Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
සතුට
බූන්දි, 18:28:33
වෙලාව අළුයම දොළහයි.
මිත්යා කුල්ඩරොෆ් උනන්දු මුහුණකින් සහ අවුල් වූ හිසකෙසින්, සිය දෙමව්පියන් වෙසෙන මහල් නිවාසයට පියාඹා ගොස්, කඩිමුඩියේ එහි ඇති සෑම කාමරයකටම දිවුවේය. ඒ වෙනකොටත් දෙමව්පියන් ද, නව කතාවේ අන්තිම පිටුවත් කියවා අහවර කර තිබූ සිය සොහොයුරිද ඇඳට ගොස් සිටි අතර, පාසැල් යන සහෝදරයින් නින්දේ පසු වූවෝය.

''කොහේ ඉඳලද ඔයා ආවෙ ?'' ඔහුගේ දෙමව්පියන් මවිතයෙන් කඳුළු සැලූවෝය. ''මොකද්ද ප්‍රශ්නෙ ?''
''අහ්.... අහන්න එපා ! අහන්න එපා ! මම ඒක කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ. හොඳ විදිහට හිතුවොතින් ඒක ඇත්තටම විශ්වාස කරන්නත් බෑ.
සිනාසුණු මිත්යා දෙපයින් සිට දරාගන්නට අපහසු සතුට, අත්පුටුවකට බර දී මැඩ පවත්වා ගත්තේය.

''ඒක විශ්වාස කරන්නත් බැහැ ! ඔයාලට හිතාගන්නත් බැහැ ! මේ බලන්න !''
ඔහුගේ සොහොයුරිය ඇය වටා වූ පුළුන් වලින් පුරවන ලද පොරොවනය පැත්තකට විසිකර, සිය සහෝදරයා ළඟට පැමි‚යාය. පාසැල් යන සහෝදරයින් ද අවදි වූවෝය.
''මොකද්ද ප්‍රශ්නෙ ? ඔයා, ඔයා වගේ නෙමෙය !''
''ඒ මම ගොඩක් සන්තෝසෙන් ඉන්න නිසයි. අම්මෙ ! ඔයාලා දන්නවද දැන් මුළු රුසියාවම මාව දන්නවා! මුළු රුසියාවම! දැන් වෙනකල් ඔයාලා විතරයි දැනගෙන හිටියෙ 'දිමිත්‍රි කුල්ඩරොෆ්' කියන රජයේ ලිපිකරුවා ගැන. ඒත් දැන් මුළු රුසියාවම මාව දන්නවා! අම්මේ! අනේ දෙයියනේ!''

මිත්යා උඩ පැන්නේය, ඒ කාමරයෙන් මේ කාමරයට දිව්වේය. ඊටපසු නැවතත් ඉඳගත්තේය.
''ඇයි ? මොකද්ද වුණේ ? අපිටත් තේරෙන්න කියන්නකො !''
''ඔයාලා ජීවත් වෙන්නෙ කැලෑවෙ සත්තු වගේ. කිසිම පත්තරයක් කියවන්නෙ නෑ. ඒවයෙ පලවෙන කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නෑ. ගොඩක් රසවත් දේවල් පත්තරවල පලවෙනවා. මොනවහරි දෙයක් වුණොත්, හැමෝම ඒක එක වර දැනගන්නවා. කිසිම දෙයක් සැඟවිලා නැහැ. මම කොච්චර සන්තෝසෙන්ද ! අනේ දෙයියනේ ! ඔයාලා දන්නවද ප්‍රසිද්ධ මිනිස්සුන්ගෙ නම් විතරයි පත්තරවල පලවෙන්නෙ. දැන් එයාලා මගේ නමත් පල කරලා !''
''මොනාද ඔයා කියන්නෙ ? කොහෙද ?''

පියාගේ මුහුණ පුදුමයෙන් පිරුණේය. දීප්තිමත් දෑසින් ශුද්ධ පින්තූරය දෙස බැලු මව කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. ඇෙඳන් පැනගත් පාසැල් යන සහෝදරයින්, ඇඳන් සිටි රාත්‍රි ඇඳුම පිටින්ම සිය සහෝදරයා ළඟට පැමිණියෝය.

''ඔව්! මගේ නම පලවෙලා! දැන් මුළු රුසියාවම මං ගැන දන්නවා. මතක සටහනක් විදිහට පත්තරේ තියාගන්න අම්මා ! අපි මේක ඉඳල හිටලා කියවමු! බලන්න!''
පුවත් පතක පිටපතක් සාක්කුවෙන් එළියට ගත් මිත්යා, එය සිය පියාගේ අතට දී, නිල් පාටින් ලකුණුකොට ඇති කොටස පෙන්නුවේය.
''මෙතැන කියවන්න ! ''
පියා ඔහුගේ කණ්ණාඩිකුට්ටම පැළඳ ගත්තේය.
''ඉතින් කියවන්න !''
ශුද්ධ පින්තූරය දෙස නැවතත් දීප්තිමත් දෑසින් බැලු මව, කුරුසියේ ලකුණ අඳින්නට වූවාය. උගුර පාදගත් පියා එය කියවන්නට වූවේය.
''දෙසැම්බර් විසිනමය පස්වරු හතට රජයේ ලිපිකරුවකුවන දිමිත්‍රි කුල්ඩරොෆ්.......''
''ඔය දැක්කද ! දැක්කද ! දිගටම කියවන්න !''
'' ....... දිමිත්‍රි කුල්ඩරොෆ්, ලිට්ල් බ්‍රෝනයියා හි, කොසිහිනිස් ගොඩනැගිල්ලේ බීර වෙළඳසැලක සිට වෙරි මතින් පැමිණෙමින් සිටිද්දි.....''
''ඒ මමයි 'සෙම්යොන් පෙට්‍රොවිච්'චුයි.... ඔක්කොම හරියට විස්තර කරලා තියෙනවා. දිගටම කියවන්න ! අහන්න !''

..... පැමිණෙමින් සිටිද්දි ලිස්සා ගොස්, 'ඉවාන් ද්‍රෝතෝෆ්' නම් යුහ්නෝෆ්ස්කයි දිස්ත්‍රික්කයේ, ඩුරිකිනෝ නම් ගම්මානයේ සිට පැමි‚ පිටිසර වැසියෙකුගේ හිමයානයේ අශ්වයා යටට වැටී ඇත. තැතිගත් අශ්වයා හිමයානය තුළ සිටි මොස්කව් වෙළෙන්දකු වන ව්‍යාපාරික සංගමයේ දෙවැන්නා වූ 'ස්ටෙෆාන් ලුකෝෆ්' ඒ තුළ සිටිද්දි, 'කුල්ඩරෝෆ්' වද පාගාගෙන ඔහුගේඇඟට උඩින් හිමයානය ඇදගෙන ගොස් තිබූ අතර, කලබල වී දිවූ අශ්වයාව නවතා ඇත්තේ, ඒ අවට නිවෙස් වල කුලීකරුවන්ය. ඔවුන් සිහිසුන්ව සිටි 'කුල්ඩරෝෆ්' පොලීසියට රැගෙන ගොස් බාර දී ඇති අතර එහිදී ඔහුව වෛද්‍ය පරීක්ෂණයට ලක් කොට ඇත. 'කුල්ඩරෝෆ්' ගේ හිසට එල්ල වී ඇති පහර.............''

''ඒ කරත්තෙ යකඩෙකින් තාත්තෙ. කියවන්න ! ඉතුරු ටිකත් කියවන්න ! ''
''...... එල්ල වී ඇති පහර දරුණු ලෙස සිදු වී නැති බවට වාර්තා විය. අනතුරට ලක් වූ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇත''

''එයාලා මට කීවා මගෙ ඔළුව පිටිපස්ස සීතල වතුරෙන් තවන්න කියලා. ඔයාලා දැන් ඒක කියෙව්වනෙ. ඉතින් ! දැක්කනෙ. දැන් ඒ විස්තරය මුළු රුසියාවෙම පැතිරිලා. කෝ ඕක මෙහෙට දෙන්න !''
පත්තරය බලෙන් ඇදගත් මිත්යා එය නමා ඔහුගේ සාක්කුවෙ දමා ගත්තේය.

''මම දුවලා ගිහින් 'මකරොෆ්ස්' ට මේක පෙන්නන්නම්.... 'ඉවානිත්ස්කයිස්' ට පෙන්නන්නනත් ඕනෑ.... 'නතාස්යා ඉවානොෆ්නා', එතකොට 'වස්සිලිට්ච්'.... මම දුවලා යන්නම්''
තොප්පි මල සමග තොප්පිය දමාගත් මිත්යා, ජයෙන් පිනාගිය පී්‍රතියෙන් වීථීය කරා දිව්වේය.
'ඇන්ටන් චෙකෝෆ්' ගේ 'ජෝයි' කෙටි කතාවේ පරිවර්තනයකි. පිංතූරය- 1883 චෙකොව්ගේ රුව ඇසුරින් අඳින ලද්දකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- JOY Short Story by Anton Chekhov, Russian Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මුතු පබාගෙන් තවත් වියමන්
පුහුල් දෝසි
ෆ්ලැමින්ගෝ වගතුග
කවි
වෙනසක වෙනස
කතන්දර
දේදුන්න අයිති කාටද?
කතන්දර
සිහින සිත්තම
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook