෙ මැදිහත් වීම වැනි පටු තැනකින් කියවීම ඔබ වැනි අවස්ථාවාදින්ට හැර සිහි නුවණින් දේශපාලන කියවීමකට යන කිසිවෙකු නොකරන්නකි. කටුනායක සිද්ධියට පැති ගණනාවක් ඇති අතර එය ගැඹුරින් කියවිය යුතු දෙයකි. මේ කිසිවක් නිසා එහි ඇති ජනතා නැගිටීමට ඇති වටිනාකම අවතක්සේරු කළ නොහේ.

4.- (ආණ්ඩුව හෑර වෙන විකල්පයක් පෙනෙන තෙක් මානයේ නැති නිසා ).-
ඉතිං අවසානයේ දී ඔබේ ආශාව එළි දැක ඇත! ආණ්ඩුව හැර වෙන විකල්ප නැත්තේ ඔබ වැන්නන්ටය. මානව ප්‍රගමණයට හේතු වන්නේ තිබෙන කුණපය ට පැන් වැඩීම හෝ සුපිරිසිදු නායකයින් බිහි වන තුරු හන්දි ගානේ කඩ පිල් ගානේ අගු පිල් ගානේ තරහ කාරයින්ටකැලෑ පත්තර ලිවීම නොව මා ඉහත කියූ පරිදි හා ඔබත් එකඟ යැයි කියා ඇති පරිදි ම ඒ සඳහා අන්දන්නා වූ ද ඇන්දෙන්නා වූ ද මිනිසුන් ද ඇතුළු ව පුද්ගලයින් ද කණ්ඩායම් ද වෛරයෙන් තොරව එකිනෙකාට විවෘත ව එකම සමාජ දේශපාලනික අරමුණක් උදෙසා හමු වීමයි.

එහි ඔබ වැනි බඩ ගෝස්තරවාදී කුණු අපුල්ලන්නන්ට ද ඉඩ ඇත. එහෙත් ඒ අතීතයේ වැරදි හදා ගෙන පසුතැවිල්ලකින් යුතුව තමන් ගෙන් වෙනස් වූ අනෙකා සමග ඉඳ ගැනීමට පිරිසිදු සහ කුණු නොවු හදවතක් ඇත් නම් පමණි.

පලි: ඔබ සමග සංවාදයට එළඹීම සඳහා මෙය නොලියූ බව තේරුම් ගැනිම සඳහා ඔබට උකුණු මොළයක් හෝ තරම් දෙයක් ඇත් නම් එය පාවිච්චි කරන්න. සංවාද කිරීමට තරම් උත්තම දේශපාලන හෝ මානව දැක්මක් ඔබට නැත. බඩගෝස්තරවාදීන් උදෙසා නාස්ති කිරීමට කාලයක් මට නැත.


කිවුව වෙලාව- 2011-06-15 22:40:51
REALATED LINK මෙහෙම කියනවා :
ප්‍රශ්ණ ගේට්ටුව ලඟ තියා අනෙක් කට්ටිය මාරු වීම....

2011 ජූනි මස 13 හවස කොළඹ මහජන පුස්තකාලයට අපූරු කට්ටියක් සෙට් වූනා.

ඒ අය එයාලව නම් කරගෙන තිබුනේ අනික් කට්ටිය විදිහටයි. මෙි අනික් කට්ටිය පෝස්ටර් අලවන්න ගිහින් පොලීසියටත් මාට්ටු උනාලු. එතකොට මෙයාලව බේරගෙන තියෙන්නේ ව්ක්‍රමබාහූ සහෝදරයයි. බාහු සහෝදරයා මේ බව රැස්වීමෙදිත් කීවා. බාහු කියපු විදිහට දැන් මනුස්සයට පොලීසියෙන් හොඳට සලකනවලු. මහින්ද රාජපක්ෂ බලය බෙදන්න යන නිසා මහින්දට එයාගේ සහයෝගය ඕනෙමයි කියලයි බාහු සහෝදරයා කියන්නේ ඒ නිසා පොලීසියට කෝල් කරපු ගමන් මොකද සර් කියලා පොලිස්කාරයෝ තුනට හතරට නැමෙනවලු. බලය බෙදනවා කියන එකටත් තියෙන්නේ පුදුම බලයක් නේද කියලා මේ අනික් කට්ටියගේ වැඩෙිට සෙට් වෙලා හිටපු හැමෝම වගේ කථා කළේ බාහු මේ කතාව කීවට පස්සෙයි. අරගලය අරබමු යන තේමාව ඔස්සේ දිග හැරුණු මේ සංවාදයට විවිධ කට්ටිය සෙට් වෙලා හිටියා....... click on link to read more


කිවුව වෙලාව- 2011-06-15 22:28:41
saman මෙහෙම කියනවා :
@ Podiappuhami
Umbata pissu pikudu welada yakoo? bahu butha kiyawanne....ane ammapalla meke kiyala thiyana eka wath kiyawala therum ganna bari hati. Oba thuma iskoole sinhala walata wath chedaya kiyawa asa athi prasna walata pilithuru liyala nadda? Noddakin....


කිවුව වෙලාව- 2011-06-15 22:20:33
Kusumsiri මෙහෙම කියනවා :
කවුරුවත් කැමති නැති ඇත්ත....!

කිවුව වෙලාව- 2011-06-15 20:55:58
Podiappuhami මෙහෙම කියනවා :
ඔබේ ලිපිය පිලිබඳ මම කල්පනා කෙරුවෙමි...ඔබේ ලිපියේ අවසානයට යමක් එකතු කිරීමටය..ඔබේ ලිපියෙන් සැමට පෙන්වා දෙන පොදු එක් කාරණයක් ඇත..එනම් සින්හල, දෙමල, මුස්ලිම්, යු.එන්.පී, ශ්‍රි ලන්කා, ජෙප්පන්, කොන්ඬ කාරයන් පමනක් නොව මේ රටේ අහින්සක තැලෙන පොඩිවෙන ගොවියා, කම්කරුවා, ගුරුවරයා යන මේ සැමට එකඟ විය හැකි විශ්වාසය තැබිය හැකි ජනතාවට පොලු නොතියන නායකයන් අපට අවශ්ය බවයි..ඔබේ වැඩ මුලුවට ආ නායකයන්ට ද එලියේ ඉන්න නායකයන්ට ද හිරෙ ඉන්න සරත් ෆොන්සේකා ට ද එය කල නොහැක..ඔවුහු මොන සලු පිලි දරා ආව ද ජනතාව ඔවුන්ගේ අම්මා මුත්තාගේ සිටම දන්න නිසා ඔවුන් සැම කල් ඉකුත් වූ තත්වයට පත්ව සිටිති...( මහින්ද රාජපක්ශට මොනා හරි හිතී දෑන් ගෙනියන සිස්ටම් එක කනපිට ගැස්සවූවොත් හැර ) අපේ කියා නායකයෙක් අපි කලක සිට සොයමු...කලකට පෙර අපට නායකයෙක් ලෙස හඬගා කියන්නට හෑකි මිනිසුන් මේ ලන්කාවේ සිටියහ...විජය කුමාරතුන්ග, දේවබන්ඩාර සේනාරත්න වැන්නන් අද වන තුරු සිටියා නම් මේ අප පවත්වන සන්වාද අනවශ්ය වනු ඈත...මේ රට මීට වඩා තත්වයක තිබෙනු ඇත..නමුත් අද ජනතාව වෙනුවෙන් කෑ ගසන්නේ එදා එ වැනි ජනතාවට සැබෑ විමුක්තිය සලසා දීමට හැකිව තිබූ වටිනා මිනිසුන්ව පරලොව යැව්වන්ම වීම කාගේ හෝ සරදමකි...

කිවුව වෙලාව- 2011-06-15 07:15:03
Podiappuhami මෙහෙම කියනවා :
ආලෝක රණසින්හ ඔබ මුල් ඡේද වලින් දක්වා ඇති කොටස් දක්නට මා එතන නොසිටියෙමි..නමුත් අවසන් ඡේදයෙන් දක්වා ඇති කොටස ඉතාම සාදාරණ යථාර්ත වාදී ස්ථාවරයක ඔබ සිටින බව ඉතාම පැහැදිලිය...ඔබගේ සිද්ධියත් පසුගිය දිනවල මීඩියා මගින් දැක්වූ කරුණු සැලකීමෙන් පෙනෙන්නේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් තුල එකාවන්ව නැඟී සිටීම වෙනුවට මැද්දෙන් පැන පොරවල් වීමට එකිනෙකා දැක්වූ කෑදරකමක ප්‍රතිඵලය කටුනායක ඛේදවාචකය බවයි..ජනතාව මේ හැම එකාගේම කැරැට්ටුව දන්නා නිසා ආන්ඩුව තව චිරාත් කාලයක් මේ දෙන ගේම් ටික ඔය විදියට දීගෙන යනු ඇත (ආණ්ඩුව හෑර වෙන විකල්පයක් පෙනෙන තෙක් මානයේ නැති නිසා )...මක් නිසාද යත් මොවුන් සෑමට එක්වී කිසිදාක පිරිසිදු කිරි හැලියක් සාදා ගත නොහැකි බවත් කවුරු හරි එකෙක් මැද්දෙන් පැන ගූ බෙට්ටක් කිරි හැලියට දාගන්නවාමයි යන පූර්ව නිගමනය ආණ්ඩුව තුල තිබෙන බැවින් ආණ්ඩුව ඉතා සැහැල්ලුවෙන් තම සුපුරුදු කාර්ය කරගන යනවා නිසැකය...

කිවුව වෙලාව- 2011-06-15 06:26:21
Castro මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-15 04:57:35
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආලෝක රණසිංහගෙන් තවත් වියමන්
අදහස්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!
අදහස්
ජෙයපාලන් නම් වන පාලම් තනන්නා....!!
අදහස්
පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය
කරන්ට්ස්
නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
අදහස්
රිසානා
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහි ද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබිමුවෙහි දී ඔබ හැමවිටම පෙරමුණ... [More]
What's New | අලුතෙන්ම
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook