Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
රහස
බූන්දි, 22:10:49
ගැහැණියක් විය යුතු වූ ලෙසම නිදොස් ජීවිතයක් ඇතිව හිඳ, කිසිදු වේදනාවකින් තොරවම ඕ මිය ගොස් තිබුණාය. දැන් ඇය සිය යහන මත , උඩුකුරුව වැතිරී, පිය වූ දෙනෙතින් යුතුව, සන්සුන් ඉරියවු ඇතිව, මිය යන්නට විනාඩි දහයකට මත්තෙන් සිය සුදුවන් දිගු වරලස පීරා සීරුවෙන් සකස් කලාක් මෙන් යුතුව හිඳින්නීය. ඉතා ශාන්ත වූත් නිශ්චලවූත් සියල්ල ඉවසා දරා සිටියාවූත් අයුරින් දිස්වූ මිය ගිය ගැහැණියගේ මලානික මුහුණ, ඇය තුල කෙතරම් සොඳුරු ආත්මයක් නිදන් වී තිබුනාද, කොතරම් නිසංසල පැවැත්මක් මේ වියපත් ආත්මය තුල රැඳී තිබුණේද, කොතරම් සැහැල්ලූ හා පාරිශුද්ධ මරණයකට මේ මව් හිමිකම් කීවේද යන්න කෙනෙකුට හඟින්නට ඉඩ සලසා දුන්නේය.

ඇගේ යහන අසල දණින් නැමී, ඇයගේ පුතු, දැඩි ප්‍රතිපත්ති දරාගත් මහේස්ත්‍රාත් වරයෙක් සමඟ දියණිය මාගරිට්, හෙවත් යුලාලි කන්‍යා සොයුරිය ඔවුන්ගේ හදවත් පැලී යන නියායෙන් වැළපෙමින් සිටියහ. කිසිදු අඩු ලූඩුකමකින් තොරව ආගම ධර්මයත්,

කිසිදු අයුරක එකඟතාවකින් තොරව සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ආකාරයත් උගන්වමින්, දැඩි විනය නීති සංග්‍රහයකට යටත්ව ඈ ඔවුන් ඇති දැඩි කර තිබුණාය. පුතා, මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස කිසිදු පැකිලීමකින් හෝ කණගාටුවකින් තොරව දුර්වලයන්ට පහර දීමේ අවියක් ලෙස නීතිය භාවිතයට ගත්තේය. දියණිය, සිය සදාචාරසම්පන්න කුටුම්බයේ සුචරිතවත් භාවයේ ගිලීයමින්, පිරිමින් කෙරෙහි උපන් පිළිකුලෙන්ම පල්ලියේ මනාලිය බවට වූවාය.

ඔවුහූ සිය පියා පිළිබඳ එතරම් දැන නොසිටි අතර, ඔහු පිළිබඳ අන් කිසිදු තොරතුරක් නොකියන ලදින් දැන සිටි එකම කාරණය වූයේ ඔහු විසින් සිය මෑණියන්ට දුක්ඛිත තත්වයක් උදාකල බව පමණය.

යහන මත හොවා තිබූ විශාල කුරුසියක් ලෙස දිස්වූ මිය ගිය කාන්තාවගේ ඇත් දල පැහැ ගත් අත, කන්‍යාසොයුරිය විසින් උමතු ලෙසින් සිපගන්නට වුවාය. දිගු සිරුරේ අනෙක් පසින් වූ අත, ඇතිරිල්ල මරණයේ ග්‍රහණයට දැඩි කොට අල්ලාගත් වනම වූ අතර, ඇඳ ඇතිරිල්ල ඒ සියුම් නැමි සියල්ල ඉතා පරිස්සමෙන් සුරැකිව තබා ගෙන සිටියේ ඈ ගත කල ජීවිතයේ සදාතනික අමරණීය අවසන් ඉරියවු කීපයෙහි සැමරුම් ලෙසය.

සිහින්ව නැඟුනු දොරට තට්ටුකිරීම් කිහිපයක් වැළපෙමින් හුන් හිස් ඔසවාලු අතරම පූජකතුමා රාත්‍රී භෝජනයෙන් අන්තුරුව වහා යලිත් එහි පැමිණ තිබිණි. ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්වී තිබුණේ ආහාර ජීර්ණය වීමේ කිසියම් අපහසුතාවක් හේතුවෙන් වූ මහත් අසීරුතාවයෙන් සහ නිදිවර්ජිතව පහන් කල පෙර රාත්‍රීන් කිහිපයෙන් ඇති වූ විඩාව පලවාහරින්නටත් එළඹෙන්නට නියමිත රාත්‍රියත් වෙනුවෙන් කෝපි සහ බ්‍රැන්ඩි එක්ව තැනූ සැර මිශ්‍රණයක් පානය කොට තිබීම හේතුවෙනි.

ඔහුගේ පෙනුම වඩා ශෝචනීය වූයේය. පූජක තැන තුල නැගුනු ශොකය වූයේ ඇය නිවසේ ගහමූලිකයා වීමය. ඔහු සිය පපුව මත කුරුසිය සලකුණු කරමින් සුපුරුදු ඉරියවු සහ ඉංගිතයන් සහිතව,

''ඇත්තටම මං ආවේ මේ ඉතාමත් අසීරු අවසාන පැයගනන ගතකරන්න ඔය දරුවන්ට උදවු වෙන්න''

එහෙත් යුලාලි කන්‍යා සොයුරිය වහා නැගි සිටීමින්,

''හුඟක් ස්තුතියි පියතුමනි, මමයි මගේ සහෝදරයයි මේ වෙලාවෙ මමා එක්ක තනියෙන් ඉන්න කැමතියි. මේක මමා දකින අන්තිම මොහොත. ඒ හින්දා අපි තුන්දෙනා විතරක් එකට ඉන්න කැමතියි, හරියට ඉස්සර අපි....අපි...අපේ මමා එක්ක පුංචි කාලෙ උන්න වගෙ''

ශෝකයත් කඳුළුත් ඈ නවතාලුයේය. ඇයට එය සම්පූර්ණකරන්නට නොහැකි විණි.

පූජකතුමා තවත් එක් වරක් ඉතා සන්සුන් ලෙසින් දෙන ඉදිරියේ දණින් නැමුණේ ඔහුගේ සයනය සිතින් මවාගනිමිනි.

''ඔය දරුවන්ගෙ කැමැත්තක්''. ඔහු දණින් වැටුණේය. කුරුසිය සටහන් කළේය. යාඥාකළේය. අනතුරුව නැගී හිඳ ''ඇය ශාන්තුවරියක්'' යැයි මුමුණමින්ම සෙමින් පිටව ගියේය.

ඔවුහු තනිවූහ. මියගිය කත හා ඇගේ දරුවන් දෙදෙන. මුදු සඳ එළිය හා මුසුවූ තුරුපත් හා නැවුම් පිදුරු වලින් වහනය වුණු මිහිරි සුවඳ ට සැලෙන කවුළුවේ පත තරින් සෙවණැලි අතර සැඟව ගිය ඔරලෝසුවේ ටික් ටික් හඩ ඉතා පැහැදිලිව ඇසෙන්නට වූයේය. ඉඳහිට නගන ගෙම්ඛෙකුගේ අමිහිරි නාදයක් හෝ රැහැයියකුගේ වැළපිල්ලක් හැරුණුකොට අන් සියල්ල නිහඩතාවෙක ගිලී තිබිණි.

මේ මිය ගිය ගැහැණිය වටා තිබු අනන්ත වූ සාම්‍යය ත් දිව්‍යමය වැලපීමක් ත් නිහඩ සංහිඳියාව ත් එහි ස්වභාවය සංසිඳවමින් ඇය තුලින් නික්මයන්නාක් බඳු වූයේය.

ඉනික්බිති මහේස්ත්‍රාත් වරයා දණගසා ගත් වනම දැඩි ශෝකය විසින් ඇතිරිලි තුල ගිල්වනු ලැබූ හිසින් යුතුව ඔහුගේ වේදනාව සමනය කරනු වස් සයනය මත අතුරා තිබූ බ්ලැන්කට්ටු සහ පොරෝනාත් ඇතිරිලිත් විසින් වෙනස්කරනු ලැබූ හඬින් හඬමින් ''අනේ දෙයියනේ අපේ මමා.....මමා!'' යි කීවේය.

උද්වේගකර මොහොත ක්‍රමක්‍රමයෙන් නිශ්චලත්වය වෙත ලඟා වූ අතරම ඔවුහු නිහඬවම වැළපෙන්නට වූයේ මහ සමුදුර මත සුළි නඟන කුණාටුවකට පසුව මතුව එන දැඩි නිශ්චලත්වය පරිද්දෙනි.

තරමක් වේලාව ගතවී යත්ම ඔවුහූ සිය මවගේ නිහඩ නිසල දේහය දෙස හයා ගත් නෙතින් යුතුව හුන් තැනින් නැගී සිටියහ. එසැණෙන් මිය ගිය කත යළිත් වතාවක් ජීවත් කරවන මතකයන්, පෙරදිනයන් හි සොඳුරුවූත් ප්‍රීතිමත්වූත් දුරස්ථ වූත්, අද මේ වන විට ඉතාම කටුක අමිහිරි වූ අයුරුත් එකින් එක ඔවුන්ගේ මනස් තුල පෙලගැසෙන්නට වූයේ මෙතෙක් අමතකව තිබූ සමීප ඉතාම කුඩා අංශුමාත්‍රික සිදුවීම් පවා සිහියට නංවමිනි. තව දුරටත් ඔවුන් හා දොඩමළු විය නොහැකි මව පිළිබද ඇගේ තෙපුල් ද, ඇගේ සිනහවන්ද ඔවුහූ මාරුවෙන් මාරුවට ඉඩ ලද ඇසිල්ලෙහි එකිනෙකා වෙත ස්වරණය කළහ. එවිට ඇය යළිත් ප්‍රීතිමක් ස්වභාවයක් විදහා දක්වමින් සන්සුන් ඉරියව්වෙන් වැතිර හිඳිනු ඔවුහු දුටුවෝය. වඩාත් වැදගත් යයි සිතන යමක් අවධාරණය කරමින් ඔවුන්ට තරවටු කරනා විට ඇයගේ අතෙහි වන චලන ස්වභාවයත්, ඇය කියා තිබුණු වචනත් එකින් එක මතකයට නැගිණි.

ඔවුහු මින් පෙර අන් කවර දිනක හෝ ආදරය නොකල තරම මෙදින ඇයට ආදරය කරන බව ඔවුනට හැඟිණි. ඔවුහු ශෝකයේ ගැඹුර කොතෙක්දැයි මැනීමට සමත් වූවා සේම ඔවුහූ එකිනෙකා තුල කෙතරම් හුදෙකලා භාවයට පත්වී ඇත් ද යන්න අවබෝධ කරගැනීමට ද සමත් වූහ.

මෙසේ ඈත්වී යන්නේ ඔවුන්ගේ සහායිකාව විය¦ ඔවුන්ගේ මගපෙන්වන්නිය විය, ඔවුන්ගේ පූර්ණ යව්වන්ත්වය විය, එමෙන්ම ඔවුන්ගේ ජීවිතයේ වඩා වටිනාතම එමෙන්ම නැතිවම බැරි කොටස විය. ඒ ජීවිතය සමග වූ ඔවුන්ගේ බැඳීම වූයේය, ඔවුන්ගේ මව වූයේය, ආදරණීය මමා වූයේය, එතැන් පටන් දුරස් වන ඔවුන්ගේ මුතුන් මිත්තන් හා සම්බන්ධිත රැහැන වූයේය. දැන් ඔවුහූ හුදෙකලා ජීවින් බවට පත් වී ඇත්තේය, තව දුරටත් ආපසු හැරී බලන්නට ඔවුනට නොහැකිය.

''ඔයාට මතකද, ඉස්සර මමා එයාගේ පරණ ලියුම් කියවන්න පුරුදු වෙලා හිටපු හැටි. ඒ ඔක්කොම තියෙන්නෙ අන්න අර ලාච්චුවේ. අපි දෙන්න මාරුවෙන් මාරුවට ඒවා කියවමු. අපිට පුළුවන් මමාගේ මුළු ජීවිතකාලයම ජීවත් කරවන්න මේ ඇඳ අයිනක ඉඳන්! මමාගෙ ළග යාළුවෝ, අපි කවදාවත් නොදැන උන්නු ආචිචි-සීයා මේ හැමෝම ගෙන්න ගන්නව වගේ. ඔයාට මතකයක් තියෙනවද එතන කාගේ ලියුම් ද තියෙන්නෙ කියල, කාටද මමා වැඩියෙන්ම ලියුම් ලිවුවේ කියල?'' කන්‍යා සොයුරිය සිය සොහොයුරා අමතා විමසා සිටියාය.

ඉතා පරෙස්සමට එකිනෙක ගැටගසා කහ පැහැති කඩදසි වල අසුරා තිබූ කුඩා ලියුම් පාර්සල් දහයක් ලාච්චුවෙන් එළියට ගත් ඔවුහූ ඒවා ඇඳ අසල පිලිවෙලින් තැබූහ. ඓතිහාසික පූජනීය වස්තු සියල්ල ඇඳමත විසිර වූ ඔවුහු ''තාත්තාගෙන්'' යනුවෙන් ලියා තිබූ ලිපි එකින් එක තෝරන්නට වූහ. ඉන්පසූ ඔවුහු ඒවා විවෘත කර කියවීම ආරම්භ කළෝය.

එය ඉතා පැරණි පවුලක ලාච්චුවකින් හමුවන ආකාරයේ යල්පැනගිය ශෛලියකින් ලියවුනු ලිපිවලින් එකක් වූ අතර එයින් නික්මුණේ වෙනත් ශතවර්ෂයක හසුන්පතකින් විහිදී යන ආකාරයේ සුවඳකි. එක් හසුනක් ''මගේ දයාබරිය'' ලෙසත්, තවෙකක් ''මගේ ලස්සන පුංචි කෙල්ලට'' යනුවෙන්ද අනෙක්වා ''මගේ ආදරණීය දරුවාට'' ලෙස හෝ ''මගේ ආදරණීය... (සිනා)'' යනුවෙන්ද අරඹා තිබිණ. කන්‍යා සොයුරිය එක්වරම හඬනගා කියවන්නට පටන්ගත්තේ මිය ගිය ගැහැණිය වෙත ඇය ගේ අතීතයේ වූ සියළු සොඳුරු මතකයන් ඇසෙන්නට සලස්වන්නටය. මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ දෙදණ ඇඳමත තබා ගෙන අසාසිටියේ සිය මව වෙත යොමුකල අවධානයෙනි. ප්‍රාණය නිරුද්ධ නිසල සිරුර ප්‍රීතීමත් ලෙස ඔහුට පෙණිනි.

යුලාලි කන්‍යා සොයුරිය හදිසියේම කරමින් හුන් වැඩය නවතා එක්වනම සිය සොහොයුරා අමතා මෙසේ කීවාය.

''මේවා මමා එක්කම මිහිදන් කරන්න ඕනෙ, ඒවා පෙට්ටියෙ අතුරලා මමා එක්කම වලලන්න ඕනේ කියල එයා බලාපොරොත්තු වුනා වෙන්න ඕනේ''.

කිසිදු නමක් සටහන් කර නොතිබු තවත් පාර්සලයක් අතට ගත් ඇය, මුදු හඩකින් එය කියවීම ආරම්භ කළාය¦ ''මගේ ආදරිය, මා ඔබට උමතුවෙන් මෙන් ආලය කරමි. ඊයේ දිනයේ සිට, මනසෙහි සැරිසරන අපේ මතකයන්ගේ ඇවිසුණු සොඳුරු වේදනාවෙන් මම මහත්සේ පීඩා විඳිමි. මා දෙතොල මත රැඳුණු ඔබේ දෙතොලෙහිත්, මා දෙනෙතෙහි වෙලූණු ඔබේ දෙනෙතෙහිත්, මගේ පපුවට ඇලවුණු ඔබේ පපුවෙහිත් මිහිරි ස්පර්ශයන් මට දැනේ. ආදරෙයි, ආදරෙයි, ආදරෙයි මා ඔබට! ඔබ මා උන්මන්තකයෙකු කලා වැන්න. මගේ දෑත යළිත් ඔබව තුරුලට ගැනීමේ උමතූ ආශාවෙනි. හුස්ම ගැනීම පවා අමාරු කාරියෙකි. මගේ මුළු ආත්මයද සිරුරුරද ඔබ ඉල්ලමින් ඔබ වෙනුවෙන් හඩා වැටෙයි. ඔබේ මුදු හාදු වල තැවරුණු මිහිර මගේ දෙතොලෙහි තවමත් රැඳී ඇත්තේය.....''

විනිසුරුවරයා නැගිසිටියේය. කන්‍යාසොයුරිය කියැවීම නතරකලාය. ඇගේ අතින් ලිපිය වහා උදුරා ගත් ඔහූ එහි යොදා තිබූ අත්සන දෙස බැලූවේය. එහෙත්, එහි එවැනි අත්සනක් නොවුනේ නමුදු, ''ඔබට ආලය කරන මිනිසා'', ''හෙන්රි'' ලෙස පහළින් සටහන් කොට තිබිණි. ඔවුන්ගේ පියාගේ නම ''රෙනේ'' ය. එබැවින් මේ ඔහු නොවන්නේය. පුතා ලියුම් සියල්ල සහිත පාර්සලය අවුස්සා, තවත් ලිපියක් ගෙන කියැවීය:''ඔබ නැතිව තවදුරටත් මට ජීවත් විය නොහැක''. බංකුවෙහි හිඳගෙන සිටීම මහත් වේදනාකාරි වූවාක් සේ නැගී සිටි් ඔහු , මියගිය ගැහැණිය දෙස නොසෙල්වී බලාහුන්නේය. කන්‍යා සොහොයුරිය, පිළිමයක් සේ සෘජුව, දෙනෙත් අග්ගිස්සෙහි නලියන කඳුළු අතරින් සිය සොහොයුරා දෙස බලමින් නැවතී සිටියාය. ඊළගට ඔහු හෙමින් කාමරය හරහා ගොස් කට්ට කළුවර රාත්‍රිය දෙසට හයාගත් නෙතින් යුතුව ජනේල් කවුළුව අද්දර සිටගත්තේය.

ඔහු ආපසු හැරී බලන විට, යුලාලි කන්‍යා සොහොයුරිය වියළුණු කඳුලින්ද , නමා ගත් හිසින්ද යුතුව තවමත් ඇඳ අසළ සිටගෙන සිටිනු දුටුවේය.

ඉදිරියට ආ ඔහු එසැණින් ලියුම් සියල්ල ගෙන අවුල් වූ අයුරින්ම ලාච්චුවට විසීකළේය. ඊළඟට සයනයේ තිර රෙදි ඇද වසා දැමුවේය.

දහවල උදාවෙන් මේසය මත දැල්වෙන ඉටිපන්දම් ආලෝකය මැලැවෙන විට, පුතා හෙමින් සීරුවේ ඇඳිපුටුවෙන් නැගී සිට, මිය ගිය මවට සිය පුතාටත් දුවටත් තිබුනු බැමි ලිහී ගිය වග හඟවමින්, ඇය දෙස යළිත් වතාවක් නොබලාම, ''අපි දැන් පිටවෙමු'' යි සෙමින් සොයුරියට කීවේය.
නූතන කෙටිකතා කලාවේ පියා ලෙස පිළිගැනෙන ගී ද මෝපසාං ප්‍රංශ ජාතික නවකතාකරුවෙකි. කෙටිකතා රචකයෙකි. කවියෙකි. ඔහු ගුස්ටාව් ෆ්ලෝඛෙයාගේ මගපෙන්වීම යටතේ ජනමාධ්‍ය වේදයත් සාහිත්‍යකලාවත් ප්‍රඟුන කළේය. Boule de Suif, නම් අතිශයන්ම සාර්ථක නවකතාව ලියමින් සාහිත්‍යකලාවට පා තැබු මෝපසාං මෙලොවින් සමුගන්නා විට Une vie, Bel-Ami, Mont-Oriol, Pierre et Jean, Fort comme la mort, Notre Coeur යන නවකතා හය ද Les Soirées de Médan, La Maison Tellier, Mademoiselle Fifi, Contes de la bécasse, Miss Harriet, Les Soeurs Rondoli, Contes du jour et de la nuit, Monsieur Parent ලෙස කෙටි කතා සංග්‍රහ ගණනාවක් ද, 1880 වසරේදී Des Vers නමි එක් කාව්‍ය සංග්‍රයක් ද පළකොට තිබුණේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- French Literature
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ගී ද මෝපසාංගෙන් තවත් වියමන්
කතන්දර
පාපෝච්චාරණය
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
රොබට් රග්දෙත්ස්වෙන්ස්කි ලියයි.
සාමාන්‍යයෙන් කියනවා නම් යම් විටක හෝ කවියක් නොතැනූ මිනිසෙක් මෙලොව නැති බව හොඳටම විශ්වාසය. හැම කෙනෙක්ම එක් මට්ටමකට කවි ලියති. හැම කෙනෙක්ම...! ඊට පසු සිදු... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook