Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සුනිල් එදිරිසිංහගේ "මල් වැහි පොද" වැටුණු දා
සුනිල් එදිරිසිංහගේ නවතම ගී නිර්මාන එකතුව "මල් වැහි පොද" එළි දැක්වූ දා, කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවනාගාරයේ දී මහාචාර්ය රාජ් සෝමදේව කළ දේශනය.
බූන්දි, 08:27:08
ගෞරවණීය ස්වාමීන්වහන්ස සම්භාවනීය අමුත්තනි රසික සහෘදයනි,

මෙරට කලාකරුවන්ගේ සහ කලාකාමී බොහෝ දෙනාගේ ආදරයට සහ සම්භාවනාවට පත් වී සිටින සුනිල් එදිරිසිංහ සංගීතවේදියාගේ තවත් සිත්කළු නිර්මාණයක් එළිදක්වන මේ මොහොතේ ඒ වෙනුවෙන් සහභාගී වීමටත් මෙසේ අදහස් දැක්වීමටත් ආරාධනා කිරීම ගැන මම මෙම උත්සවයේ සංවිධායකවරුන්ට පළමුව මගේ කෘතඥතාව පළ කරමි. මෙරට සිටින කෘතහස්ත කලාකරුවකුගේ නිර්මාණයක් එළිදක්වන මොහොතක එවැනිම කලාකරුවකු හෝ කලාවට සම්බන්ධ ප්‍රවීණයකු එහි ප්‍රධාන දේශනය පවත්වනු ඇතැයි යන්න ඔබ සියලු දෙනාගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනය බව මම දනිමි. එහෙත් වෘත්තියෙන් පුරාවිද්‍යාඥයකු වන මගේ අදහස්වලට කන් දෙන්නට අද ඔබට සිදු වී තිබෙන අතර නුහුරු සභාවක් ඇමතීමට අද මට ද සිදු ව තිබේ.

මා වඩා හොදින් දන්නේ පුරාතනය සම්බන්ධ දේ නිසා මගේ කෙටි දේශනය සඳහා කලාවට වඩාත් අදාල තේමාවක් අතීතයෙන් සොයා ගත යුතු යැයි මම කල්පනා කළෙමි. සංගීතය, ගායනය, නර්තනය, චිත්‍රය, මූර්තිය මේ කුමක් සම්බන්ධයෙන් හෝ වේවා ඒවායේ පවතින භෞතික වෙනස්කම් අබිබවා යන පොදු ඒකමිතියක් තිබේ. ඒ වනාහී රිද්මයයි. රිද්මය මනුෂ්‍ය නිර්මාණයක් නොව එය ස්වභාව ධර්මයේ අන්තර්ගතයකි. මිනිසා ස්වභාව ධර්මයෙන් උකහා ගත් රිද්මය සංස්කෘතීකරණය කළේ ය. පරිණාමයේ ඈත කාලයක සිට මිනිසුන් සියලු දෙනාට පොදු සාධකයක් වූයේ රිද්මයයි. එහෙයින් ගීයක් ගයන්නාත්, ඊට සවන් දෙන්නාත් යන දෙදෙනාම යා වන්නේ ඔවුන් දෙදෙනාම රිද්මයෙන් ඒකාත්මික වන නිසා ය. සහෘද යන වචනයට නියම අර්ථයක් ලැබෙන්නේ එලෙස දෙදෙනෙකු අතර සමාන හෘදයක් ඇති වූ විට ය.

1996 වසරේදී විද්‍යාව සහ කලාව පිළිබඳ ස්ලෝවේනියානු ඇකඩමියේ පුරාවිද්‍යාඥයෙකු ලෙස කටයුතු කරන ඉවාන් ටර්ක් නමැත්තා අපුරු සොයා ගැනීමක් කළේ ය. ස්ලොවේනියාවේ පිහිටි දිව්ඡේ බේබ් නමින් හැඳින්වෙන ගල්ගුහාව කැනීමට ලක් කළ ඔහු එහි තිබී සිදුරු විදින ලද සතෙකුගේ අස්ථී කැබැල්ලක් සොයා ගත්තේ ය. එය පැරණිතම නලාවක් බව පසුව ටර්ක් විසින් වටහා ගැනිණි. විද්‍යාත්මක විශ්ලේෂණවලින් පසුව එම අස්ථීමය නලාව මීට අවුරුදු 50, 000 ක ඉහත කාලයකදී අපගේ ආසන්න පුර්වජයා වූ ආද්‍ය හෝමෝසාපියන් විසින් නිපදවන ලද්දක් බවට නිර්ණය කෙරිණි. තව නොබෝ මොහොතකින් මෙහි වාදන වෘන්දය වයන්නට නියමිත විවිධාකාර සංගීත භාණ්ඩ අතර වන බට නලාවේ ආරම්භය එතරම් පැරණි ය. ඇත්ත වශයෙන්ම මිනිසුන් රිද්මය සමග ගනුදෙනු කරන්නට පටන් ගත් කාලය ඊටත් වඩා පැරණි යුගයකට අයත් ය.

රිද්මය පිළිබඳ ස්වයං අත්දැකීමක් නොවන්නට කිසිදු දිනෙක මිනිසාට දෙපයින් ඇවිදීමේ හැකියාව නොලැබෙනු ඇත, යන කරුණ පරිණාම ජීව විද්‍යාව තුළ අද පිළිගත් සිද්ධාන්තයකි. මේ ශාලාවේ සිටින ඔබ සියලු දෙනා ඇවිදින ආකාරය වෙන් වෙන් වශයෙන් රූපගත කොට ඒවා මන්දගාමී චලන වේගයෙන් නිරීක්ෂණය කළ හොත් ඔබ සියලු දෙනා ඇවිදින්නේ ඔබටම ආවේණික රිද්මයකට අනුව බව පෙනෙනු ඇත. ඔබ සියලු දෙනාම ඇවිදින විට කකුලේ වළලුකර දණහිස, ඉඟටිය සහ උරහිස යන සන්ධිවලින් කිසියම් යතියක් තිබෙන රිද්මයක් ඔබට ලබා දෙයි. මෙම රිද්මය උත්පාදනය කිරීම සඳහා අප සියලු දෙනාගේම මොළයේ අභ්‍යන්තර ඩමරුවක් නිර්මාණය වී තිබේ. එය පරිණාමයෙන් අපට ලබා දුන් උරුමයකි. ඉතා දුරක වැයෙන තත් පෙළක ස්වරයකට ඔබ සෙමින් ඇඟිලි ලෙලවන්නේ ඔබ තුළ තිබෙන මේ අභ්‍යන්තර ඩමරුව ඊට වහා සංවේදී වන නිසා ය. එක් අතකින් ජීව විද්‍යාත්මක වූත්, තවත් අතකින් මනෝවිද්‍යාත්මක වූත් මෙම අභ්‍යන්තර ඩමරුව මිනිස් මොළය තුළ වර්ධනය වූයේ මීට අවුරුදු දශ ලක්ෂ තුනහමාරකට ඉහත කාල වකවානුවකදී බව ටැන්සානියාවේ - ලැටොලි නම් ස්ථානයෙන් සොයා ගෙන තිබෙන ගිනිකඳු අළු මත ඝනීභවනය වූ ඔබේත්, මගේත් අති පුරාණ ඥාතින් යුවලගේ පා සටහන් අනුව තේරුම් ගෙන තිබේ.

නූතන මිනිස් වර්ගයට අයත් අප සියලු දෙනාට මෙතරම් දියුණු ලෝකයක් තනන්නට ඉඩ හසර ලබා දුන් භාෂා නිපුනත්වයත්, සංගීතයේ සහ ස්වභාව ධර්මයේ රිද්ම රටා අනුකරණය කිරීමේ හැකියාවත් ලැබී තිබෙන්නේ සියවස් දහස් ගණනක් තිස්සේ අප පුරුදු පුහුණු වීමේ ප්‍රතිඵලයකිනි. සුනිල් එදිරිසිංහ සංගීතවේදියාණන් තව නොබෝ වේලාවකින් ඔහුටම ආවේණික වූ මධුර ස්වරයෙන් ගයන්නට නියමිත මල් වැහි පොද නමින් හඳුන්වා ඇති මෙම ගීත සමුච්චය රචනා කළ ප්‍රවීණ සහ නවක ගී පද රචකයන්ට එලෙස ඒ වියමන් ගොඩ නගන්නටත් ඒ වියමන්වල මාධූර්යය ඔබේ සවනට ගලා එන නාලිකාව වූ භාෂාව කවදා කොතැනක කෙලෙසක හට ගත්තේදැයි කෙනෙකු ඔබගෙන් ඇසුව හොත්, සංගීතයත් ස්වභාවික රිද්මයත් අනුකරණයත් අනුසාරයෙන් එය ප්‍රභවය වූ බව ඔබට අසන්නට ලැබෙනු ඇත.

ප්‍රිය සහෘදයිනි, අවුරුදු දශලක්ෂ ගණනක් තිස්සේ එක් අතකින් ජීව විද්‍යාත්මක ලෙසත් තවත් අතකින් මනෝවිද්‍යාත්මක ලෙසත් මිනිසුන් වශයෙන් අප රිද්මය උරුම කර ගත් නිසා කලාත්මක ප්‍රතිනිර්මාණ වෙත ඇදී යාමේ සහජ නැමියාවක් අප කා තුළත් නිදන්ගත ව තිබේ. සප්ත ස්වරය විවිධ ශ්‍රීත හරහා මුසු කොට සංවිධානය කළ විට රොනට ඇදෙන බමරුන් සේ අප ඒ වටා නිතැතින් යොමු වන්නේ ඒ සහජ පෙළඹවීම නිසා ය. අද ඔබ සියලු දෙනා මෙතැන රැස්වන්නට පදනම් වූ විවිධාකාර හේතුන් අතර මේ සහෘද කලාකරුවාට කෘතවේදීවීම පමණක් නොව මා සඳහන් කළ සහජ පෙළඹවීමද සැලකිය යුතු බලපෑමක් ඇති කර ඇති බව නිසැක ය.

1973 වසරේදී සඳකඩ පහණක කැටයම් ඔපලා නම් ගීතයෙන් ගායකයකු ලෙස අප අතර නමක් සටහන් කරමින් ජන ප්‍රසාදය දිනන දිගු ගමනක් ආරම්භ කරන සුනිල් එදිරිසිංහ මා දකින්නේ වසර දහස් ගණනක් තිස්සේ මෙරට පැවැති සංස්කෘතික සම්ප්‍රදාය මගින් බිහි කළ අප අයත් වර්තමානය හොබවන කලාකරුවකු ලෙස ය. ගලෙන් නෙළු සඳකඩ පහණක වරුණ ගයමින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ සුනිල් අද අපෙන් දයාද්‍ර ලෙස අසන්නේ මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා යනුවෙනුයි. මීට අවුරුදු එක් දහස් අටසියයකට පෙර ඔබ වැනිම ගාන්ධර්වයෙක් තිස්සමහාරාමයට ආසන්න පිහිටි කිරින්දේ රළු ගලක උද්ගීතී නම් වූ විරිතෙන් ගීතවත් කවක් රචනා කළේ ය. අපරිමිත වූ ලෝක ධාතුවේ බුදුන් හා සමාන කෙනෙකු නොමැති බවත්, බුදු කෙනෙකුගේ පහල වීම දුලබ බවත් ඔහු ප්‍රකාශ කළේ ඔබ මෙන්ම ළයාන්විතව ය. සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු ඒ ගීතවත් පද මෙසේ ය.

අපරිමිතෙ ලොකහි බූධ
සමේ නති අඨානෙ පරම දුලබෙ
සවඤුතෙ පතෙ
අනුතරෙ සතෙ


ඇත්ත වශයෙන්ම මල්වැහි පොද නම් වු මෙම ගීත සමුච්චය ගාන්ධර්වයකුගේ ඓතිහාසික පුනරාගමනයක් ලෙස මට පෙනේ. ඒ කුමන ගාන්ධර්වයාද?

පීන පයෝධර භාරා
ලීලිත සාරස තනු මධ්‍යා
නීලේන්දීවර නයනා
කේයං මනෝ රමා රමං


යනුවෙන් සීගිරී කැටපත් පවුරේ ගීතවත් වැකි ලියූ ගාන්ධර්වයාද?

එසේත් නොවේ නම්,

මුළු ලක්හි පැළබෙන සඳ
සිරිකතට උවිදුවන්
විසිකතට බඹහුවන්
පළතෙදට හිරුහු වන්
සොමිලෙසට සිසිහු වන්


යනුවෙන් වෘත්ත ගන්ධි ශෛලියෙන් මිනිපේ පුවරු ලිපියේ එන ගද්‍ය පාඨය ලියු ගාන්ධර්වයාද?

මල් වැහි පොද ගී සමුච්චයේ පස්වන අංකයේ ඔබ ගයන,

ළමා කලය අකුරට හුරු
යන්නට එය නිකම් නොහරු
හොඳට පිහිට වෙති ගුරුවරු
වන්නට බල උන් හට ගුරු
යන ගී පද කිහිපය මගේ සිතට නගන්නේ,

දෙගුරුන් තම දරුවනට
දෙන නොමඳ දන නම්
වියතුන් සබා මැද
ඉන්ට සරිලන ශිල්ප දෙනු මැයි


යනුවෙන් කියැවෙන අපේ සම්ප්‍රදායික ඇගැයුම යි.

සමාජයට ඵලදායී දායකත්වයක් දැක්වීමට සමත් කිසිදු සාර්ථක කලාකරුවෙකුට අත්මිදිය නොහැකි බැදීම් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න එකී කලාකරුවා අයත් සංස්කෘතික සම්ප්‍රÞයට දක්වන බැදීමයි. දෙවැන්න ඔහු ජීවත්වන සමාජ දේශපාලන සන්දර්භය මගින් ඔහුට ලබා දෙන අත්දැකීම් සමුච්චය වෙත තිබෙන බැඳීමයි. සුනිල්ගේ කටහඩ සහ ඔහු සියුම් ලෙස තෝරා බේරා ගන්නා පදමාලා ඔහු කෙතරම් දේශීය සංස්කෘතික සම්ප්‍රදායෙන් හික්මීමක් ලබා ඇත්තේද යන්න අපට හොඳින් පැහැදිලි කරයි. වර්තමාන සමාජ- දේශපාලනික කලකෝලාහලවලින් කම්පනය වන ඔහුගේ කටහඩ මීට පෙරත් විවිධ අවස්ථාවල ඔබත් මමත් අසා ඇත්තෙමු. අමල්බිසෝ, පලංචියේ, අනේ මෙහෙම තන්හාවක් ආදී ඔහුගේ ගීත ඊට සැපයිය හැති හොද නිදසුන්ය. අප කවුරුත් මෙන්ම සුනිල් සහ ඔහුට පදමාලා රචනා කළ සියලු දෙනාද අපේක්ෂා කරන කේතුමතී රාජ්‍යයක් තිබේ. ඒ අලුත් ලෝකයකි. මල් වැහි පොද ගී සමුච්චයේ තේමා පාඨයෙන්ම ඔහු මහා පින්කමක් ලෙස සලකා අලුත් මහපොළවකට අප සියලු දෙනාට ආරාධනා කරන්නේ එහෙයිනි. නන්දිකඩාල් කලපුවට වට සඳඑළියේත් දකුණේ යෝධකණ්ඩිය වැවට වට සඳඑළියේත් වෙනසක් නොදකින සමාජයක ජීවත් වීම ඔබගේ ප්‍රාර්ථනය මෙන් අපගේ ද ප්‍රාර්ථනය යි.

අවසාන වශයෙන් නුහුරු සභාවකට ඇමතීමේ කාර්යය මම මෙසේ නිමා කරන්නෙමි. ඔබ සියලු දෙනාට අප්‍රමාණ ප්‍රහර්ෂණයෙන් යුත් සන්ධ්‍යාවක් වේවා!

2011 සැප්තැම්බර් 01
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sunil Edirisinghe, Mal Wehi Poda Album 2011
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Amare මෙහෙම කියනවා :
ane apoyi. kalaa wichaarayata giya kala. muu sanskruithiyeyi shishtaachaareyi wenasawath hariyata dhanne nehe. ithihaasa keellakuyi sellipi keellakuyi dhapuwahama goda dhenek rewatenawa. meekata washee wechchi aya bhaashawa hari ithihaase hari witharak nemeyi meeke dhaala thiyena kawiyakwath dhanne nethi nisayi mehema thrill wenne. igenaganillaa... kiyawapalla

කිවුව වෙලාව- 2011-09-14 11:58:15
රජී ගෙ මිත්‍රයෙක් මෙහෙම කියනවා :
අනේ වික්ටර් රත්නායක...!!!
දැන් මොකද්ද ඔයා අහන්න කියන සින්දු ටික...සින්දු අහල බල්ටි ගහල වමනෙ දාල තමයි ඉන්නෙ...ඔයා තාම බොනවා..අපි නං වමනෙ දාලත් ඉවරයි...බයිට් එකට හපන්න අලුත් තෙලේ බැදපු අකුරක් ලියන්න...!


කිවුව වෙලාව- 2011-09-12 02:28:20
වික්ටර් රත්නායක මෙහෙම කියනවා :
කමෙන්ට්ස් දාලා තියෙන විදිහ දෑක්කහම උබලගෙ රසිකත්වය ගෑන හිතාගන්න පුලුවන්, තොපිලට එක සින්දුවක් ලියාගන්න පුලුවන්ද? ගොබිලො ටික පොන්න කතා කියන්නෑතුව සින්දු ටික අහලා හිටපල්ලා. සින්දු හොද නෑත්තන් විවේචන කරපල්ලා...... පොල් බුරු කතා කියන්නෙ නතුව...

කිවුව වෙලාව- 2011-09-12 01:03:50
රජී ගෙ මිත්‍රයෙක් මෙහෙම කියනවා :
පූර්ණ බබා ඔයා කියන්නේ විවේචනය කරන්න ඕන විදිය...ඔයා කියන්නේ ළමා සාරියකුයි ආරිය සිංහල සූට් එකකුයි ඇඳගෙන ලියන්න කියලද...?
ඔයාගෙ නම පූර්ණ උනාට අර්ධපූර්ණ කතා කියන්න එපා...අපිත් හැබැයි පිරිපූර්ණ නෑ... ඒත් හැබැයි ඉතිං ඔයා වගේ මන්දමානසික කතා කියන්නෙ නෑ....රී කමෙන්ට්ස් දෙන්නත් එපා මොකද ටොයිලට් එකක ලියලතියෙන දෙයක් බලන්න...සැපෙන් ඉන්න....


කිවුව වෙලාව- 2011-09-11 23:45:25
Purana මෙහෙම කියනවා :
About comments-
mama danne naha me wage wiwechana karanna bara wachana awe kohenda kiyana eka. Namuth wiwechakayan wunu obalage adyapana ha samaja pasubima obala pennum karala awasanai. shastriyathwaya e widiyata hara wenas widiyakata wiwechanaya karana eka pitipasse thyenne dwesaya. kalawe agayath, kalawa wenas manayakin agaya kirimath obathumanla me wage dakinawanam kanagatui ape minissunge kala rasaya motta wela bawa eken danena nisa. Karunakarala obthumanlage kopaya laga thyaganna. loketama anunge waga kiyanna gihin thamange waga kiyana eka kokatath wada hoda nahane. me desanayata api kamathi. hama wachanayakma pirunu bawa, sarawath bawa kati wela. Obathumanla comment karapu eka hodai. eth eka hari widiyata kalanam thama galapenne. Meka wiyath sabawakata niruwathin nagala dipu comments. eken desaka mahacharyathumatawath Gayakayatawath wena haniyak naha. Api wiwechanaya karamu. Hari widiyata, hari ridmayata. me comments wiwechana nemei. Just reflections of your hearts. mata kiyanna thyenne echcharai. re-comments Balaporoththu wenna epa.


කිවුව වෙලාව- 2011-09-11 06:46:24
thilak මෙහෙම කියනවා :
ප්‍රතිපත්තියක් නැති සක්කිලි. සල්ලි වලට පුකත් දෙය්.

කිවුව වෙලාව- 2011-09-10 01:36:03
රජී ගෙ මිත්‍රයෙක් මෙහෙම කියනවා :
රජී වසන්ත වෙල්ගම කියන්නෙ මගේ යාළුවෙක්. ඌ තමා මෙයාගෙ මේ තරම් සියුමැලිද කළුගල් කියල ලිව්වෙ...ඕක ම දවසක් අහනවා උඹලා මට රැවටුනා නේද කියලා...මුං වගේ වේ.... බල්ලෝ තමයි හෙට මාරම ගීත රචකයො වෙන්නෙ... දැං ඌ එහෙම ලිව්වම අපි ඌට රැවටෙනවා...ඌම ඒක අහනවා... ඔය වගේ ලිව්ව උං කී දෙනෙක් අද මාර අයියලද මේ රස පොළවෙ...දැං සුනිල්ට මේක ලැබෙනවා දර්ශන රුවන් හරහා...අම්මට සිරි මිනිහටත් අරක වෙනවා...ඉක්මනට ලැට් එකට ගිහින් ඇවිත් කියනවා මල්ලි මේක කියන්නම ඕන කියලා....දැං මුං දෙන්නම තකට තක...අරූ ලියන්ඩ පුළුවං වෙච්ච නිසා හරි ලස්සනට ලියනවා..මූ කියන්න පුළුවං වෙච්ච නිසා හරි ලස්සනට කියනවා...මේ එකෙක්වත් කියපු එව්වයෙ වත් කියපු එව්වයෙවත් නෑ...දැං ඉතින් මුං දෙන්නටම කියන්න තියෙන්නෙ ඔව්...ඔව්...සියුමැලියි කළුගල්...සංස්කෘතික ඇමතිත් එක්ක එන්න...අපි නැවිලා ඉන්නේ...මඩලෙ හසන්ත පරයත් එක්කරන්ම එන්න...කෙළ සූදානම්....! නොද්දකිං.....!!!

කිවුව වෙලාව- 2011-09-08 21:56:13
සොමිදේව මෙහෙම කියනවා :
රාජ් සෝමදේව සුනිල්ව උඩ දාන එක පුදුම වෙන්න දෙයක් නෙවි. රාජ් සෝම දේව කියන්නෙත් දේශහිතෛශී ජාතික ව්‍යපාරයේ ඉදගෙන දෙමළු මරන්න සිංහලයෝ උසිගන්නපු කාලකණ්ණියෙක්! මූ නන්දිකඩාල් කලපුව ගැන කියන කොට එතන තියෙන්නේ මානව හිතවාදයක් නෙවි. ඒවා ගැන කියලා මූ ගන්නේ නරුම ආතල් එකක්!අනේ මුගේ සාහිත්‍ය විචාර! මල් වැහිපොද එළි දැක්වීමේදී දේශනයක් කරන්න රාජ් සෝමදේව තෝරාගන්නකොට එතැන තියෙන්නේ පිට කසාගැනීමේ ගේමක් වගේම අධිපති මතවාදයට ප්‍රගතිශීලි මූණක් දීමට සිදුවන තක්කඩි එකගතාවක්.

"සුපුරුදු වර්ණනා වෙනුවට වෙනස් ප්‍රවේශයක්...එළිදැක්වීමේ උළෙලවල් වෙනස් වෙමින් පවතී"
අනේ පව් සංඛ ඔයා.....................!!


කිවුව වෙලාව- 2011-09-08 14:18:05
පීචං මෙහෙම කියනවා :
සැබෑ රසිකයාගේ කතාවෙත් ඇත්තක් තියෙනවා. සුනිල්ලා ලියලා දුන්නොත් ඕන ලබ්බක් කියනවා. මේ සෙට් එක ඒ අනුව තමයි ප්‍රේමයාගේ කාලෙදි ඇල්ලේ මර ගී කිව්වේ.

කිවුව වෙලාව- 2011-09-08 10:20:01
සැබෑ රසිකයා මෙහෙම කියනවා :
නන්දිකඩාල් කලපුවට වට සඳඑළියේත් දකුණේ යෝධකණ්ඩිය වැවට වට සඳඑළියේත් වෙනසක් නොදකින සමාජයක ජීවත් වීම ඔබගේ ප්‍රාර්ථනය මෙන් අපගේ ද ප්‍රාර්ථනය යි.

අනේ මහත්තයෝ... මේ වෙනස ඇති කරන්ඩ මෙයත් එකතු වුණයි කියන එක ඔයාට අමතකද...? මේ කිසිම හරිහමන් මගුලක් නැති කටහඩ විතරක් තිබ්බ පළියට සින්දු කියන සද්ගුණවත් දෙබ්ඩ්ඩා...නැත්තං යුද්ධකරන්ඩ එපා කියල යුද්ධ කරපිය අපි තන්කරන්නෙ නෑ කියල කියන්නෙ නෑනේ... උදා - ලෝකයක් නසන්නට රුදුරු අවි අතදරා සැරසෙමුද...මේ උත්තමයා එදා කිව්වෙ යුද්ධ කරපිය බඩගින්නට කියල.. ඊට පස්සෙ මොකද්ද කිව්වෙ හදවතින් අපි යුධ බිමේ ඔබ තනිකළේ නැත කිසි දිනේ කියලා...මේ උත්තමයා ඔහොමයි කිව්වෙ... ඔයා කියනවා නන්දිකඩාල් කලපුවේ සඳ එළියයි දකුණේ යෝධ කණ්ඩියේ සඳ එළියෙයි වෙනසක් නොදකින්න ලැබේවා කියා... මුංම තමා ඒක කොළේ ...ඕකෙන්ම පේනවා නේ... මොකක් හරි ලියල දුන්නම ඕන ලබ්බක් කියවනවා...සින්දු කියන්ඩ පුළුවං උනාට වැඩක් නෑ ඔළුනක් නැත්තං... මුං කපුගේගෙ මයිල් ගහක් වත් වටින්නෙ නෑ...පාහරයෝ...


කිවුව වෙලාව- 2011-09-08 09:03:40
සංඛ මෙහෙම කියනවා :
සුපුරුදු වර්ණනා වෙනුවට වෙනස් ප්‍රවේශයක්...එළිදැක්වීමේ උළෙලවල් වෙනස් වෙමින් පවතී

කිවුව වෙලාව- 2011-09-08 08:46:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් වෙසෙස් බූන්දි
ජෝතිපාල ලංකාවේ ජනප්‍රිය ම ගායකයා වීමේ දේශපාලන ආර්ථීකය
බොබ් මාලි- මියැසි අරගලයක පිය සටහන් (වීඩියෝව)
ඇය හෙවත් මැඩෝනා!
දීපාල්- ගැලරියට ඇහුණේ නැති ගැලරියේ ගායකයා
පාට පාට බොලිවුඩ් හීන වලට වෙඩි තියන මහපාරේ ගායකයෝ
බූන්දි නව ඊමේල් ලිපිනය- editorial@boondi.lk
BoondiLets
ජෝන් ලෙනන් කියයි.
ජීවිතය යනු, ඔබ කලබලයෙන් වෙන වෙන සැලසුම් සාදමින් ඉන්නා විට, ඔබට සිදුවන දෙයයි!
What's New | අලුතෙන්ම
වෙසෙස්| ආගිය අතක් නැති වූ 'මහසෝනා'

2-Mins

(තිලක් සේනාසිංහ ) "මගේ සීයා හොඳ කට්ටඬියෙක්. එයා ඔය යක්ෂයො ගැන පුදුම විදිහට විස්තර දන්නවා. කොටින්ම එයා මැරුණෙත් ගුරුකම් වැඩක් කරලා රෑ තනියම... [More]
පොත්| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්

3-Mins

(අනිල් හේරත්) ෆේස්බුක්. අද කාලයේ වඩාත්ම ආකර්ශණීය සංජානන මාධ්‍යය විය යුතු ය. බොහෝ දෙනා බොහෝ දෑ ලියන. කවි කෙටිකතා විචාර ඈ විවිධ... [More]
කවි| මා බිරිඳ උවැසියක වී

10-Secs

(රෝහණ පොතුලියැද්ද) දැල් තිර අතරින්
පෙනෙයි ඈ
ඔබ යනු, මොබ එනු
තෙල් මල් ගෙන, සුවඳ දුම් ගෙන

මල්, දෝතක්... [More]
ඔත්තු| උතුරා යන්න ගඟ මම කැමති පොකුණට - සැප්. 07

10-Secs

තුෂාරිකා ඇන්තනි ගේ පළමු කාව්‍ය සංග්‍රහය, 'උතුරා යන්න ගඟ මම කැමති පොකුණට' 2018 සැප්තැම්බර් 07... [More]
කතන්දර| සැප්තැම්බරයේ දවසක්

10-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ... [More]
වෙසෙස්| පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව

5-Mins

(කසුන් සමරතුංග) පිස්සෙකුට පොත් ලියන්න පුළුවන්ද? පොඞ්ඩක් ඉන්න, සටහන ආරම්භයේ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකක්දෝ... [More]
කවි| නගා මැරූ අල....

33-Secs

(කේ.කේ. සමන් කුමාර [සර්පයා]) නුඹ පිච්ච කැකුළකි
පිළිකන්නක පිපි.
ඉඳුල් වතුරින් නුඹව නහවනා
උන්ටද සිනා සළනා.
කිඩාරං මලකැයි කියනා
උන්ටද සුවඳ දී... [More]
කවි| උතුරින් දකුනට

22-Secs

(දර්ශන මේදිස් ) (උප මාතෘකාව: පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට)

සබඳ අපි කඳු නොවෙමු
උනුන් පරයා නැගෙන
සුනිල දිය කඳුරු වෙමු
එකම කන්දෙන් වැටෙන... [More]
කවි| බෝධිසත්ව ගබ්සාව

15-Secs

(කුමාර හෙට්ටිආරච්චි) නිල් මල් බිසව් උකුලේ බිම් මල් පිපුණී
පන්දම් වැටේ සල් මල් ඔසරිය රැඳුණී
නේරංජනා ගඟ දෑසින් ඇද වැටුණී
පස් මහ බැලුම් නොබලා කුස පිළිසිඳුණී

සඳුන් සුවඳ මල් ගෝමර ළැම තොරණේ... [More]
පොත්| ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ

7-Mins

(හර්ෂිනී පුෂ්පමාලා ආරච්චිගේ) සාහිත්‍ය නිර්මාණ අතර භාවික ගුණයෙන් වඩා වැඩි සාහිත්‍යාංගය කවිය යයි සිතමි. තේමාත්මක ගැඹුරත්, කාව්‍යෝචිත බසත්, බහු විධ අරුත් සපයන භාෂා... [More]
කවි| දුම්මල ගලට ගිය අම්මා

20-Secs

(නන්දන වීරසිංහ) දුම්මල ගල ඉමේ මහ මූකලානේ
අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ
කන්දේ් පරවේණී උළලේනියන්නේ
රෑ සමයමේ ඇයි මා බය කරන්නේ

අපෙ අම්මා දුම්මල ගලවන්න ගියා... [More]
කරන්ට්ස්| විප්ලවවාදියකුගේ නඩු විභාගය

39-Secs

(පරාක්‍රම කොඩිතුවක්කු) I.
(පාසලේ රපෝර්තුව)

උගන්වන සියලු දේ සැක කරයි
ප්‍රශ්න කරයි
අසම්මත ලෙස සිතයි... [More]
කවි| වස්සානය

45-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) ඔය දෑල දොඩමලු ය, සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම් ද?
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර, නුඹ වාගේ ම හිනැහේය මා එක්ක

කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට... [More]
කතා-බස්| ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?

5-Mins

(කසුන් සමරතුංග) ‘මිස්ටර් කරුණාසේනගේ අක්මාව හොඳටම නරක් වෙලා.’

‘ඒ වුණාට මගේ පපුව හොඳයි!’

විහිළුවයි හිනාවයි අන්තිම අසරණ බව මටම දැනුණා. දොස්තරට ගාණක් නෑ. තුණ්ඩුවක්... [More]
ඔත්තු| ගඟේ නොයන තරුණ දේශපාලනයක්- අගෝ. 21

15-Secs

අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ... [More]
කවි| ඉතා කුඩා විශාල වෙනස

2-Secs

(සමර විජේසිංහ) අපට නම්
පහසුකම් ඇත
දුකට බොන
ඛෙහෙත් ඇත

ඛෙහෙත් ටිකක්වත්... [More]
කතා-බස්| ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)

31-Mins

(අජිත් සී හේරත්) ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග ඒමි ගුඩ්මාන් විසින් කරන ලද මෙම සම්මුඛ සාකච්ඡාව ලෝක ආධිපත්‍යය සඳහා වන ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට... [More]
කවි| මඳ නල

5-Secs

(ආරියවංශ රණවීර) කඳු වලල්ලට හොරෙන්
ආවා ඔබ මා ළගට
මල් පවා බලා සිටියා
ගත් සුසුම
නොහෙලා පහළට
පුදුමව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook