Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
දෙමළත් මනරම්!!!
බූන්දි, 22:22:34
''මහත්තයා කොහාටද?'' මා අසල සිටින මිනිසා අසයි.

මගේ පිළිතුර ප්‍රශ්නයකි. ''ඕගොල්ලො දෙමළ ද?''

මගේ ප්‍රශ්නය අනෙකාට පරිවර්ථනය කර දීමෙන් පසු දෙදෙනාම හිනැහෙති. මා ඇසුවේ වැරදි ප්‍රශ්නයක් හෝ නොගැඹුරු ප්‍රශ්නයක් බව වැටහෙත්ම ''නෑ මම ඇහුවෙ ඔයා හොඳට සිංහල කතා කරන නිසා'' යැයි පවසා පශ්චත්තාප වීමට වෙර දරමි. එහෙත් ඔහුගේ පිළිතුර මා වික්ෂිප්ත කරවයි. ''අපි සිංහල, අපි දෙන්නම සිංහල'' ඔහුගේ උච්චාරණානුකූලව අනෙකා හිස සලයි. මුවෙහි සැහැල්ලූ සිනහවකි. එහි සිංහල හෝ දෙමළ ලක්ෂණත් නැත. එය මනුෂ්‍යත්වයේ නිර්ව්‍යාජ සිනහව ලෙස නම් කරමි.
''දෙන්නම සිංහල නම් ඇයි දෙමළෙන් කතා කරන්නේ''

සිංහල නිහඬ මිනිසා ඉනෙන් බීඩි මිටියක් ඇද බීඩියක් මුවග රඳවාගෙන මදෙස බලයි. මම සාක්කුවෙන් ඇදගත් ලයිටරය ඔහු අත තබමි. පිළිතුර ලැඛෙන්නේ අනෙකාගෙනි. ''මෙයා සිංහල වුනාට සිංහල කතාකරන්න බෑ. දූපතේ හැමෝම කතා කරන්නෙ දෙමළ. මෙයා දූපතේමයි හැදුනෙ පොඩි කාළෙ ඉඳන්. ඒ හින්දා සිංහල කතා කරන්න බෑ. ඇත්තම කියනවානම් මටත් ලේසි දෙමළ. සිංහලට වඩා දෙමළ ලේසියි.''

බත්තලංගුණ්ඩුවේ අති බහුතරය මෙන්ම ඔවුන් දෙදෙනාද ධීවර චරිතය. ජීවිතයෙහි දිග පළල මිස ජාතියක, භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලද භාග්‍යයකි. දැලෙහි පැටලෙන මාළුන් මිස ''ජාතිය'' ඔවුන්ට යැප_මේ මාර්ගයක් නොවන්නේය. භාෂාව ව්‍යවහාරය පිණීස මෙවලමක් මිස හිස තබාගෙන ඇවිදින කරඬුවක් වන බව ඔවුන් නොදැන සිටීම ද භාග්‍යයකි.

ජාතියක අනන්‍යතාවය කෙතරම් දුරට භාෂාව තුළ අනන්‍යවේදැයි යන සංක්ෂිප්තයේ මම වික්ෂිප්තව සිටිමි. මා ඉදිරියේ බීඩියක් උරමින් ඈත අංහස දෙස බලා සිටින මේ සංකීර්ණ සිංහලයා, සිංහලයා පිළිබඳ බොහෝ මිත්‍යාවන්ට සරළ පිළිතුරක් වැන්න. භාෂාව වූ කලි මනුෂ්‍යය හැඟුම් සමුදායන්ගේ අසම්පූර්ණ ප්‍රකාශනයක් බව මගේ හැඟීමයි. භාෂාව තුළින් නිශ්චිතාර්ථ දිය නොහැකි බවත් දිය හැක්කේ සංකේතාර්ථ පමණක් බවත් මම අදහමි.
-බත්තලංගුණ්ඩුව
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Baththalangunduwa
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
sujeewa මෙහෙම කියනවා :
[[ජාතියක අනන්‍යතාවය කෙතරම් දුරට භාෂාව තුළ අනන්‍යවේදැයි යන සංක්ෂිප්තයේ මම වික්ෂිප්තව සිටිමි.]]

පට්ට


කිවුව වෙලාව- 2011-08-03 23:25:00
GG මෙහෙම කියනවා :
ජීවිතයෙහි දිග පළල මිස ජාතියක, භාෂාවක බරක් පතලක් නොමැති වීම ඔවුන් ලද භාග්‍යයකි....ඒ භාග්‍යය බත්තලංගුණ්ඩුවේ හැර ලබාගත හැකි වෙනත් තැන් ගැන මට ඇත්තේ සැකයකි....

කිවුව වෙලාව- 2011-06-21 04:07:19
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මංජුල වෙඩිවර්ධනගෙන් තවත් වියමන්
කවි
ඒ මුහුණ
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
කවි
සුළඟට අවනතව
කරන්ට්ස්
මම තොප නොහඳුනමි
කවි
[සන්තාන ගීතිකා - 7] අවාළු පැහැය විනිවිදිමිනි..
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
ඇනටෝල් ෆ්‍රාන්ස් කියයි.
බොහෝ දේ ඉගැන්වීම මගින් ඔබේ අහංකාරකම තෘප්තිමත් කර ගැනීමට උත්සාහ නොකරන්න. ජනයාගේ කුතුහලය පුබුදුවාලන්න. මනස් විවර කිරීම ප්‍රමාණවත්ය. ඒවාට ඕනෑවට වඩා බර නොපටවන්න. ගිනි පුපුරක්... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook