Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
දෙවැනි කොටසට පෙර..... | අශෝක හඳගම
බූන්දි, 01:12:00
"කෝ තමුසෙගේ අඩි සද්දේ?"
බූපති නලින් දවසක් පත්තරේට ලියන ලිපියකින් මගෙන් අසා තිබුණි. විදූ ගැන ලියූ රචනාවක මාතෘකාව ලෙස ඔහු එසේ යොදාගෙන තිබුණේ, "ඉතිහාසෙ හැප්පිලා දෝංකාරේ දෙන මගේ අඩි සද්දෙට තමුසෙලා බයයි නේද?" කියන අක්ෂරය චිත්‍රපටයේ එන දෙබස් ඛණ්ඩයක්, උත්ප්‍රාසයෙන් යුතුව පරිහරණය කරමිනුයි.

බූපති මාව ප්‍රශ්න කරන සන්දර්භයෙන් බාහිර සන්දර්භයක් තුළ අද මම මෙසේ කියමි.

"මගේ අඩි සද්දය ඇහුණේ නැත්තේ මම ඇවිද්දේ නැති නිසා." (මා වෙනුවට බොහෝදෙනෙකු මඩ ගොහොරුවක අඩි හප්පන හඬ පසුගිය වකවානුව පුරාම අසා සිටියෙමි.)

අනෝමා ජනාදරී විසින් සිය චරිතාපදානයයැ'යි කියා පළකරන්නට යෙදුණු පොතක් නිමිතිකරගෙන පවත්වන සම්මුඛ සාකච්ඡා මාලාවක් ඇතැම් ජනමාධ්‍ය ඉතා උනන්දුවෙන් පළකරනු සහ විකාශය කරනු කියවන්නටත් දකින්නටත් ලැබුණි.

ඒවා බොහෝ විට ඉලක්ක වී තිබුණේ, ඇගේ පොත පිළිබඳ කරුණු හඳුන්වා දීමකට වඩා මගේ නිර්මාණ ජීවිතයේ කන්‍යාභාවය ප්‍රශ්න කිරීමටය. ඒවාට පිළිතුරු නොදී නිහඬව සිටින්නේ ඇයිදැ'යි, මගේ නිර්මාණ රස විඳින හැඟීම්බර සහෘදයන් කිහිපදෙනෙකුම මගෙන් කිහිප විටක් ප්‍රශ්න කරද්දීත්, මා නිහඬව සිටියේ අපට කිසියම් සදාචාරයක් සහ ආත්ම ගරුත්වයක් ඇති හෙයිනි.

නිහඬබව වඩාත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක් බැවිනි. එහෙත් වසර 6 කට අධික කාලයක් තිස්සේ වූ අපගේ නිහඬකම, නෝංජල්කමක් ලෙස වරදවා වටහාගෙන ඇති බවක් පෙනෙන්නට ඇති හෙයින් ද, අපගේ නිර්මාණවලට දායකවීමෙන් අත්පත් කරගත් කීර්ති නාමයෙන් ම බැබලෙමින්, ඒවාට අවමන් කරමින් එම නිර්මාණවල ඇති දේශපාලනික සහ සෞන්දර්ය වටිනාකම් කෙලෙසන ආකාරයට කටයුතු කරමින් සිටින අනෝමා යොදාගනිමින් එම නිර්මාණ සැහැල්ලුවට ලක්කරන දුෂ්ඨ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වන බැවින් ද එකී නිර්මාණවල ආරක්ෂාව සඳහාවත්, කෙටියෙන් හෝ මේ පිළිබඳ කරුණු දැක්වීමක් කිරීම සුදුසු බව සිතුණි.

මගේ නිර්මාණ ජීවිතය ඇරඹුණේ අනෝමා මගේ ජීවිතයට සම්බන්ධවීමට දස වසරකට පමණ පෙරය. එමෙන්ම ඇය මගේ ජීවිතයෙන් ඈත් වූවාට පසුව ද මගේ නිර්මාණ ජීවිතය ඇණහිට නැත. ඇය මගේ ජීවිතයට සම්බන්ධව සිටි කාලයේ මගේ බොහෝමයක් නිර්මාණවලට ඇය සම්බන්ධ වූ බව කවුරුත් දන්නා ඇත්තකි. ඇය මගේ බිරිඳ වීම නිසා ඒ නිර්මාණවලට රංගන ශිල්පිනියක ලෙස තේරීමේ සූත්‍රයේ දී ඇයට වැඩි භාරයක් යෙදවුණු බවද ඇත්තකි. එය මගේ නිර්මාණවලට සම්බන්ධ වුණු කෞශල්‍යා, මල්කාන්ති, සකුන්තලා, මාලි, ගයනි, හංසමාලා ආදී රංගන ශිල්පිනියන්ට වඩා ඇය ලත් වරප්‍රසාදයකි.

නිර්මාණකරණය යනු මට ආදායම් උපදවන ආර්ථීක ක්‍රියාකාරකමක් නොවේ. ඒ වෙනුවට මගේ කුටුම්බය නඩත්තු කිරීම වෙනුවෙන් මා කරන රැකියාවෙන් මා ලබන ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් ගිලගන්නා ක්‍රියාකාරකමකි. ඒ නිසා මා නිර්මාණයකට අතගසන්නේ ඒ වෙනුවෙන් කිසියම් වියදමක් පුද්ගලිකවම වියදම් කරන්නට සුදානමින් මිස ඉන් ආදායමක් ලැබීම අරමුණු කරගෙන නොවේ. මගේ නිර්මාණ සඳහා මුදලින් දායක වූවෝ ද ඒ අවදානම දරන්නට සුදානම්ව ඒ කටයුත්තට අතගැසුවෝ වෙති. ඒ බව හොඳින් දැනසිටි අනෝමා මගේ නිර්මාණවලට එකඟ වූයේ මුදල් බලාගෙනයැ'යි මා මෙතෙක් දැන සිටියේ නැත. අනෝමා පමණක් නොව සමහර අවස්ථාවල සමහර ශිල්පීන් ශිල්පිනීන්ට ද ඒ අවබෝධය තිබුණි. මගේ නිර්මාණවලට ශිල්පීන් ලෙස සම්බන්ධ වුණු අය, එකී නිර්මාණයන්ට මුදලින් දායක වූ අවස්ථා ද ඕන තරම් තිබෙයි. අපගේ නිර්මාණ ව්‍යාපෘතීන් සෑම විටම සාමූහික එකක් වූ අතර, එහි අරමුණ මුදල් ඉපයීම ඉක්මවා ගිය යහපත් එකකි.

මා සමග විවාහ ජීවිතයක් ගත කරන අවධියෙහි රංගනයෙන් ඇය මගේ නිර්මාණයන්ට සම්බන්ධ වූයේ වේතනයක් බලාපොරොත්තුව බව මට දැනගන්නට ලැබුණේ ඇය මගෙන් වෙන් වූවාට පසුවය. එය මට ජුගුප්සාව උපදවන අලුත් දැනුමකි. අතීතයේ නොතිබුණු ගිවිසුමක් වෙනුවෙන් අද ගෙවීමක් කරන්නට මට නොහැකිය. අනෝමා මගෙන් වෙන්වූවාට පසුව ද මම නිර්මාණකරණයේ යෙදුණෙමි. මේ පාරෙන් එන්න, නැගෙනහිර වෙරළෙන් ඇසෙන, අක්ෂරය සහ විදූ මා ඉන්පසු මෙතෙක් කළ නිර්මාණ ය. ඉදිරියට ද තව නිර්මාණ කිරීමට බලාපොරොත්තු වෙමි. යම් හෙයකින්, එකී නිර්මාණයන් වෙනුවෙන් ඇය රංගනයෙන් දායක කරගැනීමට මා තීරණය කළහොත් ඒ වෙනුවෙන් අනෙකුත් රංගන ශිල්පීන්ට මෙන් ගෙවීමක් කිරීමට මට හැකිය.

අනෝමාගේ තර්කයටම අනුව, මගේ නිර්මාණ වෙනුවෙන් ඈ සම්බන්ධ කරගැනීම හරහා ඈ තුළ එක්රැස් වූ සංකේත ප්‍රාග්ධනයට මට ද හිමිකමක් ඇත. ඒ ඒවා එක්රැස් වූයේ මගේ "අධ්‍යක්ෂණයෙන්" බැවිනි. පසුකලෙක ඇගේ අලුත් "අධ්‍යක්ෂ" යටතේ සැලසුම්කළ ව්‍යාපෘතිවලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් විදේශීය තානාපති කාර්යාලවලට සහ අනුග්‍රාහක සමාගම්වලට ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තාවල විකිණුනේ මගේ වටිනාකම්ය.

මා සමග ගත කළ ජීවිත කාලය තුළ මගේ නිර්මාණ තුළ ඈ රඟපෑ චරිත පමණක් නොව ඇගේ ජීවිතය ද මා විසින් අධ්‍යක්ෂණය සහ කළමනාකරණය කළ බව ඇත්තකි. 2003 වසරේ සිංගප්පූරු සිනමා උළෙලේ හොඳම නිළිය ලෙස අභිෂේක ලබන තෙක් නිළියක ලෙස ඈ ආ ගමන ඇගේ රංගන දිවිය කළමනාකරණයෙහි ප්‍රතිඵලයකි. වසර 13 ක් පමණ වූ ඒ වකවානුව තුළ දුන්හිඳ අද්දර, චන්ද කින්නරී, දිය කැට පහණ, සින්තටික් සිහින, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න කෘතීන් තුළ විදහා දැක්වූයේ එසේ කළමනාකරණය වූ කෘතහස්ත රංගනයකි. ඇගේ ජීවිතය එසේ කළමනාකරණය නොකළා නම්, එහි හැඩය කුමක්වනු ඇත්දැ'යි දැනගන්නට කැමති අයට ඇගේ චරිතාපදානය කියවා එය පරිකල්පනය කරගත හැකිවනු ඇති. වර්තමානයේ ඇගේ දිවිය කළමනාකරණය කරන්නාගේ අවසරය, අධීක්ෂණය හා අධ්‍යක්ෂණය යටතේ බිහි වූ නිර්මාණ සොයා බලා දැනගැනීම මේ සටහන කියවන ඔබට අභ්‍යාසයක් ලෙස පවරමි.

නිර්මාණකරුවකුගේ පුද්ගලික ජීවිතයේ ක්‍රියාකාරකම් ද මෙහෙයවනු ලබන්නේ නිර්මාණ ජීවිතයේ හැඩරුව අනුවය.

නිර්මාණකරණය හුදු විනෝදාංශයක් හෝ ආදායම් මාර්ගයක් නොවී වගකීම් සහගත සමාජීය ක්‍රියාකාරමක් වූ විට එකී නිර්මාණ වෙනුවෙන් පුද්ගලික ජීවිතය තුළ යම් යම් කැපකිරීම් කිරීමට සිදුවෙයි. නිර්මාණ හරහා අප සමාජය තුළ වටිනාකම් ලෙස තහවුරු කෙරෙන දෑට පටහැනිව ජීවත්වීමට නිර්මාණකරුවකුට සදාචාරාත්මක අයිතියක් නැත. එය නිර්මාණකරුවකුගේ හික්මීමයි. කලාකරුවකුගේ මෙම හික්මීම යනු ඊනියා සංස්කෘතික පරාමිතීන් අනුව තීරණය කෙරෙන්නක් නොවේ. මනුෂ්‍යත්වය පදනම් කොටගත්තකි. උදාහරණයක් ලෙස ඇත්ත සමාජයේ ස්ත්‍රී දූෂකයෙකු සිනමාවේ හෝ වේදිකාවේ සුදුවතින් සැරසි මහත්මා ගාන්ධිට ඇන්දාට, ප්‍රේක්ෂකයා තුළ ඒ රූපණය පිළිබඳ විශ්වාසයක් ගොඩනැගෙන්නේ නැත. ගැහැනියකගේ කුසට දරුවකු දී එහි වගකීම බාරගන්නට පෞරුෂයක් නැති අයෙකුට වේදිකාව මත හෝ සිනමා තිරයක් මත හෝ පත්තර පිටු අතර ස්ත්‍රීවාදියෙකු වන්නට නොහැකිය.

"තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ ඈ කළ භූමිකාවට වටිනාකමක් ලැබුණේ එවකට ඇගේ පැවැත්ම සහ පිළිවෙතෙහ තිබූ ගෞරවනීය බව නිසාය. එම වටිනාකම බඩගෝස්තරවාදී නපුංසක ව්‍යාපෘතිවල තුට්ටුදෙකට සැහැල්ලු වුණාට පසු තවදුරටත් එම රංගනයෙහි ගෞරවනීය බවක් නොමැත. ඉතා රැඩිකල් ස්ත්‍රීවාදිනියක ලෙස පෙනීසිටින ඇය "නිරුවත යනු ගැහැනියකගේ ජීවිතය"යැයි කියයි. මේවා හතරබීරි කතාය. "තනි තටුවෙන් පියාඹන්න" චිත්‍රපටයේ සමස්ත රංගනයේ වටිනාකම එහි එන නිරුවත් දර්ශනයට ලඝුකරන ඇය, තනිතටුවෙහි මෙන් පිරිමියකු ලෙස වෙස්වලාගත් ගැහැනියගේ ගැහැනු ලිංගය දකින්නට ගිජු දෑස් දල්වා සිටින පිරිමි සමාජයෙහිම ගොදුරක් බවට පත්ව ඇති අයුරු කනගාටුදායකය.

න්‍යෂ්ටික බෝම්බයක තරම් ශක්තියක් කැටිවුණු එම රංගනය තමා විසින්ම පුස්වෙඩිල්ලක් බවට සැහැල්ලු කරගත් අයුරු අතිශය ඛේදජනකය.

අනෝමා සිය චරිතාපදානයේ පළවෙනි කොටස ලියා පළකර ඇත. එය ප්‍රබන්ධයක් බවට සාක්ෂි එම පොතම සපයයි.

උදාහරණයක් ලෙස තනි තටුවෙන් පියාඹන්න යනු මා විසින් පිටපත ලියා අධ්‍යක්ෂණය කළ කෘතියක නම නොවේ. ඇගේ පාසල් වියේ පෙම්වතකු සමග සංවාදයක දී මතුවුණු සංකල්පනාවකි. වර්තමානයේ සිට කෙනෙකුට තමන්ගේ ම අතීතය පිළිබඳ සිහින ප්‍රබන්ධය ගොඩනැගිය හැක.(සමන් වික්‍රමාරච්චිට අනුව මෙය මනෝවිද්‍යාව හදාරන කෙනෙකුට වැඩබිමකි.)

සුනේත්‍රා රාජකරුණානායකගේ හෝ සුමිත්‍රා රාහුබද්ධගේ හෝ පොතක් එළි දැක්වීමටවත් නොලැබුණු මාධ්‍ය ආවරණයක් මේ පොත එළිදැක්වීම වෙනුවෙන් ලැබුණි. ඒ එහි ඇති සාහිත්‍යමය වටිනාකම නිසාවත් තොරතුරුමය වටිනාකමක් නිසාවත් නොව, ඒ තුළ ගැබ් වූ කුණු ඕපාදූප රසයක් හේතුවෙනි.

වසර දහතුනක් පමණ කාලයක් මගේ අධීක්ෂණය සහ කළමනාකරණය යටතේ ගොඩනැගුණු අනෝමාගේ පැරණි රංගන ජීවිතයේ සංකේතීය වටිනාකම් තවදුරටත් විකුණනන්ට නොහැකි වූ තැන ඇගේ ජීවිතයට සමීප චරිත වූ දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ නෑදැ හිතවතුන්ගේ ආත්මයන් විකිණීම තෙක් එම ජඩ ව්‍යාපෘතිය විස්තාරණය කරගෙන ඇත.

ඊළඟට එහි දෙවැනි කොටස එළි දක්වන බව කියැවේ. පළවෙනි කොටස සඳහා වන මේ මහා මාධ්‍ය රංගනය දෙවැනි කොටස සඳහා වන ප්‍රචාරක පටය හෙවත් Trailer එකය.

අනෝමාට හෝ වෙන කවරකුට හෝ සිය චරිතාපදානයයැ'යි ඕනෑම බහුබූතයක් ලියා පළ කළ හැක. එහෙත් ඒවාට අවශේෂ චරිත ලෙස මා හෝ මගේ දරුවන් හෝ මගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිතයට සම්බන්ධ කවරෙකු හෝ ඈඳාගෙන තිබුණහොත්, ඇගේ ද, ඇයව දැන් "අධ්‍යක්ෂණය" කරන ගාන්ධිලාගේ ද ඒ ව්‍යාපෘතියට සම්බන්ධ අවශේෂ සියලු චරිතවල ද "චරිතාපදානයන්" අධිකරණ ශාලාවල එළිදක්වන්නට සිදුවනු ඇත.

අනෝමාගේ චරිතාපදානයේ තුන්වෙනි කොටස එවිට ලියැවෙන්නේ අධිකරණ සටහන්වලය.

අනෝමා සමග එකට ගෙවුණු අවුරුදු දහතුනක් වූ මගේ නිර්මාණ ජීවිතයට සාක්ෂි දරන්නට එකී නිර්මාණ ද, ඒවාට දායක වූ වෘත්තීය සගයන් ද ඉදිරිපත්වනු ඇති අතර, මගේ ගෘහ ජීවිතය පිළිබඳ හොඳම සාක්ෂිය තවමත් මා සෙවණේ සිටිමින් මට අසීමිත ලෙස ආදරය කරන, දැන් දැනුම් තේරුම් ඇති ගැටවරියන්ව සිටින මගේ දරු දෙදෙනා විසින් දරනු ඇත.

[රාවය| 2011.05.22]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Asoka Handagama, Boopathy Nalin Wickramage, Anoma Janadari, Thani Thatuwen Piyabanna, Vidu, Aksharaya
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
අරා මෙහෙම කියනවා :
හදයා නියමයි..උඹ අනොමාගේ හෙළුව මාකට් කලේ නෑ.ඒත් දැන් එයා ඒක මකට් කරගන්නවා මේ පොත හරහා මරදානේ ගෑනු වගේ

කිවුව වෙලාව- 2011-06-29 03:13:16
sumudu prabath jayasinghe මෙහෙම කියනවා :
මීඩියා වලි අනෝමට දුන්න බකප් එක අපි දැක්කා... අනෝමට ආදරේට නෙමෙ... හඳගමට කෙලවන්න ගොඩක් එවුන්ට ඕනෙ...

handagama paramadarshi kiyanawa neme.. but... anoma karamin inne katha [ugly] sellamak....


කිවුව වෙලාව- 2011-06-24 04:16:19
silva මෙහෙම කියනවා :
@dulip

pissu ban munta


කිවුව වෙලාව- 2011-06-21 02:46:46
dulip මෙහෙම කියනවා :
උබලට පිස්සුද බ0 ..ගූ කෑල්ලක් අහුලගෙන සෙල්ල0 කරන්නෙ..

කිවුව වෙලාව- 2011-06-21 02:31:22
මන් රංග මෙහෙම කියනවා :
අයියෝ ඔයා යන තැන ‍මොකක් හරි අවුලක් හදාගන්නවාවවනේ....

කිවුව වෙලාව- 2011-06-20 23:11:43
Jeevanee Kriyawasam මෙහෙම කියනවා :
ඔයගොල්ලන් මාර දේවල් දනිනවනේ .... ගොඩාක් දේවල් දැන ගත්තා. thanks..aaaa..!

කිවුව වෙලාව- 2011-06-20 09:19:23
මිහිකත මෙහෙම කියනවා :
ජීවණී කාරියවසම් වෙත,
ඔබ ඡන්ද අපේක්ෂිකාවක් බව මෙහි දක්වා ඇත. ඔබ ද එය පිළිගෙන ඇත. එනිසා ම ඔබේ අදහස් දැක්වීම් වල ඇති අවුල් සහගත බව ගැන කරුණු කීපයක් කියන්නට කැමැත්තෙමි.
අපට දැක්මක් ඇත- කියා ඔබ කියයි. මුල්ම පැනය මේ අපි කවුද යන්නයි. ඔබ අදහස් කරන්නේ ඔබ නියෝජනය කරන පක්ෂය නම් එය මැරිච්ච හූනන්ටත් හිනා යන විහිළුවකි. ඒ කට්ටියගේ දැක්ම වෙනුවෙන් මුළු රටේ ම කට්ට්යගේ ඇස් මංකොල්ල කා ඇති නිසාය. ඔබේ ඔය දැක්ම දැනගන්න ඡන්ද දායකයින් වන අපි ද කැමැත්තතෙමු.
විශ්ව විද්‍යාලයේ දී නම් ඔබ ආස භාෂාවෙන් ඔබේ හතුරන්ට හෙවත් ඔබ ට අනුව ‘අනෙකාට’ ඔබට සුපුදුරුදු ඔවැනි පහත් කුණුහරුප කියා බැන්නාට කමක් නැත. දැන් ඔබ වෙනසක් නැතිව මහා..ජනයාට සේවය කරන්නට සුසැදිව පැහැදි සිටින දැක්මක් සහිත අපේක්ෂිකාවකි..ඉතිං ඔබ මහජනයාට කතා කරන්නේ මෙවැනි බසකින්ද ? ඔබ පුද්ගලිකව දන්නා අය ඔබේ මහා දැක්මට අයිති නැද්ද? කම් නැත.. ඔබ මර්වින් සිල්වා වැනි චන්ඩින් රඟන ලංකාවේ පාර්ලිමේන්තුවට නම් මනාව ගැළපේ..
ජීවණී, ගැහැණියක් ශක්තිමත් , බුද්ධිමත් වන්නා සේම සුන්දර ද විය යුතුය. උගත් කම වනාහි කොළ කෑල්ලක් පමණක් නොවන බව ලෝකයට පෙන්වන්න. යහ පැවැත්මෙන් ශක්තිමත් වන්න. නිවැරදිව, පරිණත ලෙස සන්නිවේදනය කරන්න. නැත්නම් ඔබ වැන්නියන්ගේ හැසිරීම් දැක මිනිසුන් සුපුරුදු පරිදි දිගට ම සමස්ත කාන්තා පරපුරට නිග්‍රහ කරනු ඇත.


කිවුව වෙලාව- 2011-06-20 01:25:00
කොළඹ කැම්පස් මෙහෙම කියනවා :
අනේ ජීවනී ..... දැන් ඔයා කියන විදියටම පුද්ලගිකව දන්නවලුනේ..... මාරයි... අපි නම් ඔයාව දන්නෙ නෑ....හැබැයි අපිට ඔයාව පේනවා... ඔයාට ජීවනයක් නැති වෙන්ඩ යන එක ගැන කණගාටුයි...! ඔයාට ජුණ්ඩ කියන එක මාර වෙලා තියෙන හැටිත් පේනවා... ලංකාවේ ගෑනුන්ට ජුණ්ඩ කියන එක මාර උනාම ඔයා වගේ ස්ත්‍රී ශරීර තමයි හැදෙන්නෙ. අපේ අනෙකා ඔයා නෙමෙයි. හැබැයි ඔයාගෙ අනෙකා ජුන්ඩ බවට පත් වෙලා කණගාටුයි.....! ජුණ්ඩ කියන එක අනෙකා බවට පත් කරගත් ලාංකීය ගැහැනියගේ ඛේදවාචකය... ජීවනී කාරියවසම්. ඔයා ජුන්ඩ එක්ක ඔට්ටු වෙවී ඉන්ඩ අපිට ඔයිට වඩා වැඩ තියෙනවා...

කිවුව වෙලාව- 2011-06-20 00:18:20
Deepthi මෙහෙම කියනවා :
jeewani says- අපි කරන්න යන දේවල් ගැන අපිට දැක්මක් සහිතයි.

Hinayanawa... \"Aneka karaganeema\" wage wachana bulath kole wedikawata galapenne ne wage neda?


කිවුව වෙලාව- 2011-06-20 00:10:46
Jeevanee Kriyawasam මෙහෙම කියනවා :
හොර නම් වලින් පෙනී සිටියත් ඔබලා සියලු දෙනා මාව අනෙකා කර ගැනීම ගැන මා සතුටු වෙනවා. ඔව් ඔබලා සමග සිටින ජුණ්ඩන් මා පුද්ගලිකව හොදින් දන්නවා.අපි කරන්න යන දේවල් ගැන අපිට දැක්මක් සහිතයි.ගොඩාක් අවුල් වෙන්න එපා....!THANK YOU VERY MUCH ALL ..!

කිවුව වෙලාව- 2011-06-17 19:21:31
බැචා මෙහෙම කියනවා :
ජීවණී ජනාදරී ලට වඩා හඳගම ගැන කරුණාවයි වගෙ නේද? හික්ස්!මාරෙට රැඩිකල් ටෝක්ස් දීපු ඔයාලා කඩේ යන්න වැඩවසම් වෙන විදිය දැක්කම ආසාවෙ බෑ..

කිවුව වෙලාව- 2011-06-17 02:09:37
කොළඹ කැම්පස් මෙහෙම කියනවා :
කොහොම හරි සර්ච් කරල බලන්න. මෙයාගෙ අංකෙ තුන නිසා මනාප නං තුනම තුනට කියල මෙයා පෝස්ටරයක් ගහගෙන ඉන්නවා. එෆ් බී වල සර්ච් කරන්න.
Jeevanee Kariyawasam
Attorney at Law at SUPREME COURT OF THE SRI LANKAStudied at Faculty of Law, University of Colombo, Sri LankaLives in Chilaw Town, Sri LankaFrom ChilawBorn on 17 April


කිවුව වෙලාව- 2011-06-17 01:59:01
කොළඹ කැම්පස් මෙහෙම කියනවා :
අනේ නෝනා ජීවනී කාරියවසම්...
නමුත් නෝංජල්කමක් ලෙස වරදවා වටහා ගැනීමක් බව පෙනෙන විටකදී වහා හඩ අවදි කල යුතු යැයි සිතමි.
ඒකද ඔයා හලාවතින් බුලත් කොලන් ඡන්දෙ ඉල්ලන්න යන්නෙ ....අනේ ඔයා අවදි කරන්ඩ යන එකත් පේනවා හොඳට....
නාන්න නං නාන්න නෝනා.... හලාවතින් නාන්න නෝනා...
මෙයාගෙ එෆ් බී එක බලන්න ඕන නම් මෙයාගෙ නමේ ජීවනීවල වී අකුර ගහල සර්ච් කරන්ඩ. මෙයාගෙ අංකෙ තුන. මනාප තුනමත් මෙයාටලු. අනේ අම්මපා මෙහෙමත් ...... ලෝ ෆැකල්ටියේ නම් කිව්වෙ ඕව නෙමෙයි.


කිවුව වෙලාව- 2011-06-17 01:54:08
Saamanya Rasikaya මෙහෙම කියනවා :
-බුපති නලින් වැනි පිම්පි ජුන්ඩන්- Jeewani Kariyawasam

@ Jeewani, haba lassana bas waharakne. kohomada Bupathi pirimi jundek kiyala danne..Oyata Vidu baluwama okkareta awe nadda?


කිවුව වෙලාව- 2011-06-16 21:49:17
Jeevanee Kriyawasam මෙහෙම කියනවා :
බුපති නලින් වැනි පිම්පි ජුන්ඩන් කියනා දේවල් ගැන සිතීම පවා මා හට ඔක්කාරය දනවන කරුනකි.ඒ නිසා ඒවා අමතක කිරිම වටිනා කරුනකි.

නිහඬබව වඩාත් ප්‍රබල සන්නිවේදන මාධ්‍යයක්... ඔව් එක හොදටම ඇත්ත...
නමුත් නෝංජල්කමක් ලෙස වරදවා වටහා ගැනීමක් බව පෙනෙන විටකදී වහා හඩ අවදි කල යුතු යැයි සිතමි.ඔබගේ නිර්මාණ රස විදින රසිකාවියක් ලෙස ඔබගේ කරුනු දැක්වීම අගය කොට සලකමි.


කිවුව වෙලාව- 2011-06-16 10:32:33
Ruwan... මෙහෙම කියනවා :
මෙතන මේ අනෝමගෙ කතාවෙ ගන්ඩ දෙයක් නෑ අපට... වැදගත්ම දේ විදු සම්බන්දයෙන් ඇති වුන කතිකාව සම්බන්දයෙන් හඳයා මේක අස්සෙ ලාවට හෝ ප්‍රතිචාර දක්වා තිබීමයි...

ඔහු කියනවා...

"මගේ අඩි සද්දය ඇහුණේ නැත්තේ මම ඇවිද්දේ නැති නිසා." (මා වෙනුවට බොහෝදෙනෙකු මඩ ගොහොරුවක අඩි හප්පන හඬ පසුගිය වකවානුව පුරාම අසා සිටියෙමි.)

එතකොට අපි අහනවා එයාගෙන් මෙහෙම්...

විදු කියන්නෙ "දණ ගෑමක්ද"....?


කිවුව වෙලාව- 2011-06-16 02:59:34
DULIP මෙහෙම කියනවා :
ඇයත් නොදන්නිය ඇය යන මානය..උන් හිටි තැන් මතකයෙ අඩමානය..පාර කියන්නේ කෙලෙසද මා හට .. ඇයටද පාරක් ඇති නැති ගානය....

කිවුව වෙලාව- 2011-06-16 02:34:57
Dulip මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-16 02:29:52
ඉඳුවර යහම්පත් මෙහෙම කියනවා :
කවුරු හරි වුව ද කවුරු වැරදි වුව ද කලක් එක්ව විසූ මිනිසුන් මහ පාරේ බැණ අඬ ගහ ගැනීම බුද්ධිමත් හෝ සුන්දර දෙයක් නොවේ. හඳගම සහ ජනාදරි තවත් මධුමාධව- නිල්මිණි, සනත්-සබීතා, අනාර්කලී-දුමින්ද යුගලයක් නොවේවායි පතමු. ඔබ දෙස රටක් බලා සිටී.

කිවුව වෙලාව- 2011-06-16 02:17:44
Sarath මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-06-16 01:47:58
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අශෝක හඳගමගෙන් තවත් වියමන්
Cine
ස්වර්ණා- නොදැල්වුණු සරාගී ගිනි සිළුව
කරන්ට්ස්
නෙලුම් කුලුන පාමුල සිට
කරන්ට්ස්
පරන්තන් හන්දියේ බුදු හිමි
කරන්ට්ස්
නිරායුධ අපි හරි අසරණයි... මොහොමඩ්, ෆාතිමා, මුස්තාපා!
කරන්ට්ස්
හඳේ ආතල් කඩමු
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook