Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
"මේක දේශපාලනික ප්‍රශ්නයක් වෙන්න දෙන්න ඕනෙ නෑ"- සමන් පුෂ්ප කුමාර
ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය සමන් පුෂ්ප කුමාර [පේරාදෙණිය විශ්වවිද්‍යාලය] සමග රාවය කළ කතාබහ.
බූන්දි, 21:48:32
  • රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අද පවතින තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නෙ?

  • මේ රටේ උසස් අධ්‍යාපනය තුළ කවදාවත් තිබිලා නැති විදිහේ සංකීර්ණ තත්ත්වයක් අද වන විට උදා වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ වෙන විට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගෙත් දෙගොල්ලගේම ප්‍රශ්න පැන නැගිලා තියෙන එක.

    අද ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව දෙනවා කියලා මේ රජය කරන්නේ මේ ළමයින්ගේ මනස තමන්ගේ දේශපාලන ව්‍යාපෘති ගෙනියන්න පහසු වෙන විදිහට හදන එක. ඇත්තටම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුවක් දෙන්න ඕනෙනම් ඒක කරන්න පුළුවන්නෙ විශ්වවිද්‍යාල ඇතුළෙම. ඒකට හමුදා කඳවුරක් තෝරගත්තේ මොකටද? මේක මේ රටේ සෑම අංගයක්ම මිලිටරිකරණය කිරීමේ වැඩපිළිවෙළේ තවත් වැදගත් කොටසක් විතරයි. මේ රටේ විදුහල්පතිවරුන්ටත් මිලිටරි පුහුණුව දෙන්න ඕනෙ කියලා පසුගිය දවස්වල කථා කළා අපිට ඇසුනා.

    මේ වගේ පුහුණුවකදී වෙන්නෙ වෙන මොකුත් නෙමෙයි තමන් දිහා ඉහළ ඉඳන් කවුරුහරි බලාගෙන ඉන්නවා කියලා හැඟීමක් මේ ළමයින්ගේ ඔළුවට දාන එක. මෙච්චර කාලයක් එහෙම හැඟීමක් මේ ළමයින් තුළ තිබුණා නම්, ඒ තමන් දිහා එදිරිවීර සරච්චන්ද්‍ර බලන් ඉන්නවා කියලා, සිරි ගුනසිංහ බලන් ඉන්නවා කියලා, සේනක බිබිලේ බලන් ඉන්නවා කියලා වගේ හැඟීමක්. නමුත් මේ පුහුණුවෙන් පස්සේ ඔවුන් තුළ ඇති වෙන්නේ එහෙම හැඟීමක් නෙමෙයි. එතකොට මේ ළමයි හිතන්නෙ තමන් දිහා ආරක්ෂක අමාත්‍යාංශය බලාගෙන ඉන්නවා. තමන් දිහා හමුදාව බලාගෙන ඉන්නවා වගේ හැඟීමක්.

    ඉතින් මෙච්චර කාලයක් විශ්වවිද්‍යාලවල ළමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය සේනක බිබිලේ වගේ අයට ගැළපෙන්න විශ්වවිද්‍යාල තුළ කටයුතු කරන්න උත්සාහ කළා නම් මෙතනින් පස්සෙ ඔවුන් කටයුතු කරන්නේ හමුදාවට ගැළපෙන විදිහට. ඒ එක්කම ඔවුන්ගේ මනස සැකසෙන්නේ කියන හැමදේම ප්‍රශ්න නොකර බාර ගන්නා අවිචාරි ස්වරූපයකින්.

    මට අනාවැකියක් විදිහට කියන්න පුළුවන් දෙයක් තමයි, මේ විදිහට මේ රට ගියොත් ආගමික පුහුණුවක් දෙන්න ඕනෙ කියලා මේ රටේ සියලුම ළමයින් පන්සල් ඇතුළට තල්ලුකරන එක සිදුවෙන්න වැඩි කාලයක් නෑ.

  • මේ පැනනැගිලා තියෙන ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයේ මූලික ස්වරූපය මොකක්ද?

  • මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ රජයෙන් වැඩිමනත් දෙයක් ඉල්ලන්නෙ නෑ. ඔවුන් කියන්නෙ තමන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා විශ්වවිද්‍යාල කොමිසම විසින්ම මීට වසර ගණනාවකට පෙර සැකසූ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න කියලා. රටේ උද්ධමනය කියන එක සාමාන්‍ය ජනතාවට විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල ආචාර්යවරයාටත් එකවගේ බලපානවානෙ. අද වන විට ඔහුට උදාවෙලා තියෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවන මට්ටමක් පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක්. ඔවුන් වෙනත් ව්‍යාපාර කරන්න, ටියුෂන් පන්ති කරන්න පටන් ගන්නෙ මේ තත්ත්වය උඩ. මේක රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් කොහොමටවත් යහපත් තත්ත්වයක් නෙමෙයි.

    විශ්වවිද්‍යාල ආචාර්යවරු කියන අය ඉගෙන ගන්න කැමතියි, පර්යේෂණ කරන්න කැමතියි, උගන්වන්නත් කැමතියි. ඒ විතරක් නෙමෙයි රජයේ දේශපාලනයට හසු නොවී ස්වාධීන ලෙස කටයුතු කරන්නත් ඔවුන් කැමතියි.

    රජය පැත්තෙන් හැම වෙලේම කියන්නේ මේ අයට මේ ලැබෙන වැටුපත් වැඩියි. මේ අය දවසට පැය දෙක තුනයි උගන්නන්නෙ කියලා. නමුත් උගන්නනවා කියන එක ආචාර්යවරුන්ගේ වෘත්තියේ එක කොටසක් විතරයි. ඔවුන් උගන්නන එකට අමතරව ඉගනගන්න ඕනෙ. පොතපත කියවන්න ඕනෙ, ලිපි ලේඛන ලියන්න ඕනෙ. පර්යේෂණ කරන්න ඕනෙ, ළමයින්ගේ උත්තරපත්‍ර සහ නිබන්ධන බලන්නත් ඕනෙ. මේ ඔක්කොම අයිතිවෙන්නෙ ආචාර්යවරුන්ගේ රාජකාරියටම තමයි. විශේෂයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට මේ පිළිබඳ හැඟීමක්වත් අවබෝධයක්වත් නෑ. ඔහු උසස් අධ්‍යාපනයට ප්‍රවිෂ්ට වුණුදා පටන් ආචාර්යවරුන් සහ ශිෂ්‍යයින් එක්ක ගනුදෙනු කරන්නේ මිනිසුන් එක්ක ගනුදෙනු කරන විදිහට වඩා වෙනස් විදිහකට.

  • උසස් අධ්‍යාපන අමාත්‍යවරයා බොහෝවිට ප්‍රකාශ කරන දෙයක් තමයි තමන්ට අවශ්‍ය මුදල් විශ්වවිද්‍යාලය තුළින්ම සම්පාදනය කර ගත යුතු බව?

  • අපි දන්න විදිහට ලංකාව ඇතුළෙ මෙතෙක්කල් ඉහළ දියුණුවක් ලබලා තිබුණේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපන සේවය විතරනෙ. ඒ දෙකම ලෝකයේ දියුණු රටකට ළංවෙන්න පුළුවන් තරමේ දියුණුවක් ලබලා තිබුණෙ. ඉතින් මේ දෙකම තම මූලික පරමාර්ථ පැත්තකින් දාලා මුදල් ඉපයීම තම මූලික පරමාර්ථය කරගත්තොත් ඔය කියන උසස් තත්ත්වයට මොකද වෙන්නෙ? එහෙම වුණොත් ඒ දෙකම පිරිහෙන එක නවත්වන්න කාටවත් බැරි වෙයි. අපි ඔක්කොම වැඩ පැත්තකට දාලා ශිෂ්‍යයින්ගෙන් සල්ලි එකතු කරන්න ගත්තොත්, වෛද්‍යවරුන් ඔක්කොම පැත්කට දාලා රෝගීන්ගෙන් සල්ලි එකතු කරන්න ගත්තොත් අධ්‍යාපනයෙයි, සෞඛ්‍යයෙයි පරමාර්ථවලට මොකද වෙන්නෙ.

    අනෙක් අතට මෙතෙක් කල් විශ්වවිද්‍යාල සඳහා කිසියම් මුදලක් ලැබුණු බාහිර උපාධි පාඨමාලා අත්හිටුවලා තියෙන්නෙත් මේ ඇමතිවරයාමයි. මේක හොඳද නරකද කියන එක ගැන නෙමෙයි මම කියන්නේ. බාහිර උපාධි පාඨමාලා ගුණාත්මක කරන්න ඕනෙ තමයි. එක පැත්තකින් සල්ලි හොයන්න කියන ඇමතිවරයා තවත් පැත්තකින් කරන දේවල් මොනවද කියලා මේකෙන්ම පේනවනෙ.

    විශ්වවිද්‍යාලවලිනුත් මුදල් හොයන්න ඕනෙ නම් ඇමතිවරයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය හෝටලයක් කරන එක. මොකද ඒකෙ හෝටලයකට අවශ්‍ය සියලුම භෞතිකමය සහ සෞන්දර්යාත්මක දේවල් ඉතා ඉහළින් තියෙනවානෙ. ඊට පස්සෙ ඇමතිවරයාට පුළුවන් මුහුද අයිනෙ තියෙන රුහුණු විශ්වවිද්‍යාලය වගේ ඒවා මාළු මාර්කට් එකක් කරන්න. ඒ නිසා අධ්‍යාපනයේ පරමාර්ථ පැත්තක තියලා ඒවා මුදල් උපයන ක්‍රමවේදයන් බවට පත්කරන්න ඇමතිවරයා කියන මේ දේවල් නිකම් විහිළු කතා විතරයි.

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන අරගලය එක් පැත්තකින් මේ රටේ සමස්ත උසස් අධ්‍යාපනයම අඩපණ කරලා තියෙනවා. එහෙම තියෙද්දි මේක ගණන් නොගෙන ඉන්න තත්ත්වයක් පෙන්වන්න රජය උත්සාහ කරනවා. තවත් පැත්තකින් ආචාර්යවරු ස්වේච්ඡා තනතුරු අතහැරීම බාර නොගත යුතු බව අධිකරණය තීන්දුකරලා තියෙනවා?

  • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන මේ අරගලය වෘත්තිය සමිතියක් කේන්ද්‍රකරගත් අරගලයක්. මේ වගේ අරගලයක් අවස්ථාවේදී බොහෝ විට සිදුවන්නේ ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර කිසියම් එකඟතාවක් ඇතිවෙලා ඒ ගැටලුව විසඳන එක. එහෙම නැතිව මේ වගේ අරගලයන් තුළින් විප්ලව කරන්න කවුරුත් යන්නෙ නෑනෙ. නමුත් වර්තමාන ආණ්ඩුව මේ වගේ වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය දිහා බලද්දි පේන්නෙ ඒ අය හැම තැනම තමන්ගේ සතුරන් නිර්මාණය කරමින් ඉන්නවා මිසක් ඒවාට අව්‍යාජ විසඳුමක් දෙන්න ඔවුන්ට අවශ්‍යතාවක් නැති බව.

    උදාහරණයක් විදිහට අපේ මේ අරගලයේ මූලිකත්වය ගන්න බොහොමයක් විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු මේ ජනාධිපතිවරයා හා රජය පත් කිරීමට ඉතා ඉහළ මට්ටමින් දායක වූ පිරිසක්. නමුත් අද වන විට ඔවුන් සියල්ලම ඉන්නේ රජය ගැන කලකිරිලා. රජය මේ වෘත්තීය අරගලය වෘත්තිය අරගලයක් විදිහට විසඳන්න උත්සාහ නොදරන තත්ත්වයක් තුළ අවසානයේ සිදුවන්නේ ඒවා දේශපාලනික ප්‍රශ්නයක් බවට පත් වෙන එක විතරයි.

    මොකද මේ ගැටලුව මේ විදිහට රජය විසින් නොසලකා හැරියහොත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සෙසු වෘත්තීය සමිති සමග ඒකාබද්ධව කටයුතු කරන්න ආචාර්යවරුන්ගේ සන්ධානයටත් සිදුවීම ඉතාමත් සාධාරණයි. ඒ නිසා මේ වෘත්තීය අරගලය දේශපාලන ප්‍රශ්නයක තත්ත්වයට යන්න නොදී එය වෘත්තීය අරගලයක් විදිහට විසඳන්න රජය කටයුතු කරන්න ඕනෙ. උසස් පෙළ ප්‍රශ්නපත්‍ර බැලීමේ කාරණයේදී වුණත් අප කවර කාරණයකදී වුණත් මේ ආණ්ඩුව හැමදාම කරන්න උත්සාහ කළේ වෘත්තිය අරගලයට විසඳුමක් නොදී තමන්ට හිතවාදී පිරිසක් මාර්ගයෙන් නඩු පවරා අරගල කරන වෘත්තීය සමිති නීතිය තුළ සිරකර තැබීමට උත්සාහ දරන එක. මෙතනදි සිදු කරලා තියෙන්නෙත් ඒක. එහෙම නැතිව කිසිම දවසක කිසිම ශිෂ්‍යයෙක් සූදානම් වෙන්නෙ නෑ තමන්ගෙ ආචාර්යවරුන්ට විරුද්ධව අධිකරණයේ නඩු පවරන්න.

  • මේ අරගලයේ අනාගතය මොනවගේ බලපෑමක් සිදු කරයි කියලද ඔබ කල්පනා කරන්නෙ?

  • ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තියෙන උසස්ම ආයතනයනෙ විශ්වවිද්‍යාලය. මේකෙ විශාල අවුලක් ඇතිවුණා කියන්නෙ ඒක අනිවාර්යයෙන් මෙරට පාසල් අධ්‍යාපනය පවා බිඳවැටීමට බලපාන කරුණක්.

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මේ ගන්න ප්‍රවේශය විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ ගෞරවය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගෞරවය, එතුමාගේ ගෞරවය විතරක් නෙමෙයි පොදුවේ සමස්ත අධ්‍යාපනයේම ගෞරවය නැති කරන එකක්.

    සිංගප්පූරුව ඊශ්‍රායලය වගේ රටවල් තමන්ගේ අධ්‍යාපන පද්ධතිය විප්ලවකාරී විදිහට දියුණු කළේ පිට රටවලින් ඉතා උගත් හා බුද්ධිමත් ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලවලට ගෙන්වලා. ඒ සඳහා ඔවුන් වියදම් කළ මුදල අති විශාල එකක්. ලංකාවේ උසස් අධ්‍යාපනය තුළ දියුණු රටවලින් ආචාර්යවරුන් ගේනවා තියා මෙහේ ඉන්න ආචාර්යවරුන් ටිකවත් ආරක්ෂා කිරීමට උත්සාහයක් ගැනෙන්නේ නෑ.

    රටක් දියුණුවෙනවා කියන්නෙ පාලම් බෝක්කු හදන එක විතරක් නෙමෙයි. රටක් දියුණු රටක් වෙන්න මූලික වශයෙන් ඒවයේ අධ්‍යාපනය දියුණු වෙන්න ඕනෙ. මැද පෙරදිග කොච්චර ධනවත් සහ භෞතිකව දියුණු රටවල් තියෙනවාද? නමුත් අපි කවුරුත් ඒ රටවලට යන්නෙ නෑනෙ අධ්‍යාපනය ගන්න. ඉතින් මෙච්චර කල් අපේ අධ්‍යාපනයේ තිබුණු දියුණුකම ආරක්ෂා කර නොගනිමින් ඒක විනාශ කරන්න එක තමයි ලොකුම ප්‍රශ්නය.

    [රාවය| 2011.06.05]
    මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
    Tags- Saman Pushpa Kumara, Peradeniya University
    පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
    kahatapitiya මෙහෙම කියනවා :
    saman, during past decades there were no leader ship training course atall in campuses . then do you think the university education those days were effective .

    කිවුව වෙලාව- 2011-06-28 22:07:16
    Nishanka මෙහෙම කියනවා :
    අපේ ආචාර්යවරුනි...

    දිගටම සටන් කරන්න..

    අපි ඔබ සමගයි..


    කිවුව වෙලාව- 2011-06-21 01:15:07
    Nishanka මෙහෙම කියනවා :
    සනත් සහ මාරපුත්‍ර ට

    උඹල වෑගේ කාලකන්නි නිසා තමයි මේ රට විනාශ වෙන්නෙ...

    උඹල කකුල් දෙකේ හරක්...


    කිවුව වෙලාව- 2011-06-21 01:12:41
    Sa Nath මෙහෙම කියනවා :
    ඔව් ඉතිං මාළුකාරයින්ටයි, වේටර්ලටයි වඩා උගත් මිනිස්සු ඔය විහ්ව විද්‍යාල වලින් බිහි වෙන්නෙත් නෑ තමයි. ජෙප්පන්ට කඩේ යන බයියොයි...ඇතුලෙම ඉන්න උන් එක්කම මරා ග්න්න මරුවොයි තමයි මෙතෙක් හදල තියෙන්නේ.

    @FB


    කිවුව වෙලාව- 2011-06-16 03:06:08
    chandrika yahampath මෙහෙම කියනවා :
    Denwath ratee jeewathwena ugath buddimath minisungee awadanaya yomuweewaa...mee ratee anaagathayai kaadamanne....deesapaluwanta yatath noweedepain sitaganeemee shakthiya labeewaaa....

    කිවුව වෙලාව- 2011-06-16 00:56:31
    Maaraputhra මෙහෙම කියනවා :
    සමන්ල නිර්මාල්ලා මේකෙදි නම් එකම වචන නේ කියන්නෙ.... උබලව යවන්ඩ ඔනෙ පාර්ලිමෙන්තුවට බන්...

    කිවුව වෙලාව- 2011-06-16 00:41:03
    kasun මෙහෙම කියනවා :
    අපේ සරසවිය අවසන් හුස්ම හෙලන කාලය ගොඩක් දුර නෑ.

    කිවුව වෙලාව- 2011-06-15 23:33:52
    Maadawa මෙහෙම කියනවා :
    තවත් යථාර්තවාදී සටනක්..........

    "විශ්වවිද්‍යාල ආචාර්ය වරුන් හැටියට ඔවුන්ට පවත්වා ගත යුතු ජීවන මට්ටමක් තියනවා. ඒ කියන්නේ මේ අය නිරන්තරයෙන් අලුත් දැනුම ලබා ගත යුතුයි. ඒ සඳහා විවේකය අවශ්‍යයි. ඒක නිසා වෙන අදායම් මාර්ග කරා යන්න බැහැ. ඒ වගේම විශ්ව විද්‍යාලය ලඟින් ගෙයක් තිබීම වාහනයක් තිබීම වගේ දේවල් අවශ්‍යයි. මේවා කරගන්න අවශ්‍ය වැටුපක් ලැබිය යුත්තුයි."

    ඉහත දක්වා ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ සභාපති නිර්මාල් රන්ජිත් දේවසිරි විසින් මාධ්‍ය සඳහා කරන ලද කෙටි ප්‍රකාශයකි. එම ප්‍රකාශය තවත් විස්තීර්ණ කොට එනම් නිර්මල්ගෙන් නොකිය වුන බොහෝ දෑ එකතු කොට මෙසේ දැක්විය හැකිය. විශ්ව විද්‍යාල අචාර්ය වරයෙකුට වාහනයක් අවශ්‍ය වන්නේ දුවිලි, තාර කුඩු, ටයර් කුඩු, සහ තවත් එවැනි බොහෝ දේ පෙරාගනිමින් සහ ඒවා ආඝ්‍රණය කරමින් ඉතා වෙහෙස වී කාලය වැයකර පොදු වාහනයක ගමන් කොට ශාරීරිකව මෙන්ම මානසිකවද පීඩාවට පත්ව අධ්‍යයන කටයුතු වැනි දෑ කිරීම ඉතා අපහසු හෙයිනි. විශ්ව විද්‍යාලය අසලින් නිවසක් අවශ්‍ය වන්නේ තව දුරටත් කාලය ඉතුරු කර ගැනීම සඳහාය. ඒ තම දැනුම යාවත්කාලීන කර ගැනීමේ ක්‍රියාවලිය හරියාකාරව පවත්වාගෙන යාම යනු දවසේ කාලයෙන් විශාල කොටසක් වැය වන කටයුත්තක් නිසාය. ඊට අමතරව තමන්ගේ ළමයා හොඳ පාසලකට ඇතුල් කල යුතුය. එවිට එම පාසලට එන අනෙකුත් ළමුන්ගේ සමාජ තත්වයට ගැලෙපෙන ආකාරයට ළමයාගේ අවශ්‍යතා සම්පූර්ණ කල යුතුය. මෙය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම්, එවැනි පාසලක තම ළමයාගේ පන්තියේ සිටිනා අනෙකුත් සිසුන් අඳින පළඳින විදි, ඔවුන් සතු අනෙකුත් උපකරණ මවට පියාට වාහන තිබීම එම වාහන වල තත්වයන් වැනි කාරණා මෙන්ම ළමයාගේ පන්තියේ සිටිනා බොහෝ සිසුන් නයගරා ඇල්ල නරඹා තිබී තම ළමයා එය නරඹා නොතිබීම එම ළමයාට විශාල මානසික පීඩාවකට හේතු විය හැකිය. එබැවින් ඉහත සඳහන් කල නිවස වාහනය යනාදිය පවා එම සමාජ තත්වය නඩත්තු කල හැකි අකාරයේ වටිනාකමකින් යුතු විය යුතුය. එසේම ඒවායේ තත්වය නඩත්තු කල යුතුය. මේවා මෙසේ නොවුන හොත් තම දුවා දරුවනට ඇති වෙන භෞතික ප්‍රශ්න සහ සමාජ-මානසික ප්‍රශ්න වලින් මෙන්ම තම බිරිඳගෙන් හෝ සැමියාගෙන් ඇති වෙන ඒ අකාරයේ ප්‍රශ්න විශ්ව විද්‍යාල අචාර්යවරයා වෙත බල පැවැත්වීම හේතුවෙන් ඔහුගේ හෝ ඇයගේ අධ්‍යයන කටයුතු අඩාල වී විශ්ව විද්‍යාල අතාර්කික ආයතන බවට පත්වීම නොවැලැක්විය හැකිය. එනයින් මෙවෙනි සටන් යනු ක්‍රමය පවත්වා ගැනීම සඳහා ක්‍රමය විසින්ම ඉල්ලා සිටිනා අරගලයන්ය.

    මේ දිනවල එක්තරා රක්ෂණ සමාගමක රක්ෂණ වෙළඳ දැන්වීමක තේමාව වන්නේ "යථාර්තය නම් මහ මග අනතුරුය. එම නිසා යථාර්තයට රක්ෂණයක්" යන්නය. වාහනයක් පාවිච්චි කරනා ඕනෑම අයෙකු එවැනි රක්ෂණයක් ලබා ගැනීම අනීවාර්ය වන්නේ එය ලබා නොගෙන සිටීම ඊට වඩා පාඩු විය හැකි හෙයිනි. නමුත් "යථාර්තය" වෙනස් කිරීම යනු වඩා වැඩි රක්ෂණයක් ඉල්ලා සිටීම නොවේ. එහෙත් මේ මොහොතේ යථාර්තය තුල වාහන හිමියෙකුට අවශ්‍ය වන්නේ වඩා වැඩි රක්ෂණයකි. එය එසේ වන්නා සේම විශ්ව විද්‍යාල ආචාර්ය වරුනටද ඔවුන් පිළිගත් යථාර්තය තුල වැඩි වැටුප් ඉල්ලා සිටීමට සිදුව ඇත. මේ අයුරින් බලන කල මෙම විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් විසින් ඉල්ලා සිටිනා වැටුප් වැඩිවීම ඉතා සාධාරණ සහ ඔවුනට මුනගසෙනා වාස්තවිකත්වය තුල යතාර්ථවාදී මනුෂ්‍යන් ලෙස තම පැවැත්ම සඳහා අනීවාර්යෙන්ම ලැබිය යුත්තකි. මෙය "ක්‍රමය" තුල ගොඩනැගී ඇති (ගොඩ නංවන ලද ) යථාර්තය විසින් ඉල්ලා සිටිනා වැටුප් වැඩිවීමක් වන අතර වැටුප් වැඩි කර ගැනීම සඳහා අරගල කිරීමට සිදු වීම එම යථාර්ථයේ කාලීන අර්බුදයකි. එනම් කළමනා කරණයේ ගැටලුවකි. එසේ නොමැතිව මේවා ක්‍රම විරෝදී සටන් නොවේ. මාක්ස්වාදී දේශපාලනයේ උරුමය වන්නේ යතාර්ථය පිළිගැනීම නොව යතාර්ථය වෙනස් කිරීමය. මෙවෙනි සටනක් දුටු සැනින් මේවා වාමාංශික දේශපාලන නිමේෂයන් ලෙස හඳුනා ගැනීමට පුරුදු වී සිටිනා ඊනියා මාක්ස්වාදීන් හේතුවෙන් මාක්ස්වාදී දේශපලනකට විවර කරගත හැකි නව ප්‍රවේශයන් මග හරි යයි.


    කිවුව වෙලාව- 2011-06-15 22:45:37
    Plus
    ප්‍රතිචාර
    අඩවි දත්ත
    Facebook Page
    Boondi Google+
    Boondi RSS
    ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
    කතා-බස්
    "වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
    කතා-බස්
    යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
    කවි
    පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
    අදහස්
    මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
    රංග
    අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
    තවත් වෙසෙස් බූන්දි
    මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
    වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
    ආගිය අතක් නැති වූ 'මහසෝනා'
    අපි තමයි නියම විප්ලවකාරයෝ..!
    දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
    BoondiLets
    චේ කියයි.
    නිර්ධන පංතිය නිරාහාරව, පීඩාවට පත්ව සිටින විට ධනපති පාලකයා සුඛෝපබෝගීව ජීවත් වේ. සියළු ධනපති බලවේගයන්ගේ සහයෝගය ලබමින් පාලකයා සිය ආරක්ෂාව තර කර ගනී. ජාතික විමුක්තිය,... [More]
    What's New | අලුතෙන්ම
    Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

    3-Mins

    (ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
    Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

    6-Mins

    (විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
    අදහස්| To Sir, With Love!

    2-Mins

    (තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
    වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

    5-Mins

    (තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
    ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

    5-Secs

    හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
    පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

    2-Mins

    (රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
    කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

    10-Secs

    (සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
    බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
    මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
    ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

    "එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
    පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

    6-Mins

    (කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
    (-41 පිට)

    'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
    රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

    28-Secs

    මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
    කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

    24-Secs

    (තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
    මංජුසාවකි හදවත මතක අහුරමි
    සීත හිමයේ මිදුණු හිමකැටිති යට
    ඔබට කවි ලියා සඟවමි
    ජානූ!
    පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
    පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

    13-Mins

    (චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
    ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

    11-Secs

    මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
    වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

    1-Mins

    (තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
    පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

    3-Mins

    (සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
    අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

    2-Mins

    (තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
    කරන්ට්ස්| "අඟ"

    19-Secs

    (උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
    තම හිස අත ගෑහ
    අඟක්... ඔව් අඟක්
    රයිනෝසිරසක හැඩගත් අඟක්
    මොළයක් නැති සිරසක්
    තෙතක් නැති හදවතක්... [More]
    වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

    7-Mins

    (ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
    පරිවර්තන| යෑම සහ ඒම අතර

    20-Secs

    (ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
    ආලයෙන් බැඳුණු දහවල
    අවිනිශ්චිතව ටැග්ගැහෙයි
    යෑම සහ නැවතීම අතරමැද.
    මුළු ලෝකයම නිසලව නැලැවෙන
    මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
    Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
    Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook