Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
මෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම
බූන්දි, 00:16:06
ආණ්ඩුව කාගේ පැත්තේද? යනුවෙන් ඇසීම බැලූ බැල්මට විකාරසහගත වුවත් එය මේ රටේ ජනතාව තුළ දිගු කලක සිට වැඩි වශයෙන් මතුවන්නට පටන් ගත් පැනයක් බැව් අමතක කළයුතු නැත. ආණ්ඩුව කාගේ පැත්තේද? දුරකතන සමාගම්වල පැත්තේද? නොඑසේ නම් තමන්ගේ පැත්තේද, පිටි සමාගම්වල පැත්තේද නැත්නම් තමන්ගේ පැත්තේද යනුවෙනුත්, ගෑස් සමාගම්වල පැත්තේද, නැත්නම් තමාගේ පැත්තේද? යනුවෙනුත් මෙරට මහජනතාව තුළ තෙරක් නොමැතිව මේ ප්‍රශ්නය හටගන්නට තරම් ආණ්ඩුවේ පැටිකිරිය ඉඩ ප්‍රස්තා ලබාදී ඇත.

ආණ්ඩුව කාගේ පැත්තේද යන්න අලුත් ස්වරූපයක් ලෙස නැවතත් මතුවන්නේ පරිගණක මෘදුකාංගවල නීත්‍යනුකූල පිටපත් භාවිත නොකර ඒවායේ ව්‍යාජ පිටපත් භාවිත කිරීම හෝ විකිණීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කරවීමටත් පරිගණක විකුණන ආයතන සඳහා ඇතැම්විට ඒ පිළිබඳ කිසියම් අනතුරු හැඟවීම් කිරීමත් සිදුකර තිබෙන තත්ත්වයක් තුළය.

නවීන වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව 30% ඉක්මවයි. ඒ අර්ථයෙන් ගත් කල එය ඉතාමත් දියුණු සහ සැනසිලිදායක තත්ත්වයකි. රට ඒ තත්ත්වයට පත්වීමේ මූලික පියවර ඕනෑම මෘදුකාංගයක් එහි පිටපත් කිරීමේ වියදම පමණක් දී ඉතා අඩු මිලට ගතහැකිවීම නිසා පරිගණකයක් මිලදී ගැනීම තරමක් දුරට යථාර්ථයක් කරගත හැකි තත්ත්වයක් රට තුළ ස්ථාපිතව තිබීම මිස අන් කවරක්වත් නොවේ.

රට දැනුමෙහි කේන්ද්‍රස්ථානයක් බවට පත්කරමුයි එක් පැත්තකින් උදම් අනමින් අනෙක් අතින් එකී නිදහස් අයිතියට සීමා පැනවීමට රජය දායකවීම හේතුවෙන් සිදුවන්නේ තොරතුරු තාක්ෂණය පිළිබඳ රටේ තිබුණු මේ පිබිදීම ඇස් පනාපිට බිඳ වැටී සුනු විසුනු වී යෑමයි. නොඑසේ නම් තොරතුරු තාක්ෂණය වනාහි එක්තරා වරප්‍රසාදිත පන්තියක බූදලයක් පමණක් බවට පත්කිරීමයි.

මේ රටේ ගොඩක් මිනිස්සු දරුවන්ට කම්පියුටර් එකක් අරන් දෙන්නේ තමන්ට ඒ මාසෙ ගැටගහගන්න තියෙන සල්ලිවලින් කොටසක් මාසෙ අන්තිමට ඒ සඳහා යට කරලා. ඒ තමන්ගේ ළමයාගේ අධ්‍යාපනයට කොම්පියුටර් එකක් අරන් නොදීම බැරි හින්දා. මොකද මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යද්දි කම්පියුටර් පන්තියකින් හරි ඉස්කෝලෙන් හරි කරන පුහුණුව හොඳටම මදි.

අනිත් අතට මේ තාක්ෂණය දවසින් දවස ඉස්සරහට යද්දි ඒ ළමයට ඒ එක්ක ඉස්සරහට යන්න නම් ළමයාට අලුත් සොෆ්ට්වෙයාස් අරන් නොදී බෑ. මේ තියෙන ආර්ථීකයත් එක්ක අපිට අපේ එදිනෙදා ජීවිතය ගැටගහගන්න වෙලා තියෙන්නෙත් කොච්චර අමාරුවෙන්ද? එහෙම තියෙද්දි සොෆ්ට්වෙයාස්වලටත් ගෙවන්න සිද්ධ වෙනවා කියන්නේ ඒක හීනයක් විතරයි. එහෙම වුණොත් අපිට වෙන්නේ අරගත්තු කම්පියුටර් එකත් පැත්තකට දාලා ළමයගේ පරිගණක අධ්‍යාපනය ගැන නොහිතා ඉන්න එක විතරයි.

තම දරුවාගේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙස මහන්සි වන කේ. පී. අරුණ මහතා මේ සම්බන්ධයෙන් දක්වන අදහස්ය ඒ. සැබෑවක්මය. පරිගණක මෘදුකාංග සමාගම් තම මෘදුකාංග සඳහා නියම කොට ඇති මිල ගණන් දුප්පත් දෙමාපියකුට තබා අතමිට තරමක් හෝ සරු පුද්ගලයකුටවත් දරාගත හැකිද යන්න ගැටලුවකි.

ලංකාව තුළ බහුලව භාවිත වන පද්ධති මෘදුකාංගයක් වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ලංකාව තුළ ලබාගත හැකි මිල ගණන් අදාළ මෘදුකාංගය අලෙවි කරන නියෝජිත ආයතනයක් හරහා අපට ලබාගත හැකි විය. ඒ අනුව එම මෙහෙයුම් පද්ධතියේ වින්ඩෝස් 7අල්ටිමේට් සංස්කරණය ලංකාව තුළ විකිණෙන මිල ඇමරිකානු ඩොලර් 226කි. එය ලංකා මුදලට හරවන්නේ නම් දළ වශයෙන් රුපියල්24747ක් පමණ වේ. එහි සැබෑ මිල එතනින්ද නොනවතී. මන්දයත් ඒ සඳහා එකතු කිරීමට 12%ක වැට් බද්දක් රජය විසින් ලබාදී ඇති හෙයිනි. මේ සියල්ල එකතු වූ කල වින්ඩෝස් මෘදුකංගය මිලදී ගැනීමට පමණක් වැය කළයුතු මුදල රුපියල් විසි අටදහසකට ආසන්න වේ. ඒ මුදල ගෙවා එම මෘදුකාංගය පරිගණකය තුළ ස්ථාපනය කළ ද ඉන් පරිගණකයක් මගින් සිදුකරන කිසිදු අමතර රාජකාරියක් සිදුකළ නොහේ. මන්දයත් එවන් පද්ධති මෘදුකාංග වනාහි සෙසු මෘදුකාංග ඒ මත ධාවනය කරන රේල් පීල්ලක් පමණක් වන හෙයිනි.

පරිගණකය මගින් කිසියම් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මූලික වශයෙන් තිබිය යුතු මෘදුකාංගයක් හැටියට මයික්‍රොසොෆ්ට් ඔෆීස් පැකේජය ගනිමු. යටකී නියෝජිත සමාගමේ මිල ගණන්වලට අනුව එහි හෝම් ඇන්ඩ් බිස්නස් 2010 නම් සංස්කරණය ලංකාව තුළ විකිණෙන මිල ඇමරිකානු ඩොලර් 189කි. එය ආසන්න වශයෙන් රුපියල් විසි දහස් පන්සීය ඉක්මවයි. එපමණක් නොව, එයට සියයට දොළහක වැට් බද්දක්ද ඇතුළත් විය යුතුය. ඡායාරූප සංස්කරණය කිරීම වැනි කටයුතු සඳහා බහුල වශයෙන් භාවිත කෙරෙන ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය මිලදී ගන්නවා නම් ඒ සඳහා වැය කළයුතු මුදල ඇමරිකානු ඩොලර් 1168කි. ශ්‍රී ලංකාවට ඇඩෝබි ෆොටෝෂොප් මෘදුකාංගය ගෙන්වන එක්තරා ආයතනයක් පෙන්වා දෙන පරිදි ඒ සඳහා ඇඩෝබි මෘදුකාංග රාශියක් අඩංගු(ඇඩෝබි ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්, ඉන් ඩිසයින්, ෆ්ලෑෂ්, ෆයර්වර්ක්ස්, ඇක්රොබැට්, බ්‍රිජ්ස්) ඇඩෝබි ක්‍රියේටිව් සූට් පැකේජය මිලදී ගතයුතු වන හෙයිනි. ඒ සඳහා දළ වශයෙන් වැයවෙන මුදල(බදුරහිතව) රුපියල් එක්ලක්ෂ විසිනව දහසකට ආසන්නය. තම පරිගණකය මගින් සංයුක්ත තැටියක් නිවැරදිව පිටපත් කිරීම වැනි සුළු කාර්යයවලදී පවා වෙනම මෘදුකාංගයක් පරිගණකය තුළ ස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිත කෙරෙන නීරෝ බර්න් මෘදුකාංගය ඇමරිකානු ඩොලර් 69.99ක් හෙවත් රුපියල් හත්දහස් හත්සියයට ආසන්න මුදලකි. තම පරිගණකය සඳහා අනිවාර්යයෙන් ස්ථාපනය කළයුතු වෛරස්ගාර්ඩ් මෘදුකාංගයක සාමාන්‍ය තත්ත්වයේ පිටපතක් ලංකාව තුළ විකිණෙන මුදල රුපියල් දෙදහසකට ආසන්න වේ. එදිනෙදා භාවිතය සඳහා බහුලව භාවිත නොකළත්, අද වනවිට ලංකාවේ බොහෝ පිරිසක් අධ්‍යයනය කිරීමට පෙළඹී ඇති, නිවාස සැලසුම් නිර්මාණය කිරීම සඳහා ගෘහනිර්මාණ ශිල්පීන් විසින් භාවිත ඔටෝකැඩ් 12 මෘදුකාංගයේ වෙළඳෙපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් 3995ක් තරම් ඉහළ අගයක් ගනී. එය ශ්‍රී ලංකා මුදලින් දළ වශයෙන් රුපියල් හාර ලක්ෂ හතළිස් දහසකට ආසන්න වටිනාකමකි. ඉහත සඳහන් මෘදුකාංග සියල්ලම තම පරිගණකය තුළ ස්ථාපනය කළද එදිනෙදා කටයුතු සාර්ථකව කරගැනීමට ඒවා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ලොකු කුඩා මෘදුකාංග රාශියක සේවය ලබාගැනීම අත්‍යවශ්‍ය වනවාට සැකයක් නැත. තත්ත්වය මෙසේ නම් තම දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ඉතා අමාරුවෙන් හෝ රුපියල් දහපහළොස් දහසක් සොයාගෙන පැරණි පරිගණකයක් හෝ මිලදී ගැනීමට සිතන දෙමව්පියන්ට හෝ තම ව්‍යාපාර කටයුතු සඳහා පරිගණකයක් භාවිත කිරීමට සිතන ව්‍යාපාරිකයකුට ඊට අවශ්‍ය මෘදුකාංග මිලදී ගැනීම සඳහා අමතර වශයෙන් රුපියල් ලක්ෂ ගණනක් වැය කිරීමට සිදුවේ. නොඑසේ නම් ඔහුට මිලදී ගතහැකි වනුයේ කිසිවක් කළ නොහැකි හිස් පරිගණකයක් පමණි.

මේ තත්ත්වය මත ඍජුව හෝ වක්‍රව පරිගණකයක් භාවිත කරමින් රට තුළ සිදුකැරෙන සියලුම සේවාවන්හි මිල ගණන් ඉහළ යනු නොඅනුමානය. වෙනකක් තබා පරිගණක පන්තියක් මගින් හෝ තම දරුවාට පරිගණක අධ්‍යාපනයක් ලබාදීමට සිතන දෙමව්පියන්ට තම දරුවාගේ පන්ති ගාස්තුව ලෙස ගෙවිය යුතු මුදල පවා දරාගත නොහැකි මට්ටමින් ඉහළ යනු ඇත. මන්දයත් තම මෘදුකාංග සඳහා වැය කළ සියලු මුදල් ඒ ඒ සේවාව සපයන ආයතනය තම සේවාව ලබන්නාගෙන්ම අය කරගත යුතු හෙයිනි.

අපි කාටහරි ලියුමක් ටයිප් කරලා දෙද්දි ටෝනර් එකට යන වියදමයි, කොළවලට යන වියදමයි ගැන තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඒ ඔක්කොම බලලා අපි දැන් පිටුවක් රුපියල් පනහට ටයිප් කරලා දුන්නත් අපිට සොෆ්ට්වෙයාවලට ලක්ෂ ගණනක් ගෙවන්න වුණොත් ඉන්පස්සෙ අපිට ඒ පිටුවක් ගහන්න රුපියල් එකසිය පනහක්වත් ගන්න වෙයි. සීඩී එකක් රයිට් කරන්න වුණත් එහෙමයි. මේක එක පැත්තකින් කස්ටමර්ට ලොකු පාඩුවක්. ඒ විතරක් නෙවෙයි ඒකට අපි එච්චර ගාණක් ගත්තොත් ඔහු කොම්පියුටර් ටයිප්සෙටින් අත්හැරලා තම අවශ්‍යතාව අතින්ම ලියලා ඉටුකරගන්න හරි වෙනත් ක්‍රමයකින් කරන්න හරි පටන් ගනීවි. එතකොට ඒක අපේ ජොබ් එකට වෙනම විදිහකින් බලපානවා.

මේ තත්ත්වය ඔඩු දිව්වහොත් එය තමා කෙරේ බලපාන ආකාරය මෙසේ දිගහරින්නේ තිසර විඡේරත්න මහතාය. ඔහු පරිගණක මගින් ලිපි සැකසීම, ඡායාරූප සැකසීම, සීඩී පිටපත්කිරීම සහ ලිපි ද්‍රව්‍ය විකිණීම තම ජීවන වෘත්තිය කරගත්තෙකි. මේ තත්ත්වය ගැන තමන්ගේම විචාරයක් සතු ඔහු එය අප හමුවේ තැබීමට නැවතත් උත්සුක වෙයි.

එක දවසක් මෙතනට ආපු සුද්දෙක් මගේ ඩෙස්ක්ටොප් එක දැකලා මට කියනවා උඹලා හරි වාසනාවන්තයි. උඹලා සොෆ්ට්වෙයා ගොඩක් දන්නවා කියලා. අද ඉස්කෝලෙ යන ළමයෙක් ගත්තාම ඒ අයට සොෆ්ට්වෙයා ගැන මාර දැනීමක් තියෙනවානෙ. එහෙම වෙලා තියෙන්නේ ඒ අයට මේවා ඕනෑතරම් නොමිලේ ගන්න තියෙන නිසා. ඇත්තටම මේ සමාගම් සොෆ්ට්වෙයා හදලා තියෙන්නේ අපිට විකුණන්න බලාගෙන නෙමෙයි. ඒ එය ඒවාගෙන් ඕනෑතරම් ලාබ ලබනවා ඒ රටවල විකුණලා. මේ කරන්නේ සමාගම්වලට නෙමෙයි. රටේ සොෆ්ට්වෙයා ගෙන්වන අයට වෙළඳෙපොළක් හදලා දෙන එක විතරයි.

අනික් පැත්තෙන් ව්‍යාජ කොපි අත්අඩංගුවට ගන්න කියලා පොලීසියට බලය දීපුවාම පොලීසියට ඒකෙන් වෙනම වාසියක් සැලදෙනවා. අන්තිමට වෙන්නේ සාමාන්‍යයෙන් වෙනවා වගේ උසාවි දන්නේ නෑ. අපිට කීයක් හරි දෙන්න කියන තැනට පොලීසිය හැදෙන එකයි. මේ දේවලින් ඇත්තටම වෙන්නෙ සමාජයට වාසි ලැබෙන එක නෙමෙයි වෙන වෙන අයට වාසි ලැබෙන එක. මෘදුකාංග පිළිබඳ මේ හිටිහැටියේ රට තුළට කඩාගෙන එන්නේ අලුත් නීති රෙගුලාසි සමූහයක් නොව,2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ ඇති ප්‍රකාශන අයිතිය පිළිබඳ විධිවිධානයන් හිටිහැටියේ මීට අදාළව සක්‍රිය වීමය. අප කළ ප්‍රශ්න කිරීමේදී බුද්ධිමය දේපළ කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කළ පරිදි අදාළ නීති ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියා තමන් නොවිමසන බවත්, අදාළ මෘදුකාංග සමාගම්වල සහ නියෝජිත සමාගම්වල වුවමනාව මත අද වනවිට ඒ විමසීම් සිදුවන බවත්ය. බුද්ධිමය දේපොළ කාර්යාලය ප්‍රකාශ කරන පරිදි යමෙක් නීත්‍යනුකූල පිටපත් භාවිත නොකර ව්‍යාජ පිටපත් භාවිත කිරීමට හෝ විකිණීමට එරෙහිව අදාළ ඒජන්ත සමාගම්වලට සිවිල් උසාවියේ තහනම් නියෝගයක් ගතහැකි බවයි. එපමණක් නොව, අදාළ සමාගම්වලට පොලීසිය මගින් මහේස්ත්‍රාත් උසාවියේ සාමාන්‍ය අපරාධයක් හැටියට නඩු පැවරීමක්ද කළහැක. එහිදී ලද හැකි දඬුවම මාස හයක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක දඩයක් හෝ විය හැක.

මේ විදිහට නීති විරෝධී සොෆ්ට්වෙයා තහනම් කළත් අපිට යන්න නිවැරදි විකල්පයක් නෑ. මොකද මේ වගේ තත්ත්වයක් අනාගතයේ එයි කියලා හැමෝම හිතුවත් ඒ සඳහා නිවැරදි විසඳුමක් සොයන්න රජය පැත්තෙන් හරි වෙනත් පැත්තකින් හරි දීර්ඝකාලීන සැලැස්මක් ඉදිරිපත් වුණේ නෑ. ඒ නිසා තමයි මේ ගැන විශේෂයෙන් රිසර්ච් කරන ආයතනයක් මේ රටේ කිසිම විශ්වවිද්‍යාලයකවත් ආරම්භ නොවුණේ. ඒ නිසා අපිට ඕපන් සෝස් මෘදුකාංග අරගෙන අපිට ඕනෙ විදිහට ඩිවලොප් කරන්න බැරිවෙලා තියෙනවා. මොකද ඒවා තියෙන විදියටම අරන් පාවිච්චි කරන එක එච්චර ප්‍රායෝගික නෑ. අනෙක් කාරණය තමයි මයික්‍රොසොෆ්ට් වගේ සමාගම් එක්ක මේ ගැන රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සාකච්ඡා කරන්න රජය පෙළඹිලත් නෑ. මට මතකයි කලින් සර්වෝදය වැනි ආයතනවල මැදිහත්වීම යටතේ කළ සාකච්ඡාව අනුව අපිට විශාල සහන ලැබුණා. පරිගණක අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් විදිහට අපි වාණිජ මට්ටමින් ඉස්සරහට යන නිසා. අපිට අද හෙටම මේ කියන නීත්‍යනුකූල පිටපත්වලට යන්න සිද්ධ වෙනවා. එතකොට වෙන්නේ ඒ මිලත් ළමයාගේ පිට පටවන එක විතරයි.

ඒ ඉන්ෆොටෙක් පරිගණක පුහුණු ආයතනයේ අධ්‍යයන අධ්‍යක්ෂ අජිත් ද අල්විස් මහතාය.

මෙසේ නීතිමය පියවර ගැනීමට එකඟ බොහෝ දෙනාගේ මූලික තර්කය වනුයේ අප රටේ කරන සොෆ්ට්වෙයා නිෂ්පාදන ආරක්ෂා කිරීමට නම් මෙසේ සිදුකළ යුතු බවයි. නොඑසේ නම් අපේ මෘදුකාංග සඳහා දේශීය වෙළඳෙපොළක් නිර්මාණය කිරීමටත් අනෙක් අතට අපේ රටේ මේ අයිතිය ආරක්ෂා නොකර අප අපනයනය කරන සොෆ්ට්වෙයාවලට ඒ අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම සාධාරණ නොවන බවත් ඔවුන්ගේ මතයයි. ලොව පවත්නා දියුණු නීති රෙගුලාසි ලංකාවට හඳුන්වාදීමටත් ලංකාවේ ඇති නීති අකුරට ක්‍රියාත්මක කිරීමටත් අපගේ ආරෝවක් නැත. නමුත් එකී නීති රෙගුලාසි අදාළ කරගැනීමේදී සහ විවිධ ගිවිසුම්වලට එකඟවීමේදී ඒවා රටට කොතරම් වැදගත්දැයි ආපසු සිතා බැලිය යුතුය. මෙවන් ගිවිසුම්වලට කොන්දේසි විරහිතව එකඟවීමට ඉන්දියාව වැනි රටවල් කටයුතු කර නැත. එහෙයින් විවිධ මෘදුකාංග රට තුළ නිදහසේ සංසරණය වේ. අනෙක් අතට ඉන්දියාව වනාහි තොරතුරු තාක්ෂණික මෘදුකාංග නිෂ්පාදනය හා අපනයනය අතින් ස්ථාන ගතවනුයේ ලංකාවට වඩා ගව් ගණනක් ඉදිරියෙනි. ලොව පවතින ජනප්‍රිය මෘදුකාංග බොහොමයක නිර්මාණකරුවන් අතර ඉන්දීය ජාතිකයකුගේ නමක් දක්නට ලැබුණේ නැතිනම් ඒ ඉතා කලාතුරකිනි.

ඉන්දියාව තොරතුරු තාක්ෂණය අතින් මෙතරම් දියුණුවක් ලබා ඇත්තේත් බොහෝ දෙනා උදම් අනන ආකාරයට අපේ රටේ තොරතුරු තාක්ෂණය දියුණුව ඇත්තේත් මෙම මෘදුකාංග නිදහස් ලෙස රට පුරා ගලායෑම නිසාය. ඉන්දියාවේ නිෂ්පාදනවලට දේශීය වෙළඳෙපොළක් හදාගැනීමටවත් අපනයනයන්ට හානිවීමටවත් මේ ගලායෑම ඔවුන් බාධාවක් කරගෙන නොමැත. එවන් තත්ත්වයක් තුළ යටකී තර්කයන් අර්බුදයට ලක්වනු වැළැක්විය නොහැක. අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත. අනෙක් අතට මේවාට නිසි අයිතිකරුවකු සහ වගකීමක් නොමැතිකම නිසා ඒවාට නැඹුරුවීමට මිනිසුන් තුළ පවතින රුචිකත්වයද ඒවා පිළිබඳ ඇති විශ්වාසයද අල්පය. එහෙයින් තම හිතවත් ඒජන්තයන් රැකගන්නවාද ලංකාව තුළ පවතින තොරතුරු තාක්ෂණික පිබිදීම ඒ අයුරින්ම පවත්වාගෙන යනවාද යන්න ලංකාව නැවත සිතා බැලිය යුතුය. නොඑසේ නම් පරිගණකය වරප්‍රසාදලත් පන්තියක බූදලයක් වීම නොවැළැක්විය හැකිවනු ඇත.

[රාවය- 2011.06.18]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Computer Software License Policy in Sri Lanka
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Amila මෙහෙම කියනවා :
------------------------
අපි කාටහරි ලියුමක් ටයිප් කරලා දෙද්දි ටෝනර් එකට යන වියදමයි, කොළවලට යන වියදමයි ගැන තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඒ ඔක්කොම බලලා අපි දැන් පිටුවක් රුපියල් පනහට ටයිප් කරලා දුන්නත් අපිට සොෆ්ට්වෙයාවලට ලක්ෂ ගණනක් ගෙවන්න වුණොත් ඉන්පස්සෙ අපිට ඒ පිටුවක් ගහන්න රුපියල් එකසිය පනහක්වත් ගන්න වෙයි.
------------------------

මෝඩ කතා! ලිනක්ස් වලට ඔපන් ඔෆිස් දා ගනින්!



කිවුව වෙලාව- 2011-08-30 01:19:39
Amila මෙහෙම කියනවා :
මූ උපන් ගේ හොරෙක්! මෘදුකාංග හොරකම නවත්තල නොමිලේ ගතහැකි ලිනක්ස් පාවිච්චි කරපන්!

කිවුව වෙලාව- 2011-08-30 01:09:48
ලිනක්ස් පරිශීලකයෙක් මෙහෙම කියනවා :
ප්‍රසාද් නිරෝෂ,

ලංකාවේ ලිනක්ස් භාවිතයක් තියෙනව. පහත ලින්ක් එකට ගිහින් බලන්නකො.
blog.hanthana.org


කිවුව වෙලාව- 2011-08-13 02:21:44
Kej මෙහෙම කියනවා :
My understanding is learn to operate computer doesn't require Microsoft windows... the way we teaching computing is the problem.. if we teach architecture of the computer, and furthermore, convenes any off OS can install on it.. problem may over. those need to try commercial products (microoft winodws 7,XP)can purchase and use..

Other professional software (Adobe,autocad, Visual Studio) training available island wide.. whts the need of install those to home computers if not going with professional job.. also trail versions of those software can use more than month.

there are may things to say.. I advise writer to refer widely before write


කිවුව වෙලාව- 2011-08-05 02:03:03
Bandara මෙහෙම කියනවා :
installation and use of Ubuntu is so easy. It is not complicated as in the past. I'm using Ubuntu, but I'm a regular user, not an expert. And you can download >30000 softwares directly from the software center +more form outside, and may suit your needs well. Even for all of my devices (HP printer, E153 dongle etc) I didn't want to install separate drivers as they come as proprietary. Shift yourself to these and enjoy it.
Other thing is that these open source softwares don't need any development. They work pretty much better out of box.Only thing you have to change is your attitude and the addiction to Windows.


කිවුව වෙලාව- 2011-06-29 21:17:21
Isuru මෙහෙම කියනවා :
@ MIHIN
මම පාවිච්චි කරන්නේ උබුන්ටු. ඔපන් සොර්ස් මෘදුකාංග පාවිච්චි කරන්න පුලුවන් ලිනක්ස් ප්ලැට්ෆෝම් එකක විතරයි කියන රුවන්ගේ වැරදි මතය දුරු කරන්න තමයි මම ඒ කමෙන්ට් එක දැම්මේ.


කිවුව වෙලාව- 2011-06-25 04:34:43
mhin මෙහෙම කියනවා :
@ Ruwan...]

ඉස්සල්ලා දාපු ‍කමෙන්ට් එකේදි කියන්න බැරි වුනා. ඕපන් සොර්ස් මෘදුකාංග දාන්න ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. වින්ඩෝස් වල උනත් ඕපන් සෝර්ස් පාවිච්චි කරන්න පුළුවන්.

ethakota kohenda oyata windows?


කිවුව වෙලාව- 2011-06-25 01:38:00
Podiappuhami මෙහෙම කියනවා :
හැබැයි නිශ්ශන්ක කියල කමෙන්ට් දාන එකාට තියෙන්නෙ වෙන ඇරියස් එකක්...

කිවුව වෙලාව- 2011-06-25 00:55:12
Podiappuhami මෙහෙම කියනවා :
මොනා කරන්නද ප්‍රසාද් මල්ලි, ඔය සමාගම් ඒ ගොල්ලොන්ගෙ නිෂ්පාදන වල පේටනට් අයිතිය අරගෙන නෙ තියෙන්නෙ...ඔයා මේ ලිපියෙන් මිනිස්සුන්ට කියන්න හදන්නෙ " බුද්ධිමය දේපල දුප්පත් කමේ නාමයෙන් හොරකම් කරන්න ඉඩ දෙන්න ඕන" කියලනෙ..ඔය වැඩේම අපේ කොතල හිඹුටු අරන් ගිහින් ඒවට දුන්නම එතකොට අපේ මිනිස්සු කැඑ ගහනව නෙ අධිරාජ්‍යවාදීන් අපේ සම්පත් සූරාකනව කියල...එහෙම සැලකුවම ඔයාගේ ලිපිය ටිකක් අවුල් නේද? එහෙම නෙවෙයි ඒවායෙ මිල ගෙවා ලන්කාවෙ ලමයින්ට නොමිලේ ඒ ඝන හදාරන්න පුලුවන් මධ්‍යස්ථාන ලන්කාවේ හදන්න කියල ලිපිය තිබ්බ නම් අන්න හරි...ඒ වගේ තැන් නැතුවාම නොවේ...ඒ තැන් බහුල කරන්නයි ඕන...ඉසුරු ගෙ කමෙන්ට් එක නියමයි...

කිවුව වෙලාව- 2011-06-25 00:53:28
Nishanka මෙහෙම කියනවා :
මහරජ...

ආසියවේ ආශ්චර්ය දෑන් අත ලගමයි...


කිවුව වෙලාව- 2011-06-24 02:14:47
sameera මෙහෙම කියනවා :
මේකේ comment උඩ ඉදල පහලට එන විදියට හැදුවනම් කියවන්න ලේසියි නේද

කිවුව වෙලාව- 2011-06-23 11:59:57
Isuru මෙහෙම කියනවා :
@Ruwan

ඉස්සල්ලා දාපු ‍කමෙන්ට් එකේදි කියන්න බැරි වුනා. ඕපන් සොර්ස් මෘදුකාංග දාන්න ලිනක්ස් මෙහෙයුම් පද්දතියක් අත්‍යාවශ්‍ය වෙන්නේ නෑ. වින්ඩෝස් වල උනත් ඕපන් සෝර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අපි හැමෝමවගේ භාවිතා කරන VLC Player එක ඒ වගේ ඕපන් සෝර්ස් මෘදුකාංගයක්.ලිබ්රෝ ඔෆිස් වින්ඩෝස් එක්ක භාවිතා කරලා බලන්න. මයික්‍රෝසොෆ්ට් ඔෆිස් වලට වඩා පහසුකම් තියෙනවා.


කිවුව වෙලාව- 2011-06-23 10:27:26
Isuru මෙහෙම කියනවා :
එදිනෙදා වැඩ කටයුතු වලට ඕපන් සොර්ස් මෘදුකාංග භාවිතා කරන එක එතරම් අමාරු දෙයක් නෙමේ. තියන ප්‍රශ්නේ අපේ ගොඩක් අයට ඕපන් සෝර්ස් මෘදුකාංග ගැන අවබෝධයක් නැති කමයි මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වලට තියෙන ඇබ්බැහි වීමයි.

හැබයි ග්‍රැෆික් ඩිසයිනින් වලටයි 3D ඇනිමේශන් හදන වැඩවලට නම් විවෘත මෘදුකාංග 100% ක් ගැලපෙන්නේ නෑ. ඒවට නම් ඇඩොබි පොටොෂොප්, 3ඩී මැක්ස්, මායා වගේ වාණිජ මෘදුකාංග භාවිතා කරන්න වෙනවා. මොකද ග්‍රැෆික් ඩිසයින් සදහා සැකසෙච්ඡ විවෘත මෘදුකාංග තිබ්බත් ඒවා වාණිජ මෘදුකාංග තරමට දියුණු වී නොතිබීම.

විවෘත මෘදුකාංග භාවිතා කිරීම වාසිදායක වෙන්නේ ආර්ථික පැත්තෙන් පමණක් නෙමේ. විවෘත මෘදුකාංග භාවිතයෙන් පරිගණකයේ ක්‍රියාකාරීත්වය ගැන හොද අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි‍ට පරිගණක ක්‍රම ලේඛනය ගැන අවබෝධයක් තියෙනවනම් විවෘත මෘදුකාංග අපිට අවශ්‍ය විදියට සංස්කරණය කර ගැනීමේ හැකියාවත් තියෙනවා. මම හිතන්නේ වාණිජ මෘදුකාංග භාවිතයට වඩා විවෘත කේත මෘදුකාංග භාවිතයෙන් අති දක්ෂ පරිගණක ශිල්පීන් බිහිකිරීමේ හැකියාව තියනවා (හොදම උදාහරණය මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය)

උබුන්ටු වගේ සරළ විවෘත මෘදුකාංගයක් භාවිතා කරලා විවෘත මෘදුකාංග ගැන තියන බයයි, මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වලට තියෙන ඇබ්බැහියයි නැති කරගත්තොත් ඔයවගේ නීති වලට මුහුණ දෙන්න පුළුවන් වේවි.

@ Ruwan
උබුන්ටු වගේ විවෘත මෙහෙයුම් පද්දතියක් පරිගණකයට ඇතුලත් කරන එක අමාරු දෙයක් නෙමේ. සරලයි. භාවිතා කරල බලන්න. වින්ඩෝස් අතහරින්න හිතේවි. පරිගණකය වේගවත්. වෛරස් කරදර නෑ. යූ ටියුබ් වල සර්ච් කරානම් භාවිතා කරන හැටි කියල දෙන ඕන තරම් ටියුටෝරියල්ස් තියෙනවා. උබුන්ටු ෆෝරම් එකෙන් අපි‍ට එන ගැටළු වලට උත්තර හොයා ගන්නත් පුළුවන්. මූලික අදියරේදි වින්ඩොස් එක්ක ඩුවෙල් බූට් කරන්න පුලුවන් විදියට උබුන්ටු දාල බලන්න. නැත්නම් උබුන්ටු ලයිව් සීඩී එකකින් වැඩ කරලා බලන්න.(හැබැයි ලයිව් සීඩී එක නම් ටිකක් ස්ලෝ)


කිවුව වෙලාව- 2011-06-23 10:18:13
kukul-kuma මෙහෙම කියනවා :
තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත.

meka thama awul thana....
meka boru


කිවුව වෙලාව- 2011-06-23 05:07:30
kasun c මෙහෙම කියනවා :
මේ ප්‍රශ්නය අලුත් එකක් නෙමෙග පරන එකක්....
මේක ඇහුව ගමන් සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රියෙ ඉන්න ප්‍රොෆෙශනල්ස්ලා දෙන සරල උත්තරේ තමා ලිනක්ස්ගග ඔබන්ටු...

ඒක උන්ට හරි
ආයතනයක මේක හරි
කිසිම තරකයක් නෑ...

ඒත් ලොකු පික්චර් එක ඇතුලේ... රටක් විදිහට එතනට යන්නෙ කොහොමද කියන එකට තියන ප්ලෑන් එකක් කවුරුත් කියන්නෙ නෑනෙ..

කරන එකම දේ..
ඕපන් සෝස් සෝස් ගගා ඉන්න එක විතරයි..

ආණ්ඩුවෙ එහෙම ප්‍රොමෝශන් එකක් කරන බොඩී එකක් තියනවද?


කිවුව වෙලාව- 2011-06-23 04:55:47
Ruwan... මෙහෙම කියනවා :
ඕපන් සෝස් වල අවුල තියෙන්නෙ පාවිච්චි කරන පැකේජස් වලවත් ඒකට කෙනෙකුට අනුගත වෙන්න පුලුවන්ද කියන එකේ නෙමේ... අලුත් පැකේජ් එකක් ඉගෙන ගන්න එක සිම්ප්ල් වැඩක්නෙ.. අවුල එන්නෙ ඕ එස් එකේ... (පද්ධති)...

ඕපන් සෝස් දුවවන්න ලිනක්ස් දාගන්න ඕනනෙ... (වින්ඩෝස් වෙනුවට)..
ලිනක්ස් දාන්න බැහැ ඒක ගැන හොඳ අවබෝධයක් නැතුව වින්ඩෝස් වගේ ඉන්ස්ටෝලිං සිට් ඇන්ඩ් රිලැක්ස් ඊසි සෙට් අප් එකක් නෙමේ ලිනක්ස්..
ඒක දමාගන්න කොන්ෆිගර් කරගන්න අමාරුයි ( වැඩ දන්න එවුනුත් නානවා...)...

මං කියන අවුල එන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ට...


කිවුව වෙලාව- 2011-06-23 04:44:40
උබුන්ටු මෙහෙම කියනවා :
-අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත.-

රටක් හැටියට නෙවෙයි..තනි තනියෙන් open source පාවිච්චි කරල බැලුව නම් හරි නේද?මේක සංවර්ධනය කරපු සිස්ටම් එකක්. ඒක පාවිච්චි කරන අය දන්නවා. වෛරස් කරදරෙත් නෑ. මයික්‍රොසොෆ්ට් භීෂණයට එරෙහිව තමා මේවා හදලා තියෙන්නෙ.. ටික දවසකට දාගෙන බලන්න. අර කසුන් සී කියනවා වගේ මයික්‍රොසොෆ්ට් වලින් තොර ලෝකයකුත් තියෙනවා.ඕන වෙන්නෙ ඇබ්බැහියෙන් ගැලවෙන වුවමනාව විතරයි. ඒ අතරම මයික්‍රොසොෆ්ට් මගඩියටත් එරෙහි වෙන්න ඔනේ. මෙලහකටත් කොමිස් කුට්ටියක්ම අරන් ඇති යුව රජතුමා.


කිවුව වෙලාව- 2011-06-23 03:43:28
අ0ජන මෙහෙම කියනවා :
ඕවා මේරටේ කරන්න ආවොත් අදිරාජ්ජවාදී බිල් ගෙසාට විරුද්දව අපේ සූර වීර විමල් මාමා මාරන්තික උපවාසයක් කොරනු ඈත.
අපේ දේසීය පාලකතුමන්ලා කවදාවත් ඔයවගේ බටහිර ගෑති නීති සම්මත නොකරුනු ඈත.මහාචර්ය ආසනික් සිල්වා පල්ලා ඈත්තමයි......


කිවුව වෙලාව- 2011-06-23 03:28:00
Mathews මෙහෙම කියනවා :
එහිදී ලද හැකි දඬුවම මාස හයක සිරදඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක දඩයක් හෝ විය හැක.

meka hariyata karoth lankawen bagayakma wenne sarath ponseka wage kuru ganinda... laksha pahawal kohen gewandada... kandath nathiwa welena miniss...


කිවුව වෙලාව- 2011-06-23 01:38:59
kasun c මෙහෙම කියනවා :
ලන්කාව පොලිස් රාජ්ජයක් වෙලා ඉවර නිසා, අනුශ්ක කියන එක නොවෙයි කියල මන් හිතන්නෙ.. මයික්‍රොසොෆ්ට්කාරයා දැන් මෙහෙ බැහැගෙන ඉන්න නිස උගෙ සොෆ්ට්වෙයාර් ටික සෙල් කරගන්න ඌට මෙහෙ පිට්ටනිය cලියර් කරන්ඩ තමා රාජපක්සලා ඔය ලෝ එක ගේන්නෙ... ඔඉපන් සෝස් නැගල ගියොත් මුන්ගෙ ඩීල් වලට කෙලවෙනවා.. ඒක හින්දා ආන්ඩුව ඔවුව කොරලා දෙනකල් ඉන්නෙ නැතුව තමා හිසට තම අතමය හෙවනැල්ල කියලා මිනිස්සු ඕකට යන්ඩ ඕනෙ...

අපි මයික්‍රොසොෆ්ට්වලට ඇඩික්ටඩ් තරම කියනව නම්.. එවුව නැති ලෝකයක් ගැන හිතන්නවත් බැරි තරම්...

කොටන්ට දෙයක් නෑ වෙන.....


කිවුව වෙලාව- 2011-06-23 01:36:22
Anushka Thilakarathne මෙහෙම කියනවා :
Open Source wetha eka paarata nemburuweema apahasu wenna puluwan. namuth e sandaha uthsaha deriya yuthubawai mage adahasa. mokada idiriyedi me sambandayen dedi neethi reethi idiripath wunoth minissu sehenna maruwaka wetenawa. onema deyak muladi amaru wenna puluwan namuth ekata uthsaha gata yuthui. mokada me wenakota open source software sehenna diyunuwak labamin thiyenne. ewa gena janathawa denuwath karanna weda piliwelak awashayai. nethuwa un hitigaman software tahanam karala police athadanguwata geneem karanna nemei. rata krama kramayen e thathwayata harawa ganna one. e sandaha kisima weda piliwelak nethuwa kasippu allanna wage ohe CD DVD allana yana eka gon kamak

කිවුව වෙලාව- 2011-06-23 01:03:46
Sandaruwan මෙහෙම කියනවා :


එවන් තත්ත්වයක් තුළ යටකී තර්කයන් අර්බුදයට ලක්වනු වැළැක්විය නොහැක. අනෙක් අතට නොමිලේ ලැබෙන ඕපන් සෝස් මෘදුකාංගවලට රටක් වශයෙන් එකවර නැඹුරුවීම කළ නොහැක. තවත් පැත්තකින් ඒවා සංවර්ධනය නොකර ගෙඩි පිටින් ගෙන භාවිත කිරීමද ප්‍රායෝගික නැත. ඒවා සංවර්ධනය කිරීමට අපේ රටේ නිසි ක්‍රමවේදයක්ද නැත.

OW MEKA HARI... OPEN SOURCE GANA DANNE KEE DENADA?


කිවුව වෙලාව- 2011-06-23 00:40:59
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප්‍රසාද් නිරෝෂ බණ්ඩාරගෙන් තවත් වියමන්
කතා-බස්
"වලාකුළු බැම්ම"ට භූගෝලීය පරිසරය සපයන්නේ මම අත්වින්ද ගම‍යි!- චන්ද්‍රරත්න බණ්ඩාර
කතා-බස්
යාය හතරේ ලියන්නී- ශාන්ති දිසානායක
කවි
පිටුවහල් වහලෙක්මි‍‍‍‍.
අදහස්
මෛත්‍රීගේ කතාව- ප්‍රති කියවීමක්
රංග
අව්‍යාජ - වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස "සිරිවර්ධන පවුල"
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook