Priyantha Jayasekera මෙහෙම කියනවා :
මෙවර ගොඩගේ සම්මාන උළෙලේ නිර්දේශිත කාව්‍ය ග්රන්ථ අතරින් කිසිවක් ප්රශස්ත මට්ටම සපුරා නැත!
Me kiyana eka sampoorna Eththa. Rathna Sri geyi Lal Hegodageyi Somarathna Balasooriya saha thawa aluth lekakayo keepa enekgeyi poth mamath gaththa. passe hithune me aya adu tharame Parakrama Kodithuwakkuyi Monika Ruwanpathiranayi hitapu thenatath pitipasse kiyala. e nisa sammaana nodeemata theeranaya kireema honDa winishchayak bawa kiyanna onE.
කිවුව වෙලාව- 2011-09-23 12:06:45
Lanka මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-09-23 00:57:37
G.U.U. U. Godage මෙහෙම කියනවා :
ප්‍රියාන්!
ඔතනට සම්මාන පිරිනමන්න ආව ඇමැතියෝ නියෝජනය කළේ ලිංගික ශ්‍රම පාරිභෝගික සංගමයක් හෝ ආයතනයක් නියෝජනය කරලා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නම් ඔයා කියන ගැටළුව මතුවන්නේ නැහැ.හැබැයි එයාලා එතැනට ගෙන්නුවේ රජය නියෝජනය කරන්න නේද.ඒ කාරණාව හංගන්න හදන්නේ ඇයි.
එතකොට උන් එතනදී නියෝජනය කරපු රජය මොනවාගේ එකක්ද
1. කුඩු බිස්නස්කාරයන්, කොමිස්කාක්කන්, කැළෑපාළුවන්,පොදු සම්පත් මංකොල්ලකරුවන්,ජාතිවාදීන්, මාෆියා පන්නයේ මැර කල්ලි පවත්වාගෙන යන්නවුන් මිනීමරුවන් ආදීන් විසින් 99.9%ක් නියොජනය කරන රජයක්.
මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලා 40000ක් සිවිල් වැසියන් මරපු ආණ්ඩුවක්!
" යමෙකුට සම්මාන දෙනවුන් කවුරුන්දැයි දැනගැනීමට හැකි නම් ඔවුන් වෙතින් සම්මාන ලබන අය කවුරුන්දැයි යන්නද දැන ගත හැකිය."
කිවුව වෙලාව- 2011-09-12 06:44:21
rasikaawi මෙහෙම කියනවා :
රසිකයාට අපේ ආචාරය.........................!
කිවුව වෙලාව- 2011-09-12 04:07:48
Sudheera මෙහෙම කියනවා :
මේ කවිය නං සුපිරි :D :D
කිවුව වෙලාව- 2011-09-11 09:50:31
Rasikaya මෙහෙම කියනවා :
කවි මරන කුකවියෙනි
සම්මාන බලාගෙන
තොප ලියන පිලුනු වුන
නිසරු පද වැල් අතර
හද මනස පිරිමදින
අකුරු හතරක් නොමැත
කිය දුන් මේ ඇත්ත
ජයන්තට අමරේට
සුගත් වටගෙදරහට
පිරින්මමි මගෙ තුතිය
රසික දන රවටමින
නිසරු පද වැල් ගොතන
පිට කසන උන් එක්ක
අමුඩ කෙටි අපුල්ලන
තොප වැනි වු කුකවින්ට
මෙය කදිම පාඩමකි
පුරන් වූ කවි කෙතේ
මඩ කලල් ඉවත් කර
නැවුම් බිජුවට ඉසින
සුබ මොහොත එන තුර
රසික අපි ඉමු බලා
කිවුව වෙලාව- 2011-09-11 08:26:24
rukman මෙහෙම කියනවා :
ප්‍රියාන්ට කේන්ති ගිහින්... පව්... කම්පනයට වෙන්ඩ ඇති....
කිවුව වෙලාව- 2011-09-11 04:38:34
ප්‍රියාන් ආර් විජේබණ්ඩාර මෙහෙම කියනවා :
මෙතනයි රෝස මල මෙතැන නටන්න...(මිතුරන් අතරේ පමණයි)
-----------------------
උද්ගතවූ සිදුවීම සම්බන්ධයෙන් මං බොහෝ වික්ෂිප්ත වී සිටියෙමි.එහෙත් දැන් මං සැහල්ලුවෙන් සැහැල්ලුවට පත්වෙමින් සිටිමි.ඒ ගොඩගේ සම්මාන ලැබීම/නොලැබීම,ආණ්ඩුවේ ඇමතිවරයකුගේ අතින් ගැනීම/නොගැනීම ආදී මා හට මුහුණ දෙන්නට සිදුවූ සිදුවීමට අදාළවයි.
මේ පිළිබඳ බොහෝ දෙනෙක් මට දුරකථනයෙන් අමතා කතා කළෝය.ගල්ද මල්ද එහි සම සමව තිබිණි.
පසුව මා විසින්ද බොහෝ දෙනකුට කතා කරන ලදී.එහිදීද ගල්ද මල්ද තවත් අඩුම කුඩුම බොහෝ දේද මට ලැබිණි.
කී දෙනකුට මා විසින් කතා කරන ලද්දේද..?කී දෙනකු මට කතා කරන ලද්දේද..මෙන්ම විවිධ වූ අදහස් විශ්ලේෂණය කිරීමෙන් ඒ ඒ මතවලට කී දෙනකු එකඟවීද නැද්ද යන දත්ත මවිසින් සටහන් කර තබා ඇත.
එකී අදහස්වලට අනුව සිදුකළ යුතුනම් කළ හැකි කාර්යයන් 4 කි.
1.සම්මානයට එකඟවෙමින් ඇමතිවරයකුගෙන් ලබා ගැනීම පිළිබඳ කනගාටුව ප්‍රකාශ කිරීම.
2.සම්මානය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීම.
3.බාරගැනීම සාධාරණීයකරණය කරමින් හේතු දැක්වීම.
4.කිසිවක් සිදුනොවුණා සේ ගණන් නොගෙන සිටීම.
මේ සියල්ල පහසුය.සරලය.එහෙත් අවසානයේ මා සියල්ල පසෙකින් තබා තරමක වෙහෙසකාරී කටයුත්තකට අත තබන්නට තීරණය කළෙමි.
ගොඩගේ යනු තවත් එක් සම්මාන උළෙලක් පමණි.විචාරයක් පමණි.විනිසුරු මඩුල්ලක කියැවීමක් පමණි.කෙනෙකුට එකී සම්මාන උළෙලේ ඉතිහාසය තුළ පවා අර්බුද ඇතැයි තාමත් වේදනාවක් ජනිත වන්නේනම් ඊට හේතුවද එකී සම්මානය"මාර සම්මානයක්"ලෙස ඔහුම දැනටමත් බාර අරගෙන ඇති නිසාමය.අනෙක් අතට සම්මානයට පාත්‍ර වූ මාගේ"නෑ ඒ අම්මා නෙවෙයි"කෘතිය පවත්නා සමාජ ක්‍රමයට දැවැන්ත අභියෝගයක් එල්ල කරනා දේශපාලනික කෘතියක් ලෙස පුම්බා ගැනීමට තරම් මට මොළයේ අමාරුවක් වැළඳී නැත.එය යොවුන් සාහිත්‍යය වෙනුවෙන් මැදිහත්වීමට දැරූ අලුත් අත්හදාබැලීමක් පමණි.ඒ පිළිබඳ පැහැදිලි තක්සේරුවක් මා හට ඇති හෙයින් ඊට ඇගයීමක් ලැබීම පිළිබඳ පුද්ගලිකව සතුටුවෙමි.
ජිනා මැඩම්ගේ ගණිකා මඩමෙන් සංතර්පණය වූ කෙනකුගෙන් සම්මානයක් ලැබීම කෙනෙකුට අප්‍රසන්න විය හැකිය.එය එසේ වන්නේ ගණිකා වෘත්තීය පහත් ලෙස සලකන ලිංගික කුහකයෙකුට පමණි.පත්තිනි අම්මලාට වැඩියෙන් මං ගණිකාවන්ට කැමති ය.එබැවින් කෙනකු ගණිකාවන් ඇසුරු කිරීම හෝ නොකිරීම යන කාරණයට අදාළව මගේ අර්ථ ලෝකය තුළ සුදු හෝ කළු චරිත බිහිනොවේ.මා ලියන කියන දේ වෙනුවෙන් ඕනම මොහොතක පෙනී සිටින්නටද මං සූදානම්ය.
ගැටලුව ඇත්තේ එතැන නොවේ.
ධනපති ක්රමයක සමාජවාදී දිවිපෙවෙතක් ගෙවන කිසිවෙකු මට මෙතෙක් හමුවී නැත.මේ සියල්ලන්ම අඩු වැඩි වශයෙන් පවත්නා ක්‍රමය කරගසාගෙන යයි.
පවත්නා සමාජ ක්‍රමය පිළිබඳ විවේචනාත්මක වෙමින් වඩා යහපත් හෙට දවසක පොදු සිහිනයක් වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණු ලෝක පූජිත නිර්මාණකරුවන්ට පවත්නා සමාජ ක්‍රමයෙන් ඇගයීමක් ලැබෙන විට ඔවුන් විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබීද..? නොඑසේනම් බාරගනු ලැබීද..? ඒ ඒ කිනම් වූ සංදර්භයන් යටතේද..?
එකී බාරගැනීම්/නොගැනීම් විසින් ඉතිහාසයට එකතු කරනු ලැබූ පාඩම් කවරාකාරවීද..?
අපගේ ප්‍රවීණ රැඩිකල් සාහිත්‍යධරයන් මේ ගැටලුව ලිහා ගත්තේද?ඒ කෙසේද..? ඒ තුළින් පසු කාලීනව සාහිත්‍යකරණයට හෝ ඉතිහාසයට එකතු කරනු ලැබූ බලපෑම් කවරාකාරද?පක්ෂවීම්/විපක්ෂවීම් වල පවත්නා දේශපාලනය කෙබඳුද?සාහිත්‍ය හෝ කලාව දේශපාලනීකරණයෙන් ගලවා ගත යුතුද.?නැද්ද?සකලවිධ කොටු අතර හිරවෙමින් වඩා යහපත් කලාවක් ප්‍රාර්ථනා කිරීමට අවකාශයක් ඇත්ද..?යන ප්‍රශ්න ලිහා ගත යුතුව තිබේ.එය එක් අතකින් අප අපදෙස යළි හැරී බැලීමක් මෙන්ම අප හා අප අවට සැරිසරන ඇදහිලි කණ්ඩායම්හි සීමාවන් සිතියම්ගත කිරීමක් වනු ඇත.එබැවින් තමන්ට තමන් අභිමුඛ කෙරෙනා ලියවිල්ලකට අත තැබීමට මම තීරණය කළෙමි.එය නුදුරු දිනකදී ප්‍රකාශයට පත් කළ වහාම පාලු ගෙවල්වල වළං බිඳින උත්තමයන්,විවිධ නම්වලින් බූන්දියට ප්‍රතිචාර දක්වන එකම පුද්ගලයන්,දර්ශන මේදිස්,සිරිසුමන ගොඩගේ,බූන්දියේ සහෘදයන්,දේශපාලන මිතුරන් ඇතුළු බොහෝ දෙනකුට හුදෙක් වාචාල කතා කීම වෙනුවට ඊට තමන්ගේ බුද්ධිමය දායකත්වය සපයා අත්‍යවශ්‍යම මොහොතක අත්‍යවශ්‍ය කතිකාවක් ගොඩනැඟීමට දායකවිය හැකිය.
එතෙක් ඔබ සියලුදෙනාටම ස්වයං වින්දනයෙන් සූරතාන්තයට පත්විය හැකිය.
කිවුව වෙලාව- 2011-09-10 23:22:17
rukman මෙහෙම කියනවා :
මුන්ට මෙහෙම කීම පවා හොද වැඩියි....දෙබිඩි, වන්චනික හැත්ත.
එරික්,ප්‍රියාන්,ලක්ශාන් බොරු පඩ ශෝ කාරයෝ. දර්ශනගෙ පයේ පැගෙන දූවිල්ලක් තරම් වත් වටීද මුන්... රජාගේ ආන්ඩුවේ බත් බැලයෝ...
කිවුව වෙලාව- 2011-09-08 21:43:31
olga kniper මෙහෙම කියනවා :
අනේ කවියනි, බලාපල්ලා රෙද්ද පල්ලෙන් බේරෙන උඹලගෙ මහා කවිකම..,ආ..ලබන සෑරේ ගොඩගේ තරගෙටෙ මහා කවි පොත් ඉදිරිපත් කීරීමට බලාපොරොත්තු වන මහා....... කවියන්ගෙ නම් ලෑයිස්තුව දෑන්මම උනත් කියන්න පුලුවන්...ඔ ඔන්න බලපල්ලා කවි වලට තියන සමාජ අවශ්‍යතාවය....! ඔහොම යනකොට කවි සුපරිස්ටාර්ලත් තොරන්න වෙයි ගොඩගේ පොත් තොරපු මහතුරුන්ට
කිවුව වෙලාව- 2011-09-08 10:30:57
සංඛ මෙහෙම කියනවා :
ෂා..නියම කවියක්...එළ එළ...
කිවුව වෙලාව- 2011-09-08 08:07:25
sANHINDA මෙහෙම කියනවා :
Menna Kavi
කිවුව වෙලාව- 2011-09-08 03:46:55