Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
"ඩාන්ස්" බකමූණා "ඩාන්ස්"!!!!!!
බූන්දි, 17:58:27
රාජිත දිසානායක ගේ නවතම නාට්‍යයේ එන ජන කතාවකට අනුව එක්තරා කැළයක බකමූණෙක් සිටියි. ඌට රෑට දේවල් දැකිය හැකි නිසා විස්මයට පත්වන කැලේ සත්තු ඌ තම රජු ලෙස සලකන්නට තීරණය කරති. ඉතින් එක්තරා දහවළක රජකමට පත්වන බකමූණා වීදියට බැස රජ ගමනේ ඇවිද යයි. බකමූණාට රෑට මිස දවල් ට නොපෙනේ. ඒ බව සතුන් නොදනී. බකමූණා ද ඒ බව නොකියයි. ගල් වල මුල් වල හැපෙමින් වැටෙමින් බකමූණා යන්නේ හෙළට ය. සියල්ලෝ ඌ පසුපස ජය ඝෝෂා නගමින් හෙළ කරා ඇදෙති.

අපේ රටේ නම් බකමූණන් වීදි බැස්ස ගමන් ය. ඒ නිසා ඒ ගැන කතා කොට වැඩක් නැති නිසා ඊට කොහෙත් ම සම්බන්ධ නැති වෙනත් සිද්ධියක් දෙස බලමු.

මර්වින් සිල්වා යළිත් වරක් දෙනෝ දාහක් ඉදිරිපිට සිය නොසරුප් කමේ බලය පරම බව එක් දහස් එක් වන වරටත් රටට ම පෙන්වා සුවසේ ගෙදර ගියේය. ඒ ස්වර්ණවාහිනිය විසින් පවත්වනු ලැබූ "ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්" වැඩසටහනේ විනිශ්චය අසුනේ සිට එහි අවසන් වටයේ තරගකාරියක වන මේනකා පීරිස් ට රෑ කෑමකට (දවල් කෑමකට නොවන බව ඔහු අවධාරණය කරන ලදි) මුළු ලොවට ම ඇසෙන සේ ආරාධනා කිරීමෙනි. මේනකා නිහඩව බිම බලා ගත් අතර එතැන ප්‍රේක්ෂක ජනතාව සතුටින් ඔල්වරසන් දුන්නේ ගරු ඇමති තුමාගේ ආරාධනය කෙරෙහි පහළ වූ සුවහසක් පහන් සිත් වලිනි. "මම කැමතියි ඔයාට රෑ කෑමකට ආරාධනා කරන්න - දවල් කෑමකට නෙවෙයි -.(අතර මැද මේනකා ගේ සිරුර පිළිබඳ කුණුහරුප වැණුමකි)... අනෙක රෑ ද දවල් ද කියල ප්‍රශ්නයක් නෑ.... පුද්ගලය හොඳ නම් දවල් උනත් කමක් නෑ." ඒ ආරාධනය කෙරෙන්නේ ඇගේ රූ සපුව ද ඇඟ පුරා ඇති නර්තනය ද සිය වෘෂභ වහරින් වනමින් වළිගය ද අං තට්ටුව ද තාලයට නටවමින් යාබද විනිශ්චය අසුනේ සිටි ගීතා කුමාරසිංහගේ අතක් ද තරයේ මිරිකමිනි. එතැන මේනකා ගේ පවුලේ අය ද ගරු කටයුතු කලා කරුවන් ද ඇතුළු බොහෝ පිරිසක් සිටි මුත් ඊට එරෙහිව ගිය ‍කිසිවෙකු නොවිණි. මේනකා ඇතැම් විට ඒ ඇරයුම භාර ගන්නට ඇත. නැත්නම් කර කියා ගන්නට දෙයක් නැතිව නිහඬ වන්නට ඇත. මර්වින් සිල්වා ඇමතිතුමාව ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔහුගේ සිත රිදවීමෙන් ඇතිවිය හැකි භයානක ප්‍රතිඵල අවබෝධ කර ගන්නට තරම් එතැන උන් බොහෝ දෙනෙකු බුද්ධිමත් හා සවිඥානික වීම එයට හේතුව විය හැක. නැත්නම් නිළියන්ට හා නැටුම් ශිල්පිණියන්ට මේ මොහොත තුළ ඇති වටිනාකම නිසා ම මේනකා ට එහෙම කිව්වාට අවුලක් නැතැයි කවුරුත් හිතන්නට ඇත. ඊට පැය භාගයකට පසු ඔහු චිලී ට (තවත් තරගකරුවෙක්) රු.50,000 ක් "අතින්" දෙන බව ප්‍රකාශ කළ අතර සිහි කල්පනාව පහළ වූ චිලී වහාම නිවේදකයා නොහොත් කාන්තා අයිතීන් වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වැද සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් මයික්‍රෆෝනය උදුරාගෙන එම අමුතු ත්‍යාගය දඩි බිඩියේ ම ප්‍රතික්ෂේප කළේය.

අපි නැවත මේනකා ගේ සිද්ධියට හැරෙමු. ඇරයුම් කිරීමේ හෝ ඇරයුම් භාරගැනීම් වල කිසිදු අවුලක් නැත. එහෙත් ගැටළුව නම් මර්වින් ගේ ලිංගික වුවමනාව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට බලහත්කාරයෙන් සපුරා ගැනීමට ඇති අයිතිය පිළිගන්නා තැනකට ලාංකේය සමාජය සහ ජනමාධ්‍ය පත්ව තිබීම ය. මේනකා ගේ පවුලේ අය ද මහජනතාව ද ඔහු හා සම අසුන් ගන්නා කෙවින් නුගේරා වැනි ශිල්පීන් ද රන්ජන් රාමනායක ද ඇතුළු විපක්ෂයට ද එහි අවුලක් නැත. සියල්ලෝ ඒ වේදිකව මත ඉමහත් ආනන්දයකින් සහෝදරත්වයකින් ඔහුගේ තුප්පහි ප්‍රමෝදය ඉවසති. ඔහු ගිය වර එය පබා ට කරන විට එය ද සතුටින් භාර ගත් සමාජය ඒ සිද්ධිය අඩංගු වීඩියෝ ක්ලිප් එක අන්තර්ජාලයෙන් නරඹා ලැබූ ආස්වාදය ඉමහත් ය. එවිට සියල්ලෝ මර්වින් සමග ඒකාත්මික වී අර ස්ත්‍රී ආත්මය ද සිරුර ද රස විඳිති. මර්වින් ගේ ලිංගික අර්බුදය හා එවිට අපි ද කොන්දේසි විරහිතව අනන්‍ය වී ඇත්තෙමු. මැදපෙරදිග රැකියා වල නියුතු ලාංකික කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ සටන් වදින රන්ජන් ට තමන් සමග එකට වේදිකාවේ සිටින සහෝදර ශිල්පිණියට මර්වින් ප්‍රසිද්ධියේ රෑට හම්බ වෙන්න අඬගැසීම සිනා සිසී බලා සිටිය හැකි කාරණයකි. කොහොම වුණත් අන්තිමට රන්ජන් ට ස්වර්ණවාහිනියන් ගෙවන්නේ ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදීම සඳහා නොව ඔවුන් අපූරුවට නිර්මාණය කර ඇති මේ ගොන් පාට් කේක් එකට රෝස පාට අයිසින් ගාන තරමට ය. එතකොට මුදල් යන කාරණයේ දී රන්ජන් තුළ ඇති මානව විමුක්තිවාදියා නිදිය. එසේම ඔහුට ද අනෙක් සියල්ලන් ට මෙය බලය පිළිබඳ ගැටළුවයි. බලයේ ස්වාධිපත්‍යය නියෝජනය කරන මර්වින් මේනකාට කී දෙය සෝමා එදිරිසිංහට කීවත් නරඹන්නන්ගේ අම්මලාට නංගිලාට කීවත් "ඇයි?" කියා අසන්නෙක් නැත.

අනෙක් අතට ස්වර්ණවාහිනිය මර්වින් සමග ස්ටාර්-රමණයේ යෙදීම පරිබාහිර දෙයක් ලෙස සළකමින් එයින් වියුක්තව ජාතිකවාදී හෝ පශ්චාත්නූතනවාදී ගැටළු හා ගණුදෙණු කරමින් කල් මැරීම සංයුක්ත ක්‍රියාවක් බවට පත් නොවන්නේ මර්වින්ගේ භූමිකාව පුරවැසියන්ගේ ජීවිත වල පැහැදිළි හරස්කඩක් බවට දිනෙන් දින පත් වීම හරහා ය.

මර්වින් ඇමතිවරයා රූපවාහිනියට පහර දී රූපවාහිනියෙන් පහර කෑ පසු රූපවාහිනියේ කී දෙනෙක් පහර කෑවේ ද රෝහල් ගත වූයේ ද යන්න රටම දනී. කැළණියේ ජනතාව සහ ව්‍යාපාරිකයින් දැනට එරට වෙසෙසින් පාලනය කරන දුටුගැමුණු රජු යටතේ ඡන්ද කාල වලදී ද සාමාන්‍ය සමයන්හිදී ද ගෙවන්නාවූ ජීවිතයේ අරුම රට ම දනී. එක් අතෙකින් අද වන විට බලය පිළිබඳ කාරණාව වර ගැන්වෙන්නේ විධායක, ව්‍යවස්ථාදායක සහ නීතියේ ආධිපත්‍යය දේශපාලනඥයා වෙත එක් රොක් කරමිනි. ඒ අනුව බලද්දී ඔහු සර්ව බලධාරියා ය. කිසියම් සිදුවීම් එකකින් හෝ දෙකකින් තමන්ට එරෙහිව යන්නන්ට අත්විය හැකි ඉරණම ඔහු පෙන්වා දී තිබේ. ඉන්පසු ඔහුගේ බල ක්‍රියාවන් සියල්ල සාමාන්‍ය සිදුවීම් වන අතර ඔහු තමන් සතු පරම බලය ආනන්දයෙන් විඳ ගනියි. අනෙක් අතට එබඳු දේවල් කරන්නේ ඔහු පමණක් නොවේ. රටෙහි ඒ කෙළවරෙහි පටන් මේ කෙළවර දක්වා ඉඩම් හිමිකාරත්වය ලබා ලැනීමට මිනිසුන් දුක් මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාර මතු නොව නිවෙස් පවා සිය බලය යොදවා පැහැර ගැනෙයි. නැවක් තබා බෝට්ටුවක්වත් ඇතුළට ගැනුමට බැරි වරායවල් තැනෙයි. තමන්ට වුවමනා වාහන ගෙන්වා ගත් පසු වාහන බද්ද සියයට තුන්සියයකින් වැඩි වෙයි. කෝටි ගණන් මහජන මුදල් රිසිසේ විසි කරමින් කොමිස් ගනිමින් ව්‍යාපාර වල නිරත වීමට එරෙහි වන්නෙක් නැත. කොටින්ම මේ රට මිනිසුන්ට අයිති නැත. ඒත් මේ අපූරු මහ ජනතාව ඉවසා සිටියි. අප මේ රටෙහි වසන්නේ බකමූණන්ගේ කරුණාවට පින් සිදු වන්නටය. ඉතින් මර්වින් තම ආසාව හෝ වුවමනාව ප්‍රසිද්ධියේ කීවාට එරෙහි නොවීමට තරම් මේ ජනතාව බුද්ධිමත්ය. ඊළඟ අවුරුද්දේත් ස්වර්ණවාහිනිය ඔහුව ම විනිශ්චයටගෙන්වනු ඇත. හැබැයි ඉතිං බැරි වෙලාවත් මාගම්පුර දෙයියන්ගේ කරුණාවෙන් ඔහු වැදගත් මහත්මයෙකු වුවහොත් මර්වින්ගෙන් ස්වර්ණවාහිනියට වැඩක් නැත. ඔහුව මාර්කට් කළ හැක්කේ මේවා කියන තරමට ය. මිනිසුන් බලන්නේ එවිට ය. නිකම්ම නිකං නැටුම් බලනවාට වඩා මිනිසුන්ට තව වැඩ ඇත.

ගැටළුව නම් මේ කිසිවෙකු හෙවත් බහුතරය මර්වින් ව අනුමත නොකරන මර්වින් විරෝධීන් වීමයි. සමාජය එකම ප්‍රස්තූතයක් අරභයා විසංවාදී පිළිවෙත් අනුගමනය කරන එකම අවස්ථාව මෙය නොවේ. එය හැමවිටම එහෙමය. මර්වින්ලාගේ සහ මහේන්ද්‍රලාගේ හයියත් ඒකමය. බකමූණන්ට මහ දවල් නොපෙනේ. ඉතිං උන් හෙළ ට යයි. අපට මහ දවල් හොඳට පෙනේ. ඒ වුණත් අප යන්නේ බකමූණන් පස්සේ ම ය. හෙළ ඇති බව පෙනුන ද කිසිවෙක් කට නාරිති. 'හොඳ වල් ඌරන්' එහෙමය!
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rajitha Dissanayake, Owl on the Street, Mervin Silva, Swarnavahini, Dance Stars Dance, Menaka Peris, Ranjan Ramanayake, Soma Edirisinghe
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Muththa මෙහෙම කියනවා :
I Never though I'd say this but mervia plays a certain role played in Sri Lanka politics up to today. Mahinda believes that there should be someone playing that role so mervin plays it to the bone.
This is something like having guns. There would be crimes even if there were no guns.
Guns equalize the most well built stongman with the weakest woman who can't open a bottle.
We laymen would think that if everybody behaved nicely we wouldn't have any problems.but someone more wiser than us in those areas belives so
My point is
Though we speak of democracy in high regard if we get 100% democracy today.
The country would run to a standstill. In Chandrika's time there was more freedom and the resulted in so many srikes.
We are not developed enough to have democracy if we were given that another handful of elites would grab it from us and make their own banana republic.
We are in essence a society in its teens.
So as long as our presidents believe these types of guys are needed they will be there.
And I think you all agree that his reading(understanding) on our society(how things work here) is much better than mine or yours.
So the answer is
Till the capable man sitting on the high chair believes a Mervin is necessary this person will play that role to the bone and disgust himself to the bone by the eyes of society.


කිවුව වෙලාව- 2011-10-22 00:03:09
අරුණ ගුණවර්ධන-මැදිරිගිරිය මෙහෙම කියනවා :
මර්වින් ඇත්තටම කරදරයක්.ඒ කැළණීය කිරිබත්ගොඩ ඉන්න ව්‍යාපාරිකයින්ට.ඒ ඇර පොඩි මිනිස්සු ඒ මිනිහට හරි ආදරෙයි.
මම පහුගිය සති දෙක හිටියේ පොඩි සමීක්ෂණ කටයුත්තකට කැළණීය කොහොල්විල පැත්තේ.ඒ ටිකේ මට අදාල නැති උනත් මගේ කාරනාවට එන අතරේ කියවෙන කරුණු අතරේ තිබුනේ වැඩි හරියක් ඒ මනුස්සයා පොඩි මිනිහා එක්ක කොච්චර සමීපද කියන එකයි.ඒකට හේතුව මිනිහා නීති විරෝධීව ගමන් කරමින් හරි පොඩි මිනිස්සුන්ට ලොකු එකාගෙන් වෙන හානිය වලක්වන්න කටයුතු කිරීමයි.ඇත්තටම මේ පැත්ත පුදුම සාමකාමී පැත්තක් දැන්.වැරදි නැති තැන් නැහැ.ඒත් රටේ හැම තැනම යන මට ටිකක් අවබෝධයක් තියෙනවා මොකක්ද වෙන්නේ කියන එක ගැන

මට මර්වින්ගෙන් ඇති වැඩක් නැහැ.ඒත් වැරදි පැත්තම දකින ඔබ වැනි අයගේ මෙවැනි ලිපි වලටයි ඒවාට කරුණු නොදැන ප්‍රතිචාර දක්වන අයයි දිහා බැළුවම මේ ටික නොකියා බැහැ කියලා හිතුනා.


කිවුව වෙලාව- 2011-08-24 07:27:02
මේ මමනේ මෙහෙම කියනවා :
අනේද කියන්නේ?

කිවුව වෙලාව- 2011-08-24 07:20:17
ChaaN මෙහෙම කියනවා :



කිවුව වෙලාව- 2011-08-24 01:27:35
unknown මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-22 01:18:33
ruwan මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-20 13:46:49
kasun මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-20 11:18:25
atta මෙහෙම කියනවා :
Deshapalanaya pirihila.

කිවුව වෙලාව- 2011-08-19 05:29:26
kumudu මෙහෙම කියනවා :
mervin is darty person. But many people in srilanka worship him. thats the mattermervin is darty person. But many people in srilanka worship him. thats the matter

කිවුව වෙලාව- 2011-08-19 04:09:17
Fernando මෙහෙම කියනවා :
රටටම විහිලුව්ක් මර්වින්

කිවුව වෙලාව- 2011-08-19 00:30:13
දුෂාන් මෙහෙම කියනවා :
අපි නම් ඔය වැඩසටහන් බලන්නෙත් නෑ. අපිට ඔය මෝඩ චූන් වැඩකුත් නෑ..

කිවුව වෙලාව- 2011-08-18 00:28:44
Madhusha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-17 22:27:15
@nayomi මෙහෙම කියනවා :
පට්ටපල් ඇත්ත... ඒත් අතලොස්සක් ඇරෙන්න මුලු ලන්කාවම රන් වෙන්නෙ මේ ආතල් වලින්..

Laksha


කිවුව වෙලාව- 2011-08-17 21:14:01
nayomi මෙහෙම කියනවා :
ape gedara t.v aka goloola dala danata awurudu 3k,a nisaa oya kunu api kanne nea, "welawa nasthi karaganne nethuwa sriilankeeya ruupawahini sampradhaya obe salayen athu gaa damanna

කිවුව වෙලාව- 2011-08-17 19:36:16
kal මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-16 02:39:44
Vindya මෙහෙම කියනවා :
I don’t think this is something wrong with politicians.. We know they are wrong.. If so, why we are vote for them?? Why our media welcome that kind of person to be in the stage. Why our people are enjoying those programs?? All this because Sri Lankans are idiots.. They are blind and stupid.. We all are wrong..

කිවුව වෙලාව- 2011-08-15 22:28:47
Mihisara මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-15 20:59:05
nishachara මෙහෙම කියනවා :
මේ බස්සො ගැන ලියන කියවන එක පවා වෙලාව නාස්තියක්... මොකද.. මොකුත් ම වෙන්නෙ නෑ... මහ බස්සා මුන්ව ප්‍රොටෙක්ට් කරනවා...

කිවුව වෙලාව- 2011-08-14 21:19:26
Kosala මෙහෙම කියනවා :
එහෙම කියන්න එපා. ලංකාවේ විස්සවිද්දියාලෙකිං ආචාර්ය උපාදියක් දෙයිද වැඩකට නැති මනුස්සයෙකුට. අපේ විස්සව්ද්දියාල තමයි ලෝකේ අංක එකේ එව්වා.

කිවුව වෙලාව- 2011-08-14 10:27:59
tharindu hasantha මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-14 10:19:14
මතයා මෙහෙම කියනවා :
උඹලාවත් කට අරින එක ලොකු දෙයක්...
බලාගෙන මර්වියාගේ ගූ හමුදාව හරි සුදු වෑන් හරි එලවන්න බැරි නෑ


කිවුව වෙලාව- 2011-08-13 12:27:48
bakamuna මෙහෙම කියනවා :
කතාවනම් සහතික ඈත්ත.මුගෙ ගූ කට ඈරියොත් පලාතම ගදයි

කිවුව වෙලාව- 2011-08-13 10:16:25
OWL මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-12 01:17:31
tkb මෙහෙම කියනවා :
200% true200% true200% true200% true

කිවුව වෙලාව- 2011-08-12 00:30:50
Daspiya මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-08-12 00:09:57
ඩී.පී මෙහෙම කියනවා :
රට බල්ලට ගිහිං.. බල්ල රට ගිහිං..

කිවුව වෙලාව- 2011-08-11 22:58:16
Ran මෙහෙම කියනවා :
run mervin run

කිවුව වෙලාව- 2011-08-11 18:40:27
Ran මෙහෙම කියනවා :
කමෝන් මර්වින් ....

කිවුව වෙලාව- 2011-08-11 18:40:10
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ආලෝක රණසිංහගෙන් තවත් වියමන්
අදහස්
මැරයිනි, ජයතිලක බණ්ඩාර නම් ජනතාවාදී අරගලකරුවාට අත නොතබනු!
අදහස්
ජෙයපාලන් නම් වන පාලම් තනන්නා....!!
අදහස්
පෙම්ලොවදී දුටු ඔහුමද මේ- ඔහුටද මා අන්ධ වුණේ? | Killing Fields වැලිවේරිය
කරන්ට්ස්
නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
අදහස්
රිසානා
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
මාර්ටින් ලූතර් කිං කියයි.
අපේ ජීවිතවලට බලපාන දේවල් ගැන නිහඬව සිටින දවසට අපේ ජීවිත අවසන් වීම ඇරඹෙන්නේය. අවසානයේ අපේ මතකයේ ඉතිරි වනු ඇත්තේ, අපේ සතුරන්ගේ වචන නොව, අපේ මිතුරන්ගේ... [More]
What's New | අලුතෙන්ම
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook