Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
ඉතින් අපි පියාඹමු අප්පුච්චත් එක්කලම...
බූන්දි, 00:42:13
තුනීයට පෑයු නුඹේ සිහින් සිනහව
ඊයේ රෑ ඝන කළු වළා මැද
මරණයේ දේශයට ඉහත්තෙන් ආකහෙ
මෝදු වූ මැදියමෙහි

තණ පෙත්තන්ම ඉකිලන
බොහෝ නිසලව නිදි වදින
මේ නිසංසල භූමියෙහි
අපගේ හද පතුල් පහුරු ගා අවදිකළ
නුඹගේ ගැඹුරු හඬෙහි
නිදි නැති නාදය
මට ඇසුණි... ඈත දුරු කතර සිට

"සොයුරු සොයුරියනේ
මම නුඹ අතරමය
කිසි දිනෙක අත් නොහළෙමි
ඒ සොඳුරු සිහිනය
නුඹෙ සුසුම, කඳුල, සිනහව
මගෙ සුසුමින්, කඳුළින් සිනහවෙන්
වෙන් කරන්නට නොදන්නා මායිමෙහි
අපි අපි අතර සදා සැරි සරන්නෙමු
අපේ පියාපත් විහිදා
බොහෝ දුර බොහෝ දුර
අපි පියාසර කරන්නෙමු
එකම මං පෙත එක රෑනක්ව
සහෝදරත්වයේ කෝදෙව්වට
නිදහසේ කොදෙවුවට
තැනි තලා මත, කඳු මුදුන් මත
ගංගා මත,මරණය මත ගලා හැලෙන
කලුම කලු ඝනාන්ධකාරයට ඉස්මත්තෙන්
ඒ සිහිනයට පියඹා යන්නට
ජීවිතයෙහි බර අතැර
පියාපත් විහිදා සැහැල්ලුව
අප්පුච්චාද එක් විය අප සමග
"උත්ථානව මරණයෙන්"
ඉතින් අපි පියාඹමු
එක්වන්න මිතුරනේ
අපුච්චත් එක්කලම
මරණයෙන් උත්ථානව

30 ජූනි 2011
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
සනත් බාලසූරිය මෙහෙම කියනවා :
රාමුකළ මතකයේ දරුවෝ

නින්දා සැත පියවරුණේ හදමසදෝ ඉරන්නේ
පපුව පැලී මව්වරුනේ මව්කිරිදෝ ගලන්නේ
නෑර කැටුව ආ දරුවන් සිහිනෙකදෝ දකින්නේ
රාමු කෙරූ මතකක පමණද යළි මුණගැසෙන්නේ

* * *
අවසාන වතාවට පිය දෙනෙත වසන්නට
වරම් නැති මළ ගෙයක
පියෙකු සැතපෙන දෙනක
රාමු වී රැඳෙන්නට උරුම වූ
පුතනුවෙකි

වසර පහකට ඉහත
හදවතේ රාමු වූ පුතු සිනා වත රැගෙන
නිහඬවම හතර රියනට ඇදුණු
අකම්පිත ගුණ දැරූ
පියතුමෙකි

රාමුවට නොගැලපෙන දස දහස් දනන් හිස්
ගෙලෙන් සිඳ වීසි කර
දහම් පඬුරක් ලෙසින් රාමු කළ
හතර කොන ලේ පෙරෙන
'පින් බිමකි'

සදාකාලික නින්ද වෙත ඇදෙන
මව්වරුන් පියවරුන් පපුතුරක
රාමු වී සැතපීම පමණක් ම උරුම වූ
පිටුවහලකට යැවූ
දරු කැලකි

* * *

හලනා ලෙයෙහි ජාතිය ජම්ම නොතැකුව
හැලූ ලෙයට යුක්තිය සොයා වෙහෙසුණ
දරු පරපුරක උරුමය මෙලෙස ලියැවෙන
කාරණාව බුදු පරපුරද රජවුණ?

සනත් බාලසූරිය
29 ජුනි 2011


කිවුව වෙලාව- 2011-07-04 23:29:01
කුමාරි ප‍්‍රනාන්දු මෙහෙම කියනවා :
අප්පොච්චා..

(අපේ සොහොයුරු රෝහිත භාෂණගේ පියාණන්ගේ වියෝව වෙනුවෙනි.)

පේ‍්‍රමය අත්නොහල පියෙකු
ප‍්‍රාණය අත්හරිමින් සිටි පැයෙහිදීත්…
සෙනෙහෙවන්තව සිටි බව
මා නුඹට කිව යුතුය..
වියෝවේ හී ගසෙන්
පහර විඳි
ඒ කැළඹුණ මොහොතේදීත්
අප්පච්චී
පිපාසිතව නොසිටියෙහිය..
මහා පළ දුන් ගසක්
කෙතරම් පිරිපුන්ද..
සාධාරණ උඩගුවකින්
ඔහු සැරසී සිටියේය
ඒ නුඹ ගැනයි…

නිවටකම පලවා
පටු මාවතෙහි ගමන් කළ,
අප්පච්චී
මද පවනෙනුත්
සැනහුණා..
නුඹ ඈත සිටියත්,
සිහිනෙනුත්
පුතුන් වෙත තුරුළු වී
හිනැහුණා ….,
ඒ නුඹේ පියාණන්..
……………………………………………….
‘‘අප්පොච්චෝ …
..අප්පොච්චා පින් ගොඩාක් රැස්කළා..
කුරුල්ලන්ටත් වතුර දුන්නා.. කන්ට දුන්නා
ධර්මය අවබෝධ කරගත්තා
මයේ අප්පච්චී දැන්
හිත නිවාගන්ට ඕනෑ …’’
පෙම්බර මතක මත සරමින්
ගිණි ඇවිලූණ හද
වාවනු නොවූ…
නුඹේ අක්කන්ඩී කීවා
‘‘ජීවිතය අත්හරින්න
අප්පච්චියේ
අපි තරහා නෑ ..’’

………………………………………………….

‘‘නුඹ ගලවා ගනු පිනිස
මාගේ පුත‍්‍රයා ඒව්වෙමී ’’
දේව වචනය
සිහි විය… ඒ පැයෙහි,

මිනිස්කමට සාක්ෂි දරනු පිණිස
මාගේ පුත‍්‍රයා අත්හළෙමි,
දුබලයින් වෙත එහි පළ
ලබනු පිණිස…
එසද මා තරම් පින්කළ
පියෙකු වෙද….

ප්‍රේමයෙහි සැරිසරන්න
ඒ දේශයේහිදී
ඔහු හමුවනු පිණිස…
ඒ මාගේ පුත‍්‍රයායි..
අප්පොච්චී කීවා….

කුමාරි ප‍්‍රනාන්දු

-ext from meepura dot com


කිවුව වෙලාව- 2011-07-04 23:26:34
තිළිණා වීරසිංහ මෙහෙම කියනවා :
"හිරු" පුවත් පතේ කතෘ ව සිටි රෝහිත භාෂණ අභයවර්ධන, ශ්‍රි ලංකාවේ පවතින මර්දනකාරි ප්‍රචණ්ඩ දේශපාලන සංස්කෘතියට එරෙහිව යහපත් දේශපාලන සංස්කෘතියක් පැහැදිලි දේශපාලන දෘෂ්ටියක් ඔස්සේ ගොඩ නගන්නට පෙනී සිටි සහ පෙනී සිටින අතිශය මානව දයාවෙන් හා සංවේදිත්වයෙන් යුතුව ඒ සඳහා දිවිය කැපකළ මාධ්‍යවේදියෙකි. දේශපාලන ක්‍රියාධරයෙකි. පසුගියදා ඔහුගේ ආදරණීය පියා (භාෂණ ගේම වදන් වලින් කියන්නේ නම් "ආදරණීය අප්පුච්චා") දීවියෙන් සමුගත්තේය. අප්පුච්චාගේ මරණය හා එක්වන්නට ශ්‍රී ලංකාවට පැමිණීමට වරම් අහිමි වුවත් භාෂණ හා පියා අතර පවතින අධ්‍යාත්මික බැඳීම ඛණ්ඩනය කරන්නට කිසිදු බලවේගයකට නොහැකිවනු ඇත. ආත්මාර්ථයෙන් බැහැරව සාධාරණත්වයේ, සමානාත්මතාවයේ, සහෝදරත්වයේ ලොවක් ගැන සිතන්නට හැකි ගැඹුරු මානව දෘෂ්ටියක් භාෂණට උරුම කළ ආදරණීය පියාණන්ට හා එක් කහට කෝප්පයක් බෙදා ගනිමින් යහපත් ලොවක් ගොඩ නගන්නට කථා බස් කල, ක්‍රියා කළ "මගේ ආදරණීය භාෂි" සහෝදරයාටත් මගේ මෙවදන් උපහාරයක් වේවා!

තිළිණා වීරසිංහ


කිවුව වෙලාව- 2011-07-04 23:17:11
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිළිනා වීරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
ඔවුහු දිවි දුන්නේ අප වෙනුවෙනි!
කවි
ස්තුතියි තාත්තේ, සංසාරය පුරාවට
කරන්ට්ස්
සැඩ සුළඟක්ව නුඹ අප අතර සැරිසරන්නෙහිය | රොශේන් චානක කම්කරු සහෝදරයාට....
රත්තරං ටික
විකල්ප ආණ්ඩුව!!
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
පොත්| මී පුප් සේ රස 'හෑල්ල'

2-Mins

(කේ.ඩී. දර්ශන) "තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන්... [More]
කවි| පෙට්ටියක් දිනා ඇත!

44-Secs

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) නිමිත්ත- ගුවන්විදුලි නාලිකාවකින් පැමිණ පැවැත් වූ තරඟයකින් පිටිසරබද ගැමියෙක් නවීන රූපවාහිනියක් දිනා ඇත.

අරඹෙ ඈත ගස් ගොල්ලේ
කෝටු කඩන ඉපනැල්ලේ
චරස් චරස් අඩි පැන පැන
දර නෙළනා බාල නගෝ... [More]
සිත්තර| ගුවෙර්නිකා යථාර්ථය!

1-Mins

(කසුන් සමරතුංග) මේ පැබ්ලෝ පිකාසෝගේ 'ගුවෙර්නිකා' නම් සුප්‍රසිද්ධ සහ අති සූක්‍ෂම තෙළි වික්‍රමය යි. යුද්ධයත් කලාකරුවාත් අතර පරාසයේ ඉසියුම් සංවේදනා සහ සංකීර්ණතා... [More]
අදහස්| මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!

2-Mins

(තාරක වරාපිටිය) බරපතල අපරාධ කිහිපයකට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කිරීමට ගෙනා යෝජනාව පිලිබඳ සංවාදය දැන් කෙමෙන් නිවීගොස් ඇත. එහෙත් ඒ මාතෘකාව පිලිබඳ... [More]
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook